Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
උඳුවප් පුර පසළොස්වක පෝය ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඳුවප් පුර පසළොස්වක පෝය ..

ශ්‍රී ලංකාවේ ඓතිහාසික ප්‍රමුඛතම බෞද්ධ ශාසනික සිදුවීම හැටියට වර්තමානයෙහි අවිවාදයෙන් ඓතිහාසික මූලාශ්‍රය මඟින් ද තහවුරු වන්නේ ගෞතම මහා ශාක්යමුනීනද්රයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සියවස් දෙකකට පමණ පසුව (ක්‍රි.පූ. 269 – 232 ) මහේන්ද්‍ර මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනය හා සම්බුදු සසුන ශ්‍රී ලංකාවේ ප්‍රතිෂ්ඨාපනය කිරීම යි.

මිහිඳු මාහිමියන්ගේ ආගමනයෙන් ප්රබුද්ධ වූ එවකට යුවරජුගේ බිසව වූ අනුලා දේවිය ඇතුළු පන්සියයක් පමණ වූ කාන්තා පිරිස පැවිද්ද ඉල්ලා සිටියහ.

එහෙත් කාන්තාවන් පැවිදි කිරීමේ කාර්යය භික්ෂූන් වහන්සේ වශයෙන් තමනට විනය විරෝධයක් ඇති බැවින් මෙරට රජු වූ දෙවන පෑතිස් රජු විසින් ධර්මාශෝක මහරජුගෙන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් එරජු දියණිය සංඝමිත්තා මහරහත් තෙරණිය මෙම දිවයිනට පිටත් කොට එවන ලදී. දීපවංශය විසින් පෙන්වා දෙන පරිදි සංඝමිත්තා තෙරණිය සමඟ මෙම ලංකාවට වැඩම කළ සෙසු භික්ෂූණීන් වහන්සේලා දහ නමකි.

උත්තරා, හේමා, මාසගල්ල, අග්ගිමිත්තා, දාසිකා, ඓග්ගු, පබ්බතා, මත්තා, මල්ලා සහ ධම්මදාසියා යනු එම දස තෙරණියෝ ය.

උතුම් ප්‍රව්‍රජ්‍යාව ලබා ගැනීමේ දැඩි ප්රයත්නයක යෙදෙමින් එදා බුදුරජාණන් වහන්සේ දවස මහා ප්‍රජාපතී ගෝතමීන් දේවිය ඇතුළු ශාක්‍ය කුල කාන්තාවෝ ක්‍රියා කළාහු නම් ඒ ආකාරයෙන්ම අනුලා දේවිය ප්රමුඛ රාජකීය ශ්‍රී ලාංකික කාන්තාවෝ ද සංඝමිත්තා තෙරණියගේ සම්ප්‍රාප්තිය අපේක්ෂාවෙන් කහවත් පෙරව දසසිල් සමාදන්ව සිටි බව වංශකථාවන්ගෙන් ප්‍රකාශ වෙයි. අනතුරුව අනුලා බිසව ඇතුළු ලක්වැසි කාන්තාවෝ තම පැවිද්දෙන් පසුව හත්ථාල්හක මෙහෙණවර නම් ආරාමයෙහි ලැගුම් ගත්හ.

ශ්‍රී ලාංකේය සමාජය

උඳුවප් පොහෝ දිනක තිස් වැනි වියෙහි පසු වූ සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේගේ සම්ප්‍රාප්තිය ශ්‍රී ලාංකේය කාන්තා විමුක්තිය පිළිබඳ අති විශිෂ්ට සිදුවීම ලෙසයි ශ්‍රී ලංකාවේ ඉතිහාසයට එකතු වන්නේ. සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්ෂුණීන් පිරිස වෙතින් පැවිදි උපසම්පදාව ලද රාජකීය අනුලා දේවිය ඇතුළු ලාංකික කාන්තාවන්ගේ පැවිද්ද සමඟ මෙරට භික්ෂුණී ශාසනය මුල්බැස ගත්තේ ය. එවක විසූ සැදැහැති උපාසිකාවන් ද ඇතුළු බොහෝ පිරිස් විසින් භික්ෂූන්ගේ වාසස්ථාන සඳහා යම් ආකාරයකින් ලෙන් ආරාම පුද කෙරුණේ නම් එලෙසින්ම භික්ෂූණීන් සඳහා ද පුද පූජා පැවැත්වුණු බව සෙල් ලිපි හා වංශකතාවන්ගෙන් ප්‍රකාශ වෙයි. අනතුරුව ශ්‍රී ලාංකික කාන්තාවෝ දහස් ගණනින් පැවිදි බව ලද අතර එය ලංකාවේ නොයෙක් ප්‍රදේශවල ව්‍යාප්ත වන්නට ද විය. රෝහණ ප්‍රදේශයේ වැඩි වශයෙන් ගැමි කතුන් පැවිදි වී ඇති බව වංශකතාවන්ගෙන් ප්‍රකට වේ. සංඛ්‍යාත්මකව ඉදිරිපත් වන තතු අනුව මහාචුළි මහාතිස්ස රාජ්‍ය සමයෙහි (ක්‍රි.පූ. 77 – 63 ) රජු විසින් භික්ෂූන් 60000 කට ද භික්ෂුණීන් 30000 කට ද සිවුරු පුද කරන ලද බව කියැවේ. මේ අනුව සංඝමිත්තාගමනය ශ්‍රී ලාංකේය සමාජය තුළ කාන්තා විමුක්තිය පිණිස හේතු වීමෙන් භාරතීය බලපෑම හා වෙනත් කාලීන ආගමික පදනම් යටතේ කාන්තාවට හිමිව තිබුණු සමාජ තත්ත්වය ඉහළ ස්ථරයකට පමුණුවාලීමට සමත් විය.

සංඝමිත්තාගමනය ශ්‍රී ලාංකේය ජනතාවට තවත් විශාල වැදගත්කමක් උසුලන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ඒ සමඟම මෙම දිවයිනට වැඩම කරවීම නිසයි. එදා භික්ෂුණීන් වෙනුවෙන් ඉදි කෙරුණු හත්ථාළ්හක නම් මෙහෙණවරට යාබදව සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ උපදේශ අනුව තවත් ගොඩනැඟිලි 12 ක් ඉදි කෙරුණු බව ද සඳහන් වේ. එයින් විශාල ප්‍රමාණයේ ගොඩනැඟිලි තුනක්ම වෙන් කර ඇත්තේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවා ගෙන ආ නැවේ යම් යම් කොටස් තැන්පත් කිරීමට යොදා ගන්නා ලද බව කියැවේ. නැවේ කුඹගස කුපඨපිත නම් ගොඩනැගිල්ලේත්, නෞකා දණ්ඩ පියඨපිත නම් ගොඩනැගිල්ලේත්, නැවේ සුක්කාලම අරිත්තඨපිත නම් ගොඩනැගිල්ලේත් තැන්පත් කරන ලද බව කියැවේ. මෙසේ මෙම නැවේ කොටස් කෞතුක භාණ්ඩ වශයෙන් එම නැවෙන්ම සැපත් වුණු භික්ෂුණීන් ලැගුම් ගත් ගොඩනැඟිලිවලට යාබදව තැන්පත් කරන ලද්දේ බෝධීන් වහන්සේ වැඩම කළ මෙම භික්ෂුණීන්ට කරන ලද ගෞරවයක් ලෙස සැලකිය හැකි ය.

දක්ෂිණ බෝධි ශාඛාව

සංඝමිත්තා ස්ථවිරින් වහන්සේ ඇතුළත් වූ මෙම භික්ෂුණීන් පිරිස ශ්‍රී ලංකාවට වැඩම කරන විට රැගෙන ආ දක්ෂිණ බෝධි ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කිරීමේ දී අවශ්‍ය සියලුම උපදේශයන් ලබා ගත්තේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගෙන් බව කියැවේ. මෙම කාර්යය භාරදූර කාර්යයක් වූයේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් පරිදි බෝධියේ ශාඛාවක් හෝ බෝ අත්තක් කැඩීම ආනන්තරිය පාප කර්මයක් බවට පිළිගත් මතයක් වී පැවති හෙයිනි. බෝධීන් වහන්සේගේ ශාඛාවක් වෙන් කොට ගැනීමේදී අනුගමනය කළයුතු වත් පිළිවෙත් රැසක් පැරණි අට්ඨකතා සාහිත්‍යයෙහි සඳහන් වේ. මේ අනුව මේ සියලු කටයුතුවලදී එම බැරෑරුම් කාර්යය සාර්ථක කර ගැනීමේ දී වඩාත් සුරක්ෂිතවත් අතිශයින් නිවැරදිත් කර ගැනීම සඳහා එවකට ශාසනභාරධාරි මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වය ගත් බව සිතිය හැකිය. එමෙන්ම මෙම බෝධි ශාඛාව ලබා ගැනීම සඳහා ධර්මාශෝක මහරජතුමා බුද්ධගයාවට පැමිණ ඇත්තේ සිවුරඟ සෙනග සහිතවය. මහාසංඝයා වහන්සේලා, ප්‍රාදේශීය රජවරුන්, ඇමතිවරුන් හා පොදු මහජනතාවද රජු සමඟ එම ස්ථානයට ගිය බව සඳහන් වේ. මෙම බෝධි ශාඛාව ලබා ගැනීමේ දී මුලින්ම බෝධීන් වහන්සේ තිරයකින් ආවරණය කරනු ලැබීය. පසුව මිහගු, පටහ, මද්දල, බෙර වාදනය මධ්‍යයෙහි ශංඛ නාද සහිතව කොඩි, සේසත්, ධජපතාක අහසේ ලෙළ දෙද්දී බෝධීන් වහන්සේගේ සතර රියන් පමණ වූ කඳත් දකුණු ශාඛාවත් නිරාවරණය කරමින් තිබියදී අශෝක රජතුමා විසින් දඹදිව රාජ්‍යයෙන්ම බෝධීන් වහන්සේට පුද කරමින් අභිෂේක ජලය ඉසිමින් පුද පූජා පවත්වනු ලැබීමෙන් අනතුරුව අසිරිමත් ලෙස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ස්වර්ණමය භාජනයෙහි වැඩ සිටියහ. මේ සිද්ධියෙන් පසු පුරා සතියක් යනතුරු බෝධීන් වහන්සේ නොපෙනී ගියහ. එම සතිය ඉක්මවූ විට සෙමර මුව සමකින් නිමවන ද සඳුන් දැවමය බෙර වාදනය වෙද්දී බෝධීන් වහන්සේ ප්‍රදර්ශනය වන්නට පටන් ගත් බව ද කියැවේ. මෙයින් සතියක් ඉකුත් වෙද්දී බෝධීන් වහන්සේගෙන් නව අංකුරයක් හට ගත්තේ ය.

අසිරිමත් සිදුවීම්

අනතුරුව දක්ෂිණ බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කර වූහ. මේ අනුව දක්ෂිණ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගයාවේ මවු බෝධියෙන් වෙන් කොට ලබා ගැනීමේ දී අසිරිමත් සිදුවීම් 04 ක්ම විය. මුලින්ම බෝධීන් වහන්සේ නොපෙනී යාම, නැවත ප්‍රදර්ශනය වීම අලුත් අංකුර හටගැනීම හා බෝධි ශාඛාව තාම්රලිප්තියට වැඩම වීම යන මේ සිදුවීම් 04 දින හතරකදී සිදු විය. මේ දින හතරෙහිදීම අශෝක රජතුමා තම දඹදිව රාජ්‍යයෙන් හතරවතාවක්ම බෝධීන් වහන්සේට පූජා කළ බවක් ප්‍රකාශ වේ. එදා චන්ද්‍රගුප්ත නම් කුමාරයා විසින් මංගල හේරි වාදනය පවත්වා උපහාර දක්වන ලදී. එසේ පවත්වන ලද බෙර වාදනය අද දක්වාත් අනුරාධපුර ජය සිරි මා මලුවෙහි පවත්වාගෙන එනු ලැබේ. අශෝක රජතුමා මෙම දක්ෂිණ බෝධි ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කරවීම සඳහා නැවේ තැන්පත් කළ අවස්ථාවේ සිටම ඊට තම පාර්ශ්වය වෙනුවෙන් අවශ්‍ය සියලු ආරක්ෂාව හා පුද පූජා විධි විධිමත්ව සලසනු පිණිස බෝධිගුත්ත හා සුමිත්ත කුමරුවන් දෙපළට භාර කරමින් ඒ දෙපළට රාජකීය සම්මාන පිරිනමමින් බෝධිගුත්ත කුමරුට බෝධි ශාඛාවේ පූර්ණ ආරක්ෂක කටයුත්ත සුමිත්ත කුමරුට බෝධීන් වහන්සේගේ සියලු පුද පූජා හා ආවතේවා පිණිස ශ්‍රී ලංකාවට භාරතයෙන් යවන දහඅට කුලයක් පිරිස් පිළිබඳ පාලන කටයුතුත් පවරා ඇති බව ප්‍රකාශ වේ. මේ සියලු පැවරීම් රජු විසින් කරනු ලැබ ඇත්තේ මහජනතා ප්‍රසිද්ධියක් සහිතවයි. එමෙන්ම ශ්‍රී ලංකාවට බෝධීන් වහන්සේ වැඩමවීමෙන් පසුව මෙම භාරතිය දෙකුමරුවන් අතින් ඒ කාර්යය එලෙසින්ම ඉටු වී ඇත. බෝධීන් වහන්සේගේ ආගමනය සිදු වූයේ සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් භික්ෂුණී ශාසනයට පරිබාහිර වූ තවත් අතිරේක ප්‍රතිලාභයක් වශයෙනුයි. මේ අතර බෝධි ආගමනය නිසා ඉන් ජනිත වූ තවත් අතිරේක ප්‍රතිලාභයක් හඳුන්වා දිය හැකි ය. එනම් මේ තුළින් ශ්‍රී ලංකාව තුළ ජනිත වූ නව සංස්කෘතික ප්රබෝධය යි.

සංස්කෘතික ප්රබෝධය

මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාවට වැඩමවීමට පෙරාතුව ශ්‍රී ලංකාව් කිසියම් සමාජ සංවිධානයක් මෙන්ම ඒ තුළ ගොනැගුණු සංස්කෘතික වටපිටාවක් ද පැවතී ඇත. එම සංස්කෘතිය අසංවිධිත වූවක් ලෙස එක්වරම ප්‍රකාශ කළ නොහැකිය. එයට හේතුව වන්නේ ඒ වනවිටත් උසස් සංස්කෘතියක් භාරතීය සමාජය තුළ ස්ථාපිතව පැවති බවට දැනටමත් ප්‍රකට වී ඇති භාරතීය මූලාශ්‍රය මඟින් තහවුරු වී පවතින නිසාත් එහි බලපෑම ශ්‍රී ලංකාවට නිරන්තරයෙන්ම පැවති නිසාත්ය. අපේ පැරණි වංශකතාගත තොරතුරුවලින් ද සනාථ වන පරිදි විජයාවතරණයෙන් පසු විජයරජු පමණක් නොව ඔහුගේම බෑණනු පණ්ඩුවාසදෙව රජු ආදී රාජකීයයන් විසින් ආවාහ විවාහ වැනි මංගල සම්මත කටයුතුවලදී උත්තර භාරතය සමඟ පැවැත් වූ සෘජු සම්බන්ධතාවන් ගැන තොරතුරු අනාවරණය වීම මීට පැහැදිලි නිදසුන් සපයයි.

එහෙත් සංඝමිත්තා මහරහත් මෙහෙණිය විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීමත් සමඟ ඊට ආවතේවා පැවැත්වීම සඳහා අටළොස් කුලයක පරිවාර පිරිස් අශෝක රජතුමා විසින් ශ්‍රී ලංකාවට පමුණුවාලීමත් සමඟම සංස්කෘතික වශයෙන් මහත් පෙරළියක් ඉස්මතු වන්නට විය. එය එදා සමාජයේ ජීවත් වූ හැම දෙනාගේම චින්තනයෙහි, ආකල්පයන්හි, ජීවනයෙහි, ධාර්මික කෘෂි ආර්ථිකය හා මිශ්‍ර වූ ජීවන වෘත්තියෙහි, ආචාර විචාරයෙහි, අධ්‍යාපනයෙහි, කලාවෙහි, පාලන තන්ත්රයෙහි ආදී විවිධ අංශයන්හි පෙර නො වූ විරූ වෙනසක් ජනිත කිරීමට සමත් විය මෙම විපර්යාසයන්ට සෘජුවම සම්බන්ධ වූයේ බෝධීන් වහන්සේ සමඟ ලංකාවට පැමිණි වෘත්තීන් හා අනුබද්ධ අටළොස් කුලයක් වූ ජනකොටස් වල ආගමනය යි.

රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවක්

ඒ හැරුණු විට මෙම බෝධීන් වහන්සේ රෝපණය කොට ඒ සමඟම බෝධීන් වහන්සේගේ ආරක්ෂාව සහතික කරනු පිණිස බෝධිගුත්ත නම් කුමරු පත් කොට ලක්දිව ජයමහ ලේනා නමින් තනතුරුක් ඔහුට ප්රදානය කර බෝධීන් වහන්සේ සමීපයෙහිම ඔහුට වාසස්ථාන පිණිස මාලිගාවක් ද කරවා දුන් බව කියැවේ. මේ මාලිගාව නිර්මාණය කිරීමත් සමඟ ස්ථිරසාර ගෘහ නිර්මාණ සම්ප්රදායක් ශ්‍රී ලංකා සංස්කෘතියට එක් විය. එපමණක් නොව සංඝමිත්තා මහරහත් මෙහෙණිය සමඟ බෝධීන් වහන්සේ වැඩමවීම සඳහා පළපුරුදු රාජකීය දූතයෙකු ලෙස අරිට්ඨ කුමරු විසින් ඉටු කළ රාජකීය දූත මෙහෙවර ශ්‍රී ලංකාවේ ඉතිහාසයට එක් වන්නේ සාර්ථක තානාපති මෙහෙවරක් සිදු කිරීම යන රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවක් ලෙසයි. මෙය ජාත්‍යන්තර තානාපති සම්ප්රදායයක ආරම්භයක් ලෙස සැලකිය හැකිය.

මංගල සම්මත සිද්ධියක්

එමෙන්ම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවීම හුදෙක් බෞද්ධාගමික වූ ක්‍රියාවක් පමණක් නොව එය රටේ රාජ්‍යත්වයට ද අතිශයින් බලපෑමක් කරන මංගල සම්මත සංසිද්ධියක් ලෙස අශෝක රජතුමා විසින්ම දෙවනපෑතිස්ස රජතුමාට දැන්වීමක් ලෙස දෙවන අභිෂේක මංගල්‍යයක් පැවැත්වීමට තිස්ස රජතුමාට යෝජනා කිරීම තුළින් ප්‍රකට වන්නේය මේ අනුව ශ්‍රී ලංකාවේ දෙවන රාජාභිෂේක උළෙලක් ද, සර්වඥධාතු පූජොත්සවයක් ද, බෝධි උපහාර පෙරහරක් ද පැවැත්වීමට බෝධීන් වහන්සේට සියලුම ආවතේවා හා විවිධ පූජෝපහාර පැවැත්වීම පිණිස ඒ ශ්‍රේණිගත කුලයන්ට අයත් වූවන් සඳහා තනතුරු ප්රදානය කිරීමේ අභිනන්දන උළෙලක් ද තිස්ස රජු විසින් සංවිධානය කොට පවත්වන ලදී. මේ ක්‍රියාවලිය තුළින් භාරතීය ආදර්ශය සමඟ මිශ්‍ර වූ රාජකීය මට්ටමේ නිල උත්සව පිළිබඳ ශ්‍රී ලාංකේය සමාජයට අලුත් අත්දැකීමක් එකතු විය.

මෙම උත්සවයට බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රාජකීය මැති ඇමැති ගණයා හා මහජනතාව සහභාගි වීම තුළින් ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය හා මිශ්‍රණය වූ රාජකීය උත්සව කලාවක් ද ආරම්භ වූ බව සිතිය හැකි ය. එමෙන්ම වර්තමානය දක්වාම මෙම බෞද්ධ සම්ප්‍රදායට අනුබද්ධ රාජකීය උත්සව සම්ප්රදායයක් විකාශය වී ඇති බවක් ද කිව හැකි ය.

බෝධි ආගමනයෙහි ප්‍රතිඵල

මේ අතර ජයමහ ලේඛක (බෝධීන් වහන්සේට පෙරහර සංවිධානය) මලයරාජ (බෝධි මංගල්‍යයට බෙර වාදනය) ලංකා මහා රට්ඨික (බෝධි මංගල්‍යයට අවශ්‍ය පිරිත් පැන් රන් කෙණ්ඩියේ දමා මඟුල් ඇතාගේ දළ මත තබා නුවර පැදකුණු කිරීම) මෝරිය සිටු තනතුර (බෝධි මංගල්‍යයට සක් පිඹීම) ජත්තග්ගාහක (බෝධීන් වහන්සේට ජත්‍රය ඇල්ලීම) ආරක්ෂක තනතුර (බෝධි මංගල්‍යයෙහිදී මෙන්ම සෙසු අවස්ථාවලදී බෝධීන් වහන්සේගේ ආරක්ෂාව සනාථ කිරීම) යන ප්‍රධාන තනතුරු වගේම තවත් තනතුරු රැසක් ඇති කොට ඊට අයත් රාජකාරී හඳුන්වා දෙමින් ජනිත කෙරුණු බෞද්ධ සංස්කෘතික වෘත්තීය කුල සම්ප්රදාය තුළින් විවිධ කුසලතාවන්ගෙන් ශක්තිමත් වූ සමාජ සංවිධානයක් ද ජනිත විය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස අංග සම්පූර්ණ සංඝාරාම නිර්මාණය, කෘෂිකර්මය මත පාදක වූ උසස් තාක්ෂණයක් ද සහිත මහා වාරි සංස්කෘතියක් බිහි වීම, බෞද්ධ සංස්කෘතික හරපද්ධතිය සංකේත කරන චෛත්‍යය නිර්මාණය, භාරතීය සම්ප්රදායයේ නොතිබුණු චෙතිය ඝර නිර්මාණය, භාරතිය සම්ප්‍රදායටම ගැති නොවී ලාංකේය කලා කුසලතාවන් ඔප් නැංවුණු සමාධි ප්‍රතිමාව වැනි දේශීය ප්‍රතිමා නිර්මාණය හා තවත් විවිධ කලා කෘති අපූරුවට නිර්මාණය කිරීමේ හැකියාවක් දක්නට ලැබුණේ මෙම බෝධි ආගමනයෙහිම ප්‍රතිඵලයක් වශයෙනි.

මේ අනුව සලකා බලන විට සංඝමිත්තාගමනය මූලික වශයෙන් ශ්‍රී ලාංකේය සමාජය තුළ කාන්තා විමුක්තිය පිණිස මහ මෙහෙවරක් සිදු කරමින් තිබියදී එහි අතිරේක ප්රතිලාභ වශයෙන් සමස්ත රට තුළම ආධ්‍යාත්මික පක්ෂයෙන් මෙන්ම උසස් සංස්කෘතික වටපිටාවක් ජනිත කරමින් ආර්ථික හා සාමාජික ගති පැවතුම් මෙන්ම ජීවන තත්ත්වය උසස් ස්ථරයකට පමුණුවාලීම තුළින් අති විශිෂ්ට මෙහෙවරක් ඉටු කළේ ය.

[QUOTE="wp19, post: 11583946, member: 373060"] [b]උඳුවප් පුර පසළොස්වක පෝය ..[/b] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=35289&stc=1&d=1323489027[/IMG] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=35290&d=1323489076[/IMG] [SIZE="3"][COLOR="RoyalBlue"]ශ්‍රී ලංකාවේ ඓතිහාසික ප්‍රමුඛතම බෞද්ධ ශාසනික සිදුවීම හැටියට වර්තමානයෙහි අවිවාදයෙන් ඓතිහාසික මූලාශ්‍රය මඟින් ද තහවුරු වන්නේ ගෞතම මහා ශාක්යමුනීනද්රයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සියවස් දෙකකට පමණ පසුව (ක්‍රි.පූ. 269 – 232 ) මහේන්ද්‍ර මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනය හා සම්බුදු සසුන ශ්‍රී ලංකාවේ ප්‍රතිෂ්ඨාපනය කිරීම යි. මිහිඳු මාහිමියන්ගේ ආගමනයෙන් ප්රබුද්ධ වූ එවකට යුවරජුගේ බිසව වූ අනුලා දේවිය ඇතුළු පන්සියයක් පමණ වූ කාන්තා පිරිස පැවිද්ද ඉල්ලා සිටියහ. එහෙත් කාන්තාවන් පැවිදි කිරීමේ කාර්යය භික්ෂූන් වහන්සේ වශයෙන් තමනට විනය විරෝධයක් ඇති බැවින් මෙරට රජු වූ දෙවන පෑතිස් රජු විසින් ධර්මාශෝක මහරජුගෙන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් එරජු දියණිය සංඝමිත්තා මහරහත් තෙරණිය මෙම දිවයිනට පිටත් කොට එවන ලදී. දීපවංශය විසින් පෙන්වා දෙන පරිදි සංඝමිත්තා තෙරණිය සමඟ මෙම ලංකාවට වැඩම කළ සෙසු භික්ෂූණීන් වහන්සේලා දහ නමකි. උත්තරා, හේමා, මාසගල්ල, අග්ගිමිත්තා, දාසිකා, ඓග්ගු, පබ්බතා, මත්තා, මල්ලා සහ ධම්මදාසියා යනු එම දස තෙරණියෝ ය. උතුම් ප්‍රව්‍රජ්‍යාව ලබා ගැනීමේ දැඩි ප්රයත්නයක යෙදෙමින් එදා බුදුරජාණන් වහන්සේ දවස මහා ප්‍රජාපතී ගෝතමීන් දේවිය ඇතුළු ශාක්‍ය කුල කාන්තාවෝ ක්‍රියා කළාහු නම් ඒ ආකාරයෙන්ම අනුලා දේවිය ප්රමුඛ රාජකීය ශ්‍රී ලාංකික කාන්තාවෝ ද සංඝමිත්තා තෙරණියගේ සම්ප්‍රාප්තිය අපේක්ෂාවෙන් කහවත් පෙරව දසසිල් සමාදන්ව සිටි බව වංශකථාවන්ගෙන් ප්‍රකාශ වෙයි. අනතුරුව අනුලා බිසව ඇතුළු ලක්වැසි කාන්තාවෝ තම පැවිද්දෙන් පසුව හත්ථාල්හක මෙහෙණවර නම් ආරාමයෙහි ලැගුම් ගත්හ. ශ්‍රී ලාංකේය සමාජය උඳුවප් පොහෝ දිනක තිස් වැනි වියෙහි පසු වූ සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේගේ සම්ප්‍රාප්තිය ශ්‍රී ලාංකේය කාන්තා විමුක්තිය පිළිබඳ අති විශිෂ්ට සිදුවීම ලෙසයි ශ්‍රී ලංකාවේ ඉතිහාසයට එකතු වන්නේ. සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්ෂුණීන් පිරිස වෙතින් පැවිදි උපසම්පදාව ලද රාජකීය අනුලා දේවිය ඇතුළු ලාංකික කාන්තාවන්ගේ පැවිද්ද සමඟ මෙරට භික්ෂුණී ශාසනය මුල්බැස ගත්තේ ය. එවක විසූ සැදැහැති උපාසිකාවන් ද ඇතුළු බොහෝ පිරිස් විසින් භික්ෂූන්ගේ වාසස්ථාන සඳහා යම් ආකාරයකින් ලෙන් ආරාම පුද කෙරුණේ නම් එලෙසින්ම භික්ෂූණීන් සඳහා ද පුද පූජා පැවැත්වුණු බව සෙල් ලිපි හා වංශකතාවන්ගෙන් ප්‍රකාශ වෙයි. අනතුරුව ශ්‍රී ලාංකික කාන්තාවෝ දහස් ගණනින් පැවිදි බව ලද අතර එය ලංකාවේ නොයෙක් ප්‍රදේශවල ව්‍යාප්ත වන්නට ද විය. රෝහණ ප්‍රදේශයේ වැඩි වශයෙන් ගැමි කතුන් පැවිදි වී ඇති බව වංශකතාවන්ගෙන් ප්‍රකට වේ. සංඛ්‍යාත්මකව ඉදිරිපත් වන තතු අනුව මහාචුළි මහාතිස්ස රාජ්‍ය සමයෙහි (ක්‍රි.පූ. 77 – 63 ) රජු විසින් භික්ෂූන් 60000 කට ද භික්ෂුණීන් 30000 කට ද සිවුරු පුද කරන ලද බව කියැවේ. මේ අනුව සංඝමිත්තාගමනය ශ්‍රී ලාංකේය සමාජය තුළ කාන්තා විමුක්තිය පිණිස හේතු වීමෙන් භාරතීය බලපෑම හා වෙනත් කාලීන ආගමික පදනම් යටතේ කාන්තාවට හිමිව තිබුණු සමාජ තත්ත්වය ඉහළ ස්ථරයකට පමුණුවාලීමට සමත් විය. සංඝමිත්තාගමනය ශ්‍රී ලාංකේය ජනතාවට තවත් විශාල වැදගත්කමක් උසුලන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ඒ සමඟම මෙම දිවයිනට වැඩම කරවීම නිසයි. එදා භික්ෂුණීන් වෙනුවෙන් ඉදි කෙරුණු හත්ථාළ්හක නම් මෙහෙණවරට යාබදව සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ උපදේශ අනුව තවත් ගොඩනැඟිලි 12 ක් ඉදි කෙරුණු බව ද සඳහන් වේ. එයින් විශාල ප්‍රමාණයේ ගොඩනැඟිලි තුනක්ම වෙන් කර ඇත්තේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවා ගෙන ආ නැවේ යම් යම් කොටස් තැන්පත් කිරීමට යොදා ගන්නා ලද බව කියැවේ. නැවේ කුඹගස කුපඨපිත නම් ගොඩනැගිල්ලේත්, නෞකා දණ්ඩ පියඨපිත නම් ගොඩනැගිල්ලේත්, නැවේ සුක්කාලම අරිත්තඨපිත නම් ගොඩනැගිල්ලේත් තැන්පත් කරන ලද බව කියැවේ. මෙසේ මෙම නැවේ කොටස් කෞතුක භාණ්ඩ වශයෙන් එම නැවෙන්ම සැපත් වුණු භික්ෂුණීන් ලැගුම් ගත් ගොඩනැඟිලිවලට යාබදව තැන්පත් කරන ලද්දේ බෝධීන් වහන්සේ වැඩම කළ මෙම භික්ෂුණීන්ට කරන ලද ගෞරවයක් ලෙස සැලකිය හැකි ය. දක්ෂිණ බෝධි ශාඛාව සංඝමිත්තා ස්ථවිරින් වහන්සේ ඇතුළත් වූ මෙම භික්ෂුණීන් පිරිස ශ්‍රී ලංකාවට වැඩම කරන විට රැගෙන ආ දක්ෂිණ බෝධි ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කිරීමේ දී අවශ්‍ය සියලුම උපදේශයන් ලබා ගත්තේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගෙන් බව කියැවේ. මෙම කාර්යය භාරදූර කාර්යයක් වූයේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් පරිදි බෝධියේ ශාඛාවක් හෝ බෝ අත්තක් කැඩීම ආනන්තරිය පාප කර්මයක් බවට පිළිගත් මතයක් වී පැවති හෙයිනි. බෝධීන් වහන්සේගේ ශාඛාවක් වෙන් කොට ගැනීමේදී අනුගමනය කළයුතු වත් පිළිවෙත් රැසක් පැරණි අට්ඨකතා සාහිත්‍යයෙහි සඳහන් වේ. මේ අනුව මේ සියලු කටයුතුවලදී එම බැරෑරුම් කාර්යය සාර්ථක කර ගැනීමේ දී වඩාත් සුරක්ෂිතවත් අතිශයින් නිවැරදිත් කර ගැනීම සඳහා එවකට ශාසනභාරධාරි මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වය ගත් බව සිතිය හැකිය. එමෙන්ම මෙම බෝධි ශාඛාව ලබා ගැනීම සඳහා ධර්මාශෝක මහරජතුමා බුද්ධගයාවට පැමිණ ඇත්තේ සිවුරඟ සෙනග සහිතවය. මහාසංඝයා වහන්සේලා, ප්‍රාදේශීය රජවරුන්, ඇමතිවරුන් හා පොදු මහජනතාවද රජු සමඟ එම ස්ථානයට ගිය බව සඳහන් වේ. මෙම බෝධි ශාඛාව ලබා ගැනීමේ දී මුලින්ම බෝධීන් වහන්සේ තිරයකින් ආවරණය කරනු ලැබීය. පසුව මිහගු, පටහ, මද්දල, බෙර වාදනය මධ්‍යයෙහි ශංඛ නාද සහිතව කොඩි, සේසත්, ධජපතාක අහසේ ලෙළ දෙද්දී බෝධීන් වහන්සේගේ සතර රියන් පමණ වූ කඳත් දකුණු ශාඛාවත් නිරාවරණය කරමින් තිබියදී අශෝක රජතුමා විසින් දඹදිව රාජ්‍යයෙන්ම බෝධීන් වහන්සේට පුද කරමින් අභිෂේක ජලය ඉසිමින් පුද පූජා පවත්වනු ලැබීමෙන් අනතුරුව අසිරිමත් ලෙස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ස්වර්ණමය භාජනයෙහි වැඩ සිටියහ. මේ සිද්ධියෙන් පසු පුරා සතියක් යනතුරු බෝධීන් වහන්සේ නොපෙනී ගියහ. එම සතිය ඉක්මවූ විට සෙමර මුව සමකින් නිමවන ද සඳුන් දැවමය බෙර වාදනය වෙද්දී බෝධීන් වහන්සේ ප්‍රදර්ශනය වන්නට පටන් ගත් බව ද කියැවේ. මෙයින් සතියක් ඉකුත් වෙද්දී බෝධීන් වහන්සේගෙන් නව අංකුරයක් හට ගත්තේ ය. අසිරිමත් සිදුවීම් අනතුරුව දක්ෂිණ බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කර වූහ. මේ අනුව දක්ෂිණ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගයාවේ මවු බෝධියෙන් වෙන් කොට ලබා ගැනීමේ දී අසිරිමත් සිදුවීම් 04 ක්ම විය. මුලින්ම බෝධීන් වහන්සේ නොපෙනී යාම, නැවත ප්‍රදර්ශනය වීම අලුත් අංකුර හටගැනීම හා බෝධි ශාඛාව තාම්රලිප්තියට වැඩම වීම යන මේ සිදුවීම් 04 දින හතරකදී සිදු විය. මේ දින හතරෙහිදීම අශෝක රජතුමා තම දඹදිව රාජ්‍යයෙන් හතරවතාවක්ම බෝධීන් වහන්සේට පූජා කළ බවක් ප්‍රකාශ වේ. එදා චන්ද්‍රගුප්ත නම් කුමාරයා විසින් මංගල හේරි වාදනය පවත්වා උපහාර දක්වන ලදී. එසේ පවත්වන ලද බෙර වාදනය අද දක්වාත් අනුරාධපුර ජය සිරි මා මලුවෙහි පවත්වාගෙන එනු ලැබේ. අශෝක රජතුමා මෙම දක්ෂිණ බෝධි ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කරවීම සඳහා නැවේ තැන්පත් කළ අවස්ථාවේ සිටම ඊට තම පාර්ශ්වය වෙනුවෙන් අවශ්‍ය සියලු ආරක්ෂාව හා පුද පූජා විධි විධිමත්ව සලසනු පිණිස බෝධිගුත්ත හා සුමිත්ත කුමරුවන් දෙපළට භාර කරමින් ඒ දෙපළට රාජකීය සම්මාන පිරිනමමින් බෝධිගුත්ත කුමරුට බෝධි ශාඛාවේ පූර්ණ ආරක්ෂක කටයුත්ත සුමිත්ත කුමරුට බෝධීන් වහන්සේගේ සියලු පුද පූජා හා ආවතේවා පිණිස ශ්‍රී ලංකාවට භාරතයෙන් යවන දහඅට කුලයක් පිරිස් පිළිබඳ පාලන කටයුතුත් පවරා ඇති බව ප්‍රකාශ වේ. මේ සියලු පැවරීම් රජු විසින් කරනු ලැබ ඇත්තේ මහජනතා ප්‍රසිද්ධියක් සහිතවයි. එමෙන්ම ශ්‍රී ලංකාවට බෝධීන් වහන්සේ වැඩමවීමෙන් පසුව මෙම භාරතිය දෙකුමරුවන් අතින් ඒ කාර්යය එලෙසින්ම ඉටු වී ඇත. බෝධීන් වහන්සේගේ ආගමනය සිදු වූයේ සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් භික්ෂුණී ශාසනයට පරිබාහිර වූ තවත් අතිරේක ප්‍රතිලාභයක් වශයෙනුයි. මේ අතර බෝධි ආගමනය නිසා ඉන් ජනිත වූ තවත් අතිරේක ප්‍රතිලාභයක් හඳුන්වා දිය හැකි ය. එනම් මේ තුළින් ශ්‍රී ලංකාව තුළ ජනිත වූ නව සංස්කෘතික ප්රබෝධය යි. සංස්කෘතික ප්රබෝධය මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාවට වැඩමවීමට පෙරාතුව ශ්‍රී ලංකාව් කිසියම් සමාජ සංවිධානයක් මෙන්ම ඒ තුළ ගොනැගුණු සංස්කෘතික වටපිටාවක් ද පැවතී ඇත. එම සංස්කෘතිය අසංවිධිත වූවක් ලෙස එක්වරම ප්‍රකාශ කළ නොහැකිය. එයට හේතුව වන්නේ ඒ වනවිටත් උසස් සංස්කෘතියක් භාරතීය සමාජය තුළ ස්ථාපිතව පැවති බවට දැනටමත් ප්‍රකට වී ඇති භාරතීය මූලාශ්‍රය මඟින් තහවුරු වී පවතින නිසාත් එහි බලපෑම ශ්‍රී ලංකාවට නිරන්තරයෙන්ම පැවති නිසාත්ය. අපේ පැරණි වංශකතාගත තොරතුරුවලින් ද සනාථ වන පරිදි විජයාවතරණයෙන් පසු විජයරජු පමණක් නොව ඔහුගේම බෑණනු පණ්ඩුවාසදෙව රජු ආදී රාජකීයයන් විසින් ආවාහ විවාහ වැනි මංගල සම්මත කටයුතුවලදී උත්තර භාරතය සමඟ පැවැත් වූ සෘජු සම්බන්ධතාවන් ගැන තොරතුරු අනාවරණය වීම මීට පැහැදිලි නිදසුන් සපයයි. එහෙත් සංඝමිත්තා මහරහත් මෙහෙණිය විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීමත් සමඟ ඊට ආවතේවා පැවැත්වීම සඳහා අටළොස් කුලයක පරිවාර පිරිස් අශෝක රජතුමා විසින් ශ්‍රී ලංකාවට පමුණුවාලීමත් සමඟම සංස්කෘතික වශයෙන් මහත් පෙරළියක් ඉස්මතු වන්නට විය. එය එදා සමාජයේ ජීවත් වූ හැම දෙනාගේම චින්තනයෙහි, ආකල්පයන්හි, ජීවනයෙහි, ධාර්මික කෘෂි ආර්ථිකය හා මිශ්‍ර වූ ජීවන වෘත්තියෙහි, ආචාර විචාරයෙහි, අධ්‍යාපනයෙහි, කලාවෙහි, පාලන තන්ත්රයෙහි ආදී විවිධ අංශයන්හි පෙර නො වූ විරූ වෙනසක් ජනිත කිරීමට සමත් විය මෙම විපර්යාසයන්ට සෘජුවම සම්බන්ධ වූයේ බෝධීන් වහන්සේ සමඟ ලංකාවට පැමිණි වෘත්තීන් හා අනුබද්ධ අටළොස් කුලයක් වූ ජනකොටස් වල ආගමනය යි. රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවක් ඒ හැරුණු විට මෙම බෝධීන් වහන්සේ රෝපණය කොට ඒ සමඟම බෝධීන් වහන්සේගේ ආරක්ෂාව සහතික කරනු පිණිස බෝධිගුත්ත නම් කුමරු පත් කොට ලක්දිව ජයමහ ලේනා නමින් තනතුරුක් ඔහුට ප්රදානය කර බෝධීන් වහන්සේ සමීපයෙහිම ඔහුට වාසස්ථාන පිණිස මාලිගාවක් ද කරවා දුන් බව කියැවේ. මේ මාලිගාව නිර්මාණය කිරීමත් සමඟ ස්ථිරසාර ගෘහ නිර්මාණ සම්ප්රදායක් ශ්‍රී ලංකා සංස්කෘතියට එක් විය. එපමණක් නොව සංඝමිත්තා මහරහත් මෙහෙණිය සමඟ බෝධීන් වහන්සේ වැඩමවීම සඳහා පළපුරුදු රාජකීය දූතයෙකු ලෙස අරිට්ඨ කුමරු විසින් ඉටු කළ රාජකීය දූත මෙහෙවර ශ්‍රී ලංකාවේ ඉතිහාසයට එක් වන්නේ සාර්ථක තානාපති මෙහෙවරක් සිදු කිරීම යන රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවක් ලෙසයි. මෙය ජාත්‍යන්තර තානාපති සම්ප්රදායයක ආරම්භයක් ලෙස සැලකිය හැකිය. මංගල සම්මත සිද්ධියක් එමෙන්ම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවීම හුදෙක් බෞද්ධාගමික වූ ක්‍රියාවක් පමණක් නොව එය රටේ රාජ්‍යත්වයට ද අතිශයින් බලපෑමක් කරන මංගල සම්මත සංසිද්ධියක් ලෙස අශෝක රජතුමා විසින්ම දෙවනපෑතිස්ස රජතුමාට දැන්වීමක් ලෙස දෙවන අභිෂේක මංගල්‍යයක් පැවැත්වීමට තිස්ස රජතුමාට යෝජනා කිරීම තුළින් ප්‍රකට වන්නේය මේ අනුව ශ්‍රී ලංකාවේ දෙවන රාජාභිෂේක උළෙලක් ද, සර්වඥධාතු පූජොත්සවයක් ද, බෝධි උපහාර පෙරහරක් ද පැවැත්වීමට බෝධීන් වහන්සේට සියලුම ආවතේවා හා විවිධ පූජෝපහාර පැවැත්වීම පිණිස ඒ ශ්‍රේණිගත කුලයන්ට අයත් වූවන් සඳහා තනතුරු ප්රදානය කිරීමේ අභිනන්දන උළෙලක් ද තිස්ස රජු විසින් සංවිධානය කොට පවත්වන ලදී. මේ ක්‍රියාවලිය තුළින් භාරතීය ආදර්ශය සමඟ මිශ්‍ර වූ රාජකීය මට්ටමේ නිල උත්සව පිළිබඳ ශ්‍රී ලාංකේය සමාජයට අලුත් අත්දැකීමක් එකතු විය. මෙම උත්සවයට බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රාජකීය මැති ඇමැති ගණයා හා මහජනතාව සහභාගි වීම තුළින් ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය හා මිශ්‍රණය වූ රාජකීය උත්සව කලාවක් ද ආරම්භ වූ බව සිතිය හැකි ය. එමෙන්ම වර්තමානය දක්වාම මෙම බෞද්ධ සම්ප්‍රදායට අනුබද්ධ රාජකීය උත්සව සම්ප්රදායයක් විකාශය වී ඇති බවක් ද කිව හැකි ය. බෝධි ආගමනයෙහි ප්‍රතිඵල මේ අතර ජයමහ ලේඛක (බෝධීන් වහන්සේට පෙරහර සංවිධානය) මලයරාජ (බෝධි මංගල්‍යයට බෙර වාදනය) ලංකා මහා රට්ඨික (බෝධි මංගල්‍යයට අවශ්‍ය පිරිත් පැන් රන් කෙණ්ඩියේ දමා මඟුල් ඇතාගේ දළ මත තබා නුවර පැදකුණු කිරීම) මෝරිය සිටු තනතුර (බෝධි මංගල්‍යයට සක් පිඹීම) ජත්තග්ගාහක (බෝධීන් වහන්සේට ජත්‍රය ඇල්ලීම) ආරක්ෂක තනතුර (බෝධි මංගල්‍යයෙහිදී මෙන්ම සෙසු අවස්ථාවලදී බෝධීන් වහන්සේගේ ආරක්ෂාව සනාථ කිරීම) යන ප්‍රධාන තනතුරු වගේම තවත් තනතුරු රැසක් ඇති කොට ඊට අයත් රාජකාරී හඳුන්වා දෙමින් ජනිත කෙරුණු බෞද්ධ සංස්කෘතික වෘත්තීය කුල සම්ප්රදාය තුළින් විවිධ කුසලතාවන්ගෙන් ශක්තිමත් වූ සමාජ සංවිධානයක් ද ජනිත විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස අංග සම්පූර්ණ සංඝාරාම නිර්මාණය, කෘෂිකර්මය මත පාදක වූ උසස් තාක්ෂණයක් ද සහිත මහා වාරි සංස්කෘතියක් බිහි වීම, බෞද්ධ සංස්කෘතික හරපද්ධතිය සංකේත කරන චෛත්‍යය නිර්මාණය, භාරතීය සම්ප්රදායයේ නොතිබුණු චෙතිය ඝර නිර්මාණය, භාරතිය සම්ප්‍රදායටම ගැති නොවී ලාංකේය කලා කුසලතාවන් ඔප් නැංවුණු සමාධි ප්‍රතිමාව වැනි දේශීය ප්‍රතිමා නිර්මාණය හා තවත් විවිධ කලා කෘති අපූරුවට නිර්මාණය කිරීමේ හැකියාවක් දක්නට ලැබුණේ මෙම බෝධි ආගමනයෙහිම ප්‍රතිඵලයක් වශයෙනි. මේ අනුව සලකා බලන විට සංඝමිත්තාගමනය මූලික වශයෙන් ශ්‍රී ලාංකේය සමාජය තුළ කාන්තා විමුක්තිය පිණිස මහ මෙහෙවරක් සිදු කරමින් තිබියදී එහි අතිරේක ප්රතිලාභ වශයෙන් සමස්ත රට තුළම ආධ්‍යාත්මික පක්ෂයෙන් මෙන්ම උසස් සංස්කෘතික වටපිටාවක් ජනිත කරමින් ආර්ථික හා සාමාජික ගති පැවතුම් මෙන්ම ජීවන තත්ත්වය උසස් ස්ථරයකට පමුණුවාලීම තුළින් අති විශිෂ්ට මෙහෙවරක් ඉටු කළේ ය. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom