Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උත්සහවන්තයාම ජීවිතය ජයගනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උත්සහවන්තයාම ජීවිතය ජයගනී

2011යේ දෙසැම්බරයි. නත්තල් දා හෝ ඊට පසු දින පළමු වර විභාගයේ ප්‍රතිඵලය ලැබුණි. එලොවටත් නැති මෙලොවටත් නැති එය රසායන විද්‍යාවට C සාමාර්ථයක් හා අනිත් ඒවාට S සමාර්ථ බැගිනි. අසමත් වේ යැයි බියෙන් සිටි මට එය යම් අස්වැසිල්ලක් වූව ද අවුරුදු 13ක් තිස්සේ බලාපොරෙත්තු පොදි බැඳ සිටි අම්මාටනම් එය එසේ නොවන්නට ඇත. ඇගෙන් ඉටු විය යුතු සියල්ලක්ම ඇය අකුරක් නෑර ඉටු කලද මා ඒවා තඹ දොයිතුවකට හෝ මායිම් නොකර මගේම ලෝකයක ජීවත් වීමි. ඒයට වරද කිසිවෙකුගේවත් නොව මගේමය. පන්ති භේදය ගැන දැන දැනත් මා කිසිම දිනෙක නොලැබෙනා වග දැන දැනත් හැඟීම් වලට වහල් වී නොලැබෙන ආදරයක් පස්සේ ගියේ අම්මාගෙ හීන පාගා දමමිනි. පාඩම් කරනවා වෙනුවට හීන මවමින් ඒවායේ ජීවත් වුනෙමි. මා කොළඹට වී කල කාලකණ්නි වැඩ ගැන අම්මා නොදත් නිසාවෙන් දෝ ඇය මට දශමයක්වත් දොස් පැවරුවේ නැත. ඇය සිතුවේ පාසලේ බාහිර වැඩ නිසාවෙන් විභාගය අවුල් යන්නට ඇතයි කියාය. ඇය පැවසූ එකම දේ නම් ආයෙමත් කරපන් මයේ පුතේ යන්න පමණකි. ආයෙමත් කිරීමට තරම් ධෛර්යයක් මා සතුව නොවීය. ඒ සඳහා මාගේ මොල ගෙඩියද සකස් වී නොමැති බව මා හොඳින්ම දනී. විභාගයේදී පෘෂ්ඨික ආතතිය ප්‍රශ්ණය චලිත සමීකරණ යොදා විසඳීමට තරම් මා මොට්ටයෙක් විය. මා මටම ශාප කර ගතිමි. මෙය මුල සිටම ලේසියෙන්ම කරගන්නට තිබූ දෙයකි. මාගේ හොඳම යාළුවා කමල් ය. ඔහුට උන සිද්දියත් තරමක මේ හා සමානය. මේ ඔහු එවා තිබුණි කෙටි පණිවිඩකි. "Ado Petti, umba upset ganna epa bung. unta penna me para gema gahapan. bokken wada karapan. unta salli thiyena hinda private campus gane yai. apita me nidhahas adyapanayen arenna goda emak na bung. "Forget what u hurt in the past, but never forget what it taught u" ehenam Moratuwedi hambemu.tc." ඔහු පවසන්නේ ඇත්තය. අප වැනි උන්ට ගොඩ යන්නට ඇත්තේ නිදහස් අධ්‍යාපනයම පමණකි. වුණු සියළු දෑ පසෙකළු නැවතත් විභාගයට සූදානම් වන්නට මම පටන් ගතිමි. ෆේස්බුක් අත්හළෙමි. රූපවාහිනියත් නතර කළෙමි. ජංගම දුරකථනයත් පසෙකලා නැවතත් පංති යාම ආරම්භ කළෙමි. කොළඹ නොඇවිදින් ගෙදර සිටන්ම පාඩම් කරන්නට පටන් ගත්තෙමි.

මුලින්ම මා පංතියකට කියා ගියේ සර් කෙනෙක්ගේ ගෙදරක තිබූ පංතියකටය. එහි ඉගැන්වූ මෙලෝ දෙයක් මගේ චූටි මොළ ගෙඩියට වැටහුනේ නැත. එනමුත් මා සති හතරක් හෝ පහක් එක දිගට පංති ගියෙමි. එහි තවත් විශේෂ චරිතයක් වීය. ඇය ගැන මාගේ හිත මටත් හොරාම සිතන්නට පටන් ගත්තාද රෑ වැටුනු වලේ දවාලේ පනින්නේ ඇයි දැයි මම මගෙන්ම ප්‍රශ්න කර ගෙන එය අමතක කර දැමීය. මම එම පංතිය නවතා දැමූවෙමි. ඒ එහි ඉගැන්වූ මෙලෝ හසරක් නොතේරුනු නිසාත් අර කලින් කියූ විශේෂ චරිතය නිසා මා හිත වෙනත් අන්තයන්ට ඇදී යන නිසාත් ය. කෙසේ හෝ දින ගනන් මාස ගනන් ගෙවී යද්දී ඇගේ ගැන මා ඉඳ හිට හිතුවත් ඇය මගේම කර ගන්නට තරම්ම එය ප්‍රබල නොවීය. දිනෙක අහම්බෙන් මෙන් මා ඇගේ මිතුරියකගෙන් ඇගේ දුරකථන අංකය බලෙන් මෙන් ඉල්ලා ගත්තෙමි නමුදු යවන්නට තරම් දෙයක් නොවූ හෙයින් මා නිහඬවම සිටියෙමි. සිංහල අළුත් අවුරුද්ද දා ඇයට සුභ පැතුමක් එක් කළෙමි. මුලදී ඇය ගනන් උස්සා ගස්ස ගස්සා සිටියාය. එතනින් පටන් ගත් එය ටිකෙන් ටික ඉඳ හිට කතා කරනා තත්වයට පැමිණීය. දැන්නම් මා සිත ඇයවම ඉල්ලයි, එනමුත් මා ඉලක්කයත් අම්මා සොයනා සතුටත් කළින් ඉගෙනගත් පාඩමුත් මට හොල්මන් කරයි. එහෙන් ඇය මා හිත හොරාගෙනය, මෙහෙන් මා විභාගය වෙනුවෙන්ය. විභාගය ඇන ගත්තෝතින් නම් ඇයව කෙසේවත් ලබා ගන්නවා බොරුය. එවිට සිදුවනු ඇත්තේ මුල් වර සිදු වූ සිද්දියමය. අවසානයේ කවුරුන්වත් නොමැතිව ඉතුරුවන්නේ අම්මා ම පමණකි. මා හට රැවුලත් කැඳත් දෙකම බේරා ගන්නට ක්‍රමයක් නොවීය. යා හැකි හොඳම විසඳුමක් මා සෙවූවෙමි. අවසන මා තීරණය කලේ රැවුලත් කැඳත් දෙකම බේරා ගැනීමටය. මා මටම අභියෝගයක් ලබා දුනිමි. ඒ මේ පින්තූරයේ ඇති දේයි. මා එය ලියා තැබුවේ පාඩම් කරනා තැනය. මා මනෝ ලෝක වල තනිවෙද්දීම මෙය දැකීමෙන් නැවතත් පාඩමට සිත් යෙදෙයි. පාඩම් කරනා සෑම මොහොතකම ඒ දේට සිත් යෙදීය ඇය සමග මැසේජ් කරතද, ඒ වැඩ කරනා විට නොවේ. මේ අතරදී ඇගේ මල්ලීට ඩෙංගු මදුරුවෙක් දශ්ඨ කරනුයේ මගේ පෙර වාසනාවකටය. එයින් තරමක් අසාධ්‍ය වූ ඔහු කොළඹ රෝහලක් නවත්තද්දී ඇගේ තනි නොතනියට දුක බෙදා ගන්නට මා වෙනදාට වඩා ඈ ලඟින් සිටියෙමි. එම සිද්දියෙන් පසු ඈ හා මා බොහෝ සෙයින් ලන් වූයෙමු. නමුත් අප තවමත් හොඳම යාළුවන්ය. මම දැන් ඇය ගැනද වද වෙයි එනමුත් ඉලක්කය අමතක කලේ ම නැත. ඇය මගේ කරගෙන මගේ සතුටත් විභාගය හොඳින් කරගෙන අම්මාගේ සතුටත් දෙකම එක ලෙස ලබා ගැනීම මා සතු කාර්යයයි. කෙසේ නමුදු දැන් මට ඈ නැතිවම බැරිය. එක කෙටි පණිවිඩයක් හෝ එව්වේ නැතහෝත් කෑවත් නොකෑවා වැනිය. ඇයටද එසේ වන්නට ඇත. එයට මා උපක්‍රමයක් යෙදීය. මා පාඩම් කරනුයේ රාත්‍රියේදීත් ඇය පාඩම් කරනුයේ පාන්දරත් නිසාවෙන්, මා නිදන්ට යන විට ඇයව කූද්දා යෑමට පුරුදු විය. ඇයද එයට පුරුදු වීය. කෙතරම් ඈ හා මා ලන් වූවත් මා හිතේ තදින්ම විශ්වාස කල දෙයක් වූයේ කෙනෙක් යම් කෙනෙකුට ආදරය කරයි ද එය අන් කෙනාට පැවසීය යුතු නැත, එය ඒ කෙනාට ඉබේම දැනෙනු ඇත. එබැවින් මා ද ඇයට කිසිම දිනෙක ආදරය කරන වග නොපැවසීමට ඉටා ගත්තෙමි, මා ආදරය යන්නට නිර්වචනයක් දෙන්නට හරි හැටි නොදනී. නමුත් ඈ ගැන ඇති ව් තිබූ කැමැත්ත හා ගැති කම ආදරය වන්නට ඇතයි සිතමි. ඇය යම් යම් දින වල මෙවැනි කතා වලට මුල පිරූවද මම ඒවාගෙන් ලිස්සා ගියේ විභාගයට මුල් තැන දිය යුතු නිසාවෙනි. විභාගය එන තුරුත් අපි බොහෝ ලඟින් සිටීයෙමු. එතකල් තවත් බොහෝ රසවත් සිද්දීන් ද වීය. විභාගය දින වලදී තරමක් දුරස් වූ මා හා ඈ කථා කලේ අල්ප වශයෙනි. කෙසේ හෝ පොදු පරීක්ෂනය විභාගයේ අවසාන දවසයි. එය නිමා කර යාළුවන්ටද සමු දී මා ගෙදර එන විට මාගේ ජංගම දුරකථනයට පණිවිඩයක් ලැබී ඇත එහි සඳහන් වූයේ අපි අපේම වන්නේ කවදා ඉඳන්දැයි යනුවෙනි. එනම් මා විශ්වාස කල දේ සත්‍යක් වී ඇත. මා තුළ ඈ කෙරෙහි වූ හැඟීම මා නොකීවාද ඇයට දැනී ඇත. මගේ දෙවැනි ෆස්ට් ලව් එක ආරම්භ වූයේ මෙතැකිනි. දැන් මා මහන්සි වූ විභාගයේ ප්‍රතිඵලයද පැමිණ ඇත, එය මට ඕනවාටත් වඩා ප්‍රමාණවත් ය. ඇය මට සැබෑවටම පෙම් කරනා වග මා හොඳින්ම දනී මන්දයත් බොහෝ කෙල්ලන් සොයනා සල්ලිවත්, ලස්සනවත් මා තුල ඇත්තේම නැත. මට ඇයට දීමට ඇති එකම දේනම් ආදරය පමණි. මා සතු එකම වත්කමනම් උගත්කම පමණි. මම ඇයට මට දිය හැකි ආදරය නොඅඩුව ලබා දෙන්නෙමි. ඇයද තවමත් එසේය. මා ගැන බොහෝ සෙයින් වද වෙයි. ඉදිරිය කෙසේ වේ දැයි හරි හැටි නොදනී. මන්ද ගැහැණුන්ගේ වෙනස් වීම විශ්වාස කළ නොහැකි ලෙස සිදුවන්නකි. මගෙන් ඇයට වැරදි දෙයක් නොවීමටද මා වග බලාගන්නෙමි. ඒ ඇයට මා සීමාරහිතව ආදරය නිසාවෙනි. අවසන කියන්නට ඇත්තේ මෙතෙක් කළක් මා හිතේ පැල පදියම් වූ බොහෝ සිහින යම් දිනෙක ඒ අකාරයෙන්ම නොවූවද යම් අකාරයකට හෝ ඒවා සඵල වී ඇති බවයි. එබැවින් හීන මවන්න, එනමුදු ඒවා අප සොයා එන්නේ නැත. අප ඒවා සොයා යා යුතුයි.

කිසිම වැද ගැම්මකට නැති මෙය කියවූ ඔබට ස්තූතියි.

ඊස්සුවේ බුකියෙන්

[QUOTE="Astromaze, post: 15538744, member: 476738"] [b]උත්සහවන්තයාම ජීවිතය ජයගනී[/b] [SIZE="4"]2011යේ දෙසැම්බරයි. නත්තල් දා හෝ ඊට පසු දින පළමු වර විභාගයේ ප්‍රතිඵලය ලැබුණි. එලොවටත් නැති මෙලොවටත් නැති එය රසායන විද්‍යාවට C සාමාර්ථයක් හා අනිත් ඒවාට S සමාර්ථ බැගිනි. අසමත් වේ යැයි බියෙන් සිටි මට එය යම් අස්වැසිල්ලක් වූව ද අවුරුදු 13ක් තිස්සේ බලාපොරෙත්තු පොදි බැඳ සිටි අම්මාටනම් එය එසේ නොවන්නට ඇත. ඇගෙන් ඉටු විය යුතු සියල්ලක්ම ඇය අකුරක් නෑර ඉටු කලද මා ඒවා තඹ දොයිතුවකට හෝ මායිම් නොකර මගේම ලෝකයක ජීවත් වීමි. ඒයට වරද කිසිවෙකුගේවත් නොව මගේමය. පන්ති භේදය ගැන දැන දැනත් මා කිසිම දිනෙක නොලැබෙනා වග දැන දැනත් හැඟීම් වලට වහල් වී නොලැබෙන ආදරයක් පස්සේ ගියේ අම්මාගෙ හීන පාගා දමමිනි. පාඩම් කරනවා වෙනුවට හීන මවමින් ඒවායේ ජීවත් වුනෙමි. මා කොළඹට වී කල කාලකණ්නි වැඩ ගැන අම්මා නොදත් නිසාවෙන් දෝ ඇය මට දශමයක්වත් දොස් පැවරුවේ නැත. ඇය සිතුවේ පාසලේ බාහිර වැඩ නිසාවෙන් විභාගය අවුල් යන්නට ඇතයි කියාය. ඇය පැවසූ එකම දේ නම් ආයෙමත් කරපන් මයේ පුතේ යන්න පමණකි. ආයෙමත් කිරීමට තරම් ධෛර්යයක් මා සතුව නොවීය. ඒ සඳහා මාගේ මොල ගෙඩියද සකස් වී නොමැති බව මා හොඳින්ම දනී. විභාගයේදී පෘෂ්ඨික ආතතිය ප්‍රශ්ණය චලිත සමීකරණ යොදා විසඳීමට තරම් මා මොට්ටයෙක් විය. මා මටම ශාප කර ගතිමි. මෙය මුල සිටම ලේසියෙන්ම කරගන්නට තිබූ දෙයකි. මාගේ හොඳම යාළුවා කමල් ය. ඔහුට උන සිද්දියත් තරමක මේ හා සමානය. මේ ඔහු එවා තිබුණි කෙටි පණිවිඩකි. "Ado Petti, umba upset ganna epa bung. unta penna me para gema gahapan. bokken wada karapan. unta salli thiyena hinda private campus gane yai. apita me nidhahas adyapanayen arenna goda emak na bung. "Forget what u hurt in the past, but never forget what it taught u" ehenam Moratuwedi hambemu.tc." ඔහු පවසන්නේ ඇත්තය. අප වැනි උන්ට ගොඩ යන්නට ඇත්තේ නිදහස් අධ්‍යාපනයම පමණකි. වුණු සියළු දෑ පසෙකළු නැවතත් විභාගයට සූදානම් වන්නට මම පටන් ගතිමි. ෆේස්බුක් අත්හළෙමි. රූපවාහිනියත් නතර කළෙමි. ජංගම දුරකථනයත් පසෙකලා නැවතත් පංති යාම ආරම්භ කළෙමි. කොළඹ නොඇවිදින් ගෙදර සිටන්ම පාඩම් කරන්නට පටන් ගත්තෙමි. මුලින්ම මා පංතියකට කියා ගියේ සර් කෙනෙක්ගේ ගෙදරක තිබූ පංතියකටය. එහි ඉගැන්වූ මෙලෝ දෙයක් මගේ චූටි මොළ ගෙඩියට වැටහුනේ නැත. එනමුත් මා සති හතරක් හෝ පහක් එක දිගට පංති ගියෙමි. එහි තවත් විශේෂ චරිතයක් වීය. ඇය ගැන මාගේ හිත මටත් හොරාම සිතන්නට පටන් ගත්තාද රෑ වැටුනු වලේ දවාලේ පනින්නේ ඇයි දැයි මම මගෙන්ම ප්‍රශ්න කර ගෙන එය අමතක කර දැමීය. මම එම පංතිය නවතා දැමූවෙමි. ඒ එහි ඉගැන්වූ මෙලෝ හසරක් නොතේරුනු නිසාත් අර කලින් කියූ විශේෂ චරිතය නිසා මා හිත වෙනත් අන්තයන්ට ඇදී යන නිසාත් ය. කෙසේ හෝ දින ගනන් මාස ගනන් ගෙවී යද්දී ඇගේ ගැන මා ඉඳ හිට හිතුවත් ඇය මගේම කර ගන්නට තරම්ම එය ප්‍රබල නොවීය. දිනෙක අහම්බෙන් මෙන් මා ඇගේ මිතුරියකගෙන් ඇගේ දුරකථන අංකය බලෙන් මෙන් ඉල්ලා ගත්තෙමි නමුදු යවන්නට තරම් දෙයක් නොවූ හෙයින් මා නිහඬවම සිටියෙමි. සිංහල අළුත් අවුරුද්ද දා ඇයට සුභ පැතුමක් එක් කළෙමි. මුලදී ඇය ගනන් උස්සා ගස්ස ගස්සා සිටියාය. එතනින් පටන් ගත් එය ටිකෙන් ටික ඉඳ හිට කතා කරනා තත්වයට පැමිණීය. දැන්නම් මා සිත ඇයවම ඉල්ලයි, එනමුත් මා ඉලක්කයත් අම්මා සොයනා සතුටත් කළින් ඉගෙනගත් පාඩමුත් මට හොල්මන් කරයි. එහෙන් ඇය මා හිත හොරාගෙනය, මෙහෙන් මා විභාගය වෙනුවෙන්ය. විභාගය ඇන ගත්තෝතින් නම් ඇයව කෙසේවත් ලබා ගන්නවා බොරුය. එවිට සිදුවනු ඇත්තේ මුල් වර සිදු වූ සිද්දියමය. අවසානයේ කවුරුන්වත් නොමැතිව ඉතුරුවන්නේ අම්මා ම පමණකි. මා හට රැවුලත් කැඳත් දෙකම බේරා ගන්නට ක්‍රමයක් නොවීය. යා හැකි හොඳම විසඳුමක් මා සෙවූවෙමි. අවසන මා තීරණය කලේ රැවුලත් කැඳත් දෙකම බේරා ගැනීමටය. මා මටම අභියෝගයක් ලබා දුනිමි. ඒ මේ පින්තූරයේ ඇති දේයි. මා එය ලියා තැබුවේ පාඩම් කරනා තැනය. මා මනෝ ලෝක වල තනිවෙද්දීම මෙය දැකීමෙන් නැවතත් පාඩමට සිත් යෙදෙයි. පාඩම් කරනා සෑම මොහොතකම ඒ දේට සිත් යෙදීය ඇය සමග මැසේජ් කරතද, ඒ වැඩ කරනා විට නොවේ. මේ අතරදී ඇගේ මල්ලීට ඩෙංගු මදුරුවෙක් දශ්ඨ කරනුයේ මගේ පෙර වාසනාවකටය. එයින් තරමක් අසාධ්‍ය වූ ඔහු කොළඹ රෝහලක් නවත්තද්දී ඇගේ තනි නොතනියට දුක බෙදා ගන්නට මා වෙනදාට වඩා ඈ ලඟින් සිටියෙමි. එම සිද්දියෙන් පසු ඈ හා මා බොහෝ සෙයින් ලන් වූයෙමු. නමුත් අප තවමත් හොඳම යාළුවන්ය. මම දැන් ඇය ගැනද වද වෙයි එනමුත් ඉලක්කය අමතක කලේ ම නැත. ඇය මගේ කරගෙන මගේ සතුටත් විභාගය හොඳින් කරගෙන අම්මාගේ සතුටත් දෙකම එක ලෙස ලබා ගැනීම මා සතු කාර්යයයි. කෙසේ නමුදු දැන් මට ඈ නැතිවම බැරිය. එක කෙටි පණිවිඩයක් හෝ එව්වේ නැතහෝත් කෑවත් නොකෑවා වැනිය. ඇයටද එසේ වන්නට ඇත. එයට මා උපක්‍රමයක් යෙදීය. මා පාඩම් කරනුයේ රාත්‍රියේදීත් ඇය පාඩම් කරනුයේ පාන්දරත් නිසාවෙන්, මා නිදන්ට යන විට ඇයව කූද්දා යෑමට පුරුදු විය. ඇයද එයට පුරුදු වීය. කෙතරම් ඈ හා මා ලන් වූවත් මා හිතේ තදින්ම විශ්වාස කල දෙයක් වූයේ කෙනෙක් යම් කෙනෙකුට ආදරය කරයි ද එය අන් කෙනාට පැවසීය යුතු නැත, එය ඒ කෙනාට ඉබේම දැනෙනු ඇත. එබැවින් මා ද ඇයට කිසිම දිනෙක ආදරය කරන වග නොපැවසීමට ඉටා ගත්තෙමි, මා ආදරය යන්නට නිර්වචනයක් දෙන්නට හරි හැටි නොදනී. නමුත් ඈ ගැන ඇති ව් තිබූ කැමැත්ත හා ගැති කම ආදරය වන්නට ඇතයි සිතමි. ඇය යම් යම් දින වල මෙවැනි කතා වලට මුල පිරූවද මම ඒවාගෙන් ලිස්සා ගියේ විභාගයට මුල් තැන දිය යුතු නිසාවෙනි. විභාගය එන තුරුත් අපි බොහෝ ලඟින් සිටීයෙමු. එතකල් තවත් බොහෝ රසවත් සිද්දීන් ද වීය. විභාගය දින වලදී තරමක් දුරස් වූ මා හා ඈ කථා කලේ අල්ප වශයෙනි. කෙසේ හෝ පොදු පරීක්ෂනය විභාගයේ අවසාන දවසයි. එය නිමා කර යාළුවන්ටද සමු දී මා ගෙදර එන විට මාගේ ජංගම දුරකථනයට පණිවිඩයක් ලැබී ඇත එහි සඳහන් වූයේ අපි අපේම වන්නේ කවදා ඉඳන්දැයි යනුවෙනි. එනම් මා විශ්වාස කල දේ සත්‍යක් වී ඇත. මා තුළ ඈ කෙරෙහි වූ හැඟීම මා නොකීවාද ඇයට දැනී ඇත. මගේ දෙවැනි ෆස්ට් ලව් එක ආරම්භ වූයේ මෙතැකිනි. දැන් මා මහන්සි වූ විභාගයේ ප්‍රතිඵලයද පැමිණ ඇත, එය මට ඕනවාටත් වඩා ප්‍රමාණවත් ය. ඇය මට සැබෑවටම පෙම් කරනා වග මා හොඳින්ම දනී මන්දයත් බොහෝ කෙල්ලන් සොයනා සල්ලිවත්, ලස්සනවත් මා තුල ඇත්තේම නැත. මට ඇයට දීමට ඇති එකම දේනම් ආදරය පමණි. මා සතු එකම වත්කමනම් උගත්කම පමණි. මම ඇයට මට දිය හැකි ආදරය නොඅඩුව ලබා දෙන්නෙමි. ඇයද තවමත් එසේය. මා ගැන බොහෝ සෙයින් වද වෙයි. ඉදිරිය කෙසේ වේ දැයි හරි හැටි නොදනී. මන්ද ගැහැණුන්ගේ වෙනස් වීම විශ්වාස කළ නොහැකි ලෙස සිදුවන්නකි. මගෙන් ඇයට වැරදි දෙයක් නොවීමටද මා වග බලාගන්නෙමි. ඒ ඇයට මා සීමාරහිතව ආදරය නිසාවෙනි. අවසන කියන්නට ඇත්තේ මෙතෙක් කළක් මා හිතේ පැල පදියම් වූ බොහෝ සිහින යම් දිනෙක ඒ අකාරයෙන්ම නොවූවද යම් අකාරයකට හෝ ඒවා සඵල වී ඇති බවයි. එබැවින් හීන මවන්න, එනමුදු ඒවා අප සොයා එන්නේ නැත. අප ඒවා සොයා යා යුතුයි. කිසිම වැද ගැම්මකට නැති මෙය කියවූ ඔබට ස්තූතියි. ඊස්සුවේ බුකියෙන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom