ඊ-සිගරට්/වේප් වලින් දුම්පානය නවත්තන්න පුළුවන් වෙයිද?

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    01-18.jpg

    ඊ-සිගරට් එකක් කියන්නේ සිගරට් එකක හැඩේට, පෙනුමට හදලා තියෙන ඉලෙක්ට්‍රොනික් සිගරට් එකක්. හැබැයි මේක රීෆිල් කිරිලි අනං මනං බෑ ගොඩක් දුරට. හැබැයි වේප් එකක් කිසිසේත්ම සිගරට් එකක හැඩහුරුකම් නැති, ඊට වඩා ප්‍රමාණයෙනුත් ලොකු එකක්. ඒකේ තියෙන්නේ රීෆිල් කරන්න පුළුවන් සීන් එකක්. ඇත්තටම රීෆිල් කිරීම ඇරෙන්න, මවුත්පීස් එකත් එක්ක හරි ඊට පහළින් වෙනම හරි එන ෆිල්ටර් යුනිට් එක නං ඉතින් කාලෙන් කාලෙට මාරු කරන්න වෙනවා. ඕවා තමයි මූලික වෙනස්කම්. ඉතින් අපි ප්‍රධාන වශයෙන් දකින්න තියෙන්නේ වේප් නැතිනම් වේපරයිසර්ස් නිසා

    02-17.jpg

    වේප් එකක් චාර්ජ් කරන්න පුලුවන් USB පෝර්ට් එකකින්. ඕන නං කම්පියුටර් එකට වගේ ගහලත් පුළුවන්. එතකොට ඔය වේප් එකේ බැටරිය ෆුල් චාර්ජ් කළාට පස්සේ සාමාන්‍යයෙන් දුම් උගුරු ඇදීම් 250-300 ක් වගේ යනකල් කිසි ගැටළුවක් නැතුව එකම චාර්ජ් එකෙන් වේප් එක පාවිච්චි කරන්න පුළුවන්. එක එක බ්‍රෑන්ඩ් වල විදියට ඒ ප්‍රමාණය ඊට වැඩි වුණත් අඩු වෙන්නෙ නෑ ලොකුවට. එතකොට ඔය වේප් එකට දාන්නේ ඊ-ලික්විඩ් කියලා හඳුන්වන සාන්ද්‍ර ද්‍රාවණයක්. ඒවා පොඩි බෝතල් වල තමයි එන්නේ. ඒවා ඉවර වුණහම ආයෙමත් ගන්න පුළුවන්. ඒ ඇරෙන්න සමහර වේප් වල ෆිල්ටර් යුනිට් එකත් ටික කාලයක් පාවිච්චි කළාට පස්සේ අලුතින් ගන්න වෙනවා. ඒක නම් ලොකු වියදමක් නෙවෙයි, කොහොමත් ෆිල්ටර් යුනිට් කීපයක් තියෙන පැක් එකක් ගත්තහම අවුරුදු කීපයකට ගැටළුවක් වෙන එකක් නෑ
    03-17.jpg


    ලංකාවේ වේප් ගන්න ගොඩක් තැන් නැහැ. හැබැයි නැත්තෙ නෑ. සාමාන්‍යයෙන් වේප් එකක මූලික වියදම වෙන්නේ යුනිට් එකට තමයි. ඒක සාමාන්‍යයෙන් රුපියල් 10,000 ඉඳලා උඩට තියෙනවා. සාමාන්‍යයෙන් හොඳ වේප් එකක් රුපියල් 15,000 ක් වගේ වෙනකොට ගන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ ඒකට අවශ්‍ය ඊ-ලික්විඩ් රුපියල් 1,000 ඉඳලා ඉහළට තියෙනවා, ඒ ඒ බ්‍රෑන්ඩ් සහ ප්‍රමාණයන්ගේ හැටියට. එතනින් එහාට අර කියපු ෆිල්ටර් එක මාරු කරන්නත් ඒ තරම් ගාණක් යන්නෙ නෑ. කොහොම වුණත් දීර්ඝ කාලීනව බලනකොට වැඩේ සිගරට් බොනවට වඩා සෑහෙන්න ලාබයි කියලා කියන්න පුළුවන්. එතකොට සිගරට් වගේම ඊ-සිගරට් හෝ වේප් වලටත් කිසිම තහනමකුත් නෑ
    04-17.jpg

    වේප් ගැන දැනගන්නවා නං, මෙන්න මේ ඊ-ලික්විඩ් ගැනත් මූලිකවම දැනගන්න වෙනවා. ඇත්තටම ඊ-ලික්විඩ් එකේ නිකොටින් තියෙනවද කියන එක වේප් වලට යන්න හදන ගොඩක් අයට එන ප්‍රශ්නයක්. ඒකට උත්තරේ තමයි, ඒක බලපවත්වන්නේ අපිට අවශ්‍ය ඊ-ලික්විඩ් එක මත කියන එක. ඒ කියන්නේ මස් කන එවුන්ට මස් වගේම නිකොටින් තියෙන ඊ-ලික්විඩ් තියෙනවා. ඒවා තමයි බහුලවම තියෙන්නේ. හැබැයි එහෙම නැතුව මස් කන එවුන්ට සෝයාමීට් වගේ, නිකොටින් නැති ඊ-ලික්විඩ් වුණත් ගන්න තියෙනවා. ඒකේ වාසිය ගැන අපි පසුවට කතා කරනවා.



    සාමාන්‍යයෙන් මේ ඊ-ලික්විඩ් බෝතල් විවිධ ප්‍රමාණයන්ගෙන් එනවා. එතකොට ගණන් හදලා බැලුවහම වේප් සීන් එක ඇත්තටම සිගරට් බොනවට වඩා ලාබයි කියන්න පුළුවන්, විශේෂයෙන්ම වර්තමාන සිගරට් මිල ගණන් එක්ක බලනකොට.

    05-17.jpg


    වේප් වල තියෙන විශේෂම දෙයක් තමයි මේ. ඒ කියන්නේ විවිධ රස සමගින් දුම් බොන්න පුළුවන් වීම. සාමාන්‍යයෙන් අපි සිගරට් එකක් බොන කොට අපිට එන්නේ දුම්කොළ රසනේ. ඊට වෙනස් රසක් එන්නෙ නෑ. හැබැයි වේප් එකට ඊ-ලික්විඩ් එකක් ගන්නකොට විවිධාකාරයේ රස වර්ග ගණනාවකින් ගන්න පුළුවන්. ඒ කියන්නේ කෙසෙල් රස, ස්ට්‍රෝබෙරි රස, වැනිලා රස, චොකලට් රස, කුරුඳු රස, බ්ලැක්බෙරි රස වගේ එව්ව්වා වගේම, කොකා කෝලා රස, චීස්කේක් රස, කොට්න් කැන්ඩි රස, කස්ටර්ඩ් රස, බබ්ල්ගම් රස, පීනට් බටර් රස, මොකා කොෆී රස, සෝර්බට් රස, ලෙමනේඩ් රස, මෙරින්ගේ රස, අයිස්ක්‍රීම් රස වගේම විවිධ ඇට ජාති වල රස වලිනුත් ඊ-ලික්විඩ් ගන්න පුළුවන්. ඒ ඇරෙන්න ඔය දුම්කොළ රහට කැමති අයට හොඳ ප්‍රීමියම් දුම්කොළ වර්ග වෙන වර්ජිනියා දුම්කොළ රස, ගෝල්ඩන් ටොබැකෝ රස වගේ රස වලිනුත් ගන්න පුළුවන්. ඒ ඇරෙන්න ඔය විවිධ සුඛෝපභෝගී සුරුට්ටු රස වලිනුත් ඊ-ලික්විඩ් ගන්න පුලුවන්. හැබැයි ඉතින් එක පාරක් කාට්‍රිජ් එකට (කාටොමයිසර් එකට) පිරෙව්වට පස්සේ, ඒක ඉවර වුණහම් තමයි වෙන රසක් ට්‍රයි කරන්න පුළුවන් වෙන්නේ.

    06-16.jpg


    දැන් සිගරට් එකක් බොනකොට අපි කොහොමද බොන්නේ? සිගරට් එක පත්තු කරගන්නවා. ඊලඟට සිගරට් එක ඉවර වෙනකල් අදිනවා. එහෙම නැතුව බාගයක් බීලා තව එකෙක්ට ඉතුරු බාගේ දෙන්න පුළුවන් වුණත්, ඒක කලාතුරකින් සිද්ධ වෙන දෙයක්නේ. හැබැයි ඊ-සිගරට් නැතිනම් වේප් වල ඊට වඩා හොඳක් තියෙනවා. ඕන නම් දුම් උගුරක් දෙකක් ඇදලා, වේප් එක සාක්කුවට දාගන්න පුළුවන්. එතකොට අර තරම් පෙවෙන්නෙ නෑ. හැබැයි ඒ වගේම තව නරකකුත් තියෙනවා. සාමාන්‍යයෙන් දුම් බොන ඩයල් එකක් චේන් ස්මෝකර් කෙනෙක් නෙවෙයි නම්, එක සිගරට් එකක් පත්තු කරගෙන ඉවර වුණු ගමන් තව එකක් පත්තු කරගන්නෙ නැහැනේ. එතකොට තමන්ගේ ලිමිට් එක සිගරට් ප්‍රමාණයෙන් සලකුණු කරගන්න පුළුවන්. හැබැයි වේප් එකේ ටැංකිය හිස් වෙනකල් එක පාර අදින්නත් පුළුවන්. ඒ කියන්නේ සිගරට් පැක් එකක වගේ ප්‍රමාණයක්. ඒක කොයි තරම් කේස්ද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕන නැහැනේ!

    අර මස් කන්නෙ නැති එවුන්ට සෝයාමීට් වගේ හදලා තියෙන නිකොටින් සාන්ද්‍රණය අඩු එව්වල ඉඳන් නිකොටින් නැති එව්වා දක්වා ඊ-ලික්විඩ් තියෙන්නේ මෙන්න මේ වැඩේට තමයි. ඒ කියන්නේ ක්‍රමයෙන් තමන් ගන්න නිකොටින් ප්‍රමාණය අඩු කිරීම ඔස්සේ නිකොටින් භාවිතය අඩු කරලා සිගරට් ඇබ්බැහිය නවත්තන්න. මෙතනදී වේප් එකකින් සිගරට් ඇබ්බැහිය නතර කිරීමෙදී තව වාසියක් තියෙනවා. ඒ තමයි තමන් වේප් එකෙන් පෆ් කීයක් එක පාර ගන්නවද සහ වේප් එක දවසට කී පාරක් එලියට ගන්නවද කියන ෆැක්ට්ස් පාලනය කිරීම ඔස්සේ දුම් බොන ඇබ්බැහිය අඩු කරවන්න පුළුවන්. ඒ එක්කම ටික ටික තමන්ගේ ඇඟට යන නිකොටින් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කරන්න පුළුවන් ඒ ඒ විදියට නිකොටින් ප්‍රතිශතය ක්‍රමයෙන් අඩු වෙන ඊ-ලික්විඩ් හරහා. හැබැයි ඉතින් වේප් එකක ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකක් නැහැ කෙනෙක්ගේ සිගා ගහන ඇබ්බැහිය නවත්තන්න. ඒ නිසා මේකට තමන්ගේ පාලනය අත්‍යාවශ්‍යයි.



    අනික් කාරණේ, නිකම්ම සිගරට් එකෙන් වේප් එකට මාරු වුණා කියලා වෙනසක් වෙන්නෙත් නෑ, ඇබ්බැහිය ඇබ්බැහියමයි!





    ඒ එක්කම අන්තිමට කියන්න ඕන දේකුත් තියෙනවා. අපිට ඊ-සිගරට් හරි වේප් හරි සාමාන්‍ය සිගරට් එකකට වඩා සෞඛ්‍ය සම්පන්නයි කියලා කියන්න බෑ. මේක ගැන සෑහෙන්න විවාද තියෙනවා. සමහරු කියනවා වේප් එකකින් එන්නේ දුමකට වඩා වාෂ්පයක් වීම නිසා ඒක ලොකු අවුලක් නෑ කියලා. හැබැයි ඊ-සිගරට් සහ වේප් වුණත් සාමාන්‍ය සිගරට් වගේම ශරීරයට අහිතකරයි කියලත් සෑහෙන්න පිරිස් කියනවා. කොහොම වුණත් මේ ගැන පර්යේෂණ සිදුවෙමින් පවතින්නේ. ආන්න ඒ නිසා තමන්ගේ පාලනය ඇතුව, වේප් එකක් පාවිච්චි කරන එක ගැන අවුලක් නෑ
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    kohomath cigarette tharam lokuu effect ekak nane vape wala. prashne tiyenne eka digata kalayak gaththama pneumonia hadena eka. kohomath oka tika kalayak yaddi epa wenawa

     
    • Like
    Reactions: kpg

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,127
    761
    113
    mama patan gatte 24mg ncotin walin.eta passe 3mg walata wenala bassuwa.
    eta passe smoke karana eka sampoonayanema nawattuwa 0mg gihilla.
    mama tamai lankaawe mulinma ejuice wikinuwe danata aurudu 9kta wage kalin.

    old set eka wikunanawa.ganna ekkenek innawa num kiyanna
    1.jpg



    15K. With juice [2 bats not 10]
     
    • Like
    Reactions: kpg

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වේප් එකක් ගන්න ආසයි සිගරට් එකට එහා යයිද කියල බයයි.ඇයි ඉතින් ඕක ඕන වෙලාවක අදින්න බඩු තියනවනේ ,

    දවසට දෙකක් ඔෆිස් ගේනවා ඒ දෙක ඉවර උනහම ඊලග දවසේ දෙක ගන්නකම් උඩ බලන් ඉන්නවා මම නම්
     
    • Like
    Reactions: Honda.putha and kpg

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මම අවුරුදු 16න් සිගා ගහන්න පටන් ගත්තෙ කොහොමවත් නවත්තගන්න බැරි උනා.කොටින්ම කියනවා නම් උදේ නැගිටපුවම සිගා එකක් ගහන්න නැති නම් ගෙදර උන්ව පෙන්නන්නත් බෑ.පස්සෙ සිගා ගහන්න වත අතේ නැති නම් දුම්කොල ඔතලා ගැහුවා.18.19 කියන්නෙ බන් ජොබ් නැති ලොන්තපතේ කාලයක්නෙ.දැන් අවුරුදු 29යි දුම නවත්තලා අවුරුදු 2යි.ෆට්ට රිලැක්ස් එකක් තියනවා බන්.අර ගූ ගද එහෙම ලග නැති උනාම දවසම ෆ්‍රෙශ්. නවත්තපු ක්‍රමේ මෙහෙමයි.සාමාන්‍යයෙන් දවසට සිගා 7.8ක් නම් පෙවෙනවමයි බොන කාලෙ.දවසක් ඔලුවෙ කැක්කුමක් අල්ලලා සිගා ගද ආවත් අප්පිරියා සීන් එකක් උනා.එදා දවසම සිගා නොගහ හිටියා.පහුවෙනිදා නැගිටලා කල්පනා කෙරුවා මේකට විකල්පයක්.මට සෙට් උනා දුම්කුඩු.ඔක තොලේ තියන් ඉන්නවා දවසම.පස්සෙ සිගා නැතුව ඉන්න පුලුවන් කියලා දැනුනු ගමන් දුම්කුඩු තියන එකත් ක්‍රමේට නවත්තගත්තා.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,024
    18,947
    113
    ඔය මගුල් ඕනෙ නෑ බං.. මම නැවැත්තුව නිකන්ම.. දැන් අවුරුද්දකට වැඩි
     
    • Like
    Reactions: hchri and kpg

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    මම වීඩියෝ එකක් දැක්කා යුටියුබ් එකේ පෙනහළු වල නියුමෝනියා හැදෙන සින් එකක් වෙපින් නිසා ,ග්ල්සරින් ගිහින් ඇතුලේ තෙල් වගේ බඩුනම හුස්ම ගන්න බැරි වෙනවා ඊට පස්සේ තව කැඩ්මියම් වගේ බර ලෝහ ජාතිත් වෙපින් නිසා පෙනහළු වලට යන එකක් මට වීඩියෝ එක හොයා ගන්න බැරි උනා
     
    • Like
    Reactions: kpg

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    මම වීඩියෝ එකක් දැක්කා යුටියුබ් එකේ පෙනහළු වල නියුමෝනියා හැදෙන සින් එකක් වෙපින් නිසා ,ග්ල්සරින් ගිහින් ඇතුලේ තෙල් වගේ බඩුනම හුස්ම ගන්න බැරි වෙනවා ඊට පස්සේ තව කැඩ්මියම් වගේ බර ලෝහ ජාතිත් වෙපින් නිසා පෙනහළු වලට යන එකක් මට වීඩියෝ එක හොයා ගන්න බැරි උනා
    එහෙමද ?