~ උපකාරක මිත්‍රයා ~
උපකාරක මිත්‍රයාගේ ගති ලක්ෂණ හතරකි. එනම්
1.ප්‍රමාදයට පත් මිතුරා ආරක්ෂා කිරීම.
2. ඔහුගේ ධනය ආරක්ෂා කිරීම.
3. බියක් ඇති වූ අවස්ථාවෙහි පිහිට වීම.
4.අවශ්‍ය අවස්ථාවලදී, දෙගුණයක් උපකාර කිරීම එම ලක්ෂණ හතරයි.
ජීවිතය අවිනිශ්චිත වූවකි. මුහුණ දීමට සිදුවන ප්‍රශ්න හා ගැටලු කවරේදැයි පූර්ණ වශයෙන් උපකල්පනය කිරීමට කිසිවෙකුටත් කළ නො හැකිය. තරගකාරි ජීවන රටාව තුළ නොතිත් ආශාවන් පිටුපස හඹායන වර්තමාන මිනිසාට තවත් අයෙකුගේ දුක සැප විමසීමටත් එයට කාලය හා ධනය වැය කිරීමටත් තිබෙන ඉඩකඩ සීමා සහිතය. මෙවැනි පසුබිමක් යටතේ අප මුහුණ දෙන විවිධ ගැටලු සාකච්ඡා කිරීමටත් උපදෙසක් ලබා ගැනීමටත් විශ්වාසවන්ත මිතුරෙකුගේ ඇසුර අවශ්‍ය වේ. උපකාරක යනුවෙන් හැඳින්වෙන මිතුරා එවැන්නෙකි. මිතුරෙකු වශයෙන් ඔබ කොතෙක් දුරට ඔබ මිතුරන්ට උපකාර කරන්නේ ද යන්න වටහා ගැනීමට මෙම ලක්ෂණ සතර උපකාරි වේ. ඔබ යහපත් කල්‍යාණ මිතුරෙක් නම් ඔබගේ මිතුරාගේ ජීවිතය මෙන්ම ධනයත් සුරක්ෂිත කිරීමෙහිලා උපකාරි විය යුතුයි.

බුදුසරණ අන්තර්ජාල කලාපය-උඩුහාවර ආනන්ද හිමි
ඔබ සැමට තෙරුවන් සරණයි.