උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝග කරයි….

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කර තිබේ.

    අධිකරණයේ කැදවන ලද නඩුවක් සඳහා ධම්මාලෝක හිමියන් පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.

    අදාළ නඩුව පවරා තිබෙන්නේ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පිරිසක් විසිනි.

    ධම්මාලෝක හිමියන්ගේ විහාරස්ථානයේ අධික ශබ්දයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම මගින් මහජනයාට පීඩා සිදුවන බවට එමගින් චෝදනා කර ඇත.

    ඔක්තෝබර් 31වැනිදා නඩුව යලි කැඳවීමට ද අධිකරණය නියෝග කර තිබේ.