වවුනියාව කනගරායන්කුලම් ප්‍රදේශයේ කඩා දැමුණු බුදුපිළිම වහන්සේ නමක් වෙනුවට වෙනත් බුදුපිළිම වහන්සේ නමක් අද (31) එහි තැන්පත් කෙරුණා.
වවුනියාව දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය පෙරිඋරුක්කුලමේ සුමනතිස්ස හිමියන් කියා සිටියේ ප්‍රදේශයේ දෙමළ ජනතාව ඊට සහාය ලබාදුන් බවයි.
බුදුපිළිම වහන්සේ කඩා දැමුවේ කවුදැයි පොලිසිය වහා විමර්ශනය කළ යුතු බව ප්‍රදේශයේ දෙමළ වැසියන්ද අවධාරණය කරනවා. කනගරායන්කුලම් උතුර සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපති සතාසිවම් තමිල්චෙල්වම් සඳහන් කළේ පන්සල පිළිබඳ දෙමළ ජනතාවගේ ගෞරවයක් ඇති බවයි.
මේ අතර බුදුපිළිම වහන්සේ දෙනම කඩා දමා ඇත්තේ ඇවන්ජලික ඊළාම් විමුක්ති සංවිධානය නම් කණ්ඩායමක් බවට සිංහලයේ ජාතික බලමුුළුව චෝදනා කරනවා.
ශී‍්‍ර ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන්. අරුන්කාන්ත් කියා සිිටියේ මෙම සංවිධානය නමින් තමන්ටද තර්ජනය කෙරුණු බවයි.
එහිදී හෙතෙම වැඩි දුරටත් පැවසුවේ තමාට දුරකතනයෙන් තර්ජනය කළ පුද්ගලයා පළමු වෙඩි මුරය තැබූ බව තමාට පැවසූ බවයි. බුදුපිළිම කැඩීම හරහා බෞද්ධයන් දෙමළ ජාතිකයන්ට පහර දෙන ස්වභාවයක් ඇති කර එම පහරදීමේ සිද්ධීන් ලෝකයට පෙන්වීමට ඔවුගේ අවශ්‍යතාවය බවත් සඳහන් කළා.
තමන් මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිලි කළ බවද එන්. අරුන්කාන්ත් කියා සිටියා. එ් අනුව අදාළ තර්ජනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වවුනියාව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කණ්ඩායමක් පොලිස්පතිවරයා විසින් පත්කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
Author - Neth News