Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උතුරු_කොරියාවේ_අපරාධ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුරු_කොරියාවේ_අපරාධ

උතුරු කොරියාවේ 'ඇදහිය නොහැකි අපරාධ'

හඬ පටය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න Download Now

මානව වර්ගයාට එරෙහි අපරාධ සිදු කළ බවට උතුරු කොරියාවේ පාලනාධිකාරියට චෝදනා කරන එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ මණ්ඩලයක්, එම අපරාධ සම්බන්ධයෙන් දඬුවම් විඳීමට සිදු වනු ඇති බවට රටේ පාලක කිම් ජෝන් උන් ට අනතුරු අඟවයි.

'මුල්ම බුලට් එක ඔලුවටම වැදුනම, ලේත් එක්ක මොලේ කෑලි සීසීකඩ විසි වෙනවා'

නාසි ජර්මනියේ සිදු වූ ආකාරයේ දරුණු වද දීම්, වහල් මෙහෙයේ යෙදවීම, ලිංගික ප්රචණ්ඩ ක්‍රියා, දේශපාලන මතවාද මර්දනය සහ තවත් බොහෝ 'ඇදහිය නොහැකි අන්දමේ' අපරාධ පිළිබඳ සාක්ෂි තමන්ට ලැබුන බවයි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ නිර්දේශ පරිදි වසරක් පුරා කරන ලද පරීක්ෂණ පැවැත්වූ විශේෂඥ කමිටුව පවසන්නේ.

උතුරු කොරියාවේ ඉහල පෙලේ නායකයන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියට පැමිණ විය යුතු බව එක්සත් ජාතීන්ගේ කමිටුවේ නිර්දේශයයි.

'මීට පස්සේ අපි දැනගෙන හිටියේ නෑ කියල සමාවට කාරණයක් නෑ'

වද කඳවුරකදී කාන්තාවන් විඳි දුක එක් කාන්තාවක් විස්තර කළේ ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය සමඟ අදහස් දක්වමින්.

"කඳවුරකට අර ගෙන ආවම, කාන්තාවන්ගේ ලේ පරීක්ෂා කරනවා. හදිසියෙවත් කාන්තාවක් ගැබ් ගෙන ඉන්නවා කියල අනාවරණය වුනොත්, එයාට ඒ දරු ගැබ ගබ්සා කර ගන්න කියල බල කරනවා," යනුවෙන් ඇය කියා සිටියාය.

උතුරු කොරියාවේ නායකයන් 'ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියට පැමිණ විය යුතුයි'

මොලේ කෑලි විසි වුනා

"ගැබිණි කාන්තාවක් කඳවුරට ආවොත් එයාගේ දරු ගැබ විනාශ කරන්න ලොකු බර කරේ තියා ගෙන කඳුවල උඩට පහලට දුවන්න අණ කරනවා."

කඳවුරෙන් පලා යාමට ඇය සමත් වූ නමුත් කඳවුරුගත වූ බොහෝ දෙනාට අත් වූයේ ඊට වඩා ඉතා බියකරු ඉරණමක්.

බොහෝ දෙනා ඉදිරියේ කඳවුරේදී මරණ දඬුවම් පැන වූ ආකාරය හිටපු හමුදා නිලධාරියෙක් ඇම්නස්ටි ජාත්‍යන්තරයට විස්තර කළේය.

"මුල්ම බුලට් එක ඔලුවටම වැදුනම, ලේත් එක්ක මොලේ කෑලි සීසීකඩ විසි වෙනවා. ඒක දැක්ක ගමන් පිරිල ඉන්න මිනිස්සු යටිගිරියෙන් කෑගහන්න පටන් ගන්නව," බවයි, ඔහු පවසන්නේ.

"ඒක හරිම ලොමු දැහැ ගැන්වෙන දර්ශණයක්. ඊළඟ වෙඩි පාර ඇහෙන කොටම මිනිස්සු නොදැනීම ඇස් වහ ගන්නවා, නැත්නම් අනිත් පැත්තට හැරෙනවා. වෙඩි සද්ද ඉවර වෙලා හැරිලා බලන කොට මළසිරුරක් බිම වැටිලා තියෙනව. ඒක දැක්කට පස්සේ කිසිම මනුස්සයකුට ආයෙ කවදාවත් නිදා ගන්න බෑ."

නාසි අපරාධ

වාර්තාවේ ඇතුලත් එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන උතුරු කොරියාව අවධාරණය කරන්නේ සිය රටේ කිසිදු මානව හිමිකම් උල්ලංඝනයක් සිදු නොවන බවයි. කෙසේ නමුත් උතුරු කොරියාවේ බලධාරීන් විසින් සිදු කරන ලද මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඕනෑවටත් වඩා සාක්ෂි තමන්ට හමු වූ බවයි, වාර්තාව ප්‍රකාශයට පත් කරමින් පරීක්ෂණ කමිටුවේ සභාපති මයිකල් කර්බි කියා සිටියේ.

"සිරකරුවන් හාමතේ තැබීම ගැන, මහා සාගතය ගැන, කිසිම පහසුකමක් ලබා නොදීම ගැන අපිට සාක්ෂි ලැබුන. පැහැර ගැනීම්, ප්‍රසිද්ධියේ මරණ දඬුවම පැනවීම, විශාල පිරිසක් අතුරුදහන් වීම ගැන, අපට සාක්ෂි ලැබුනා. ඒ සාක්ෂි සේරම වාර්තාවට ඇතුලත් කරලා තියෙනවා," යනුවෙන් ඔහු සඳහන් කළේය.

උතුරු කොරියාවේ අපරාධ සහ නාසි ජර්මනිය සිදු කළ අපරාධ අතර සමානතාවයක් දක්නට ලැබෙන බවයි මයිකල් කර්බි පවසන්නේ.

"වෙච්ච දේ අපි දැන ගෙන හිටියා නම් කියල දෙවැනි ලෝක යුද්ධය ඉවර වුනාම හුඟක් දෙනෙක් කිවුව. දැන් ජාත්‍යන්තර ප්‍රජාව මේ ගැන දන්නවා. ජාත්‍යන්තර ප්‍රජාවට ඉදිරියටත් දැන ගනීවි. මීට පස්සේ අපි දැනගෙන හිටියේ නෑ කියල සමාවට කාරණයක් නෑ."

එබැවින් තවදුරටත් අහක බලා සිටීමට ජාත්‍යන්තර ප්‍රජාවට හැකියාවක් නැති බව විශේෂඥ මඬුල්ලේ ප්‍රධානියා අවධාරණය කරයි.

BBC Sinhala Sandeshaya

[QUOTE="siripala, post: 16294559, member: 6738"] [b]උතුරු_කොරියාවේ_අපරාධ[/b] [SIZE="6"]උතුරු කොරියාවේ 'ඇදහිය නොහැකි අපරාධ'[/SIZE] [B][SIZE="4"][COLOR="Red"]හඬ පටය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න [URL="wsodprogrf.bbc.co.uk/sinhala/dps/2014/02/north_korea_140217_north_korea_crimes_au_bb.mp3"]Download Now[/URL][/COLOR][/SIZE][/B] [SIZE="4"]මානව වර්ගයාට එරෙහි අපරාධ සිදු කළ බවට උතුරු කොරියාවේ පාලනාධිකාරියට චෝදනා කරන එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ මණ්ඩලයක්, එම අපරාධ සම්බන්ධයෙන් දඬුවම් විඳීමට සිදු වනු ඇති බවට රටේ පාලක කිම් ජෝන් උන් ට අනතුරු අඟවයි. [IMG]http://wscdn.bbc.co.uk/worldservice/assets/images/2013/03/22/130322060246_north_koreas_prison_camps_304x171_bbc_nocredit.jpg[/IMG] [B][SIZE="3"]'මුල්ම බුලට් එක ඔලුවටම වැදුනම, ලේත් එක්ක මොලේ කෑලි සීසීකඩ විසි වෙනවා'[/SIZE][/B] නාසි ජර්මනියේ සිදු වූ ආකාරයේ දරුණු වද දීම්, වහල් මෙහෙයේ යෙදවීම, ලිංගික ප්රචණ්ඩ ක්‍රියා, දේශපාලන මතවාද මර්දනය සහ තවත් බොහෝ 'ඇදහිය නොහැකි අන්දමේ' අපරාධ පිළිබඳ සාක්ෂි තමන්ට ලැබුන බවයි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ නිර්දේශ පරිදි වසරක් පුරා කරන ලද පරීක්ෂණ පැවැත්වූ විශේෂඥ කමිටුව පවසන්නේ. උතුරු කොරියාවේ ඉහල පෙලේ නායකයන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියට පැමිණ විය යුතු බව එක්සත් ජාතීන්ගේ කමිටුවේ නිර්දේශයයි. [IMG]http://wscdn.bbc.co.uk/worldservice/assets/images/2014/02/17/140217150540_un_korea_304x171_f_nocredit.jpg[/IMG] [B]'[SIZE="3"]මීට පස්සේ අපි දැනගෙන හිටියේ නෑ කියල සමාවට කාරණයක් නෑ[/SIZE]'[/B] වද කඳවුරකදී කාන්තාවන් විඳි දුක එක් කාන්තාවක් විස්තර කළේ ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය සමඟ අදහස් දක්වමින්. "කඳවුරකට අර ගෙන ආවම, කාන්තාවන්ගේ ලේ පරීක්ෂා කරනවා. හදිසියෙවත් කාන්තාවක් ගැබ් ගෙන ඉන්නවා කියල අනාවරණය වුනොත්, එයාට ඒ දරු ගැබ ගබ්සා කර ගන්න කියල බල කරනවා," යනුවෙන් ඇය කියා සිටියාය. [IMG]http://wscdn.bbc.co.uk/worldservice/assets/images/2014/01/24/140124055927_cn_kim_jong_un_afp_i304.jpg[/IMG] [SIZE="3"][B]උතුරු කොරියාවේ නායකයන් 'ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියට පැමිණ විය යුතුයි'[/B][/SIZE] [/SIZE] [SIZE="5"]මොලේ කෑලි විසි වුනා[/SIZE] [SIZE="4"]"ගැබිණි කාන්තාවක් කඳවුරට ආවොත් එයාගේ දරු ගැබ විනාශ කරන්න ලොකු බර කරේ තියා ගෙන කඳුවල උඩට පහලට දුවන්න අණ කරනවා." කඳවුරෙන් පලා යාමට ඇය සමත් වූ නමුත් කඳවුරුගත වූ බොහෝ දෙනාට අත් වූයේ ඊට වඩා ඉතා බියකරු ඉරණමක්. බොහෝ දෙනා ඉදිරියේ කඳවුරේදී මරණ දඬුවම් පැන වූ ආකාරය හිටපු හමුදා නිලධාරියෙක් ඇම්නස්ටි ජාත්‍යන්තරයට විස්තර කළේය. "මුල්ම බුලට් එක ඔලුවටම වැදුනම, ලේත් එක්ක මොලේ කෑලි සීසීකඩ විසි වෙනවා. ඒක දැක්ක ගමන් පිරිල ඉන්න මිනිස්සු යටිගිරියෙන් කෑගහන්න පටන් ගන්නව," බවයි, ඔහු පවසන්නේ. "ඒක හරිම ලොමු දැහැ ගැන්වෙන දර්ශණයක්. ඊළඟ වෙඩි පාර ඇහෙන කොටම මිනිස්සු නොදැනීම ඇස් වහ ගන්නවා, නැත්නම් අනිත් පැත්තට හැරෙනවා. වෙඩි සද්ද ඉවර වෙලා හැරිලා බලන කොට මළසිරුරක් බිම වැටිලා තියෙනව. ඒක දැක්කට පස්සේ කිසිම මනුස්සයකුට ආයෙ කවදාවත් නිදා ගන්න බෑ."[/SIZE] [SIZE="5"][B][COLOR="Red"]නාසි අපරාධ[/COLOR][/B][/SIZE] [SIZE="4"]වාර්තාවේ ඇතුලත් එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන උතුරු කොරියාව අවධාරණය කරන්නේ සිය රටේ කිසිදු මානව හිමිකම් උල්ලංඝනයක් සිදු නොවන බවයි. කෙසේ නමුත් උතුරු කොරියාවේ බලධාරීන් විසින් සිදු කරන ලද මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඕනෑවටත් වඩා සාක්ෂි තමන්ට හමු වූ බවයි, වාර්තාව ප්‍රකාශයට පත් කරමින් පරීක්ෂණ කමිටුවේ සභාපති මයිකල් කර්බි කියා සිටියේ. "සිරකරුවන් හාමතේ තැබීම ගැන, මහා සාගතය ගැන, කිසිම පහසුකමක් ලබා නොදීම ගැන අපිට සාක්ෂි ලැබුන. පැහැර ගැනීම්, ප්‍රසිද්ධියේ මරණ දඬුවම පැනවීම, විශාල පිරිසක් අතුරුදහන් වීම ගැන, අපට සාක්ෂි ලැබුනා. ඒ සාක්ෂි සේරම වාර්තාවට ඇතුලත් කරලා තියෙනවා," යනුවෙන් ඔහු සඳහන් කළේය. උතුරු කොරියාවේ අපරාධ සහ නාසි ජර්මනිය සිදු කළ අපරාධ අතර සමානතාවයක් දක්නට ලැබෙන බවයි මයිකල් කර්බි පවසන්නේ. "වෙච්ච දේ අපි දැන ගෙන හිටියා නම් කියල දෙවැනි ලෝක යුද්ධය ඉවර වුනාම හුඟක් දෙනෙක් කිවුව. දැන් ජාත්‍යන්තර ප්‍රජාව මේ ගැන දන්නවා. ජාත්‍යන්තර ප්‍රජාවට ඉදිරියටත් දැන ගනීවි. මීට පස්සේ අපි දැනගෙන හිටියේ නෑ කියල සමාවට කාරණයක් නෑ." එබැවින් තවදුරටත් අහක බලා සිටීමට ජාත්‍යන්තර ප්‍රජාවට හැකියාවක් නැති බව විශේෂඥ මඬුල්ලේ ප්‍රධානියා අවධාරණය කරයි.[/SIZE] [B]BBC Sinhala Sandeshaya[/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom