උඩරට රාජධානියේ නඩු කිව්ව හැටි

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    අතීත කන්ද උඩරට රාජධානියේ නඩු කිව්ව හැටි
    ==================================

    ශ්‍රී ලංකාවේ අද අපි අනුගමනය කරන අධිකරණ හා නීති පද්ධතිය බිහි වුණේ 1978 අංක 2 දරන අධිකරණ පනත හරහායි. මෙය විශාල වශයෙන් ඉංග්‍රීසි නීතියෙන් හා රෝම ලන්දේසි නීතියෙන් හැඩ ගැස්වුණු එකක්. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ ලන්දේසි ජාතිකයන්ගෙන් අපට උරුම වුණු අධිකරණ ක්‍රමය ඉංග්‍රීසීන් විසින් 1801 දී සහ 1833 දී සිදු කරන ලද අධිකරණ බලාධිකාරීන් ක්‍රියාත්මක කිරීම හරහා වැඩිදුරටත් පරිණාමනය වුණා. කොහොම නමුත් 1593 සිට 1815 දක්වා ප්‍රෞඩ රාජ්‍යයක් ලෙස පැවතුණු කන්ද උඩරට රාජධානියේත් එයටම ආවේණික වූ නීති පද්ධතියක් පැවතුණා. සිංහල නීතිය ලෙස හඳුන්වන මෙම උඩරට නීති පද්ධතිය හා එහි අධිකරණ ක්‍රමවේදය ගැන මේ ලිපියේ තොරතුරු දැක්වෙනවා.

    “ලක්දිව නිවැසියෝ” (Ceylon’s Tenants) කෘතියේ දැක්වෙන අතීත කන්ද උඩරට රදළයන් පිරිසකගේ සිතුවමක්. (karava.org)

    ගම් සභාව
    ගම් සභාව, එහෙමත් නැතිනම් ගමේ උසාවිය යම් ගමක සිටි වැඩිහිටි උදවියගෙන් සමන්විත වුණු එකක්. සාමාන්‍යයෙන් අම්බලමක හරි, සමහර විට විශාල ගසක සෙවණේ හරි පැවැත්වුණු ගම් සභාව තුළ සුළු සොරකම්, සීමා ආරවුල්, සහ වෙනත් සුළු ආරවුල් ඇතුළු සුළු මට්ටමේ ගැටළු වලදී යුක්තිය පසිඳලන්න කටයුතු කර තිබෙනවා. ගම් සභාවට පැවරිලා තිබුණු ප්‍රධාන රාජකාරිය වුණේ දඬුවම් පැමිණවීමට හෝ වෙනත් පීඩාකාරී ක්‍රම භාවිත නොකර සාමාන්‍ය දැනීම පාවිච්චි කරමින් සුළු ගැටළු සමථයකට පත් කිරීමයි. ඇතැම් අවස්ථාවල සුළු ප්‍රමාණයේ දඩ පනවන්නත් ගම් සභාවට බලතල තිබුණා, නමුත් එය සිදු කළ හැකි වුණේ ගමේ ප්‍රධානියා ගම්සභාවේ සිටින අවස්ථාවල පමණයි.

    රට සභාව
    යම් කෝරළේක හෝ පත්තුවක තිබෙන ගම්වල නියෝජිතයන් පිරිසක් එක් වීමෙන් රට සභාව බිහි වී තිබුණා. මොහොට්ටාලවරු (නීති ගැන දැනුම් තේරුම් ඇති අය), ලියනරාළලා (ලේඛන කටයුතු කරන අය), බද්දේරාළලා (අයබදු එකතු කරන අය), සහ උණ්ඩි රාළලා (රාජ්‍යයට හිමි කොටස එකතු කරන අය) මීට අයත් වුණා. කුල ගැටළු, විවාහ ගැටළු, සමාජ තත්වය පිළිබඳ ගැටළුවලට අදාළ නඩු විභාග කිරීමේ බලතල වගේම පත්තුවේ හෝ කෝරළයේ පවතින ගම් සභාවල නඩු තීන්දුවලට එරෙහිව ඉදිරිපත් අභියාචනා විභාග කිරීමත් රට සභාව වෙත පැවරිලා තිබුණා.

    කන්ද උඩරට උසාවියක් දැක්වෙන සිතුවමක්. (lankapura.com)

    සාක්කි බලන්ඩ
    අද කාලයේ හදිසි මරණයක් වගේ සිද්ධියකදී මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කිරීම සහ ISD එකක්, ඒ කිව්වේ හදිසි මරණ පරීක්ෂණයක් සිදු කිරීමට තරමක් සමාන විදිහට හදිසියේ සිදු වෙන මරණයකදී ඒ ගැන පරීක්ෂණ කරන්න ක්‍රමවේදයක් කන්ද උඩරට රාජධානියේත් තිබුණා. ප්‍රදේශයේ ප්‍රධානතමයන්ගෙන් සැදුම්ලත් මේ “සාක්කි බලන්ඩ”ට පැවරිලා තිබුණේ හදිසි මරණයක් ගැන සාක්ෂි විභාග කර, මරණයට හේතුව සහ එය සිදු වුණු ආකාරය නිර්ණය කරන එකයි. “සාක්කි බලන්ඩ” තමන්ගේ රාජකාරිය අවසන් කරන තුරු වෙනත් කිසිවෙකුට මළ සිරුරුට අත තැබීම තහනම් වුණා. උදාහරණයක් විදිහට කෙනෙක් බෙල්ල වැලදාගෙන සිය දිවි නසාගෙන ඉඳලා හමු වුණොත් “සාක්කි බලන්ඩ” ඇවිත් ඒ කටයුතු නිම කරන තුරු මළ සිරුර බිමට බෑමට අවසර තිබුණේ නැහැ.

    රජයේ නිලධාරීන්

    1882 දී කන්ද උඩරට රදළයන් තමාගේ දේශීය නිල ඇඳුමෙන් සැරසී දළදා මාළිගාව ඉදිරිපිට. (bl.uk)

    විවිධ රජයේ නිලධාරීන්ට පැවරිලා තිබුණු නීතිමය සහ අධිකරණ බලතල තීරණය වුණේ ඔවුන්ගේ සමාජ තත්ත්වය අනුවයි. ඒ වගේම තව කෙනෙකුට දඬුවම් නියම කිරීමේදී චූදිතයාගේ කුලය සහ වංශ තත්වයත් සැලකිල්ලට ගන්නට මේ රාජ්‍ය නිලධාරීන්ට නියම කර තිබුණා.

    1. විදානේලා
    විදානේලාගේ රාජකාරිය බොහෝ දුරට අද කාලයේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට සමානයි කිව්වොත් වරදක් නැහැ. සුළු සිවිල් ගැටළු සහ අපරාධ සම්බන්ධයෙන් ඔවුන්ට නීතිමය බලතල තිබුණා. ඒ වගේම විදානේලාට කුඩා දඩ (රිදී කාසි 2 ½ ක සිට ඉහළට) නියම කරන්නත්, අඩු කුලයේ අයට ශාරීරික දඬුවම් නියම කරන්නත් බලය පැවරුණා.

    2. ලියන රාළලා, උණ්ඩි රාළලා, සහ කෝරාළලා
    විදානේලාට වඩා තරමක් ඉහළින් සිටි මොවුන්ට සුළු ආරවුල් විසඳන්න බලතල හිමි වී තිබුණා. ඉඩම් ගැන ප්‍රශ්නවලදී සහ කෙනෙකුට ශාරීරික දඬුවම් නියෝග ලබා දීමේදී ඔවුන් සතු වුණු බලතල සීමිත වුණත් දඩ පනවන්න ඔවුන්ට හැකියාව තිබුණා.

    3. මොහොට්ටාලලා සහ ආරච්චිලා
    මේ නිලධාරීන්ට ඉහළ අධිකරණ බලතල තිබුණා. ඉඩම් ආරවුල් විභාග කර “වට්ටෝරු” කියලා හඳුන්වපු ඉඩමක සීමාව ප්‍රකාශ කිරීමේ ලියැවිලි නිකුත් කරන ලද්දේත් මොවුන් විසින්. අපරාධ ගැන නඩු විභාග කරන්නත් රිදී කාසි 100ට වඩා ඉහළ දඩ පනවන්නත් ඔවුන්ට බලතල පැවරී තිබුණා.

    4. නායකාදීන්
    සාමාන්‍යයෙන් ලේකම්ලා, රටේ මහත්තයාලා සහ අනෙකුත් රාජ සභාවේ හා රජ ගෙදර රාජකීය නිලධාරීන්ට තමන්ගේ විෂය පථයට අදාළ සියලු දෙනාටම එරෙහිව අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේ බලතල තිබුණා. ඔවුන්ට යම් සීමා පැනවී තිබුණේ ඇතැම් ඉඩම් සම්බන්ධ ප්‍රශ්නවලදී පමණයි.

    දිසාවේලා සහ අධිකාරමලා
    තමන් යටතේ පවතින භූමි ප්‍රදේශයේ සියලුම දෙනාට එරෙහිව අධිකරණ බලතල ක්‍රියාත්මක කරන්න මේ නිලධාරීන්ට බලතල තිබුණා. රජතුමාට පසුව සිටි නිලධාරීන් විදිහට රාජකීය ඉඩම් ගැන ගැටළු සහ රාජ සභාවේ සාමාජිකයන් අතර ආරවුල් හැර අනෙකුත් සියලුම ඉඩම්, සිවිල් හා අපරාධ නඩු විභාග කරන්න ඔවුන්ට අවසර තිබුණා. කොහොම නමුත් දිසාවේලා සහ අධිකාරම්ලා ඔවුන්ගේ වංශවත් බව මත ඒ තනතුරුවලට පත් කෙරුණු නිසා බොහෝ අවස්ථාවල නීතිය ගැන පුළුල් දැනුමක් ඔවුන්ට තිබුණේ නැහැ. මේ නිසා අධිකරණ කටයුතුවලදී ඔවුන්ට තමන්ගේ පහළ නිලධාරීන්ගේ උපදෙස් ලබා ගන්න සිදු වුණා.

    රොබට් නොක්ස්ගේ 1681 කෘතියේ මුල් පිටපතෙහි තිබූ, කන්ද උඩරට රාජධානියේ මරණ දඬුවම ලබා දුන් ආකාරය විස්තරාත්මකව දක්වන රූප. (torturemag.com)

    මහ නඩුව
    මහා නඩුව කියලා හැඳින්වුණේ ඉහළ පෙළේ නිලධාරීන්ගෙන් සහ නායකාදීන්ගෙන් සමන්විත වුණු කමිටුවකටයි. රජතුමාට නඩු කටයුතුවලදී උපදේශන සේවා සැපයීම ඔවුන්ගේ රාජකාරිය වුණා. මේ කමිටුව බිහි වීමට මූලික වූ හේතුව විදිහට රජතුමා තමාට ලැබෙන නඩු අතරින් එතරම් වැදගත් යැයි නොසිතෙන කාරණාවලදී තමන්ගේ ඉහළ නිලධාරීන්ට එම කටයුතු සඳහා බලය පැවරීමේ සිරිත සලකන්න පුළුවන්. පසුකාලීනව මේ කමිටුවටත් එයටම විශේෂ වූ අධිකරණමය බලතල හිමි වී තිබෙනවා.

    රජතුමා

    සියලු යුක්තියේ උල්පත ලෙස රජතුමා සැලකුණා. (sundayobserver.lk)

    “යුක්තියේ උල්පත” කියලා හැඳින්වුණු රජතුමාට සියලු කාරණා පිළිබඳව ඕනෑම තීරණයක් ගැනීමේ සහ ඕනෑම නඩුවකට තීන්දුවක් ලබා දීමේ බලතල පැවරුණා. රාජ සභාවේ ආරවුල්, රාජකීය ඉඩම් පිළිබඳ ගැටළු, ප්‍රධාන විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා අතර ගැටළු, රාජ ද්‍රෝහීත්වය, කැරළි ගැසීම්, රජ පවුලට එරෙහි කුමන්ත්‍රණ සහ සියලුම මිනී මැරුම් යනාදියට සම්බන්ධ නඩු විභාග කළ හැකි වුණේ රජතුමාට පමණයි. යුක්තිය අපේක්ෂා කරන ඕනෑම පුරවැසියෙකුට රජතුමාව කෙළින්ම මුණ ගැසිලා හරි, රජයේ නිලධාරියෙකු මාර්ගයෙන් හරි තමන්ගේ ගැටලුව ඉදිරිපත් කරන්නත් අවස්ථාව සලසලා තිබුණා.

    බ්‍රිතාන්‍ය පාලනයට යටත් වීමෙන් පසු

    බ්‍රිතාන්‍යයන් විසින් පත් කරන ලද උඩරට රදළ පිරිසක් රජයේ ඒජන්ත ශ්‍රීමත් J. P. ලුවිස් සමග. (karava.org)

    1801 අධිකරණ බලාධිකාරිය යටතේ අලුතෙන් ශ්‍රේෂ්ඨාධිකරණයක් හෙවත් සුප්‍රීම් උසාවියක් ස්ථාපිත කරන ලද්දේ මහා බ්‍රිතාන්‍යයේ අධිරාජයා විසින් පත් කරන ලද ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ විනිසුරු පිරිසකුත් සමගයි. මුහුදුබඩ පළාත්වල අපරාධ නඩු විභාග කිරීම, කොළඹ කොටුව සහ කොළඹ නගරය තුළ සිවිල් හා සාධාරණ නීති බලාධිකාරියක් පවත්වාගෙන යාම සහ මුහුදුබඩ පළාත්වල සියලු යුරෝපීය හා යුරේසියානු ජාතිකයන් හට බලපවත්වන නීති ක්‍රියාත්මක කිරීම ඊට පැවරුණා. 1815 කන්ද උඩරට සම්මුතියේදී ඒ වන විට පැවති නීති, සිරිත් විරිත් හා සම්මතයන් ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යන්නට ඉංග්‍රීසින් ප්‍රතිඥා දුන්නත් දඬුවම් ලබා දීමේ ක්‍රමවේදයන් “ශිෂ්ට නොවන” ඒවා යැයි සලකා අහෝසි කර දැමුණා. ඉංග්‍රීසි නීතියට අනුව ඒ ක්‍රම ස්වභාවික යුක්තියේ ධර්මතාවන්ට පටහැනි බව තීරණය කර තිබෙනවා.

    1833 අධිකරණ බලාධිකාරිය මගින් ශ්‍රී ලංකාව පුරාම බ්‍රිතාන්‍ය ක්‍රමයේ අධිකරණ පද්ධතියක් ස්ථාපිත කරනු ලැබුවත් බොහෝ කාලයක් තිස්සේ පැවත ආ ගම් සභාව වෙනස් නොකරන්නට ඉංග්‍රීසීන් මුලින් තීරණය කළා. ගම් සභාව නීති ක්‍රමයට අනුකූලව හැඩගැස්වීමේ වගකීම පැවරුණේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. කොහොම නමුත් මේ තුළින් ගම් සභාවල ඵලදායී බව අඩු වුණු නිසා ඉඩම් සහ කෘෂිකර්මය ආශ්‍රිතව ආරවුල් වැඩි වෙන්න ගත්තා. දිස්ත්‍රික් අධිකරණවල නඩු විශාල ලෙස ගොඩ ගැසී කල් යාමේ ගැටලුව වළක්වා ගන්න සාම්ප්‍රදායික ක්‍රමයටම ගම් සභා පිහිටුවීමේ වැදගත්කම පෙන්වා දෙන්න ඒජන්තවරුන් සහ ඔවුන්ගේ සහායකයන් ලොකු උත්සාහයක් ගත්තා. කොහොම නමුත් විනිසුරුවරුන් මේ තීරණයට එකඟ වුණේ නැහැ. පසුව සිදු කෙරුණු වෙනස්කම් මගින් 1845 දී මෙයට පිළියමක් ලෙස බ්‍රිතාන්‍ය ක්‍රමයට අනුකූලව පොලිස් උසාවි සහ ඉල්ලුම් උසාවි පිහිටුවනු ලැබුවා.

    1852 අංක 5 දරන ආඥා පනත මගින් මුහුදුබඩ පළාත් සඳහා පවතී නීතිය කන්ද උඩරට ප්‍රදේශ සියල්ලේමත් බලාත්මක කෙරුණු අතර, සියලුම පුද්ගලයන් අපරාධ නීතියට යටත් කිරීමත්, කන්ද උඩරට දේපළ උරුම වීම සහ ප්‍රවේණි හිමිකාරීත්වය බර්ගර් ජාතිකයන්ට හා යුරෝපීයයන්ට පමණක් සීමා කිරීමත් සිදු වුණා. 1844 දී වහල් සේවය අහෝසි කර දැමුණු අතර කුලයට හා වංශයට නීති පද්ධතිය තුළ තිබුණු පිළිගැනීමත් ක්‍රමයෙන් වියැකී ගියා.

    මේ අතීත නීතිය පසිඳලීමේ පද්ධතිය දැන් තෝම්බුවල (oeuvres) අධිලේඛනගත කර තිබෙන අතර “කන්ද උඩරට නීතිය” යනු පුරාණ මහනුවර රාජධානියේ පැවති නීති පද්ධතියේ සංශෝධිත කොටස් අඩංගුව වර්තමානය දක්වා අවශේෂව පවතින කොටසක් ලෙස හඳුන්වන්නට හැකියි
    FB_IMG_1611292898924.jpg
    FB_IMG_1611292895684.jpg
    FB_IMG_1611292898924.jpg
    FB_IMG_1611292890773.jpg
    FB_IMG_1611292884781.jpg


    උපුටා ගැනීම #නුවර_අහසයට පිටුවෙන්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,516
    25,828
    113
    ආරච්චිලා කියන චරිත රදළ කුළ වලටම කියලා වෙන් වුනේ නෑ......කිව්වොත් කිව්වා එක වචනේ මිනිස්සු වුන සලාගම වංශිකයෝ ගොඩක් බලවත් වුනේ පක්ශපාතීත්වය සහ දාහක් පස්සට ගියත් තනිවම සටන් කරපු චරිත නිසයි.

    මම ඔය ගැන අගනා ලිපියක් කියෙව්වා කල්පනා සඟරාවක තිබුන වික්ටර් අයිවන් ලියපු ලිපියක.

    මෑතක වූ Eelam සටන් වලත් ඔවුන්ගේ ජාන ඉස්මතුවී දිවිපිදීම් අපමනයි.

    උඹ අසාධාරනකම් කරමින් යන ජගතෙක් කියලා හිතන්න, ඒක ඉවර වෙන්නේ ඔබ සලාගම එකෙක් සමග පැටලුන විටයි. ක්‍රිස්තියානි නාම කරනයක් සමග හිටියත් ඔවුන් හැම විටම ඉහල නිලදාරීන්ට වත් යටත් නොවී සටන් කළා.

    Example මම දන්නා පරිදි දයා රත්නායක තනිවම පුනරීන් front defence line එක මාසයක් තනිවම රැකගත්තා සියලු සැපයීම් සහ දෙපස කඳවුරු බිඳ වැටී තිබියදී..ඔවුන් පසුපසට ගැනීමට (widthrow) ජානක පෙරේරා සියලු උත්සාහයන් දැරුවත් ඔවුන් නොවේ පසුපසට ආවේ.සරත් ෆොන්සේකා පැමිණ ඔවුනට සහය වී නැවත defence line හදා දුන්නාට පස්සේ පසුවයි නිවාඩුවක් ගත්තේ.එහෙමයි යාපනේ බේරගත්තේ. යාපනේ වැටුනානම් ඔය දැන් කියන කතා යුද්ධේදී කියන්න වෙන්නේ නෑ.අනිවා නෝර්වේ ගුවන් සහය සමග කොටි ඔයිට වඩා බලවත් වෙන්න තිබ්බා.අලිමංකඩ පොත බලන්න

    download.jpeg