එ.ජා.වාර්තාවේ තියෙන්නේ මොනවාද? ජිනීවා නිර්දේශ මොනවාද? කුණු ගොඩ ශුද්ධ කරනවාට විරුද්ධ ඉහඳ පණුවන් කපුටන් බල්ලන්ගේ බොරු අවලාද නොව ඇත්ත කුමක්දැයි දැනගන්න.
ඕනෑම කුණු ගොඩක් ශුද්ධ පවිත්‍ර කරනවාට විරුද්ධ වන පිරිසක් සිටිති. ඔවුන් නම් එම කුණු ගොඩින් යැපෙන ඉහඳ පණුවන්, කපුටන්, බල්ලන්, නරියන් වැනි සත්තු වෙති. ලංකාවේ යුද්දය, එහිදී සිදුවූ වැරදි සහ පසුව ඒවා ශුද්ධ බුද්ද කොට අනාගතයට පිරිසිදු රටක් සමාජයක් හදා ගැනීමටද විරුද්ධ වන ඉහඳ පණුවන් වැනි පිරිසක් සිටිති. ඔවුහු නම් වීරවංශලා ගම්මන්පිලලා වැනි සිංහල මෝඩ අන්තවාදීන්ද, ගජේන්ද්‍රකුමාර්ලා සසිදරන්ලා වැනි දෙමළ මෝඩ අන්තවාදීන්ද, සහ මේ ප්රශ්නය විසඳුනහොත් ආදායම් මාර්ග අහිමි වන එන්ජීඕ අන්තවාදීන් පිරිසක් ද වෙති. එක්සත් ජාතීන්ගේ වාර්තාවත් ජිනීවා යෝජනාවත් සම්බන්ධයෙන් මේ පිරිස් ගෙන යන්නේ අමු පට්ට පල් බොරු ප්‍රචාරයන්ය. එබැවින් ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිලිබඳ එක්සත් ජාතීන්ගේවිමර්ශන කමිටු වාර්තාවේසොයා ගැනීම් සහ නිර්දේශයන් පිලිබඳව සංක්ෂිප්තව ස්වාධීනව විමසා බැලීම අත්‍යාවශ්‍යය. මේ ඒ සඳහා කළ වෑයමකි.
එනමුත් පොරොන්දු වූ ආකාරයේ කිසිදු ක්‍රියාමාර්ගයක් ශ්‍රී ලංකා රජය විසින් නොගැනීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා විශේෂඥ කණ්ඩායමකගේ උපදෙස් ලබා ගත්තේය.
2011 වසරේදී එම විද්වත් කමිටුව වාර්තාවක් පිළියෙළ කරන ලදී. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් කාල පරිච්ඡේයේදී යුධ අපරාධ සහ මානුශීයත්වයට එරෙහි අපරාධ සිදු වී ඇති බවට ප්‍රකශ විය.
2014 වසරේ මාර්තු මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව පිළිබඳව තවත් පරීක්ෂණයක් ආරම්භ කරන ලදී. එහි අවසන් වාර්තාව සැප්තැම්බර් මස 16 වන දින (2015 වසරේ) නිකුත් කෙරින. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා රජය සහ එල්.ටි.ටි.ඊ.ය විසින් සිදු කර ඇති ඇතැම් ක්‍රියා ඔප්පු වුවහොත් ඒවා ජාත්‍යන්තර අපරාධ ලෙස සැලකෙන මට්ටමේ බරපතල අපරාධ ක්‍රියාවන් බවයි. එසේම යුද්ධය අවසන් වූ පසුවත් යම් යම් මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදු වී ඇති බව වාර්තාව පෙන්වා දී ඇත. ශ්‍රී ලංකා රජය විසින් රට වැසියන්ට සත්‍යය දැනගැනීම සඳහාත් යුක්තිය හා සාධාරණය ඉටු කිරීම සඳහාත් හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගත යුතු බවට වාර්තාව නිර්දේශ කර ඇත.
2015 වසරේ සැප්තැම්බර් මස 30 වන දින ශ්‍රී ලංකාවේ පුර්ණ සහය ඇතිව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනා කෙටුම්පතක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරින. එමගින් ජනවාරි 8 වන දිනෙන් පසු ශ්‍රී ලංකා රජය විසින් රට තුල ඇති කර තිබෙන ධනාත්මක හා ප්රජාතන්ත්රවාදී වෙනස්කම් අගය කර ඇත. එසේම ශ්‍රී ලංකාව තුල සිදුව ඇතැයි කියන මුල්‍ය අපරාධ ඇතුළු බරපතල අපරාධ පිලිබඳ වගවීමටත් ප්රතිසන්ධාන අරමුණු සාක්ෂාත් කර ගැනීමටත් ශ්‍රී ලංකා රජය කැපවී ක්‍රියා කිරීමද මෙමගින් ඇගයීමට ලක්ව ඇත.
කෙසේ වෙතත් පරීක්ෂණ කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණ පරීක්ෂනය කිරීමට අවසර නොලැබුණි. 2014 වසරේ අගෝස්තු මස 4 වන දින පරීක්ෂණ කණ්ඩායම විසින් ඉංග්‍රීසි, සිංහල සහ දමිල භාෂාවන්ගෙන් ලොව පුරා ජනතාවට නිවේදනයක් නිකුත් කරමින් පරීක්ෂනයට අදාල කාල පරිච්ඡේදය තුල සිදු වූ සිදුවීම් පිළිබඳව තොරතුරු ඇතොත් ලබා දෙන ලෙස දැනුම් දෙන ලදී. ඊට ප්‍රතිචාර ලෙස විද්‍යුත් තැපැල් මගින් තොරතුරු ඉදිරිපත් කිරීම් 1985ක් ද, සාමාන්‍ය තැපැල් මගින් පිළිතුරු 1197ක් ද ලැබිණ. ඒ අතරින් තොරතුරු ඉදිරිපත් කිරීම් 329ක්ම ශ්‍රී ලංකාවෙන් යැවූ ඒවා වන අතර ඉන් බහුතරයක් එල්.ටි.ටි.ඊ ය විසින් සිදු කල අපයෝජනයන් පිළිබඳව විය. රාජ්‍ය නිලධාරීන් විසින් උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට කල ප්‍රකාශ මෙම පරීක්ෂණයට උපයෝගී කර ගැනිණි. තවමත් ප්‍රකාශයට පත් කර නොමැති උදලගම වාර්තාව සහ අන්තර්ජාතික විද්වත් පුද්ගලයින්ගේ කණ්ඩායම් (International Group of Eminent Persons) වාර්තාද මෙහිදී පරීක්ෂණ කණ්ඩායමේ අවධානයට ලක් විය.
යුද්ධයේ අවසන් කාල පරිච්ඡේදය වන විට සියලුම එල්.ටි.ටි.ඊ නායකයන් ඝාතනය කර තිබු හෙයින් මෙම පරීක්ෂණයේදී කිසිදු එල්.ටි.ටි.ඊ නායකයෙකුගේ ප්‍රකාශ ලබා ගැනීම කල නොහැකි විය. එසේම එල්.ටි.ටි.ඊ යට අදාළ ලිපි ලේඛන කිසිවක් පරික්ෂා කිරීමටද නොහැකි විය. එහෙත් හිටපු එල්.ටි.ටි.ඊ. සොල්දාදුවන් සහ එල්.ටි.ටි.ඊ.යෙන් පීඩාවට පත් පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට පරීක්ෂණ කණ්ඩායමට හැකි විය. එහිදී ඇතැම් අය එල්.ටි.ටි.ඊ.ය විසින් සිදු කල අපයෝජනයන් පිළිබඳව තොරතුරු ලබා දී තිබිණ.
මෙම වාර්තාව රජය සහ එල්.ටි.ටි.ඊ ය යන පාර්ශව දෙකෙහිම ක්‍රියාවන් පිලිබඳව සාකච්ඡා කරයි. එල්.ටි.ටි.ඊ ය පිලිබඳ සොයා ගැනීම් ළමා සොල්දාදුවන්ට පමණක් සීමා නොවී පුළුල් පරාසයක විහිදී යයි. ශ්‍රී ලංකාව තුල දමිල ජනතාව ජනවර්ගයක් ලෙස මුලිනුපුටා දැමීමේ අරමුණින් ඝාතනය කිරීමක් සිදු වූ බවට දමිල ඩයස්පෝරාව දිගින් දිගටම එක්සත් ජාතීන්ගේ සංවිධානයට කරුණු දැක්වුවද මෙම වාර්තාව ජනවර්ගයක් සමූලඝාතනය පිළිබඳව සාකච්ඡා නොකරයි.
මෙම වාර්තාව යුද්ධයේ අවසන් කාල සීමාව ගැන පමණක් නොව 2002 වසරේ පෙබරවාරි මස සිට සමස්ත කාල සීමාව පිළිබඳව කරුණු දක්වයි. උදාහරණයක් ලෙස අත්තනෝමතික අත්තඩංගුවට ගැනීම් සහ පැහැරගෙන යාම් පිළිබඳව මෙම වාර්තාව සොයා ගැනීම් කිහිපයක්ම දක්වයි. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ පුද්ගලයන් රඳවාගෙන සිටීම සම්බන්ධයෙන්ද මෙම වාර්තාව කරුණු දක්වයි. එසේම ප්‍රගීත් එක්නැලිගොඩ සහ ලසන්ත වික්‍රමතුංග ඇතුළු සිංහල මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් රඳවාගෙන සිටීම සහ ඝාතනයන් පිළිබඳවද අවස්ථා කිහිපයකදීම මෙම වාර්තාව සඳහන් කරයි.
බලාපොරොත්තු වූ පරිදිම වාර්තාවේ යුද්ධයේ අවසන් කාල පරිච්ඡේදය පිළිබඳව අවධානය යොමු කර ඇත. ප්‍රථමයෙන් එය යුධමය ක්‍රියාකාරකම් පිළිබඳවත් රජය විසින් නම් කල අවි භාවිත තහනම් සටන් මුක්ත කලාප පිළිබඳවත් සාකච්ච්ඡා කරයි. දෙවනුව, වන්නියට මානුෂීය ආධාර සැපයීමේදී මුහුණ දීමට සිදු වූ ගැටළු පිළිබඳව දක්වා ඇත. අවසාන වශයෙන් අභ්‍යන්තර වශයෙන් අවතැන් වුවන් සඳහා වන කඳවුරු වල රඳවා සිටින අභ්‍යන්තර වශයෙන් අවතැන් වුවන් සහ ඔවුන්ගේ ජීවන මට්ටම සම්බන්ධයෙන් කරුණු දක්වයි. එහිදී මැණික් ෆාර්ම් කඳවුර ගැන විශේෂ අවධානයක් යොමු කර ඇත.
බලහත්කාරයෙන් පැහැරගෙන අතුරුදන් කිරීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ වැඩ කණ්ඩායමට 2014 වර්ෂයේදී බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිලිබඳ පැමිණිලි 12,536 ලැබී ඇත. මෙය ලෝකයේ දැනට ලැබී ඇති දෙවනුවට වැඩිම බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම් පිලිබඳ පැමිණිලි සංඛ්‍යාවයි.
ශ්‍රී ලංකාවේ ජීවත් වන සුළු ජනගහනය සමග සසඳන විට මෙම අගය සැලකියයුතු මට්ටමේ ඉහල අගයකි.විමර්ශනයට අනුව දිවයින පුරාම මෙම බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම් සිදු වී ඇත. නමුත් 2002 වසරේ සිට 2011 දක්වා මේ සම්බන්ධ බහුතරයක් සිද්ධීන් වාර්තා වුයේ යාපනය, මන්නාරම හා වවුනියාව යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක වලිනි. මෙම ප්‍රදේශ සියල්ල දැඩි හමුදා පාලනය යටතේ පැවති ප්‍රදේශ වේ.
පසුගිය කාලය තුල මෙම ආකාරයේ බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම් වලදී ආරක්ෂක නිලධාරීන් ඍජුවම මැදිහත් වූ බවට සැලකිය යුතු මට්ටමේ තොරතුරු රාශියක් එක්සත් ජාතීන්ගේ වැඩ කණ්ඩායමට ලැබී ඇත. යාපනය හා මන්නාරම යන ප්‍රදේශ වල සිදු සිද්ධීන් වලට ශ්‍රී ලංකා නාවික හමුදාව ඍජුවම වගකිව යුතු බවට තොරතුරු ලැබී ඇත. වාර්තාව තව දුරටත් සොයා ගෙන ඇත්තේ මෙම බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම් සිදු කිරීමේදී ආරක්ෂක අංශ තවත් අවි ගත කණ්ඩායම් (පරා හමුදා කණ්ඩායම්) සමග එක්ව ඒවා සිදු කර බවයි. විශේෂයෙන්ම 2004 වසරේ සිට කරුණා අම්මාන්ගේ කණ්ඩායම සමග එක්ව මෙම බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සිදු කල බවට තොරතුරු සොයා ගෙන ඇත.
රැඳවුම් බාරයේ සිටි සාක්ෂිකරුවන් විමර්ශන කණ්ඩායම් වලට පවසා ඇත්තේ ඔවුන් රඳවාගෙන සිට කාල පරිච්ඡේදයේදී ඔවුන් දිගින් දිගටම දුෂණය වූ බවත් ඇතැම් විට මාස ගණනාවක් තිස්සේ සමුහ දුෂණයන්ට පවා ලක් වූ බවයි.
ඔවුනට සිදු වූ ලිංගික පීඩාවන් විස්තර කිරීමේදී විවිධ අතවර සිදු කල අයුරුත් ඔවුන් විස්තර කර තිබිණ.ඇතුල් කලාව පෙදෙස් වලට පහර දීම හා පයින් ගැසීම, රහස් පෙදෙස් වලට මිරිස් කුඩු දැමීම, පුරුෂ ලිංග ඉන්ද්‍රියට වයර් ඇතුල් කිරීම මෙන්ම අඬු යොදා ගෙන කාන්තාවන්ගේ පියයුරු මිරිකීම වැනි වද හිංසා ඒ අතර වේ.
අවි භාවිත තහනම් කර තිබු සටන් මුක්ත කලාප වල සිටි සාමාන්‍ය වැසියන් හා ඔවුන්ගේ දේපල කිහිප වරක්ම බෝම්බ ප්‍රහාර වලට හසු විය. රෝහල් පිහිටි ස්ථාන වල පිහිටීමේ තොරතුරු රජයට ලබා දී තිබූ අවස්ථාවලදී පවා එම රෝහල් ප්‍රහාර වලට ලක් විය. එහෙත් පිහිටිමේ තොරතුරු රජයට ලබා නොදුන් රෝහල කිසිදු ප්‍රහාරයකට ලක් නොවීය.
කෙසේවෙතත් පරීක්ෂනයේ සොයා ගැනීම් වලට අනුව රජය විසින් එකී කාල සීමාව තුල වන්නි ප්‍රදේශයට සපයා ඇත්තේ අතිශයින්ම අවම මානුෂීය ආධාර ප්‍රමාණයක් බවත් එම ප්‍රමාණය එහි ජීවත් වූ සිවිල් වැසියන්ට කිසිසේත්ම ප්‍රමාණවත් නොවූ බවත් වාර්තාවේ සඳහන් වේ.
විස්තරාත්මකව කිවතොත් ආහාර හා අනෙකුත් වෛද්‍ය ආධාර සැපයීම සඳහා සාකච්ඡා කිරීමේදී රජය දිගින් දිගටම කියා සිටියේ වන්නි ප්‍රදේශයේ සිවිල් වැසියන් 70,000ක් සිටින බවයි. කෙසේ වෙතත් 2009 වසරේ මැයිමස අග භාගය වන විට රජය නිවේදනය කරනු ලැබුවේ වන්නි ප්‍රදේශයේ සිට මුදාගත් 284,000 ක් පමණ සාමාන්‍ය වැසියන් අභ්‍යන්තර වශයෙන් අවතැන් වුවන් සඳහා වන කඳවුරු වලට යැවූ බවයි.
යුද්ධයේ අවසන් කල පරිච්ඡේදයේ බොහෝ සාමාන්‍ය වැසියන් කුසගින්න නිසා මෙන්ම වෛද්‍ය පහසුකම් නිසි පරිදි නොලැබීම නිසා මිය ගිය බවට සාක්ෂි බොහොමයක් විමර්ශන කණ්ඩායමට ලැබී ඇත.එසේම යුද්ධයේ අවසන් කාලයේ දිවි බේරාගත් බොහෝ දෙනෙක් මන්ද පෝෂණයෙන් හා උග්‍ර මන්දපෝෂණයෙන් පෙළුණු බවට වාර්තා ලැබී තිබිණ.
එල්.ටී.ටී.ඊ ය ඊට විරුද්ධ මත දරූ දමිල දේශපලන පක්ෂද සිය ප්‍රහාර සඳහා ඉලක්ක කර ගත්තේය. එසේම ඊට විරෝධතාවය දැක්වූ තවත් බොහෝ දෙනෙකු සිය ඉලක්ක බවට පත් කර ගත්තේය. යුද්ධයේ අවසන් සමයේදී යුද්ධය පැවතී ප්‍රදේශ වලින් මිදී පලා යාමට උත්සාහ කල දමිල වැසියන් පවා එල්.ටී.ටී.ඊ ය විසින් ඝාතනය කළේය.
එම කාලය තුල කිසිවකුටත් එල්.ටී.ටී.ඊ ය යටතේ පැවතී ප්‍රදේශ වලින් ඉවත් වීම සම්පුර්ණයෙන්ම තහනම් විය. එම ප්‍රදේශ වලින් පිට වීමට උත්සාහ කල සාමාන්‍ය වැසියන්, කුඩා දරුවන්ද ඇතුළුව වෙඩි තබා මරා දමන ලදී.
ඒ අතරේ තවත් කණ්ඩායමක් විශ්වාස කලේ මෙමගින් සාමාන්‍ය ජනතා නායකයින් විදුලි පුටුවට යවනු ඇති බවයි. එසේම ජනතා නායකයින් හට විදේශ සංචාර තහනම් වීම් හා රටට ආර්ථික සම්බාධක පැනවීම් සිදු වනු ඇතැයි බියට පත් වුහ. කෙසේ නමුත් එවන් කිසිවක් මෙම වාර්තාවෙන් නිර්දේශ කර නොමැත.
වාර්තාවේ නිර්දේෂයන් 39 ක් අඩංගු වේ. එයින් 33ක් ශ්‍රී ලංකා රජයට කල නිර්දේෂයන් වේ. ඉතිරි නිර්දේෂයන් 6 එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා එහි සාමාජික රටවල්වලට කර ඇති නිර්දේෂයි. ශ්‍රී ලංකාවට කර ඇති නිර්දේශ 33න් බහුතරයක් නිර්දේශ අලුතින්ම ඉදිරිපත් වූ ඒවා නොව බොහෝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ජනතාව එහි රජයන්ගෙන් කල ඉල්ලීම් යලි මතක් කර දෙන නිර්දේශයන් වේ. විශේෂ කරුණක් වන්නේ මෙම ප්‍රතිසංස්කරණ සඳහා ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබූයේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වල පමණක් නොව රට පුරාම විසිරී සිටින මානව හිමිකම් සුරකින්නන් සහ ආගමික නායකයින් ඇතුළු සිවිල් සංවිධාන විසින් වීමයි.
පුළුල්ව ගත් කල වාර්තාවේ ප්‍රධානම නිර්දේශය වන්නේ ශ්‍රී ලංකා රජය විසින් 30 වසරක යුධ සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව සොයා බැලීමටත් එවන් උල්ලංඝනයන් යලි සිදු වීම වැළක්වීමටත් සංක්‍රාන්තිය යුක්තිය පසිඳලීමේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් ගොඩ නැගිය යුතු බවයි.

- ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීමපිලිබඳ එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුවේ පරීක්ෂණයට පසුබිම් වුයේ කුමක්ද?

- විමර්ශන කණ්ඩායමේ කාර්යභාරය
- පරීක්ෂණය පැවැත්වුයේ කුමන ආකාරයෙන්ද?
කෙසේ වෙතත් පරීක්ෂණ කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණ පරීක්ෂනය කිරීමට අවසර නොලැබුණි. 2014 වසරේ අගෝස්තු මස 4 වන දින පරීක්ෂණ කණ්ඩායම විසින් ඉංග්‍රීසි, සිංහල සහ දමිල භාෂාවන්ගෙන් ලොව පුරා ජනතාවට නිවේදනයක් නිකුත් කරමින් පරීක්ෂනයට අදාල කාල පරිච්ඡේදය තුල සිදු වූ සිදුවීම් පිළිබඳව තොරතුරු ඇතොත් ලබා දෙන ලෙස දැනුම් දෙන ලදී. ඊට ප්‍රතිචාර ලෙස විද්‍යුත් තැපැල් මගින් තොරතුරු ඉදිරිපත් කිරීම් 1985ක් ද, සාමාන්‍ය තැපැල් මගින් පිළිතුරු 1197ක් ද ලැබිණ. ඒ අතරින් තොරතුරු ඉදිරිපත් කිරීම් 329ක්ම ශ්‍රී ලංකාවෙන් යැවූ ඒවා වන අතර ඉන් බහුතරයක් එල්.ටි.ටි.ඊ ය විසින් සිදු කල අපයෝජනයන් පිළිබඳව විය. රාජ්‍ය නිලධාරීන් විසින් උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට කල ප්‍රකාශ මෙම පරීක්ෂණයට උපයෝගී කර ගැනිණි. තවමත් ප්‍රකාශයට පත් කර නොමැති උදලගම වාර්තාව සහ අන්තර්ජාතික විද්වත් පුද්ගලයින්ගේ කණ්ඩායම් (International Group of Eminent Persons) වාර්තාද මෙහිදී පරීක්ෂණ කණ්ඩායමේ අවධානයට ලක් විය.
යුද්ධයේ අවසන් කාල පරිච්ඡේදය වන විට සියලුම එල්.ටි.ටි.ඊ නායකයන් ඝාතනය කර තිබු හෙයින් මෙම පරීක්ෂණයේදී කිසිදු එල්.ටි.ටි.ඊ නායකයෙකුගේ ප්‍රකාශ ලබා ගැනීම කල නොහැකි විය. එසේම එල්.ටි.ටි.ඊ යට අදාළ ලිපි ලේඛන කිසිවක් පරික්ෂා කිරීමටද නොහැකි විය. එහෙත් හිටපු එල්.ටි.ටි.ඊ. සොල්දාදුවන් සහ එල්.ටි.ටි.ඊ.යෙන් පීඩාවට පත් පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට පරීක්ෂණ කණ්ඩායමට හැකි විය. එහිදී ඇතැම් අය එල්.ටි.ටි.ඊ.ය විසින් සිදු කල අපයෝජනයන් පිළිබඳව තොරතුරු ලබා දී තිබිණ.
- සාක්ෂින්හි වලංගුභාවය
- සොයා ගැනීම්
මෙම වාර්තාව රජය සහ එල්.ටි.ටි.ඊ ය යන පාර්ශව දෙකෙහිම ක්‍රියාවන් පිලිබඳව සාකච්ඡා කරයි. එල්.ටි.ටි.ඊ ය පිලිබඳ සොයා ගැනීම් ළමා සොල්දාදුවන්ට පමණක් සීමා නොවී පුළුල් පරාසයක විහිදී යයි. ශ්‍රී ලංකාව තුල දමිල ජනතාව ජනවර්ගයක් ලෙස මුලිනුපුටා දැමීමේ අරමුණින් ඝාතනය කිරීමක් සිදු වූ බවට දමිල ඩයස්පෝරාව දිගින් දිගටම එක්සත් ජාතීන්ගේ සංවිධානයට කරුණු දැක්වුවද මෙම වාර්තාව ජනවර්ගයක් සමූලඝාතනය පිළිබඳව සාකච්ඡා නොකරයි.
මෙම වාර්තාව යුද්ධයේ අවසන් කාල සීමාව ගැන පමණක් නොව 2002 වසරේ පෙබරවාරි මස සිට සමස්ත කාල සීමාව පිළිබඳව කරුණු දක්වයි. උදාහරණයක් ලෙස අත්තනෝමතික අත්තඩංගුවට ගැනීම් සහ පැහැරගෙන යාම් පිළිබඳව මෙම වාර්තාව සොයා ගැනීම් කිහිපයක්ම දක්වයි. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ පුද්ගලයන් රඳවාගෙන සිටීම සම්බන්ධයෙන්ද මෙම වාර්තාව කරුණු දක්වයි. එසේම ප්‍රගීත් එක්නැලිගොඩ සහ ලසන්ත වික්‍රමතුංග ඇතුළු සිංහල මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් රඳවාගෙන සිටීම සහ ඝාතනයන් පිළිබඳවද අවස්ථා කිහිපයකදීම මෙම වාර්තාව සඳහන් කරයි.
- ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නිලධාරීන්
බලාපොරොත්තු වූ පරිදිම වාර්තාවේ යුද්ධයේ අවසන් කාල පරිච්ඡේදය පිළිබඳව අවධානය යොමු කර ඇත. ප්‍රථමයෙන් එය යුධමය ක්‍රියාකාරකම් පිළිබඳවත් රජය විසින් නම් කල අවි භාවිත තහනම් සටන් මුක්ත කලාප පිළිබඳවත් සාකච්ච්ඡා කරයි. දෙවනුව, වන්නියට මානුෂීය ආධාර සැපයීමේදී මුහුණ දීමට සිදු වූ ගැටළු පිළිබඳව දක්වා ඇත. අවසාන වශයෙන් අභ්‍යන්තර වශයෙන් අවතැන් වුවන් සඳහා වන කඳවුරු වල රඳවා සිටින අභ්‍යන්තර වශයෙන් අවතැන් වුවන් සහ ඔවුන්ගේ ජීවන මට්ටම සම්බන්ධයෙන් කරුණු දක්වයි. එහිදී මැණික් ෆාර්ම් කඳවුර ගැන විශේෂ අවධානයක් යොමු කර ඇත.
- අතුරුදන් කිරීම්
බලහත්කාරයෙන් පැහැරගෙන අතුරුදන් කිරීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ වැඩ කණ්ඩායමට 2014 වර්ෂයේදී බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිලිබඳ පැමිණිලි 12,536 ලැබී ඇත. මෙය ලෝකයේ දැනට ලැබී ඇති දෙවනුවට වැඩිම බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම් පිලිබඳ පැමිණිලි සංඛ්‍යාවයි.
ශ්‍රී ලංකාවේ ජීවත් වන සුළු ජනගහනය සමග සසඳන විට මෙම අගය සැලකියයුතු මට්ටමේ ඉහල අගයකි.විමර්ශනයට අනුව දිවයින පුරාම මෙම බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම් සිදු වී ඇත. නමුත් 2002 වසරේ සිට 2011 දක්වා මේ සම්බන්ධ බහුතරයක් සිද්ධීන් වාර්තා වුයේ යාපනය, මන්නාරම හා වවුනියාව යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක වලිනි. මෙම ප්‍රදේශ සියල්ල දැඩි හමුදා පාලනය යටතේ පැවති ප්‍රදේශ වේ.
පසුගිය කාලය තුල මෙම ආකාරයේ බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම් වලදී ආරක්ෂක නිලධාරීන් ඍජුවම මැදිහත් වූ බවට සැලකිය යුතු මට්ටමේ තොරතුරු රාශියක් එක්සත් ජාතීන්ගේ වැඩ කණ්ඩායමට ලැබී ඇත. යාපනය හා මන්නාරම යන ප්‍රදේශ වල සිදු සිද්ධීන් වලට ශ්‍රී ලංකා නාවික හමුදාව ඍජුවම වගකිව යුතු බවට තොරතුරු ලැබී ඇත. වාර්තාව තව දුරටත් සොයා ගෙන ඇත්තේ මෙම බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම් සිදු කිරීමේදී ආරක්ෂක අංශ තවත් අවි ගත කණ්ඩායම් (පරා හමුදා කණ්ඩායම්) සමග එක්ව ඒවා සිදු කර බවයි. විශේෂයෙන්ම 2004 වසරේ සිට කරුණා අම්මාන්ගේ කණ්ඩායම සමග එක්ව මෙම බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සිදු කල බවට තොරතුරු සොයා ගෙන ඇත.
- ලිංගික ප්රචණ්ඩත්වය
රැඳවුම් බාරයේ සිටි සාක්ෂිකරුවන් විමර්ශන කණ්ඩායම් වලට පවසා ඇත්තේ ඔවුන් රඳවාගෙන සිට කාල පරිච්ඡේදයේදී ඔවුන් දිගින් දිගටම දුෂණය වූ බවත් ඇතැම් විට මාස ගණනාවක් තිස්සේ සමුහ දුෂණයන්ට පවා ලක් වූ බවයි.
ඔවුනට සිදු වූ ලිංගික පීඩාවන් විස්තර කිරීමේදී විවිධ අතවර සිදු කල අයුරුත් ඔවුන් විස්තර කර තිබිණ.ඇතුල් කලාව පෙදෙස් වලට පහර දීම හා පයින් ගැසීම, රහස් පෙදෙස් වලට මිරිස් කුඩු දැමීම, පුරුෂ ලිංග ඉන්ද්‍රියට වයර් ඇතුල් කිරීම මෙන්ම අඬු යොදා ගෙන කාන්තාවන්ගේ පියයුරු මිරිකීම වැනි වද හිංසා ඒ අතර වේ.
- යුධමය ක්‍රියාකාරකම්
අවි භාවිත තහනම් කර තිබු සටන් මුක්ත කලාප වල සිටි සාමාන්‍ය වැසියන් හා ඔවුන්ගේ දේපල කිහිප වරක්ම බෝම්බ ප්‍රහාර වලට හසු විය. රෝහල් පිහිටි ස්ථාන වල පිහිටීමේ තොරතුරු රජයට ලබා දී තිබූ අවස්ථාවලදී පවා එම රෝහල් ප්‍රහාර වලට ලක් විය. එහෙත් පිහිටිමේ තොරතුරු රජයට ලබා නොදුන් රෝහල කිසිදු ප්‍රහාරයකට ලක් නොවීය.
- මානුෂීය ආධාර
කෙසේවෙතත් පරීක්ෂනයේ සොයා ගැනීම් වලට අනුව රජය විසින් එකී කාල සීමාව තුල වන්නි ප්‍රදේශයට සපයා ඇත්තේ අතිශයින්ම අවම මානුෂීය ආධාර ප්‍රමාණයක් බවත් එම ප්‍රමාණය එහි ජීවත් වූ සිවිල් වැසියන්ට කිසිසේත්ම ප්‍රමාණවත් නොවූ බවත් වාර්තාවේ සඳහන් වේ.
විස්තරාත්මකව කිවතොත් ආහාර හා අනෙකුත් වෛද්‍ය ආධාර සැපයීම සඳහා සාකච්ඡා කිරීමේදී රජය දිගින් දිගටම කියා සිටියේ වන්නි ප්‍රදේශයේ සිවිල් වැසියන් 70,000ක් සිටින බවයි. කෙසේ වෙතත් 2009 වසරේ මැයිමස අග භාගය වන විට රජය නිවේදනය කරනු ලැබුවේ වන්නි ප්‍රදේශයේ සිට මුදාගත් 284,000 ක් පමණ සාමාන්‍ය වැසියන් අභ්‍යන්තර වශයෙන් අවතැන් වුවන් සඳහා වන කඳවුරු වලට යැවූ බවයි.
යුද්ධයේ අවසන් කල පරිච්ඡේදයේ බොහෝ සාමාන්‍ය වැසියන් කුසගින්න නිසා මෙන්ම වෛද්‍ය පහසුකම් නිසි පරිදි නොලැබීම නිසා මිය ගිය බවට සාක්ෂි බොහොමයක් විමර්ශන කණ්ඩායමට ලැබී ඇත.එසේම යුද්ධයේ අවසන් කාලයේ දිවි බේරාගත් බොහෝ දෙනෙක් මන්ද පෝෂණයෙන් හා උග්‍ර මන්දපෝෂණයෙන් පෙළුණු බවට වාර්තා ලැබී තිබිණ.
- අභ්‍යන්තර වශයෙන් අවතැන් වුවන් සඳහාරැකවරණය සැලසීම.
- එල්.ටි.ටි.ඊ ය
- නීති විරෝධී මිනී මැරුම්
එල්.ටී.ටී.ඊ ය ඊට විරුද්ධ මත දරූ දමිල දේශපලන පක්ෂද සිය ප්‍රහාර සඳහා ඉලක්ක කර ගත්තේය. එසේම ඊට විරෝධතාවය දැක්වූ තවත් බොහෝ දෙනෙකු සිය ඉලක්ක බවට පත් කර ගත්තේය. යුද්ධයේ අවසන් සමයේදී යුද්ධය පැවතී ප්‍රදේශ වලින් මිදී පලා යාමට උත්සාහ කල දමිල වැසියන් පවා එල්.ටී.ටී.ඊ ය විසින් ඝාතනය කළේය.
- වැඩිහිටියන් බලහත්කාරයෙන් බඳවා ගැනීම
- ළමා සොල්දාදුවන්
- යුධමය ක්‍රියා
- සැරිසැරීමේ නිදහස සීමා කිරීම
එම කාලය තුල කිසිවකුටත් එල්.ටී.ටී.ඊ ය යටතේ පැවතී ප්‍රදේශ වලින් ඉවත් වීම සම්පුර්ණයෙන්ම තහනම් විය. එම ප්‍රදේශ වලින් පිට වීමට උත්සාහ කල සාමාන්‍ය වැසියන්, කුඩා දරුවන්ද ඇතුළුව වෙඩි තබා මරා දමන ලදී.
- නිර්දේශයන්