Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
උපායශීලීබව (දුම්මේධ ජාතකය)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නුවණයන් නැසීම ගැන කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඇතැම් නුවණැති අය ඉතාමත් උපායශීලීව තමන්ගේ පිරිස යහමගට ගන්නවා. සමහර දරුවන් ඉතාම උපායශීලීව තම දෙමාපියන්ව යහමගට ගන්නවා. සමහර දෙමාපියන් ඒ වගේම තම දරුවන්ව යහමගට ගන්නවා. ඇතැම් ස්වාමිවරුන් තම භාර්යාවන්ව ඉතාම උපායශීලීව යහමගට ගන්නවා. බිරින්දෑවරුන් තම ස්වාමිවරුන්ව ඒ වගේම යහමගට ගන්නවා. මෙයත් එබඳු කථාවක්.උපායශීලීබව (දුම්මේධ ජාතකය)

ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනයේ. එදා දම් සභාවට රැස් වූ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ලොවට සලසන යහපත ගැන කතා කරමින් සිටියා. එතකොට භාග්‍යවතුන් වහන්සේ එතැනට වැඩම කොට වදාළා. භික්ෂූන් වහන්සේලා තමන් කතා කරමින් සිටිය කරුණ ගැන භාග්‍යවතුන් වහන්සේට කියා සිටියා.උපායශීලීබව (දුම්මේධ ජාතකය).උපායශීලීබව (දුම්මේධ ජාතකය).උපායශීලීබව (දුම්මේධ ජාතකය)

“මහණෙනි…. තථාගතයන් දැන් දසබල ඥාන, සිව් විශාරද ඥාන ආදී අසිරිමත් නුවණින් යුක්තවයි ලොවට සෙත සලසන්නේ. එදා බෝසත් අවදියේ උපායශීලීව කටයුතු කිරීමෙන් බොහෝ මිනිසුන්ව අකුසල් මාර්ගයෙන් බේරාගත්තා. ඔවුන්ට යහපත සැලසුවා….”

ඒ යටගිය දවස වූ සිදුවීම ගැන කියා දෙන්ට කියා භික්ෂූන් වහන්සේලා ඉල්ලා සිටීමෙන් භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.

“මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙක බරණැස් නුවර බ්‍රහ්මදත්ත නමින් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය කළා. ඒ කාලේ මහා බෝධිසත්වයෝ බරණැස් රජ්ජුරුවන්ගේ අගමෙහෙසියගේ කුසේ පිළිසිඳගත්තා. මව්කුසින් නික්මුණු කුමාරයාට බ්‍රහ්මදත්ත යන නම ලැබුනා. කුමාරයා තරුණ වයසට පත්වෙද්දී පියරජ්ජුරුවෝ ඔහුට යුවරාජ පදවිය පිරිනැමුවා.

ඒ දවස්වල බරණැස් නුවර මිනිස්සු දේවතාවුන්ට බලි පූජා පවත්වනවා. දෙවියන් වඳිනවා. දවසක් ඒ මිනිස්සු එක්තරා විශේෂ දිනයක් නියම කරගත්තා. බොහෝ එළුවන්, කුකුලන්, ඌරන්, ආදිය ඝාතනය කරවා, නොයෙක් මල් වලිනුත් ඒ සතුන් ගේ ලේ මස් වලිනුත් තමන්ගේ දෙවියන්ට බලි යාගයක් කළා. එය දුටු බෝධිසත්වයෝ මෙසේ සිතුවා.

“අනේ මේ මිනිස්සු දෙවියන්ට පුද පූජාවන් පවත්වන මංගලෝත්සවයක්ය කියලා බොහෝ සතුන්ව මරනවා. බොහෝ සෙයින්ම මේ මිනිස්සු පිහිටා ඉන්නේ අධර්මය තුළයි. මට රාජ්‍ය ලැබුණු දවසට එක් කෙනෙකුටවත් පීඩාවක් නොකොට මොකක් හරි උපායකින් මේ බිහිසුණු දේවපූජා නවත්වනවා….”

මෙසේ සිතූ බෝධිසත්වයෝ බරණැස් නුවරින් නික්මෙද්දී අතුපතර විහිදී ගිය බොහෝ මුල් පහතට එල්ලා වැටුනු මහා නුගරුකක් දැක්කා. බොහෝ මිනිස්සු එතැනට එනවා. තමන්ට දූ දරුවන් ලබාදෙන්ට, රැකියා ලබාදෙන්ට, දියුණුව සලසා දෙන්ට යනාදී වශයෙන් නොයෙක් ප්‍රාර්ථනා එහි සිටින රුක් දෙවියාගෙන් ඉල්ලා සිටියා. නොයෙකුත් ප්‍රාර්ථනා කරනවා. ‘මගේ වැඬේටත් මේන්න හොඳ තැනක්…’ කියලා බෝධිසත්වයෝ රථයෙන් බැස්සා. සුවඳ මල් ආදිය ගෙනැවිත් ඒ මහා වෘක්ෂයට පූජා කළා. මල් මාලා පැළැන්දුවා. පැන් වැඩුවා. ඒ වෘක්ෂය පැදකුණු කොට රුක් දෙවියාට වන්දනා කළා. රථයට නැගී නගරයට ගියා.

එදා පටන් බෝධිසත්වයෝ වරින් වර එතැනට යනවා. දෙවියන්ට පූජාවන් පවත්වන ආකාරයෙන් ඉතාමත් ගරුසරුව පුද පූජාවන් පවත්වනවා. කාලයාගේ ඇවෑමෙන් පියරජ්ජුරුවෝ අභාවයට පත්වුනා. බෝධිසත්වයෝ බරණැස රජු හැටියට අභිෂේක ලැබුවා. අභිෂේකෝත්සවයෙන් ටික දවසකට පසු අමාත්‍ය මණ්ඩලයත්, විශේෂ බ්‍රාහ්මණාදී ප්‍රාඥ පිරිසත් රැස් කළා.

“භවත්නි… තමුන්නාන්සේලා දන්නවාද මං මේ බරණැස රාජ්‍යයේ රජකම ලබාගන්ට මුල්වුන විශේෂ කාරණාව…?”

“අනේ දේවයන් වහන්ස…. අපි දන්නෙ නෑ…”

“අසවල් තැන මහා වෘක්ෂරාජයෙක් වැඩඉන්නවා. එතැනට කවුරුත් ගිහින් පුද පූජා පවත්වා භාරහාර වෙනවා. මාත් වරින් වර එතැනට ගොහින් විශේෂ පුද පූජාවන් පැවැත් වූ බව සමහර විට තමුන්නාන්සේලා දකින්ටත් ඇති…”

“එහෙමයි දේවයන් වහන්ස… අපි දැක්කා….”

“මං එතැනදී ප්‍රාර්ථනාවක් කළා. යම් හෙයකින් මං රජකමට පත්වුනොත් ඒ වෘක්ෂයේ අධිගෘහිත දේවතාවුන් වහන්සේට මහා බිලිපූජාවක් කරනවා ය. ඒ නිසා මට රාජ්‍යත්වය ලබාදෙන්ට පිහිට වෙන්ට කියලා. ඉතින් දේවතාවුන්නාන්සේ මට පිහිට වුනා. දැන් මමයි බරණැස් රජ්ජුරුවෝ…”

“එහෙමයි දේවයන් වහන්ස… ඔබවහන්සේට ඒකාන්තයෙන්ම ඒ දේවතාවුන් වහන්සේගේ බැල්ම වැටිලා තියෙනවා….”

“ඒකනේ…. තමුන්නාන්සේලාටත් මේක තේරෙනවා… දෙවියන් එක්ක සෙල්ලම් බෑ…! මං දෙවියන් උදෙසා මහා බිලි පූජාවක් කරන්ටයි භාර වුනේ…. ප්‍රමාද නොවී ඒ බිලි පූජෝත්සවයට කටයුතු සම්පාදනය කරන්ට ඕනෑ…”

“එහෙමයි දේවයන් වහන්ස… එතකොට අපි කොයි කොයි විදිහටද ඒ බිලි පූජාව සූදානම් කරන්ට ඕනෑ…? මොන මොන සතුන් ද සූදානම් කරන්ට ඕනෑ…?”

“සතුන්…. නෑ… මේක සතුන් මරලා කරන පූජාවක් නොවෙයි… මේක මහා ශ්‍රේෂ්ඨ එකක්….! මං දෙවියන්ට බාර වුනේ සත්තු මරන්ට නෙවෙයි…. මිනිස්සුන්ව මරන්ටයි. මනුස්ස බිලි දහසකින් පූජා කරන්ටයි. පස්පව් දස අකුසල් කරන මිනිසුන් දහසක් මරා උන්ගේ බඩ බොකුවැල් ඒ මහා වෘක්ෂය වටේ වෙළන්ටයි. ඔවුන්ගේ රුධිරයෙන් ඒ වෘක්ෂය නාවන්ටයි මා බාර වුනේ….”

එතකොට හැමෝම වෙව්ලා ගියා. ඇඟපත සීතල වෙලා ගියා. උගුරකට වියැලී ගියා.

“ඔව්… දැන් මං මගේ බාරය තමුන්නාන්සේලාට හෙළිදරව් කළා. දැන් ම කල් නොයා මේ දොළොස් යොදුන් ප්‍රමාණයේ වූ මුළු බරණැස් නගරේම අඬබෙර හසුරුවන්ට ඕනෑ…” කියලා පිටත් කළා. සියළු දෙනා බියේ ගැහි ගැහී රාජ අණ පතුරුවන්ට පටන්ගත්තා.

“අසව්…! අසව්…! අපගේ රජ්ජුරුවන් වහන්සේ යුවරාජ පදවිය භාරව සිටිද්දී අසවල් වෘක්ෂයේ වැඩ සිටින්නා වූ දේවතාවුන්නාන්සේට මහා බිලි පූජාවක් කරන්ට බාරයක් වෙලා තිබෙනවා. තමන් වහන්සේට රජකම ලැබුනු දවසට ඒ බාරේ ඔප්පු කර වදාරනවා කියලා. අසව්…! අසව්…! ඒ බිලි පූජාවට ගන්නේ තිරිසන් සතුන් නොවේ….! දහසක් මිනිසුන්වයි. ඒ දහසක් මිනිසුන් මරා උන්ගේ හෘදමාංශය උපුටා ඒ වෘක්ෂය වටේ තියන්ටත් නියම වෙලා තියෙනවා…. මේ තැන් පටන් ඒ බිලි පූජාවට සුදුසුකම් ඇති මිනිසුන් සොයාපල්ලා… යම් මිනිසෙක් සතුන් මරනවා ද, සොරකම් කරනවාද, වැරදි කාම සේවනයේ යෙදෙනවාද, බොරු කියනවාද, මත්පැන් බොනවාද, අන්න ඒ තැනැත්තා බිලි පූජාවට සුදුසුයි. අද පටන් යමෙක් මේ වැරදි පහ කළෝතින් ඔහුව අල්ලා දෙන්ට නුඹලා සියළු දෙනා බැඳී සිටිනා බව දැන ගනිල්ලා….” කියලා අඬබෙර පැතිරෙව්වා…

එදා බෝධිසත්වයෝ ඇමති මණ්ඩලයට ඔය කරුණු පහදා මේ ගාථාවත් පැවසුවා.

එදා පටන් පස්පව් දස අකුසල් කරන එක මිනිසෙක් සොයා ගන්ට බැරිව ගියා. කලක් ගතවෙද්දී රටවැසියා බොහෝ සුඛිත මුදිත බවට පත්වුනා. එක පුද්ගලයෙකුට වත් හිංසා නොකොට බෝධිසත්වයෝ ඉතාම උපායශීලීව තම රටවැසියාව යහමගට ගත්තා. තමනුත් සිල් රැක්කා. දන් දුන්නා. පින් රැස් කළා. රටවැසියනුත් ඒ අයුරින්ම සිල් රකිමින්, දන් පැන් දෙමින්, පින් රැස් කළා. මරණින් මතු හැමෝම දෙවියන් අතර උපන්නා.

මහණෙනි, තථාගතයන් ලොවට යහපතක් කළේ දැන් පමණක් නොවේ. පෙර ආත්මවලත් ඔය විදිහට බොහෝ යහපත කළා. එදා මං යහමගට ගත් පිරිස තමයි බුදු පිරිස. බරණැස් රජ්ජුරුවෝ වෙලා සිටියේ මං නොවැ කියලා භාග්‍යවතුන් වහන්සේ මේ දුම්මේධ ජාතකය වදාළා.

[QUOTE="asliyanage, post: 25892579, member: 8764"] [SIZE=6][B]නුවණයන් නැසීම ගැන කථාව[/B][/SIZE] පින්වතුනේ, පින්වත් දරුවනේ, ඇතැම් නුවණැති අය ඉතාමත් උපායශීලීව තමන්ගේ පිරිස යහමගට ගන්නවා. සමහර දරුවන් ඉතාම උපායශීලීව තම දෙමාපියන්ව යහමගට ගන්නවා. සමහර දෙමාපියන් ඒ වගේම තම දරුවන්ව යහමගට ගන්නවා. ඇතැම් ස්වාමිවරුන් තම භාර්යාවන්ව ඉතාම උපායශීලීව යහමගට ගන්නවා. බිරින්දෑවරුන් තම ස්වාමිවරුන්ව ඒ වගේම යහමගට ගන්නවා. මෙයත් එබඳු කථාවක්.උපායශීලීබව (දුම්මේධ ජාතකය) ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනයේ. එදා දම් සභාවට රැස් වූ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ලොවට සලසන යහපත ගැන කතා කරමින් සිටියා. එතකොට භාග්‍යවතුන් වහන්සේ එතැනට වැඩම කොට වදාළා. භික්ෂූන් වහන්සේලා තමන් කතා කරමින් සිටිය කරුණ ගැන භාග්‍යවතුන් වහන්සේට කියා සිටියා.උපායශීලීබව (දුම්මේධ ජාතකය).උපායශීලීබව (දුම්මේධ ජාතකය).උපායශීලීබව (දුම්මේධ ජාතකය) “මහණෙනි…. තථාගතයන් දැන් දසබල ඥාන, සිව් විශාරද ඥාන ආදී අසිරිමත් නුවණින් යුක්තවයි ලොවට සෙත සලසන්නේ. එදා බෝසත් අවදියේ උපායශීලීව කටයුතු කිරීමෙන් බොහෝ මිනිසුන්ව අකුසල් මාර්ගයෙන් බේරාගත්තා. ඔවුන්ට යහපත සැලසුවා….” ඒ යටගිය දවස වූ සිදුවීම ගැන කියා දෙන්ට කියා භික්ෂූන් වහන්සේලා ඉල්ලා සිටීමෙන් භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා. “මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙක බරණැස් නුවර බ්‍රහ්මදත්ත නමින් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය කළා. ඒ කාලේ මහා බෝධිසත්වයෝ බරණැස් රජ්ජුරුවන්ගේ අගමෙහෙසියගේ කුසේ පිළිසිඳගත්තා. මව්කුසින් නික්මුණු කුමාරයාට බ්‍රහ්මදත්ත යන නම ලැබුනා. කුමාරයා තරුණ වයසට පත්වෙද්දී පියරජ්ජුරුවෝ ඔහුට යුවරාජ පදවිය පිරිනැමුවා. ඒ දවස්වල බරණැස් නුවර මිනිස්සු දේවතාවුන්ට බලි පූජා පවත්වනවා. දෙවියන් වඳිනවා. දවසක් ඒ මිනිස්සු එක්තරා විශේෂ දිනයක් නියම කරගත්තා. බොහෝ එළුවන්, කුකුලන්, ඌරන්, ආදිය ඝාතනය කරවා, නොයෙක් මල් වලිනුත් ඒ සතුන් ගේ ලේ මස් වලිනුත් තමන්ගේ දෙවියන්ට බලි යාගයක් කළා. එය දුටු බෝධිසත්වයෝ මෙසේ සිතුවා. “අනේ මේ මිනිස්සු දෙවියන්ට පුද පූජාවන් පවත්වන මංගලෝත්සවයක්ය කියලා බොහෝ සතුන්ව මරනවා. බොහෝ සෙයින්ම මේ මිනිස්සු පිහිටා ඉන්නේ අධර්මය තුළයි. මට රාජ්‍ය ලැබුණු දවසට එක් කෙනෙකුටවත් පීඩාවක් නොකොට මොකක් හරි උපායකින් මේ බිහිසුණු දේවපූජා නවත්වනවා….” මෙසේ සිතූ බෝධිසත්වයෝ බරණැස් නුවරින් නික්මෙද්දී අතුපතර විහිදී ගිය බොහෝ මුල් පහතට එල්ලා වැටුනු මහා නුගරුකක් දැක්කා. බොහෝ මිනිස්සු එතැනට එනවා. තමන්ට දූ දරුවන් ලබාදෙන්ට, රැකියා ලබාදෙන්ට, දියුණුව සලසා දෙන්ට යනාදී වශයෙන් නොයෙක් ප්‍රාර්ථනා එහි සිටින රුක් දෙවියාගෙන් ඉල්ලා සිටියා. නොයෙකුත් ප්‍රාර්ථනා කරනවා. ‘මගේ වැඬේටත් මේන්න හොඳ තැනක්…’ කියලා බෝධිසත්වයෝ රථයෙන් බැස්සා. සුවඳ මල් ආදිය ගෙනැවිත් ඒ මහා වෘක්ෂයට පූජා කළා. මල් මාලා පැළැන්දුවා. පැන් වැඩුවා. ඒ වෘක්ෂය පැදකුණු කොට රුක් දෙවියාට වන්දනා කළා. රථයට නැගී නගරයට ගියා. එදා පටන් බෝධිසත්වයෝ වරින් වර එතැනට යනවා. දෙවියන්ට පූජාවන් පවත්වන ආකාරයෙන් ඉතාමත් ගරුසරුව පුද පූජාවන් පවත්වනවා. කාලයාගේ ඇවෑමෙන් පියරජ්ජුරුවෝ අභාවයට පත්වුනා. බෝධිසත්වයෝ බරණැස රජු හැටියට අභිෂේක ලැබුවා. අභිෂේකෝත්සවයෙන් ටික දවසකට පසු අමාත්‍ය මණ්ඩලයත්, විශේෂ බ්‍රාහ්මණාදී ප්‍රාඥ පිරිසත් රැස් කළා. “භවත්නි… තමුන්නාන්සේලා දන්නවාද මං මේ බරණැස රාජ්‍යයේ රජකම ලබාගන්ට මුල්වුන විශේෂ කාරණාව…?” “අනේ දේවයන් වහන්ස…. අපි දන්නෙ නෑ…” “අසවල් තැන මහා වෘක්ෂරාජයෙක් වැඩඉන්නවා. එතැනට කවුරුත් ගිහින් පුද පූජා පවත්වා භාරහාර වෙනවා. මාත් වරින් වර එතැනට ගොහින් විශේෂ පුද පූජාවන් පැවැත් වූ බව සමහර විට තමුන්නාන්සේලා දකින්ටත් ඇති…” “එහෙමයි දේවයන් වහන්ස… අපි දැක්කා….” “මං එතැනදී ප්‍රාර්ථනාවක් කළා. යම් හෙයකින් මං රජකමට පත්වුනොත් ඒ වෘක්ෂයේ අධිගෘහිත දේවතාවුන් වහන්සේට මහා බිලිපූජාවක් කරනවා ය. ඒ නිසා මට රාජ්‍යත්වය ලබාදෙන්ට පිහිට වෙන්ට කියලා. ඉතින් දේවතාවුන්නාන්සේ මට පිහිට වුනා. දැන් මමයි බරණැස් රජ්ජුරුවෝ…” “එහෙමයි දේවයන් වහන්ස… ඔබවහන්සේට ඒකාන්තයෙන්ම ඒ දේවතාවුන් වහන්සේගේ බැල්ම වැටිලා තියෙනවා….” “ඒකනේ…. තමුන්නාන්සේලාටත් මේක තේරෙනවා… දෙවියන් එක්ක සෙල්ලම් බෑ…! මං දෙවියන් උදෙසා මහා බිලි පූජාවක් කරන්ටයි භාර වුනේ…. ප්‍රමාද නොවී ඒ බිලි පූජෝත්සවයට කටයුතු සම්පාදනය කරන්ට ඕනෑ…” “එහෙමයි දේවයන් වහන්ස… එතකොට අපි කොයි කොයි විදිහටද ඒ බිලි පූජාව සූදානම් කරන්ට ඕනෑ…? මොන මොන සතුන් ද සූදානම් කරන්ට ඕනෑ…?” “සතුන්…. නෑ… මේක සතුන් මරලා කරන පූජාවක් නොවෙයි… මේක මහා ශ්‍රේෂ්ඨ එකක්….! මං දෙවියන්ට බාර වුනේ සත්තු මරන්ට නෙවෙයි…. මිනිස්සුන්ව මරන්ටයි. මනුස්ස බිලි දහසකින් පූජා කරන්ටයි. පස්පව් දස අකුසල් කරන මිනිසුන් දහසක් මරා උන්ගේ බඩ බොකුවැල් ඒ මහා වෘක්ෂය වටේ වෙළන්ටයි. ඔවුන්ගේ රුධිරයෙන් ඒ වෘක්ෂය නාවන්ටයි මා බාර වුනේ….” එතකොට හැමෝම වෙව්ලා ගියා. ඇඟපත සීතල වෙලා ගියා. උගුරකට වියැලී ගියා. “ඔව්… දැන් මං මගේ බාරය තමුන්නාන්සේලාට හෙළිදරව් කළා. දැන් ම කල් නොයා මේ දොළොස් යොදුන් ප්‍රමාණයේ වූ මුළු බරණැස් නගරේම අඬබෙර හසුරුවන්ට ඕනෑ…” කියලා පිටත් කළා. සියළු දෙනා බියේ ගැහි ගැහී රාජ අණ පතුරුවන්ට පටන්ගත්තා. “අසව්…! අසව්…! අපගේ රජ්ජුරුවන් වහන්සේ යුවරාජ පදවිය භාරව සිටිද්දී අසවල් වෘක්ෂයේ වැඩ සිටින්නා වූ දේවතාවුන්නාන්සේට මහා බිලි පූජාවක් කරන්ට බාරයක් වෙලා තිබෙනවා. තමන් වහන්සේට රජකම ලැබුනු දවසට ඒ බාරේ ඔප්පු කර වදාරනවා කියලා. අසව්…! අසව්…! ඒ බිලි පූජාවට ගන්නේ තිරිසන් සතුන් නොවේ….! දහසක් මිනිසුන්වයි. ඒ දහසක් මිනිසුන් මරා උන්ගේ හෘදමාංශය උපුටා ඒ වෘක්ෂය වටේ තියන්ටත් නියම වෙලා තියෙනවා…. මේ තැන් පටන් ඒ බිලි පූජාවට සුදුසුකම් ඇති මිනිසුන් සොයාපල්ලා… යම් මිනිසෙක් සතුන් මරනවා ද, සොරකම් කරනවාද, වැරදි කාම සේවනයේ යෙදෙනවාද, බොරු කියනවාද, මත්පැන් බොනවාද, අන්න ඒ තැනැත්තා බිලි පූජාවට සුදුසුයි. අද පටන් යමෙක් මේ වැරදි පහ කළෝතින් ඔහුව අල්ලා දෙන්ට නුඹලා සියළු දෙනා බැඳී සිටිනා බව දැන ගනිල්ලා….” කියලා අඬබෙර පැතිරෙව්වා… එදා බෝධිසත්වයෝ ඇමති මණ්ඩලයට ඔය කරුණු පහදා මේ ගාථාවත් පැවසුවා. එදා පටන් පස්පව් දස අකුසල් කරන එක මිනිසෙක් සොයා ගන්ට බැරිව ගියා. කලක් ගතවෙද්දී රටවැසියා බොහෝ සුඛිත මුදිත බවට පත්වුනා. එක පුද්ගලයෙකුට වත් හිංසා නොකොට බෝධිසත්වයෝ ඉතාම උපායශීලීව තම රටවැසියාව යහමගට ගත්තා. තමනුත් සිල් රැක්කා. දන් දුන්නා. පින් රැස් කළා. රටවැසියනුත් ඒ අයුරින්ම සිල් රකිමින්, දන් පැන් දෙමින්, පින් රැස් කළා. මරණින් මතු හැමෝම දෙවියන් අතර උපන්නා. මහණෙනි, තථාගතයන් ලොවට යහපතක් කළේ දැන් පමණක් නොවේ. පෙර ආත්මවලත් ඔය විදිහට බොහෝ යහපත කළා. එදා මං යහමගට ගත් පිරිස තමයි බුදු පිරිස. බරණැස් රජ්ජුරුවෝ වෙලා සිටියේ මං නොවැ කියලා භාග්‍යවතුන් වහන්සේ මේ දුම්මේධ ජාතකය වදාළා. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom