Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඩුගම්පොල රජුගේ හද දිනූ සම්බාගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඩුගම්පොල රජුගේ හද දිනූ සම්බාගම

ශ්‍රී ලංකාවේ රජකම් කළ ප්‍රාදේශීය රජවරුන් අතුරින් උඩුගම්පොල සකල කලා වල්ලභ රජුට හිමිවන්නේ මුල් තැනකි. ක්‍රි.ව 1477-1496 අතර කෝට්ටේ රජකම් කළ අට වැනි වීර පරාක්‍රම රජු දෙවනුව සරණ පාවා ගත් අග බිසවගේ බාල සොයුරියගේ කුසින් මෙලොව එළිය දුටු කුමාරවරුන් දෙදෙනා ගෙන් පළමුවැන්නා මොහුය. දෙවැන්නා තනිය වල්ලභ කුමරුය. පිය රජුගේ ඇවෑමෙන් අග බිසව ගේ පුතුන් සිව් දෙනා අතුරින් වැඩිමල් පුතු වන ධර්ම පරාක්‍රමබාහු කුමරුට කෝට්ටේ සිහසුන භාර කළ සකල කලා වල්ලභ සහ තනිය වල්ලභ යන කුමරුවෝ උඩුගම්පොල සහ මාදම්පේ යන ප්‍රදේශවල උප රාජධානි පිහිටුවා ගත්හ.

සුවිශ්ට රණශූරත්වයකින් යුත් සකල කලා වල්ලභයන්ට එනම ලැබී ඇත්තේ ඔහු සටන් කලාවන් ඇතුළු සකල විධ කලාවන්හි කෙළ පැමිණි නිසා යැයි කියනු ලැබේ. එමෙන්ම මෙම රජු චක්‍රායුධ කුමරු නමින් ද හැඳින්වුණු බව ඕලන්ද ජාතික පූජක තුමකු සහ ඉතිහාසඥයෙකු වන වැලන්ටයින් විසින් 1724 වසරේ දී එළි දැක්වූ ඉතිහාස ග්‍රන්ථයේ සඳහන්ය. ඒ අනුව එම කුමරු චක්‍රායුධය නම් අවිය හැසිරවීමේ සූරයකු නිසා එනම පට බැඳුණා ද විය හැක.

සකල කලා වල්ලභ, තනිය වල්ලභ රජවරුන් දෙදෙනා යුද ශිල්පයෙහි සේම කෘෂි කර්මාන්තයෙහි ද අති දක්ෂ වූහ. වත්මන් පුත්තලම දිස්ත්‍රික්කයට අයත් අති විශාල භූමි ප්‍රදේශයක් අස්වද්දා රට සමෘද්ධිමත් කිරීමට මාදම්පේ රජකම් කළ තනියවල්ලභ කුමරු සමත්විය. මෙම යුගයේ හලාවත, පුත්තලම ආශ්රිත මුහුදු තීරයේ අක්කර දස දහස් ගණනක සරුසාර වී වගාවක් පැවැති බවට ඓතිහාසික සේම භූගෝලීය සාක්ෂිද ඇත. එහෙත්, ඉන් පසු ඇරඹි ඕලන්ද යුගයේ සිදුවූ නොවිධිමත් ජල කළමනාකරණ ව්‍යාපෘතීන් නිසා එම කුඹුරුවලට කරදිය මුසු වීමෙන් අද වන විට ඒවා ”විල්ලූ” බවට පත්ව තිබේ. සුවිසල් වැව් පද්ධතියක් හා සම්බන්ධ ආනවිලූන්දාව තෙත් බිමද පසුව එසේ සම්පූර්ණයෙන් වැනසී ගිය සශ්‍රික කූඹුරු යායකි. සියළු කලාවන්හි කෙළ පැමිණි උඩුගම්පොල රජකළ සකල කලා වල්ලභයන් කෘෂි කර්මාන්තයෙහි අති දක්ෂයෙකු සේම සුවිශිෂ්ඨ වාරි ඉංජිනේරුවෙකුද බව සනාථ කරන සාක්ෂි බොහොමයකි. අත්තනගලූ ඔයේ අතු ගංඟාවක්වන කුඩා ඔය හරස් කොට ඔහු කරවූ දැවැන්ත වේල්ලක නටබුන් දැනුදු මිනුවන්ගොඩ, වෑගොව්ව ප්‍රදේශයේදී දැකිය හැක. ඒ හැරුණු කොට එතුමන් විසින් කරවන ලද තවත් වාරි කර්මාන්ත බොහොමයකි. වර්තමාන උඩුගම්පොල ආදාහනාගාරයට යාබද පතහ නම් ස්ථානයේ ප්‍රදේශයේ එතුමන් පරිහරණය කළ ජල උද්‍යානයේ නටබුන් අද ද දැකිය හැක.

කොට්ටේ යුගයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කුඹුරු යායක්ව පැවැති මුතුරාජවෙල සංවර්ධනයේ පුරෝගාමියාණන්ද මේ රජුම බව කියති. රජතුමන් මුත්තු රාජ් නම් ද්‍රවිඩ වාරි ඉංජිනේරුවරයෙකුගේ සැලසුමක් මත අස්වද්දන ලද නිසා එම සුවිසල් කුඹුරු යාය මුතුරාජවෙල වශයෙන් හැඳින්වෙන බව ඇතැමෙක් කියති. නමුත් මුතුවන් සහල් ලබාදුන් රාජකීය වෙල් යාය යන අදහස කෙටි වී ඊට මුතුරාජවෙල යන නම පටබැඳුණු බව වඩාත් ප්‍රචලිත මතයයි.

මුතුරාජවෙලට අමතරව උඩුගම්පොල රාජධානියට අයත්ව තිබූ අක්කර දස දහස් ගණනක් පුරා පැතිරගත් තවත් භූමි ප්‍රදේශයක එවක සාර්ථක ලෙස වී වගාව පැවැති බවට අදත් ගම්පහ ආශ්‍රිතව ඇති ”විට” යන්නෙන් නිමා වන ග්‍රාම නාමවලින් පැහැදිලිය. රත්මලවිට, කිරිඳිවිට, මාකේවිට, අඹන්විට, තඹවිට (තම්මිට) අක්කරවිට, උදම්විට (උදම්මිට) ආදී වශයෙන් හැඳින්වෙන මෙම සියලූ ප්‍රදේශ ඒ හරහා ගලා යන ජල මූලාශ්රාධාරයෙන් අස්වැද්දවීමට සකල කලා වල්ලභ රජතුමා සමත් වී තිබේ. වර්තමානයේ බොහෝ දෙනෙකු නොදන්නා මුත් මේ අතුරින් ”සම්බාගම” නමින් හැඳින්වුණු අක්කර සිය ගණනක විශේෂිත කුඹුරු යායක් රජතුමන් ගේ විශේෂ අවධානයට ලක්ව තිබේ. ප්‍රදේශය හරහා ගලා බසින ඌරුවල් ඔය ජල මූලාශය දඟර සහිත වීම නිසා වඩාත් සශ්‍රීක බවක් පළ කළ මෙම ”සම්බාගම” ට හිමි වූ ග්‍රාම නාමය පසුව ”හම්බාගම” වී මීට දශක හතර පහක පමණ සිට මුලූමනින්ම අභාවයට ගොසිනි. වත්මන් ගණේමුල්ල ප්‍රදේශයට අයත් මෙම ගම්මානය අද හොරගොල්ල සහ තිබ්බටුගොඩ ලෙස ගම්මාන දෙකක් බවට පත්ව තිබේ.

වරක් මෙම පැරණි සම්බාගමට යාබද ප්‍රදේශයක කෘෂි සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීමට ගිය රජතුමා මුහුද පෙනෙන තරම් උසට වී කන්දක් ගැසීමට තරම් වී අස්වැන්නක් එම ප්‍රදේශයේ කුඹුරුවලින් අපේක්ෂා කරන බව එහි වගා කටයුතු බාරව කටයුතුකළවුනට පවසා ඇත. එහෙත් එහි කෘෂි අස්වැන්න නෙළන කාලයේ යළි එම ප්‍රදේශයට ගිය රජතුමා තමන් අපේක්ෂාකළ ප්‍රමාණයට එහි අස්වැන්න නොතිබීමෙන් නොසතුටට පත්ව සුරතට වී අහුරක් ගෙන බොල් අතේ යනුවෙන් පවසා තිබේ. ඒ තම අරමුණ ව්‍යර්ථ වූ බව පැවසීමටය. රජතුමාගේ එම ප්‍රකාශය අවට ප්‍රදේශවාසීන්ගේ සිත් තුළට කොතරම් තදින් කා වැදුණේද යත් අද ද එම ප්‍රදේශය හැඳින්වනුයේ බොල්ලතේ, බොල්ලත යනුවෙනි. කුඩා බොල්ලතේ සහ බොල්ලතේ යන මෙම ගම්මාන ඇත්තේ පැරණි සම්බාගමට නොදුරිනි.

සකල කලා වල්ලභ රජතුමා මෙම සම්බාගම කෙරෙහි වඩාත් ලොල්වීමට තවත් හේතුවක් වී ඇත්තේ එහි තිබූ පත්තිනි දේවාලයයි. සන්නාසි වේශයෙන් ඉන්දියාවේ අන්ද්‍රා දේශයේ සිට මෙහි පැමිණි බ්‍රාහ්මණ ගිහි පූජකයන් කිහිප දෙනෙකු පත්තිනි දෙවියනට පුද පූජා කිරීම පිණිස ඉදිකර ගෙන තිබූ මෙම පත්තිනි දෙවොල සකල කලා වල්ලභයන්ගේ විශේෂ ගෞරවාදරයට ලක්වූ තැනක් වූ බව පැරණි ජනප්රවාදවලින් හෙළිවේ.

සම්බාගම අස්වැද්දෙන කුඹුරු බැලීමට සපැමිණි රජතුමන් ඒ කුඹුරු යායට ඉහලින් වූ උස් භූමි භාගයක පිහිටි වත්මන් ගණේමුල්ල, තිබ්බටුගොඩ පුරාණ ශ්‍රී සුගතාරාම භූමියෙහි වාඩිලා සිටි බව පැරණි ජනප්රවාදවලින් පැවසේ. එමෙන්ම රජතුමා වාඩිලා ගත් බව පැවසෙන තවත් ස්ථානයක් අද ද හැඳින්වෙනුයේ ”වාඩිය වත්ත” ලෙසිනි.

අතීතයේ නා වදුලකින් වැසී තිබූ අතිශයින් දැකුුම්කළු උස් බිමක පිහිටි පුරාණ ශ්‍රී සුගතාරාම විහාර භූමියේ සිට අදත් ගම්පහ ඒකල ආදී ප්‍රදේශ දක්වා වන අක්කර දහස් ගණනක කුඹුරු යායක් ඉතා පහසුවෙන් දැක බලා ගත හැක. එමෙන්ම අන්ද්‍රා දේශයෙන් පැමිණි බ්‍රාහ්මණ පූජකවරුන් හා සම්බන්ධ එම දෙවොල සහ එම ප්‍රදේශය අදත් ”පත්තිනිපිටිය” යනුවෙන් හැඳින්වේ. නමුදු ඉංග්‍රීසි පාලන සමයේ සිදුවූ පරිපාලනමය බෙදීම්වලදී එම පුරාණ පත්තිනිපිටිය දේවාලය පිහිටි බිම් කඩ කුඩා බොල්ලත නම් යාබද ගම්මානයට අයත් ලෙසින් කැඞී වෙන්ව ගොස් තිබේ. නව භාරකාරිත්වයක් යටතේ අද වන විට ද එහි පූජා චාරිත්‍ර සිදුකෙරේ. එමෙන්ම එම ඉන්දීය ගිහි පූජකවරුන්ගෙන් පැවැත ආ ඊළඟ පරපුර තම පාරම්පරික ආගමික වත් පිළිවෙත් අතැර කන්ද උඩරට සමයේ දී බුදු දහම වැළඳ සිංහල ජන සමාජයට අවශෝෂණය වී තිබේ. නමුත් සන්නාසි වේශයෙන් අන්ද්‍රා දේශයෙන් මෙහි පැමිණි ගිහි පූජකයන් ගෙන් පැවැත එන බව පැවසෙන ආඬිගේ සහ සේනාසිගේ (සන්‍යාසිගේ) යන පෙලපත් නාම අදත් මෙම ගම්මානවල පාරම්පරික ගැමියන්ගේ නම් වලට ඈඳී තිබේ. එය මේ සැඟවුණු අතීතය මානව විද්‍යාත්මකව මනාව කළ එළි දක්වන්නකි.

කෝට්ටේ යුගයේ දී අතිශය සශ්‍රීකව පැවැති මෙම කෙත් වතු රජ දහන කේන්ද්‍ර කරගනිමින් බැබලූණු ගණේමුල්ලේ, තිබ්බටුගොඩ ශ්‍රී පුරාණ සුගතාරාමය ගම්පහ ප්‍රදේශයේ ඇති ඓතිහාසික වශයෙන් වැදගත්ම සිද්ධස්ථාන අතුරින් එකකි.

මාහැඟි බිතු සිතුවම් සහිත මහනුවර යුගයට අයත් පැරණි විහාර මන්දරය අතීතයේ මෙහි ගැමියන්ගේ ආගමික, සංස්කෘතික සහ සදාචාරාත්මක සංවර්ධනයේ කැඩපතක් බඳුය. නමුදු මේ වන විට එහි පැරණි බිතු සිතුවම් අභාවයට ගොස් ඇති අයුරක් පෙනෙයි.

විසිවැනි සියවසේ මැද භාගයේ දශක කිහිපයක් පමණක් අභාවයට ගොස් තිබූ මෙම පුරාණ ශ්‍රී සුගතාරාමය දැනට දශක දෙකකටත් වැඩි කලක් තිස්සේ එහි වත්මන් විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය හෝමාගම ආනන්ද නාහිමියන්ගේ විහාරාධිපතිතීත්වය යටතේ නව පුනරුදයකට පත්වෙමින් තිබේ.

ක්‍රි.ව. 1513 වසරේ ධර්ම පරාක්‍රම රජු අභාවයට පත් අතර ඉන්පසු කෝට්ටේ කිරුළට ඇරැයුම් ලැබූ උඩුගම්පොල සකල කලා වල්ලභ රජතුමා කොට්ටේ රාජධානියට සපැමිණ තමනට හිමි කිරුළු ධර්මපරාක්රම රජුගේ එක් කුස උපන් බාල සොයුරු වන විජයබා කුමරුට භාරදී යළි උඩුගම්පොලටම පැමිණ තිබේ. එය අටවැනි වීර පරාක්‍රම රජුගේ අගබිසව ගේ කුසින් උපන් ඒ කුමරු රාජ්‍යත්වයට වඩාත් සුදුසු බව තමන්ම තීරණය කිරීමෙනි. සකල කලා වල්ලභයන් ගේ යුක්ති ධර්මතාවය කොතෙක් දැයි මින් අපට පසක් වේ.

එමෙන්ම සකල කලා වල්ලභයන්ගේ වීර ක්‍රියාවන් රැසක් රාජවලිය සහ අලකේශ්වර යුද්ධය යන ග්‍රන්ථවල මැනැවින් විස්තර කොට ඇත.

ඔහුගේ සොයුරු මාදම්පේ තනියවල්ලභ කුමරු මරණින් පසුව තනිවැල්ලේ දෙවියන් නමින් දේවත්වයට පත්විය. සුප්‍රකට මාදම්පේ දේවාලය ඉදිව ඇත්තේ එම දෙවිඳුන් නමිනි. එසේම සුවිශේෂ රණශූරයකු සේම කෘෂි කර්මයෙහි හසල දැනුමක් තිබූ ගොවි රජකු ද වන උඩුගම්පොල සකල කලා වල්ලභයන් මරණින් මතු ඔහු විසින් ඉදි කළ අස්වාන වේල්ලේ නමින්ම අස්වානේ දෙවියන් නමින් දේවත්වයට පත්ව තිබේ. ඒ නිසාම පත්තිනිපිටිය පුරාණ දේවාලයේත් තිබ්බටුගොඩ පුරාණ ශ්‍රී සුගතරාමයේත් පැරණි ආගමික චාරිත්රවලදී එම අස්වානේ දෙවියන්ට පින් පෙත් පැමිණවීම අනිවාර්යයෙන්ම සිදු කොට ඇත.

සටහන සහ ඡායාරූප - සහන් සංකල්ප සිල්වා

සකලකලාවල්ලභ (අස්වාතේ දෙවි) ප්‍රතිමාව

කුඩා බොල්ලත පුරාණ පත්තිනි දේවාලය

තිබ්බටුගොඩ පුරාණ ශ්‍රී සුගතාරාමය

ගත්තේ ලංකාදීප වෙබ් අඩවියෙන්

[QUOTE="KaalaGola, post: 13237853, member: 249733"] [b]උඩුගම්පොල රජුගේ හද දිනූ සම්බාගම[/b] [SIZE=4]ශ්‍රී ලංකාවේ රජකම් කළ ප්‍රාදේශීය රජවරුන් අතුරින් උඩුගම්පොල සකල කලා වල්ලභ රජුට හිමිවන්නේ මුල් තැනකි. ක්‍රි.ව 1477-1496 අතර කෝට්ටේ රජකම් කළ අට වැනි වීර පරාක්‍රම රජු දෙවනුව සරණ පාවා ගත් අග බිසවගේ බාල සොයුරියගේ කුසින් මෙලොව එළිය දුටු කුමාරවරුන් දෙදෙනා ගෙන් පළමුවැන්නා මොහුය. දෙවැන්නා තනිය වල්ලභ කුමරුය. පිය රජුගේ ඇවෑමෙන් අග බිසව ගේ පුතුන් සිව් දෙනා අතුරින් වැඩිමල් පුතු වන ධර්ම පරාක්‍රමබාහු කුමරුට කෝට්ටේ සිහසුන භාර කළ සකල කලා වල්ලභ සහ තනිය වල්ලභ යන කුමරුවෝ උඩුගම්පොල සහ මාදම්පේ යන ප්‍රදේශවල උප රාජධානි පිහිටුවා ගත්හ.[/SIZE] [SIZE=4]සුවිශ්ට රණශූරත්වයකින් යුත් සකල කලා වල්ලභයන්ට එනම ලැබී ඇත්තේ ඔහු සටන් කලාවන් ඇතුළු සකල විධ කලාවන්හි කෙළ පැමිණි නිසා යැයි කියනු ලැබේ. එමෙන්ම මෙම රජු චක්‍රායුධ කුමරු නමින් ද හැඳින්වුණු බව ඕලන්ද ජාතික පූජක තුමකු සහ ඉතිහාසඥයෙකු වන වැලන්ටයින් විසින් 1724 වසරේ දී එළි දැක්වූ ඉතිහාස ග්‍රන්ථයේ සඳහන්ය. ඒ අනුව එම කුමරු චක්‍රායුධය නම් අවිය හැසිරවීමේ සූරයකු නිසා එනම පට බැඳුණා ද විය හැක.[/SIZE] [SIZE=4]සකල කලා වල්ලභ, තනිය වල්ලභ රජවරුන් දෙදෙනා යුද ශිල්පයෙහි සේම කෘෂි කර්මාන්තයෙහි ද අති දක්ෂ වූහ. වත්මන් පුත්තලම දිස්ත්‍රික්කයට අයත් අති විශාල භූමි ප්‍රදේශයක් අස්වද්දා රට සමෘද්ධිමත් කිරීමට මාදම්පේ රජකම් කළ තනියවල්ලභ කුමරු සමත්විය. මෙම යුගයේ හලාවත, පුත්තලම ආශ්රිත මුහුදු තීරයේ අක්කර දස දහස් ගණනක සරුසාර වී වගාවක් පැවැති බවට ඓතිහාසික සේම භූගෝලීය සාක්ෂිද ඇත. එහෙත්, ඉන් පසු ඇරඹි ඕලන්ද යුගයේ සිදුවූ නොවිධිමත් ජල කළමනාකරණ ව්‍යාපෘතීන් නිසා එම කුඹුරුවලට කරදිය මුසු වීමෙන් අද වන විට ඒවා ”විල්ලූ” බවට පත්ව තිබේ. සුවිසල් වැව් පද්ධතියක් හා සම්බන්ධ ආනවිලූන්දාව තෙත් බිමද පසුව එසේ සම්පූර්ණයෙන් වැනසී ගිය සශ්‍රික කූඹුරු යායකි. සියළු කලාවන්හි කෙළ පැමිණි උඩුගම්පොල රජකළ සකල කලා වල්ලභයන් කෘෂි කර්මාන්තයෙහි අති දක්ෂයෙකු සේම සුවිශිෂ්ඨ වාරි ඉංජිනේරුවෙකුද බව සනාථ කරන සාක්ෂි බොහොමයකි. අත්තනගලූ ඔයේ අතු ගංඟාවක්වන කුඩා ඔය හරස් කොට ඔහු කරවූ දැවැන්ත වේල්ලක නටබුන් දැනුදු මිනුවන්ගොඩ, වෑගොව්ව ප්‍රදේශයේදී දැකිය හැක. ඒ හැරුණු කොට එතුමන් විසින් කරවන ලද තවත් වාරි කර්මාන්ත බොහොමයකි. වර්තමාන උඩුගම්පොල ආදාහනාගාරයට යාබද පතහ නම් ස්ථානයේ ප්‍රදේශයේ එතුමන් පරිහරණය කළ ජල උද්‍යානයේ නටබුන් අද ද දැකිය හැක.[/SIZE] [SIZE=4]කොට්ටේ යුගයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කුඹුරු යායක්ව පැවැති මුතුරාජවෙල සංවර්ධනයේ පුරෝගාමියාණන්ද මේ රජුම බව කියති. රජතුමන් මුත්තු රාජ් නම් ද්‍රවිඩ වාරි ඉංජිනේරුවරයෙකුගේ සැලසුමක් මත අස්වද්දන ලද නිසා එම සුවිසල් කුඹුරු යාය මුතුරාජවෙල වශයෙන් හැඳින්වෙන බව ඇතැමෙක් කියති. නමුත් මුතුවන් සහල් ලබාදුන් රාජකීය වෙල් යාය යන අදහස කෙටි වී ඊට මුතුරාජවෙල යන නම පටබැඳුණු බව වඩාත් ප්‍රචලිත මතයයි.[/SIZE] [SIZE=4]මුතුරාජවෙලට අමතරව උඩුගම්පොල රාජධානියට අයත්ව තිබූ අක්කර දස දහස් ගණනක් පුරා පැතිරගත් තවත් භූමි ප්‍රදේශයක එවක සාර්ථක ලෙස වී වගාව පැවැති බවට අදත් ගම්පහ ආශ්‍රිතව ඇති ”විට” යන්නෙන් නිමා වන ග්‍රාම නාමවලින් පැහැදිලිය. රත්මලවිට, කිරිඳිවිට, මාකේවිට, අඹන්විට, තඹවිට (තම්මිට) අක්කරවිට, උදම්විට (උදම්මිට) ආදී වශයෙන් හැඳින්වෙන මෙම සියලූ ප්‍රදේශ ඒ හරහා ගලා යන ජල මූලාශ්රාධාරයෙන් අස්වැද්දවීමට සකල කලා වල්ලභ රජතුමා සමත් වී තිබේ. වර්තමානයේ බොහෝ දෙනෙකු නොදන්නා මුත් මේ අතුරින් ”සම්බාගම” නමින් හැඳින්වුණු අක්කර සිය ගණනක විශේෂිත කුඹුරු යායක් රජතුමන් ගේ විශේෂ අවධානයට ලක්ව තිබේ. ප්‍රදේශය හරහා ගලා බසින ඌරුවල් ඔය ජල මූලාශය දඟර සහිත වීම නිසා වඩාත් සශ්‍රීක බවක් පළ කළ මෙම ”සම්බාගම” ට හිමි වූ ග්‍රාම නාමය පසුව ”හම්බාගම” වී මීට දශක හතර පහක පමණ සිට මුලූමනින්ම අභාවයට ගොසිනි. වත්මන් ගණේමුල්ල ප්‍රදේශයට අයත් මෙම ගම්මානය අද හොරගොල්ල සහ තිබ්බටුගොඩ ලෙස ගම්මාන දෙකක් බවට පත්ව තිබේ.[/SIZE] [SIZE=4]වරක් මෙම පැරණි සම්බාගමට යාබද ප්‍රදේශයක කෘෂි සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීමට ගිය රජතුමා මුහුද පෙනෙන තරම් උසට වී කන්දක් ගැසීමට තරම් වී අස්වැන්නක් එම ප්‍රදේශයේ කුඹුරුවලින් අපේක්ෂා කරන බව එහි වගා කටයුතු බාරව කටයුතුකළවුනට පවසා ඇත. එහෙත් එහි කෘෂි අස්වැන්න නෙළන කාලයේ යළි එම ප්‍රදේශයට ගිය රජතුමා තමන් අපේක්ෂාකළ ප්‍රමාණයට එහි අස්වැන්න නොතිබීමෙන් නොසතුටට පත්ව සුරතට වී අහුරක් ගෙන බොල් අතේ යනුවෙන් පවසා තිබේ. ඒ තම අරමුණ ව්‍යර්ථ වූ බව පැවසීමටය. රජතුමාගේ එම ප්‍රකාශය අවට ප්‍රදේශවාසීන්ගේ සිත් තුළට කොතරම් තදින් කා වැදුණේද යත් අද ද එම ප්‍රදේශය හැඳින්වනුයේ බොල්ලතේ, බොල්ලත යනුවෙනි. කුඩා බොල්ලතේ සහ බොල්ලතේ යන මෙම ගම්මාන ඇත්තේ පැරණි සම්බාගමට නොදුරිනි.[/SIZE] [SIZE=4]සකල කලා වල්ලභ රජතුමා මෙම සම්බාගම කෙරෙහි වඩාත් ලොල්වීමට තවත් හේතුවක් වී ඇත්තේ එහි තිබූ පත්තිනි දේවාලයයි. සන්නාසි වේශයෙන් ඉන්දියාවේ අන්ද්‍රා දේශයේ සිට මෙහි පැමිණි බ්‍රාහ්මණ ගිහි පූජකයන් කිහිප දෙනෙකු පත්තිනි දෙවියනට පුද පූජා කිරීම පිණිස ඉදිකර ගෙන තිබූ මෙම පත්තිනි දෙවොල සකල කලා වල්ලභයන්ගේ විශේෂ ගෞරවාදරයට ලක්වූ තැනක් වූ බව පැරණි ජනප්රවාදවලින් හෙළිවේ.[/SIZE] [SIZE=4]සම්බාගම අස්වැද්දෙන කුඹුරු බැලීමට සපැමිණි රජතුමන් ඒ කුඹුරු යායට ඉහලින් වූ උස් භූමි භාගයක පිහිටි වත්මන් ගණේමුල්ල, තිබ්බටුගොඩ පුරාණ ශ්‍රී සුගතාරාම භූමියෙහි වාඩිලා සිටි බව පැරණි ජනප්රවාදවලින් පැවසේ. එමෙන්ම රජතුමා වාඩිලා ගත් බව පැවසෙන තවත් ස්ථානයක් අද ද හැඳින්වෙනුයේ ”වාඩිය වත්ත” ලෙසිනි.[/SIZE] [SIZE=4]අතීතයේ නා වදුලකින් වැසී තිබූ අතිශයින් දැකුුම්කළු උස් බිමක පිහිටි පුරාණ ශ්‍රී සුගතාරාම විහාර භූමියේ සිට අදත් ගම්පහ ඒකල ආදී ප්‍රදේශ දක්වා වන අක්කර දහස් ගණනක කුඹුරු යායක් ඉතා පහසුවෙන් දැක බලා ගත හැක. එමෙන්ම අන්ද්‍රා දේශයෙන් පැමිණි බ්‍රාහ්මණ පූජකවරුන් හා සම්බන්ධ එම දෙවොල සහ එම ප්‍රදේශය අදත් ”පත්තිනිපිටිය” යනුවෙන් හැඳින්වේ. නමුදු ඉංග්‍රීසි පාලන සමයේ සිදුවූ පරිපාලනමය බෙදීම්වලදී එම පුරාණ පත්තිනිපිටිය දේවාලය පිහිටි බිම් කඩ කුඩා බොල්ලත නම් යාබද ගම්මානයට අයත් ලෙසින් කැඞී වෙන්ව ගොස් තිබේ. නව භාරකාරිත්වයක් යටතේ අද වන විට ද එහි පූජා චාරිත්‍ර සිදුකෙරේ. එමෙන්ම එම ඉන්දීය ගිහි පූජකවරුන්ගෙන් පැවැත ආ ඊළඟ පරපුර තම පාරම්පරික ආගමික වත් පිළිවෙත් අතැර කන්ද උඩරට සමයේ දී බුදු දහම වැළඳ සිංහල ජන සමාජයට අවශෝෂණය වී තිබේ. නමුත් සන්නාසි වේශයෙන් අන්ද්‍රා දේශයෙන් මෙහි පැමිණි ගිහි පූජකයන් ගෙන් පැවැත එන බව පැවසෙන ආඬිගේ සහ සේනාසිගේ (සන්‍යාසිගේ) යන පෙලපත් නාම අදත් මෙම ගම්මානවල පාරම්පරික ගැමියන්ගේ නම් වලට ඈඳී තිබේ. එය මේ සැඟවුණු අතීතය මානව විද්‍යාත්මකව මනාව කළ එළි දක්වන්නකි.[/SIZE] [SIZE=4]කෝට්ටේ යුගයේ දී අතිශය සශ්‍රීකව පැවැති මෙම කෙත් වතු රජ දහන කේන්ද්‍ර කරගනිමින් බැබලූණු ගණේමුල්ලේ, තිබ්බටුගොඩ ශ්‍රී පුරාණ සුගතාරාමය ගම්පහ ප්‍රදේශයේ ඇති ඓතිහාසික වශයෙන් වැදගත්ම සිද්ධස්ථාන අතුරින් එකකි.[/SIZE] [SIZE=4]මාහැඟි බිතු සිතුවම් සහිත මහනුවර යුගයට අයත් පැරණි විහාර මන්දරය අතීතයේ මෙහි ගැමියන්ගේ ආගමික, සංස්කෘතික සහ සදාචාරාත්මක සංවර්ධනයේ කැඩපතක් බඳුය. නමුදු මේ වන විට එහි පැරණි බිතු සිතුවම් අභාවයට ගොස් ඇති අයුරක් පෙනෙයි.[/SIZE] [SIZE=4]විසිවැනි සියවසේ මැද භාගයේ දශක කිහිපයක් පමණක් අභාවයට ගොස් තිබූ මෙම පුරාණ ශ්‍රී සුගතාරාමය දැනට දශක දෙකකටත් වැඩි කලක් තිස්සේ එහි වත්මන් විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය හෝමාගම ආනන්ද නාහිමියන්ගේ විහාරාධිපතිතීත්වය යටතේ නව පුනරුදයකට පත්වෙමින් තිබේ.[/SIZE] [SIZE=4]ක්‍රි.ව. 1513 වසරේ ධර්ම පරාක්‍රම රජු අභාවයට පත් අතර ඉන්පසු කෝට්ටේ කිරුළට ඇරැයුම් ලැබූ උඩුගම්පොල සකල කලා වල්ලභ රජතුමා කොට්ටේ රාජධානියට සපැමිණ තමනට හිමි කිරුළු ධර්මපරාක්රම රජුගේ එක් කුස උපන් බාල සොයුරු වන විජයබා කුමරුට භාරදී යළි උඩුගම්පොලටම පැමිණ තිබේ. එය අටවැනි වීර පරාක්‍රම රජුගේ අගබිසව ගේ කුසින් උපන් ඒ කුමරු රාජ්‍යත්වයට වඩාත් සුදුසු බව තමන්ම තීරණය කිරීමෙනි. සකල කලා වල්ලභයන් ගේ යුක්ති ධර්මතාවය කොතෙක් දැයි මින් අපට පසක් වේ.[/SIZE] [SIZE=4]එමෙන්ම සකල කලා වල්ලභයන්ගේ වීර ක්‍රියාවන් රැසක් රාජවලිය සහ අලකේශ්වර යුද්ධය යන ග්‍රන්ථවල මැනැවින් විස්තර කොට ඇත.[/SIZE] [SIZE=4]ඔහුගේ සොයුරු මාදම්පේ තනියවල්ලභ කුමරු මරණින් පසුව තනිවැල්ලේ දෙවියන් නමින් දේවත්වයට පත්විය. සුප්‍රකට මාදම්පේ දේවාලය ඉදිව ඇත්තේ එම දෙවිඳුන් නමිනි. එසේම සුවිශේෂ රණශූරයකු සේම කෘෂි කර්මයෙහි හසල දැනුමක් තිබූ ගොවි රජකු ද වන උඩුගම්පොල සකල කලා වල්ලභයන් මරණින් මතු ඔහු විසින් ඉදි කළ අස්වාන වේල්ලේ නමින්ම අස්වානේ දෙවියන් නමින් දේවත්වයට පත්ව තිබේ. ඒ නිසාම පත්තිනිපිටිය පුරාණ දේවාලයේත් තිබ්බටුගොඩ පුරාණ ශ්‍රී සුගතරාමයේත් පැරණි ආගමික චාරිත්රවලදී එම අස්වානේ දෙවියන්ට පින් පෙත් පැමිණවීම අනිවාර්යයෙන්ම සිදු කොට ඇත.[/SIZE] [B][SIZE=4]සටහන සහ ඡායාරූප - සහන් සංකල්ප සිල්වා[/SIZE][/B] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/06/09-Rasa-p1-6.jpg[/IMG] සකලකලාවල්ලභ (අස්වාතේ දෙවි) ප්‍රතිමාව [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/06/09-Rasa-p1-1.jpg[/IMG] කුඩා බොල්ලත පුරාණ පත්තිනි දේවාලය [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/06/09-Rasa-p1-5.jpg[/IMG] තිබ්බටුගොඩ පුරාණ ශ්‍රී සුගතාරාමය ගත්තේ ලංකාදීප වෙබ් අඩවියෙන් [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom