Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
උතුම් දර්ම දානයක් ම වේවා !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]id=1030907994164106;type=v;user=100071760795962[/MEDIA]

බෞද්ධයා තිසරණ සහිත පන්සිල් සමාදන් වනුයේ පාලි භාෂාමය වාක්‍ය ප්‍රකාශ කිරීමෙනි. බුද්ධ වන්දනා, පිරිත් සජ්ඣායනා සහ විවිධ පූජා ප්රාර්ථනාදිය සිදු කරනුයේද පාලි භාෂාමය ගාථා හා පාඨ උපයෝගී කර ගනිමිනි. ශ්රැති මාත්‍රයෙන් හෝ කියවා කට පාඩම් කරගැනීමෙන් හෝ ගාථා හා පාඨ වහරන බොහෝ බෞද්ධයෝ එහි අරුත් නොදනිති. අනවබෝධයෙන් සදොස් ව උසුරුවති.

බොහෝ ආගම්වල පුද පූජා හා වන්දනා හා සම්බන්ධ පාඨ නිවැරැදිව උච්චාරණය කිරීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස සලකනු ලැබේ. ආගමික පාඨ, මන්ත්‍ර හෝ වාක්‍ය වරදවා උච්චාරණය කිරීමෙන් නියම ප්‍රතිඵල ලද නොහැකි බව ඇතැම් ඇදහිලිවල ඉගැන්වේ. එසේ ම ඇතැම් ආගම්වල ඉගැන්වීම්වලට අනුව ආගමික පාඨ අල්ප මාත්‍රයකුදු වරදවා උච්චාරණය කළහොත් නැවත මුල සිට කියැවිය යුතුය. බුදුදහමෙහි ද නිවැරැදි උච්චාරණය ඉතා වැදගත් කරුණක් ලෙස සැලකේ. විශේෂයෙන් භාණක පරම්පරා මගින් සියවස් ගණනාවක්ම මුඛ පරම්පරානුගත ව ධර්මය රැගෙන ඒමේදී පිරිසුදු ධර්මය විකෘති නොවීම උදෙසා නිවැරැදි උච්චාරණය පිළිබඳ සැලකිලිමත්වීම අතිශය වැදගත් වූවකි.

පූජා චාරිත්‍ර කටයුතුවලදී ද අර්ථාවබෝධය හා නිවැරැදි උච්චාරණය වැදගත් වේ. වන්දනා පාඨාදිය සජ්ඣායනය කළ ද අර්ථය නොවැටහේ නම් ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් අත් නොවේ. පූජා චාරිත්‍ර කටයුතුවලදී භාවිත කරන පාලි ගාථා හා වන්දනා පාඨ පුළුල් පරාසයක විහිද යන්නකි. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ අද බහුලව සදොස් ව ව්‍යවහාර කරන පාලි ගාථා හා පාඨ කිහිපයක් පමණක් විමසමින් අර්ථවත්ව වන්දනා හා පූජා කටයුතු සිදුකළ හැකි අයුරු විමසා බැලීමටයි. සදොස් ව්‍යවහාරයන්ට හේතු කිහිපයක් පහත පරිදි පෙන්විය හැකිය.

* පාලි භාෂාව පිළිබඳ අනවබෝධය

* සාවද්‍යව සම්පාදිත ගාථා පොත් භාවිතය

* ශ්රැති මාත්‍රයෙන් ධාරණය කරගෙන තිබීම

* හැඩයෙන් සමාන සිංහල අකුරු පටලවා ගැනීම

ලක්වාසි ගිහි ප්‍රජාව අතරින් බොහෝ දෙනෙක් පාලි පිළිබඳ උගත්තෝ නොවෙති. එයට හේතුව පාලිය ගිහියාට සම්පේ‍්‍රෂණය වීමේ මාධ්‍ය අඩුබවයි. පාලි ගාථාදිය සදොස් ව ව්‍යවහාර වීමට ප්‍රධාන හේතුව භාෂාව පිළිබඳ ඇති මෙම නොදැනුමයි. පාලි භාෂාව පිළිබඳ නොදැනීම නිසා සිංහලයෙන් පන්සිල් සමාදන් වීම, පිරිත් කීම වැනි දෑ අද අසන්නට ලැබේ. එය පිළියමක් නොවේ. සියවස් ගණනාවක් නේකවිධ දුෂ්කරතා මධ්‍යයේ බුදුදහම සුරක්ෂිත කර දුන් පාලි භාෂාව හැර අද මෙතරම් පහසුකම් මධ්‍යයේ සිංහලයෙන් පමණක් භාවිත කිරීම පාලි භාෂාවට කරන විශාලම අනර්ථකාරී ක්‍රියාවයි. තව ද එසේ යමකු කරන්නේ නම් ඒ ඔහුගේ පිරිසුදු ථෙරවාදී බුදුදහමේ මාධ්‍යය පිළිබඳ නූගත්කම ප්‍රදර්ශනය කිරීමකි. සාමාන්‍ය ගිහි බෞද්ධයාට පාලිභාෂාව පිළිබඳ පෘථුල අවබෝධයක් අවශ්‍ය නොවේ. එහෙත් අවම වශයෙන් එදිනෙදා පූජා චාරිත්රවලදී යොදා ගන්නා ගාථාදිය පිළිබඳ අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යය. අද ගිහියන් පමණක් නොව ඇතැම් භික්ෂූන් වහන්සේ ද ගාථාදිය සදොස් ව වැහැරිම කනගාටුවට කරුණකි.

තිසරණ පාඨත්රය අවසන සමහර භික්ෂූන් වහන්සේ ‘සරණාගමනං සම්පුණ්ණං’ හෝ ‘තිසරණගමනං සම්පුණ්ණං’ යනුවෙන් පාලි ප්‍රකාශයක් සිදු කරති. එහි දී අනුගාමික ගිහි බෞද්ධයා ’ආම භන්තේ’ (එසේය ස්වාමීනි) යැයි ප්‍රකාශ කිරීම චාරිත්‍රයයි. එහිදී ඇතමෙකු අහං භන්තේ යැයි ප්‍රකාශ කරනු ඇසේ. එය සාවද්‍යය. ‘සරණාගමනං සම්පුණ්ණං’ හෝ ’තිසරණගමනං සම්පුණ්ණං ‘ යනුවෙන් භික්ෂූන් වහන්සේ අසනුයේ තෙරුවන් සරණ යෑම සම්පූර්ණ ද? යන්නයි. එය ද විමසිය යුත්තකි. ‘සරණයෑම’ යන අදහස ගැනීමට නම් ‘සරණගමනං’ යන්න පාලි වචනයයි. ‘සරණාගමනං’ යන්න විසන්ධි වූ විට සරණ +ආගමනං විය යුතුය. එහිදී තේරුම වන්නේ සරණ ඒම යනුයි. එබැවින් තිසරණ පාඨත්රය අවසන එවැනි ප්‍රකාශයක් කළ යුතු නම් සරණගමනං හෝ තිසරණගමනං යන්න වඩා යෝග්‍ය බව පැහැදිලිය.

පහන් පූජා කිරීම සඳහා බහුල ව භාවිත කරනුයේ “ඝනසාරප්පදිත්තේන” යන ගාථාවයි. ඝනසාර කපුරුය. මේ ගාථාව වඩාත් සුදුසු වනුයේ කපුරු යොදා පහන් දැල්වීමේ දී ය. එසේ නොමැති අවස්ථාවල “සද්ධාය සම්පදිත්තේන” යන ගාථාව භාවිත කිරීම වඩාත් යෝග්‍යය. භාෂාවබෝධය නොමැති බැවින් වන්දනා කටයුතු වලදී මෙවැනි අවස්ථා බොහෝමයක් දැක ගත හැකිය. පාලි භාෂාවේ අකුරු හල් නොකිරීමත් හල්බව සංකේතවත් කිරීමට බැඳි අකුරු යෙදීමත් සිදුවන නිසා ඒ ගැන අවබෝධයක් අපට තිබිය යුතුය. එසේම වචන බෙදීමේදීද සැලකිලිමත් විය යුතුය. සමහර අවස්ථාවල වැරැදි ලෙස වචන බෙදමින් ගාථා භාවිත කරනු ද පෙනේ. පහත දක්වා ඇත්තේ එවැනි අවස්ථා කිහිපයකි.

නිවැරැදි භාවිතය වැරැදි භාවිතය

කාමේසු මිච්ඡාචාරා කාමේ සුමිච්ඡාචාරා

අධිවාසේතු නො භන්තේ අධිවාසේ තුනො භන්තේ

සබ්බඨානෙසු පතිට්ඨිතං සබ්බඨානෙ සුපතිට්ඨිතං

මා මෙ බාලසමාගමො මාමෙ බාලසමාගමො

සබ්බීතියෝ විවජ්ජන්ත සබ්බීතියෝවි වජ්ජන්තු

මේ ආකාරයට සාවද්‍ය ලෙස පැවැසෙන අවස්ථා පමණක් නොව මුද්‍රණය කළ තැන්ද හමුවේ. කිසිදු ප්‍රමිතියකින් තොර ව මූල්‍යමය අරමුණු වෙනුවෙන් පමණක් කෙරෙන ගාථා පොත් මුද්‍රණය කිරීම් වැනි කටයුතු සාවද්‍ය ව්‍යවහාරයන් සමාජගත වීමට එක් ආකාරයකින් හේතුවී ඇත. නිසි දැනුමකින් තොර ව හා සෝදුපත් බැලීමකින් තොරව එලෙස ග්රන්ථ මුද්‍රණය කර සමාජගත කිරීම බරපතළ ලෙස මෙම ව්‍යසනයට හේතු වී ඇත. විශේෂයෙන් දහම් පාසල් පොත්වල පවා පාලි ගාථා හා සූත්‍ර බහුල ලෙස සාවද්‍ය ව මුද්‍රණය කර තිබීම අන් පොත්පත් පිළිබඳ විස්තර කිරීම ඵලරහිත කොට ඇත.

වන්දනා හා පූජා චාරිත්රවලදී භාවිත කෙරෙන නිශ්චිත පොදු ගාථා මාලාවක් නැති බව හා විවිධ ගාථා භාවිත වීම අද වන්දනා කටයුතු වලදී බෞද්ධයා මුහුණ දෙන තවත් ගැටලුවකි. ගාථා පොත් සහ වන්දනා අත්පොත් සුලබව එළිදැක්වුණ ද බොහෝවිට ඒවායේ දක්නට ලැබෙනුයේ එකිනෙකට වෙනස් වූ ගාථාය. දහම් පාසල් හා පාසල් පෙළ පොත්වල පවා මේ වෙනස දැකගත හැකි ය. පාලි භාෂාව පිළිබඳ උගතුන් මෙන් ම නූගතුන් ද විවිධ ගාථාදිය සම්පාදනය කර සමාජගත කිරීමට උත්සාහ ගන්නා අයුරු අද පෙනේ. මේ ගැටලුව අවබෝධ කරගත් 2600 සම්බුද්ධත්ව ජයන්ති මෙහෙයුම් කමිටුව පාලි භාෂාව පිළිබඳ ප්‍රාමාණික උගතුන්ගෙන් යුත් විදග්ධ කමිටුවක් මඟින් වන්දනා කටයුතුවලදී භාවිත කෙරෙන ගාථා ඇතුළත් පොදු අත්පොතක් මුද්‍රණය කරවීමට ගත් ප්රයත්නය ප්‍රශංසනීය ය.

භික්ෂූන් වහන්සේ නමක කියන ගාථාදිය අසා නැවත කීමට බොහෝ ගිහි බෞද්ධයෝ හුරු වී සිටිති. එහි දී අනුගාමිකයා තමන්ට ඇසුණු ආකාරයෙන් ධාරණය කරගැනීමටත් ව්‍යවහාරයටත් පෙළැඹේ. ධාරණය කරගැනීමට අපහසු වචන සඳහා වෙනත් ආදේශක වචන භාවිත කරනු ද අසන්නට ලැබේ.මේ නිසා බොහොමයක් සාවද්‍ය ව්‍යවහාර අද වන්දනා හා පූජා චාරිත්‍ර කටයුතුවලට එකතු වී ඇත.

මේ සඳහා හොඳ ම උදාහරණය දෙවියනට පින් අනුමෝදන් කිරීම සඳහා භාවිත කරන “එත්තාවතා ච අම්හේහි” යන ගාථාවයි. බොහෝ විට මෙම ගාථාව ඇසෙනුයේ “එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤසම්පදං” යනුවෙනි. නමුත් එහි අර්ථවත් නිවැරැදි භාවිතය වනුයේ “එත්තාවතා ච අම්හේහි සම්භතං පුඤ්ඤසම්පදං” යන්නයි. ‘සම්භතං’ යනු රැස්කළ එකතුකරගත් යන අදහස ඇති අතීත කෘදන්ත පදයකි. පුඤ්ඤසම්පදං යනු පුණ්‍ය සම්පත්තිය යන අදහසයි.

මෙලෙස නිතර වැරැදි අයුරින් උසුරුවනු ඇසෙන ගාථා හා පාඨ කිහිපයක නිවැරැදි යෙදුම් අර්ථ සහිතව මෙසේ දැක්විය හැකිය.

ඒතං කුසුමසන්තතිං

(මේ මල් පොකුර)

ඉච්ඡිතං පත්ථිතං තුය්හං

(ඔබේ කැමති වූ සහ ප්‍රාර්ථනා කළ දෑ)

ලභාමි මොක්ඛං

(මෝක්ෂය ලබමි)

ඛන්තිමෙත්තබලෙන ච

(ක්ෂාන්තියේ සහ මෛත්‍රියේ බලයෙන්)

මෙම යෙදුම්වල සාවද්‍යතාව හෝ නිරවද්‍යතාව සරලව තේරුම් ගත හැකිය. ලිපිය ද දිගු වන බැවින් විස්තර විභාග නොදක්වමු.

තාම්බූලදානං, තාම්බූලං පතිගණ්හාතු’ යනාදි වශයෙන් භාවිත වනු ඇසේ. එය තාම්බූල නොව තම්බූල විය යුතුය.පෙළ ග්‍රන්ථවල දක්නට නොලැබුණද මෙම පදය අටුවා ආදි පසුකාලීන ග්‍රන්ථවල ’තම්බූලපණ්ණං, තම්බූලපසිබ්බකං’ යනාදී වශයෙන් භාවිත වී ඇත. ‘තම්බූල’ යන වචනය ‘තාම්බූල’ යනුවෙන් යොදා ඇත්තේ ගාථාවල මාත්‍රා ආරක්ෂා කිරීමට විය යුතුය.

මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා ඉදං මෙ ඤාතීනං. යන පාලි පාඨය භාවිත වේ. එය ‘ඉදං වො ඤාතීනං.’ යනුවෙන් ද ව්‍යවහාර වේ. මෙය ඛුද්දක පාඨ ග්‍රන්ථයේ එන තිරොකුඩ්ඪ සූත්‍රයේ මෙන් ම පේතවත්ථු පාලියේ එන තිරොකුඩ්ඪ පේතවත්ථුවේ සඳහන් පහත දක්වා ඇති ගාථාවෙන් උපුටා ගත්තක්සේ පෙනේ.

එවං දදන්ති ඤාතීනං

යෙ හොන්ති අනුකම්පකා

සුචිං පණීතං කාලෙන

කප්පියං පාණ භෝජනං

ඉදං වො ඤාතීනං හොතු

සුඛිතා හොන්තු ඤාතයෝ

ඇතැම් භික්ෂූන් වහන්සේ විසින් ගාථාවේ ඇති පරිදි ‘ඉදං වො ඤාතීනං හොතු සුඛිතා හොන්තු ඤාතයෝ’ යනුවෙන් පැවැසේ. එහි අදහස වනුයේ මෙය තොපගේ ඤාතීන් පිණිස වේවා, ඤාතීහු සුවපත් වෙත්වා’ යනුයි. භික්ෂූන් වහන්සේ අනුගාමිකයන්ට එසේ වදාරති. භික්ෂූන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ පසු අනුගාමික පිරිස ද එය ම පුනරුච්චාරණය කිරීමෙන් අභිමතාර්ථය සඵල නොවේ. අරමුණු තම ඥාතීන් සිහිපත් කිරීමනම් මෙය මාගේ ඤාතීන් පිණිස වේවා, ඤාතීහු සුවපත් වෙත්වා ‘ යන අදහසින් ‘ඉදං මෙ ඤාතීනං හොතු සුඛිතා හොන්තු ඤාතයෝ ‘ යනුවෙන් භාවිත කිරීම වඩා අර්ථාන්විතය. තෙරුවන් ක්ෂමා කිරීම වෙනුවෙන් භාවිත වන ‘කායෙන වාචා චිත්තේන’ යන ගාථාවේ ‘අච්චයං’ යනුවෙන් වචනයක් වැහැරේ. එහි අදහස වැරැද්ද යන්නයි. වැරැද්දක් යනු බොහෝ විට පවක් ම නොවේ. එබැවින් මෙම ගාථාවෙන් පව් සමා කිරීමක් සිදු කළ නොහැකි බව බෞද්ධයන් සිහි තබා ගත යුතු කරුණකි.

වන්දනා ගාථාවලදී නොවූවත් වෙනත් අවස්ථාවලදී යෙදෙන මෙවැනි වෙනත් සාවද්‍ය ව්‍යවහාර ද අද දක්නට හැකිය. ‘එතං බුද්ධානසාසනං’ යන නිවැරැදි යෙදුම වෙනුවට ‘එතං බුද්ධානුසාසනං යනුවෙනුත් ‘ආරොග්යපරමා ලාභා’ යන නිවැරැදි යෙදුම වෙනුවට ‘ආරොග්යා පරමා ලාභා’ යනුවෙනුත් භාවිතා කිරීම නිදර්ශන ලෙස දැක්විය හැකිය. විශේෂයෙන් අවමගුල් අවස්ථාවල ප්‍රදර්ශනය කෙරෙන බැනර් ආදියේ ද මෙවැනි වැරැදි ව්‍යවහාර සුලබ ව දැකගත හැකිය. “රූපං ජීරති මච්චානං නාමගොත්තං න ජීරති’ (සංයුත්ත නිකාය - දේවතා සංයුත්ත – න ජීරති සූත්‍රය) යන පාලි යෙදුම විවිධ අයුරින් වෙනස් කොට දැක්වීම මේ සඳහා හොඳම උදාහරණයයි.

මෙවැනි නොයෙක් ආකාරයේ නිදසුන් පාලි භාෂාව සදොස්ව භාවිත කරන ආකාරය පෙන්වාදීම සඳහා ඉදිරිපත් කළ හැකිය. අප කළ යුත්තේ මේ වැරැදි ව්‍යවහාර හඳුනාගෙන ඉන් මිදී පාලි බස හැසිරවීමට උත්සාහ ගැනීමයි.

------ Post added on [DATETIME="UT"]1658742434[/DATETIME]

[QUOTE="asliyanage, post: 28002662, member: 8764"] [MEDIA=facebook]id=1030907994164106;type=v;user=100071760795962[/MEDIA] [HR][/HR] බෞද්ධයා තිසරණ සහිත පන්සිල් සමාදන් වනුයේ පාලි භාෂාමය වාක්‍ය ප්‍රකාශ කිරීමෙනි. බුද්ධ වන්දනා, පිරිත් සජ්ඣායනා සහ විවිධ පූජා ප්රාර්ථනාදිය සිදු කරනුයේද පාලි භාෂාමය ගාථා හා පාඨ උපයෝගී කර ගනිමිනි. ශ්රැති මාත්‍රයෙන් හෝ කියවා කට පාඩම් කරගැනීමෙන් හෝ ගාථා හා පාඨ වහරන බොහෝ බෞද්ධයෝ එහි අරුත් නොදනිති. අනවබෝධයෙන් සදොස් ව උසුරුවති. බොහෝ ආගම්වල පුද පූජා හා වන්දනා හා සම්බන්ධ පාඨ නිවැරැදිව උච්චාරණය කිරීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස සලකනු ලැබේ. ආගමික පාඨ, මන්ත්‍ර හෝ වාක්‍ය වරදවා උච්චාරණය කිරීමෙන් නියම ප්‍රතිඵල ලද නොහැකි බව ඇතැම් ඇදහිලිවල ඉගැන්වේ. එසේ ම ඇතැම් ආගම්වල ඉගැන්වීම්වලට අනුව ආගමික පාඨ අල්ප මාත්‍රයකුදු වරදවා උච්චාරණය කළහොත් නැවත මුල සිට කියැවිය යුතුය. බුදුදහමෙහි ද නිවැරැදි උච්චාරණය ඉතා වැදගත් කරුණක් ලෙස සැලකේ. විශේෂයෙන් භාණක පරම්පරා මගින් සියවස් ගණනාවක්ම මුඛ පරම්පරානුගත ව ධර්මය රැගෙන ඒමේදී පිරිසුදු ධර්මය විකෘති නොවීම උදෙසා නිවැරැදි උච්චාරණය පිළිබඳ සැලකිලිමත්වීම අතිශය වැදගත් වූවකි.[RIGHT][IMG align="right"]https://www.budusarana.lk/budusarana/2012/08/24/z_p02-vandana.jpg[/IMG][/RIGHT] පූජා චාරිත්‍ර කටයුතුවලදී ද අර්ථාවබෝධය හා නිවැරැදි උච්චාරණය වැදගත් වේ. වන්දනා පාඨාදිය සජ්ඣායනය කළ ද අර්ථය නොවැටහේ නම් ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් අත් නොවේ. පූජා චාරිත්‍ර කටයුතුවලදී භාවිත කරන පාලි ගාථා හා වන්දනා පාඨ පුළුල් පරාසයක විහිද යන්නකි. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ අද බහුලව සදොස් ව ව්‍යවහාර කරන පාලි ගාථා හා පාඨ කිහිපයක් පමණක් විමසමින් අර්ථවත්ව වන්දනා හා පූජා කටයුතු සිදුකළ හැකි අයුරු විමසා බැලීමටයි. සදොස් ව්‍යවහාරයන්ට හේතු කිහිපයක් පහත පරිදි පෙන්විය හැකිය. * පාලි භාෂාව පිළිබඳ අනවබෝධය * සාවද්‍යව සම්පාදිත ගාථා පොත් භාවිතය * ශ්රැති මාත්‍රයෙන් ධාරණය කරගෙන තිබීම * හැඩයෙන් සමාන සිංහල අකුරු පටලවා ගැනීම ලක්වාසි ගිහි ප්‍රජාව අතරින් බොහෝ දෙනෙක් පාලි පිළිබඳ උගත්තෝ නොවෙති. එයට හේතුව පාලිය ගිහියාට සම්පේ‍්‍රෂණය වීමේ මාධ්‍ය අඩුබවයි. පාලි ගාථාදිය සදොස් ව ව්‍යවහාර වීමට ප්‍රධාන හේතුව භාෂාව පිළිබඳ ඇති මෙම නොදැනුමයි. පාලි භාෂාව පිළිබඳ නොදැනීම නිසා සිංහලයෙන් පන්සිල් සමාදන් වීම, පිරිත් කීම වැනි දෑ අද අසන්නට ලැබේ. එය පිළියමක් නොවේ. සියවස් ගණනාවක් නේකවිධ දුෂ්කරතා මධ්‍යයේ බුදුදහම සුරක්ෂිත කර දුන් පාලි භාෂාව හැර අද මෙතරම් පහසුකම් මධ්‍යයේ සිංහලයෙන් පමණක් භාවිත කිරීම පාලි භාෂාවට කරන විශාලම අනර්ථකාරී ක්‍රියාවයි. තව ද එසේ යමකු කරන්නේ නම් ඒ ඔහුගේ පිරිසුදු ථෙරවාදී බුදුදහමේ මාධ්‍යය පිළිබඳ නූගත්කම ප්‍රදර්ශනය කිරීමකි. සාමාන්‍ය ගිහි බෞද්ධයාට පාලිභාෂාව පිළිබඳ පෘථුල අවබෝධයක් අවශ්‍ය නොවේ. එහෙත් අවම වශයෙන් එදිනෙදා පූජා චාරිත්රවලදී යොදා ගන්නා ගාථාදිය පිළිබඳ අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යය. අද ගිහියන් පමණක් නොව ඇතැම් භික්ෂූන් වහන්සේ ද ගාථාදිය සදොස් ව වැහැරිම කනගාටුවට කරුණකි. තිසරණ පාඨත්රය අවසන සමහර භික්ෂූන් වහන්සේ ‘සරණාගමනං සම්පුණ්ණං’ හෝ ‘තිසරණගමනං සම්පුණ්ණං’ යනුවෙන් පාලි ප්‍රකාශයක් සිදු කරති. එහි දී අනුගාමික ගිහි බෞද්ධයා ’ආම භන්තේ’ (එසේය ස්වාමීනි) යැයි ප්‍රකාශ කිරීම චාරිත්‍රයයි. එහිදී ඇතමෙකු අහං භන්තේ යැයි ප්‍රකාශ කරනු ඇසේ. එය සාවද්‍යය. ‘සරණාගමනං සම්පුණ්ණං’ හෝ ’තිසරණගමනං සම්පුණ්ණං ‘ යනුවෙන් භික්ෂූන් වහන්සේ අසනුයේ තෙරුවන් සරණ යෑම සම්පූර්ණ ද? යන්නයි. එය ද විමසිය යුත්තකි. ‘සරණයෑම’ යන අදහස ගැනීමට නම් ‘සරණගමනං’ යන්න පාලි වචනයයි. ‘සරණාගමනං’ යන්න විසන්ධි වූ විට සරණ +ආගමනං විය යුතුය. එහිදී තේරුම වන්නේ සරණ ඒම යනුයි. එබැවින් තිසරණ පාඨත්රය අවසන එවැනි ප්‍රකාශයක් කළ යුතු නම් සරණගමනං හෝ තිසරණගමනං යන්න වඩා යෝග්‍ය බව පැහැදිලිය. පහන් පූජා කිරීම සඳහා බහුල ව භාවිත කරනුයේ “ඝනසාරප්පදිත්තේන” යන ගාථාවයි. ඝනසාර කපුරුය. මේ ගාථාව වඩාත් සුදුසු වනුයේ කපුරු යොදා පහන් දැල්වීමේ දී ය. එසේ නොමැති අවස්ථාවල “සද්ධාය සම්පදිත්තේන” යන ගාථාව භාවිත කිරීම වඩාත් යෝග්‍යය. භාෂාවබෝධය නොමැති බැවින් වන්දනා කටයුතු වලදී මෙවැනි අවස්ථා බොහෝමයක් දැක ගත හැකිය. පාලි භාෂාවේ අකුරු හල් නොකිරීමත් හල්බව සංකේතවත් කිරීමට බැඳි අකුරු යෙදීමත් සිදුවන නිසා ඒ ගැන අවබෝධයක් අපට තිබිය යුතුය. එසේම වචන බෙදීමේදීද සැලකිලිමත් විය යුතුය. සමහර අවස්ථාවල වැරැදි ලෙස වචන බෙදමින් ගාථා භාවිත කරනු ද පෙනේ. පහත දක්වා ඇත්තේ එවැනි අවස්ථා කිහිපයකි. [B]නිවැරැදි භාවිතය වැරැදි භාවිතය[/B] කාමේසු මිච්ඡාචාරා කාමේ සුමිච්ඡාචාරා අධිවාසේතු නො භන්තේ අධිවාසේ තුනො භන්තේ සබ්බඨානෙසු පතිට්ඨිතං සබ්බඨානෙ සුපතිට්ඨිතං මා මෙ බාලසමාගමො මාමෙ බාලසමාගමො සබ්බීතියෝ විවජ්ජන්ත සබ්බීතියෝවි වජ්ජන්තු මේ ආකාරයට සාවද්‍ය ලෙස පැවැසෙන අවස්ථා පමණක් නොව මුද්‍රණය කළ තැන්ද හමුවේ. කිසිදු ප්‍රමිතියකින් තොර ව මූල්‍යමය අරමුණු වෙනුවෙන් පමණක් කෙරෙන ගාථා පොත් මුද්‍රණය කිරීම් වැනි කටයුතු සාවද්‍ය ව්‍යවහාරයන් සමාජගත වීමට එක් ආකාරයකින් හේතුවී ඇත. නිසි දැනුමකින් තොර ව හා සෝදුපත් බැලීමකින් තොරව එලෙස ග්රන්ථ මුද්‍රණය කර සමාජගත කිරීම බරපතළ ලෙස මෙම ව්‍යසනයට හේතු වී ඇත. විශේෂයෙන් දහම් පාසල් පොත්වල පවා පාලි ගාථා හා සූත්‍ර බහුල ලෙස සාවද්‍ය ව මුද්‍රණය කර තිබීම අන් පොත්පත් පිළිබඳ විස්තර කිරීම ඵලරහිත කොට ඇත. වන්දනා හා පූජා චාරිත්රවලදී භාවිත කෙරෙන නිශ්චිත පොදු ගාථා මාලාවක් නැති බව හා විවිධ ගාථා භාවිත වීම අද වන්දනා කටයුතු වලදී බෞද්ධයා මුහුණ දෙන තවත් ගැටලුවකි. ගාථා පොත් සහ වන්දනා අත්පොත් සුලබව එළිදැක්වුණ ද බොහෝවිට ඒවායේ දක්නට ලැබෙනුයේ එකිනෙකට වෙනස් වූ ගාථාය. දහම් පාසල් හා පාසල් පෙළ පොත්වල පවා මේ වෙනස දැකගත හැකි ය. පාලි භාෂාව පිළිබඳ උගතුන් මෙන් ම නූගතුන් ද විවිධ ගාථාදිය සම්පාදනය කර සමාජගත කිරීමට උත්සාහ ගන්නා අයුරු අද පෙනේ. මේ ගැටලුව අවබෝධ කරගත් 2600 සම්බුද්ධත්ව ජයන්ති මෙහෙයුම් කමිටුව පාලි භාෂාව පිළිබඳ ප්‍රාමාණික උගතුන්ගෙන් යුත් විදග්ධ කමිටුවක් මඟින් වන්දනා කටයුතුවලදී භාවිත කෙරෙන ගාථා ඇතුළත් පොදු අත්පොතක් මුද්‍රණය කරවීමට ගත් ප්රයත්නය ප්‍රශංසනීය ය. භික්ෂූන් වහන්සේ නමක කියන ගාථාදිය අසා නැවත කීමට බොහෝ ගිහි බෞද්ධයෝ හුරු වී සිටිති. එහි දී අනුගාමිකයා තමන්ට ඇසුණු ආකාරයෙන් ධාරණය කරගැනීමටත් ව්‍යවහාරයටත් පෙළැඹේ. ධාරණය කරගැනීමට අපහසු වචන සඳහා වෙනත් ආදේශක වචන භාවිත කරනු ද අසන්නට ලැබේ.මේ නිසා බොහොමයක් සාවද්‍ය ව්‍යවහාර අද වන්දනා හා පූජා චාරිත්‍ර කටයුතුවලට එකතු වී ඇත. මේ සඳහා හොඳ ම උදාහරණය දෙවියනට පින් අනුමෝදන් කිරීම සඳහා භාවිත කරන “එත්තාවතා ච අම්හේහි” යන ගාථාවයි. බොහෝ විට මෙම ගාථාව ඇසෙනුයේ “එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤසම්පදං” යනුවෙනි. නමුත් එහි අර්ථවත් නිවැරැදි භාවිතය වනුයේ “එත්තාවතා ච අම්හේහි සම්භතං පුඤ්ඤසම්පදං” යන්නයි. ‘සම්භතං’ යනු රැස්කළ එකතුකරගත් යන අදහස ඇති අතීත කෘදන්ත පදයකි. පුඤ්ඤසම්පදං යනු පුණ්‍ය සම්පත්තිය යන අදහසයි. මෙලෙස නිතර වැරැදි අයුරින් උසුරුවනු ඇසෙන ගාථා හා පාඨ කිහිපයක නිවැරැදි යෙදුම් අර්ථ සහිතව මෙසේ දැක්විය හැකිය. ඒතං කුසුමසන්තතිං (මේ මල් පොකුර) ඉච්ඡිතං පත්ථිතං තුය්හං (ඔබේ කැමති වූ සහ ප්‍රාර්ථනා කළ දෑ) ලභාමි මොක්ඛං (මෝක්ෂය ලබමි) ඛන්තිමෙත්තබලෙන ච (ක්ෂාන්තියේ සහ මෛත්‍රියේ බලයෙන්) මෙම යෙදුම්වල සාවද්‍යතාව හෝ නිරවද්‍යතාව සරලව තේරුම් ගත හැකිය. ලිපිය ද දිගු වන බැවින් විස්තර විභාග නොදක්වමු. තාම්බූලදානං, තාම්බූලං පතිගණ්හාතු’ යනාදි වශයෙන් භාවිත වනු ඇසේ. එය තාම්බූල නොව තම්බූල විය යුතුය.පෙළ ග්‍රන්ථවල දක්නට නොලැබුණද මෙම පදය අටුවා ආදි පසුකාලීන ග්‍රන්ථවල ’තම්බූලපණ්ණං, තම්බූලපසිබ්බකං’ යනාදී වශයෙන් භාවිත වී ඇත. ‘තම්බූල’ යන වචනය ‘තාම්බූල’ යනුවෙන් යොදා ඇත්තේ ගාථාවල මාත්‍රා ආරක්ෂා කිරීමට විය යුතුය. මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා ඉදං මෙ ඤාතීනං. යන පාලි පාඨය භාවිත වේ. එය ‘ඉදං වො ඤාතීනං.’ යනුවෙන් ද ව්‍යවහාර වේ. මෙය ඛුද්දක පාඨ ග්‍රන්ථයේ එන තිරොකුඩ්ඪ සූත්‍රයේ මෙන් ම පේතවත්ථු පාලියේ එන තිරොකුඩ්ඪ පේතවත්ථුවේ සඳහන් පහත දක්වා ඇති ගාථාවෙන් උපුටා ගත්තක්සේ පෙනේ. එවං දදන්ති ඤාතීනං යෙ හොන්ති අනුකම්පකා සුචිං පණීතං කාලෙන කප්පියං පාණ භෝජනං ඉදං වො ඤාතීනං හොතු සුඛිතා හොන්තු ඤාතයෝ ඇතැම් භික්ෂූන් වහන්සේ විසින් ගාථාවේ ඇති පරිදි ‘ඉදං වො ඤාතීනං හොතු සුඛිතා හොන්තු ඤාතයෝ’ යනුවෙන් පැවැසේ. එහි අදහස වනුයේ මෙය තොපගේ ඤාතීන් පිණිස වේවා, ඤාතීහු සුවපත් වෙත්වා’ යනුයි. භික්ෂූන් වහන්සේ අනුගාමිකයන්ට එසේ වදාරති. භික්ෂූන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ පසු අනුගාමික පිරිස ද එය ම පුනරුච්චාරණය කිරීමෙන් අභිමතාර්ථය සඵල නොවේ. අරමුණු තම ඥාතීන් සිහිපත් කිරීමනම් මෙය මාගේ ඤාතීන් පිණිස වේවා, ඤාතීහු සුවපත් වෙත්වා ‘ යන අදහසින් ‘ඉදං මෙ ඤාතීනං හොතු සුඛිතා හොන්තු ඤාතයෝ ‘ යනුවෙන් භාවිත කිරීම වඩා අර්ථාන්විතය. තෙරුවන් ක්ෂමා කිරීම වෙනුවෙන් භාවිත වන ‘කායෙන වාචා චිත්තේන’ යන ගාථාවේ ‘අච්චයං’ යනුවෙන් වචනයක් වැහැරේ. එහි අදහස වැරැද්ද යන්නයි. වැරැද්දක් යනු බොහෝ විට පවක් ම නොවේ. එබැවින් මෙම ගාථාවෙන් පව් සමා කිරීමක් සිදු කළ නොහැකි බව බෞද්ධයන් සිහි තබා ගත යුතු කරුණකි. වන්දනා ගාථාවලදී නොවූවත් වෙනත් අවස්ථාවලදී යෙදෙන මෙවැනි වෙනත් සාවද්‍ය ව්‍යවහාර ද අද දක්නට හැකිය. ‘එතං බුද්ධානසාසනං’ යන නිවැරැදි යෙදුම වෙනුවට ‘එතං බුද්ධානුසාසනං යනුවෙනුත් ‘ආරොග්යපරමා ලාභා’ යන නිවැරැදි යෙදුම වෙනුවට ‘ආරොග්යා පරමා ලාභා’ යනුවෙනුත් භාවිතා කිරීම නිදර්ශන ලෙස දැක්විය හැකිය. විශේෂයෙන් අවමගුල් අවස්ථාවල ප්‍රදර්ශනය කෙරෙන බැනර් ආදියේ ද මෙවැනි වැරැදි ව්‍යවහාර සුලබ ව දැකගත හැකිය. “රූපං ජීරති මච්චානං නාමගොත්තං න ජීරති’ (සංයුත්ත නිකාය - දේවතා සංයුත්ත – න ජීරති සූත්‍රය) යන පාලි යෙදුම විවිධ අයුරින් වෙනස් කොට දැක්වීම මේ සඳහා හොඳම උදාහරණයයි. මෙවැනි නොයෙක් ආකාරයේ නිදසුන් පාලි භාෂාව සදොස්ව භාවිත කරන ආකාරය පෙන්වාදීම සඳහා ඉදිරිපත් කළ හැකිය. අප කළ යුත්තේ මේ වැරැදි ව්‍යවහාර හඳුනාගෙන ඉන් මිදී පාලි බස හැසිරවීමට උත්සාහ ගැනීමයි. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1658742434[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom