Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
උපතක් නැති තැන විපතක් ද නැත...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපතක් නැති තැන විපතක් ද නැත...

ආමිස පූජාව කෙනෙකුට සාංසාරික සුබ විපාක ගෙන දීමට හේතු වෙනවා. ආමිස පූජා ගණයට ගැනෙන දාන, සීල සහ භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි යෙදෙන මිනිසුන්ට සුගතියෙහි, උපත සැකසෙනවා.

ආමිසයෙන් බුදුන් පුදන්නෝ තමා තමා ම පුදා ගැනීමක් ලෙසින් ද, ප්‍රතිපත්තියෙන් පුදන්නෝ පමණක් තමන් වහන්සේ පුදන අය වශයෙන් සලකන බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

“ආමිසයෙන් පුදන්නෝ, තමන් තමන්ට ම පුදතී.ප්‍රතිපදාවෙන් පුදන්නෝ පමණක් මා පුදති” යනුවෙන් දක්වා ඇත්තේ එය යි. මෙහ තමන් තමන්ටම පුදති යන වැකියෙන් අදහස් කරන්නේ සංසාරගත ජීවිතයෙහි යමෙකුට ලෞකික සැප සම්පත් ලැබෙන්නේ ඔහු හෝ ඇය කරගත් පුණ්‍ය ක්‍රියාවල විපාක මත නිසයි. අප කරනු ලබන පින්කම්වල ඵලය අප සසර සුගතියට යොමු කිරීමයි. පින සසරටයි යනුවෙන් සඳහන් වන්නේ එනිස යි.

බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව සසර සැරිසරන සත්ත්වයාට ඇති එක ම ශාන්තිය නිවන යි. ඒ අනුව අපගේ පරම නිෂ්ඨාව හා ඉලක්කය විය යුත්තේ ඒ ශාන්තිකර නිවන යි. ඒ නිවන පෙන් වූ බුදුපියාණන් වහන්සේ , ශාන්ති නායකයාණන් වහන්සේ ලෙසත් හඳුන්වන්නේ ද ඒ නිසයි. නිවන යන වචනයේ සරල අදහස නිවීම යි. නිවන්නේ ගිනි ගත් සිත යි. සිත ගිනි ගෙන තිබෙන්නේ රාගා දී විවිධ අකුසල සිතිවිලිවලිනු යි. නිවන කරා යන ගමනේ දී අප විවිධ කටයුතුවල නියැළෙනවා. එලෙසින් ම විවිධ පුද පූජාවන් ද සිදු කරනවා.

ඒ අතර බහුල වශයෙන් සිදු කරන්නේ ආමිස පූජාවනු යි. දන්දීම, පෙරහර , විවිධ පුද පූජා ආදී පින්කම්, වෙහෙර විහාර තැනැවීම්, වතුපිටි, ඉඩකඩම් පිදීම්, කඨින පින්කම්, වන්දනා ගමන් ආදී අනේකවිධ පින්කම් ආමිස පූජා ගණයට අයත් වෙනවා. මේ පින්කම් කිරීමේ දී බොහෝ දෙනා අනවශ්‍ය ලෙසින් සිත තුළ ලෝභා දී ක්ලේශ ධර්ම ඇති කර ගන්නවා. ද්වේශය උපදවා ගන්නවා. මෝහයෙන් මුලා වී කටයුතු කරනවා. එකිනෙකා පරයා යන ලෙසට පින්කම් කරන්නට සිතනවා. අනුන්ගේ පින්කම් දැක නො සතුට උපදවා ගන්නවා.

තමා ම ආත්ම වංචාවන්ට ගොදුරු වෙනවා. පින්කම කරන තැනැත්තාට ම නො දැනී ඒ තැනැත්තාගේ සිත තුළ ලෝභ,ද්වේශ, මෝහාදී කෙලෙස් සිතිවිලි ඇති වෙනවා. නිවිය යුතු සිත ගිනි අවුළුවාගෙන කටයුතු කරනවා. ඒ තැනැත්තාගේ සිත තුළින් නිවන කෙමෙන් කෙමෙන් ඈතින් ඈතට ගමන් කරනවා. ආමිස පූජාව සසරට හේතු වන්නේ මේ පසුබිම යටතේ යි.

ත්‍රිවිධ ශික්ෂා හෙවත් ත්රිශික්ෂා ලෙස හඳුන්වනු ලබන සීල, සමාධි සහ ප්‍රඥා තුළින් යොමු වන්නේ ප්‍රතිපත්ති පුජාව දෙසට යි. එය නිර්වාණගාමී ප්‍රතිපදාවයි. නිර්වාණගාමී ප්‍රතිපදාව විදර්ශනාව තුළින් උපදවා ගත යුත්තක්. විදර්ශනාව උපදවා ගන්නවා කියන්නේ අනිත්‍ය, දුක්ඛ,අනාත්ම යන ත්රිලක්ෂණය දැක ගැනීමට, තේරුම් ගැනීමට, අවබෝධ කර ගැනීමට හැකියාව ඇති මනසක් ඇති කර ගැනීම යි.

ලෝකය කියන්නේ විපරිණාම ධර්මතාව මුල් කර ගත් එකක්. කැඩෙන බිඳෙන එකක්. “ලුජ්ජති පලුජ්ජති ලෝකෝ” යනුවෙන් දක්වා ඇත්තේ එය යි. එලෙසින් නිරන්තරයෙන් ම වෙනස් වන ලෝකයක පවතින කිසිදු දෙයක් නො වෙනස් ව පවතින්නේ නැහැ. ලෝකය තුළ පවතින ජීවිතය ද එලෙසින් ම මොහොතින් මොහොත වෙනස්වීමට අනිත්‍යත්වයට ළං වෙනවා. සියලු ජීවිත කෙළවර වන්නේ මරණයෙනුයි. උපදින්නා වූ අප සැවොම ටිකෙන් ටික ළංවන්නේ මරණය දෙසට යි. මෙසේ මරණයට සමීප වන්නා වූ සැවොම කළයුතු කාර්යය කුමක් ද?

වරක් බුදුපියාණන් වහන්සේ වෙතට පැමිණි දේවතාවෙක් බුදුපියාණන් වහන්සේගෙන් විමසා සිටියේ මොහොතින් මොහොත මරණය කරා සමීප වෙන අය විසින් පින් කළ යුතු නොවේ ද? යන්න යි. එවිට බුදුපියාණන් වහන්සේ වදාළේ සත්ත්වයා මොහොතින් මොහොත මරණයට ළං වන්නේ ඉපදුණු නිසා බැවිනුත්, ඉපදුණේ ලෝකාමිසයට තිබෙන ගිජුකම නිසා බැවිනුත් මරණ බියෙන් සිටින තැනැත්තා කළයුතු වන්නේ ලෝකාමිසයට තිබෙන ගිජුකම අත්හළ යුතු බවයි. යමෙක් ලෝකාමිසයට ඇති ගිජුකම අත් හරින්නේද, ඒ තැනැත්තා එවන් ස්ථානයකට නැවත නො එන බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කළ සේක.

නැවත ලෝකයට පැමිණෙන්නේ නැති තැනැත්තා මරණයට බිය විය යුත්තේ ද නැහැ. ඒ උපතක් නැති තැන විපතක් ද නො මැති නිස යි. ඒ අනුව ආර්ය ශ්රාවකයා අත්හළ යුත්තේ සත්ත්වයා ලෞකිකත්වයෙහි රඳවන සැපයට, වින්දනයට ගෝචර වන දෙය යි. ලෝකාමිසය යි. එසේ අත්හරින්නට තරම් ලෝකාමිසයෙහි ඇති නිසරු බව, අනිත්‍ය බව මනා ලෙස දැන ගත යුතු වෙනවා. මනා ලෙස දැක ගත යුතු වෙනවා, විදර්ශනාව කියන්නේ එයට යි.රාග කියන්නේ කැමැත්තට යි. විනය කියන්නේ හික්මවීමට නැතිනම් නැති කිරීමට යි. රාගය පාලනය කිරීම හෝ නැති කිරීම යන අදහස යි. රාග විනය කියන වචනයේ ඇත්තේ සත්ත්වයා නිරන්තරයෙන් තම ඉන්ද්‍රියයන්ට ගොදුරු වන රූපාදි අරමුණු නිසා කෙලෙස් බරිතවයි සිටින්නේ.ඒ අරමුණුවල ඇලෙමින් සහ ගැටෙමිනුයි වාසය කරන්නේ. නැවත නැවත එවන් අරමුණු පරිහරණය කරනු කැමත්තෙනුයි වාසය කරන්නේ. ඒ නිසා ම එවන් අරමුණු ලබා ගැනීමේ කැමැත්තෙන් ඊට අදාළ ක්‍රියාකාරකම් සිදු කරනවා. ඒ සිතින්, කයින් සහ වචනයෙන්. සිත, කය සහ වචනය යන තුන් දොරින් සිදු කරනු ලබන ක්‍රියාකාරකම්වලට සංස්කාර කියා කියනවා. මනෝ සංඛාර, කාය සංඛාර සහ වචී සංඛාර කියන්නේ ඒවාට යි. එසේ සංස්කාර ගොඩ නැගීමෙන් මනෝ විඤ්ඤාණයේ පැවැත්ම තහවුරු වෙනවා. මනෝ විඤ්ඤාණයේ පැවැත්මෙන් සත්ත්වයා නැවත භවයක උපදිනවා. මෙලෙසින් සත්ත්වයා සසර සැරිසරනවා. මේ සසර සැරිසැරීම නිසා සත්ත්වයා දිගින් දිගට ම දුකට පත් වෙනවා. සත්ත්වයාට විඳින්නට වන මේ සසර දුක ගැන අවබෝධයෙන් කළකිරෙන්නට නම් තමන් විසින් කැමැත්තෙන් වැළැඳ ගනු ලබන දේවල් හි නිසරු බව අනිත්‍යතාව මනා ලෙස දැකිය යුතු වෙනවා. එනිසා ඒ සියලු අරමුණු විදර්ශනා නුවණින් පරිහරණය කළයුතු වන්නේ. එසේ කරන තැනැත්තා ඒවාට තිබෙන කැමැත්ත අත්හරිනවා. එසේ ලෝකාමිසය අත්හරින තැනැත්තායි සසර දුකින් නිදහස් වන්නේ. බුදුපියාණන් වහන්සේ අප මෙහෙය වන්නේ ඒ ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට යි.

ඒ සඳහා අප විසින් සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවන් පුහුණු කළයුතු වෙනවා. සීල සංවරයෙන් ඇති කර ගනු ලබන චිත්ත සමාධිය විදර්ශනා නුවණ දක්වා යොමු කර සියලු සංස්කාරයන්ගේ යථාභූතය හෙවත් ඇත්ත ඇති සැටියෙන් වටහා ගත යුතු වෙනවා. එසේ යථාභූත ඤාණ දර්ශනය උපදවා ගන්නා තැනැත්තායි, බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීම මනා ලෙස ප්‍රගුණ කළ පුද්ගලයා වන්නේ. බුද්ධ අවවාදය නිසි ලෙසින් පිළිගත් පුද්ගලයා වන්නේ. බුදුපියාණන් වහන්සේ අනුගමනය කළහැක්කේ ඒ ක්‍රමය තුළින් පමණ යි.

[QUOTE="asliyanage, post: 29351883, member: 8764"] උපතක් නැති තැන විපතක් ද නැත... ආමිස පූජාව කෙනෙකුට සාංසාරික සුබ විපාක ගෙන දීමට හේතු වෙනවා. ආමිස පූජා ගණයට ගැනෙන දාන, සීල සහ භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි යෙදෙන මිනිසුන්ට සුගතියෙහි, උපත සැකසෙනවා. ආමිසයෙන් බුදුන් පුදන්නෝ තමා තමා ම පුදා ගැනීමක් ලෙසින් ද, ප්‍රතිපත්තියෙන් පුදන්නෝ පමණක් තමන් වහන්සේ පුදන අය වශයෙන් සලකන බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. “ආමිසයෙන් පුදන්නෝ, තමන් තමන්ට ම පුදතී.ප්‍රතිපදාවෙන් පුදන්නෝ පමණක් මා පුදති” යනුවෙන් දක්වා ඇත්තේ එය යි. මෙහ තමන් තමන්ටම පුදති යන වැකියෙන් අදහස් කරන්නේ සංසාරගත ජීවිතයෙහි යමෙකුට ලෞකික සැප සම්පත් ලැබෙන්නේ ඔහු හෝ ඇය කරගත් පුණ්‍ය ක්‍රියාවල විපාක මත නිසයි. අප කරනු ලබන පින්කම්වල ඵලය අප සසර සුගතියට යොමු කිරීමයි. පින සසරටයි යනුවෙන් සඳහන් වන්නේ එනිස යි. බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව සසර සැරිසරන සත්ත්වයාට ඇති එක ම ශාන්තිය නිවන යි. ඒ අනුව අපගේ පරම නිෂ්ඨාව හා ඉලක්කය විය යුත්තේ ඒ ශාන්තිකර නිවන යි. ඒ නිවන පෙන් වූ බුදුපියාණන් වහන්සේ , ශාන්ති නායකයාණන් වහන්සේ ලෙසත් හඳුන්වන්නේ ද ඒ නිසයි. නිවන යන වචනයේ සරල අදහස නිවීම යි. නිවන්නේ ගිනි ගත් සිත යි. සිත ගිනි ගෙන තිබෙන්නේ රාගා දී විවිධ අකුසල සිතිවිලිවලිනු යි. නිවන කරා යන ගමනේ දී අප විවිධ කටයුතුවල නියැළෙනවා. එලෙසින් ම විවිධ පුද පූජාවන් ද සිදු කරනවා. ඒ අතර බහුල වශයෙන් සිදු කරන්නේ ආමිස පූජාවනු යි. දන්දීම, පෙරහර , විවිධ පුද පූජා ආදී පින්කම්, වෙහෙර විහාර තැනැවීම්, වතුපිටි, ඉඩකඩම් පිදීම්, කඨින පින්කම්, වන්දනා ගමන් ආදී අනේකවිධ පින්කම් ආමිස පූජා ගණයට අයත් වෙනවා. මේ පින්කම් කිරීමේ දී බොහෝ දෙනා අනවශ්‍ය ලෙසින් සිත තුළ ලෝභා දී ක්ලේශ ධර්ම ඇති කර ගන්නවා. ද්වේශය උපදවා ගන්නවා. මෝහයෙන් මුලා වී කටයුතු කරනවා. එකිනෙකා පරයා යන ලෙසට පින්කම් කරන්නට සිතනවා. අනුන්ගේ පින්කම් දැක නො සතුට උපදවා ගන්නවා. තමා ම ආත්ම වංචාවන්ට ගොදුරු වෙනවා. පින්කම කරන තැනැත්තාට ම නො දැනී ඒ තැනැත්තාගේ සිත තුළ ලෝභ,ද්වේශ, මෝහාදී කෙලෙස් සිතිවිලි ඇති වෙනවා. නිවිය යුතු සිත ගිනි අවුළුවාගෙන කටයුතු කරනවා. ඒ තැනැත්තාගේ සිත තුළින් නිවන කෙමෙන් කෙමෙන් ඈතින් ඈතට ගමන් කරනවා. ආමිස පූජාව සසරට හේතු වන්නේ මේ පසුබිම යටතේ යි. ත්‍රිවිධ ශික්ෂා හෙවත් ත්රිශික්ෂා ලෙස හඳුන්වනු ලබන සීල, සමාධි සහ ප්‍රඥා තුළින් යොමු වන්නේ ප්‍රතිපත්ති පුජාව දෙසට යි. එය නිර්වාණගාමී ප්‍රතිපදාවයි. නිර්වාණගාමී ප්‍රතිපදාව විදර්ශනාව තුළින් උපදවා ගත යුත්තක්. විදර්ශනාව උපදවා ගන්නවා කියන්නේ අනිත්‍ය, දුක්ඛ,අනාත්ම යන ත්රිලක්ෂණය දැක ගැනීමට, තේරුම් ගැනීමට, අවබෝධ කර ගැනීමට හැකියාව ඇති මනසක් ඇති කර ගැනීම යි. ලෝකය කියන්නේ විපරිණාම ධර්මතාව මුල් කර ගත් එකක්. කැඩෙන බිඳෙන එකක්. “ලුජ්ජති පලුජ්ජති ලෝකෝ” යනුවෙන් දක්වා ඇත්තේ එය යි. එලෙසින් නිරන්තරයෙන් ම වෙනස් වන ලෝකයක පවතින කිසිදු දෙයක් නො වෙනස් ව පවතින්නේ නැහැ. ලෝකය තුළ පවතින ජීවිතය ද එලෙසින් ම මොහොතින් මොහොත වෙනස්වීමට අනිත්‍යත්වයට ළං වෙනවා. සියලු ජීවිත කෙළවර වන්නේ මරණයෙනුයි. උපදින්නා වූ අප සැවොම ටිකෙන් ටික ළංවන්නේ මරණය දෙසට යි. මෙසේ මරණයට සමීප වන්නා වූ සැවොම කළයුතු කාර්යය කුමක් ද? වරක් බුදුපියාණන් වහන්සේ වෙතට පැමිණි දේවතාවෙක් බුදුපියාණන් වහන්සේගෙන් විමසා සිටියේ මොහොතින් මොහොත මරණය කරා සමීප වෙන අය විසින් පින් කළ යුතු නොවේ ද? යන්න යි. එවිට බුදුපියාණන් වහන්සේ වදාළේ සත්ත්වයා මොහොතින් මොහොත මරණයට ළං වන්නේ ඉපදුණු නිසා බැවිනුත්, ඉපදුණේ ලෝකාමිසයට තිබෙන ගිජුකම නිසා බැවිනුත් මරණ බියෙන් සිටින තැනැත්තා කළයුතු වන්නේ ලෝකාමිසයට තිබෙන ගිජුකම අත්හළ යුතු බවයි. යමෙක් ලෝකාමිසයට ඇති ගිජුකම අත් හරින්නේද, ඒ තැනැත්තා එවන් ස්ථානයකට නැවත නො එන බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කළ සේක. නැවත ලෝකයට පැමිණෙන්නේ නැති තැනැත්තා මරණයට බිය විය යුත්තේ ද නැහැ. ඒ උපතක් නැති තැන විපතක් ද නො මැති නිස යි. ඒ අනුව ආර්ය ශ්රාවකයා අත්හළ යුත්තේ සත්ත්වයා ලෞකිකත්වයෙහි රඳවන සැපයට, වින්දනයට ගෝචර වන දෙය යි. ලෝකාමිසය යි. එසේ අත්හරින්නට තරම් ලෝකාමිසයෙහි ඇති නිසරු බව, අනිත්‍ය බව මනා ලෙස දැන ගත යුතු වෙනවා. මනා ලෙස දැක ගත යුතු වෙනවා, විදර්ශනාව කියන්නේ එයට යි.රාග කියන්නේ කැමැත්තට යි. විනය කියන්නේ හික්මවීමට නැතිනම් නැති කිරීමට යි. රාගය පාලනය කිරීම හෝ නැති කිරීම යන අදහස යි. රාග විනය කියන වචනයේ ඇත්තේ සත්ත්වයා නිරන්තරයෙන් තම ඉන්ද්‍රියයන්ට ගොදුරු වන රූපාදි අරමුණු නිසා කෙලෙස් බරිතවයි සිටින්නේ.ඒ අරමුණුවල ඇලෙමින් සහ ගැටෙමිනුයි වාසය කරන්නේ. නැවත නැවත එවන් අරමුණු පරිහරණය කරනු කැමත්තෙනුයි වාසය කරන්නේ. ඒ නිසා ම එවන් අරමුණු ලබා ගැනීමේ කැමැත්තෙන් ඊට අදාළ ක්‍රියාකාරකම් සිදු කරනවා. ඒ සිතින්, කයින් සහ වචනයෙන්. සිත, කය සහ වචනය යන තුන් දොරින් සිදු කරනු ලබන ක්‍රියාකාරකම්වලට සංස්කාර කියා කියනවා. මනෝ සංඛාර, කාය සංඛාර සහ වචී සංඛාර කියන්නේ ඒවාට යි. එසේ සංස්කාර ගොඩ නැගීමෙන් මනෝ විඤ්ඤාණයේ පැවැත්ම තහවුරු වෙනවා. මනෝ විඤ්ඤාණයේ පැවැත්මෙන් සත්ත්වයා නැවත භවයක උපදිනවා. මෙලෙසින් සත්ත්වයා සසර සැරිසරනවා. මේ සසර සැරිසැරීම නිසා සත්ත්වයා දිගින් දිගට ම දුකට පත් වෙනවා. සත්ත්වයාට විඳින්නට වන මේ සසර දුක ගැන අවබෝධයෙන් කළකිරෙන්නට නම් තමන් විසින් කැමැත්තෙන් වැළැඳ ගනු ලබන දේවල් හි නිසරු බව අනිත්‍යතාව මනා ලෙස දැකිය යුතු වෙනවා. එනිසා ඒ සියලු අරමුණු විදර්ශනා නුවණින් පරිහරණය කළයුතු වන්නේ. එසේ කරන තැනැත්තා ඒවාට තිබෙන කැමැත්ත අත්හරිනවා. එසේ ලෝකාමිසය අත්හරින තැනැත්තායි සසර දුකින් නිදහස් වන්නේ. බුදුපියාණන් වහන්සේ අප මෙහෙය වන්නේ ඒ ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට යි. ඒ සඳහා අප විසින් සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවන් පුහුණු කළයුතු වෙනවා. සීල සංවරයෙන් ඇති කර ගනු ලබන චිත්ත සමාධිය විදර්ශනා නුවණ දක්වා යොමු කර සියලු සංස්කාරයන්ගේ යථාභූතය හෙවත් ඇත්ත ඇති සැටියෙන් වටහා ගත යුතු වෙනවා. එසේ යථාභූත ඤාණ දර්ශනය උපදවා ගන්නා තැනැත්තායි, බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීම මනා ලෙස ප්‍රගුණ කළ පුද්ගලයා වන්නේ. බුද්ධ අවවාදය නිසි ලෙසින් පිළිගත් පුද්ගලයා වන්නේ. බුදුපියාණන් වහන්සේ අනුගමනය කළහැක්කේ ඒ ක්‍රමය තුළින් පමණ යි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom