Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඊර්ෂ්‍යා කිරීමේ විපාක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදේනි රාජ්‍යයෙහි විසූ චණ්ඩපජ්ජෝත නම් රජු සියලු ධන සම්පතින් ආඪ්‍ය රජෙකි. දිනක් තම වැසියන් අමතා, තමා තරම් ඉසුරුමතකු මෙම රාජ්‍යයෙහි තවත් නොමැති බවට පුරසාරම් දෙඩීය. එවිට වැසියන් කීවේ, ඔබගේ මේ සම්පත් කුමක්ද? උදේනි නම් රජු මහා ඉසුරුමතකු බවයි. චණ්ඩපජ්ජෝත රජු ඒ පිළිබඳ තෘෂ්ණාව උපදවා ඒ සියල්ල අත්පත් කර ගන්නට යෝජනා කළේ ය. එවිට වැසියන් කීවේ එය කෙසේවත් කළ නොහැකි බවත් උදේනි රජුට ඇතුන් අල්වා ගන්නා සහ පලවා හරින්නා වූ හස්තිකාන්ත වීණාවක් ඇති බවත් ය. එබැවින් බොහෝ ඇතුන්ගෙන් පිරි ඔහුගේ රාජ්‍යය ආක්‍රමණය කිරීම ඉතා අපහසු කාර්යයක් වන බව රටවැසියෝ රජුට පැහැදිලි කළහ.

එවිට මේ රජු අල්වා ගැනීමේ විවිධ උපක්‍රම යෝජනා වන අතර, ඒ සියල්ල අසාර්ථක වන අයුරු දකින චණ්ඩපජ්ජෝත රජතුමා, දැවයෙන් ඇතකු තනා උදේනි රාජ්‍යයට යවා දැවමය හස්තියා අල්වා ගන්නට පැමිණි විට උදේනි රජු තම ග්‍රහණයට ගෙන රාජ්‍යය හා සම්පත් තමා සතු කර ගන්නට උපායක් කල්පනා කළේ ය. ඒ අනුව, යන්ත්‍රයෙන් ක්‍රියා කරන දාරුමය හස්තියකු තනා එය අලංකාර වූ විචිත්‍ර ඇඳුමෙන් ද සරසා උදේනි රාජ්‍යයෙහි එක් විල්තෙරක තැබවීය. මෙම දාරුමය හස්තියාගේ කුසෙහි සැටක් පමණ මිනිසුන් රැඳී සැබෑ හස්තියකු ලෙස හොඬවැල් එසවීම්, එහේ මෙහේ ගමන් කිරීම් ආදී විවිධ හස්ති ක්‍රියාකාරකම්හි යෙදෙන්නට විය. මේ දුටු එක්තරා වැසියෙක් ඒ බව උදේන රජුට දැන්වීය.

තම රාජ්‍යයට ලද මෙම හස්තියා අල්වා ගැනීම පිණිස සපිරිවරින් රජතුමා පිටත්ව ගියේ ය. උදේනි රජු ඒ සඳහා පැමිණෙන බව චණ්ඩපජ්ජෝත රජුගේ චරපුරුෂයෝ ඔහුට දැන්වූහ. එම රජු සේනාව සමඟ උදේනි රජු අල්වා ගන්නට පෙර මඟට පැමිණියේ ය. ඒ බව නොදත් උදේනි රජු දැවමය හස්තියා ලුහුබඳින්නට විය. දැවමය හස්තියාගේ කුස තුළ සිටි මිනිස්සු යන්ත්‍ර ක්‍රියා කරවා හස්තියා වේගයෙන් දුවන ලෙස සැකසූහ. රජතුමා හස්ති කාන්ත වීණාව කෙතෙක් වැයුවත්, මන්ත්‍ර ජප කළත් එම හස්තියා අල්වා ගත නොහැකි විය. උදේනි රජු ජවසම්පන්න අශ්වයකුගේ පිට නැඟ දැවමය හස්තියා පසුපස එළවන්නට වූ අතර ඔහු නොදැනම චණ්ඩපජ්ජෝත රජුගේ සේනාවට හසු විය. උදේනි රජු චණ්ඩපජ්ජෝත රජුගේ උපක්රමයට හසුව යටත් විය. ජීවග්රහයෙන් ම අල්වා ගත් උදේනි රජු සිර කුටියක රඳවා දින තුනක් චණ්ඩපජ්ජෝත රජු ජයපැන් පානය කළේ ය.

තමා සිරකර රජු ජයපැන් පානය කරන බව දැනගත් උදේන රජු තම රැකවලුන්ට පවසන්නේ එය ගැහැනියකගේ ක්රියාවකටත් වඩා පහත් බවයි. ‘සතුරෙකු අල්ලා ගත් විට එක්කෝ මරා දැමිය යුතුය. නැතහොත් මුදාහළ යුතුය. එසේ නොකොට සතුරා දුකෙන් තබා ජය පැන් බීම පිරිමි බවටත් නිගාවක් නොවේදැ’යි උදේනි රජු තම ආරක්ෂකයන්ට කීය. ආරක්ෂකයෝ ඒ බව චණ්ඩපජ්ජෝත රජුට වාර්තා කළහ. රජු උදේනි රජුගෙන් ඒ බව විමසා, මුදාහැරීම සඳහා හස්තිකාන්ත මන්ත්‍රය තමාට ලබා දිය යුතු බව කීය. උදේන රජු කීවේ තමාට වඳින්නේ නම් එය ලබා දිය හැකි බවයි. එහෙත් තම සතුරාට වැඳ මන්ත්‍රය ලබා ගන්නට මෙම රජු එකඟ නොවීය. එවිට රාජදඬුවම් පනවන බව දැන්වූ විට, උදේන රජු කීවේ ඒ දඬුවම් තම සිරුරට පමණයි, සිතට දඬුවම් කළ නොහැකි බවයි.

උදේනි රජුගේ මේ නිර්භීත ගර්ජනාව ඇසූ චණ්ඩපජ්ජෝත රජු මෙම මන්ත්‍රය කෙසේ ලබම්දැයි දස අතේ කල්පනා කළේ ය. ඒ සඳහා තම දියණිය යොදා ගැනීමට කල්පනා කළ රජතුමා, ඔබට වඳින වෙනත් කවරකුට හෝ මන්ත්‍රය ඉගැන්වීමට ඔබ සූදානම්දැයි රජුගෙන් ඇසීය. ඕනෑම කෙනකු තමාට වඳින්නේ නම් ඔහුට උගන්වන බව උදේන රජුගේ පිළිතුර විය. එවිට චණ්ඩපජ්ජෝත රජු කල්පනා කළේ තම දියණිය කුදියක ලෙස සරසා මොහු වෙත යවා ඇයට මන්ත්‍රය ඉගෙනීමට සැලැසිය යුතු බවයි. ඒ අනුව රජතුමා ඔහුට ප්‍රකාශ කරන්නේ තම මාලිගයෙහි විරූපී කුදියක සිටින බවත් ඇය දැකීම පවා අපි‍්‍රය බැවින් කඩතුරාවක් ඇද එයට මුවා වී ඇයට මන්ත්‍රය උගන්වන ලෙසයි. උදේන රජතුමා එයට එකඟ විය.

චණ්ඩපජ්ජෝත රජතුමා තම දියණිය වූ වාසුලදත්තාව කැඳවා දන්වා සිටියේ, තම සිර ගෙදර ඉතා විරූපී කුෂ්ට සහිත මිනිසකු සිටින බවත් ඔහු සතුව ඉතා වටිනා මන්ත්‍රයක් ඇති හෙයින් ඔහු කඩතුරාවකින් මුවා කොට තබන අතර ඔබ එහි අනෙක් පැත්තේ සිට ඔහුගෙන් මෙම මන්ත්‍රය උගෙන තමාට දෙන ලෙසය. දුව කුදියක ලෙසත්, උදේන රජු කුෂ්ටයකු ලෙසත් දෙදෙනාට හඳුන්වා දුන් චණ්ඩපජ්ජෝත රජතුමා අනතුරුව කඩතුරාවක් ඇද තම දියණිය කුදියක ලෙස සරසා එහි එක් පසෙක තබා, අනෙක් පස උදේනි රජු ගෙන්වා තබා තම උපක්‍රමය ක්‍රියාවට නැංවීය. උදේන රජ දින කිහිපයක්ම මන්ත්‍රය ඉගැන්වුවද වාසුලදත්තාට එය ඉගෙන ගත නොහැකි විය. හැම දිනෙකම වරද්ද වරද්දා කියන අයුරු දුටු විට උදේන රජු ඇයට බොල කුදිය, තිගේ කටේ ගල් ඇති නිසා මෙසේ වරද්දා කියන්නෙහිදැයි ඇසීය. රූමත් තමාට කුදිය ලෙස ඇමතීමෙන් කෝප වූ වාසුලදත්තා ‘බොල දුෂ්ට කුෂ්ට වූ පුරුෂය, මා කුදියක් වන්නේ කෙසේදැයි අසමින් තමා රාජ දියණිය වාසුලදත්තා බව දන්නෙහිදැ’යි අසමින් කඩතුරාව ඇද දමා කුෂ්ටයකු ලෙස සිතූ උදේන රජු ඉදිරියේ පෙනී සිටියාය. තමා ද කුෂ්ටයකු නොවන බවත් උදේන නමැති රජු බවත් වාසුලදත්තාට කියා සිටියේ ය. එතැන් පටන් රජ ගෙදර මේ දෙදෙනා පෙම්වතුන් බවට පත්වූහ. ඒ බව නොදත් චණ්ඩපජ්ජෝත රජතුමා මන්ත්‍රය උගත්තේදැයි දියණියගෙන් විමසන විට තවම උගනිමියි කියමින් පියා මඟ හැරියා ය.

අනතුරුව උදේන රජු වාසුලදත්තාට පවසන්නේ සැමියකු බිරිඳකට ඉටු කළ යුතු බොහෝ යුතුකම් ඇති බවත් ඒ සියල්ල ඉටු කිරීමට මෙම සිරකුටියෙන් තමා පලා යා යුතු බවත් ය. ඊට උපක්‍රමයක් යොදන වාසුලදත්තා පිය රජුට කියා සිටින්නේ තවමත් මන්ත්‍රය සම්පූර්ණයෙන් ඉගෙනීමට නොහැකි වූ බවත් එය සපුරා ගැනීම සඳහා ගුරු පූජාවක් කළ යුතු නිසා ඒ සඳහා තරු ඇති රැයක රජගෙයින් නික්ම ගොස් ඖෂධයක් සොයා ගත යුතු බවත් ඒ සඳහා වාහනයක් වෙන් කොට වාසල් දොරටුවක් විවර කර තැබිය යුතු බවත් ය. පිය රජතුමා ඒ සියල්ලට එකඟව සියලු පහසුකම් සැලසීය. රජුගේ මේ පහසුකම් සියල්ල ප්‍රයෝජනයට ගත් උදේන රජු එදින රාත්‍රියෙහි වාසුලදත්තා ද රැගෙන තම රාජ්‍යයට පලා ගොස් ඇය අග්‍ර රාජිනිය බවට පත් කළේ ය.

චණ්ඩපජ්ජෝත රජුගේ සියලු අභිප්රායන් බිඳ වැටී අවසානයේ දියණිය ද අහිමි විය. අන්‍ය සැපතට ඊර්ෂ්‍යා කරන, ඒවා අනර්ථකාරී ලෙස තමා සතු කර ගන්නට වැරැදි උපක්‍රම යොදන වංචාකාරී මිනිසුනට කවර කාලයක වුවත් අත්විය හැකි ශෝචනීය ඛේදවාචකය කවරක්දැයි යන්න මෙම කථාවෙන් අපූර්ව ලෙස විවරණය වෙයි.

[QUOTE="asliyanage, post: 25711364, member: 8764"] උදේනි රාජ්‍යයෙහි විසූ චණ්ඩපජ්ජෝත නම් රජු සියලු ධන සම්පතින් ආඪ්‍ය රජෙකි. දිනක් තම වැසියන් අමතා, තමා තරම් ඉසුරුමතකු මෙම රාජ්‍යයෙහි තවත් නොමැති බවට පුරසාරම් දෙඩීය. එවිට වැසියන් කීවේ, ඔබගේ මේ සම්පත් කුමක්ද? උදේනි නම් රජු මහා ඉසුරුමතකු බවයි. චණ්ඩපජ්ජෝත රජු ඒ පිළිබඳ තෘෂ්ණාව උපදවා ඒ සියල්ල අත්පත් කර ගන්නට යෝජනා කළේ ය. එවිට වැසියන් කීවේ එය කෙසේවත් කළ නොහැකි බවත් උදේනි රජුට ඇතුන් අල්වා ගන්නා සහ පලවා හරින්නා වූ හස්තිකාන්ත වීණාවක් ඇති බවත් ය. එබැවින් බොහෝ ඇතුන්ගෙන් පිරි ඔහුගේ රාජ්‍යය ආක්‍රමණය කිරීම ඉතා අපහසු කාර්යයක් වන බව රටවැසියෝ රජුට පැහැදිලි කළහ. එවිට මේ රජු අල්වා ගැනීමේ විවිධ උපක්‍රම යෝජනා වන අතර, ඒ සියල්ල අසාර්ථක වන අයුරු දකින චණ්ඩපජ්ජෝත රජතුමා, දැවයෙන් ඇතකු තනා උදේනි රාජ්‍යයට යවා දැවමය හස්තියා අල්වා ගන්නට පැමිණි විට උදේනි රජු තම ග්‍රහණයට ගෙන රාජ්‍යය හා සම්පත් තමා සතු කර ගන්නට උපායක් කල්පනා කළේ ය. ඒ අනුව, යන්ත්‍රයෙන් ක්‍රියා කරන දාරුමය හස්තියකු තනා එය අලංකාර වූ විචිත්‍ර ඇඳුමෙන් ද සරසා උදේනි රාජ්‍යයෙහි එක් විල්තෙරක තැබවීය. මෙම දාරුමය හස්තියාගේ කුසෙහි සැටක් පමණ මිනිසුන් රැඳී සැබෑ හස්තියකු ලෙස හොඬවැල් එසවීම්, එහේ මෙහේ ගමන් කිරීම් ආදී විවිධ හස්ති ක්‍රියාකාරකම්හි යෙදෙන්නට විය. මේ දුටු එක්තරා වැසියෙක් ඒ බව උදේන රජුට දැන්වීය.[RIGHT][IMG align="right"]https://www.budusarana.lk/budusarana/2013/04/25/z_p10-anun1.jpg[/IMG][/RIGHT] තම රාජ්‍යයට ලද මෙම හස්තියා අල්වා ගැනීම පිණිස සපිරිවරින් රජතුමා පිටත්ව ගියේ ය. උදේනි රජු ඒ සඳහා පැමිණෙන බව චණ්ඩපජ්ජෝත රජුගේ චරපුරුෂයෝ ඔහුට දැන්වූහ. එම රජු සේනාව සමඟ උදේනි රජු අල්වා ගන්නට පෙර මඟට පැමිණියේ ය. ඒ බව නොදත් උදේනි රජු දැවමය හස්තියා ලුහුබඳින්නට විය. දැවමය හස්තියාගේ කුස තුළ සිටි මිනිස්සු යන්ත්‍ර ක්‍රියා කරවා හස්තියා වේගයෙන් දුවන ලෙස සැකසූහ. රජතුමා හස්ති කාන්ත වීණාව කෙතෙක් වැයුවත්, මන්ත්‍ර ජප කළත් එම හස්තියා අල්වා ගත නොහැකි විය. උදේනි රජු ජවසම්පන්න අශ්වයකුගේ පිට නැඟ දැවමය හස්තියා පසුපස එළවන්නට වූ අතර ඔහු නොදැනම චණ්ඩපජ්ජෝත රජුගේ සේනාවට හසු විය. උදේනි රජු චණ්ඩපජ්ජෝත රජුගේ උපක්රමයට හසුව යටත් විය. ජීවග්රහයෙන් ම අල්වා ගත් උදේනි රජු සිර කුටියක රඳවා දින තුනක් චණ්ඩපජ්ජෝත රජු ජයපැන් පානය කළේ ය. තමා සිරකර රජු ජයපැන් පානය කරන බව දැනගත් උදේන රජු තම රැකවලුන්ට පවසන්නේ එය ගැහැනියකගේ ක්රියාවකටත් වඩා පහත් බවයි. ‘සතුරෙකු අල්ලා ගත් විට එක්කෝ මරා දැමිය යුතුය. නැතහොත් මුදාහළ යුතුය. එසේ නොකොට සතුරා දුකෙන් තබා ජය පැන් බීම පිරිමි බවටත් නිගාවක් නොවේදැ’යි උදේනි රජු තම ආරක්ෂකයන්ට කීය. ආරක්ෂකයෝ ඒ බව චණ්ඩපජ්ජෝත රජුට වාර්තා කළහ. රජු උදේනි රජුගෙන් ඒ බව විමසා, මුදාහැරීම සඳහා හස්තිකාන්ත මන්ත්‍රය තමාට ලබා දිය යුතු බව කීය. උදේන රජු කීවේ තමාට වඳින්නේ නම් එය ලබා දිය හැකි බවයි. එහෙත් තම සතුරාට වැඳ මන්ත්‍රය ලබා ගන්නට මෙම රජු එකඟ නොවීය. එවිට රාජදඬුවම් පනවන බව දැන්වූ විට, උදේන රජු කීවේ ඒ දඬුවම් තම සිරුරට පමණයි, සිතට දඬුවම් කළ නොහැකි බවයි. උදේනි රජුගේ මේ නිර්භීත ගර්ජනාව ඇසූ චණ්ඩපජ්ජෝත රජු මෙම මන්ත්‍රය කෙසේ ලබම්දැයි දස අතේ කල්පනා කළේ ය. ඒ සඳහා තම දියණිය යොදා ගැනීමට කල්පනා කළ රජතුමා, ඔබට වඳින වෙනත් කවරකුට හෝ මන්ත්‍රය ඉගැන්වීමට ඔබ සූදානම්දැයි රජුගෙන් ඇසීය. ඕනෑම කෙනකු තමාට වඳින්නේ නම් ඔහුට උගන්වන බව උදේන රජුගේ පිළිතුර විය. එවිට චණ්ඩපජ්ජෝත රජු කල්පනා කළේ තම දියණිය කුදියක ලෙස සරසා මොහු වෙත යවා ඇයට මන්ත්‍රය ඉගෙනීමට සැලැසිය යුතු බවයි. ඒ අනුව රජතුමා ඔහුට ප්‍රකාශ කරන්නේ තම මාලිගයෙහි විරූපී කුදියක සිටින බවත් ඇය දැකීම පවා අපි‍්‍රය බැවින් කඩතුරාවක් ඇද එයට මුවා වී ඇයට මන්ත්‍රය උගන්වන ලෙසයි. උදේන රජතුමා එයට එකඟ විය. චණ්ඩපජ්ජෝත රජතුමා තම දියණිය වූ වාසුලදත්තාව කැඳවා දන්වා සිටියේ, තම සිර ගෙදර ඉතා විරූපී කුෂ්ට සහිත මිනිසකු සිටින බවත් ඔහු සතුව ඉතා වටිනා මන්ත්‍රයක් ඇති හෙයින් ඔහු කඩතුරාවකින් මුවා කොට තබන අතර ඔබ එහි අනෙක් පැත්තේ සිට ඔහුගෙන් මෙම මන්ත්‍රය උගෙන තමාට දෙන ලෙසය. දුව කුදියක ලෙසත්, උදේන රජු කුෂ්ටයකු ලෙසත් දෙදෙනාට හඳුන්වා දුන් චණ්ඩපජ්ජෝත රජතුමා අනතුරුව කඩතුරාවක් ඇද තම දියණිය කුදියක ලෙස සරසා එහි එක් පසෙක තබා, අනෙක් පස උදේනි රජු ගෙන්වා තබා තම උපක්‍රමය ක්‍රියාවට නැංවීය. උදේන රජ දින කිහිපයක්ම මන්ත්‍රය ඉගැන්වුවද වාසුලදත්තාට එය ඉගෙන ගත නොහැකි විය. හැම දිනෙකම වරද්ද වරද්දා කියන අයුරු දුටු විට උදේන රජු ඇයට බොල කුදිය, තිගේ කටේ ගල් ඇති නිසා මෙසේ වරද්දා කියන්නෙහිදැයි ඇසීය. රූමත් තමාට කුදිය ලෙස ඇමතීමෙන් කෝප වූ වාසුලදත්තා ‘බොල දුෂ්ට කුෂ්ට වූ පුරුෂය, මා කුදියක් වන්නේ කෙසේදැයි අසමින් තමා රාජ දියණිය වාසුලදත්තා බව දන්නෙහිදැ’යි අසමින් කඩතුරාව ඇද දමා කුෂ්ටයකු ලෙස සිතූ උදේන රජු ඉදිරියේ පෙනී සිටියාය. තමා ද කුෂ්ටයකු නොවන බවත් උදේන නමැති රජු බවත් වාසුලදත්තාට කියා සිටියේ ය. එතැන් පටන් රජ ගෙදර මේ දෙදෙනා පෙම්වතුන් බවට පත්වූහ. ඒ බව නොදත් චණ්ඩපජ්ජෝත රජතුමා මන්ත්‍රය උගත්තේදැයි දියණියගෙන් විමසන විට තවම උගනිමියි කියමින් පියා මඟ හැරියා ය. අනතුරුව උදේන රජු වාසුලදත්තාට පවසන්නේ සැමියකු බිරිඳකට ඉටු කළ යුතු බොහෝ යුතුකම් ඇති බවත් ඒ සියල්ල ඉටු කිරීමට මෙම සිරකුටියෙන් තමා පලා යා යුතු බවත් ය. ඊට උපක්‍රමයක් යොදන වාසුලදත්තා පිය රජුට කියා සිටින්නේ තවමත් මන්ත්‍රය සම්පූර්ණයෙන් ඉගෙනීමට නොහැකි වූ බවත් එය සපුරා ගැනීම සඳහා ගුරු පූජාවක් කළ යුතු නිසා ඒ සඳහා තරු ඇති රැයක රජගෙයින් නික්ම ගොස් ඖෂධයක් සොයා ගත යුතු බවත් ඒ සඳහා වාහනයක් වෙන් කොට වාසල් දොරටුවක් විවර කර තැබිය යුතු බවත් ය. පිය රජතුමා ඒ සියල්ලට එකඟව සියලු පහසුකම් සැලසීය. රජුගේ මේ පහසුකම් සියල්ල ප්‍රයෝජනයට ගත් උදේන රජු එදින රාත්‍රියෙහි වාසුලදත්තා ද රැගෙන තම රාජ්‍යයට පලා ගොස් ඇය අග්‍ර රාජිනිය බවට පත් කළේ ය. චණ්ඩපජ්ජෝත රජුගේ සියලු අභිප්රායන් බිඳ වැටී අවසානයේ දියණිය ද අහිමි විය. අන්‍ය සැපතට ඊර්ෂ්‍යා කරන, ඒවා අනර්ථකාරී ලෙස තමා සතු කර ගන්නට වැරැදි උපක්‍රම යොදන වංචාකාරී මිනිසුනට කවර කාලයක වුවත් අත්විය හැකි ශෝචනීය ඛේදවාචකය කවරක්දැයි යන්න මෙම කථාවෙන් අපූර්ව ලෙස විවරණය වෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom