Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~~~උගන්ඩා මහ සටනැ කතා වත්තුව~~~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිටපු ජනාධිපති රාජපක්ෂ චීනයේ සංචාරයක යෙදෙනෙ බව කී නමුත් එය සිදු වූයේ නැත. රාජ්‍ය බලයේ අනුහසින් සියක් ආවතේවකරුවන් පිරිවරා ලොවපුරා සංචාරයේ යෙදුණූ රාජපක්ෂට බලය අහිමිවීමෙන් පසු කිසිදු රටකින් නිල ආරාධනයක් තවම ලැබී ද නැත. දුකකි.

ඊට සහමුලින්ම වෙනස්ව හිටපු ජනාධිපතිනි කුමාරතුංග බලයෙන් ඉවත්වී වසර දහයකට පසුත් අන්තර් ජාතික සමාජ දේශපාලන භූමිකාවක් රඟපායි. ඊට හේතුව ඇය බල දේශපාලන භූමිකාවෙන් ඉවත් වි රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනය සිය ක්ෂේත්රය බවට පත් කර ගෙන සිටින නිසා ය.

රාජපක්ෂ තවම බලය පස්සේ දුවයි. තමා රටෙහි නායකයා වන බවට වහසි බස් දොඩයි. ජාතිවාදය කර පින්නාගෙන සිටී. බලයෙන් පහ වූ එවැනි දේශපාලඥයකු රතු පලස් දමා පිළිගන්නේ කව්ද?

දැන් එවැනි එක් රාජ්‍ය නායකයකු රාජපක්ෂයට හමු වී තිබේ. ඒ උගන්ඩාවේ ජනාධිපති යොවේරි කජුටා මුසෙවෙනිය.මුසෙවෙනි තිස් අව්රුද්දක් පුරා උඩන්ඩාව පාලනය කරයි. මුසෙවෙනි වත්මන් ලෝකයෙහි ඒකාධිපතියන් අතර හයවැන්නා ලෙස පෝබස් සඟරාව විසින් නම් කරන ලද්දේද දෙතුන් වසරකට පෙරය. ලෝක දූෂන වාර්තාවෙහි මුසෙවෙනිගේ උගන්ඩාව ඉන්නේ රටවල් 167න් 137වන ස්ථානයේ ය. නැගෙනහිර අප්‍රිකාවෙහි දූෂිතම රාජ්‍ය උගන්ඩාවය. මුසෙවෙනි දූෂණය කොතරම් ද යත් 2012 වසරහිදී යුරෝපා රටවල් ගණනාවක්ම එරටට දෙන ආධාර නතර කළහ. පදවි ප්‍රාප්තිය දිනට පෙර දා මුසෙවෙනි කළේ තමා සමඟ ජනාධිපතිවරනයට තරඟ කළ විපක්ෂ නායක කිසා බෙසිග්යේ අත් අඩංඟුවට ගෙන සමාජ ජාල මාධ්‍ය තහනම් කිරීම ය.

අහෝ! රාජපක්ෂට යන්න වෙන තැනක් තිබුනේම නැත්ද?

මහජන මුදල් ප්‍රකෝටි ගණනින් නාස්ති කැරෙන එවැන්නකුගේ පදවි ප්‍රාප්ත උළෙලට මහින්ද රාජපක්ෂ සහභාගි වූ සතියෙහිම වන්ද්‍රිකා කුමාරතුංග එක්සත් ජාතීන් ඇමතුවාය. ජනපති සිරිසේන ලංඩනයෙහි ලෝක දූෂණ විරෝධී සමුළුව ඇමතුවේය.

කොතරම් කුරිරු ඉතිහාසීය සරදමක්ද?

රාජපක්ෂ අපෙක්ෂා කළේ ජිවිත කාලයම ජනාධිපති ලෙස සිටීමටය.එබැවින් ඔහු උගන්ඩාවට ගොස් මුසෙවෙනිගෙන් ඉගෙන ගත යුතුව තිබුණේ බලයෙන් පහවීමට පෙරය.මන්ද යත් මර්දනය අතින් මුසෙවෙනි රාජපක්ෂය වඩා දරුණූ සහ දක්ෂ නිසාය. කලින් සන්නද්ධ කණ්ඩායමක නායකයා වූ මුසෙවෙනි මුලින්ම බලය අල්ලා ගත්තේ ජන්දයෙන් නොව කුමන්ත්‍රණයක් මගිනි.

තමන් ලද ආරාධනය ගැන මුසෙවෙනි අහස උසට ප්‍රසංසා කරමින් රාජපක්ෂ මුසාවාද ප්‍රකාශයක් නිකුත් කළේය. මේ ඉන් උපුටා ගත් වැකියකි:

“උගන්ඩාවේ දෙවෙනි නිදහස් අරගලයේ පුරෝගාමියකුවූ ජනාධිපති යොවේරි කජුටා මුසෙවෙනි පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් 61% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා හය වෙනි වරටත් එරට මහජන ඡන්දයෙන් ජනාධිපති ධූරයට තේරීපත්වී ඇත.”

රාජපක්ෂ කියන මේ සියයට 61ක ජන්දය 2010 ජනාධිපතිවරණයේදී රාජපක්ෂ ලද ජන්ද වැනිය. නැතහොත් නිදහස් සහ සාධාරණ නොවූ ජනපතිවරණයක විපාකයකි. මුසෙවෙනි පස්වන වරට ජයගත් මේ ජන්දය පැවැතියේ පසුගිය පෙබරවාරි 18දාය.

දේශීය මැතිවරණ නිරික්ෂකයෝ එකී ජනාධිපතිවරණය දූෂිත බව වාර්තා කළහ. යුරෝපා සංගමය සහ පොදු රාජ්‍ය මණ්ඩලය ඇතුළු අන්තර් ජාතික නිරික්ෂකයෝ ජනපතිවරණය සාධාරණ නොවූ බව සනාථ කැරෙන සාධක විශාල ප්‍රමාණයක් ප්‍රසිද්ධ කළෝය. මැතිවරණ කාලය අතරතුර දින පහක් සියළුම සමාජ ජාල නිල වශයෙන් තහනම් කරන ලදී. විපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වූ ආචාර්ය කිසා බෙසීග්යේ ඇතුළු ඔහුගේ ආධාරකරුවන් ගණනාවක් ජනාධිපතිවරණ කාලය තුළදීම අවස්ථා ගණනාවකදීම අත් අඩංඟුවට ගැනුණි. ජනපතිවරණය රජයේ වියදමින් බඳවා ගන්නා ලද දහස් ගණනාවක් මුසෙවෙනි වෙනුවෙන් ජන්ද වැඩට යොදවා තිබුණි.

රාජපක්ෂ ද සහභාගිවීමට නියමිත මුසෙවෙනි පදවි ප්‍රප්ත උළෙල වෙනුවෙන් උගන්ඩාවෙහි දේශපාලන මර්දනය දැන් උත්සන්න කර තිබේ. ඒ කිසිදු දේශපාලන සංවාදයකට ඉඩ නොතබනු පිණිසය. පසුගිය අප්‍රෙල් 29දා ශ්‍රේෂඨාධිකරණ තීන්දුවක් මගින් ප්‍රධාන විපක්ෂය වන “ප්රජාතන්ත්රවාදී වෙනසක් සඳහා මණ්ඩපය” ට පෙළපාලි පැවැත්වීම, මහජන රුස්වීම් පැවැත්වීම, මාධ්‍ය ව්‍යාපාර සහ නිවේදන නිකුත් කිරීම යළි දන්වන තුරු තහනම් කරන ලදී. දැන් එම විපක්ෂ නායකයින් නොනිල නිවාස අඩස්සියකට පත් කර තිබේ. තොරතුරු ඇමැති මැයි 05දා නිවේදනක් නිකුත් කරමින් විපක්ෂ ක්‍රියාකාරකම් සජිවීව වාර්තා කරන මාධ්යයනහි අවසරපත් නැතිවිය හැකි” බවට තර්ජනය කළේය.

2015 ජනවාරි 08දා කුමන හෝ උප්පරවැට්ටියකින් ජය ගැනීමට රාජපක්ෂ සමත් වූයේ නම් මෙරට තත්වය ඊටත් නරක් වන්නට නොතිබුනිද? මුසෙවෙනි රාජපක්ෂට මේ ඇරයුම එවන්නට ඇත්තේ අවශ්‍ය වුවහොත් වැඩදාන හැටි පෙන්වීමට විය යුතුය.

අයියා මල්ලී වාගේය. මුසෙවෙනි ජනමාධ්‍ය මර්දනය අතින්ද රාජපක්ෂට නොදෙවෙනිය. ඔහු සජිවී විකාශ බලයෙන් නතර කරයි. එළෙස බලයෙන් නතර කරන ලද නිවේදයින්ට බඩ පිරෙන්න දෙන්නේ රාජපක්ෂ පෝරියල්ය. අරාබි වසන්තයට බියවූ මුසෙවෙනි ‘මහජන බලය’, “ආඥාදායකයා’, ‘කඳුළු ගෑස්’, සහ ‘ඊජිප්තුව’ වැනි වචන ජංගම දුරකථන කෙටි පනිවිඩ මගින් යැවිම තහනම් කළේය.

රාජපක්ෂ උදම් අනන මුසෙවෙනිගේ ජන්ද සියයට 61 ලබා ගත්තේ එහෙමය.

මුසෙවෙනි යටතේ එච්අයිවී ඒඩ්ස් මර්දනය කළ බවට රාජපක්ෂ සිය නිවේදනයෙන් ප්රංශසා කරයි. එසේ නමුත් ‘ ද ලාන්සෙට්’ නම් ලොව ප්‍රධාන පෙළේ සුව සේවා සමීක්ෂණ සඟරාව කියන්නේ එච්අයිවී-ඒඩ්ස් මැඩළීම අතින් උගන්ඩාව ව්‍යාජ සහ අසම්පුර්ණ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර ඇති බවයි. අද පවා උගන්ඩාව පෙළෙන මහත්ම උවදුරක් වන්නේ එච්අයිවී – ඒඩ්ස්ය.

මුසෙවෙනි තිස්වසරකට පෙර බලයට පැමිණි අවදියෙහි ඔහු ඉදිරිගාමී දේශපාලනයක් පෙන්නුම් කළ නමුත් ඉක්මනින්ම රාජපක්ෂ වර්ගයේ ඊටත් වඩා දරුණූ අර්ධ අඥාදායකයකු බවට පිරිහි ගියේ ය. ඊට හේතුව වූයේ බල තන්හාවය.

අඥාදායකයකුගේ පදවි ප්‍රප්ත උළෙලට යෑම සාධාරණ කරනු පිණිස කරුණු සොයන රාජපක්ෂ මුසෙවෙනි ටැන්සානියා ආර්ථික විශ්ව විද්‍යාලයේ ආර්ථික සහ දේශපාලන විද්‍යා පිළිබඳ උපාධිධරයෙක් බවද සිය නිවේදනය මගින් අපට කියයි. විදෙස් සංචාරයන්හි යෙදෙන මෙරට රාජ්‍ය පාලකයින් හෝ හිටපු පාලකයින් එම රටවල රාජ්‍ය නායක නායිකාවන්ගේ අධ්‍යාපන සුදුසුකම් හුවා දක්වනු ඔබ කවදා හෝ දැක තිබේද? මේ වනාහී සිය කිල්ලෝටයේ ඇති හුණූ වසා ගැනීමට රාජපක්ෂ දරණ බාල කපටිකමකි.

මුසෙවෙනි ගැන කීමට මීට වඩා බොහෝ රස කතා තිබේ. අඩුම වශයෙන් ඔහු සිය වයස ගැනවත් ඇත්ත කියන්නේ නැත. සිය දෙමාපියන් නූගතුන් බැවින් උපන් දිනය සටහන් නොකරන ලදැයි කියන මුසෙවෙනි තමා ඉපදුනේ 1944 දී බව කියයි. නමුත් විපක්ෂය කියන්නේ ඔහු ඊට වඩා පස් වසරකින් වැඩි මහල් බවයි.

රාජපක්ෂ සමහර විටට මුසෙවෙනිගෙන් ඉගෙන ගන්නට ඇත. ඒ ජනාධිපතිධූරකාල සීමාව ඉවත් කර ගත් 18වන සංසෝධනය ගෙන එන්නටය. මුසෙවෙනි 2005 දී ව්‍යවස්ථාව සංසෝධනය කර ගත්තේ තමාට ඇති තාක් කල් ජනාධිපතිධුරය දැරීම පිණිසය. ඒ සඳහා ව්‍යවස්ථාව සංසෝධනය කර ගැනීමට අවශ්‍ය තුනෙන දෙකේ ජන්ද ලබා ගැනීම පිණිස පාර්ලිමෙම්න්තුවේ මංත්‍රීවරු 307 දෙනාගෙන් 201කට උගන්ඩා සිලිං ලක්ෂ පනහ බැගින් අල්ලස් දුන්නේ එළිපිටමය. ජරාව දී මංත්‍රීන් බා ගැනීම සම්බන්ධයෙන් රාජපක්ෂ ද ඊට දෙවෙනි නැත.

පස්වන වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්විම ගැන මුසෙවෙනි කියන්නේ ‘ මං හදාපු කෙසෙල් වත්තේ කැන් වැටෙන්න පටන් ගන්න කොට දාල යන්නේ කෙසේද’ කියාය. උගන්ඩාව මුසෙවෙනිගේ කෙසෙල්වත්තය. රාජපක්ෂටත් ඔහු හොදවායින් කෙසෙල් ටිකක් කන්නට දෙන්නට ඉඩ තිබේ.

ලැජ්ජා නැතිකම හිටපු ජනාධිපතිකමටත් වඩා ලොකුය.!

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya

[QUOTE="chootid, post: 20135763, member: 476042"] [SIZE="5"]හිටපු ජනාධිපති රාජපක්ෂ චීනයේ සංචාරයක යෙදෙනෙ බව කී නමුත් එය සිදු වූයේ නැත. රාජ්‍ය බලයේ අනුහසින් සියක් ආවතේවකරුවන් පිරිවරා ලොවපුරා සංචාරයේ යෙදුණූ රාජපක්ෂට බලය අහිමිවීමෙන් පසු කිසිදු රටකින් නිල ආරාධනයක් තවම ලැබී ද නැත. දුකකි. ඊට සහමුලින්ම වෙනස්ව හිටපු ජනාධිපතිනි කුමාරතුංග බලයෙන් ඉවත්වී වසර දහයකට පසුත් අන්තර් ජාතික සමාජ දේශපාලන භූමිකාවක් රඟපායි. ඊට හේතුව ඇය බල දේශපාලන භූමිකාවෙන් ඉවත් වි රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනය සිය ක්ෂේත්රය බවට පත් කර ගෙන සිටින නිසා ය. රාජපක්ෂ තවම බලය පස්සේ දුවයි. තමා රටෙහි නායකයා වන බවට වහසි බස් දොඩයි. ජාතිවාදය කර පින්නාගෙන සිටී. බලයෙන් පහ වූ එවැනි දේශපාලඥයකු රතු පලස් දමා පිළිගන්නේ කව්ද? දැන් එවැනි එක් රාජ්‍ය නායකයකු රාජපක්ෂයට හමු වී තිබේ. ඒ උගන්ඩාවේ ජනාධිපති යොවේරි කජුටා මුසෙවෙනිය.මුසෙවෙනි තිස් අව්රුද්දක් පුරා උඩන්ඩාව පාලනය කරයි. මුසෙවෙනි වත්මන් ලෝකයෙහි ඒකාධිපතියන් අතර හයවැන්නා ලෙස පෝබස් සඟරාව විසින් නම් කරන ලද්දේද දෙතුන් වසරකට පෙරය. ලෝක දූෂන වාර්තාවෙහි මුසෙවෙනිගේ උගන්ඩාව ඉන්නේ රටවල් 167න් 137වන ස්ථානයේ ය. නැගෙනහිර අප්‍රිකාවෙහි දූෂිතම රාජ්‍ය උගන්ඩාවය. මුසෙවෙනි දූෂණය කොතරම් ද යත් 2012 වසරහිදී යුරෝපා රටවල් ගණනාවක්ම එරටට දෙන ආධාර නතර කළහ. පදවි ප්‍රාප්තිය දිනට පෙර දා මුසෙවෙනි කළේ තමා සමඟ ජනාධිපතිවරනයට තරඟ කළ විපක්ෂ නායක කිසා බෙසිග්යේ අත් අඩංඟුවට ගෙන සමාජ ජාල මාධ්‍ය තහනම් කිරීම ය. අහෝ! රාජපක්ෂට යන්න වෙන තැනක් තිබුනේම නැත්ද? මහජන මුදල් ප්‍රකෝටි ගණනින් නාස්ති කැරෙන එවැන්නකුගේ පදවි ප්‍රාප්ත උළෙලට මහින්ද රාජපක්ෂ සහභාගි වූ සතියෙහිම වන්ද්‍රිකා කුමාරතුංග එක්සත් ජාතීන් ඇමතුවාය. ජනපති සිරිසේන ලංඩනයෙහි ලෝක දූෂණ විරෝධී සමුළුව ඇමතුවේය. කොතරම් කුරිරු ඉතිහාසීය සරදමක්ද? රාජපක්ෂ අපෙක්ෂා කළේ ජිවිත කාලයම ජනාධිපති ලෙස සිටීමටය.එබැවින් ඔහු උගන්ඩාවට ගොස් මුසෙවෙනිගෙන් ඉගෙන ගත යුතුව තිබුණේ බලයෙන් පහවීමට පෙරය.මන්ද යත් මර්දනය අතින් මුසෙවෙනි රාජපක්ෂය වඩා දරුණූ සහ දක්ෂ නිසාය. කලින් සන්නද්ධ කණ්ඩායමක නායකයා වූ මුසෙවෙනි මුලින්ම බලය අල්ලා ගත්තේ ජන්දයෙන් නොව කුමන්ත්‍රණයක් මගිනි. තමන් ලද ආරාධනය ගැන මුසෙවෙනි අහස උසට ප්‍රසංසා කරමින් රාජපක්ෂ මුසාවාද ප්‍රකාශයක් නිකුත් කළේය. මේ ඉන් උපුටා ගත් වැකියකි: “උගන්ඩාවේ දෙවෙනි නිදහස් අරගලයේ පුරෝගාමියකුවූ ජනාධිපති යොවේරි කජුටා මුසෙවෙනි පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් 61% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා හය වෙනි වරටත් එරට මහජන ඡන්දයෙන් ජනාධිපති ධූරයට තේරීපත්වී ඇත.” රාජපක්ෂ කියන මේ සියයට 61ක ජන්දය 2010 ජනාධිපතිවරණයේදී රාජපක්ෂ ලද ජන්ද වැනිය. නැතහොත් නිදහස් සහ සාධාරණ නොවූ ජනපතිවරණයක විපාකයකි. මුසෙවෙනි පස්වන වරට ජයගත් මේ ජන්දය පැවැතියේ පසුගිය පෙබරවාරි 18දාය. දේශීය මැතිවරණ නිරික්ෂකයෝ එකී ජනාධිපතිවරණය දූෂිත බව වාර්තා කළහ. යුරෝපා සංගමය සහ පොදු රාජ්‍ය මණ්ඩලය ඇතුළු අන්තර් ජාතික නිරික්ෂකයෝ ජනපතිවරණය සාධාරණ නොවූ බව සනාථ කැරෙන සාධක විශාල ප්‍රමාණයක් ප්‍රසිද්ධ කළෝය. මැතිවරණ කාලය අතරතුර දින පහක් සියළුම සමාජ ජාල නිල වශයෙන් තහනම් කරන ලදී. විපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වූ ආචාර්ය කිසා බෙසීග්යේ ඇතුළු ඔහුගේ ආධාරකරුවන් ගණනාවක් ජනාධිපතිවරණ කාලය තුළදීම අවස්ථා ගණනාවකදීම අත් අඩංඟුවට ගැනුණි. ජනපතිවරණය රජයේ වියදමින් බඳවා ගන්නා ලද දහස් ගණනාවක් මුසෙවෙනි වෙනුවෙන් ජන්ද වැඩට යොදවා තිබුණි. රාජපක්ෂ ද සහභාගිවීමට නියමිත මුසෙවෙනි පදවි ප්‍රප්ත උළෙල වෙනුවෙන් උගන්ඩාවෙහි දේශපාලන මර්දනය දැන් උත්සන්න කර තිබේ. ඒ කිසිදු දේශපාලන සංවාදයකට ඉඩ නොතබනු පිණිසය. පසුගිය අප්‍රෙල් 29දා ශ්‍රේෂඨාධිකරණ තීන්දුවක් මගින් ප්‍රධාන විපක්ෂය වන “ප්රජාතන්ත්රවාදී වෙනසක් සඳහා මණ්ඩපය” ට පෙළපාලි පැවැත්වීම, මහජන රුස්වීම් පැවැත්වීම, මාධ්‍ය ව්‍යාපාර සහ නිවේදන නිකුත් කිරීම යළි දන්වන තුරු තහනම් කරන ලදී. දැන් එම විපක්ෂ නායකයින් නොනිල නිවාස අඩස්සියකට පත් කර තිබේ. තොරතුරු ඇමැති මැයි 05දා නිවේදනක් නිකුත් කරමින් විපක්ෂ ක්‍රියාකාරකම් සජිවීව වාර්තා කරන මාධ්යයනහි අවසරපත් නැතිවිය හැකි” බවට තර්ජනය කළේය. 2015 ජනවාරි 08දා කුමන හෝ උප්පරවැට්ටියකින් ජය ගැනීමට රාජපක්ෂ සමත් වූයේ නම් මෙරට තත්වය ඊටත් නරක් වන්නට නොතිබුනිද? මුසෙවෙනි රාජපක්ෂට මේ ඇරයුම එවන්නට ඇත්තේ අවශ්‍ය වුවහොත් වැඩදාන හැටි පෙන්වීමට විය යුතුය. අයියා මල්ලී වාගේය. මුසෙවෙනි ජනමාධ්‍ය මර්දනය අතින්ද රාජපක්ෂට නොදෙවෙනිය. ඔහු සජිවී විකාශ බලයෙන් නතර කරයි. එළෙස බලයෙන් නතර කරන ලද නිවේදයින්ට බඩ පිරෙන්න දෙන්නේ රාජපක්ෂ පෝරියල්ය. අරාබි වසන්තයට බියවූ මුසෙවෙනි ‘මහජන බලය’, “ආඥාදායකයා’, ‘කඳුළු ගෑස්’, සහ ‘ඊජිප්තුව’ වැනි වචන ජංගම දුරකථන කෙටි පනිවිඩ මගින් යැවිම තහනම් කළේය. රාජපක්ෂ උදම් අනන මුසෙවෙනිගේ ජන්ද සියයට 61 ලබා ගත්තේ එහෙමය. මුසෙවෙනි යටතේ එච්අයිවී ඒඩ්ස් මර්දනය කළ බවට රාජපක්ෂ සිය නිවේදනයෙන් ප්රංශසා කරයි. එසේ නමුත් ‘ ද ලාන්සෙට්’ නම් ලොව ප්‍රධාන පෙළේ සුව සේවා සමීක්ෂණ සඟරාව කියන්නේ එච්අයිවී-ඒඩ්ස් මැඩළීම අතින් උගන්ඩාව ව්‍යාජ සහ අසම්පුර්ණ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර ඇති බවයි. අද පවා උගන්ඩාව පෙළෙන මහත්ම උවදුරක් වන්නේ එච්අයිවී – ඒඩ්ස්ය. මුසෙවෙනි තිස්වසරකට පෙර බලයට පැමිණි අවදියෙහි ඔහු ඉදිරිගාමී දේශපාලනයක් පෙන්නුම් කළ නමුත් ඉක්මනින්ම රාජපක්ෂ වර්ගයේ ඊටත් වඩා දරුණූ අර්ධ අඥාදායකයකු බවට පිරිහි ගියේ ය. ඊට හේතුව වූයේ බල තන්හාවය. අඥාදායකයකුගේ පදවි ප්‍රප්ත උළෙලට යෑම සාධාරණ කරනු පිණිස කරුණු සොයන රාජපක්ෂ මුසෙවෙනි ටැන්සානියා ආර්ථික විශ්ව විද්‍යාලයේ ආර්ථික සහ දේශපාලන විද්‍යා පිළිබඳ උපාධිධරයෙක් බවද සිය නිවේදනය මගින් අපට කියයි. විදෙස් සංචාරයන්හි යෙදෙන මෙරට රාජ්‍ය පාලකයින් හෝ හිටපු පාලකයින් එම රටවල රාජ්‍ය නායක නායිකාවන්ගේ අධ්‍යාපන සුදුසුකම් හුවා දක්වනු ඔබ කවදා හෝ දැක තිබේද? මේ වනාහී සිය කිල්ලෝටයේ ඇති හුණූ වසා ගැනීමට රාජපක්ෂ දරණ බාල කපටිකමකි. මුසෙවෙනි ගැන කීමට මීට වඩා බොහෝ රස කතා තිබේ. අඩුම වශයෙන් ඔහු සිය වයස ගැනවත් ඇත්ත කියන්නේ නැත. සිය දෙමාපියන් නූගතුන් බැවින් උපන් දිනය සටහන් නොකරන ලදැයි කියන මුසෙවෙනි තමා ඉපදුනේ 1944 දී බව කියයි. නමුත් විපක්ෂය කියන්නේ ඔහු ඊට වඩා පස් වසරකින් වැඩි මහල් බවයි. රාජපක්ෂ සමහර විටට මුසෙවෙනිගෙන් ඉගෙන ගන්නට ඇත. ඒ ජනාධිපතිධූරකාල සීමාව ඉවත් කර ගත් 18වන සංසෝධනය ගෙන එන්නටය. මුසෙවෙනි 2005 දී ව්‍යවස්ථාව සංසෝධනය කර ගත්තේ තමාට ඇති තාක් කල් ජනාධිපතිධුරය දැරීම පිණිසය. ඒ සඳහා ව්‍යවස්ථාව සංසෝධනය කර ගැනීමට අවශ්‍ය තුනෙන දෙකේ ජන්ද ලබා ගැනීම පිණිස පාර්ලිමෙම්න්තුවේ මංත්‍රීවරු 307 දෙනාගෙන් 201කට උගන්ඩා සිලිං ලක්ෂ පනහ බැගින් අල්ලස් දුන්නේ එළිපිටමය. ජරාව දී මංත්‍රීන් බා ගැනීම සම්බන්ධයෙන් රාජපක්ෂ ද ඊට දෙවෙනි නැත. පස්වන වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්විම ගැන මුසෙවෙනි කියන්නේ ‘ මං හදාපු කෙසෙල් වත්තේ කැන් වැටෙන්න පටන් ගන්න කොට දාල යන්නේ කෙසේද’ කියාය. උගන්ඩාව මුසෙවෙනිගේ කෙසෙල්වත්තය. රාජපක්ෂටත් ඔහු හොදවායින් කෙසෙල් ටිකක් කන්නට දෙන්නට ඉඩ තිබේ. ලැජ්ජා නැතිකම හිටපු ජනාධිපතිකමටත් වඩා ලොකුය.! සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom