උදුවප් පොහෝ දා විවෘත වූ - සුමන සමන් දෙවි ප්‍රතිමාව ☸️🙏😇 ( Sumana Saman Devi )

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    උදුවප් පොහෝ දා විවෘත වූ - සුමන සමන් දෙවි ප්‍රතිමාව ☸️🙏😇 ( Sumana Saman Devi )
    ගෞතම මුනි සසුනේ ,තෙරුවන් සරණ ගියාවූ , උතුම් වූ සෝවාවන් ඵල ලභා ,සමන් ගිරි හිස් ,මුනි සිරිපා පද්මයට අධිපතියන්ගේ ප්‍රතිමා වහන්සේ නිරාවරණය විය...

    සිරිපා කදුමුදුන ඈතින් දිස්වන රමනීය නෙල්ලිගල පුණ්‍ය භූමියේ ඉදිකල සුමන සමන් දෙවියන්ගේ අසිරිමත් පිළිරුව උදුවප් පුන් පොහෝ දින විවෘත වුණා...


    සිත නිවෙන පරිසරයක නිර්මාණය වූ මේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානට තවත් එළියක්, ආශිර්වාදයක් මේ සුමන සමන් දෙවියන්ගේ ප්‍රතිමාවෙන් ලැබෙනවා....

    විශේෂයෙන් සදහන් කළ යුත්තක් වන්නේ සුමන සමන් දේව ප්‍රතිමාවේ නේත්‍රා තැබීමේ චාරිත්‍රය සම්ප්‍රදායික ක්‍රමවේදයන්ට අනුව සිද්ධ කෙරුණා...

    ඒ ශිල්පීන්ට අවේණික පුරාණ සම්ප්‍රදායන්ට අනුව එය නිම කර තිබෙනවා..

    මහනුවරට එන ඔයාලත් නව පරම්පරාවේ බෞද්ධ ඉතිහාසයේ නිමවූ විශිෂ්ඨ නිර්මාණයක් වන නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණෙන්න..පැමිණ ආශිර්වාදය ලබා ගන්න..

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here