Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊශ්‍රායල - පලස්තීන අර්බුදය - 1 (අතීත කතාව)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුදෙව්වන් ගේ ඉරණම

රෝම හමුදා විසින් ජෙරුසෙලම විනාශ කර මුළු මහත් පලස්තීනයම ගිනිබත් කර යුදෙව්වන් පළවා හැරියට පස්සෙ යුදෙව්වන්ට අත් වුනේ මොන වගේ ඉරණමක් ද?

යුදෙව්වෝ එක්කෝ පළා ගියා, නැතිනම් වහලුන් විදිහට නොයෙක් ප්‍රදේශ වලට විකුණා දැමුණා. ඒ නිසා යුදෙව් ජාතිය එතැන් පටන් පවතින්නේ ලෝකය පුරා විසිරී ගිය ප්‍රජාවක් විදිහට. ඔවුන් හඳුන්වන්න "යුදෙව් ඩයස්පෝරාව" යන යෙදුම භාවිතා වුනා.

යුදෙව් ඩයස්පෝරාව සමන්විත වුනේ ආසියාව, යුරෝපය සහ අප්‍රිකාව පුරා විසිරී ගිය යුදෙව් ප්‍රජාවන් ගෙන්. මේ ප්රජාවන්ගෙන් බහුතරය ක්‍රි.ව. 67 දී රෝම වරුන් අතින් සිදුවූ සංහාරයෙන් පසු පළා ගිය අයගෙන් සමන්විත වුනා. නමුත් සුළුතරයක් ඊට පෙර සංක්‍රමනය වුනු යුදෙව්වන්ගෙන් ද සමන්විත වුනා.

මේ සියළු යුදෙව් ප්‍රජාවන් ජීවත් වුනේ සුළුතරයන් විදිහට. මේ නිසා ඔවුන් තමා විසූ රටවල අනෙක් ජාතීන් සමඟ මිශ්‍ර වුනා. ඒ සංස්කෘතීන්ට යම් තරමක් අනුගත වුනා. භාෂාවේ වෙනස්කම් ඇතිවුනා. ඒ වගේම දීර්ඝ කාලයක් වෙන්ව විසීම නිසා ඔවුන් ගේ ආගමික වතාවත් සහ ඇදහිලි වල වෙනස් කම් ඇති වුනා. මේ නිසා යුදෙව් ජාතිය විශාල බහුවිධකරණයකට ලක්වුනා.

යුදෙව් ඩයස්පෝරාව ප්‍රධන වශයෙන් සමන්විත වුනේ යුදෙව් ප්‍රජාවන් තුනකින්.

1. අෂ්කනාසි යුදෙව්වෝ (යුරෝපීය යුදෙව්වෝ)

"අෂ්කනාස්" කියන හීබෲ වචනයේ තේරුම ජර්මනිය.

රෝම වරු විසින් වහලුන් ලෙස යුරෝපයේ විකුණා දැමූ යුදෙව්වන් ගෙන් පැවත එන යුදෙව්වෝ හැඳින්වුනේ "අෂ්කනාසි" නමින්. අෂ්කනාසි යුදෙව්වන් ගේ DNA පරීක්ෂන වලින් හෙළි වෙලා තියෙන්නේ ඔවුන් යුදෙව් පියවරුන් ගේ සහ යුරෝපීය මව් වරුන්ගෙන් පැවත එන බව. මේ නිසා විකුණා දැමූ යුදෙව් වහලුන් යුරෝපීය කාන්තාවන් සමඟ විවාහ වුනු බව හිතන්න පුළුවන්. මේ නිසා අෂ්කනාසි යුදෙව්වන් ගේ යුරෝපීය පෙනුමක් දකින්න පුළුවන්. (අපි නිතර දකින රන්වන් හිසකේ සහ නිල්වන් ඇස් ඇති ඊශ්‍රායල හමුදා සෙබළියෝ අෂ්කනාසි මූලයක් ඇති අය. ඓතිහාසික යුදෙව්වෝ පෙනුමින් වර්තමාන අරාබි ජාතිකයන්ට සමානයි.)

ප්‍රථම අෂ්කනාසි යුදෙව් ප්‍රජාවන් ඇති වෙන්නේ ජර්මනියේ රයින් ගඟ අවට. ක්‍රමයෙන් ඔවුන් මුළු යුරෝපය පුරාම පැතිරී ගියා. කුරුස යුද්ධ සමයේදී බටහිර යුරෝපයේ ඇතිවුනු යුදෙව් සංහාර නිසා බොහෝ යුදෙව්වෝ නැගෙනහිරට පළා ගියා. ඒ නිසා නැගෙනහිර යුරෝපයේ සහ රුසියාවේ විශාල අෂ්කනාසි යුදෙව් ප්‍රජාවන් ඇතිවුනා.

විශාල වශයෙන් ඉඩම් මිලදී ගැනීමට ඔවුන්ට නොහැකි වුනු නිසා (ඔවුන්ට ඉඩම් විකුණන්න යුරෝපීයයෝ කැමති වුනේ නෑ) ඔවුන් කේන්ද්‍රගත වුනේ නගර වල. වෙළඳාම සහ මුදල් පොලියට දීම වැනි වාණිජ්‍යමය රැකියා වලත්, කාර්මික ශිල්පීන් ලෙසත්, ගුරු වෘත්තිය වැනි බුද්ධිමය වෘත්තීන්ගේත් ඔවුන් වැඩිවශයෙන් නිරත වුනා.

අෂ්කනාසි යුදෙව්වෝ ඉතිසහසය පුරාම තම අසල්වැසි ක්‍රිස්තියානින් අතින් දැඩි හිංසා පීඩා වලට ලක් වුනා. ආගමික වෛරය, වාර්ගික සැක කිරීම් සහ ආර්ථික හේතු ඒවාට පදනම් වුනා. වාර්ගික සංහාරයන් අෂ්කනාසි යුදෙව්වන් ගේ ඉතිහාසයේ සුලබයි.

අෂ්කනාසි යුදෙව්වන් ගේ භාෂාව වුනේ "යිඩිෂ්". යිඩිෂ් භාෂාව හැදෙන්නේ ජර්මන් භාෂාවට හීබෲ සහ ඇරමයික් වචන එක් වීමෙන්. අෂ්කනාසි යුදෙව්වන් නැගෙනහිර යුරෝපයට සංක්‍රමනය වුනාට පසුව ස්ලාව් වචනත් ඊට එකතු වුනා.

වර්තමාන ලෝකයේ යුදෙව්වන් ගෙන් 50% පමණ අෂ්කනාසි මූලයන් ගෙන් පැවත එන්නන්.

2. මිස්රාහි යුදෙව්වෝ (පෙරදිග යුදෙව්වෝ)

"මිස්රාහ්" කියන හීබෲ වචනයේ තේරුම පෙරදිග.

රෝම වරු විසින් පලස්තීනය විනාශ කර දැමූ පසු පෙරදිග බලා සංක්‍රමනය වුනු යුදෙව්වන්ගෙන් මිස්රාහි යුදෙව්වෝ පැවත එනවා. මේ යුදෙව්වන්ගෙන් බහුතරය පදිංචි වුනේ පර්සියන් අධිරාජ්‍යයේ. වර්තමාන ඉරාකය, ඉරානය සහ කොකේසස් ප්‍රදේශ වල ඔවුන් ජනාවාස පිහිටුවා ගත්තා.

පර්සියානු අධිරාජ්‍යය ඉස්ලාමීය අධීරාජ්යයට යටත් වුනු පසු මුළු ඉතිහාසය පුරාවටම මිස්රාහි යුදෙව්වෝ ජීවත් වුනේ මුස්ලිම් පාලනයක් යටතේ. ඔවුන්ගේ ඉරණම අෂ්කනාසි යුදෙව්වන් ගේ ඉරණමට වඩා යහපත් එකක් වුනා. මුස්ලිම් අසල්වැසියන් ඔවුන්ට සාපේක්ෂව යහපත් විදිහට සැලකුවා.

මිස්රාහි යුදෙව්වෝ අනෙක් යුදෙව් ප්‍රජාවන්ට සාපේක්ෂව මිශ්‍ර වුනේ අඩුවෙන්. මුස්ලිම් කාන්තාවන්ට යුදෙව් පිරිමින් සමඟ විවාහ වීම ඉස්ලාමීය නීතියෙන් තහනම් වීම ඊට හේතුව වෙන්න ඇති.

මිස්රාහි යුදෙව්වන්ගේ භාෂාව වුනේ හිබෲ. ඊට අමතරව ඔවුන් අරාබි, ඇරමැයි, පර්සියන් වගේ භාෂාත් කතා කළා.

වර්තමාන ලෝකයේ යුදෙව්වන් ගෙන් 25% පමණ මිස්රාහි මූලයන් ගෙන් පැවත එන්නන්.

3. සෙෆාර්ඩි යුදෙව්වෝ (ස්පාඤ්ඤය යුදෙව්වෝ)

"සෙෆාර්ඩ්" කියන හීබෲ වචනයේ තේරුම ස්පාඤ්ඤය.

සෙෆාර්ඩි යුදෙව්වන් පැවත එන්නේ ස්පාඤ්ඤය අර්ධ ද්වීපයේ පදිංචි වුනු යුදෙව්වන්ගෙන්. මේ යුදෙව්වන් අෂ්කනාසි යුදෙව්වන් වගේම රෝම වරුන් විසින් පලස්තීනය විනාශ කළ පසු යුරෝපයට සංක්‍රමනය වුනු යුදෙව්වන්. නමුත් ඔවුන් ගේ ඉතිහාසය අෂ්කනාසි යුදෙව්වන් ගේ ඉතිහාසයෙන් වෙනස් වෙන්නේ ක්‍රි.ව. 720 දී පමණ ස්පාඤ්ඤය අර්ධ ද්වීපය මුස්ලිම් අරාබීන් විසින් යටත් කර ගැනීමෙන්.

මේ අරාබි පාලකයෝ ස්පාඤ්ඤය අර්ධ ද්වීපයේ "අල්-අන්දලුස්" නමින් රාජ්‍යයක් පිහිටුවා ගත්තා. අල්-අන්දලුස් රාජ්‍යයේ මුස්ලිම් ක්‍රිස්තියානි සහ යුදෙව් ජන කොටස් තුනම විශාල ප්‍රමාන වලින් වාසය කළ නිසා එය බහු වාර්ගික, බහු ආගමික සහ බහු සංස්කෘතික සමාජයක් විදිහට පැවතුනා. අල්-අන්දලූස් මුස්ලිම් ලෝකයේ සැලකුනේ අධ්‍යාපනික කේන්ද්‍රස්තානයක් විදිහට. මේ සමාජයේ යුදෙව්වෝ ඉතා සාර්ථක විදිහට ජීවත් වුනා. පසුව සෙෆාර්ඩි යුදෙව්වන් මුස්ලිම් අධිරාජ්‍යට අයත් උතුරු අප්‍රිකාවටත් සංක්‍රමනය වුනා.

නමුත් 15 වන සියවසේ අග භාගයේදී ක්‍රිස්තියානි රාජධානි විසින් ස්පාඤ්ඤය අර්ධ ද්වීපයෙන් මුස්ලිම් පාලකයන් පලවා හැරීමට සමත් වුනා. 1492 දී සියළුම යුදෙව්වන්ට එක්කෝ ආගම අතහැරීමට නැතිනම් පිටව යාමට අණ කෙරුනා. ස්පාඤ්ඤ යුදෙව්වන්ගෙන් අඩක් පමණ ක්‍රිස්තියානිය වැළඳ ගත් අතර, අනෙත් අය ස්පාඤ්ඤයෙන් ඉවතට සංක්‍රමනය වුනා. ඔවුන් ගෙන් සමහරු ඉතාලියේ පදිංචි වෙන අතර, අති බහුතරය ඔටෝමන් අධිරාජ්‍යයේ විවිධ ප්‍රදේශ වල පදිංචි වුනා.

මේ එන යුදෙව්වන් ඉතාලියේ පුනරුදය ඇති වීමට ප්‍රධන හේතුවක් කියලා ඉතිහාසවේදීන් විශ්වාස කරනවා.

සෙෆාර්ඩි යුදෙව්වන් ගේ භාෂාව වුනේ "ලැඩිනෝ". ලැඩිනෝ භාෂාව හැදිලා තියෙන්නේ ස්පාඤ්ඤය භාෂාවට හීබෲ වචන එක් වීමෙන්. පසුව මෙයට තුර්කි වචන විශාල ප්‍රමානයකුත් එක් වෙලා තියෙනවා.

වර්තමාන ලෝකයේ යුදෙව්වන් ගෙන් 20% පමණ සෙෆාර්ඩි මූලයන් ගෙන් පැවත එන්නන්.

මේ ප්‍රධාන යුදෙව් ප්‍රජාවන් තුනට අමතරව තවත් යුදෙව් ප්‍රජාවන් රාශියක් ලෝකය පුරා විසිරී පැවතුනා.

4. බැබිලෝනියානු යුදෙව්වෝ

බැබිලෝනියානු අධිරාජ්‍යය විසින් ජුදාව යටත් කර ගත්තට පස්සේ යුදෙව්වන් බැබිලෝනියාවට වහලුන් ලෙස ගෙන ගියා. ඉන් බහුතරයක් නැවත ඊශ්‍රායලයට ආවත්, සුළුතරයක් බැබිලෝනියාවේම නැවතුනා. ඔවුන් හැඳින්වුනේ බැබිලෝනියානු යුදෙව්වන් කියලා. බැබිලෝනියානු යුදෙව්වන් ගේ ආගමික ඇදහීම් මව් රටේ ආගමික ඇදහීම් වලට වඩා තරමක් වෙනස් මුහුණුවරක් ගත්තා. පසුව බැබිලෝනියානු යුදෙව්වන් මිස්රාහි යුදෙව් ප්‍රජාවන් සමඟි මිශ්‍ර වෙලා ඔවුන්ට අවශෝෂනය වුනා.

5. ඉතියෝපියානු යුදෙව්වෝ

ඇසිරියන් අධිරාජ්‍යය විසින් ඊශ්‍රායල් රාජධානිය විනාශ කළ පසු පළා ගිය යුදෙව් ප්‍රජාවක් වර්තමාන ඉතියෝපියාවට සංක්‍රමනය වුනා. ඔවුන්ගෙන් පැවත එන යුදෙව්වන් හැඳින්වෙන්නේ ඉතියෝපියානු යුදෙව්වන් නමින්. ඉතියෝපියානු යුදෙව්වන් ඉතියෝපියානුවන් සමඟ මිශ්‍ර වීම නිසා ඔවුන් පෙනුමෙන් ඉතියෝපියානුවන්ට සමානයි.

6. යෙමනි යුදෙව්වෝ

රෝම වරු විසින් පලස්තීනය විනාශ කළ පසු අරාබි අර්ධද්වීපයට සංක්‍රමනය වුනු යුදෙව්වන් යෙමනි යුදෙව්වන් ලෙස හැඳින්වෙනවා. මොවුන්ගෙන් බහුතරය ජීවත් වෙන්නේ වර්තමාන යෙමනයේ. මොවුන් අනෙකුත් මිස්රාහි යුදෙව්වන්ගෙන් හුදෙකලාව ජීවත් වීම නිසා සංස්කෘතියෙන් ඔවුන්ට වඩා වෙනස්. යෙමනි යුදෙව්වන් අරාබින් සමඟ මිශ්‍ර වෙලා තියෙන්නෙ ඉතාමත් අඩුවෙන්. මේ නිසා වර්තමානයේ හැඩහුරුකමින් ඓතිහාසික යුදෙව්වන්ට වඩාත් සමාන වෙන්නේ යෙමනි යුදෙව්වන්.

7. පලස්තීන යුදෙව්වෝ

සංක්‍රමනය නොවී පලස්තීනයේම රැඳුනු යුදෙව්වන් හැඳින්වෙන්නේ පලස්තීන යුදෙව්වන් නමින්. පලස්තීන යුදෙව්වන් කුරුස යුද්ධ සමයේදී සමූහ ඝාතන වලට ලක්වීම නිසා සංඛ්‍යාත්මකව පිරිහී ගියා. පසුව "මව් රට" බලා විවිධ කාල වලදී සංක්‍රමනය වුනු විවිධ යුදෙව්වන් ඔවුන්ගේ ප්‍රජාවට එක් වුනා. මේ නිසා පලස්තීන යුදෙව්වන් ජානමය වශයෙනුත්, සංස්කෘතිකවත් දැඩි ලෙස මිශ්‍ර වූ ජනතාවක්.

මීට අමතරව ඉන්දියාව, චීනය සහ අප්‍රිකාවේ සමහර තැන් වලත් යුදෙව් ප්‍රජාවන් පදිංචි වුනා.

මේ සියළු යුදෙව්වන් එක් කළ පොදු සාධකය වුනේ යුදෙව් ආගම

[QUOTE="හෙළයෙක්, post: 29263505, member: 503645"] [SIZE=5]========================================== යුදෙව්වන් ගේ ඉරණම රෝම හමුදා විසින් ජෙරුසෙලම විනාශ කර මුළු මහත් පලස්තීනයම ගිනිබත් කර යුදෙව්වන් පළවා හැරියට පස්සෙ යුදෙව්වන්ට අත් වුනේ මොන වගේ ඉරණමක් ද? යුදෙව්වෝ එක්කෝ පළා ගියා, නැතිනම් වහලුන් විදිහට නොයෙක් ප්‍රදේශ වලට විකුණා දැමුණා. ඒ නිසා යුදෙව් ජාතිය එතැන් පටන් පවතින්නේ ලෝකය පුරා විසිරී ගිය ප්‍රජාවක් විදිහට. ඔවුන් හඳුන්වන්න "යුදෙව් ඩයස්පෝරාව" යන යෙදුම භාවිතා වුනා. යුදෙව් ඩයස්පෝරාව සමන්විත වුනේ ආසියාව, යුරෝපය සහ අප්‍රිකාව පුරා විසිරී ගිය යුදෙව් ප්‍රජාවන් ගෙන්. මේ ප්රජාවන්ගෙන් බහුතරය ක්‍රි.ව. 67 දී රෝම වරුන් අතින් සිදුවූ සංහාරයෙන් පසු පළා ගිය අයගෙන් සමන්විත වුනා. නමුත් සුළුතරයක් ඊට පෙර සංක්‍රමනය වුනු යුදෙව්වන්ගෙන් ද සමන්විත වුනා. මේ සියළු යුදෙව් ප්‍රජාවන් ජීවත් වුනේ සුළුතරයන් විදිහට. මේ නිසා ඔවුන් තමා විසූ රටවල අනෙක් ජාතීන් සමඟ මිශ්‍ර වුනා. ඒ සංස්කෘතීන්ට යම් තරමක් අනුගත වුනා. භාෂාවේ වෙනස්කම් ඇතිවුනා. ඒ වගේම දීර්ඝ කාලයක් වෙන්ව විසීම නිසා ඔවුන් ගේ ආගමික වතාවත් සහ ඇදහිලි වල වෙනස් කම් ඇති වුනා. මේ නිසා යුදෙව් ජාතිය විශාල බහුවිධකරණයකට ලක්වුනා. යුදෙව් ඩයස්පෝරාව ප්‍රධන වශයෙන් සමන්විත වුනේ යුදෙව් ප්‍රජාවන් තුනකින්. ========================================== 1. අෂ්කනාසි යුදෙව්වෝ (යුරෝපීය යුදෙව්වෝ) "අෂ්කනාස්" කියන හීබෲ වචනයේ තේරුම ජර්මනිය. රෝම වරු විසින් වහලුන් ලෙස යුරෝපයේ විකුණා දැමූ යුදෙව්වන් ගෙන් පැවත එන යුදෙව්වෝ හැඳින්වුනේ "අෂ්කනාසි" නමින්. අෂ්කනාසි යුදෙව්වන් ගේ DNA පරීක්ෂන වලින් හෙළි වෙලා තියෙන්නේ ඔවුන් යුදෙව් පියවරුන් ගේ සහ යුරෝපීය මව් වරුන්ගෙන් පැවත එන බව. මේ නිසා විකුණා දැමූ යුදෙව් වහලුන් යුරෝපීය කාන්තාවන් සමඟ විවාහ වුනු බව හිතන්න පුළුවන්. මේ නිසා අෂ්කනාසි යුදෙව්වන් ගේ යුරෝපීය පෙනුමක් දකින්න පුළුවන්. (අපි නිතර දකින රන්වන් හිසකේ සහ නිල්වන් ඇස් ඇති ඊශ්‍රායල හමුදා සෙබළියෝ අෂ්කනාසි මූලයක් ඇති අය. ඓතිහාසික යුදෙව්වෝ පෙනුමින් වර්තමාන අරාබි ජාතිකයන්ට සමානයි.) ප්‍රථම අෂ්කනාසි යුදෙව් ප්‍රජාවන් ඇති වෙන්නේ ජර්මනියේ රයින් ගඟ අවට. ක්‍රමයෙන් ඔවුන් මුළු යුරෝපය පුරාම පැතිරී ගියා. කුරුස යුද්ධ සමයේදී බටහිර යුරෝපයේ ඇතිවුනු යුදෙව් සංහාර නිසා බොහෝ යුදෙව්වෝ නැගෙනහිරට පළා ගියා. ඒ නිසා නැගෙනහිර යුරෝපයේ සහ රුසියාවේ විශාල අෂ්කනාසි යුදෙව් ප්‍රජාවන් ඇතිවුනා. විශාල වශයෙන් ඉඩම් මිලදී ගැනීමට ඔවුන්ට නොහැකි වුනු නිසා (ඔවුන්ට ඉඩම් විකුණන්න යුරෝපීයයෝ කැමති වුනේ නෑ) ඔවුන් කේන්ද්‍රගත වුනේ නගර වල. වෙළඳාම සහ මුදල් පොලියට දීම වැනි වාණිජ්‍යමය රැකියා වලත්, කාර්මික ශිල්පීන් ලෙසත්, ගුරු වෘත්තිය වැනි බුද්ධිමය වෘත්තීන්ගේත් ඔවුන් වැඩිවශයෙන් නිරත වුනා. අෂ්කනාසි යුදෙව්වෝ ඉතිසහසය පුරාම තම අසල්වැසි ක්‍රිස්තියානින් අතින් දැඩි හිංසා පීඩා වලට ලක් වුනා. ආගමික වෛරය, වාර්ගික සැක කිරීම් සහ ආර්ථික හේතු ඒවාට පදනම් වුනා. වාර්ගික සංහාරයන් අෂ්කනාසි යුදෙව්වන් ගේ ඉතිහාසයේ සුලබයි. අෂ්කනාසි යුදෙව්වන් ගේ භාෂාව වුනේ "යිඩිෂ්". යිඩිෂ් භාෂාව හැදෙන්නේ ජර්මන් භාෂාවට හීබෲ සහ ඇරමයික් වචන එක් වීමෙන්. අෂ්කනාසි යුදෙව්වන් නැගෙනහිර යුරෝපයට සංක්‍රමනය වුනාට පසුව ස්ලාව් වචනත් ඊට එකතු වුනා. වර්තමාන ලෝකයේ යුදෙව්වන් ගෙන් 50% පමණ අෂ්කනාසි මූලයන් ගෙන් පැවත එන්නන්. ========================================== 2. මිස්රාහි යුදෙව්වෝ (පෙරදිග යුදෙව්වෝ) "මිස්රාහ්" කියන හීබෲ වචනයේ තේරුම පෙරදිග. රෝම වරු විසින් පලස්තීනය විනාශ කර දැමූ පසු පෙරදිග බලා සංක්‍රමනය වුනු යුදෙව්වන්ගෙන් මිස්රාහි යුදෙව්වෝ පැවත එනවා. මේ යුදෙව්වන්ගෙන් බහුතරය පදිංචි වුනේ පර්සියන් අධිරාජ්‍යයේ. වර්තමාන ඉරාකය, ඉරානය සහ කොකේසස් ප්‍රදේශ වල ඔවුන් ජනාවාස පිහිටුවා ගත්තා. පර්සියානු අධිරාජ්‍යය ඉස්ලාමීය අධීරාජ්යයට යටත් වුනු පසු මුළු ඉතිහාසය පුරාවටම මිස්රාහි යුදෙව්වෝ ජීවත් වුනේ මුස්ලිම් පාලනයක් යටතේ. ඔවුන්ගේ ඉරණම අෂ්කනාසි යුදෙව්වන් ගේ ඉරණමට වඩා යහපත් එකක් වුනා. මුස්ලිම් අසල්වැසියන් ඔවුන්ට සාපේක්ෂව යහපත් විදිහට සැලකුවා. මිස්රාහි යුදෙව්වෝ අනෙක් යුදෙව් ප්‍රජාවන්ට සාපේක්ෂව මිශ්‍ර වුනේ අඩුවෙන්. මුස්ලිම් කාන්තාවන්ට යුදෙව් පිරිමින් සමඟ විවාහ වීම ඉස්ලාමීය නීතියෙන් තහනම් වීම ඊට හේතුව වෙන්න ඇති. මිස්රාහි යුදෙව්වන්ගේ භාෂාව වුනේ හිබෲ. ඊට අමතරව ඔවුන් අරාබි, ඇරමැයි, පර්සියන් වගේ භාෂාත් කතා කළා. වර්තමාන ලෝකයේ යුදෙව්වන් ගෙන් 25% පමණ මිස්රාහි මූලයන් ගෙන් පැවත එන්නන්. ========================================== 3. සෙෆාර්ඩි යුදෙව්වෝ (ස්පාඤ්ඤය යුදෙව්වෝ) "සෙෆාර්ඩ්" කියන හීබෲ වචනයේ තේරුම ස්පාඤ්ඤය. සෙෆාර්ඩි යුදෙව්වන් පැවත එන්නේ ස්පාඤ්ඤය අර්ධ ද්වීපයේ පදිංචි වුනු යුදෙව්වන්ගෙන්. මේ යුදෙව්වන් අෂ්කනාසි යුදෙව්වන් වගේම රෝම වරුන් විසින් පලස්තීනය විනාශ කළ පසු යුරෝපයට සංක්‍රමනය වුනු යුදෙව්වන්. නමුත් ඔවුන් ගේ ඉතිහාසය අෂ්කනාසි යුදෙව්වන් ගේ ඉතිහාසයෙන් වෙනස් වෙන්නේ ක්‍රි.ව. 720 දී පමණ ස්පාඤ්ඤය අර්ධ ද්වීපය මුස්ලිම් අරාබීන් විසින් යටත් කර ගැනීමෙන්. මේ අරාබි පාලකයෝ ස්පාඤ්ඤය අර්ධ ද්වීපයේ "අල්-අන්දලුස්" නමින් රාජ්‍යයක් පිහිටුවා ගත්තා. අල්-අන්දලුස් රාජ්‍යයේ මුස්ලිම් ක්‍රිස්තියානි සහ යුදෙව් ජන කොටස් තුනම විශාල ප්‍රමාන වලින් වාසය කළ නිසා එය බහු වාර්ගික, බහු ආගමික සහ බහු සංස්කෘතික සමාජයක් විදිහට පැවතුනා. අල්-අන්දලූස් මුස්ලිම් ලෝකයේ සැලකුනේ අධ්‍යාපනික කේන්ද්‍රස්තානයක් විදිහට. මේ සමාජයේ යුදෙව්වෝ ඉතා සාර්ථක විදිහට ජීවත් වුනා. පසුව සෙෆාර්ඩි යුදෙව්වන් මුස්ලිම් අධිරාජ්‍යට අයත් උතුරු අප්‍රිකාවටත් සංක්‍රමනය වුනා. නමුත් 15 වන සියවසේ අග භාගයේදී ක්‍රිස්තියානි රාජධානි විසින් ස්පාඤ්ඤය අර්ධ ද්වීපයෙන් මුස්ලිම් පාලකයන් පලවා හැරීමට සමත් වුනා. 1492 දී සියළුම යුදෙව්වන්ට එක්කෝ ආගම අතහැරීමට නැතිනම් පිටව යාමට අණ කෙරුනා. ස්පාඤ්ඤ යුදෙව්වන්ගෙන් අඩක් පමණ ක්‍රිස්තියානිය වැළඳ ගත් අතර, අනෙත් අය ස්පාඤ්ඤයෙන් ඉවතට සංක්‍රමනය වුනා. ඔවුන් ගෙන් සමහරු ඉතාලියේ පදිංචි වෙන අතර, අති බහුතරය ඔටෝමන් අධිරාජ්‍යයේ විවිධ ප්‍රදේශ වල පදිංචි වුනා. මේ එන යුදෙව්වන් ඉතාලියේ පුනරුදය ඇති වීමට ප්‍රධන හේතුවක් කියලා ඉතිහාසවේදීන් විශ්වාස කරනවා. සෙෆාර්ඩි යුදෙව්වන් ගේ භාෂාව වුනේ "ලැඩිනෝ". ලැඩිනෝ භාෂාව හැදිලා තියෙන්නේ ස්පාඤ්ඤය භාෂාවට හීබෲ වචන එක් වීමෙන්. පසුව මෙයට තුර්කි වචන විශාල ප්‍රමානයකුත් එක් වෙලා තියෙනවා. වර්තමාන ලෝකයේ යුදෙව්වන් ගෙන් 20% පමණ සෙෆාර්ඩි මූලයන් ගෙන් පැවත එන්නන්. මේ ප්‍රධාන යුදෙව් ප්‍රජාවන් තුනට අමතරව තවත් යුදෙව් ප්‍රජාවන් රාශියක් ලෝකය පුරා විසිරී පැවතුනා. ========================================== 4. බැබිලෝනියානු යුදෙව්වෝ බැබිලෝනියානු අධිරාජ්‍යය විසින් ජුදාව යටත් කර ගත්තට පස්සේ යුදෙව්වන් බැබිලෝනියාවට වහලුන් ලෙස ගෙන ගියා. ඉන් බහුතරයක් නැවත ඊශ්‍රායලයට ආවත්, සුළුතරයක් බැබිලෝනියාවේම නැවතුනා. ඔවුන් හැඳින්වුනේ බැබිලෝනියානු යුදෙව්වන් කියලා. බැබිලෝනියානු යුදෙව්වන් ගේ ආගමික ඇදහීම් මව් රටේ ආගමික ඇදහීම් වලට වඩා තරමක් වෙනස් මුහුණුවරක් ගත්තා. පසුව බැබිලෝනියානු යුදෙව්වන් මිස්රාහි යුදෙව් ප්‍රජාවන් සමඟි මිශ්‍ර වෙලා ඔවුන්ට අවශෝෂනය වුනා. ========================================== 5. ඉතියෝපියානු යුදෙව්වෝ ඇසිරියන් අධිරාජ්‍යය විසින් ඊශ්‍රායල් රාජධානිය විනාශ කළ පසු පළා ගිය යුදෙව් ප්‍රජාවක් වර්තමාන ඉතියෝපියාවට සංක්‍රමනය වුනා. ඔවුන්ගෙන් පැවත එන යුදෙව්වන් හැඳින්වෙන්නේ ඉතියෝපියානු යුදෙව්වන් නමින්. ඉතියෝපියානු යුදෙව්වන් ඉතියෝපියානුවන් සමඟ මිශ්‍ර වීම නිසා ඔවුන් පෙනුමෙන් ඉතියෝපියානුවන්ට සමානයි. ========================================== 6. යෙමනි යුදෙව්වෝ රෝම වරු විසින් පලස්තීනය විනාශ කළ පසු අරාබි අර්ධද්වීපයට සංක්‍රමනය වුනු යුදෙව්වන් යෙමනි යුදෙව්වන් ලෙස හැඳින්වෙනවා. මොවුන්ගෙන් බහුතරය ජීවත් වෙන්නේ වර්තමාන යෙමනයේ. මොවුන් අනෙකුත් මිස්රාහි යුදෙව්වන්ගෙන් හුදෙකලාව ජීවත් වීම නිසා සංස්කෘතියෙන් ඔවුන්ට වඩා වෙනස්. යෙමනි යුදෙව්වන් අරාබින් සමඟ මිශ්‍ර වෙලා තියෙන්නෙ ඉතාමත් අඩුවෙන්. මේ නිසා වර්තමානයේ හැඩහුරුකමින් ඓතිහාසික යුදෙව්වන්ට වඩාත් සමාන වෙන්නේ යෙමනි යුදෙව්වන්. ========================================== 7. පලස්තීන යුදෙව්වෝ සංක්‍රමනය නොවී පලස්තීනයේම රැඳුනු යුදෙව්වන් හැඳින්වෙන්නේ පලස්තීන යුදෙව්වන් නමින්. පලස්තීන යුදෙව්වන් කුරුස යුද්ධ සමයේදී සමූහ ඝාතන වලට ලක්වීම නිසා සංඛ්‍යාත්මකව පිරිහී ගියා. පසුව "මව් රට" බලා විවිධ කාල වලදී සංක්‍රමනය වුනු විවිධ යුදෙව්වන් ඔවුන්ගේ ප්‍රජාවට එක් වුනා. මේ නිසා පලස්තීන යුදෙව්වන් ජානමය වශයෙනුත්, සංස්කෘතිකවත් දැඩි ලෙස මිශ්‍ර වූ ජනතාවක්. මීට අමතරව ඉන්දියාව, චීනය සහ අප්‍රිකාවේ සමහර තැන් වලත් යුදෙව් ප්‍රජාවන් පදිංචි වුනා. මේ සියළු යුදෙව්වන් එක් කළ පොදු සාධකය වුනේ යුදෙව් ආගම[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom