Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉහඳ_පණුවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාර්තාවේ නිර්දේෂයන් තව දුරටත් කොටස් කිහිපයකට බෙදා දක්වා ඇත. ඒවා නම් ආයතනික ප්‍රතිසංස්කරණයන්, යුක්තිය, සත්‍ය දැනගැනීමේ අයිතිය සහ වන්දි ලබා දීමයි.

ආයතනික ප්‍රතිසංස්කරණ

පළමු වැන්න වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ක්‍රියාත්මක කිරීමයි. දෙවනුව මානව හිමිකම් කොමිසම ශක්තිමත් කිරීම සඳහා නීති සම්මත කල යුතුය. මානව හිමිකම් කොමිසමේ වර්තමාන කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා දීර්ඝ කාලයක් තිස්සේ කොමිසමේ බලතල වැඩි කිරීම සම්බන්ධයෙන් ඉල්ලීම් කර ඇත.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වැඩිදියුණු කර සවිමත් කිරීම සඳහාත් මෙම වාර්තාව නිර්දේශ කිහිපයක්ම ඉදිරිපත් කර ඇත. එම නිර්දේශ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දු වලට සමාන වේ.

වාර්තාවේ කිසිදු තැනක නීත්‍යනුකුලව රාජකාරියේ නිරත වූ ආරක්ෂක අංශ නිලධාරීන් පිළිබඳව විමර්ශනයට හෝ ඔවුනට එරෙහිව නඩු පැවරීමට නිර්දේශ කර නොමැත.

ස්වාධීනත්වය හා වෘත්තීය ගරුත්වය ආරක්ෂා වන පරිදි ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය විය යුතුය. කෘර වද හිංසා කිරීම්, ස්ත්‍රී දුෂණ, ලිංගික වද හිංසා කිරීම් සහ අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් තහනම් බවට පැහැදිලි හා නිරවුල් උපදෙස් රජය විසින් ආරක්ෂක අංශයේ සියලු ඒකක වලට ලබා දිය යුතු බවයි. කිසියම් අයෙක් එවැනි ක්‍රියා සිදු කර තිබේනම් ඔවුන් පිලිබඳ පරීක්ෂණ පවත්වා දඬුවම් ලබා දිය යුතු වේ. මානව හිමිකම් උල්ලංඝනය කර ඇති නිලධාරීන් එම තනතුරු වලින් ඉවත් කල යුතු බව වාර්තාව තවදුරටත් නිර්දේශ කරයි. ඒසඳහා ගොඩ නගන ප්රතිපත්තීන් සාධාරණ විය යුතු බවද එය අවධාරණය කරයි.

දේශපාලන පක්ෂ වලට සම්බන්ධ අවි ගත් කුඩා කණ්ඩායම් බල රහිත කිරීමට පියවර ගත යුතුය. එසේම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ මහජන ආරක්ෂාව පිළිබඳ ආඥා පනත අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව යලි සලකා බැලීමටද මෙම වාර්තාව නිර්දේශ කර ඇත. එසේම රජය විසින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක රාමුව ජාත්‍යන්තර නීතියට අනුකුල වන බව තහවුරු කර ගත යුතු වේ. අවසාන වශයෙන් රජය විසින් පෞද්ගලික ඉඩම් නැවත එහි මුල් හිමිකරුවන්ට ලබා දිය යුතු බව නිර්දේශ කර ඇත.

යුක්තිය

නීති සංශෝධනය සම්බන්ධයෙන් නිර්දේශ කිහිපයක්ම මෙම වාර්තාවෙන් ඉදිරිපත් කර ඇත. පළමුව රජය විසින් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම පිලිබඳ පනතයලි සලකා බැලිය යුතු වේ.දෙවනුව රජය විසින් අන්තර්ජාතික අපරාධ සම්බන්ධයෙන් නීති සම්මත කල යුතුය. තෙවනුව ශ්‍රී ලංකා රජය විසින් යුධ අපරාධ, මානුශීයත්වයට එරෙහි අපරාධ, ජනවර්ග සමුල ඝාතන සහ අතුරුදහන් කිරීම් අපරාධයන් බවට නීති සම්මත කල යුතු වේ. එසේ කිරීමේදී අණ දෙන්නන් හා ප්‍රධානීන් වගකීමෙන් බැඳෙන ආකාරයට එම නීති පැනවීමට වග බල ගත යුතු වේ.

එසේම දැනට පවතින සිද්ධීන් කිහිපයක් යලි සලකා බලා විමර්ශනය කිරීමටද ශ්‍රී ලංකා රජයට නිර්දේශ කර ඇත. පැහැදිලිව කිවතොත් ශ්‍රී ලංකාවේ කලාප මට්ටමින් හා සමස්ත දිවයිනම ආවරණය කරන පැහැරගෙන යාම් විමර්ශනය කිරීමේ ඒකක සහ අතුරුදහන් වුවන් පිලිබඳ විමර්ශනය කිරීමේ ඒකක හා කොමිසම් වෙත මේ වන විට කර ඇති සියලු පැමිණිලි යලි විමර්ශනය කිරීමට මෙම වාර්තාව මගින් රජයට නිර්දේශ කර ඇත. තවදුරටත් මේ වන විට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රදවාගෙන සිටින සියලු රැදෙවියන් පිලිබඳ කරුණු යලි සලකා බලා ඔවුන් නිදහස් කිරීම හෝ ඉතා ඉක්මනින් අධිකරණයට ඉදිරිපත් කිරීම කල යුතු බවත් මෙම නිර්දේශයන්ගේ සඳහන් වේ.

මෙම නිර්දේශයන් අතරින් විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍යයන්ගේ වැඩිම කතා බහකට ලක්වූ කරුණ වුයේ වාර්තාව මගින් ශ්‍රී ලංකාව තුල මිශ්‍ර විශේෂ අධිකරණයක් ඇති කිරීමට කර ඇති යෝජනාවයි. එසේ කිරීමේදී එම විශේෂ අධිකරණයේ කාර්ය මණ්ඩලය සඳහා අන්තර්ජාතික විනිසුරුවරුන්, පැමිණිලි මෙහෙයවන්නන්, නීතිඥයන් සහ විමර්ශන නිලධාරීන් ඇතුළු අන්තර්ජාතික කාර්යමණ්ඩලයක් බඳවා ගැනීම සඳහා මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකා රජය උනන්දු කර ඇත.

විශේෂයෙන් අවධාරණය කල යුතු කරුණක් වන්නේ එවන් අධිකරණයක් සඳහා අවශ්‍ය වන මුල්‍යමය ප්‍රතිපාදන සැපයීමට මෙම වාර්තාව ඉදිරිපත් නොවීමයි. එමෙන්ම මෙම විශේෂ මිශ්‍ර අධිකරණය කිසිසේත්ම අන්තර්ජාතික අපරාධ අධිකරණයේ ශාඛාවක් නොවේ. එය ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියටම අයත් ස්වාධීන අධිකරණයක් ලෙස ක්‍රියාත්මක විය යුතු වේ.

ඇතැමෙක් විසින් මෙවැනි විශේෂ මිශ්‍ර අධිකරණයක් පිහිටු වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වනු ඇති බව ප්‍රකාශ කර සිටියද එය සත්‍යයක් නොවේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (1)(ඇ) වගන්තියට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සතුව මුල් අවස්ථා අධිකරණ, විනිශ්චය සභා සහ අනෙක් ආයතන පිහිටුවීමට බලය ඇත.

ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කල පනතක් මගින් මෙවන් විශේෂ මිශ්‍ර අධිකරණයක් පිහිටුවීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකුලව හැකියාවක් ඇත.

මෙම වාර්තාව මිශ්‍ර අධිකරණයක් පිහිටුවීමට නිර්දේශ කිරීමට හේතුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය අවිශ්වාස කිරීම ලෙස විවිධ මාධ්‍ය වාර්තා හා දේශපාලකයන් සඳහන් කලද එය කිසිසේත්ම සත්‍යයක් නොවේ. මෙම වාර්තාව, උගත් පාඩම් හා ප්රතිසංවිධාන කොමිසම් වාර්තාව උපුටා දක්වමින් ශ්‍රී ලංකාව තුල නීතියේ ආධිපත්‍ය අභියෝගයට ලක්ව ඇති බව සඳහන් කිරීම සත්‍යයකි. එහෙත් මෙවන් මිශ්‍ර අධිකරණයක් නිර්දේශ කිරීමට පාදක වූ ප්‍රධාන හේතුව ශ්‍රී ලංකාවට අන්තර්ජාතික අපරාධ පිලිබඳ විමර්ශනය හා පැමිණිලි මෙහෙයවීම් කිරීමෙහිලා ඇති අඩු පලපුරුද්දයි. ශ්‍රී ලංකාව සතුව විදග්ධ අධිකරණ පද්ධතියක් පවතින බව මෙම වාර්තාව අවධාරනය කරනු ලබයි. එහෙත් එවන් පද්ධතියකට වුවද අන්තර්ජාතික අපරාධ පිලිබඳව සාධනීය ලෙස කටයුතු කිරීම සඳහා හැකියාවක් නොමැති විය හැකිය.

අන්තර්ජාතික අපරාධ දේශීය අපරාධ වලින් නොයෙක් ආකාරයෙන් වෙනස් වේ. දේශීය අපරාධ හා සසඳන විට අන්තර්ජාතික අපරාධ ඉතාම බරපතල වේ. අන්තර්ජාතික අපරාධයන් සිය දහස් ගණනක් පිරිස් ගොදුරු කරගත් අපරාධ වේ. අන්තර්ජාතික අපරාධ එක අපරාධ සිද්ධියකට පමණක් වෙන් නොවේ. අන්තර්ජාතික අපරාධ, විවිධ අපරාධ සිද්ධීන් රැසක් දෙස බලමින් ඒවායේ රටාවක් හඳුනාගැනීමට උත්සහ කරයි. එහිදී අපරාධය සිදු වූ ස්ථානය, එය සිදුවූ වාර ගනන මෙන්ම එවන් අපරාධ වල ස්වභාවය සලකනු ලබයි. එම නිසා මහා පරිමාණයෙන් සාක්ෂි සෙවීම අනිවාර්ය වේ. එසේ එකතු කරගත් සාක්ෂි ආරක්ෂණය කිරීමද අනිවාර්ය වේ.

අන්තර්ජාතික අපරාධ නීතිය යටතේ, අපරාධය සිදු කල පුද්ගලයා හෝ පුද්ගලයන්ගෙන් ඔබ්බට ගොස්, අදාල අපරාධයට අණ දුන් අයවලුන් හා ඒවා සැලසුම් කල අය, එකී අපරාධයට වගකිව යුත්තන් ලෙස හදුනා ගනී. ඊට හේතුව බොහෝ අවස්ථා වලදී සාමාන්‍ය සෙබළුන් සිදු කරන්නේ ඉහල නිලයන්ගෙන් ලැබෙන අණ පිලිපැදීමක් පමණක් වීමයි.ඒ අනුව මෙතෙක් කල් ශ්‍රී ලංකාවේ දේශීය නීතිය අනුව කටයුතු කිරීමේදී අපරාධයකට වගකිව යුත්තන් ලෙස හඳුනා ගැනුණු සාමාන්‍ය සෙබළුන් වෙනුවට අදාල ක්‍රියාව සඳහා නියෝග කල සහ එම අපරාධය සැලසුම් කල නිලධාරීන් හා ප්‍රධානීන් අදාල ක්‍රියාවට වග කිව යුත්තන් ලෙස හඳුනා ගනී. එහිදී විධිමත් මෙන්ම අවිධිමත් නියෝග සැපයීමේ පිළිවෙල හඳුනා ගත යුතු වේ. ඒ සඳහා සංවිධානයේ ව්‍යුහය විමර්ශනය කිරීමද කල යුතු වේ.මේ ගනයේ අපරාධ ඔප්පු කිරීමට ඉතා අපහසු වේ. එමනිසා නඩුව සාර්ථක වීමට නම් අන්තර්ජාතික අපරාධ සම්බන්ධයෙන් කටයුතු කර අත්දැකීම් ඇති අය මේ සඳහා සම්බන්ධ විය යුතු වේ.

අන්තර්ජාතික විනිශ්චය සභා වල කටයුතු කර අත්දැකීම් ඇති විනිසුරුවරුන් ඉතාම සුළු පිරිසක් මේ වන විට ශ්‍රී ලංකාවේ සිටී. අන්තර්ජාතික අපරාධ පිලිබඳ නඩු විනිශ්චය කිරීම සඳහා ඔවුනට යම් පලපුරුද්දක් තිබිය හැකිය. එහෙත් පළපුරුදු අන්තර්ජාතික අපරාධ පිලිබඳ පැමිණිලි මෙහෙයවන්නන් හා විමර්ශන නිලධාරීන්ගේ විශාල අඩුවක් ශ්‍රී ලංකාවේ පවති.

එසේම සාධාරණ නඩු විභාගයක් පැවැත්වීමට නම් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටිය හැකි පළපුරුදු හා අන්තර්ජාතික අපරාධ පිලිබඳ දැනුමක් ඇති දක්ෂ ලෙස විත්තිය මෙහෙවිය හැකි නීතිඥයන් සිටිය යුතුය. එවැනි අන්තර්ජාතික අපරාධ පිළිබඳව පළපුරුද්ද ඇති විත්ති පාර්ශවයේ නීතිඥයන් ශ්‍රී ලංකාවේ ඇත්තේ ඉතාම සුළු පිරිසකි.

සත්‍ය දැනගැනීමට ඇති අයිතිය

අන්තර්ජාතික නීතියට අනුව අපරාධයයන්ට ගොදුරු වුවන්ට තමන්ට සිදු වූ දේ පිළිබඳව සත්‍යය දන ගැනීමට අයිතියක් ඇත. මෙම අයිතිය ආරක්ෂා කිරීම සඳහා මෙම වාර්තාව නිර්දේශ කිහිපයක්ම ඉදරිපත් කරයි. ඒ අතරින් වැඩි ප්‍රමාණයක් අතුරුදහන් වුවන් පිලිබඳ තොරතුරු අනාවරණය කිරීම සම්බන්ධයෙන් වේ.

රජය විසින් මෙතෙක් ප්‍රකාශයට පත් නොකළ මානව හිමිකම් උල්ලංඝනයවීම් වීම් පිලිබඳව විවිධ විමර්ශන කොමිසම් මගින් ඉදිරිපත් කල වාර්තා ප්‍රකාශයට පත් කල යුතු බව වාර්තාව නිර්දේශ කරයි. මෙම ඉල්ලීම ශ්‍රී ලංකාවේ විවිධ සිවිල් සංවිධාන මගින්ද ඉදිරිපත් කර තිබේ. ප්‍රකාශයට පත් කල යුතු වාර්තා අතර අතුරුදහන් වුවන් පිලිබඳ ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාව සහ සිවිල් මරණ පිලිබඳ යුධ හමුදා අධිකරණ විමර්ශන වාර්තාවද වේ.

තවද මේ වන විට රැදවුම් බාරයේ සිටින සියලු දෙන පිලිබඳ පුර්ණ දත්ත ගොනුවක් රජය විසින් සකස් කල යුතු බව වාර්තාව නිර්දේශ කරයි. එම දත්ත ගොනුවේ අඩංගු තොරතුරු සත්‍ය බවට තහවුරු කර ගැනීමද කල යුතු වේ. සියලු රැඳෙවියන්ගේ ඥාතීන්ට මෙම දත්ත ගොනුව පිරික්සීමටත් තොරතුරු ලබා ගැනීමටත් අවස්ථාව හිමි විය යුතු වේ. එමගින් ඔවුන්ගේ අතරුදන් වූ ඥාතීන් හට තම අතුරුදන් වූ සමීපතමයන් සිටින ස්ථානය පිලිබඳ දන ගැනීමට අවස්ථාව ලැබේ. එසේම රජය විසින් ගැසට් නිවේදනයක් මගින් දැනට පවතින සියලු රැඳවුම් මාධ්‍යස්ථාන ප්‍රකාශයට පත් කල යුතු අතර නිලනොලත් කඳවුරු සියල්ල වසා දැමිය යුතුය.

හානි පුර්ණය (වන්දිය)

මානව හිමිකම් උල්ලංගනය වීම් වලට ගොදුරු වූ පුද්ගලයන්ට සිදු වූ හානිය අවම කිරීම මෙහි අරමුනයි. මුල්‍යමය වන්දි ලබා දීම, නීති සංශෝධනය කිරීම් හා සංකේතාත්මක වැඩපිළිවෙල වැනි නොයෙක් ආකාර වලින් රජයට මෙම හානි පුර්ණය හෙවත් වන්දි පිරිනැමීම කල හැකිය.

ඒ සඳහා මානව හිමිකම් උල්ලංගනය වීම් වලට ගොදුරු වුවන් සඳහා වන ජාතික හානිපුර්ණ ප්‍රතිපත්තියක්, රජය විසින් සම්මත කළ යුතු වේ. ඒ සඳහා ප්‍රතිපාදන රජයේ අයවැයෙන් වෙන් කල යුතු වේ. එසේම යුද්ධයට ගොදුරු වූ වින්දිතයන් සියලු දෙනාගේ මානසික මට්ටම නගා සිටුවීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කල යුතු වේ. යුද්ධය නිසා උන් හිටි තැන් අහිමි වුවන් වෙනුවෙන් කල් පවත්නා විසදුම් ලබා දිය යුතු වේ.

මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව

2015 වසරේ සැප්තැම්බර් මස 30 වන දින ශ්‍රී ලංකා රජයේ පුර්ණ සහය ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව පිලිබඳ යෝජනා කෙටුම්පතක් ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකා රජය විසින් සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීමටත්, අතුරුදන් වුවන් පිලිබඳ කාර්යාලයක් හා වන්දි ලබා දීම පිලිබඳ කාර්යාලයක් ආරම්භ කිරීමට කර ඇති යෝජනා එමගින් පිළිගෙන තිබේ. මෙම ක්‍රියාවලීන් සඳහා එක්සත්ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලය ඇතුළු අන්තර්ජාතික පාර්ශවයන්ගෙන් තාක්ෂණික සහය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය කැමැත්ත පල කර තිබේ. එසේම සිදු වී ඇතැයි කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව සොයා බලා කටයුතු කිරීමට විශේෂ නීති උපදේශකවරයෙකුගෙන් (අධි නීතීඥවරයෙකු) සමන්විත අධිකරණ ක්‍රියාවලියක් ඇති කිරීමට ශ්‍රී ලංකා රජය විසින් කර ඇති යෝජනාවද මානව හිමිකම් කවුන්සිලයේ මෙම යෝජනා කෙටුම්පත මගින් පිළිගෙන තිබේ. යෝජනා කෙටුම්පත අවධාරණය කර සිටින්නේ විශ්වසනීය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියක් තහවුරු කිරීමට නම් අනිවාර්යෙන්ම ස්වාධීන අධිකරණ පද්ධතියක් හා ස්වාධීන පැමිණිලි මෙහෙයවීමේ ආයතන තිබිය යුතු බවයි. විශේෂයෙන්ම මෙහිදී පොදුරාජ්‍ය මණ්ඩලයේ සහ අනෙකුත් විදේශීය විනිසුරුවරුන්ගේ, විත්තිය මෙහෙයවන නීතිඥවරුන්ගේ, පැමිණිලි මෙහෙයවන්නන් හෙවත් බලය ලත් අභිචෝදකයන්ගේ මෙන්ම විමර්ශන නිලධාරීන්ගේ සහභාගිත්වය වැදගත් වන බව යෝජනා කෙටුම්පත මගින් අවධාරනය කර සිටී.

නිගමනය

ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරු යුගයක් පිළිබඳව මෙම වාර්තාව කරුණු දක්වයි. රටෙහි අනාගත අභිවෘද්ධිය උදෙසා එමගින් නිර්දේශ රැසක් ඉදිරිපත් කර ඇත. වාර්තාව කිසිවිටකත් වරදකරුවන් නම් වශයෙන් හදුනා ගෙන නොමැති හෙයින්ද කිසිදු රාජ්‍ය සේවකයෙක් අන්තර්ජාතික අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමට නිර්දේශ කර නොමැති හෙයින්ද වාර්තාවේ නිර්දේශ පිළිබඳව අතීතයේදී කර තිබු අනුමානයන් සියල්ල නිෂ්ප්රභා වී ඇත. එය නිර්දේශ කර ඇත්තේ නීතිවිරෝධී ලෙස ක්‍රියා කර ඇති නිළධාරීන් පිළිබඳව විමර්ශන පවත්වා නඩු පැවරීමටයි.

මෙම නිර්දේශ නිසි පරිදි ක්‍රියාත්මක කළහොත් මෙම අපරාධයන්ට ගොදුරු වුවන්ට (වින්දිතයන්ට) එමගින් සහනය සැලසීමත් සාධාරණය ඉටු වීමත් සිදු වනු ඇත. එසේම වාර්තාවේ නිර්දේශයන්ට අනුකූලව පුළුල් නීතිමය හා ආයතනිකමය ප්‍රතිසංස්කරණයන් සිදු කලහොත් එය රටටත්, රටේ සියලුම ජනතාවටත් යහපත් හෙට දවසක් ඇති කිරීම සඳහා ප්‍රයෝජනවත් වනු ඇත.

(මෙම ලියැවිල්ල South Asian Centre for Legal Studies හි නීතිවේදීන් පිරිසක් විසින් සකස් කරන ලද්දකි)

[QUOTE="Anti BBS, post: 19061933, member: 525431"] [SIZE=3]වාර්තාවේ නිර්දේෂයන් තව දුරටත් කොටස් කිහිපයකට බෙදා දක්වා ඇත. ඒවා නම් ආයතනික ප්‍රතිසංස්කරණයන්, යුක්තිය, සත්‍ය දැනගැනීමේ අයිතිය සහ වන්දි ලබා දීමයි.[/SIZE] [LIST] [*] [SIZE=3][B]ආයතනික ප්‍රතිසංස්කරණ[/B][/SIZE] [/LIST] [SIZE=3]පළමු වැන්න වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ක්‍රියාත්මක කිරීමයි. දෙවනුව මානව හිමිකම් කොමිසම ශක්තිමත් කිරීම සඳහා නීති සම්මත කල යුතුය. මානව හිමිකම් කොමිසමේ වර්තමාන කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා දීර්ඝ කාලයක් තිස්සේ කොමිසමේ බලතල වැඩි කිරීම සම්බන්ධයෙන් ඉල්ලීම් කර ඇත.[/SIZE] [SIZE=3]ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වැඩිදියුණු කර සවිමත් කිරීම සඳහාත් මෙම වාර්තාව නිර්දේශ කිහිපයක්ම ඉදිරිපත් කර ඇත. එම නිර්දේශ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දු වලට සමාන වේ.[/SIZE] [SIZE=3][B]වාර්තාවේ කිසිදු තැනක නීත්‍යනුකුලව රාජකාරියේ නිරත වූ ආරක්ෂක අංශ නිලධාරීන් පිළිබඳව විමර්ශනයට හෝ ඔවුනට එරෙහිව නඩු පැවරීමට නිර්දේශ කර නොමැත.[/B][/SIZE] [SIZE=3]ස්වාධීනත්වය හා වෘත්තීය ගරුත්වය ආරක්ෂා වන පරිදි ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය විය යුතුය. කෘර වද හිංසා කිරීම්, ස්ත්‍රී දුෂණ, ලිංගික වද හිංසා කිරීම් සහ අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් තහනම් බවට පැහැදිලි හා නිරවුල් උපදෙස් රජය විසින් ආරක්ෂක අංශයේ සියලු ඒකක වලට ලබා දිය යුතු බවයි. කිසියම් අයෙක් එවැනි ක්‍රියා සිදු කර තිබේනම් ඔවුන් පිලිබඳ පරීක්ෂණ පවත්වා දඬුවම් ලබා දිය යුතු වේ. මානව හිමිකම් උල්ලංඝනය කර ඇති නිලධාරීන් එම තනතුරු වලින් ඉවත් කල යුතු බව වාර්තාව තවදුරටත් නිර්දේශ කරයි. ඒසඳහා ගොඩ නගන ප්රතිපත්තීන් සාධාරණ විය යුතු බවද එය අවධාරණය කරයි.[/SIZE] [SIZE=3]දේශපාලන පක්ෂ වලට සම්බන්ධ අවි ගත් කුඩා කණ්ඩායම් බල රහිත කිරීමට පියවර ගත යුතුය. එසේම [B]ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ මහජන ආරක්ෂාව පිළිබඳ ආඥා පනත[/B] අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව යලි සලකා බැලීමටද මෙම වාර්තාව නිර්දේශ කර ඇත. එසේම රජය විසින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක රාමුව ජාත්‍යන්තර නීතියට අනුකුල වන බව තහවුරු කර ගත යුතු වේ. අවසාන වශයෙන් රජය විසින් පෞද්ගලික ඉඩම් නැවත එහි මුල් හිමිකරුවන්ට ලබා දිය යුතු බව නිර්දේශ කර ඇත.[/SIZE] [LIST] [*] [SIZE=3][B]යුක්තිය[/B][/SIZE] [/LIST] [SIZE=3]නීති සංශෝධනය සම්බන්ධයෙන් නිර්දේශ කිහිපයක්ම මෙම වාර්තාවෙන් ඉදිරිපත් කර ඇත. පළමුව රජය විසින් [B]වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම පිලිබඳ පනත[/B]යලි සලකා බැලිය යුතු වේ.දෙවනුව රජය විසින් අන්තර්ජාතික අපරාධ සම්බන්ධයෙන් නීති සම්මත කල යුතුය. තෙවනුව ශ්‍රී ලංකා රජය විසින් යුධ අපරාධ, මානුශීයත්වයට එරෙහි අපරාධ, ජනවර්ග සමුල ඝාතන සහ අතුරුදහන් කිරීම් අපරාධයන් බවට නීති සම්මත කල යුතු වේ. එසේ කිරීමේදී අණ දෙන්නන් හා ප්‍රධානීන් වගකීමෙන් බැඳෙන ආකාරයට එම නීති පැනවීමට වග බල ගත යුතු වේ.[/SIZE] [SIZE=3]එසේම දැනට පවතින සිද්ධීන් කිහිපයක් යලි සලකා බලා විමර්ශනය කිරීමටද ශ්‍රී ලංකා රජයට නිර්දේශ කර ඇත. පැහැදිලිව කිවතොත් ශ්‍රී ලංකාවේ කලාප මට්ටමින් හා සමස්ත දිවයිනම ආවරණය කරන පැහැරගෙන යාම් විමර්ශනය කිරීමේ ඒකක සහ අතුරුදහන් වුවන් පිලිබඳ විමර්ශනය කිරීමේ ඒකක හා කොමිසම් වෙත මේ වන විට කර ඇති සියලු පැමිණිලි යලි විමර්ශනය කිරීමට මෙම වාර්තාව මගින් රජයට නිර්දේශ කර ඇත. තවදුරටත් මේ වන විට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රදවාගෙන සිටින සියලු රැදෙවියන් පිලිබඳ කරුණු යලි සලකා බලා ඔවුන් නිදහස් කිරීම හෝ ඉතා ඉක්මනින් අධිකරණයට ඉදිරිපත් කිරීම කල යුතු බවත් මෙම නිර්දේශයන්ගේ සඳහන් වේ.[/SIZE] [SIZE=3]මෙම නිර්දේශයන් අතරින් විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍යයන්ගේ වැඩිම කතා බහකට ලක්වූ කරුණ වුයේ වාර්තාව මගින් ශ්‍රී ලංකාව තුල මිශ්‍ර විශේෂ අධිකරණයක් ඇති කිරීමට කර ඇති යෝජනාවයි. එසේ කිරීමේදී එම විශේෂ අධිකරණයේ කාර්ය මණ්ඩලය සඳහා අන්තර්ජාතික විනිසුරුවරුන්, පැමිණිලි මෙහෙයවන්නන්, නීතිඥයන් සහ විමර්ශන නිලධාරීන් ඇතුළු අන්තර්ජාතික කාර්යමණ්ඩලයක් බඳවා ගැනීම සඳහා මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකා රජය උනන්දු කර ඇත.[/SIZE] [SIZE=3][B]විශේෂයෙන් අවධාරණය කල යුතු කරුණක් වන්නේ එවන් අධිකරණයක් සඳහා අවශ්‍ය වන මුල්‍යමය ප්‍රතිපාදන සැපයීමට මෙම වාර්තාව ඉදිරිපත් නොවීමයි. එමෙන්ම මෙම විශේෂ මිශ්‍ර අධිකරණය කිසිසේත්ම අන්තර්ජාතික අපරාධ අධිකරණයේ ශාඛාවක් නොවේ. එය ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියටම අයත් ස්වාධීන අධිකරණයක් ලෙස ක්‍රියාත්මක විය යුතු වේ.[/B][/SIZE] [SIZE=3]ඇතැමෙක් විසින් මෙවැනි විශේෂ මිශ්‍ර අධිකරණයක් පිහිටු වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වනු ඇති බව ප්‍රකාශ කර සිටියද එය සත්‍යයක් නොවේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (1)(ඇ) වගන්තියට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සතුව මුල් අවස්ථා අධිකරණ, විනිශ්චය සභා සහ අනෙක් ආයතන පිහිටුවීමට බලය ඇත.[/SIZE] [SIZE=3][B]ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කල පනතක් මගින් මෙවන් විශේෂ මිශ්‍ර අධිකරණයක් පිහිටුවීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකුලව හැකියාවක් ඇත.[/B][/SIZE] [SIZE=3]මෙම වාර්තාව මිශ්‍ර අධිකරණයක් පිහිටුවීමට නිර්දේශ කිරීමට හේතුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය අවිශ්වාස කිරීම ලෙස විවිධ මාධ්‍ය වාර්තා හා දේශපාලකයන් සඳහන් කලද එය කිසිසේත්ම සත්‍යයක් නොවේ. මෙම වාර්තාව, උගත් පාඩම් හා ප්රතිසංවිධාන කොමිසම් වාර්තාව උපුටා දක්වමින් ශ්‍රී ලංකාව තුල නීතියේ ආධිපත්‍ය අභියෝගයට ලක්ව ඇති බව සඳහන් කිරීම සත්‍යයකි. එහෙත් මෙවන් මිශ්‍ර අධිකරණයක් නිර්දේශ කිරීමට පාදක වූ ප්‍රධාන හේතුව ශ්‍රී ලංකාවට අන්තර්ජාතික අපරාධ පිලිබඳ විමර්ශනය හා පැමිණිලි මෙහෙයවීම් කිරීමෙහිලා ඇති අඩු පලපුරුද්දයි. ශ්‍රී ලංකාව සතුව විදග්ධ අධිකරණ පද්ධතියක් පවතින බව මෙම වාර්තාව අවධාරනය කරනු ලබයි. එහෙත් එවන් පද්ධතියකට වුවද අන්තර්ජාතික අපරාධ පිලිබඳව සාධනීය ලෙස කටයුතු කිරීම සඳහා හැකියාවක් නොමැති විය හැකිය.[/SIZE] [SIZE=3]අන්තර්ජාතික අපරාධ දේශීය අපරාධ වලින් නොයෙක් ආකාරයෙන් වෙනස් වේ. දේශීය අපරාධ හා සසඳන විට අන්තර්ජාතික අපරාධ ඉතාම බරපතල වේ. අන්තර්ජාතික අපරාධයන් සිය දහස් ගණනක් පිරිස් ගොදුරු කරගත් අපරාධ වේ. අන්තර්ජාතික අපරාධ එක අපරාධ සිද්ධියකට පමණක් වෙන් නොවේ. අන්තර්ජාතික අපරාධ, විවිධ අපරාධ සිද්ධීන් රැසක් දෙස බලමින් ඒවායේ රටාවක් හඳුනාගැනීමට උත්සහ කරයි. එහිදී අපරාධය සිදු වූ ස්ථානය, එය සිදුවූ වාර ගනන මෙන්ම එවන් අපරාධ වල ස්වභාවය සලකනු ලබයි. එම නිසා මහා පරිමාණයෙන් සාක්ෂි සෙවීම අනිවාර්ය වේ. එසේ එකතු කරගත් සාක්ෂි ආරක්ෂණය කිරීමද අනිවාර්ය වේ.[/SIZE] [SIZE=3]අන්තර්ජාතික අපරාධ නීතිය යටතේ, අපරාධය සිදු කල පුද්ගලයා හෝ පුද්ගලයන්ගෙන් ඔබ්බට ගොස්, අදාල අපරාධයට අණ දුන් අයවලුන් හා ඒවා සැලසුම් කල අය, එකී අපරාධයට වගකිව යුත්තන් ලෙස හදුනා ගනී. ඊට හේතුව බොහෝ අවස්ථා වලදී සාමාන්‍ය සෙබළුන් සිදු කරන්නේ ඉහල නිලයන්ගෙන් ලැබෙන අණ පිලිපැදීමක් පමණක් වීමයි.ඒ අනුව මෙතෙක් කල් ශ්‍රී ලංකාවේ දේශීය නීතිය අනුව කටයුතු කිරීමේදී අපරාධයකට වගකිව යුත්තන් ලෙස හඳුනා ගැනුණු සාමාන්‍ය සෙබළුන් වෙනුවට අදාල ක්‍රියාව සඳහා නියෝග කල සහ එම අපරාධය සැලසුම් කල නිලධාරීන් හා ප්‍රධානීන් අදාල ක්‍රියාවට වග කිව යුත්තන් ලෙස හඳුනා ගනී. එහිදී විධිමත් මෙන්ම අවිධිමත් නියෝග සැපයීමේ පිළිවෙල හඳුනා ගත යුතු වේ. ඒ සඳහා සංවිධානයේ ව්‍යුහය විමර්ශනය කිරීමද කල යුතු වේ.මේ ගනයේ අපරාධ ඔප්පු කිරීමට ඉතා අපහසු වේ. එමනිසා නඩුව සාර්ථක වීමට නම් අන්තර්ජාතික අපරාධ සම්බන්ධයෙන් කටයුතු කර අත්දැකීම් ඇති අය මේ සඳහා සම්බන්ධ විය යුතු වේ.[/SIZE] [SIZE=3]අන්තර්ජාතික විනිශ්චය සභා වල කටයුතු කර අත්දැකීම් ඇති විනිසුරුවරුන් ඉතාම සුළු පිරිසක් මේ වන විට ශ්‍රී ලංකාවේ සිටී. අන්තර්ජාතික අපරාධ පිලිබඳ නඩු විනිශ්චය කිරීම සඳහා ඔවුනට යම් පලපුරුද්දක් තිබිය හැකිය. එහෙත් පළපුරුදු අන්තර්ජාතික අපරාධ පිලිබඳ පැමිණිලි මෙහෙයවන්නන් හා විමර්ශන නිලධාරීන්ගේ විශාල අඩුවක් ශ්‍රී ලංකාවේ පවති. [/SIZE] [SIZE=3][B]එසේම සාධාරණ නඩු විභාගයක් පැවැත්වීමට නම් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටිය හැකි පළපුරුදු හා අන්තර්ජාතික අපරාධ පිලිබඳ දැනුමක් ඇති දක්ෂ ලෙස විත්තිය මෙහෙවිය හැකි නීතිඥයන් සිටිය යුතුය. එවැනි අන්තර්ජාතික අපරාධ පිළිබඳව පළපුරුද්ද ඇති විත්ති පාර්ශවයේ නීතිඥයන් ශ්‍රී ලංකාවේ ඇත්තේ ඉතාම සුළු පිරිසකි.[/B][/SIZE] [LIST] [*] [SIZE=3][B]සත්‍ය දැනගැනීමට ඇති අයිතිය[/B][/SIZE] [/LIST] [SIZE=3]අන්තර්ජාතික නීතියට අනුව අපරාධයයන්ට ගොදුරු වුවන්ට තමන්ට සිදු වූ දේ පිළිබඳව සත්‍යය දන ගැනීමට අයිතියක් ඇත. මෙම අයිතිය ආරක්ෂා කිරීම සඳහා මෙම වාර්තාව නිර්දේශ කිහිපයක්ම ඉදරිපත් කරයි. ඒ අතරින් වැඩි ප්‍රමාණයක් අතුරුදහන් වුවන් පිලිබඳ තොරතුරු අනාවරණය කිරීම සම්බන්ධයෙන් වේ.[/SIZE] [SIZE=3]රජය විසින් මෙතෙක් ප්‍රකාශයට පත් නොකළ මානව හිමිකම් උල්ලංඝනයවීම් වීම් පිලිබඳව විවිධ විමර්ශන කොමිසම් මගින් ඉදිරිපත් කල වාර්තා ප්‍රකාශයට පත් කල යුතු බව වාර්තාව නිර්දේශ කරයි. මෙම ඉල්ලීම ශ්‍රී ලංකාවේ විවිධ සිවිල් සංවිධාන මගින්ද ඉදිරිපත් කර තිබේ. ප්‍රකාශයට පත් කල යුතු වාර්තා අතර අතුරුදහන් වුවන් පිලිබඳ ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාව සහ සිවිල් මරණ පිලිබඳ යුධ හමුදා අධිකරණ විමර්ශන වාර්තාවද වේ.[/SIZE] [SIZE=3]තවද මේ වන විට රැදවුම් බාරයේ සිටින සියලු දෙන පිලිබඳ පුර්ණ දත්ත ගොනුවක් රජය විසින් සකස් කල යුතු බව වාර්තාව නිර්දේශ කරයි. එම දත්ත ගොනුවේ අඩංගු තොරතුරු සත්‍ය බවට තහවුරු කර ගැනීමද කල යුතු වේ. සියලු රැඳෙවියන්ගේ ඥාතීන්ට මෙම දත්ත ගොනුව පිරික්සීමටත් තොරතුරු ලබා ගැනීමටත් අවස්ථාව හිමි විය යුතු වේ. එමගින් ඔවුන්ගේ අතරුදන් වූ ඥාතීන් හට තම අතුරුදන් වූ සමීපතමයන් සිටින ස්ථානය පිලිබඳ දන ගැනීමට අවස්ථාව ලැබේ. එසේම රජය විසින් ගැසට් නිවේදනයක් මගින් දැනට පවතින සියලු රැඳවුම් මාධ්‍යස්ථාන ප්‍රකාශයට පත් කල යුතු අතර නිලනොලත් කඳවුරු සියල්ල වසා දැමිය යුතුය. [/SIZE] [LIST] [*] [SIZE=3][B]හානි පුර්ණය [/B][B]([/B][B]වන්දිය[/B][B])[/B][/SIZE] [/LIST] [SIZE=3][B]මානව හිමිකම් උල්ලංගනය වීම් වලට ගොදුරු වූ පුද්ගලයන්ට සිදු වූ හානිය අවම කිරීම මෙහි අරමුනයි. මුල්‍යමය වන්දි ලබා දීම, නීති සංශෝධනය කිරීම් හා සංකේතාත්මක වැඩපිළිවෙල වැනි නොයෙක් ආකාර වලින් රජයට මෙම හානි පුර්ණය හෙවත් වන්දි පිරිනැමීම කල හැකිය.[/B][/SIZE] [SIZE=3]ඒ සඳහා මානව හිමිකම් උල්ලංගනය වීම් වලට ගොදුරු වුවන් සඳහා වන ජාතික හානිපුර්ණ ප්‍රතිපත්තියක්, රජය විසින් සම්මත කළ යුතු වේ. ඒ සඳහා ප්‍රතිපාදන රජයේ අයවැයෙන් වෙන් කල යුතු වේ. එසේම යුද්ධයට ගොදුරු වූ වින්දිතයන් සියලු දෙනාගේ මානසික මට්ටම නගා සිටුවීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කල යුතු වේ. යුද්ධය නිසා උන් හිටි තැන් අහිමි වුවන් වෙනුවෙන් කල් පවත්නා විසදුම් ලබා දිය යුතු වේ.[/SIZE] [LIST] [*] [SIZE=3][B]මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව [/B][/SIZE] [/LIST] [SIZE=3]2015 වසරේ සැප්තැම්බර් මස 30 වන දින ශ්‍රී ලංකා රජයේ පුර්ණ සහය ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව පිලිබඳ යෝජනා කෙටුම්පතක් ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකා රජය විසින් සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීමටත්, අතුරුදන් වුවන් පිලිබඳ කාර්යාලයක් හා වන්දි ලබා දීම පිලිබඳ කාර්යාලයක් ආරම්භ කිරීමට කර ඇති යෝජනා එමගින් පිළිගෙන තිබේ. මෙම ක්‍රියාවලීන් සඳහා එක්සත්ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලය ඇතුළු අන්තර්ජාතික පාර්ශවයන්ගෙන් තාක්ෂණික සහය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය කැමැත්ත පල කර තිබේ. එසේම සිදු වී ඇතැයි කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව සොයා බලා කටයුතු කිරීමට විශේෂ නීති උපදේශකවරයෙකුගෙන් (අධි නීතීඥවරයෙකු) සමන්විත අධිකරණ ක්‍රියාවලියක් ඇති කිරීමට ශ්‍රී ලංකා රජය විසින් කර ඇති යෝජනාවද මානව හිමිකම් කවුන්සිලයේ මෙම යෝජනා කෙටුම්පත මගින් පිළිගෙන තිබේ. යෝජනා කෙටුම්පත අවධාරණය කර සිටින්නේ විශ්වසනීය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියක් තහවුරු කිරීමට නම් අනිවාර්යෙන්ම ස්වාධීන අධිකරණ පද්ධතියක් හා ස්වාධීන පැමිණිලි මෙහෙයවීමේ ආයතන තිබිය යුතු බවයි. විශේෂයෙන්ම මෙහිදී පොදුරාජ්‍ය මණ්ඩලයේ සහ අනෙකුත් විදේශීය විනිසුරුවරුන්ගේ, විත්තිය මෙහෙයවන නීතිඥවරුන්ගේ, පැමිණිලි මෙහෙයවන්නන් හෙවත් බලය ලත් අභිචෝදකයන්ගේ මෙන්ම විමර්ශන නිලධාරීන්ගේ සහභාගිත්වය වැදගත් වන බව යෝජනා කෙටුම්පත මගින් අවධාරනය කර සිටී.[/SIZE] [LIST] [*] [SIZE=3][B]නිගමනය[/B][/SIZE] [/LIST] [SIZE=3] ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරු යුගයක් පිළිබඳව මෙම වාර්තාව කරුණු දක්වයි. රටෙහි අනාගත අභිවෘද්ධිය උදෙසා එමගින් නිර්දේශ රැසක් ඉදිරිපත් කර ඇත. වාර්තාව කිසිවිටකත් වරදකරුවන් නම් වශයෙන් හදුනා ගෙන නොමැති හෙයින්ද කිසිදු රාජ්‍ය සේවකයෙක් අන්තර්ජාතික අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමට නිර්දේශ කර නොමැති හෙයින්ද වාර්තාවේ නිර්දේශ පිළිබඳව අතීතයේදී කර තිබු අනුමානයන් සියල්ල නිෂ්ප්රභා වී ඇත. එය නිර්දේශ කර ඇත්තේ නීතිවිරෝධී ලෙස ක්‍රියා කර ඇති නිළධාරීන් පිළිබඳව විමර්ශන පවත්වා නඩු පැවරීමටයි.[/SIZE] [SIZE=3][B]මෙම නිර්දේශ නිසි පරිදි ක්‍රියාත්මක කළහොත් මෙම අපරාධයන්ට ගොදුරු වුවන්ට (වින්දිතයන්ට) එමගින් සහනය සැලසීමත් සාධාරණය ඉටු වීමත් සිදු වනු ඇත. එසේම වාර්තාවේ නිර්දේශයන්ට අනුකූලව පුළුල් නීතිමය හා ආයතනිකමය ප්‍රතිසංස්කරණයන් සිදු කලහොත් එය රටටත්, රටේ සියලුම ජනතාවටත් යහපත් හෙට දවසක් ඇති කිරීම සඳහා ප්‍රයෝජනවත් වනු ඇත.[/B][/SIZE] [SIZE=3](මෙම ලියැවිල්ල South Asian Centre for Legal Studies හි නීතිවේදීන් පිරිසක් විසින් සකස් කරන ලද්දකි)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom