Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උපතිස්ස ගමනායක නොහොත් “ඩයස් මහත්තයාට එදා ş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපතිස්ස ගමනායක නොහොත් “ඩයස් මහත්තයාට එදා &#351

උපතිස්ස ගමනායක නොහොත් “ඩයස් මහත්තයාට එදා මොකද වුනේ ?

ගමනායකපානදුර හොරණ පාරේ සැතපුම් කිහිපයක් ගිය විට හමුවන මහවිල හන්දියෙන් දකුණට වැටී ඇති ආදර්ශ පටු මඟේ මීටර් 100ක් පමණ ගිය විට ඩයස් මුදලාලිගේ “නිසංසල” නිවෙස පිහිටා තිබිණි. එය ඉතාමත් ජනාකීර්ණ පෙදෙසකි. “නිසංසල” නිවෙසට දකුණු පැත්තේ ගුරුවරයකුට අයත් තනාගෙන යන නිවෙසක් වූ අතර වම් පැත්තේ පොල්අතු සෙවිලි කළ කුඩා නිවෙසකි. ඉදිරිපස ලඳු කැලෑව සහිත හිස් ඉඩමකි.

1989 වසරේ මුල ඩයස් මුදලාලි මේ නිවෙසේ පදිංචියට පැමිණියේය. ඔහුට දරුවන් දෙදෙනකු සිටි අතර කුඩා දරුවන් වූ ඔවුන් පාසල් යන වයසේ නොවීය. මේ අයගේ අත්උදව්වට තරුණයකු සහ තරුණියක සිටි අතර ඔවුන් බිරියගේ නැඟණිය හා මුදලාලිගේ මලණුවන් වශයෙන් අසල්වාසීහු හැඳින සිටියහ.

කුරුප්පුගේ සෝමසිරි ඩයස් මේ නිවෙස මිලදී ගත්තේ 1988 අග භාගයේය. රුපියල් 1,25,000ක් ඔහු අයිතිකරුවන්ට ගෙවා තිබිණි. පර්චස් 40ක ඉඩම සහ නිවෙස එම ඔප්පුවට අයත් විය. පොල්ගස් පහක්ද, අඹ ගසක්ද, කොස්ගස් කිහිපයක්ද ඉඩමේ තිබිණි. නිවෙස නිදන කාමර දෙකකින්ද කෑම කාමරයකින්ද අංගසම්පූර්ණ කුස්සියකින්ද තරමක් විශාල සාලයකින්ද යුතු විය. ඉදිරිපස මල් සිටුවා තිබිණි.

ඔවුහු නිවෙසේ පදිංචියට පැමිණ නොබෝ දිනකින් යාබද කාමරයක ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ අතර නිවෙසේ දකුණුපස කොටසෙහි සිල්ලර කඩයක්ද ආරම්භ කළහ. ඔවුහු අසල්වැසියන් සමඟ හිත හොඳ ඇත්තෝ වූහ. ඩයස් මුදලාලි සිය කොළ පැහැති මෝටර් රථයෙන් නිතර ව්‍යාපාර කටයුතු සඳහා බැහැර ගියේය. ආවේය.

මහවිල ආදර්ශ පටුමඟේ ඕනෑම රෝගියකුට ඩයස් මුදලාලිගේ මෝටර් රථය උපකාරී විය. බොහෝ උදවිය ඩයස් මුදලාලිගේ කඩෙන් ණයට සිල්ලර බඩු ලබාගත් අතර මුදල් හදල්ද අතමාරු කරගත්හ. එය කලාතුරකින් දක්නට ලැබෙන සහජීවනයක් හා එකමුතුකමකි.

දිනය 1989 නොවැම්බර් මස 13 වැනිදාය. වේලාව පෙරවරු 11.00ට ආසන්න වෙමින් තිබිණි. ඩයස් මුදලාලි නිවෙසේ කාමරය තුළ රූපවාහිනියේ විශේෂ ප්‍රවෘත්තියක් නරඹමින් සිටියේය. දරුවන් මොන්ටිසෝරියට ගොසිනි. තරුණියෝ කිහිපදෙනෙක් ඇඳුම් මසන කාමරයේ වැඩෙහි යෙදී සිටියහ. පටුමඟ ඔස්සේ පැමිණි මෝටර් රථයක් නිවෙසට තරමක් දුරින් නවත්වනු ඩයස් මුදලාලිගේ බිරියට ඇසුණෙන් අෑ ඊට සවන් දුන්නාය. ඒ සමඟ ඊළඟ නිමේෂයේදී සිවිල් ඇඳුමින් සැරසුණු තරුණ පිරිසක් දෙතුන් පැත්තකින් නිවෙස වට කරන බව පෙනිණි.

“දුවන්න, දුවන්න” යැයි ඩයස් මුදලාලිගේ බිරිය කෑගැසීම නිසා නිවැසියෝ කලබලයට පත්ව දුවන්නට වූහ. ඩයස් මුදලාලිගේ බිරියද ඒ ඇසිල්ලේම නිවෙසින් පිටව ගියාය. එහෙත් කාමරයේ සිටි ඩයස් මුදලාලිට හැකි වූයේ සාලයට පැමිණීමට පමණි. මහවිල ආදර්ශ පටුමඟේ මිනිස්සු වහ වහා එහි පැමිණ ඩයස් මුදලාලිගේ ආරක්ෂාව වෙනුවෙන් පිහිට වන්නට මං සෙවූහ. එහෙත් ඩයස් මුදලාලි සමඟ ආලින්දයට පැමිණි එම පිරිස කියූ දෙයින් ගම්වාසීහු තුෂ්ණිම්භූත වූහ. “අපි හමුදාවෙන්. ඔයගොල්ලො කලබල වෙන්න එපා. මේ ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි නායකයා උපතිස්ස ගමනායක. අපි ඔහුව අත්අඩංගුවට ගත්තා” ඔවුහු පැවැසූහ. ඊට පෙර දින ජ.වි.පෙ. නායක රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීමේ පුවතින් මහත් කුතුහලයට පත්ව සිටි ජනයා සිවුදෙසින් ඩයස් මුදලාලිගේ නිවෙසට රොක්වන්නට වූහ.

“දැන් කැමැති කෙනෙක් ඩයස් මුදලාලිගෙන් සමුගන්න. අපි ඔහුව ගෙනියනවා” යැයි හමුදා නිලධාරීහු ප්‍රදේශයේ වැසියන්ට කීහ. ඩයස් මුදලාලි කිසිවක් කීවේ නැත.

පසුදින සියලුම මාධ්‍ය වාර්තා කළේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක මැරුම් කයි, ඩයස් මුදලාලි නමින් පෙනී සිටියා. ආදාහනයත් ඉවරයි කියාය.

නොවැම්බර් 14 වැනිදාක කොළඹ ජනරජ චතුරස්‍ර ඇමැති මණ්ඩල රැස්වීම් ශාලාවේ පැවැති මාධ්‍ය හමුවේදී විදේශ ඇමැති හා ආරක්ෂක රාජ්‍ය ඇමැති රන්ජන් විජේරත්න මහතා දෙස් විදෙස් මාධ්‍යවේදීන් හමුවේ පැවැසුවේ ඩයස් මුදලාලි නමින් පෙනී සිටි උපතිස්ස ගමනායක බණ්ඩාරවෙලදී අත්අඩංගුවට ගත් බවත් තමා ගමනායක නොවන බව ඔහු මුලදී ආරක්ෂක හමුදාවට පැවැසූ නමුත් පින්තූරයක් පෙන්වූ අවස්ථාවේ තමා ගමනායක බව පිළිගත් බවය.

එදිනම රාත්‍රි බොරලැස්ගමුවේ නිවෙසක් පෙන්වීම සඳහා ආරක්ෂක හමුදා සමඟ යමින් සිටියදී විදුලියද ඇනහිටි අවස්ථාවක ගමනායක රියෙන් පැන පලායන්නට තැත් කිරීමේදී හමුදා වෙඩි පහරින් තුවාල ලබා මියගිය බවද ආරක්ෂක රාජ්‍ය ඇමැති සඳහන් කර තිබුණේය.

හදිසි අවස්ථා නියෝග අනුව ක්‍රියාකරමින් උපතිස්ස ගමනායක මහතාගේ සිරුර කොහුවල සුසාන භූමියේදී ආදාහනය කළ බවද හෙතෙම පවසා තිබිණි.

ඩයස් මුදලාලි විසූ නිවෙසට සිදුවූයේ කිමෙක්දැයි පසු විපරමක යෙදෙමින් අපි පසුගියදා මහවිල ආදර්ශ පටුමඟට ගියෙමු. අද එහි වෙනත් ගොඩනැඟිල්ලක් ඉදිවී තිබේ. එම භූමිය බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට පවරාගෙන ඉදිකළ නව ගොඩනැඟිල්ලෙහි මහවිල පවුල් සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය පවත්වයි. පැරැණි නිවෙසේ කිසිදු සලකුණක් ඉතිරිව නැත. ගෙවීගිය 25 වසර තුළ තමන්ට උදවු කළ සහෘදයා පිළිබඳ මතකය ඔවුන් තුළින් මැකී ගොසිනි. නැතහොත් දැනට අවුරුදු 25 – 30 වයසේ පසුවන පරම්පරාව මේ කිසිවක් දන්නේ නැත.

දැනට පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානයට යාබද නිවෙසේ පදිංචිව සිටින විශ්‍රාමික ගුරුවරයකු වූ බානගල මහතා අතීත තොරතුරු මෙසේ ආවර්ජනය කළේය.

ඔය ඉඩම මගේ නෝනගෙ නංගිට අයිති. ඒ කියන්නෙ මේ ඉඩමේම අනෙක් කොටස. මගේ නෑන ඕක ඩයස් මුදලාලිට නැත්නම් අපි පසුව දැනගත් විදියට ගමනායකට වික්කා. එයා මෙහේ පදිංචියට ආවා. අපි මේ ගේ හදනවා. කොටින්ම කියනවා නම් එයා මේ ගමට වෙස්සන්තර කෙනෙක් වුණා.

ලෙඩෙක් වුණත් ටක් ගාලා වාහනේ දාගෙන ඉස්පිරිතාලෙට ගෙනිච්චා. වෙන වුවමනාවක් කිව්වත් වාහනේ දුන්නා. එහා පැත්තෙ පොඩි ගාමන්ට් එකක් පටන් ගත්තා. ගමේ කෙල්ලො හතර පස් දෙනෙක් ඒකෙ වැඩ කළා. ඉස්සරහ පොඩි ගේරාසරියක් පටන් ගත්තා. පාන්දර වැඩට යන අයත් හවස මෙහේ ඇවිත් ඩයස් මුදලාලිගේ ගේරාසරියෙන් බඩු ගන්න පුරුදු වුණා. ඒ තරම් ජනප්‍රිය වුණා. වෙළෙඳාම සාධාරණයි. ඔය කාලේ ජේ.වී.පී. එකෙන් කඩ වහන්න කියල තුණ්ඩු දුන්නා. එදාට ඩයස් මුදලාලිත් ගේරාසරිය වැහුවා. ඉළන්දාරි සිගරැට් ඉල්ලන්න ආවම “මල්ලි තරහ වෙන්න එපා අපිත් ජීවත් වෙන්න එපැයි අද නම් බඩු දෙන්නෙ නැහැ” කිව්වා. පස්සෙ දවසක ආණ්ඩුවෙනුත් ඇඳිරි නීතිය දැම්මහම එදාටත් ගේරාසරිය වැහුවා. බඩු දුන්නෙත් නෑ.

අපේ මාමණ්ඩි තමයි වැඩිපුර මෙතැන හිටියේ. එයා එක්ක හරිම හිතවත්. කාරෙකෙනුත් යනවා. මෝටර් සයිකලයෙනුත් යනවා. මම දැක්ක විදියට හොඳ රයිඩර් කෙනෙක්. ආව ගමන් කරාස් ගාල නවල සයිකලේ ගෙට දානවා. ගමේ කිසි මිනිහෙක් දැනගෙන හිටියෙ නැහැ මෙයා ජේ.වී.පී. එකට සම්බන්ධයි කියලා. මෙහේ හිටියෙ ජේ.වී.පී. කට්ටිය දැනගත්තෙත් අල්ලන් ගියාට පස්සෙ. මෙයාව අල්ලන් ගියාට පස්සෙ මෙතැන සිද්ධ වුණු හරියත් ලස්සන කතාව. පොලිසියෙ නිලධාරි කීපදෙනෙක් එනවා වට පිටේ ඇවිදලා බඩු ටිකක් පටවගෙන යනවා. ඇයි මහන මැෂින් එහෙම තිබුණානෙ. ඊට පස්සෙ ඔන්න හමුදාව එනවා. කවුද මෙහාට අවෙ කොහෙ පොලිසියෙන්ද කියලා ප්‍රශ්න කරනවා වටපිටාවෙ අයගෙන්. එහෙම අහලා ඒ ගොල්ලොත් ටිකක් පටවගෙන යනවා. ඔය පරිප්පු මුං ඇට ඔහොම ඔහොම හමුදාවල පොලිසිවල අය බඩු ටික ඇද්දා.

ඊළඟට ගමේ ඉන්න තග්ස්ලා වගෙ කොල්ලො කට්ටිය අනෙක් හරිය අරගත්තා. අන්තිමට ෙදාර ජනෙල් පවා ඇවිත් ගලවගෙන ගියා. අන්තිමට බිත්ති විතරයි ඉතුරු වුණේ. ඉඩම නම් අල්ලගත්තෙ නැහැ. ඉඩම අල්ල ගන්න නොයෙක් සුබසාධන ආයතන, පළාත් ආයතන උස්සාහ කළා. අන්තිමට පවුල් සෞඛ්‍ය එකට තැන අයිති වුණා. උපතිස්ස ගමනායක මහත්තයගෙ නෝන අවුරුදු කීපයකට පෙර වරක් ඇවිත් ගියා. එතකොට බිත්ති විතරයි තිබුණෙ. හරියට දුක් වුණා. කම්පා වුණා. දැන් ඒගොල්ලො ලංකාවෙ නැතිලු. දරුවො ලොකු මහත්වෙලා හොඳට ඉගෙනගෙන කියලත් ආරංචියි. කීර්තියි, ගාමිණීයි කියල දෙන්නෙක් හිටියා. එයාල දැක්කෙත් නැහැ.

[QUOTE="toiya, post: 22999889, member: 15009"] [b]උපතිස්ස ගමනායක නොහොත් “ඩයස් මහත්තයාට එදා ş[/b] [SIZE="4"]උපතිස්ස ගමනායක නොහොත් “ඩයස් මහත්තයාට එදා මොකද වුනේ ? ගමනායකපානදුර හොරණ පාරේ සැතපුම් කිහිපයක් ගිය විට හමුවන මහවිල හන්දියෙන් දකුණට වැටී ඇති ආදර්ශ පටු මඟේ මීටර් 100ක් පමණ ගිය විට ඩයස් මුදලාලිගේ “නිසංසල” නිවෙස පිහිටා තිබිණි. එය ඉතාමත් ජනාකීර්ණ පෙදෙසකි. “නිසංසල” නිවෙසට දකුණු පැත්තේ ගුරුවරයකුට අයත් තනාගෙන යන නිවෙසක් වූ අතර වම් පැත්තේ පොල්අතු සෙවිලි කළ කුඩා නිවෙසකි. ඉදිරිපස ලඳු කැලෑව සහිත හිස් ඉඩමකි. 1989 වසරේ මුල ඩයස් මුදලාලි මේ නිවෙසේ පදිංචියට පැමිණියේය. ඔහුට දරුවන් දෙදෙනකු සිටි අතර කුඩා දරුවන් වූ ඔවුන් පාසල් යන වයසේ නොවීය. මේ අයගේ අත්උදව්වට තරුණයකු සහ තරුණියක සිටි අතර ඔවුන් බිරියගේ නැඟණිය හා මුදලාලිගේ මලණුවන් වශයෙන් අසල්වාසීහු හැඳින සිටියහ. කුරුප්පුගේ සෝමසිරි ඩයස් මේ නිවෙස මිලදී ගත්තේ 1988 අග භාගයේය. රුපියල් 1,25,000ක් ඔහු අයිතිකරුවන්ට ගෙවා තිබිණි. පර්චස් 40ක ඉඩම සහ නිවෙස එම ඔප්පුවට අයත් විය. පොල්ගස් පහක්ද, අඹ ගසක්ද, කොස්ගස් කිහිපයක්ද ඉඩමේ තිබිණි. නිවෙස නිදන කාමර දෙකකින්ද කෑම කාමරයකින්ද අංගසම්පූර්ණ කුස්සියකින්ද තරමක් විශාල සාලයකින්ද යුතු විය. ඉදිරිපස මල් සිටුවා තිබිණි. ඔවුහු නිවෙසේ පදිංචියට පැමිණ නොබෝ දිනකින් යාබද කාමරයක ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ අතර නිවෙසේ දකුණුපස කොටසෙහි සිල්ලර කඩයක්ද ආරම්භ කළහ. ඔවුහු අසල්වැසියන් සමඟ හිත හොඳ ඇත්තෝ වූහ. ඩයස් මුදලාලි සිය කොළ පැහැති මෝටර් රථයෙන් නිතර ව්‍යාපාර කටයුතු සඳහා බැහැර ගියේය. ආවේය. මහවිල ආදර්ශ පටුමඟේ ඕනෑම රෝගියකුට ඩයස් මුදලාලිගේ මෝටර් රථය උපකාරී විය. බොහෝ උදවිය ඩයස් මුදලාලිගේ කඩෙන් ණයට සිල්ලර බඩු ලබාගත් අතර මුදල් හදල්ද අතමාරු කරගත්හ. එය කලාතුරකින් දක්නට ලැබෙන සහජීවනයක් හා එකමුතුකමකි. දිනය 1989 නොවැම්බර් මස 13 වැනිදාය. වේලාව පෙරවරු 11.00ට ආසන්න වෙමින් තිබිණි. ඩයස් මුදලාලි නිවෙසේ කාමරය තුළ රූපවාහිනියේ විශේෂ ප්‍රවෘත්තියක් නරඹමින් සිටියේය. දරුවන් මොන්ටිසෝරියට ගොසිනි. තරුණියෝ කිහිපදෙනෙක් ඇඳුම් මසන කාමරයේ වැඩෙහි යෙදී සිටියහ. පටුමඟ ඔස්සේ පැමිණි මෝටර් රථයක් නිවෙසට තරමක් දුරින් නවත්වනු ඩයස් මුදලාලිගේ බිරියට ඇසුණෙන් අෑ ඊට සවන් දුන්නාය. ඒ සමඟ ඊළඟ නිමේෂයේදී සිවිල් ඇඳුමින් සැරසුණු තරුණ පිරිසක් දෙතුන් පැත්තකින් නිවෙස වට කරන බව පෙනිණි. “දුවන්න, දුවන්න” යැයි ඩයස් මුදලාලිගේ බිරිය කෑගැසීම නිසා නිවැසියෝ කලබලයට පත්ව දුවන්නට වූහ. ඩයස් මුදලාලිගේ බිරියද ඒ ඇසිල්ලේම නිවෙසින් පිටව ගියාය. එහෙත් කාමරයේ සිටි ඩයස් මුදලාලිට හැකි වූයේ සාලයට පැමිණීමට පමණි. මහවිල ආදර්ශ පටුමඟේ මිනිස්සු වහ වහා එහි පැමිණ ඩයස් මුදලාලිගේ ආරක්ෂාව වෙනුවෙන් පිහිට වන්නට මං සෙවූහ. එහෙත් ඩයස් මුදලාලි සමඟ ආලින්දයට පැමිණි එම පිරිස කියූ දෙයින් ගම්වාසීහු තුෂ්ණිම්භූත වූහ. “අපි හමුදාවෙන්. ඔයගොල්ලො කලබල වෙන්න එපා. මේ ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි නායකයා උපතිස්ස ගමනායක. අපි ඔහුව අත්අඩංගුවට ගත්තා” ඔවුහු පැවැසූහ. ඊට පෙර දින ජ.වි.පෙ. නායක රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීමේ පුවතින් මහත් කුතුහලයට පත්ව සිටි ජනයා සිවුදෙසින් ඩයස් මුදලාලිගේ නිවෙසට රොක්වන්නට වූහ. “දැන් කැමැති කෙනෙක් ඩයස් මුදලාලිගෙන් සමුගන්න. අපි ඔහුව ගෙනියනවා” යැයි හමුදා නිලධාරීහු ප්‍රදේශයේ වැසියන්ට කීහ. ඩයස් මුදලාලි කිසිවක් කීවේ නැත. පසුදින සියලුම මාධ්‍ය වාර්තා කළේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක මැරුම් කයි, ඩයස් මුදලාලි නමින් පෙනී සිටියා. ආදාහනයත් ඉවරයි කියාය. නොවැම්බර් 14 වැනිදාක කොළඹ ජනරජ චතුරස්‍ර ඇමැති මණ්ඩල රැස්වීම් ශාලාවේ පැවැති මාධ්‍ය හමුවේදී විදේශ ඇමැති හා ආරක්ෂක රාජ්‍ය ඇමැති රන්ජන් විජේරත්න මහතා දෙස් විදෙස් මාධ්‍යවේදීන් හමුවේ පැවැසුවේ ඩයස් මුදලාලි නමින් පෙනී සිටි උපතිස්ස ගමනායක බණ්ඩාරවෙලදී අත්අඩංගුවට ගත් බවත් තමා ගමනායක නොවන බව ඔහු මුලදී ආරක්ෂක හමුදාවට පැවැසූ නමුත් පින්තූරයක් පෙන්වූ අවස්ථාවේ තමා ගමනායක බව පිළිගත් බවය. එදිනම රාත්‍රි බොරලැස්ගමුවේ නිවෙසක් පෙන්වීම සඳහා ආරක්ෂක හමුදා සමඟ යමින් සිටියදී විදුලියද ඇනහිටි අවස්ථාවක ගමනායක රියෙන් පැන පලායන්නට තැත් කිරීමේදී හමුදා වෙඩි පහරින් තුවාල ලබා මියගිය බවද ආරක්ෂක රාජ්‍ය ඇමැති සඳහන් කර තිබුණේය. හදිසි අවස්ථා නියෝග අනුව ක්‍රියාකරමින් උපතිස්ස ගමනායක මහතාගේ සිරුර කොහුවල සුසාන භූමියේදී ආදාහනය කළ බවද හෙතෙම පවසා තිබිණි. ඩයස් මුදලාලි විසූ නිවෙසට සිදුවූයේ කිමෙක්දැයි පසු විපරමක යෙදෙමින් අපි පසුගියදා මහවිල ආදර්ශ පටුමඟට ගියෙමු. අද එහි වෙනත් ගොඩනැඟිල්ලක් ඉදිවී තිබේ. එම භූමිය බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට පවරාගෙන ඉදිකළ නව ගොඩනැඟිල්ලෙහි මහවිල පවුල් සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය පවත්වයි. පැරැණි නිවෙසේ කිසිදු සලකුණක් ඉතිරිව නැත. ගෙවීගිය 25 වසර තුළ තමන්ට උදවු කළ සහෘදයා පිළිබඳ මතකය ඔවුන් තුළින් මැකී ගොසිනි. නැතහොත් දැනට අවුරුදු 25 – 30 වයසේ පසුවන පරම්පරාව මේ කිසිවක් දන්නේ නැත. දැනට පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානයට යාබද නිවෙසේ පදිංචිව සිටින විශ්‍රාමික ගුරුවරයකු වූ බානගල මහතා අතීත තොරතුරු මෙසේ ආවර්ජනය කළේය. ඔය ඉඩම මගේ නෝනගෙ නංගිට අයිති. ඒ කියන්නෙ මේ ඉඩමේම අනෙක් කොටස. මගේ නෑන ඕක ඩයස් මුදලාලිට නැත්නම් අපි පසුව දැනගත් විදියට ගමනායකට වික්කා. එයා මෙහේ පදිංචියට ආවා. අපි මේ ගේ හදනවා. කොටින්ම කියනවා නම් එයා මේ ගමට වෙස්සන්තර කෙනෙක් වුණා. ලෙඩෙක් වුණත් ටක් ගාලා වාහනේ දාගෙන ඉස්පිරිතාලෙට ගෙනිච්චා. වෙන වුවමනාවක් කිව්වත් වාහනේ දුන්නා. එහා පැත්තෙ පොඩි ගාමන්ට් එකක් පටන් ගත්තා. ගමේ කෙල්ලො හතර පස් දෙනෙක් ඒකෙ වැඩ කළා. ඉස්සරහ පොඩි ගේරාසරියක් පටන් ගත්තා. පාන්දර වැඩට යන අයත් හවස මෙහේ ඇවිත් ඩයස් මුදලාලිගේ ගේරාසරියෙන් බඩු ගන්න පුරුදු වුණා. ඒ තරම් ජනප්‍රිය වුණා. වෙළෙඳාම සාධාරණයි. ඔය කාලේ ජේ.වී.පී. එකෙන් කඩ වහන්න කියල තුණ්ඩු දුන්නා. එදාට ඩයස් මුදලාලිත් ගේරාසරිය වැහුවා. ඉළන්දාරි සිගරැට් ඉල්ලන්න ආවම “මල්ලි තරහ වෙන්න එපා අපිත් ජීවත් වෙන්න එපැයි අද නම් බඩු දෙන්නෙ නැහැ” කිව්වා. පස්සෙ දවසක ආණ්ඩුවෙනුත් ඇඳිරි නීතිය දැම්මහම එදාටත් ගේරාසරිය වැහුවා. බඩු දුන්නෙත් නෑ. අපේ මාමණ්ඩි තමයි වැඩිපුර මෙතැන හිටියේ. එයා එක්ක හරිම හිතවත්. කාරෙකෙනුත් යනවා. මෝටර් සයිකලයෙනුත් යනවා. මම දැක්ක විදියට හොඳ රයිඩර් කෙනෙක්. ආව ගමන් කරාස් ගාල නවල සයිකලේ ගෙට දානවා. ගමේ කිසි මිනිහෙක් දැනගෙන හිටියෙ නැහැ මෙයා ජේ.වී.පී. එකට සම්බන්ධයි කියලා. මෙහේ හිටියෙ ජේ.වී.පී. කට්ටිය දැනගත්තෙත් අල්ලන් ගියාට පස්සෙ. මෙයාව අල්ලන් ගියාට පස්සෙ මෙතැන සිද්ධ වුණු හරියත් ලස්සන කතාව. පොලිසියෙ නිලධාරි කීපදෙනෙක් එනවා වට පිටේ ඇවිදලා බඩු ටිකක් පටවගෙන යනවා. ඇයි මහන මැෂින් එහෙම තිබුණානෙ. ඊට පස්සෙ ඔන්න හමුදාව එනවා. කවුද මෙහාට අවෙ කොහෙ පොලිසියෙන්ද කියලා ප්‍රශ්න කරනවා වටපිටාවෙ අයගෙන්. එහෙම අහලා ඒ ගොල්ලොත් ටිකක් පටවගෙන යනවා. ඔය පරිප්පු මුං ඇට ඔහොම ඔහොම හමුදාවල පොලිසිවල අය බඩු ටික ඇද්දා.[IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/29496774_891450797682890_8355431563132433058_n.jpg?_nc_cat=0&oh=2113359ab9e19ec03ecd42c95a3551c1&oe=5B28041D[/IMG] ඊළඟට ගමේ ඉන්න තග්ස්ලා වගෙ කොල්ලො කට්ටිය අනෙක් හරිය අරගත්තා. අන්තිමට ෙදාර ජනෙල් පවා ඇවිත් ගලවගෙන ගියා. අන්තිමට බිත්ති විතරයි ඉතුරු වුණේ. ඉඩම නම් අල්ලගත්තෙ නැහැ. ඉඩම අල්ල ගන්න නොයෙක් සුබසාධන ආයතන, පළාත් ආයතන උස්සාහ කළා. අන්තිමට පවුල් සෞඛ්‍ය එකට තැන අයිති වුණා. උපතිස්ස ගමනායක මහත්තයගෙ නෝන අවුරුදු කීපයකට පෙර වරක් ඇවිත් ගියා. එතකොට බිත්ති විතරයි තිබුණෙ. හරියට දුක් වුණා. කම්පා වුණා. දැන් ඒගොල්ලො ලංකාවෙ නැතිලු. දරුවො ලොකු මහත්වෙලා හොඳට ඉගෙනගෙන කියලත් ආරංචියි. කීර්තියි, ගාමිණීයි කියල දෙන්නෙක් හිටියා. එයාල දැක්කෙත් නැහැ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom