Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උන්මාද සිතුවමකි, තවමත් ඔබ අපට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උන්මාද සිතුවමකි, තවමත් ඔබ අපට

උන්මාද සිතුවමකි, තවමත් ඔබ අපට

අපේ රටේ මානව හිතවාදී යන නාමයෙන් හැඳින්වෙන කලාකරුවන් සිටින්නේ ස්වල්ප දෙනෙකි. ඉන් එක් කලාකරුවකු වන්නේ ජනකාන්ත නළු විජය කුමාරතුංගයන්ය. අනිත් කලාකරුවා විශාරද ගුණදාස කපුගේ ය.

මානව භක්තිපූර්වකයකු වුවත් කපුගේ ලිබරල්වාදියකු වුවා යැයි මම නොසිතමි. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාක්ස්වාදියෙකි. එය ඔහුගේ දේශපාලන දර්ශනය වූයේය.

මා අසා කියවා ඇති පරිද්දෙන් කපුගේ වතු කම්කරුවකුගේ පුතෙකි. වතු කම්කරුවකු වශයෙන් තම පියා සූරා කෑමට ගොදුරු වූ ආකාරය කුඩා කල සිටම කපුගේ අත්දුටුවා විය හැකිය. එහෙයින් නිර්ධන පන්තිය කෙරෙහි - පීඩිත පන්තිය කෙරෙහි දැඩි මානව දයාවක් ඔහු තුළ පිහිටා තිබීම යථාර්ථවාදීය. කපුගේ ගේ ගීතවලත් ඔහුගේ සමාජ දේශපාලන භාවිතාව තුළත් ප්‍රධානම සංරචකය බවට පත් වූයේ මේ ජීවිත දැක්මයි.

ආර්ථික පරිපීඩනය හේතුවෙන් කපුගේට සංගීතය පිළිබඳ වැඩි දුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයට යෑමට ඉඩප්රස්ථා නොසැලසිණි. එහිදී ඔහුගේ පිහිටට ආවේ පවුලේ සමීපතම ඥාතිවරයෙකි. ඔහු තම ගේ දොර ඉඩකඩම් උගස් තබා කපුගේට මුදල් පරිත්‍යාග කළේ ය. කපුගේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයයෙන් සංගීත විශාරද උපාධිය ලබන්නේ ඉනික්බිතිවය.

1969 දී විශාරද උපාධිය ලැබ ලංකාවට එන කපුගේට ගුවන්විදුලියේ ලැබෙන්නේ ‘ක්‍රියාකාරී සහායක’ තනතුරකි. ඔහු ශබ්ද පරිපාලකයකු ලෙස වෘත්තිය ජීවිතය අරඹයි. සංගීතය පිළිබඳ විශාරද උපාධියක් ලද්දකුට හිමිවිය යුත්තේ මෙබඳු කාර්මික අංශයේ රැකියාවක් දැයි සිතා බැලීම පාඨක ඔබට භාරය.

කපුගේ ගායන ක්ෂේත්රයට ප්‍රවිෂ්ට වන්නේ ගුවන්විදුලියේ සිටියදීය. ‘දෑස නිලුපුල් තෙමා’ නම් වූ ගීතයෙන් ඔහු ගායකයකු ලෙස දොරට වඩී. එම ගීතය අදටත් අප හදවත අළලන වින්දනයක් ගෙන එන නිර්මාණයක් නොවන්නේ ද? සිංහල සුභාවිත ගීතය පෝෂණය කිරීම උදෙසා තවත් ගායකයකු සංගීත ක්ෂේත්රයට බිහිවූ සංඥාව මේ ගීතය අපට ගෙන ආවේය. පසුව කපුගේ ගුවන්විදුලියේ ‘ඒ’ ශ්‍රේණියේ ගායකයකු ලෙස උසස්වීමක් ලබයි.

කපුගේට ගායකයකු වශයෙන් හා වෘත්තිකයකු වශයෙන් නොයෙක් අතෝරයන්ට මුහුණ දෙන්ට සිදුවන්නේ 1977 න් පසුව ඇරැඹුණු ධනපති ආණ්ඩුව යටතේය. ඔහුගේ ගීත වාරණයට ලක්වන අතරේ ඔහුගේ එතෙර සංචාරයන්ට ලැබුණු ඉඩ ප්රස්ථා වැළැක්වෙයි. ඉන් එක් අවස්ථාවක් වන්නේ 1977 දී සෝවියට් දේශයේ පැවැති අන්තර් ජාතික ගායන තරගයකට ලද ඇරියුම් පිළිගන්ට ඉහළින් අවසර නොලැබීමයි.

ඊළඟ වසරේදී කියුබාවේ හවානා නුවර අන්තර්ජාතික තරුණ සමුළුවකට සහභාගිවීමට ආරාධනා ලැබුණු අවස්ථාවේ කපුගේට නිවාඩු අනුමත කෙරුණේ නැත. රැකියාවට වඩා ස්වාධිනත්වය බෙහෙවින් අගය කළ කපුගේ රස්සාව යකාට ගියාදෙන් යැයි සිතා කියුබානු සමුළුවට සහභාගි වුණේය. ඔහු ආපසු එන විට සේවය හැර ගියා සේ සැලකෙන ලිපිය ඔහුට ගුවන් තොටුපළටම ලැබෙන්ට සලස්වා තිබිණි. එදා ධනපති ආණ්ඩුව ඔහුට අරියාදු කළේ එලෙසය.

පසුව ඔහුට යළිත් රැකියාව ලැබුණ ද එවක සිටි අගමැතිවරයාට අපහාස කරන ලදැයි යන චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත්වන කපුගේ ගේ වැඩ යළිත් තහනම් වූයේය.

තමාගේ සංගීත ජීවිතයේ විශාල පරිවර්තනයක් සිදු වූයේ හවානාවලදී බව කපුගේ පුවත්පතකට දුන් සම්මුඛ සාකච්ඡාවකදි කියා සිටියේය. එය ‘දිවයින’ ‘මීවිත’ අතිරේකයට මාධ්‍යවේදි බුලිත ප්‍රදීප් කුමාර සමඟ කළ සාකච්ඡාවකි. එහි මෙසේ දක්වා තිබිණි.

“මෙතැනදි මට හමුවුණා ඔස්ටෝරිකාවේ ගායකයෙක්ව. ඔහු මගේ සින්දු අහලා තියෙනවා. ඇයි නුඹලගේ මිනිස්සුන්ට ඔය තැනින් මුදවගන්න, මිනිස්සුන්ව ඥානනය කරන්න සින්දු නොකියන්නේ. උඹලට උඹලගේ මිනිස්සුන්ව ඉදිරියට ගෙනියන්න වුවමනාවක් නැද්ද කියලා ඔහු ඇහැව්වා. මේක මගේ හිතට තදින් කා වැදුණා. මගේ ගායන ජීවිතය, නිර්මාණ ජිවිතය පුදුමාකාර විදියට මේ සිද්ධියෙන් පස්සේ වෙනස් වුණා.

මම ඊට පස්සේ බොහෝදුරට මිනිස්සුන්ව ඥානනය කරන්න පුළුවන් විදියේ ගීත කිව්වා.” (1995 ඔක්තෝබර් 15) කපුගේ සමාජ යථාර්ථය පාදක කරගත් ගීත ගායනා කරන්ට සක්‍රීයව දායක වූයේ ඉන් අනතුරුවය. කෙසේ වෙතත් කපුගේ කවදත් හරවත් ගී පදමාලා කෙරෙහි සැලකිලිමත් වූ ගායකයකු ලෙස මම දකිමි. මෙහිදී මට මගේ පෞද්ගලික අත්දැකීමක් ද සිහිපත් වෙයි. හැත්තෑව දශකය අගභාගයේදී පමණ මම මා ලියූ ගී පද කීපයක් රැගෙන කපුගේ හමුවන්ට ගියෙමි. ඔහු නැවතී සිටියේ මරදානේ පිහිටි සංගීතඥ සේන වීරසේකරයන්ගේ නිවෙසේය. මම ඔහුට මගේ ගී පද රචනා දුනිමි. එය කියවූ කපුගේ ඉන් පසු මෙසේ විචාලේය.

“මල්ලි ‘කෝමළ රේඛා’ කියවලා තියෙනව ද?”

මා ඒ වන විට එබඳු පොතක් ගැන අසාවත් තිබුණේ නැත. මා සිතුවේ එය නවකතාවක් විය හැකි බවයි.

“මල්ලි හොයාගෙන කියවන්න ‘කෝමළ රේඛා’. ඒක ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ පොතක්.”

කපුගේ කීවේය. ටික දිනකට පසු මම ‘කෝමළ රේඛා’ පොත සොයාගෙන එහි මානවසිංහ ගීත රචනා කලාව ගැන ලියා තිබු දීර්ඝ ප්‍රස්තාවනාව කියවිමි. එය කියවා මා හොඳ ගීත ලිවීමට පෙලඹෙතැයි කපුගේ කල්පනා කළා විය හැකිය. එහෙත් සිදුවූයේ අනිකකි. එය කියවූ පසු මට මගේ කුදුබව පසක් විය. ගීත රචකයකු වන්ට නම් කවි ශක්තියක් තිබිය යුතු බව මට හැඟි ගියේය. එබඳු නිර්මාණ ප්‍රතිභාවක්, මහරු කවීත්වයක්, ගීත ලිවීමට සුදුසු අනුභූතියක් මට ඒ වන විට නොමැති බව මට ඒත්තු ගියේය. මම වහාම ගීත ලිවීම නවතා දැමිමි. ‘කෝමළ රේඛා’ නොකියවා මා පණ්ඩිතකමට ගීත රචකයකු වූවා නම් මට සිදුවන්නේ කාඩ් එක කුඩුකර ගන්ටය.

කපුගේ මොන ගී ගැයුවත් මා පෞද්ගලිකව ඔහුගේ හොඳම ගී ලෙස දකින්නේ පේ‍්‍රමයේ ලාලසාව හා එහි විරහව වස්තු විෂයය කරගත් සෞන්දර්යාත්මක ගීතය. ඔහුගේ හොඳම ගීතය ලෙස මා සලකන්නේ ‘එක්ටැම් ගේ’ චිත්‍රපටයට ඔහු ගැයු ‘උන්මාද සිතුවම්’ ය. භාවමය ශුන්‍යත්වයකින් පෙළි සිටින සංකාකූල මොහොතක මේ ගීතය අප තුළ ඇති කරන සතතානන්දය වචනයට නැඟිය නොහැකි තරමේ වේදයිතයකි.

ඒ හැරුණු කොට ඔහු ගැයු ‘දුක හාදු දෙන රැයේ’, ‘දම්පාටින් ලා සඳ බැස යනවා’, ‘මං හින්දා ඔබ නෙතඟින් කඳුළක් හෙළන්නෙපා’, ‘නින්ද නැති රැයේ’, ‘බිංදු බිංදු තාරකා’, ‘සීත පිනිබිඳු කඳුළු සලනා’, ‘තරු රෑන රිදී පාට පාට’ වැනි ගී මගේ රසාස්වාදයට හේතු වෙයි. ඒවා මොන තරම් රම්‍යතර නිර්මාණ ද? ඒවායින් අප තුළ ඇතිවන්නා වූ රසෝද්දීපනය මා වර්ණිතව විස්තර කළ යුතු ද? එසේ වුවත් ඔහු සෞන්දර්යය සීමාවෙන් ඔබ්බට ගොස් ගායනා කළ ගීත ද අපේ ප්‍රශංසාවට ලක්වුව මනාය.

විශේෂයෙන් වෙල්ලස්සේ ඉඩම් අක්කර පනස් හතර දහසක් බහුජාතික සමාගම්වලට විකිණිම එරෙහිව ගැයුණු ‘බිම්බරක් සෙනඟ’ (වෙල්ලස්සේ ගීතය) වැනි ගීත, වාර්ගික සහජීවනය පාදක කරගෙන ගැයුණු ‘උතුරු කොනේ නුඹ හිනැහෙන්’ වැනි ගීත අපේ බුහුමනට ලක්වු මනාය. එපමණක් ද නොවේ. මානව ජීවිතයේ අතිශය සංවේදනා පූර්වක අත්දැකීම් වස්තු කරගෙත් ‘දවසක් පැල නැති හේනේ’ ‘අයියන්ඩියේ නුඹ ඇවිදින්’ වැනි ගීත ද කපුගේ විශිෂ්ට ගී නිර්මාණ අතර සුවිශේෂ ස්ථානයක් ගනී. මේ ගී මඟින් සහෘදයා තුළ ඇති කරවන්නේ ජීවිතය හා සමාජය විනිවිද දක්නා නුවණකි. මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ වචනයකින් කිව හොත් අපේ ජීවිත වඩාත් සුසංවාදි, වඩා සුපුෂ්පිත කරගැනීමට මේ ගී වලින් සැලසෙන්නාවූ මෙහෙවර අතිමහත්ය.

කපුගේට රජරට ගුවන්විදුලියට මාරුවක් ලැබීම දේශපාලන පළිගැනීමක් වුවත් එය වෙස්වළාගත් ආශිර්වාදයක් වූ බව පසුව සලකා බැලීමේදී පෙනී යයි. ඒ ඔස්සේ ඔහු අලුත් ගීත රචකයන් පිරිසක් (පූජ්‍ය පල්ලෙගම හේමරතන හිමි, මහින්ද දිසානායක, මහින්ද චන්ද්‍රසේකර වැනි) ගායකයන් පිරිසක් (කරුණාරත්න දිවුල්ගනේ, ජානක වික්‍රමසිංහ, ජයතිලක බණ්ඩාර වැනි) බිහි කිරීමට සමත් වූ අතර රජරට රසිකයන්ගේ කලා රසඥතාව ඉහළට නංවාලන්ට පුරෝගාමි කාර්යභාරයක් ද ඉටු කළේය.

1984 දී කපුගේ ‘කාලයේ රාවය’ නමින් සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කළේය. ‘කම්පන (1990) ඒක පුද්ගල ගී ප්‍රසංගය එහිම දැවැන්ත වර්ධනීය අවස්ථාවකි.

‘කම්පන’ ප්‍රසංගය පිළිබඳ විචාරයක් ‘පෙරමඟ’ සඟරාවට ලිවීම හේතු කොටගෙන මට මහත් අකරතැබ්බකට මුහුණ දෙන්ට සිදු වූයේය. ඒ එම විචාර ලිපියෙන් උදහස් වූ ‘පෙරමඟ’ සංස්කාරක ඇන්ටන් අල්විස් මගේ ලිපි පළ කිරීම නවතා දැමීමයි. එම සිද්ධිය එකල පුවත්පත්වල පවා වාර්තා වූ ආකාරය මට මතකය.

කපුගේ ගේ මා අගය කරන එක් විශේෂත්වයක් වන්නේ කලාකරුවකු වශයෙන් ඔහු සතුව තිබු අදීනත්වයයි. වරක් කපුගේ සහභාගි වූ විවාහ මංගල උත්සවයකට එවක සිටි ජනාධිපතිනිය ද පැමිණ සිටියාය.

තමා හමුවන්ට එන ලෙස ඇගෙන් කපුගේට පණිවුඩයක් ලැබිණි. එවිට කපුගේ ගේ පිළිතුර වී ඇත්තේ මෙවැන්නකි.

“එයාට ඕනැනම් මාව හම්බු වෙන්න මගේ ළඟට එන්න කියන්න. මම මොකටද එයා ළඟට යන්නේ.”

එයින් කපුගේ සතුව තිබු පෞරුෂ සම්පන්නභාවය ප්‍රකට කෙරේ.

කපුගේ ‘සන්ෆ්ලවර්ස්’ සංගීත කණ්ඩායම සමඟ ගීත ගායනා කිරීම බොහෝදෙනකුගේ තදබල දෝෂාරෝපණයට ලක්වූවත් ඔහු එලෙස ඔවුන් සමඟ ගී ගායනා කළේ එකල බලවත් සේ රෝගාතුර ව සිටි සුගතපාල ද සිල්වාගේ ප්‍රතිකාර සඳහා මුදල් සොයා දීමට බව පසුව හෙළිදරව් වූයේ ය. එම කරුණ පසු කලෙක සුගතපාලම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේය.

කපුගේ ගේ ඇතැම් ගීත වේග රිද්ම නාද රටාවකට අනුචිත වුවත් ‘සන්ෆ්ලවර්ස්’ සමඟ ගීත ගායනා කිරීම නිසා ඔහුට අලුත් රසික පිරිසක් ඇති වූ බව නම් අවිවාදයෙන්ම පිළිගත යුත්තකි. ජෝතිපාලලගේ, එම්. එස්ලගේ, නිහාල් නෙල්සන්ලගේ ගීත ඇසු එම රසිකයෝ එතැන් සිට කපුගේ ගේ ගීත ද මහත් ආශාවෙන් අසන්ට පෙලඹුණාහ.

පොදුජන අරගලවලදි (ශිෂ්‍ය සටන් - වැඩ වර්ජන වැනි) කපුගේ නොමිලේ ගීත ගයා එම අරගලයන්ට ස්වකීය සහෝදරාත්මක දිරිගැන්වීම දුන්නේය. එහෙත් පෙරළා ඔහුට සමාජයෙන් ලැබුණේ කුමක්දැයි යන්න ප්‍රශ්න කිරීම වටී. මට අත්දැකීම් තුනක් සිහිපත් වෙයි.

(1) වරක් කපුගේ ගේ නිවෙසේ විදුලි බිල් පතේ හිඟ මුදලක් තිබිණි. එබැවින් අදාළ විදුලිබල ආයතනයේ පිරිසක් පැමිණ ඔහුගේ නිවෙසේ විදුලිය විසන්ධි කරන්ට සූදානම් වූහ. ඒ අවස්ථාවේ ගීත රචකයෙක්ද කපුගේ ගේ නිවෙසේ සිටියේය. “ඔයාලා දන්නවනේ මේක ගුණදාස කපුගේ ගේ ගේ කියලා. ඔයාලත් කපුගේ ගේ සින්දු අහලා රස විඳින අය වෙන්න ඇතිනේ. ඉතින් ඒ ගැනවත් හිතලා මේ වෙලාවේ ලයිට් කපන්නේ නැතුව යන්න. කපුගේ හෙට උදේ ඔය හිඟ මුදල ගෙවල දමාවි.

එහෙත් සේවක පිරිස ඊට කන් නොදුන්හ.

“අපිට කරන්න දෙයක් නැහැ මහත්තයා. අපිට කවුරු වුණත් එකයි; අපි කරන්නේ අපේ රාජකාරිය.”

එසේ කියූ ඔවුහු නිවෙසේ විදුලිය විසන්ධි කළහ. කපුගේ සහ පවුලේ අය කුප්පි ලාම්පුවක් දල්වාගෙන රැය පහන් කළහ.

(2) දිනක් ප්‍රසංගයක් නිම වී කපුගේ මැදියම් රැයේ වාහනයකින් නිවෙසට එමින් සිටියේය. පොලිස් මුර බාධක පොළකින් රිය නැවැත්විණි. රථයේ සිටින අයට බසින්නැයි අණ ලැබිණි. කපුගේ සිටියේ වෙහෙසත් මධුවිතත් නිසා අඩනින්දකය. රථයේ සිටි ප්‍රවීණ සංගීතඥයෙක් පොලිස් භටයා ඇමතුවේය.

“මල්ලි මේකේ ඉන්නේ ගුණදාස කපුගේ. අපේ වාහනේ ඔයාලට පරික්ෂා කරන්න දෙයක් නැහැ.”

එහෙත් එය ගණනකටත් නොගත් පොලිස් භටයා මෙසේ කීවේය.

මං දන්න කපුගේ කෙනෙක් නැහැ. තමුසේලා වාහනයෙන් බිමට බහිනවා.”

එම විධානයෙන් සංගීතඥයා උදහස් වූයේය.

“මල්ලි ඔයාගේ පඩිය කීයද?”

අන්දුන්කුන්දුන් වූ පොලිස් භටයා තම පඩිය කීවේය. ඉන්පසු සංගීතඥයා ඔහුට මෙසේ කීය.

“මල්ලි ඊළඟ පඩියෙන් රේඩියෝ එකක් සල්ලි දීල ගන්න. අරගෙන එකේ සින්දු අහන්න. එතකොට මල්ලිට දැනගන්න පුළුවන් ගුණදාස කපුගේ කියන්නේ කවුද කියලා.”

එසේ කියූ සංගීතඥයා පොලිස් අණ ද නොතකා රිය පණගන්වා ඇත.

තුන්වැනි අත්දැකීම මේ දෙකටම වඩා ජුගුප්සාජනකය. එය කපුගේ ගේ මරණය හා සම්බන්ධ සිදුවීම්වලියකි. කපුගේ මිය ගියේ එතෙර සංගීත සංචාරයක් සඳහා ගොස් යළි මෙරටට එන අතරවාරයේ ඔහු ගමන් ගත් ගුවන් බසයෙන් බිමට වැටීමෙනි. එහෙත් කපුගේට ප්‍රතිකාර දීම සඳහා ගුවන් තොටේ වෛද්‍යවරයකු සිටියේ නැත. එහෙයින් ඔහු ගිලන් රියකින් කොළඹ මහ රෝහලට යවන ලදි. ඒ සඳහා රුපියල් දෙදහක මුදලක් කපුගේ ගෙන් අයකර ඇත. කපුගේ ගුවන් බසයෙන් ඇද වැටුණේ පාන්දර 4.20 ට පමණය. එහෙත් උදේ 8.00 වන තෙක් ඔහු රෝහලට ගෙන යෑමට කිසිදු බලධාරියකු ඉදිරිපත්ව නැත.

නිසි වෙලාවට කපුගේට ප්‍රතිකාර ලැබිණි නම් ඔහු තවමත් ජීවතුන් අතරය. රෝහලට යන විට කපුගේ ගේ පවුලේ අයට දැනගන්ට ලැබුණේ ඔහුගේ මුදල් පසුම්බිය පමණක් නොව සපත්තු දෙක ද සොරාගෙන ඇති බවකි. එම සොරා අඩියක් ගැසු විට මේසයට තට්ටු කර ‘බිම්බරක් සෙනඟ’ ගීතය ගැයු කපුගේ ගේම රසිකයකු විය නොහැකි ද?

කපුගේ එකම ගඟකට වැටුණු සුනිල දිය දහරක් වුවත් සමාජය එසේ නොවූ බව ඉහත අත්දැකීම් තුනෙන්ම අපට පසක් වන සදා සත්‍යයයි. ඉතිං කපුගේට ආයෙත් මේ ස්වර්ණ භූමියේම ඉපදෙන්නැයි කියා අපට කටක් ඇර කිව හැක්කේ කෙසේ ද?

සුනිල් මිහිඳුකුල

කපුගේ ගැයූ මියුරු ගී

උතුරු කොනේ...

උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලියේ

දකුණු කොනේ නුඹ හිනැහෙන් සුමනසිරි මල්ලියේ

උතුරු කොනේ නුඹ හිනැහෙන් සෙල්ලම්මා නංගියේ

දකුණු කොනේ නුඹ හිනැහෙන් සෙනෙහෙලතා නංගියේ...

කොතැනක සිටියත් ඉපදෙන - මියයන බිම එකනේදෝ

ඒ බිම එක් වී සුරකින යුතුකම අප සතු නේදෝ...

එක මවකගෙ දරු කැල සේ එක්වී ඉන්නයි සැමදා

නෙතු හමුවට කඳුලැල්ලක් ළං නොමවන්නයි කිසිදා...

ගී පද රචනය - චන්ද්‍ර වාකිස්ට

තනුව හා සංගීතය - ගුණදාස කපුගේ

දවසක් පැල නැති හේනේ...

දවසක් පැල නැති හේනේ

අකාල මහ වැසි වැස්සා

තුරුලේ හංගාගෙන මා

ඔබ තෙමුණා අම්මේ...

පායන තුරු හිටි පියවර - හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන

නින්දා වැහි වැගිරෙන දා

බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ

ඔබෙ සෙනෙහස සුවඳ දිදී

දැනුණා මට අම්මේ...

කොළඹ අහස කළුකර ගෙන

මූදු හුළඟ හඬලන කොට

ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ

මං එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද අම්මේ...

ගී පද රචනය - රන්බණ්ඩා සෙනෙවිරත්න

සංගීතය - ගුණදාස කපුගේ

මං මුලාවී...

මං මුලාවී පාර සොයාගෙන

හසරක් අසමින් යන ගමනේ

මං මුළා වූ සමනලියකගෙනි

පාර අසා තිබුණේ...

ඇයත් නොදන්නීය ඇය යන මානය

උන්හිටි තැන් මතකයෙ අඩමානය

පාර කියන්නේ කෙලෙසද මා හට

ඇයට ද පාරක් ඇති නැති ගානය...

අප හමුවූයේ මන්දැයි නොදනිමි

පාර ඇසූයේ ඇයිදැයි නොකියමි

අපේ ගමන අද නවතනු හැකිනම්

අප යන ගමන ද අද මෙතනින් නිමි...

ගී පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න

තනුව හා සංගීතය - ගුණදාස කපුගේ

සිංහල සින්දු කියන

සිංහල සින්දු කියන

නළලේ තිලක තියන

කිරිල්ලී

තුඩින් හදවතක් අරගෙන

ගිනිගත් තල් අරඹට

ආවාදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී

කුරුල්ලාට වශී වී

ගිනි මලින් තනා මල් පොකුරක්

අතට ගත්ත මනාලී

මධු සමේ මධුර කටු අතරේ

පිපී වැනුණ සුරූපී

ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණ

විහඟ සෙනඟ අඬාවි

ඒ කඳුළු සිංහලට නගන්න

නුඹට හැකිය පි‍්‍රයාවී

ආදරය නුඹට බාරයි

රැකගනින් දේවතාවි

ගායනය සහ සංගීතය - ගුණදාස කපුගේ

ගී පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ

සැකසුම - හේමමාලා රන්දුනු

උපුටා ගැනීම් :- http://www.silumina.lk/2010/03/28/_art.asp?fn=av1003284

[QUOTE="DIGPRIYANKARA, post: 16704690, member: 366083"] [b]උන්මාද සිතුවමකි, තවමත් ඔබ අපට[/b] [CENTER][SIZE=3][B][COLOR=#008000]උන්මාද සිතුවමකි, තවමත් ඔබ අපට[/COLOR][/B] [IMG]http://srilankans.com.au/sites/default/files/artist/gunadasa_kapuge.jpg[/IMG] අපේ රටේ මානව හිතවාදී යන නාමයෙන් හැඳින්වෙන කලාකරුවන් සිටින්නේ ස්වල්ප දෙනෙකි. ඉන් එක් කලාකරුවකු වන්නේ ජනකාන්ත නළු විජය කුමාරතුංගයන්ය. අනිත් කලාකරුවා විශාරද ගුණදාස කපුගේ ය. මානව භක්තිපූර්වකයකු වුවත් කපුගේ ලිබරල්වාදියකු වුවා යැයි මම නොසිතමි. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාක්ස්වාදියෙකි. එය ඔහුගේ දේශපාලන දර්ශනය වූයේය. මා අසා කියවා ඇති පරිද්දෙන් කපුගේ වතු කම්කරුවකුගේ පුතෙකි. වතු කම්කරුවකු වශයෙන් තම පියා සූරා කෑමට ගොදුරු වූ ආකාරය කුඩා කල සිටම කපුගේ අත්දුටුවා විය හැකිය. එහෙයින් නිර්ධන පන්තිය කෙරෙහි - පීඩිත පන්තිය කෙරෙහි දැඩි මානව දයාවක් ඔහු තුළ පිහිටා තිබීම යථාර්ථවාදීය. කපුගේ ගේ ගීතවලත් ඔහුගේ සමාජ දේශපාලන භාවිතාව තුළත් ප්‍රධානම සංරචකය බවට පත් වූයේ මේ ජීවිත දැක්මයි. ආර්ථික පරිපීඩනය හේතුවෙන් කපුගේට සංගීතය පිළිබඳ වැඩි දුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයට යෑමට ඉඩප්රස්ථා නොසැලසිණි. එහිදී ඔහුගේ පිහිටට ආවේ පවුලේ සමීපතම ඥාතිවරයෙකි. ඔහු තම ගේ දොර ඉඩකඩම් උගස් තබා කපුගේට මුදල් පරිත්‍යාග කළේ ය. කපුගේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයයෙන් සංගීත විශාරද උපාධිය ලබන්නේ ඉනික්බිතිවය. 1969 දී විශාරද උපාධිය ලැබ ලංකාවට එන කපුගේට ගුවන්විදුලියේ ලැබෙන්නේ ‘ක්‍රියාකාරී සහායක’ තනතුරකි. ඔහු ශබ්ද පරිපාලකයකු ලෙස වෘත්තිය ජීවිතය අරඹයි. සංගීතය පිළිබඳ විශාරද උපාධියක් ලද්දකුට හිමිවිය යුත්තේ මෙබඳු කාර්මික අංශයේ රැකියාවක් දැයි සිතා බැලීම පාඨක ඔබට භාරය. කපුගේ ගායන ක්ෂේත්රයට ප්‍රවිෂ්ට වන්නේ ගුවන්විදුලියේ සිටියදීය. ‘දෑස නිලුපුල් තෙමා’ නම් වූ ගීතයෙන් ඔහු ගායකයකු ලෙස දොරට වඩී. එම ගීතය අදටත් අප හදවත අළලන වින්දනයක් ගෙන එන නිර්මාණයක් නොවන්නේ ද? සිංහල සුභාවිත ගීතය පෝෂණය කිරීම උදෙසා තවත් ගායකයකු සංගීත ක්ෂේත්රයට බිහිවූ සංඥාව මේ ගීතය අපට ගෙන ආවේය. පසුව කපුගේ ගුවන්විදුලියේ ‘ඒ’ ශ්‍රේණියේ ගායකයකු ලෙස උසස්වීමක් ලබයි. කපුගේට ගායකයකු වශයෙන් හා වෘත්තිකයකු වශයෙන් නොයෙක් අතෝරයන්ට මුහුණ දෙන්ට සිදුවන්නේ 1977 න් පසුව ඇරැඹුණු ධනපති ආණ්ඩුව යටතේය. ඔහුගේ ගීත වාරණයට ලක්වන අතරේ ඔහුගේ එතෙර සංචාරයන්ට ලැබුණු ඉඩ ප්රස්ථා වැළැක්වෙයි. ඉන් එක් අවස්ථාවක් වන්නේ 1977 දී සෝවියට් දේශයේ පැවැති අන්තර් ජාතික ගායන තරගයකට ලද ඇරියුම් පිළිගන්ට ඉහළින් අවසර නොලැබීමයි. ඊළඟ වසරේදී කියුබාවේ හවානා නුවර අන්තර්ජාතික තරුණ සමුළුවකට සහභාගිවීමට ආරාධනා ලැබුණු අවස්ථාවේ කපුගේට නිවාඩු අනුමත කෙරුණේ නැත. රැකියාවට වඩා ස්වාධිනත්වය බෙහෙවින් අගය කළ කපුගේ රස්සාව යකාට ගියාදෙන් යැයි සිතා කියුබානු සමුළුවට සහභාගි වුණේය. ඔහු ආපසු එන විට සේවය හැර ගියා සේ සැලකෙන ලිපිය ඔහුට ගුවන් තොටුපළටම ලැබෙන්ට සලස්වා තිබිණි. එදා ධනපති ආණ්ඩුව ඔහුට අරියාදු කළේ එලෙසය. පසුව ඔහුට යළිත් රැකියාව ලැබුණ ද එවක සිටි අගමැතිවරයාට අපහාස කරන ලදැයි යන චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත්වන කපුගේ ගේ වැඩ යළිත් තහනම් වූයේය. තමාගේ සංගීත ජීවිතයේ විශාල පරිවර්තනයක් සිදු වූයේ හවානාවලදී බව කපුගේ පුවත්පතකට දුන් සම්මුඛ සාකච්ඡාවකදි කියා සිටියේය. එය ‘දිවයින’ ‘මීවිත’ අතිරේකයට මාධ්‍යවේදි බුලිත ප්‍රදීප් කුමාර සමඟ කළ සාකච්ඡාවකි. එහි මෙසේ දක්වා තිබිණි. “මෙතැනදි මට හමුවුණා ඔස්ටෝරිකාවේ ගායකයෙක්ව. ඔහු මගේ සින්දු අහලා තියෙනවා. ඇයි නුඹලගේ මිනිස්සුන්ට ඔය තැනින් මුදවගන්න, මිනිස්සුන්ව ඥානනය කරන්න සින්දු නොකියන්නේ. උඹලට උඹලගේ මිනිස්සුන්ව ඉදිරියට ගෙනියන්න වුවමනාවක් නැද්ද කියලා ඔහු ඇහැව්වා. මේක මගේ හිතට තදින් කා වැදුණා. මගේ ගායන ජීවිතය, නිර්මාණ ජිවිතය පුදුමාකාර විදියට මේ සිද්ධියෙන් පස්සේ වෙනස් වුණා. මම ඊට පස්සේ බොහෝදුරට මිනිස්සුන්ව ඥානනය කරන්න පුළුවන් විදියේ ගීත කිව්වා.” (1995 ඔක්තෝබර් 15) කපුගේ සමාජ යථාර්ථය පාදක කරගත් ගීත ගායනා කරන්ට සක්‍රීයව දායක වූයේ ඉන් අනතුරුවය. කෙසේ වෙතත් කපුගේ කවදත් හරවත් ගී පදමාලා කෙරෙහි සැලකිලිමත් වූ ගායකයකු ලෙස මම දකිමි. මෙහිදී මට මගේ පෞද්ගලික අත්දැකීමක් ද සිහිපත් වෙයි. හැත්තෑව දශකය අගභාගයේදී පමණ මම මා ලියූ ගී පද කීපයක් රැගෙන කපුගේ හමුවන්ට ගියෙමි. ඔහු නැවතී සිටියේ මරදානේ පිහිටි සංගීතඥ සේන වීරසේකරයන්ගේ නිවෙසේය. මම ඔහුට මගේ ගී පද රචනා දුනිමි. එය කියවූ කපුගේ ඉන් පසු මෙසේ විචාලේය. “මල්ලි ‘කෝමළ රේඛා’ කියවලා තියෙනව ද?” මා ඒ වන විට එබඳු පොතක් ගැන අසාවත් තිබුණේ නැත. මා සිතුවේ එය නවකතාවක් විය හැකි බවයි. “මල්ලි හොයාගෙන කියවන්න ‘කෝමළ රේඛා’. ඒක ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ පොතක්.” කපුගේ කීවේය. ටික දිනකට පසු මම ‘කෝමළ රේඛා’ පොත සොයාගෙන එහි මානවසිංහ ගීත රචනා කලාව ගැන ලියා තිබු දීර්ඝ ප්‍රස්තාවනාව කියවිමි. එය කියවා මා හොඳ ගීත ලිවීමට පෙලඹෙතැයි කපුගේ කල්පනා කළා විය හැකිය. එහෙත් සිදුවූයේ අනිකකි. එය කියවූ පසු මට මගේ කුදුබව පසක් විය. ගීත රචකයකු වන්ට නම් කවි ශක්තියක් තිබිය යුතු බව මට හැඟි ගියේය. එබඳු නිර්මාණ ප්‍රතිභාවක්, මහරු කවීත්වයක්, ගීත ලිවීමට සුදුසු අනුභූතියක් මට ඒ වන විට නොමැති බව මට ඒත්තු ගියේය. මම වහාම ගීත ලිවීම නවතා දැමිමි. ‘කෝමළ රේඛා’ නොකියවා මා පණ්ඩිතකමට ගීත රචකයකු වූවා නම් මට සිදුවන්නේ කාඩ් එක කුඩුකර ගන්ටය. කපුගේ මොන ගී ගැයුවත් මා පෞද්ගලිකව ඔහුගේ හොඳම ගී ලෙස දකින්නේ පේ‍්‍රමයේ ලාලසාව හා එහි විරහව වස්තු විෂයය කරගත් සෞන්දර්යාත්මක ගීතය. ඔහුගේ හොඳම ගීතය ලෙස මා සලකන්නේ ‘එක්ටැම් ගේ’ චිත්‍රපටයට ඔහු ගැයු ‘උන්මාද සිතුවම්’ ය. භාවමය ශුන්‍යත්වයකින් පෙළි සිටින සංකාකූල මොහොතක මේ ගීතය අප තුළ ඇති කරන සතතානන්දය වචනයට නැඟිය නොහැකි තරමේ වේදයිතයකි. ඒ හැරුණු කොට ඔහු ගැයු ‘දුක හාදු දෙන රැයේ’, ‘දම්පාටින් ලා සඳ බැස යනවා’, ‘මං හින්දා ඔබ නෙතඟින් කඳුළක් හෙළන්නෙපා’, ‘නින්ද නැති රැයේ’, ‘බිංදු බිංදු තාරකා’, ‘සීත පිනිබිඳු කඳුළු සලනා’, ‘තරු රෑන රිදී පාට පාට’ වැනි ගී මගේ රසාස්වාදයට හේතු වෙයි. ඒවා මොන තරම් රම්‍යතර නිර්මාණ ද? ඒවායින් අප තුළ ඇතිවන්නා වූ රසෝද්දීපනය මා වර්ණිතව විස්තර කළ යුතු ද? එසේ වුවත් ඔහු සෞන්දර්යය සීමාවෙන් ඔබ්බට ගොස් ගායනා කළ ගීත ද අපේ ප්‍රශංසාවට ලක්වුව මනාය. විශේෂයෙන් වෙල්ලස්සේ ඉඩම් අක්කර පනස් හතර දහසක් බහුජාතික සමාගම්වලට විකිණිම එරෙහිව ගැයුණු ‘බිම්බරක් සෙනඟ’ (වෙල්ලස්සේ ගීතය) වැනි ගීත, වාර්ගික සහජීවනය පාදක කරගෙන ගැයුණු ‘උතුරු කොනේ නුඹ හිනැහෙන්’ වැනි ගීත අපේ බුහුමනට ලක්වු මනාය. එපමණක් ද නොවේ. මානව ජීවිතයේ අතිශය සංවේදනා පූර්වක අත්දැකීම් වස්තු කරගෙත් ‘දවසක් පැල නැති හේනේ’ ‘අයියන්ඩියේ නුඹ ඇවිදින්’ වැනි ගීත ද කපුගේ විශිෂ්ට ගී නිර්මාණ අතර සුවිශේෂ ස්ථානයක් ගනී. මේ ගී මඟින් සහෘදයා තුළ ඇති කරවන්නේ ජීවිතය හා සමාජය විනිවිද දක්නා නුවණකි. මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ වචනයකින් කිව හොත් අපේ ජීවිත වඩාත් සුසංවාදි, වඩා සුපුෂ්පිත කරගැනීමට මේ ගී වලින් සැලසෙන්නාවූ මෙහෙවර අතිමහත්ය. කපුගේට රජරට ගුවන්විදුලියට මාරුවක් ලැබීම දේශපාලන පළිගැනීමක් වුවත් එය වෙස්වළාගත් ආශිර්වාදයක් වූ බව පසුව සලකා බැලීමේදී පෙනී යයි. ඒ ඔස්සේ ඔහු අලුත් ගීත රචකයන් පිරිසක් (පූජ්‍ය පල්ලෙගම හේමරතන හිමි, මහින්ද දිසානායක, මහින්ද චන්ද්‍රසේකර වැනි) ගායකයන් පිරිසක් (කරුණාරත්න දිවුල්ගනේ, ජානක වික්‍රමසිංහ, ජයතිලක බණ්ඩාර වැනි) බිහි කිරීමට සමත් වූ අතර රජරට රසිකයන්ගේ කලා රසඥතාව ඉහළට නංවාලන්ට පුරෝගාමි කාර්යභාරයක් ද ඉටු කළේය. 1984 දී කපුගේ ‘කාලයේ රාවය’ නමින් සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කළේය. ‘කම්පන (1990) ඒක පුද්ගල ගී ප්‍රසංගය එහිම දැවැන්ත වර්ධනීය අවස්ථාවකි. ‘කම්පන’ ප්‍රසංගය පිළිබඳ විචාරයක් ‘පෙරමඟ’ සඟරාවට ලිවීම හේතු කොටගෙන මට මහත් අකරතැබ්බකට මුහුණ දෙන්ට සිදු වූයේය. ඒ එම විචාර ලිපියෙන් උදහස් වූ ‘පෙරමඟ’ සංස්කාරක ඇන්ටන් අල්විස් මගේ ලිපි පළ කිරීම නවතා දැමීමයි. එම සිද්ධිය එකල පුවත්පත්වල පවා වාර්තා වූ ආකාරය මට මතකය. කපුගේ ගේ මා අගය කරන එක් විශේෂත්වයක් වන්නේ කලාකරුවකු වශයෙන් ඔහු සතුව තිබු අදීනත්වයයි. වරක් කපුගේ සහභාගි වූ විවාහ මංගල උත්සවයකට එවක සිටි ජනාධිපතිනිය ද පැමිණ සිටියාය. තමා හමුවන්ට එන ලෙස ඇගෙන් කපුගේට පණිවුඩයක් ලැබිණි. එවිට කපුගේ ගේ පිළිතුර වී ඇත්තේ මෙවැන්නකි. “එයාට ඕනැනම් මාව හම්බු වෙන්න මගේ ළඟට එන්න කියන්න. මම මොකටද එයා ළඟට යන්නේ.” එයින් කපුගේ සතුව තිබු පෞරුෂ සම්පන්නභාවය ප්‍රකට කෙරේ. කපුගේ ‘සන්ෆ්ලවර්ස්’ සංගීත කණ්ඩායම සමඟ ගීත ගායනා කිරීම බොහෝදෙනකුගේ තදබල දෝෂාරෝපණයට ලක්වූවත් ඔහු එලෙස ඔවුන් සමඟ ගී ගායනා කළේ එකල බලවත් සේ රෝගාතුර ව සිටි සුගතපාල ද සිල්වාගේ ප්‍රතිකාර සඳහා මුදල් සොයා දීමට බව පසුව හෙළිදරව් වූයේ ය. එම කරුණ පසු කලෙක සුගතපාලම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේය. කපුගේ ගේ ඇතැම් ගීත වේග රිද්ම නාද රටාවකට අනුචිත වුවත් ‘සන්ෆ්ලවර්ස්’ සමඟ ගීත ගායනා කිරීම නිසා ඔහුට අලුත් රසික පිරිසක් ඇති වූ බව නම් අවිවාදයෙන්ම පිළිගත යුත්තකි. ජෝතිපාලලගේ, එම්. එස්ලගේ, නිහාල් නෙල්සන්ලගේ ගීත ඇසු එම රසිකයෝ එතැන් සිට කපුගේ ගේ ගීත ද මහත් ආශාවෙන් අසන්ට පෙලඹුණාහ. පොදුජන අරගලවලදි (ශිෂ්‍ය සටන් - වැඩ වර්ජන වැනි) කපුගේ නොමිලේ ගීත ගයා එම අරගලයන්ට ස්වකීය සහෝදරාත්මක දිරිගැන්වීම දුන්නේය. එහෙත් පෙරළා ඔහුට සමාජයෙන් ලැබුණේ කුමක්දැයි යන්න ප්‍රශ්න කිරීම වටී. මට අත්දැකීම් තුනක් සිහිපත් වෙයි. (1) වරක් කපුගේ ගේ නිවෙසේ විදුලි බිල් පතේ හිඟ මුදලක් තිබිණි. එබැවින් අදාළ විදුලිබල ආයතනයේ පිරිසක් පැමිණ ඔහුගේ නිවෙසේ විදුලිය විසන්ධි කරන්ට සූදානම් වූහ. ඒ අවස්ථාවේ ගීත රචකයෙක්ද කපුගේ ගේ නිවෙසේ සිටියේය. “ඔයාලා දන්නවනේ මේක ගුණදාස කපුගේ ගේ ගේ කියලා. ඔයාලත් කපුගේ ගේ සින්දු අහලා රස විඳින අය වෙන්න ඇතිනේ. ඉතින් ඒ ගැනවත් හිතලා මේ වෙලාවේ ලයිට් කපන්නේ නැතුව යන්න. කපුගේ හෙට උදේ ඔය හිඟ මුදල ගෙවල දමාවි. එහෙත් සේවක පිරිස ඊට කන් නොදුන්හ. “අපිට කරන්න දෙයක් නැහැ මහත්තයා. අපිට කවුරු වුණත් එකයි; අපි කරන්නේ අපේ රාජකාරිය.” එසේ කියූ ඔවුහු නිවෙසේ විදුලිය විසන්ධි කළහ. කපුගේ සහ පවුලේ අය කුප්පි ලාම්පුවක් දල්වාගෙන රැය පහන් කළහ. (2) දිනක් ප්‍රසංගයක් නිම වී කපුගේ මැදියම් රැයේ වාහනයකින් නිවෙසට එමින් සිටියේය. පොලිස් මුර බාධක පොළකින් රිය නැවැත්විණි. රථයේ සිටින අයට බසින්නැයි අණ ලැබිණි. කපුගේ සිටියේ වෙහෙසත් මධුවිතත් නිසා අඩනින්දකය. රථයේ සිටි ප්‍රවීණ සංගීතඥයෙක් පොලිස් භටයා ඇමතුවේය. “මල්ලි මේකේ ඉන්නේ ගුණදාස කපුගේ. අපේ වාහනේ ඔයාලට පරික්ෂා කරන්න දෙයක් නැහැ.” එහෙත් එය ගණනකටත් නොගත් පොලිස් භටයා මෙසේ කීවේය. මං දන්න කපුගේ කෙනෙක් නැහැ. තමුසේලා වාහනයෙන් බිමට බහිනවා.” එම විධානයෙන් සංගීතඥයා උදහස් වූයේය. “මල්ලි ඔයාගේ පඩිය කීයද?” අන්දුන්කුන්දුන් වූ පොලිස් භටයා තම පඩිය කීවේය. ඉන්පසු සංගීතඥයා ඔහුට මෙසේ කීය. “මල්ලි ඊළඟ පඩියෙන් රේඩියෝ එකක් සල්ලි දීල ගන්න. අරගෙන එකේ සින්දු අහන්න. එතකොට මල්ලිට දැනගන්න පුළුවන් ගුණදාස කපුගේ කියන්නේ කවුද කියලා.” එසේ කියූ සංගීතඥයා පොලිස් අණ ද නොතකා රිය පණගන්වා ඇත. තුන්වැනි අත්දැකීම මේ දෙකටම වඩා ජුගුප්සාජනකය. එය කපුගේ ගේ මරණය හා සම්බන්ධ සිදුවීම්වලියකි. කපුගේ මිය ගියේ එතෙර සංගීත සංචාරයක් සඳහා ගොස් යළි මෙරටට එන අතරවාරයේ ඔහු ගමන් ගත් ගුවන් බසයෙන් බිමට වැටීමෙනි. එහෙත් කපුගේට ප්‍රතිකාර දීම සඳහා ගුවන් තොටේ වෛද්‍යවරයකු සිටියේ නැත. එහෙයින් ඔහු ගිලන් රියකින් කොළඹ මහ රෝහලට යවන ලදි. ඒ සඳහා රුපියල් දෙදහක මුදලක් කපුගේ ගෙන් අයකර ඇත. කපුගේ ගුවන් බසයෙන් ඇද වැටුණේ පාන්දර 4.20 ට පමණය. එහෙත් උදේ 8.00 වන තෙක් ඔහු රෝහලට ගෙන යෑමට කිසිදු බලධාරියකු ඉදිරිපත්ව නැත. නිසි වෙලාවට කපුගේට ප්‍රතිකාර ලැබිණි නම් ඔහු තවමත් ජීවතුන් අතරය. රෝහලට යන විට කපුගේ ගේ පවුලේ අයට දැනගන්ට ලැබුණේ ඔහුගේ මුදල් පසුම්බිය පමණක් නොව සපත්තු දෙක ද සොරාගෙන ඇති බවකි. එම සොරා අඩියක් ගැසු විට මේසයට තට්ටු කර ‘බිම්බරක් සෙනඟ’ ගීතය ගැයු කපුගේ ගේම රසිකයකු විය නොහැකි ද? කපුගේ එකම ගඟකට වැටුණු සුනිල දිය දහරක් වුවත් සමාජය එසේ නොවූ බව ඉහත අත්දැකීම් තුනෙන්ම අපට පසක් වන සදා සත්‍යයයි. ඉතිං කපුගේට ආයෙත් මේ ස්වර්ණ භූමියේම ඉපදෙන්නැයි කියා අපට කටක් ඇර කිව හැක්කේ කෙසේ ද? සුනිල් මිහිඳුකුල [U][COLOR=DarkOliveGreen][B]කපුගේ ගැයූ මියුරු ගී[/B][/COLOR][/U] [B][COLOR=#006600]උතුරු කොනේ...[/COLOR][/B] [/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලියේ දකුණු කොනේ නුඹ හිනැහෙන් සුමනසිරි මල්ලියේ උතුරු කොනේ නුඹ හිනැහෙන් සෙල්ලම්මා නංගියේ දකුණු කොනේ නුඹ හිනැහෙන් සෙනෙහෙලතා නංගියේ...[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=DimGray]කොතැනක සිටියත් ඉපදෙන - මියයන බිම එකනේදෝ ඒ බිම එක් වී සුරකින යුතුකම අප සතු නේදෝ...[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=Gray]එක මවකගෙ දරු කැල සේ එක්වී ඉන්නයි සැමදා නෙතු හමුවට කඳුලැල්ලක් ළං නොමවන්නයි කිසිදා... [COLOR=DarkSlateGray]ගී පද රචනය - චන්ද්‍ර වාකිස්ට තනුව හා සංගීතය - ගුණදාස කපුගේ[/COLOR][/COLOR][/SIZE][SIZE=3] [B][COLOR=#996633]දවසක් පැල නැති හේනේ...[/COLOR][/B] [/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]දවසක් පැල නැති හේනේ අකාල මහ වැසි වැස්සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ... පායන තුරු හිටි පියවර - හිටියා ඔබ අම්මේ[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=DimGray]නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරෙන දා බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ ඔබෙ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ...[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=Gray]කොළඹ අහස කළුකර ගෙන මූදු හුළඟ හඬලන කොට ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ මං එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද අම්මේ...[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]ගී පද රචනය - රන්බණ්ඩා සෙනෙවිරත්න සංගීතය - ගුණදාස කපුගේ[/COLOR][/SIZE][SIZE=3] [B][COLOR=#CC0066]මං මුලාවී...[/COLOR][/B] [/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]මං මුලාවී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුළා වූ සමනලියකගෙනි පාර අසා තිබුණේ...[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=DimGray]ඇයත් නොදන්නීය ඇය යන මානය උන්හිටි තැන් මතකයෙ අඩමානය පාර කියන්නේ කෙලෙසද මා හට ඇයට ද පාරක් ඇති නැති ගානය...[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=Gray]අප හමුවූයේ මන්දැයි නොදනිමි පාර ඇසූයේ ඇයිදැයි නොකියමි අපේ ගමන අද නවතනු හැකිනම් අප යන ගමන ද අද මෙතනින් නිමි... [COLOR=Black]ගී පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න තනුව හා සංගීතය - ගුණදාස කපුගේ[/COLOR][/COLOR][/SIZE][SIZE=3] [B][COLOR=#0033CC]සිංහල සින්දු කියන[/COLOR][/B] [/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]සිංහල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලී තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=DimGray]දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශී වී ගිනි මලින් තනා මල් පොකුරක් අතට ගත්ත මනාලී මධු සමේ මධුර කටු අතරේ පිපී වැනුණ සුරූපී[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=Gray]ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණ විහඟ සෙනඟ අඬාවි ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය පි‍්‍රයාවී ආදරය නුඹට බාරයි රැකගනින් දේවතාවි[/COLOR][/SIZE][SIZE=3] ගායනය සහ සංගීතය - ගුණදාස කපුගේ ගී පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ [/SIZE][LEFT][SIZE=3] සැකසුම - හේමමාලා රන්දුනු [SIZE=2]උපුටා ගැනීම් :- [URL]http://www.silumina.lk/2010/03/28/_art.asp?fn=av1003284[/URL][/SIZE] [/SIZE][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom