Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉසිපතන ඉඩමට ධර්මසේන පැටළුනු හැටි මෙන්න…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ ඉඩම් මිලදී ගන්නේ නම් ගැණුම්කරුවන් වරක් දෙවරක් නොව දහස් වරක් සිතා බැලිය යුතු කාලයක් එළැඹ ඇත. ඒ වෙනත් පාර්ශ්වවලට අයත් ඉඩම්වලට අදාළව කූට ලේඛන සකසා ඉඩම් විකුණා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කරන ජාවාරම්කරුවන් කොළඹ පුරා සිටින බැවිනි.

කොළඹ ඉසිපතන මාවතේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් වන එවැනි ගැටලුවක් ගැන අපි සැප්තැම්බර් 28 වැනිදා අනාවරණය කළෙමු.

ප්‍රශ්න සහගත එම ඉඩම සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය ‘බී’ වාර්තාවක් මගින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබිණි. එම කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසිංහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයකු, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම ව්‍යවසායකයකු ද වන කුමාර් ධර්මසේන ඇතුළු 12 දෙනකුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි පෙරේදා (03 වැනිදා) නොතිසි නිකුත් කළේය. ඒ නිවසට බලහත්කාරයෙන් ඇතුළුවීම, දේපළවලට අලාභ හානි කිරීම සහ සොරකම් කිරීම යන චෝදනා සම්බන්ධයෙන් වන නඩු විභාගයට අදාළවය.

ශ්‍රී ලංකා පොලිසිය සහ ආරක්ෂක අංශ සඳහා මෙවලම් හා උපාංග සපයනු ලබන ඇසෙස්ටි ඉන්ටර්නැෂනල් සමාගමේ කළමණාකාර අධ්යක්ෂ වර්ණසූරිය මාලිංග ප්‍රනාන්දු විසින් නාරාහේන්පිට පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර තිබුණේ පසුගිය අගෝස්තු 16 වැනිදාය. ඒ තමන් ව්‍යාපාරික කටයුතු මෙහෙයවමින් පදිංචිව සිටි නිවස පිහිටි නාරාහේන්පිට ඉසිපතන මාවතේ පර්චස් 82ක ඉඩමට ඇතුළු වූ පිරිසක් අහසට වෙඩි තබා ඉඩමේ අයිතිකරුවන් ඔවුන් යැයි පවසා තම සේවකයන් තිදෙනකු නෙරපූ බව සඳහන් කරමිනි.

මෙම ඉඩම සහ නිවස දැනට ජර්මනියේ සිටින ජයේන්ද්‍ර විජේසේකර නමැති පුද්ගලයකුගෙන් දෙවසරක බදු පදනම මත මාසිකව රුපියල් එක් ලක්ෂ විසිපන්දහසක කුලියකට තමන් ලබා ගත් බව හෙතෙම බවසා තිබේ. තවද තම බිරිඳ වන ක්‍රිස්ටා රොබීනා සමග පැමිණ 2021 වසරේ අගෝස්තු මාසයේදී මෙම නිවස බාරගත් බවත් එහි තම ව්‍යාපාර කටයුතු කරමින් පදිංචිව සිටින අතරතුර ඉසිපතනාරාමයේ විහාරාධිපති හිමියන් හා භාරකාර මණ්ඩලයේ සාමාජිකයන් පැමිණ ඉඩම සහ නිවස විහාරස්ථානයට අයත් බව පැවසූ බවත් පැමිණිලිකරු සඳහන් කර ඇත. විහාරස්ථානය සමග ඇතිකරගත් නව බදු ගිවිසුම අනුව තමා මෙම නිවසේ රැඳි සිටි බව ද ඔහු කියා තිබේ.

තමාට මෙම ඉඩම හා නිවස බදු දුන් ජයේන්ද්‍ර විජේසේකර නමැත්තා ද මෙම ඉඩම හා නිවස කුලියට ගත් බව විහාරස්ථානයේ භාරකාර මණ්ඩලය පැවසූ බවත් ඔහුද 2018 වසර දක්වාම කුලි ගෙවා ඇති බවත් පැමිණිලිකරු වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර ජයේන්ද්‍ර විජේසේකර, කුමාර ධර්මසේන ඇතුළු පිරිසක් තමාට කලක පටන් කර ඇති තර්ජන ගැන මාලිංග ප්‍රනාන්දු විසින් කළ පැමිණිල්ලේ මෙසේ සඳහන් විණි.

‘‘මම මේ ගෙදර අවුරුදු දෙකක් තිස්සේ සිටිනවා. මෙම ඉඩම සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකාරණයේ නඩුවක් ද පවතිනවා. මට විටින්විට වට්ස් ඇප් ඇමතුම් මගින් ජයේන්ද්‍ර විජේසේකර නමැත්තාගෙන් තර්ජන එල්ල වුණා. ඔහුගේ උපදෙස් මත විවිධ පුද්ගලයන් නිවසට පැමිණ තර්ජනය කළා. ජයේන්ද්‍රගේ ගෝලයින් පිරිසක් පසුගිය අගෝස්තු 16 වැනිදා මැරයින් පිරිසක් එක්ක මේ ගෙදරට පැමිණ තිබුණා. ඒ වනවිට මම බිරිඳගේ මවු රට වන නෙදර්ලන්තයට ගිහින් හිටියේ. මේ නිවසේ මගේ කාර්යාලයක් පවත්වාගෙන යන නිසා මගේ ගෝලයින් තුන්දෙනෙක් එහි හිටියා. පැමිණි පිරිස් අහසට වෙඩි දෙකක් තියලා සේවකයින්ට පහරදීලා, නිවසට ඇතුළු වෙලා දේපළ වලට හානි කරල තිබුණා. පසුව මගේ සේවකයින්ගෙන් යම් ලේඛනයකට බලෙන් අත්සන් අරන් තිබුණා.

ජයේන්ද්‍ර විජේසේකර මේ ඉඩම තමන්ට දුන් බවට ඉන්දිකා වන්නිආරච්චි නමැත්තියක් පැවසුවා. මට මේ ගෙදරින් ඉවත් වෙන්න රුපියල් මිලියන සියයක් දෙන්නම් කියලත් කිව්වා. මම එය ප්‍රතික්ෂේප කළා.

මේ නිවසේ අත්‍යවශ්‍ය ලිපි ලේඛන, රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල්, ගෘහ භාණ්ඩ, ජංගම ආහාරපාන වෙළෙදාම් කිරීම සඳහා සැකසූ ලොරියක් හා ෆුඩ් ට්‍රක් එකක් තිබුණා. පැමිණි පිරිස් නිවසේ තිබූ ආරක්ෂිත කැමරා දර්ශන පද්ධතියද විනාශ කර තිබුණා. නිවසේ සිටි ලැබ්රඩෝ වර්ගයේ සුනඛයින් දෙදෙනාවත් මොවුන් රැගෙන ගිහින් තිබුණා.

මට අගෝස්තු 13 වැනිදා කුමාර් ධර්මසේනගෙන් වට්ස්ඇප් ඇමතුමක් ලැබුණා. මේ ඉඩමයි නිවසයි ජයේන්ද්‍ර විජේසේකරගෙන් මිලදී ගත්තා එම නිසා මෙතැනින් අයින් වෙන්න කියලා ඔහු තර්ජනාත්මකව කියා සිටියා. පිච් එකේ අවුට් එක දෙන විදිහත් එළියේ අවුට් එක දෙන විදිහත් හොඳට දන්නා බව ද ඔහු කිව්වා. මේ සම්බන්ධයෙන් මාගේ රියැදුරු විසින් නාරාහේන්පිට පොලිසියට කළ පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙසද කුමාර් ධර්මසේන තර්ජනය කළා.’’

නාරාහේන්පිට පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණය හමුවට කළ කරුණු දැක්වීමට අදාළව 1979 අංක 44 දරන ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 (01) (අ) වගන්තියට අනුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට කරුණු වාර්තා කර තිබිණි.

එම කරුණු සලකා බැලීමෙන් පසු පින්තැන්න ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගමේ සභාපති ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන, එම සමාගමේ විධායක අධ්යක්ෂ වන දුෂාන්ති ධර්මසේන හා කවිෂ්ක ධර්මසේන, අධ්යක්ෂවරුන් වන අශල්‍යා ධර්මසේන, අමන්යා ධර්මසේන, ගිණුම් කළමණාකාර උසාර ෂලීන් කරුණාරත්න, පින්තැන්න ඔයිල් පෞද්ගලික සමාගමේ මනහර, එම සමාගමේ ප්‍රධාන කළමණාකරු කිත්සිරි, නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති අකිල රණසිංහ සහ අපරාධ අංශ ස්ථානාධිපති තුඩුගල යන නිලධාරීන්ට ලබන 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසිංහ නොතිසි නිකුත් කළේය.

ප්‍රශ්න සහගත මෙම ඉඩමේ මුල් හිමිකාරීත්වය තිබී ඇත්තේ එවක කොළඹ නගරාරක්ෂක බළකායේ සිටි හෙන්රි පේදිරිස්ගේ පියාටය. පේදිරිස් බ්‍රිතාන්‍ය හමුදාව අතින් ඝාතනය වීමෙන් පසු හෙන්රිගේ පියා විසින් මෙම ඉඩම පුතුට පිං පිණිස කොළඹ ඉසිපතනාරාම විහාරයට පූජා කළ බව පැවසේ. එමෙන්ම තවත් කතාවක් ද ඇත. එනම් පේදිරිස් පවුල විසූ මේ නිවසේ සිටි මෙහෙකාරියකට එය පිරිනමා ඇති බවයි. ඇයගේ ඥාතීත්වය හේතුවෙන් ඉඩමේ හිමිකාරීත්වය ඇත්තේ තමන්ට බව ජයේන්ද්‍ර විජේසේකර නමැත්තා පවසයි.

එවන් වාතාවරණයක් පැවැතියදී මේකී ඉඩමට දැන් කිසිදු පාර්ශ්වයකට ඇතුළුවීමට හැකියාවක් නොමැත. ඒ නඩු තීන්දුවක් ලබාදෙන තුරු ඉඩමට පොලිස් ආරක්ෂාවක් සලසා ඇති බැවිනි.

දැන් කුමාර ධර්මසේනට මෙන්ම මාලිංග ප්‍රනාන්දුට සිදුව ඇත්තේ මෙහි අයිතිය ඇත්තේ පන්සලට ද නැතහොත් ජයේන්ද්රට ද යන්න අධිකරණය විසින් තීන්දු කරනතුරු බලා සිටීමටය.

– Aruna

[QUOTE="SLK_sri, post: 29256303, member: 569192"] කොළඹ ඉඩම් මිලදී ගන්නේ නම් ගැණුම්කරුවන් වරක් දෙවරක් නොව දහස් වරක් සිතා බැලිය යුතු කාලයක් එළැඹ ඇත. ඒ වෙනත් පාර්ශ්වවලට අයත් ඉඩම්වලට අදාළව කූට ලේඛන සකසා ඉඩම් විකුණා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කරන ජාවාරම්කරුවන් කොළඹ පුරා සිටින බැවිනි. කොළඹ ඉසිපතන මාවතේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් වන එවැනි ගැටලුවක් ගැන අපි සැප්තැම්බර් 28 වැනිදා අනාවරණය කළෙමු. ප්‍රශ්න සහගත එම ඉඩම සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය ‘බී’ වාර්තාවක් මගින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබිණි. එම කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසිංහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයකු, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම ව්‍යවසායකයකු ද වන කුමාර් ධර්මසේන ඇතුළු 12 දෙනකුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි පෙරේදා (03 වැනිදා) නොතිසි නිකුත් කළේය. ඒ නිවසට බලහත්කාරයෙන් ඇතුළුවීම, දේපළවලට අලාභ හානි කිරීම සහ සොරකම් කිරීම යන චෝදනා සම්බන්ධයෙන් වන නඩු විභාගයට අදාළවය. ශ්‍රී ලංකා පොලිසිය සහ ආරක්ෂක අංශ සඳහා මෙවලම් හා උපාංග සපයනු ලබන ඇසෙස්ටි ඉන්ටර්නැෂනල් සමාගමේ කළමණාකාර අධ්යක්ෂ වර්ණසූරිය මාලිංග ප්‍රනාන්දු විසින් නාරාහේන්පිට පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර තිබුණේ පසුගිය අගෝස්තු 16 වැනිදාය. ඒ තමන් ව්‍යාපාරික කටයුතු මෙහෙයවමින් පදිංචිව සිටි නිවස පිහිටි නාරාහේන්පිට ඉසිපතන මාවතේ පර්චස් 82ක ඉඩමට ඇතුළු වූ පිරිසක් අහසට වෙඩි තබා ඉඩමේ අයිතිකරුවන් ඔවුන් යැයි පවසා තම සේවකයන් තිදෙනකු නෙරපූ බව සඳහන් කරමිනි. මෙම ඉඩම සහ නිවස දැනට ජර්මනියේ සිටින ජයේන්ද්‍ර විජේසේකර නමැති පුද්ගලයකුගෙන් දෙවසරක බදු පදනම මත මාසිකව රුපියල් එක් ලක්ෂ විසිපන්දහසක කුලියකට තමන් ලබා ගත් බව හෙතෙම බවසා තිබේ. තවද තම බිරිඳ වන ක්‍රිස්ටා රොබීනා සමග පැමිණ 2021 වසරේ අගෝස්තු මාසයේදී මෙම නිවස බාරගත් බවත් එහි තම ව්‍යාපාර කටයුතු කරමින් පදිංචිව සිටින අතරතුර ඉසිපතනාරාමයේ විහාරාධිපති හිමියන් හා භාරකාර මණ්ඩලයේ සාමාජිකයන් පැමිණ ඉඩම සහ නිවස විහාරස්ථානයට අයත් බව පැවසූ බවත් පැමිණිලිකරු සඳහන් කර ඇත. විහාරස්ථානය සමග ඇතිකරගත් නව බදු ගිවිසුම අනුව තමා මෙම නිවසේ රැඳි සිටි බව ද ඔහු කියා තිබේ. තමාට මෙම ඉඩම හා නිවස බදු දුන් ජයේන්ද්‍ර විජේසේකර නමැත්තා ද මෙම ඉඩම හා නිවස කුලියට ගත් බව විහාරස්ථානයේ භාරකාර මණ්ඩලය පැවසූ බවත් ඔහුද 2018 වසර දක්වාම කුලි ගෙවා ඇති බවත් පැමිණිලිකරු වැඩිදුරටත් සඳහන් කරයි. මේ අතර ජයේන්ද්‍ර විජේසේකර, කුමාර ධර්මසේන ඇතුළු පිරිසක් තමාට කලක පටන් කර ඇති තර්ජන ගැන මාලිංග ප්‍රනාන්දු විසින් කළ පැමිණිල්ලේ මෙසේ සඳහන් විණි. ‘‘මම මේ ගෙදර අවුරුදු දෙකක් තිස්සේ සිටිනවා. මෙම ඉඩම සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකාරණයේ නඩුවක් ද පවතිනවා. මට විටින්විට වට්ස් ඇප් ඇමතුම් මගින් ජයේන්ද්‍ර විජේසේකර නමැත්තාගෙන් තර්ජන එල්ල වුණා. ඔහුගේ උපදෙස් මත විවිධ පුද්ගලයන් නිවසට පැමිණ තර්ජනය කළා. ජයේන්ද්‍රගේ ගෝලයින් පිරිසක් පසුගිය අගෝස්තු 16 වැනිදා මැරයින් පිරිසක් එක්ක මේ ගෙදරට පැමිණ තිබුණා. ඒ වනවිට මම බිරිඳගේ මවු රට වන නෙදර්ලන්තයට ගිහින් හිටියේ. මේ නිවසේ මගේ කාර්යාලයක් පවත්වාගෙන යන නිසා මගේ ගෝලයින් තුන්දෙනෙක් එහි හිටියා. පැමිණි පිරිස් අහසට වෙඩි දෙකක් තියලා සේවකයින්ට පහරදීලා, නිවසට ඇතුළු වෙලා දේපළ වලට හානි කරල තිබුණා. පසුව මගේ සේවකයින්ගෙන් යම් ලේඛනයකට බලෙන් අත්සන් අරන් තිබුණා. ජයේන්ද්‍ර විජේසේකර මේ ඉඩම තමන්ට දුන් බවට ඉන්දිකා වන්නිආරච්චි නමැත්තියක් පැවසුවා. මට මේ ගෙදරින් ඉවත් වෙන්න රුපියල් මිලියන සියයක් දෙන්නම් කියලත් කිව්වා. මම එය ප්‍රතික්ෂේප කළා. මේ නිවසේ අත්‍යවශ්‍ය ලිපි ලේඛන, රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල්, ගෘහ භාණ්ඩ, ජංගම ආහාරපාන වෙළෙදාම් කිරීම සඳහා සැකසූ ලොරියක් හා ෆුඩ් ට්‍රක් එකක් තිබුණා. පැමිණි පිරිස් නිවසේ තිබූ ආරක්ෂිත කැමරා දර්ශන පද්ධතියද විනාශ කර තිබුණා. නිවසේ සිටි ලැබ්රඩෝ වර්ගයේ සුනඛයින් දෙදෙනාවත් මොවුන් රැගෙන ගිහින් තිබුණා. මට අගෝස්තු 13 වැනිදා කුමාර් ධර්මසේනගෙන් වට්ස්ඇප් ඇමතුමක් ලැබුණා. මේ ඉඩමයි නිවසයි ජයේන්ද්‍ර විජේසේකරගෙන් මිලදී ගත්තා එම නිසා මෙතැනින් අයින් වෙන්න කියලා ඔහු තර්ජනාත්මකව කියා සිටියා. පිච් එකේ අවුට් එක දෙන විදිහත් එළියේ අවුට් එක දෙන විදිහත් හොඳට දන්නා බව ද ඔහු කිව්වා. මේ සම්බන්ධයෙන් මාගේ රියැදුරු විසින් නාරාහේන්පිට පොලිසියට කළ පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙසද කුමාර් ධර්මසේන තර්ජනය කළා.’’ නාරාහේන්පිට පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණය හමුවට කළ කරුණු දැක්වීමට අදාළව 1979 අංක 44 දරන ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 (01) (අ) වගන්තියට අනුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට කරුණු වාර්තා කර තිබිණි. එම කරුණු සලකා බැලීමෙන් පසු පින්තැන්න ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගමේ සභාපති ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන, එම සමාගමේ විධායක අධ්යක්ෂ වන දුෂාන්ති ධර්මසේන හා කවිෂ්ක ධර්මසේන, අධ්යක්ෂවරුන් වන අශල්‍යා ධර්මසේන, අමන්යා ධර්මසේන, ගිණුම් කළමණාකාර උසාර ෂලීන් කරුණාරත්න, පින්තැන්න ඔයිල් පෞද්ගලික සමාගමේ මනහර, එම සමාගමේ ප්‍රධාන කළමණාකරු කිත්සිරි, නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති අකිල රණසිංහ සහ අපරාධ අංශ ස්ථානාධිපති තුඩුගල යන නිලධාරීන්ට ලබන 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසිංහ නොතිසි නිකුත් කළේය. ප්‍රශ්න සහගත මෙම ඉඩමේ මුල් හිමිකාරීත්වය තිබී ඇත්තේ එවක කොළඹ නගරාරක්ෂක බළකායේ සිටි හෙන්රි පේදිරිස්ගේ පියාටය. පේදිරිස් බ්‍රිතාන්‍ය හමුදාව අතින් ඝාතනය වීමෙන් පසු හෙන්රිගේ පියා විසින් මෙම ඉඩම පුතුට පිං පිණිස කොළඹ ඉසිපතනාරාම විහාරයට පූජා කළ බව පැවසේ. එමෙන්ම තවත් කතාවක් ද ඇත. එනම් පේදිරිස් පවුල විසූ මේ නිවසේ සිටි මෙහෙකාරියකට එය පිරිනමා ඇති බවයි. ඇයගේ ඥාතීත්වය හේතුවෙන් ඉඩමේ හිමිකාරීත්වය ඇත්තේ තමන්ට බව ජයේන්ද්‍ර විජේසේකර නමැත්තා පවසයි. එවන් වාතාවරණයක් පැවැතියදී මේකී ඉඩමට දැන් කිසිදු පාර්ශ්වයකට ඇතුළුවීමට හැකියාවක් නොමැත. ඒ නඩු තීන්දුවක් ලබාදෙන තුරු ඉඩමට පොලිස් ආරක්ෂාවක් සලසා ඇති බැවිනි. දැන් කුමාර ධර්මසේනට මෙන්ම මාලිංග ප්‍රනාන්දුට සිදුව ඇත්තේ මෙහි අයිතිය ඇත්තේ පන්සලට ද නැතහොත් ජයේන්ද්රට ද යන්න අධිකරණය විසින් තීන්දු කරනතුරු බලා සිටීමටය. – Aruna [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom