ඊලාම් යුද්ධයේ ගොඨාගේ භූමිකාව
වසර 30 කාලයක් පුරා ඇදී ගිය ඊළාම් යුද්ධය එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමෙන් පසුව නිම විය. මේ කාලය පුරා යුද විශ්ලේෂකයන්, සමහරක් හමුදා නිලධාරීන් සහ බොහෝ දේශපාලකයන් විශ්වාස කළේ ප්රභාකරන් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ නොහැකි බවයි. නමුත් ශ්රී ලාංකික හමුදාව එල්.ටී.ටී.ඊ. ය පරාජය කළහ. ත්රිවිධ හමුදාවක් සහිතව විශාල භූමියක් පාලනය කළ ලෝකයේ බලවත්ම ත්රස්තවාදී සංවිධානය සහමුලින්ම පරාජය කිරීමට හැකි වූයේ කෙසේද ?
ජයග්රහණයට පියවරු දහසකි. බොහෝ දෙනා මෙම යුද ජයග්රහණයට අයිතිවාසිකම් කියති. එසේම කුලල් කා ගනිති. මැදිහත් සිතින් විචාර බුද්ධියෙන් යුතුව ඊළාම් යුද්ධය ජයග්රහණ මාර්ගය කරා ගෙන ගියේ කවුරුන් ද කියා විමසා බලමු.
එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීම සඳහා ජෙනරාල් ෆොන්සේකාගේ දායකත්වය සුවිසල් විය. ඔහු ගොඩබිම් යුද මෙහෙයුම්වලදී කොටි සාමාජිකයන් විනාශ කර දැමීය. මෙකී මෙහෙයුම් හමුවේ කොටින් හට භූමිය අල්ලා ගෙන සිටීම අපහසු විය. ප්රභාකරන් පවා මෙම මෙහෙයුම් හමුවේදී ව්යාකූල වූ බව එල්.ටී.ටී.ඊ.යෙහි කාන්තා දේශපාලන අංශයෙහි නායිකාව වූ තමලිනී තම ''තියුණු අසිපතක සෙවණ යට'' කෘතිය හරහා පෙන්වා දී තිබේ. මෙකී යුද මෙහෙයුම් නිසා ප්රභාකරන්ගේ අවසානය සනිටුහන් විය.
ඊළාම් යුද්ධයේදී නාවික සහ ගුවන් හමුදා විශේෂ කාර්යභාරයක් කළහ. නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික නිලධාරීන් එල්.ටී.ටී.ඊ. සංවිධානය සඳහා එවන ලද ආයුද නැව් විනාශ කර දැමූහ. එසේම මුහුදු සටන්වලදී ඔවුන්ගේ බලය අඩපණ කර දැමූහ. මේ අතර ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලකගේ නායකත්වයෙන් යුතු ගුවන් හමුදාව එල්.ටී.ටී.ඊ. බලකොටු ගුවන් බලය යොදා විනාශ කළහ.
ඊළාම් යුද්ධයේ දී ගෝඨාභය රාජපක්ෂ භූමිකාව කුමක්ද ?
ඊළාම් යුද ජයග්රහණයෙන් පසුව මාධ්යවේදී සී. ඒ. චන්ද්රප්රේම "ගෝටාස් වෝ" නමින් පොතක් ලිවීය. මේ පොත සක්රිය ලෙස සමාජ ගත නොවීය. ඊට එක් හේතුවක් වූයේ එම පොතේ කතුවරයා ඊළාම් යුද්ධයේ දී ගෝඨාභය රාජපක්ෂ භූමිකාව නිසි ලෙස පෙන්වා නොදීමය. සී.ඒ.චන්ද්රප්රේම මෙම පොතෙන් ගෝඨාභය රාජපක්ෂව යුද සෙන්පතියෙකු ලෙස පෙන්වා දීමට යැම නිසා ''ගෝටාස් වෝ'' කෘතිය අසාර්ථක විය. යුද්ධයෙන් පසුකාලීනව පවා මිනිසුන් තුළ ඊළාම් යුද්ධයේදී ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද කාර්යභාරය පිළිබඳව අවබෝධයක් නොමැත. අවාසනාවකට මෙන් දේශපාලනික සහ පුද්ගලික හේතු මත ඊළාම් යුද්ධයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරන ලද කාර්යභාරය යටපත් කොට ඇත.
ඇත්ත වශයෙන්ම ඊළාම් යුද්ධයේ දී ගෝඨාභය රාජපක්ෂ භූමිකාව කුමක්ද? යුද්ධය සමයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයාය. අතීතයේ සිටි වෙනත් ආරක්ෂක ලේකම්වරුන්ට වඩා ඔහු වෙනස් අයෙකු විය. ඔහුට යුද භූමිය පිළිබඳව අවබෝධයක් තිබුණි. එසේම යුද්ධයකදී ඉතාම අත්යවශ්ය සාධකයක් වන ''ලොජිස්ටික්ස්'' හෙවත් භට කාර්ය සම්පාදනය සහ පෙරමුණට ආයුධ මෙන්ම අනෙකුත් අත්යාවශ්ය ද්රව්ය සැපයීමේදී ගෝඨාභය රාජපක්ෂ විශාල කාර්යභාරයක් සිදු කළේය. මීට ඉහතදී පැවති ජයසිකුරු වැනි දැවැන්ත මෙහෙයුම් අඩාලවීමට එක් ප්රධාන හේතුවක් වූයේ මෙම ලොජිස්ටික්ස් සාධකයයි. එහෙත් අවසන් යුද්ධයේදී මෙවැනි දුර්වලතා මතු වීමට ඔහු ඉඩ දුන්නේ නැත. මෙම කරුණ යුද ජයග්රහණයේ එක් ප්රබල සාධකයක් විය. විජිතපුර සටන ජය ගැනීමේදී මතු වූයේ ගැමුණු කුමාරයාගේ කීර්ති නාමයයි. එහෙත් ගැමුණු කුමාරයාට එම ජයග්රහණය ලබා ගැනීම සඳහා තිරයෙන් පසුපස සිට ලොජිස්ටික්ස් සහාය දුන්නේ ඔහුගේ සොහොයුරු සද්ධාතිස්ස විසිනි. ඊළාම් යුද්ධයේ දී ලොජිස්ටික්ස් සහාය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ විසිනි.
දෙවැනි ලෝක යුද සමයේදී මිත්ර පක්ෂයේ හමුදා නායකයන් වූ ජෙනරාල් පැටර්න් සහ ෆීල්ඩ් මාෂල් බර්නාඩ් මොන්ටිගෝමරි අතර බල අරගලයක් තිබුණේය. මෙම බල අරගලය නිසා යුද්ධය අඩපණ වීම වැළැක්වීමට ඇමරිකාව ප්රමුඛ මිත්ර පාක්ෂික හමුදාවලට නායකත්වය දුන් ජෙනරාල් අයිසන්හවර් සූක්ෂම ලෙස ක්රියා කළේය. ඊළාම් යුද්ධයේදී හමුදාපති ජෙනරාල් ෆොන්සේකා සහ නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අතර පුද්ගලික යුද්ධයක් තිබුණේය. මේ දෙදෙනා ආරක්ෂක රැස්වීම්වලදීවත් එකිනෙකා සමග කතා කළේ නැත. මේ පිළිබඳව නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ තම ''අධිෂ්ඨානය ( එල්.ටී.ටී.ඊ. පරාජය - නාවික හමුදා භූමිකාව'' කෘතියේ පවා සඳහන් කොට තිබේ.
යුද හමුදාවත් නාවික හමුදාවත් අතර ඒකාබද්ධ සහයෝගය නොමැතිව සටන් කිරීම ඉතා අපහසුය. යුද විශේෂඥයන් පෙන්වා දෙන අන්දමට දෙවන ලෝක යුද්ධයේදී ජපානය පරාජය වීම සඳහා එක් හේතුවක් වූයේ ජපාන යුද හමුදාව සහ ජපන් නාවික හමුදාව අතර ඒකාබද්ධ සහයෝගයක් නොතිබීමයි. හමුදාපති ජෙනරාල් ෆොන්සේකා සහ නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අතර පාලමක් වෙමින් යුද හමුදාවත් නාවික හමුදාවත් අතර ඒකාබද්ධතාව පවත්වා ගැනීමට උපකාර වූයේ ගෝඨාභය රාජපක්ෂය. ඔහු ජෙනරාල් අයිසන්හවර් ක්රියා කළාක් මෙන් හමුදාපති ජෙනරාල් ෆොන්සේකාත් සහ නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩත් අතර සමබරතාව පවත්වා ගත්තේය. මෙම කරුණද යුද ජයග්රහණය පිණිස බලපෑවේය.
ගෝඨාභය රාජපක්ෂ යනු ඊළාම් යුද ජයග්රහණයේ පරම උරුමක්කාරයා නොවන බව සැබෑය. එහෙත් යුද ජයග්රහණය සඳහා ඔහු දායකත්වයක් ලබා දුන්නේය. ඉංග්රීසි භාෂාවේ give the devil යෑයි කියා කියමනක් තිබේ. මේ අනුව ඊළාම් යුද ජයග්රහණයේ ගෝඨාභය රාජපක්ෂ භූමිකාව කුහක කමකින් තොරව පෙන්වා දිය යුතුය.
උපුටා ගැනිම
http://divaina.com/daily/index.php/visheshanga3/12713-2018-06-10-14-35-58

Last edited: