Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
උපගුප්ත භික්ෂුව සහ මාරයා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාරයා සම්බන්ධයෙන් විවිධ මතවාද බෞද්ධයින් සතුව මෙන්ම වෙනත් ආගමිකයන් සතුව ඇත. බුදු දහම තුළදී මාරයා විවිධ ස්වභාවයෙන් හඳුන්වා දී තිබේ. මාරයාට කියන්නා වූ විවිධ නම් ත්‍රිපිටකයේ පවතී. සමහරුන්ට අනුව මාරයා යනු සිතුවිල්ලක් ම පමණි. නමුත් සමහරුන්ට අනුව මාරයා පුද්ගලයෙකි. බුදු දහම මේ දෙයාකාරයටම මාරයා පෙන්වා දී තිබේ. කෙසේවෙතත් මේ කථාව ලියන්නේ ඒ ගැන නොවේ. සර්වස්ත්‍රවාදී භික්ෂුවක වන උපගුප්ත භික්ෂුව සහ මාරයා සම්මුඛ වූ අවස්ථාවක් ගැන සඳහන්ව ඇති කථාවක් සම්බන්ධයෙනි.

උපගුප්ත භික්ෂුවට ධර්ම දේශනා කිරීම සඳහා ආරාධනාව ලද විට මථුරාව පුරාම ඒ සම්බන්ධයෙන් ආරංචිය පැතිර ගියේ උපගුප්ත භික්ෂුව ධර්ම දේශනා කිරීමට සූදානම් වන බවට ය. ඒ අනුව භික්ෂූන්වහන්සේගෙන් ධර්මය ඇසීම සඳහා දහස් ගණනක් මිනිසුන් සූදානම් විනි.

ඒ අනුව ධර්ම දේශනා අවස්ථාවේ දී උපගුප්ත භික්ෂුවද ඒ අනුව බුදුරජාණන්වහන්සේ ධර්මය දේශනා කළ ස්වභාවය සැලකිල්ලට ගෙන ධර්ම දේශනාව සඳහා සැරසිනි. මෙවිට මාරයා මුතු වැස්සක් ඒ සභාවට වැටෙන්න සැලැස්සූ අතර මුතු වලට තන්හා වූ මිනිසුන් ධර්මය අසනවා වෙනුවට මුතු සඳහා අවධානය යොමු කළ නිසා ඔවුන්ට ඒ ධර්මයෙන් ඵලක් නොවිනි. සිද්ධිය පිළිබඳව විමසා බැලූ භික්ෂුවට මාරයා විසින් මෙකී සිදුවීම සිදු කරන බව හෙළිදරව් විය.

දෙවැනි දවසේ ද බණ ඇසීමට සිය දහස් ගණනක් මිනිසුන් මථුරාවට රැස් වූයේ උපගුප්ත භික්ෂුව ධර්ම දේශනා කරන අවස්ථාවේ දී මුතු වැසි වසින්නේයැයි සිතමිනි. එදින ද මාරයා රැස් ව සිටි මිනිසුන් වෙත රන් වැස්සක් වැස්ස වූ අතර එදා ද මිනිසුන්ට ධර්මයෙන් ඵලක් නොවිනි. ඒ රන්වලට ඇති වූ තණ්හාව නිසාවෙනි.

තුන්වැනි දින උපගුප්ත භික්ෂුවගේ ධර්ම දේශනා ඇසීමට පෙරටත් වඩා වැඩි පිරිසක් සම්බන්ධ වූයේ භික්ෂුව ධර්මය දේශනා කරනා විට මුතු, රත්‍රං වැසි වසින්නේයැයි සිතමිනි. එදා මාරයා විසින් ධර්ම දේශනා කරන ස්ථානයට මද දුරකින් දිව්‍ය ශබ්දාකාරයේ ශබ්ද මතු කරමින් පෙරහැර පවත්වමින් මිනිසුන්ගේ අවධානය ඒ වෙත යොමු කළ අතර එදාද මිනිසුන්ට ධර්මය නොවැටහිනි. මිනිසුන් තමුන්ගේ වැඩසටහනට අවධානය යොමු කිරීම නිසා සතුටට පත් මාරයා භික්ෂුවගේ ලඟට පැමිණ මල් මාලාවක් භික්ෂුවට පළඳන ලදි. තමුන්ට මෙවැනි ක්‍රියාවක් කලේ කව්දැයි උපගුප්ත භික්ෂුව හඳුනා ගති.

උපගුප්ත භික්ෂුව ද නයෙක්ගේ, සුනඛයෙක් සහ මනුස්සයකුගේ මළකුණු ගෙන උන්වහන්සේගේ සෘද්ධි බලයෙන් එයින් මල් මාලයක් තනා මාරයා වෙතට වැඩම කර එය මාරයාගේ ගෙලේ පළඳවන ලදි. තමන්ට මල් මාලයක් පැළඳවීමට එන භික්ෂුව දුටු මාරයා ඉන් ඉතා සතුටට පත් වූයේ භික්ෂුව තමුන්ට යටත් වූවායැයි සිතමිනි. ඔහු එනිසා තමුන්ගේ සැබෑ ස්වරූපයට පැමිණ මාලය පැළඳවීමට හිස පහත් කර සතුටින් ඉඩ සැලසුවේ ය. උපගුප්ත භික්ෂුව නයි කුණ මාරයාගේ හිසේ ද, බලු කුණ ඔහුගේ බෙල්ල වටා ද මළ කුණ කන් වටාද පළඳවන ලදි. එසේ පැළඳවීමෙන් පසුව භික්ෂුව මාරයාට මෙසේ ප්‍රකාශ කළේ ය.

භික්ෂුවකට අකැප මල් මාලයක් ඔබ මට පළඳවන ලදි. මා ඔබට කෙලෙස් ඇති මිනිසකුට නුසුදුසු මළ කුණු පළඳවන ලදි. අද ඔබ බුදුරජාණන්වහන්සේගේ පුත්‍රයෙකු සමඟ සටනක් ඇති කර ගත්තේ ය. ඉතින් ඔබට ඇති බලය පෙන්නව.

දැන් මාරයා උත්සාහ කරන්නේ පැළඳූ මාලය ගලවා ගැනීමට ය. එය ඔහුට කළ නොහැකි වූ තැන ඔහු විවිධාකාර දෙවියන් කරා ගොස් එය ගලවා ගැනීමට උත්සාහ කළේ ය. එහෙත් නොහැකි විනි. අවසානයේ මාරයා බ්‍රහ්මයා වෙතට ද ගොස් මාලය ගලවා ගැනීමට උපකාර ඉල්ලුවේ ය. බ්‍රහ්මයා මෙහිදී මාරයාට බුදුරජාණන්වහන්සේගේ සහ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ශක්තිය පිළිබඳව විස්තර කරමින් තමුන්ට ද එය ගැලවීමට නොහැකි බව කියා සිටින ලදි. මාරයාට භික්ෂුවගේ ශක්තිය ගැන වැටහුනේ එවිට ය. මාලය ඉවත් කළ හැක්කේ උපගුප්ත භික්ෂුවටම බව වැටහුණු නිසා ඔහු වහාම භික්ෂුවගේ පාමුල වැටී මාලය බවත් කරන ලෙස අයැද සිටින්නට විය.

එහිදී භික්ෂුව මාරයාට කියා සිටිනු ලැබූවේ ඔහු විසින් බුදුරජාණන්වහන්සේට කළ වැරදි බොහොමයක් ඇති බවයි. ඒ සියල්ල ඉවත ලිය හැක්කේ බුදුරජාණන්වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කර ගැනීමෙන් පමණක් බවයි. මෙය ඇසූ මාරයා බුදුරජාණන්වහන්සේගේ ගුණ පිළිබඳව කල්පනා කොට ශ්‍රද්ධාව ඇති කර ගත්තේ ය. ඒ ශ්‍රද්ධාවෙන් යුතුවම ආපසු උපගුප්ත භික්ෂුවගේ පාද නමස්කාර කරමින් මාලය ඉවත් කරන ලෙසින් ඉල්ලා සිටින ලදි.

කොන්දේසියක් මත මාලය ඉවත් කිරීමට භික්ෂුව එකඟ විය. ඒ එක් කොන්දේසිය වූයේ එදිනෙන් පසුව කිසිඳු භික්ෂුවකට කරදර නොකරන බවට පොරොන්දු විය යුතු බවයි. මාරයා එයට එකඟ විය. තවත් කොන්දේසියක් ද භික්ෂුව ඉදිරිපත් කරන ලදි. එය වූයේ බුදුරජාණන්වහන්සේව මාරයා දැක ඇති නිසා තමුන්ට බුදුරජාණන්වහන්සේව පෙන්වා දෙන ලෙසිනි. මාරයා මීට එකඟ නොවූවද අවසානයේ වෙන කළ හැක්කක් නොමැති නිසා ඊට එකඟ විය. භික්ෂුව මාරයාගේ ගෙලේ තිබූ මළ කුණු සහිත මාලය ගලවා ඉවත් කරන ලදි. මාරයා ද එකඟ වූ ලෙස උපගුප්ත භික්ෂුවට බුද්ධ රූපය තමුන්ට හැකි අයුරින් මවා පෙන්වා දෙන ලදි. ඒ රූපය දුටු භික්ෂුව මහත් වූ සතුට ට පත්වූයේ ය. ඉන් සතුටට පත් භික්ෂුව මාරයාගේ කකුල් මුල වැඳ වැටෙන්නට විය. මාරයාට එය ඉවසා ගැනීමට නොහැකි වූ අතර ඔහු බුද්ධ ස්වරූපය අතහැර උපගුප්ත භික්ෂුවට වැඳ නමස්කාර කර එතැනින් ඉවත්ව ගියේ ය.

ඉන්පසුව භික්ෂුව විසින් නැවත ධර්ම දේශනා කරන ලදි. එහිදී පෙර මෙන් කරදර බාධා ඇති නොවිනි. ඒ ධර්මය අසා දහස් ගණනක් මිනිසුන්ට ධර්ම ඇස පහළ විය. 18000 මිනිසුන් පැවැදි වී රහතන්වහන්සේලා බවට පත් විනි.

[QUOTE="hpalpola, post: 29418401, member: 321413"] [SIZE=4]මාරයා සම්බන්ධයෙන් විවිධ මතවාද බෞද්ධයින් සතුව මෙන්ම වෙනත් ආගමිකයන් සතුව ඇත. බුදු දහම තුළදී මාරයා විවිධ ස්වභාවයෙන් හඳුන්වා දී තිබේ. මාරයාට කියන්නා වූ විවිධ නම් ත්‍රිපිටකයේ පවතී. සමහරුන්ට අනුව මාරයා යනු සිතුවිල්ලක් ම පමණි. නමුත් සමහරුන්ට අනුව මාරයා පුද්ගලයෙකි. බුදු දහම මේ දෙයාකාරයටම මාරයා පෙන්වා දී තිබේ. කෙසේවෙතත් මේ කථාව ලියන්නේ ඒ ගැන නොවේ. සර්වස්ත්‍රවාදී භික්ෂුවක වන උපගුප්ත භික්ෂුව සහ මාරයා සම්මුඛ වූ අවස්ථාවක් ගැන සඳහන්ව ඇති කථාවක් සම්බන්ධයෙනි. උපගුප්ත භික්ෂුවට ධර්ම දේශනා කිරීම සඳහා ආරාධනාව ලද විට මථුරාව පුරාම ඒ සම්බන්ධයෙන් ආරංචිය පැතිර ගියේ උපගුප්ත භික්ෂුව ධර්ම දේශනා කිරීමට සූදානම් වන බවට ය. ඒ අනුව භික්ෂූන්වහන්සේගෙන් ධර්මය ඇසීම සඳහා දහස් ගණනක් මිනිසුන් සූදානම් විනි. ඒ අනුව ධර්ම දේශනා අවස්ථාවේ දී උපගුප්ත භික්ෂුවද ඒ අනුව බුදුරජාණන්වහන්සේ ධර්මය දේශනා කළ ස්වභාවය සැලකිල්ලට ගෙන ධර්ම දේශනාව සඳහා සැරසිනි. මෙවිට මාරයා මුතු වැස්සක් ඒ සභාවට වැටෙන්න සැලැස්සූ අතර මුතු වලට තන්හා වූ මිනිසුන් ධර්මය අසනවා වෙනුවට මුතු සඳහා අවධානය යොමු කළ නිසා ඔවුන්ට ඒ ධර්මයෙන් ඵලක් නොවිනි. සිද්ධිය පිළිබඳව විමසා බැලූ භික්ෂුවට මාරයා විසින් මෙකී සිදුවීම සිදු කරන බව හෙළිදරව් විය. දෙවැනි දවසේ ද බණ ඇසීමට සිය දහස් ගණනක් මිනිසුන් මථුරාවට රැස් වූයේ උපගුප්ත භික්ෂුව ධර්ම දේශනා කරන අවස්ථාවේ දී මුතු වැසි වසින්නේයැයි සිතමිනි. එදින ද මාරයා රැස් ව සිටි මිනිසුන් වෙත රන් වැස්සක් වැස්ස වූ අතර එදා ද මිනිසුන්ට ධර්මයෙන් ඵලක් නොවිනි. ඒ රන්වලට ඇති වූ තණ්හාව නිසාවෙනි. තුන්වැනි දින උපගුප්ත භික්ෂුවගේ ධර්ම දේශනා ඇසීමට පෙරටත් වඩා වැඩි පිරිසක් සම්බන්ධ වූයේ භික්ෂුව ධර්මය දේශනා කරනා විට මුතු, රත්‍රං වැසි වසින්නේයැයි සිතමිනි. එදා මාරයා විසින් ධර්ම දේශනා කරන ස්ථානයට මද දුරකින් දිව්‍ය ශබ්දාකාරයේ ශබ්ද මතු කරමින් පෙරහැර පවත්වමින් මිනිසුන්ගේ අවධානය ඒ වෙත යොමු කළ අතර එදාද මිනිසුන්ට ධර්මය නොවැටහිනි. මිනිසුන් තමුන්ගේ වැඩසටහනට අවධානය යොමු කිරීම නිසා සතුටට පත් මාරයා භික්ෂුවගේ ලඟට පැමිණ මල් මාලාවක් භික්ෂුවට පළඳන ලදි. තමුන්ට මෙවැනි ක්‍රියාවක් කලේ කව්දැයි උපගුප්ත භික්ෂුව හඳුනා ගති. උපගුප්ත භික්ෂුව ද නයෙක්ගේ, සුනඛයෙක් සහ මනුස්සයකුගේ මළකුණු ගෙන උන්වහන්සේගේ සෘද්ධි බලයෙන් එයින් මල් මාලයක් තනා මාරයා වෙතට වැඩම කර එය මාරයාගේ ගෙලේ පළඳවන ලදි. තමන්ට මල් මාලයක් පැළඳවීමට එන භික්ෂුව දුටු මාරයා ඉන් ඉතා සතුටට පත් වූයේ භික්ෂුව තමුන්ට යටත් වූවායැයි සිතමිනි. ඔහු එනිසා තමුන්ගේ සැබෑ ස්වරූපයට පැමිණ මාලය පැළඳවීමට හිස පහත් කර සතුටින් ඉඩ සැලසුවේ ය. උපගුප්ත භික්ෂුව නයි කුණ මාරයාගේ හිසේ ද, බලු කුණ ඔහුගේ බෙල්ල වටා ද මළ කුණ කන් වටාද පළඳවන ලදි. එසේ පැළඳවීමෙන් පසුව භික්ෂුව මාරයාට මෙසේ ප්‍රකාශ කළේ ය. භික්ෂුවකට අකැප මල් මාලයක් ඔබ මට පළඳවන ලදි. මා ඔබට කෙලෙස් ඇති මිනිසකුට නුසුදුසු මළ කුණු පළඳවන ලදි. අද ඔබ බුදුරජාණන්වහන්සේගේ පුත්‍රයෙකු සමඟ සටනක් ඇති කර ගත්තේ ය. ඉතින් ඔබට ඇති බලය පෙන්නව. දැන් මාරයා උත්සාහ කරන්නේ පැළඳූ මාලය ගලවා ගැනීමට ය. එය ඔහුට කළ නොහැකි වූ තැන ඔහු විවිධාකාර දෙවියන් කරා ගොස් එය ගලවා ගැනීමට උත්සාහ කළේ ය. එහෙත් නොහැකි විනි. අවසානයේ මාරයා බ්‍රහ්මයා වෙතට ද ගොස් මාලය ගලවා ගැනීමට උපකාර ඉල්ලුවේ ය. බ්‍රහ්මයා මෙහිදී මාරයාට බුදුරජාණන්වහන්සේගේ සහ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ශක්තිය පිළිබඳව විස්තර කරමින් තමුන්ට ද එය ගැලවීමට නොහැකි බව කියා සිටින ලදි. මාරයාට භික්ෂුවගේ ශක්තිය ගැන වැටහුනේ එවිට ය. මාලය ඉවත් කළ හැක්කේ උපගුප්ත භික්ෂුවටම බව වැටහුණු නිසා ඔහු වහාම භික්ෂුවගේ පාමුල වැටී මාලය බවත් කරන ලෙස අයැද සිටින්නට විය. එහිදී භික්ෂුව මාරයාට කියා සිටිනු ලැබූවේ ඔහු විසින් බුදුරජාණන්වහන්සේට කළ වැරදි බොහොමයක් ඇති බවයි. ඒ සියල්ල ඉවත ලිය හැක්කේ බුදුරජාණන්වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කර ගැනීමෙන් පමණක් බවයි. මෙය ඇසූ මාරයා බුදුරජාණන්වහන්සේගේ ගුණ පිළිබඳව කල්පනා කොට ශ්‍රද්ධාව ඇති කර ගත්තේ ය. ඒ ශ්‍රද්ධාවෙන් යුතුවම ආපසු උපගුප්ත භික්ෂුවගේ පාද නමස්කාර කරමින් මාලය ඉවත් කරන ලෙසින් ඉල්ලා සිටින ලදි. කොන්දේසියක් මත මාලය ඉවත් කිරීමට භික්ෂුව එකඟ විය. ඒ එක් කොන්දේසිය වූයේ එදිනෙන් පසුව කිසිඳු භික්ෂුවකට කරදර නොකරන බවට පොරොන්දු විය යුතු බවයි. මාරයා එයට එකඟ විය. තවත් කොන්දේසියක් ද භික්ෂුව ඉදිරිපත් කරන ලදි. එය වූයේ බුදුරජාණන්වහන්සේව මාරයා දැක ඇති නිසා තමුන්ට බුදුරජාණන්වහන්සේව පෙන්වා දෙන ලෙසිනි. මාරයා මීට එකඟ නොවූවද අවසානයේ වෙන කළ හැක්කක් නොමැති නිසා ඊට එකඟ විය. භික්ෂුව මාරයාගේ ගෙලේ තිබූ මළ කුණු සහිත මාලය ගලවා ඉවත් කරන ලදි. මාරයා ද එකඟ වූ ලෙස උපගුප්ත භික්ෂුවට බුද්ධ රූපය තමුන්ට හැකි අයුරින් මවා පෙන්වා දෙන ලදි. ඒ රූපය දුටු භික්ෂුව මහත් වූ සතුට ට පත්වූයේ ය. ඉන් සතුටට පත් භික්ෂුව මාරයාගේ කකුල් මුල වැඳ වැටෙන්නට විය. මාරයාට එය ඉවසා ගැනීමට නොහැකි වූ අතර ඔහු බුද්ධ ස්වරූපය අතහැර උපගුප්ත භික්ෂුවට වැඳ නමස්කාර කර එතැනින් ඉවත්ව ගියේ ය. ඉන්පසුව භික්ෂුව විසින් නැවත ධර්ම දේශනා කරන ලදි. එහිදී පෙර මෙන් කරදර බාධා ඇති නොවිනි. ඒ ධර්මය අසා දහස් ගණනක් මිනිසුන්ට ධර්ම ඇස පහළ විය. 18000 මිනිසුන් පැවැදි වී රහතන්වහන්සේලා බවට පත් විනි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom