Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊශ්‍රායල - පලස්තීන අර්බුදය - 1 (අතීත කතාව)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදෙස් අධිරාජ්‍යය වල පාලනය යටතේ...

ක්‍රි.ව. 320 දී පමණ රෝම අධිරාජ්‍යයා වුනු කොන්ස්තන්තීන් ක්‍රිස්තියානි ආගම වැළඳ ගත්තා. එතැන් සිට රෝමයේ ප්‍රධාන ආගම වෙන්නෙ ක්‍රිස්තියානි ආගම. ඉන්පසුව ඔවුන් ජෙරුසෙලම සහ පලස්තීනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළා. රෝම අධිරාජ්‍යයේ විවිධ පළාත් වල ඉඳලා ක්‍රිස්තියානි බැතිමතුන් ජෙරුසෙලමට වන්දනා ගමන් ආවා. ඒ නිසා පලස්තීනයේ වෙළඳාම දියුණු වෙලා ධනවත් වුනා.

ක්‍රි.ව. 400 වෙන විට රෝම අධිරාජ්‍යය බටහිර-නැගෙනහිර විදිහට දෙකඩ වුනා. පලස්තීනය අයිති වුනේ නැගෙනහිර රෝම අධිරාජ්‍යය හෙවත් බයිසැන්ටයින් අධිරාජ්‍යයට. ක්‍රිස්තියානි ලෝකයේ ප්‍රධාන අනුග්‍රාහකයා වුනේ බයිසැන්ටයින් අධිරාජ්‍යය. ඒ නිසා පලස්තීනයේ සහ අවට ප්‍රදේශ වල ක්‍රිස්තියානි ආගම වේගයෙන් ව්‍යාප්ත වුනා.

මේ කාලය වෙද්දි බයිසැන්ටයින් අධිරාජ්‍යය විසින් පලස්තීනය පාලනය කෙරෙන්නේ ප්‍රාන්ත කීපයකට කඩලා. මේ ප්‍රාන්ත වල පදිංචි ජනතාව විවිධ ජන වර්ග වලය අයත් වුනා. ඈත අතීතයේ සිටම මේ ප්‍රදේශයේ වාසය කළ ජනතාව වගේම යුදෙව්වන්ගේ සංක්රමන නිසා හිස් වූ බිම් වල පදිංචියට අළුතෙන් එන ජනතාව මීට අයත්. මේ අය සංක්‍රමනය වෙන්නේ එක්කෝ ආගමික හේතු මත, එහෙම නැත්තම් ආර්ථික හේතු මත. මේ ජන වර්ග අතරින් යුදෙව්, සමාරිටන්, නවාර්, ඇසිරියන්, ඇනතෝලියන් ග්‍රීක (රූමි), මැරොනයිට්, යසිදි සහ අරාබි ජන වර්ග ප්‍රධානයි.

මේ කාලයේදී පලස්තීනයේ යුදෙව් ජනගහණය වෙන්නේ 15% පමණ. ඔවුන් ප්‍රධාන වශයෙන් ජෙරුසෙලමට උතුරින් පිහිටි ගැලීලියේ පදිංචි වෙලා හිටියා. ඔවුන්ට තවමත් ජෙරුසෙලමේ පදිංචි වෙන්න තහනම් වුනත්, නටබුන් ව පැවති ඔවුනේ දෙවොල වන්දනා කිරීම සඳහා ජෙරුසෙලමට ඇතුල් වෙන්න අවසර තිබුනා.

පලස්තීනයේ වැසියන් බහුතරයකගේ ආගම වුනේ ක්‍රිස්තියානිය. ඔවුන් නෙස්තෝරියන්, සිරියැක් වගේ විවිධ ක්‍රිස්තියානි නිකායන් වලට අයත් වුනා. ප්‍රදේශයේ බහුතරයක් ජනතාව කතා කළේ ඇරමැයික් භාෂාව.

අරාබීන් පලස්තීනයේ පදිංචියට ආවේ ක්‍රි.ව. 100 දී පමණ. වර්තමාන ජෝර්දානය තියෙන ප්‍රදේශයේ බලවත් සහ ධනවත් වෙළඳ අධිරාජ්‍යයක් ගොඩනංවපු නැබටියන් අරාබි ගෝත්‍ර සහ යෙමනයේ ඉඳලා සංක්‍රමනය වෙලා ක්‍රිස්තියානිය වැළඳගෙන පලස්තීනයේ සහ සිරියාවේ පදිංචි වුනු ගසානි අරාබි ගෝත්‍ර ඒ අතරින් ප්‍රධානයි.

ඉඳහිට කැරලි ඇතිවුනත්, බයිසැන්ටයින් අධිරාජ්‍යය යටතේ පලස්තීනය සාපේක්ෂව සාමකාමීව පැවතුනා. නමුත් බයිසැන්ටයින් පාලනය යටතේ යුදෙව්වන් ජීවත් වුනේ දෙවැනි පෙළ පුරවැසියන් විදිහට. යුදෙව් කැරලි වල මතකය සහ ක්‍රිස්තියානින්ට යුදෙව්වන් එක්ක තිබුනු ආගමික තරහා (යේසුස් වහන්සේ මරා දැමීම නිසා) මේකට හේතු වුනා.

ක්‍රි.ව. 630 දී පමණ අරාබියේ වාසය කළ අරාබීන් ඉස්ලාම් ආගම වැළඳගෙන එක්සත් වීම නිසා මැදපෙරදිග බල තුලනය සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. අරාබි හමුදාවන් අරාබියෙන් ඉවතට බයිසැන්ටයින් සහ පර්සියන් අධිරාජ්‍යයන්ට ඇදහිය නොහැකි තරම් වේගයෙන් එල්ල කළ ප්රහාරයන් හමුවේ ඒ අධිරාජ්‍යයන් දෙකම සම්පූර්නයෙන්ම වගේ බිඳවැටුනා. අවුරුදු 10 වගේ කෙටි කාලයක් ඇතුළත ඊජිප්තුවේ ඉඳලා පර්සියාව දක්වා සියළුම ප්‍රදේශ අරාබි ඉස්ලාමීය අධිරාජ්‍යය යටතට පත් වුනා.

635 දී අරාබි හමුදා පලස්තීනයත් යටත් කර ගත්තා. ඉස්ලාමීය අරාබි පාලනය යටතේ පලස්තීනයේ ඉරණමේ විශාල වෙනසක් ඇති වුනා. අරාබීන් යටතේ පලස්තීනය හැඳින්වුනේ "ෆිලස්තීන්" නමින්. ඔවුන් එය වර්තමාන සිරියාව මූලික කරගත්ත "අල්-ෂාම්" ප්‍රාන්තයේ කොටසක් විදිහට පාලනය කළා.

ඉස්ලාමීය ආගමේ යුදෙව්වන්ට සහ ක්‍රිස්තියානීන්ට දක්වන සහනශීලී ආකල්පය නිසා පලස්තීනයේ ක්‍රිස්තියානින්ට වගේම යුදෙව්වන්ටත් උදා වුනේ යහපත් කළ දවසක්. අරාබි පාලකයන් ජෙරුසෙලමේ පදිංචි වෙන්න යුදෙව්වන්ට තිබූ තහනම ඉවත් කළා. ඉස්ලාමීය නීතිය යටතේ යුදෙව්වන්ට රජයේ ආරක්ෂාව සහතික වුනා. ඒ වගේම ඔවුන්ට තමාගේ ආගම ඇදහීමේ අයිතියත් සුරක්ෂිත වුනා. බොහෝ දෙනෙක් සිතන ආකාරයට අරාබි ආක්රමන වල අරමුණ වුනේ ආගම ප්‍රචාරණය නෙවෙයි. මේ නිසා අරාබි පාලනය යටතේත් පලස්තීනයේ බහුතරයකගේ ආගම වුනේ ක්‍රිස්තියානිය. මේ ක්‍රිස්තියානින් අතර අරාබි ජාතිකයන් වගේම අරාබි නොවන අයත් හිටියා.

අරාබි ඉස්ලාමීය අධිරාජ්‍යයේ අගනුවර 661 දී මදීනාවේ සිට දමස්කස් නගරය දක්වා මරු වීමෙන් පසු පලස්තීනයට තිබූ වැදගත් කම වැඩි වුනා. පලස්තීනය යුදෙව්-ක්‍රිස්තියානි-ඉස්ලාම් ආගම් හැදෑරීමේ මධ්‍යස්ථානයක් සහ අධ්‍යාපනික කේන්ද්‍රයක් බවට පත් වුනා. මේ කාලයේදී අරාබි ජාතිකයන් පලස්තීනය කරා සංක්‍රමනය වීම වැඩි වුනා. ඒ වගේම අරාබි සංස්කෘතිය ප්‍රධාන සංස්කෘතිය විදිහට ඉදිරියට ආවා. අරාබි භාෂාව ප්‍රධාන භාෂාව විදිහට පිළිගැනුනා.

පලස්තීනයේ වාසය කළ විවිධ ජන වර්ග ක්‍රමයෙන් අරාබි කරණය වෙන්න පටන් ගත්තා. නමුත් මොවුන් ඉස්ලාම් ආගමට හැරුනේ අල්ප වශයෙන්. අරාබි-ක්‍රිස්තියානි සංස්කෘතියක් පලස්තීනයේ (සහ ලෙබනනය සිරියාව ප්‍රදේශයේ) බිහි වුනා.

ක්‍රි.ව. 700 දී පමණ අරාබි පාලකයන් ජෙරුසෙලමේ යුදෙව් දෙවොල තිබුණු භූමියේ "ගල උඩ දේවස්ථානය (Dome of the Rock)" සහ "අල්-අකුසා" නමින් ඉස්ලාමීය දේවස්ථන දෙකක් ඉඳි කළා. මේ දේවස්ථාන ඉස්ලාමයේ තුන්වැනියට වැදගත් ආගමික ස්ථාන බවට පත් වුනා (මක්කම සහ මදීනාවට පසු). නමුත් යුදෙව්වන්ට සහ ක්‍රිස්තියානින්ටත් මේ ස්ථාන වල තමාගේ ආගමික කටයුතු කිරීමේ නිදහස තිබුනා.

ක්‍රි.ව. 900 දී පමණ ඉරාකය සහ අරාබිය මූලික කරගත්ත සුන්නි ඉස්ලාමීය අබ්බාසි කලීෆාතයට (අරාබි ඉස්ලාමීය රාජ්‍යයන් හැඳින්වුනේ කලීෆාතය නමින්) එදිරිව උතුරු අප්‍රිකාව සහ ඊජිප්තුව මූලික කරගත්ත ෂියා ඉස්ලාමීය ෆාතිමත් කලීෆාතයක් ඇරඹුනා. 982 දී පලස්තීනය ෆාතිමත් කලීෆාතය යටතට පත් වුනා. මේ කාලය වෙද්දී අබ්බාසි කලීෆාතයේ බලය පිරිහුනු අතර, තුර්කිය සිරියාව ආදී ප්‍රදේශ ඉස්ලාමය වැළඳ ගත් තුර්කි ගෝත්‍රිකයන් යටතට පත් වුනා. මේ තුර්කි ගෝත්‍රිකයන් නාමිකව අබ්බාසි කලීෆාතයේ බලය පිළිගත්තත් ඇත්තෙන්ම ඔවුන් ස්වාධීනව කටයුතු කළ රාජ්‍යයන් කීපයක් පිහිටුවා ගත්තා.

මේ තත්වය සම්පූර්නයෙන්ම වෙනස් වුනේ 1095 දී කුරුස යුද්ධ ඇරඹීමත් එක්ක. 1099 දී යුරෝපයේ සිට පැමිණෙන ක්‍රිස්තියානි හමුදාවන් පලස්තීනය අල්ලා ගෙන එහි ජෙරුසෙලම් රාජධාණිය නමින් ක්‍රිස්තියානි රාජ්‍යයක් සහ මධ්‍යධරනී මුහුදේ වෙරළබඩ තවත් ක්‍රිස්තියානි රාජ්‍යයන් කීපයක් පිහිටුවා ගත්තා. මේ යුරෝපීය ක්‍රිස්තියානින් යුදෙව්වන් සහ මුස්ලිමුන් කෙරෙහි දක්වන්නේ අතිශය සතුරු ආකල්පයක්. ඔවුන් ජෙරුසෙලම අල්ලා ගන්නා අවස්ථාවේ එහි වාසය කළ යුදෙව්වන් සහ මුස්ලිමුන් විශාල ප්‍රමානයක් මරා දැම්මා. මීට පසු අවුරුදු 100 ක පමණ කාලයක් මුස්ලිමුන් සහ ක්‍රිස්තියානි රාජ්‍යයන් අතර නිරන්තර යුද්ධයක් පැවතුනු අතර ඉන් පලස්තීනය විනාශ වී ගියා.

1187 දී ඊජිප්තුවේ සුල්තාන් වරයා වූ තුර්කි පෙළපතකට අයත් හමුදා ප්‍රධානියෙක් වුනු සලාහ්-උද්-දීන් (සලදීන්) ජෙරුසෙලම ක්‍රිස්තියානින් ගෙන් අල්ලා ගෙන ජෙරුසෙලම් රාජධානිය අවසන් කර දැම්මා. එතැන් සිට නැවතත් පලස්තීනයේ තිබුනේ මුස්ලිම් පාලනයක්. නමුත් කුරුස යුද්ධ වල ප්‍රතිඵලයක් විදිහට මුස්ලිමුන් සහ ක්‍රිස්තියානින් අතර තිබුනු සහජීවනය පළුදු වුනා. බොහෝ මුස්ලිමුන් ක්‍රිස්තියානින් කෙරෙහි දැක්වුවේ සතුරු ආකල්පයක්. මනුෂ්‍ය ඝාතන සිදු කරන මට්ටමට නොගියත් ක්‍රිස්තියානින්ට නොයෙක් පීඩා එල්ල වුනා. මේ නිසා ක්‍රිස්තියානින් ක්‍රමයෙන් ඉස්ලාමය වැළඳ ගන්න පෙළඹුනා.

වරින් වර යුරෝපයේ සිට කුරුස යුද්ධ හමුදා පලස්තීනය වෙත පැමිණියත් දීර්ඝ කාලයක් පවතින ක්‍රිස්තියානි රාජධානියක් පලස්තීනයේ නැවතත් පිහිටුවන්න ඔවුන් සමත් වෙන්නේ නෑ.

මේ වන විට අබ්බාසි කලීෆාතය මෙන්ම ෆාතිමත් කලීෆාතයත් බලයෙන් පිරිහිලා ගිහින්. පලස්තීනය සහ අවට ප්‍රදේශ පාලනය වුනේ තුර්කි සුල්තාන් වරු යටතේ.

බල තුලනය නැවතත් වෙනස් වෙන්නේ 1258 දී සිදුවන මොංගෝලියානු ආක්‍රමනයත් එක්ක. මොංගෝලියානු හමුදාවන් බැග්ඩෑඩයට පහර දීලා එය සම්පූර්නයෙන්ම විනාශ කරලා දැම්මා. එතැනින් අබ්බාසි කලීෆාතය අවසන් වෙනවා. බැග්ඩෑඩයේ සිට පලායන මම්ලුක් නමින් හැඳින්වුනු හමුදා ප්‍රධානීන් පිරිසක් ඊජිප්තුවේ නව රාජ්‍යයක් පිහිටුවා ගත්තා. ඉරාකය, ඉරානය සහ සිරියාව අවට ප්‍රදේශ මොංගෝලියානුන් විසින් යටත් කර ගත්තා.

මොංගෝලියානු - මම්ලුක් දේශ සීමාව හැටියට පැවතුනේ පලස්තීනය. මේ නිසා පලස්තීනය මොංගෝලියානුන් සහ මම්ලුක් වරු අතර නිරන්තර යුධ ගැටුම් වලට පසුබිම් වුනා. එමගින් පලස්තීනයේ සෞභාග්‍යය සම්පූර්නයෙන්ම විනාශ වෙලා ගිහිල්ලා එය නොවැදගත්, දුප්පත් ප්‍රදේශයක් බවට පත් වුනා.

මේ වන විට පලස්තීනයේ අරාබි කරනය සහ ඉස්ලාමීය කරනය බොහෝ දුරකට ව්‍යාප්ත වෙලා තිබුනා. පලස්තීනයේ වැසියන් බහුතරයක් සංස්කෘතියෙන් සහ ආගමෙන් අරාබි වුනු අතර ආගමෙන් ඉස්ලාම් වුනා. මේ අයගේ මූලයන් වුනේ සංක්රමනික අරාබින් මෙන්ම අරාබිකරනය වුනු පලස්තීනයේ මුල් පදිංචි කරුවන්. මේ අය තමන් ගේ අනන්‍යතාවය හඳුන්වාගත්තේ "පලස්තීන-අරාබි" විදිහට.

14 වන සියවසේ ආරම්භයේ සිට ඇනතෝලියාවේ සිටි ඔටෝමන් වාංශික තුර්කි වරු බලවත් රාජ්‍යයක් ගොඩ නැගුවා. ඔවුන් මොංගෝලියානුවන් සම්පූර්නයෙන්ම පළවා හැරලා ඇනතෝලියාව, ඊජිප්තුව, සිරියාව ඇතුළත් විශාල සහ බලවත් අධිරාජ්‍යයක් ගොඩනැගුවා. මෙය හැඳින්වුනේ ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය විදිහට. 1517 දී පලස්තීනයත් ඔටෝමන් තුර්කින්ට යටත් වුනා. ඔටෝමන් තුර්කීන් අරාබි පාලකයන් තරම් ක්‍රිස්තියානින්ට සහ යුදෙව්වන්ට සහනශීලී වුනේ නෑ. ඒ වගේම තුර්කීන් සහ අරාබීන් අතරත් සමහර අවස්ථා වලදී ගැටුම් ඇතිවුනා.

ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයේ කේන්ද්‍රස්ථානය වුනේ ඇනතෝලියාව. පලස්තීනය අවැදගත්, දුප්පත්, ග්‍රාමීය ප්‍රදේශයක් බවට පත් වුනා.

1799 දී නැපෝලියන් බොනපාට් ඔහුගේ ප්‍රසිද්ධ ඊජිප්තු ආක්රමනයෙන් පස්සෙ ජෙරුසෙලම අල්ලා ගත්තා. ඊට පසුව ඔහු උතුරින් තිබූ ඒකර් නගරයට පහර දෙන්න සැලසුම් කළා. එහිදී ඔහු පලස්තීනයේ විසූ යුදෙව්වන්ගේ අධාර ලබා ගන්න උත්සහ කළා. ඊට හිලව්වට ජෙරුසෙලමේ යුදෙව් පාලනයක් ඇති කිරීමට යුදෙව්වන්ට යෝජනා කළා. නමුත් මේ උත්සහය සාර්ථක වුනේ නෑ. යුදෙව්වන් නැපෝලියන්ට සහය දුන්නේ නෑ. අක්රා නගරයේදී ප්‍රංශ හමුදාව දරුණු පරාජයකට ලක් වුනා. නැපෝලියන් ආපසු හැරුනා. ජෙරුසෙලම නැවතත් තුර්කින්ට ලැබුනා.

ඊජිප්තුවේ ආණ්ඩුකාරයා ලෙස ඔටෝමන් තුර්කින් පත්කර එවූ මොහොමඩ් අලී පාෂා ගේ ප්‍රතිපත්ති නිසා නැවතත් පලස්තීනයේ යුධ ගිනි ඇවිලුනා. ඔහු ප්‍රදේශයේ වැසියන්ට අනිවාර්ය යුධ සේවයක් පැනවීම නිසා පලස්තීනයේ අරාබීන් ඔහුට එරෙහිව කැරලි ගැහුවා. මේ කැරැල්ලේ දී යුදෙව්වන් සහ ක්‍රිස්තියානින් අලී පාෂාට සහය දීම නිසා කැරලි කරුවන් යුදෙව් සහ ක්‍රිස්තියානි ජනවාස වලට පහර දී ඔවුන්ව මරා දැම්මා. අවසානයේදී කැරැල්ල මැඩ පවත්වන්න අලී පාෂා සමත් වුනා.

1872 දී ඔටෝමන් තුර්කි පාලකයන් පලස්තීනයේ යුදෙව්වන් සඳහා විශේෂ දිස්ත්‍රික්කයක් පිහිටෙව්වා. මෙය හැඳින්වුනේ "මුස්තසරීෆේට්" නමින්. ජෙරුසෙලම, බෙත්ලෙහෙම, හෙබ්රෝන්, ජෆා, ගාසා සහ බීර්ෂෙබා යන ප්‍රදේශ වලින් මේ දිස්ත්‍රික්කය සමන්විත වුනා. මේ කාලයේදී ජෙරුසෙලමේ යුදෙව් ජනගහණය ක්‍රමයෙන් වර්ධන වෙන්න පටන් ගත්තා. 1890 පමණ වන විට ජෙරුසෙලමේ ජනගහණයෙන් 50% කට වඩා සිටියේ යුදෙව්වන්. සම්පූර්ණ පලස්තීනයේ ජනගහනයෙන් 85% පමණ (අරාබි) මුස්ලිමුන් ද, 10% පමණ (අරාබි) ක්‍රිස්තියානින් ද, 5% පමණ යුදෙව්වන්ද සිටියා.

[QUOTE="හෙළයෙක්, post: 29263504, member: 503645"] ========================================== [SIZE=5]විදෙස් අධිරාජ්‍යය වල පාලනය යටතේ... ක්‍රි.ව. 320 දී පමණ රෝම අධිරාජ්‍යයා වුනු කොන්ස්තන්තීන් ක්‍රිස්තියානි ආගම වැළඳ ගත්තා. එතැන් සිට රෝමයේ ප්‍රධාන ආගම වෙන්නෙ ක්‍රිස්තියානි ආගම. ඉන්පසුව ඔවුන් ජෙරුසෙලම සහ පලස්තීනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළා. රෝම අධිරාජ්‍යයේ විවිධ පළාත් වල ඉඳලා ක්‍රිස්තියානි බැතිමතුන් ජෙරුසෙලමට වන්දනා ගමන් ආවා. ඒ නිසා පලස්තීනයේ වෙළඳාම දියුණු වෙලා ධනවත් වුනා. ක්‍රි.ව. 400 වෙන විට රෝම අධිරාජ්‍යය බටහිර-නැගෙනහිර විදිහට දෙකඩ වුනා. පලස්තීනය අයිති වුනේ නැගෙනහිර රෝම අධිරාජ්‍යය හෙවත් බයිසැන්ටයින් අධිරාජ්‍යයට. ක්‍රිස්තියානි ලෝකයේ ප්‍රධාන අනුග්‍රාහකයා වුනේ බයිසැන්ටයින් අධිරාජ්‍යය. ඒ නිසා පලස්තීනයේ සහ අවට ප්‍රදේශ වල ක්‍රිස්තියානි ආගම වේගයෙන් ව්‍යාප්ත වුනා. මේ කාලය වෙද්දි බයිසැන්ටයින් අධිරාජ්‍යය විසින් පලස්තීනය පාලනය කෙරෙන්නේ ප්‍රාන්ත කීපයකට කඩලා. මේ ප්‍රාන්ත වල පදිංචි ජනතාව විවිධ ජන වර්ග වලය අයත් වුනා. ඈත අතීතයේ සිටම මේ ප්‍රදේශයේ වාසය කළ ජනතාව වගේම යුදෙව්වන්ගේ සංක්රමන නිසා හිස් වූ බිම් වල පදිංචියට අළුතෙන් එන ජනතාව මීට අයත්. මේ අය සංක්‍රමනය වෙන්නේ එක්කෝ ආගමික හේතු මත, එහෙම නැත්තම් ආර්ථික හේතු මත. මේ ජන වර්ග අතරින් යුදෙව්, සමාරිටන්, නවාර්, ඇසිරියන්, ඇනතෝලියන් ග්‍රීක (රූමි), මැරොනයිට්, යසිදි සහ අරාබි ජන වර්ග ප්‍රධානයි. මේ කාලයේදී පලස්තීනයේ යුදෙව් ජනගහණය වෙන්නේ 15% පමණ. ඔවුන් ප්‍රධාන වශයෙන් ජෙරුසෙලමට උතුරින් පිහිටි ගැලීලියේ පදිංචි වෙලා හිටියා. ඔවුන්ට තවමත් ජෙරුසෙලමේ පදිංචි වෙන්න තහනම් වුනත්, නටබුන් ව පැවති ඔවුනේ දෙවොල වන්දනා කිරීම සඳහා ජෙරුසෙලමට ඇතුල් වෙන්න අවසර තිබුනා. පලස්තීනයේ වැසියන් බහුතරයකගේ ආගම වුනේ ක්‍රිස්තියානිය. ඔවුන් නෙස්තෝරියන්, සිරියැක් වගේ විවිධ ක්‍රිස්තියානි නිකායන් වලට අයත් වුනා. ප්‍රදේශයේ බහුතරයක් ජනතාව කතා කළේ ඇරමැයික් භාෂාව. අරාබීන් පලස්තීනයේ පදිංචියට ආවේ ක්‍රි.ව. 100 දී පමණ. වර්තමාන ජෝර්දානය තියෙන ප්‍රදේශයේ බලවත් සහ ධනවත් වෙළඳ අධිරාජ්‍යයක් ගොඩනංවපු නැබටියන් අරාබි ගෝත්‍ර සහ යෙමනයේ ඉඳලා සංක්‍රමනය වෙලා ක්‍රිස්තියානිය වැළඳගෙන පලස්තීනයේ සහ සිරියාවේ පදිංචි වුනු ගසානි අරාබි ගෝත්‍ර ඒ අතරින් ප්‍රධානයි. ඉඳහිට කැරලි ඇතිවුනත්, බයිසැන්ටයින් අධිරාජ්‍යය යටතේ පලස්තීනය සාපේක්ෂව සාමකාමීව පැවතුනා. නමුත් බයිසැන්ටයින් පාලනය යටතේ යුදෙව්වන් ජීවත් වුනේ දෙවැනි පෙළ පුරවැසියන් විදිහට. යුදෙව් කැරලි වල මතකය සහ ක්‍රිස්තියානින්ට යුදෙව්වන් එක්ක තිබුනු ආගමික තරහා (යේසුස් වහන්සේ මරා දැමීම නිසා) මේකට හේතු වුනා. ක්‍රි.ව. 630 දී පමණ අරාබියේ වාසය කළ අරාබීන් ඉස්ලාම් ආගම වැළඳගෙන එක්සත් වීම නිසා මැදපෙරදිග බල තුලනය සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. අරාබි හමුදාවන් අරාබියෙන් ඉවතට බයිසැන්ටයින් සහ පර්සියන් අධිරාජ්‍යයන්ට ඇදහිය නොහැකි තරම් වේගයෙන් එල්ල කළ ප්රහාරයන් හමුවේ ඒ අධිරාජ්‍යයන් දෙකම සම්පූර්නයෙන්ම වගේ බිඳවැටුනා. අවුරුදු 10 වගේ කෙටි කාලයක් ඇතුළත ඊජිප්තුවේ ඉඳලා පර්සියාව දක්වා සියළුම ප්‍රදේශ අරාබි ඉස්ලාමීය අධිරාජ්‍යය යටතට පත් වුනා. 635 දී අරාබි හමුදා පලස්තීනයත් යටත් කර ගත්තා. ඉස්ලාමීය අරාබි පාලනය යටතේ පලස්තීනයේ ඉරණමේ විශාල වෙනසක් ඇති වුනා. අරාබීන් යටතේ පලස්තීනය හැඳින්වුනේ "ෆිලස්තීන්" නමින්. ඔවුන් එය වර්තමාන සිරියාව මූලික කරගත්ත "අල්-ෂාම්" ප්‍රාන්තයේ කොටසක් විදිහට පාලනය කළා. ඉස්ලාමීය ආගමේ යුදෙව්වන්ට සහ ක්‍රිස්තියානීන්ට දක්වන සහනශීලී ආකල්පය නිසා පලස්තීනයේ ක්‍රිස්තියානින්ට වගේම යුදෙව්වන්ටත් උදා වුනේ යහපත් කළ දවසක්. අරාබි පාලකයන් ජෙරුසෙලමේ පදිංචි වෙන්න යුදෙව්වන්ට තිබූ තහනම ඉවත් කළා. ඉස්ලාමීය නීතිය යටතේ යුදෙව්වන්ට රජයේ ආරක්ෂාව සහතික වුනා. ඒ වගේම ඔවුන්ට තමාගේ ආගම ඇදහීමේ අයිතියත් සුරක්ෂිත වුනා. බොහෝ දෙනෙක් සිතන ආකාරයට අරාබි ආක්රමන වල අරමුණ වුනේ ආගම ප්‍රචාරණය නෙවෙයි. මේ නිසා අරාබි පාලනය යටතේත් පලස්තීනයේ බහුතරයකගේ ආගම වුනේ ක්‍රිස්තියානිය. මේ ක්‍රිස්තියානින් අතර අරාබි ජාතිකයන් වගේම අරාබි නොවන අයත් හිටියා. අරාබි ඉස්ලාමීය අධිරාජ්‍යයේ අගනුවර 661 දී මදීනාවේ සිට දමස්කස් නගරය දක්වා මරු වීමෙන් පසු පලස්තීනයට තිබූ වැදගත් කම වැඩි වුනා. පලස්තීනය යුදෙව්-ක්‍රිස්තියානි-ඉස්ලාම් ආගම් හැදෑරීමේ මධ්‍යස්ථානයක් සහ අධ්‍යාපනික කේන්ද්‍රයක් බවට පත් වුනා. මේ කාලයේදී අරාබි ජාතිකයන් පලස්තීනය කරා සංක්‍රමනය වීම වැඩි වුනා. ඒ වගේම අරාබි සංස්කෘතිය ප්‍රධාන සංස්කෘතිය විදිහට ඉදිරියට ආවා. අරාබි භාෂාව ප්‍රධාන භාෂාව විදිහට පිළිගැනුනා. පලස්තීනයේ වාසය කළ විවිධ ජන වර්ග ක්‍රමයෙන් අරාබි කරණය වෙන්න පටන් ගත්තා. නමුත් මොවුන් ඉස්ලාම් ආගමට හැරුනේ අල්ප වශයෙන්. අරාබි-ක්‍රිස්තියානි සංස්කෘතියක් පලස්තීනයේ (සහ ලෙබනනය සිරියාව ප්‍රදේශයේ) බිහි වුනා. ක්‍රි.ව. 700 දී පමණ අරාබි පාලකයන් ජෙරුසෙලමේ යුදෙව් දෙවොල තිබුණු භූමියේ "ගල උඩ දේවස්ථානය (Dome of the Rock)" සහ "අල්-අකුසා" නමින් ඉස්ලාමීය දේවස්ථන දෙකක් ඉඳි කළා. මේ දේවස්ථාන ඉස්ලාමයේ තුන්වැනියට වැදගත් ආගමික ස්ථාන බවට පත් වුනා (මක්කම සහ මදීනාවට පසු). නමුත් යුදෙව්වන්ට සහ ක්‍රිස්තියානින්ටත් මේ ස්ථාන වල තමාගේ ආගමික කටයුතු කිරීමේ නිදහස තිබුනා. ක්‍රි.ව. 900 දී පමණ ඉරාකය සහ අරාබිය මූලික කරගත්ත සුන්නි ඉස්ලාමීය අබ්බාසි කලීෆාතයට (අරාබි ඉස්ලාමීය රාජ්‍යයන් හැඳින්වුනේ කලීෆාතය නමින්) එදිරිව උතුරු අප්‍රිකාව සහ ඊජිප්තුව මූලික කරගත්ත ෂියා ඉස්ලාමීය ෆාතිමත් කලීෆාතයක් ඇරඹුනා. 982 දී පලස්තීනය ෆාතිමත් කලීෆාතය යටතට පත් වුනා. මේ කාලය වෙද්දී අබ්බාසි කලීෆාතයේ බලය පිරිහුනු අතර, තුර්කිය සිරියාව ආදී ප්‍රදේශ ඉස්ලාමය වැළඳ ගත් තුර්කි ගෝත්‍රිකයන් යටතට පත් වුනා. මේ තුර්කි ගෝත්‍රිකයන් නාමිකව අබ්බාසි කලීෆාතයේ බලය පිළිගත්තත් ඇත්තෙන්ම ඔවුන් ස්වාධීනව කටයුතු කළ රාජ්‍යයන් කීපයක් පිහිටුවා ගත්තා. මේ තත්වය සම්පූර්නයෙන්ම වෙනස් වුනේ 1095 දී කුරුස යුද්ධ ඇරඹීමත් එක්ක. 1099 දී යුරෝපයේ සිට පැමිණෙන ක්‍රිස්තියානි හමුදාවන් පලස්තීනය අල්ලා ගෙන එහි ජෙරුසෙලම් රාජධාණිය නමින් ක්‍රිස්තියානි රාජ්‍යයක් සහ මධ්‍යධරනී මුහුදේ වෙරළබඩ තවත් ක්‍රිස්තියානි රාජ්‍යයන් කීපයක් පිහිටුවා ගත්තා. මේ යුරෝපීය ක්‍රිස්තියානින් යුදෙව්වන් සහ මුස්ලිමුන් කෙරෙහි දක්වන්නේ අතිශය සතුරු ආකල්පයක්. ඔවුන් ජෙරුසෙලම අල්ලා ගන්නා අවස්ථාවේ එහි වාසය කළ යුදෙව්වන් සහ මුස්ලිමුන් විශාල ප්‍රමානයක් මරා දැම්මා. මීට පසු අවුරුදු 100 ක පමණ කාලයක් මුස්ලිමුන් සහ ක්‍රිස්තියානි රාජ්‍යයන් අතර නිරන්තර යුද්ධයක් පැවතුනු අතර ඉන් පලස්තීනය විනාශ වී ගියා. 1187 දී ඊජිප්තුවේ සුල්තාන් වරයා වූ තුර්කි පෙළපතකට අයත් හමුදා ප්‍රධානියෙක් වුනු සලාහ්-උද්-දීන් (සලදීන්) ජෙරුසෙලම ක්‍රිස්තියානින් ගෙන් අල්ලා ගෙන ජෙරුසෙලම් රාජධානිය අවසන් කර දැම්මා. එතැන් සිට නැවතත් පලස්තීනයේ තිබුනේ මුස්ලිම් පාලනයක්. නමුත් කුරුස යුද්ධ වල ප්‍රතිඵලයක් විදිහට මුස්ලිමුන් සහ ක්‍රිස්තියානින් අතර තිබුනු සහජීවනය පළුදු වුනා. බොහෝ මුස්ලිමුන් ක්‍රිස්තියානින් කෙරෙහි දැක්වුවේ සතුරු ආකල්පයක්. මනුෂ්‍ය ඝාතන සිදු කරන මට්ටමට නොගියත් ක්‍රිස්තියානින්ට නොයෙක් පීඩා එල්ල වුනා. මේ නිසා ක්‍රිස්තියානින් ක්‍රමයෙන් ඉස්ලාමය වැළඳ ගන්න පෙළඹුනා. වරින් වර යුරෝපයේ සිට කුරුස යුද්ධ හමුදා පලස්තීනය වෙත පැමිණියත් දීර්ඝ කාලයක් පවතින ක්‍රිස්තියානි රාජධානියක් පලස්තීනයේ නැවතත් පිහිටුවන්න ඔවුන් සමත් වෙන්නේ නෑ. මේ වන විට අබ්බාසි කලීෆාතය මෙන්ම ෆාතිමත් කලීෆාතයත් බලයෙන් පිරිහිලා ගිහින්. පලස්තීනය සහ අවට ප්‍රදේශ පාලනය වුනේ තුර්කි සුල්තාන් වරු යටතේ. බල තුලනය නැවතත් වෙනස් වෙන්නේ 1258 දී සිදුවන මොංගෝලියානු ආක්‍රමනයත් එක්ක. මොංගෝලියානු හමුදාවන් බැග්ඩෑඩයට පහර දීලා එය සම්පූර්නයෙන්ම විනාශ කරලා දැම්මා. එතැනින් අබ්බාසි කලීෆාතය අවසන් වෙනවා. බැග්ඩෑඩයේ සිට පලායන මම්ලුක් නමින් හැඳින්වුනු හමුදා ප්‍රධානීන් පිරිසක් ඊජිප්තුවේ නව රාජ්‍යයක් පිහිටුවා ගත්තා. ඉරාකය, ඉරානය සහ සිරියාව අවට ප්‍රදේශ මොංගෝලියානුන් විසින් යටත් කර ගත්තා. මොංගෝලියානු - මම්ලුක් දේශ සීමාව හැටියට පැවතුනේ පලස්තීනය. මේ නිසා පලස්තීනය මොංගෝලියානුන් සහ මම්ලුක් වරු අතර නිරන්තර යුධ ගැටුම් වලට පසුබිම් වුනා. එමගින් පලස්තීනයේ සෞභාග්‍යය සම්පූර්නයෙන්ම විනාශ වෙලා ගිහිල්ලා එය නොවැදගත්, දුප්පත් ප්‍රදේශයක් බවට පත් වුනා. මේ වන විට පලස්තීනයේ අරාබි කරනය සහ ඉස්ලාමීය කරනය බොහෝ දුරකට ව්‍යාප්ත වෙලා තිබුනා. පලස්තීනයේ වැසියන් බහුතරයක් සංස්කෘතියෙන් සහ ආගමෙන් අරාබි වුනු අතර ආගමෙන් ඉස්ලාම් වුනා. මේ අයගේ මූලයන් වුනේ සංක්රමනික අරාබින් මෙන්ම අරාබිකරනය වුනු පලස්තීනයේ මුල් පදිංචි කරුවන්. මේ අය තමන් ගේ අනන්‍යතාවය හඳුන්වාගත්තේ "පලස්තීන-අරාබි" විදිහට. 14 වන සියවසේ ආරම්භයේ සිට ඇනතෝලියාවේ සිටි ඔටෝමන් වාංශික තුර්කි වරු බලවත් රාජ්‍යයක් ගොඩ නැගුවා. ඔවුන් මොංගෝලියානුවන් සම්පූර්නයෙන්ම පළවා හැරලා ඇනතෝලියාව, ඊජිප්තුව, සිරියාව ඇතුළත් විශාල සහ බලවත් අධිරාජ්‍යයක් ගොඩනැගුවා. මෙය හැඳින්වුනේ ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය විදිහට. 1517 දී පලස්තීනයත් ඔටෝමන් තුර්කින්ට යටත් වුනා. ඔටෝමන් තුර්කීන් අරාබි පාලකයන් තරම් ක්‍රිස්තියානින්ට සහ යුදෙව්වන්ට සහනශීලී වුනේ නෑ. ඒ වගේම තුර්කීන් සහ අරාබීන් අතරත් සමහර අවස්ථා වලදී ගැටුම් ඇතිවුනා. ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයේ කේන්ද්‍රස්ථානය වුනේ ඇනතෝලියාව. පලස්තීනය අවැදගත්, දුප්පත්, ග්‍රාමීය ප්‍රදේශයක් බවට පත් වුනා. 1799 දී නැපෝලියන් බොනපාට් ඔහුගේ ප්‍රසිද්ධ ඊජිප්තු ආක්රමනයෙන් පස්සෙ ජෙරුසෙලම අල්ලා ගත්තා. ඊට පසුව ඔහු උතුරින් තිබූ ඒකර් නගරයට පහර දෙන්න සැලසුම් කළා. එහිදී ඔහු පලස්තීනයේ විසූ යුදෙව්වන්ගේ අධාර ලබා ගන්න උත්සහ කළා. ඊට හිලව්වට ජෙරුසෙලමේ යුදෙව් පාලනයක් ඇති කිරීමට යුදෙව්වන්ට යෝජනා කළා. නමුත් මේ උත්සහය සාර්ථක වුනේ නෑ. යුදෙව්වන් නැපෝලියන්ට සහය දුන්නේ නෑ. අක්රා නගරයේදී ප්‍රංශ හමුදාව දරුණු පරාජයකට ලක් වුනා. නැපෝලියන් ආපසු හැරුනා. ජෙරුසෙලම නැවතත් තුර්කින්ට ලැබුනා. ඊජිප්තුවේ ආණ්ඩුකාරයා ලෙස ඔටෝමන් තුර්කින් පත්කර එවූ මොහොමඩ් අලී පාෂා ගේ ප්‍රතිපත්ති නිසා නැවතත් පලස්තීනයේ යුධ ගිනි ඇවිලුනා. ඔහු ප්‍රදේශයේ වැසියන්ට අනිවාර්ය යුධ සේවයක් පැනවීම නිසා පලස්තීනයේ අරාබීන් ඔහුට එරෙහිව කැරලි ගැහුවා. මේ කැරැල්ලේ දී යුදෙව්වන් සහ ක්‍රිස්තියානින් අලී පාෂාට සහය දීම නිසා කැරලි කරුවන් යුදෙව් සහ ක්‍රිස්තියානි ජනවාස වලට පහර දී ඔවුන්ව මරා දැම්මා. අවසානයේදී කැරැල්ල මැඩ පවත්වන්න අලී පාෂා සමත් වුනා. 1872 දී ඔටෝමන් තුර්කි පාලකයන් පලස්තීනයේ යුදෙව්වන් සඳහා විශේෂ දිස්ත්‍රික්කයක් පිහිටෙව්වා. මෙය හැඳින්වුනේ "මුස්තසරීෆේට්" නමින්. ජෙරුසෙලම, බෙත්ලෙහෙම, හෙබ්රෝන්, ජෆා, ගාසා සහ බීර්ෂෙබා යන ප්‍රදේශ වලින් මේ දිස්ත්‍රික්කය සමන්විත වුනා. මේ කාලයේදී ජෙරුසෙලමේ යුදෙව් ජනගහණය ක්‍රමයෙන් වර්ධන වෙන්න පටන් ගත්තා. 1890 පමණ වන විට ජෙරුසෙලමේ ජනගහණයෙන් 50% කට වඩා සිටියේ යුදෙව්වන්. සම්පූර්ණ පලස්තීනයේ ජනගහනයෙන් 85% පමණ (අරාබි) මුස්ලිමුන් ද, 10% පමණ (අරාබි) ක්‍රිස්තියානින් ද, 5% පමණ යුදෙව්වන්ද සිටියා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom