Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
උපාලි අභිරහසේ සත්‍ය කතාව - අවසාන කොටස (VI)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපාලි අභිරහසේ සත්‍ය කතාව - අවසාන කොටස (VI)

උපාලි - ප්‍රේමදාස ගැටෙති!

අවසානය ආරම්භ වෙයි

උපාලි විජයවර්ධන යනු වෘත්තීය දැනුමට (Professional Knowledge) ප්‍රිය කළ එහෙත් ඒවා නොපිළිගත් ව්‍යාපාරයකි. 1980 දී "දිවයින" සහ "දි අයිලන්ඩ්" පුවත්පත් පටන්ගැනීමට පෙර ඔහු වෙළෙඳපොළ සමීක්ෂණයක් කරවීය. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයන් සඳහා සිංහල ව්‍යාපාරිකයකු විසින් කරන ලද පළමුවන වෙළෙඳපොළ සමීක්ෂණය එය ය. කිසිදු සිංහල හෝ ඉංගී්රසි පුවත්පතකට ශ්‍රී ලංකාව තුළ ඉඩ නැති බව ඒ සමීක්ෂණ වාර්තාවේ සඳහන් විය. සමීක්ෂණය කළෝ බ්‍රිතාන්‍යයේ සංගණන සමාගමකි. වාර්තාව කියවූ උපාලි එය පැත්තකට විසිකර දමා මුද්‍රණ යන්ත්‍ර එංගලන්තයෙන් ඇණවුම් කර සිය පත්තර කන්තෝරුව පටන් ගත්තේය. ඉරිදාට පළවූ Sunday Island පුවත්පත මුල් කාලයේදී A'Pura Diaries යනුවෙන් විශේෂාංගයක් පළ කළේය. මෙය ලියන ලද්දේ උපාලි විජයවර්ධන විසිනි. ඒ මගින් නිතරම රොනී ද මෙල්ට සහ ආර්. ප්‍රේමදාසට ව්‍යංගයෙන් පහර දෙන ලදී. රෝනී තමන් පිළිබඳ විවේචනයක් දුටු විට රැස්වීමකදී හෝ ප්‍රසිද්ධ තැනකදී උපාලි විවේචනය කර නිහඬ වූ නමුත් අගමැති ආර්. ප්‍රේමදාස එය හිතේ තබාගෙන සිටියේය. ඔහු සිය කෝපය ස්ථාවර තැන්පතුවක් ලෙස සිය සිත තුළ තැන්පත් කරගත් අතර එම වෛරයට පොලී සහ වැල් පොලී එකතුවෙන්නට ඉඩ හැර බලා සිටියේය.

උපාලි, පුවත්පත් කර්මාන්තයට පිවිසෙන විට මහ කොළඹ ආර්ථික කොමිසමේ (නූතන ආයෝජන සංවර්ධන මණ්ඩලය) අධ්යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කරමින් සිටියේය. ඔහු එය ඉතා කැමැත්තෙන් කළ කටයුත්තකි. ඒ සඳහා යන විදේශ ගමන්වලදී තම ගුවන් ප්රවේශපත්රයට මුදල් ගෙවූ උපාලි තම හෝටල් ගාස්තු පුද්ගලික මුදලින් ගෙවීය. මහ කොළඹ ආර්ථික කොමිසම යනු ෙ-. ආර්. ගේ සිහිනයකි. මෙහි පළමු වන අධ්යක්ෂ මණ්ඩල රැස්වීම පැවැත්වෙන්නේ උපාලි සමූහ ව්‍යාපාරයේ කොළඹ බ්ලුමැන්ඩල් පාරේ පිහිටි අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් ශාලාවේය. මහකොළඹ ආර්ථික කොමිසම එවකට පවත්වාගෙන යන ලද්දේ කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයට පෙනෙන මානයේ තිබූ (අදටත් තිබෙන) විශාල ගොඩනැගිල්ලකට අයත් කුඩා පරිශ්රයකය. තම ඥති සහෝදරයා වන ෙ-. ආර්. ගේ සිහිනය සැබෑ කිරීමට නම් තම සියලු සිහින සැබෑ කරගත් බ්ලුමැන්ඩල් පාරේ ජයභූමියෙහි පිහිටි කාර්යාල සංකීර්ණයට අයත් අධ්යක්ෂ මණ්ඩල ශාලාව තුළ මහ කොළඹ ආර්ථික කොමිසමමේ අධ්යක්ෂ මණ්ඩලයේ මංගල රැස්වීම පැවැත්විය යුතු බව උපාලි තරයේ කියා සිටියේය. රාජ්‍ය ආයතනයක වැදගත් රැස්වීමක් පුද්ගලික ආයතනයක පැවැත්වීම ගැන සමහර ඇමැතිවරු විරුද්ධ වූහ. ඒ විරෝධය දුටු ජේ. ආර්. උපාලි අර්බුදයක් ලෙස දිගටම තබාගැනීමෙන් විය හැකි ක්රමෝපායමය වාසි සළකා උපාලිගේ කැමැත්තට ඉඩ දුන්නේය.

දිනක් නිදහස් වෙළෙඳ කලාපයට ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරුවට ගිය උපාලි පුවත්පත් සාකච්ඡාවකට සහභාගි විය. "ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා සුළු ජාතියක් ලෙස සළකා සිංහලයන් විසින් පාගාගෙන සිටින්නේ ද" යන ප්රශ්නය එක් වාර්තාකරුවෙක් විසින් නගන ලදී. එවිට උපාලි ඉතා ලිහිල් ලෙස මෙසේ උත්තර දුන්නේය. "මහත්වරුනි, මම සිංහලයෙක්. මගේ දකුණු පැත්තෙන් ඉන්නේ නිදහස් වෙළෙඳ කලාපයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් රාජා කුමාරස්වාමි සහ අධ්යක්ෂ ඒ. වයි. එස්. ඥනම්. මගේ වම් පැත්තෙන් ඉන්නේ ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරයේ ලේකම් චන්දි චන්මුගම්. මගේ ඉදිරියෙන් ඉන්නේ සිංගප්පුරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සී. ගුණසිංහම්, මෙතැන ඉන්න සුළු ජාතිකයා මමයි.

මේ කතාවට ජේ. ආර්. මහත් ප්‍රසිද්ධියක් දුන්නේය. එවිට රොනී සහ ප්‍රේමදාස කෝපයට පත් වූහ. ජේ. ආර්. කළේ උපාලි සමග ඔවුන් ඇතිකරගෙන තිබූ අර්බුදය නඩත්තු කිරීමය. මේ අර්බුදය තිබෙන තාක්කල් තම ජනාධිපති තනතුරට හානියක් නැති බව ජේ. ආර්. දැනසිටියේය. ආර්ථික විද්‍යාව පිළිබඳ හසල දැනුමක් තිබූ බ්‍රිතාන්‍යවාසී කතෝලික පූජකයෙක් වූ තෝමස් මැල්තස් (1766-1834) එක්දහස් අටසිය ගණන්වල මුලදී ජනගහනය පිළිබඳ න්‍යායක් ඉදිරිපත් කළේය. එයින් කියෑවුණේ පාලනය නොකෙරෙන ජනගහනය සෑම වසර 25 කට වරක්ම දෙගුණ වන බවය. එය රටට බරකි. පාලකයාටද බරකි. ඉතා හොඳින් නඩත්තු කරන ලද දේශපාලන අර්බුදයක් ඇතැම් අවස්ථාවකදී රටට බරක් වන නමුත් පාලකයාට වාසියක් වන බව ජේ. ආර්. විශ්වාස කළ බව උපාලි ප්‍රේමදාස රොනී ගැටුමේදී පෙනෙන්නට තිබිණි.

මේ අතර උපාලි විජයවර්ධනගේ සුඛෝපභෝගී ජීවන රටාව ඔහුගේ විරුද්ධවාදීන්ගේ නොමනාපයට හේතුවිය. S-126 මාදිලියේ බෙන්ස් රථයක් ශ්‍රී ලංකාවට ගෙන්වා පාවිච්චි කරන පළමුවන ශ්‍රී ලාංකිකයා වන්නේ උපාලිය. 1980 දී මුල්වරට මිට්සුබිෂි ලාන්සර් රථයක් ශ්‍රී ලංකාවට ගෙන්වා නුවරඑළියේ රථ ධාවන තරගයකදී එය ධාවනය කරන පළමුවන ශ්‍රී ලාංකිකයා උපාලිය. මේ සමගම මිට්සුබිෂි ලාන්සර් රථ සඳහා වෙළෙඳ පොළක් සෑදෙන්නට විය. තම පුද්ගලික ලියර් ජෙට් යානයෙන් ලන්ඩනයේ සිට දිවා කාලයේදී ලංකාවට එන උපාලි තම හෙලිකොප්ටරයෙන් නුවරඑළියට ගොස් දිවා ආහාර ගෙන සවසට ගොල්ෆ් ගසා රාත්‍රි ආහාරය සඳහා හෙලිකොප්ටරයෙන් කොළඹ ඒමට පුරුදු වෙයි. මෙය රොනී ද මෙල්ට කළ නොහැක්කකි. ආර්. ප්‍රේමදාසට හිතීමට පවා දුෂ්කර වූවකි. අගමැති ප්‍රේමදාස සිංහලයාගේ නාඩි ඇල්ලිය හැක්කේ ඉන්දියන් විරෝධී සහ දෙමළ විරෝධී මත වාදයකින් යෑයි සිතන බව ආරංචි වන උපාලි "සෑම සාර්ථක මිනිසකු පිටුපසම ගැහැනියක සිටින්නේ යම්සේද එහි සෑම සාර්ථක සිංහල ව්‍යාපාරිකයකු පිටුපසම දෙමළ මිනිසකු සිටින බව කියයි. ඒ සඳහා උදාහරණය ලෙස ඔහු දක්වන්නේ තම ආයතනයේ නියෝජ්‍ය සභාපති වන ආර්. මුරුගයියාය. ආර්. මුරුගයියා උපන්නේ මධ්‍යම කඳුකරයේ "ඩෙල්ටා" නමැති වතු සමාගමකට අයත් වත්තකදීය. උපාලි තමන් නිෂ්පාදනය කරන ටොෆි වර්ගයට ඩෙල්ටා යන නම යොදන්නේ මුරුගයියාට ගරු කරනු පිණිසය.

සිය පුවත්පත් සමාගමේ ප්‍රධාන ප්රකාශනවල සාර්ථකත්වය දුටු උපාලි "තීවාගම්" නමැති දෙමළ පුවත්පතක් ආරම්භ කිරීමට තීරණය කළේය. ඒ වන විට තිනකරන්, තිනකරන් වාරමංජරි, වීරකේසරී, වීරකේසරී වාරමලර්, මිත්‍රන් යනාදී වශයෙන් දෙමළ පුවත්පත් රැසක් මෙරට මුද්‍රණය විය. ඒ අතර ඉන්දියාවේ සිට හොර බඩු පටවාගෙන එන වල්ලම් යාත්‍රා මගින් තමිල්නාඩුවේ පළවූ වෙනත් දෙමළ ප්‍රකාශන ලංකාවට ගෙන එනු ලැබීය. වෙළෙඳ පොළ සමීක්ෂණවලට අනුව තවත් දෙමළ පත්තරයකට ඉඩ තිබුණේ නැත. එය ඇසූ ගමන්ම 1983 මැයි මාසය වන විට "තීවාගම්" ආරම්භ කරන බව උපාලි සිය මිතුරන්ට කීය. මේ රටේ වෙසෙන ජනයා කතා කරන සිංහල, දෙමළ, ඉංග්‍රීසි, මැලේ යන භාෂාවලින් ආණ්ඩුවේ කන්තොරු හරහා වැඩකර ගැනීමට මිනිසුන්ට හැකිවන පරිදි භාෂා ප්‍රතිපත්තියක් ඇති කළ යුතු බව ඔහුගේ මතය විය. තීවාගම් තුළින් ඒ මතය වෙනුවෙන් හඬක් ගොනු කිරීම ඔහුගේ අදහස විය.

උපාලි රජයේ උසස් තනතුරක් වූ මහ කොළඹ ආර්ථික කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල් වීමත්, ඔහුගේ පුවත්පත් ආයතනය රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීමත් යන කාරණා නිසා ජේ. ආර්. ගේ අර්බුදය තවත් හොඳින් නඩත්තු විය. මෙය ඉංගී්රසියෙන් Conflict of Intrests ලෙස හඳුන්වන තත්ත්වයකි. මේ අනුව උපාලි එම තනතුරින් ඉවත් කළ යුතු බව ජේ. ආර්. ජයවර්ධනගේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන අමාත්‍යංශ කිහිපයක් පාලනය කළ දේශපාලනඥයන් දෙදෙනකුගේ මතය විය. ජේ. ආර්. මේ තත්ත්වය කළමනාකරණය කිරීමට උත්සාහ කළ මුත් අගමැති ප්‍රේමදාස එයට විරුද්ධ විය. ඔහු කල්පනා කළේ තමන්ට (ප්‍රේමදාසට) හිමි ඊළඟ ජනාධිපති වීමේ අවස්ථාව ජේ. ආර්. විසින් උපාලිට බිලි දෙන්නට සූදානම් වන බවය. 1981 දී මේ පිළිබඳ සෙවීමට අගමැති ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු තේරිම් කමිටුවක් පත් කරන ලදී. එය පිහිටුවන ලද්දේම උපාලි එම තනතුරට නුසුදුස්සකු කරන පිණිසය. 1981 දෙසැම්බර් මාසයේදී එහි ප්‍රතිඵලය පිට වූ අතර උපාලි තම තනතුරට නුසුදුස්සකු කරනු ලැබීය. ඔහු ඉල්ලා අස්විය යුතුව තිබිණි.

එහෙත් උපාලි ඉල්ලා අස්වූයේ නැත. ඔහු එසේ කළේ තම සතුරන් කෝප කරනු සඳහාය. තමා පත් කරන ලද්දේ ජනාධිපති ජයවර්ධන විසින් බැවින් ඔහු නියෝග කරන තුරු තමාට ඉල්ලා අස්වීමට නොහැකි බව ඔහුගේ තර්කය විය. මේ පිළිබඳ 1982 ජනවාරි හතරවැනිදා ඉංග්‍රීසි පුවත්පතක් සමග පැවැති සාකච්ඡාවකදී ඔහු මෙසේ කීය "මට ඉතා දීප්තිමත් දේශපාලන අනාගතයක් තිබෙනවා. ටික කලක් නිදහසේ ඉඳලා ආසනයක් තෝරාගෙන දේශපාලන කටයුතු කිරීමයි මගේ බලාපොරොත්තුව..."

ප්‍රධාන පක්ෂ දෙකම මාතර දිස්ත්‍රික්කයේ ආසනයකට තරග කරන ලෙස තමාගෙන් ඉල්ලා ඇතැයි උපාලි මෙහිදී කීවේය. ඒ අතර තමාට ආදරය කරන අයගෙන් ලියුම් ටොන් ගණනින් ලැබෙන බවත් එම ලියුම් තොගය දකින කෙනකු තමාම පක්ෂයක් ආරම්භ නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කරනු ඇති බවත් ඔහු කීවේය. අතීතයේදී තමාගේ දේශපාලන වීරයා එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක නමුදු මෙකල එම තැන ලබාගෙන ඇත්තේ ජනාධිපති ජයවර්ධන බවද ඔහු සඳහන් කළේය. ඔහු තෝරාගෙන තිබූ ආසනය සිය මවගේ ජන්මය හා සම්බන්ධ මාතර කඹුරුපිටියයි. ඔහුගේ දේශපාලන ව්‍යාපාරයේ නම රුහුණු උදානයයි. ඒ වූකලී උපාලිගේ ජීවිතයේ හොඳම කාලයයි. ඒ වන විට ලොව පුරා ඔහුගේ ආයතනවල 33000 ක් සේවය කරමින් සිටියහ. බැංකු, ඉල්ලන පරක්කුවෙන් ඔහුට ණය දුන්නේය. එහෙත් ඔහු නොදත් එක් දෙයක් විය. පළමුවැන්න, සිය ඥාති සහෝදර ජේ. ආර්. ක්‍රමයෙන් ඔහු වෙතින් ගිලිහෙමින් සිටි බවයි. දෙවැන්න රොනී ද මෙල් ඔහුව අමතක කර දැමීමට සූදානම් වුවත් ප්‍රේමදාස ඔහු අමතක කිරීමට සූදානම් නැති බවය.

එක්දහස් නවසිය අසූ එක වසරේ දවසක හිටපු අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය රත්මලානේ පැවැති ජන රැලියකදී මෙසේ කීවාය. "අගමැති ආර්. ප්‍රේමදාස තම තනතුරට හිමි වැටුප ලෙස සීමිත මුදලක් ලබයි. එහෙත් ඔහුගේ දරුවෝ පිටරට ඉගෙන ගනිති. ඒ සඳහා තමන් ලබන වැටුපට වඩා විශාල මුදලක් ඔහු ඉපයිය යුතුය..."

මේ කතාව "දිවයින" පුවත්පතේ විශාල ශීර්ෂ පාඨයක් යටතේ පළ විය. මෙයින් කියෑවෙන්නේ තමන් වැටුපට අමතරව යන වියදම් ඉපයීම සඳහා අල්ලස් ලබාගන්නා බව යෑයි තර්ක කරමින් අගමැති ආර්. ප්‍රේමදාස "දිවයින"ට එරෙහිව රුපියල් ලක්ෂ 10 ක් වන්දි ඉල්ලමින් නඩුවක් පැවැරීය. නඩුව සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත හැකිව තිබුණ ද එසේ නොකර උසාවි යැමට උපාලි විජයවර්ධන තීරණය කළේය. රුපියල් ලක්ෂ 10 ක් වන්දි ගෙවීමට පෙර රුපියල් කෝටි 10 ක මඩ තොගයක් ප්‍රේමදාසට ගැසීම එසේ උසාවි යැමේ අරමුණ විය. මේ නඩුව අඩුම වශයෙන් වසර 05 ක් වත් ඇසෙන අතර විත්තිය (උපාලි පුවත්පත් සමාගම) විසින් සාක්ෂි කැඳවනු ලැබේ. මේ සාක්ෂි විභාග "දිවයින", "දි අයිලන්ඩ්" සහ වහා ඇරැඹීමට අපේක්ෂිත "තීවාගම්" දෙමළ පුවත්පත හරහා විශාල වශයෙන් ප්‍රසිද්ධ වේ. ප්‍රේමදාසගේ දේශපාලන අනාගතය එමගින් විනාශ වන අතර යළි ගොඩ ඒමට නොහැකි දේශපාලන ප්‍රපාතයකට ඔහු ඇද දමනු ලැබේ.

අපගේ ලිපි පෙළ මෙතැනින් නිමාවට පත් කරන අතර උපාලි විජයවර්ධන අතුරුදන් වීමට පෙර එවකට එ.ජා.ප. යේ පුරපතිවරයකු වූ (පසු කාලයේදී ඔහු ඇමැති කෙනෙක් විය.) එක්තරා පුද්ගලයකු මැලේසියාවට හා සිංගප්පූරුවට ගිය බවත්, ඉන්පසු එම රටවල් ඉතා හොඳින් පුරුදු කැසිනෝ ව්‍යාපාරිකයකු එහි ගොස් ස්වල්ප කලක් සිටි බවත්, අවසන් ගමන පිටත්වීමට පෙර උපාලිගේ ලියර් ජෙට් යානය මැලේසියාවේ සුබංග් ගුවන් තොටුපළේ එළිමහනක දෙදිනක් පමණ නවත්වා තිබූ බවත් (සාමාන්‍යයෙන් ගුවන් යානා ගාල් කර තබන්නේ හැංගර් නමැති විශාල ගොඩනැගිලි තුළය.) අගමැති ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී උපාලිට ශාප කළ බවත් පාඨකයා විසින් මතක තබාගනු ලැබිය යුතුය.

- සමාප්තයි -

අනුර සොලමන්ස්

මනෝඡ් අබයදීර

මෙම විශේෂාංගය අගෝස්තු මස 26 වැනි ඉරිදා පළ වූ දිවයින ඉරිදා පුවත්පතෙන් උපුටා ගන්නා ලදි.

පසුගිය කොටස්.........

උපාලි අබිරහසේ ඇත්ත කතාව.....I කොටස මෙතනින්.........

උපාලි අබිරහසේ ඇත්ත කතාව.....II කොටස මෙතනින්.........

උපාලි අබිරහසේ ඇත්ත කතාව.....III කොටස මෙතනින්.........

උපාලි අබිරහසේ ඇත්ත කතාව.....IV කොටස මෙතනින්.........

උපාලි අබිරහසේ ඇත්ත කතාව.....V කොටස මෙතනින්.........

අනිත් අයටත් බලා ගන්න BUMP එකක් දාලා යන්න....

[QUOTE="Double S, post: 13285754, member: 186150"] [b]උපාලි අභිරහසේ සත්‍ය කතාව - අවසාන කොටස (VI)[/b] [FONT=Times New Roman][SIZE=5] [SIZE=4] [/SIZE][COLOR=#336600]උපාලි - ප්‍රේමදාස ගැටෙති![/COLOR][SIZE=4] අවසානය ආරම්භ වෙයි[/SIZE] [IMG]http://www.divaina.com/2012/08/26/upa.jpg[/IMG] [IMG]http://www.divaina.com/2012/08/26/upaprena.jpg[/IMG] [SIZE=4]උපාලි විජයවර්ධන යනු වෘත්තීය දැනුමට (Professional Knowledge) ප්‍රිය කළ එහෙත් ඒවා නොපිළිගත් ව්‍යාපාරයකි. 1980 දී "දිවයින" සහ "දි අයිලන්ඩ්" පුවත්පත් පටන්ගැනීමට පෙර ඔහු වෙළෙඳපොළ සමීක්ෂණයක් කරවීය. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයන් සඳහා සිංහල ව්‍යාපාරිකයකු විසින් කරන ලද පළමුවන වෙළෙඳපොළ සමීක්ෂණය එය ය. කිසිදු සිංහල හෝ ඉංගී්රසි පුවත්පතකට ශ්‍රී ලංකාව තුළ ඉඩ නැති බව ඒ සමීක්ෂණ වාර්තාවේ සඳහන් විය. සමීක්ෂණය කළෝ බ්‍රිතාන්‍යයේ සංගණන සමාගමකි. වාර්තාව කියවූ උපාලි එය පැත්තකට විසිකර දමා මුද්‍රණ යන්ත්‍ර එංගලන්තයෙන් ඇණවුම් කර සිය පත්තර කන්තෝරුව පටන් ගත්තේය. ඉරිදාට පළවූ Sunday Island පුවත්පත මුල් කාලයේදී A'Pura Diaries යනුවෙන් විශේෂාංගයක් පළ කළේය. මෙය ලියන ලද්දේ උපාලි විජයවර්ධන විසිනි. ඒ මගින් නිතරම රොනී ද මෙල්ට සහ ආර්. ප්‍රේමදාසට ව්‍යංගයෙන් පහර දෙන ලදී. රෝනී තමන් පිළිබඳ විවේචනයක් දුටු විට රැස්වීමකදී හෝ ප්‍රසිද්ධ තැනකදී උපාලි විවේචනය කර නිහඬ වූ නමුත් අගමැති ආර්. ප්‍රේමදාස එය හිතේ තබාගෙන සිටියේය. ඔහු සිය කෝපය ස්ථාවර තැන්පතුවක් ලෙස සිය සිත තුළ තැන්පත් කරගත් අතර එම වෛරයට පොලී සහ වැල් පොලී එකතුවෙන්නට ඉඩ හැර බලා සිටියේය. උපාලි, පුවත්පත් කර්මාන්තයට පිවිසෙන විට මහ කොළඹ ආර්ථික කොමිසමේ (නූතන ආයෝජන සංවර්ධන මණ්ඩලය) අධ්යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කරමින් සිටියේය. ඔහු එය ඉතා කැමැත්තෙන් කළ කටයුත්තකි. ඒ සඳහා යන විදේශ ගමන්වලදී තම ගුවන් ප්රවේශපත්රයට මුදල් ගෙවූ උපාලි තම හෝටල් ගාස්තු පුද්ගලික මුදලින් ගෙවීය. මහ කොළඹ ආර්ථික කොමිසම යනු ෙ-. ආර්. ගේ සිහිනයකි. මෙහි පළමු වන අධ්යක්ෂ මණ්ඩල රැස්වීම පැවැත්වෙන්නේ උපාලි සමූහ ව්‍යාපාරයේ කොළඹ බ්ලුමැන්ඩල් පාරේ පිහිටි අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් ශාලාවේය. මහකොළඹ ආර්ථික කොමිසම එවකට පවත්වාගෙන යන ලද්දේ කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයට පෙනෙන මානයේ තිබූ (අදටත් තිබෙන) විශාල ගොඩනැගිල්ලකට අයත් කුඩා පරිශ්රයකය. තම ඥති සහෝදරයා වන ෙ-. ආර්. ගේ සිහිනය සැබෑ කිරීමට නම් තම සියලු සිහින සැබෑ කරගත් බ්ලුමැන්ඩල් පාරේ ජයභූමියෙහි පිහිටි කාර්යාල සංකීර්ණයට අයත් අධ්යක්ෂ මණ්ඩල ශාලාව තුළ මහ කොළඹ ආර්ථික කොමිසමමේ අධ්යක්ෂ මණ්ඩලයේ මංගල රැස්වීම පැවැත්විය යුතු බව උපාලි තරයේ කියා සිටියේය. රාජ්‍ය ආයතනයක වැදගත් රැස්වීමක් පුද්ගලික ආයතනයක පැවැත්වීම ගැන සමහර ඇමැතිවරු විරුද්ධ වූහ. ඒ විරෝධය දුටු ජේ. ආර්. උපාලි අර්බුදයක් ලෙස දිගටම තබාගැනීමෙන් විය හැකි ක්රමෝපායමය වාසි සළකා උපාලිගේ කැමැත්තට ඉඩ දුන්නේය. දිනක් නිදහස් වෙළෙඳ කලාපයට ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරුවට ගිය උපාලි පුවත්පත් සාකච්ඡාවකට සහභාගි විය. "ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා සුළු ජාතියක් ලෙස සළකා සිංහලයන් විසින් පාගාගෙන සිටින්නේ ද" යන ප්රශ්නය එක් වාර්තාකරුවෙක් විසින් නගන ලදී. එවිට උපාලි ඉතා ලිහිල් ලෙස මෙසේ උත්තර දුන්නේය. "මහත්වරුනි, මම සිංහලයෙක්. මගේ දකුණු පැත්තෙන් ඉන්නේ නිදහස් වෙළෙඳ කලාපයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් රාජා කුමාරස්වාමි සහ අධ්යක්ෂ ඒ. වයි. එස්. ඥනම්. මගේ වම් පැත්තෙන් ඉන්නේ ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරයේ ලේකම් චන්දි චන්මුගම්. මගේ ඉදිරියෙන් ඉන්නේ සිංගප්පුරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සී. ගුණසිංහම්, මෙතැන ඉන්න සුළු ජාතිකයා මමයි. මේ කතාවට ජේ. ආර්. මහත් ප්‍රසිද්ධියක් දුන්නේය. එවිට රොනී සහ ප්‍රේමදාස කෝපයට පත් වූහ. ජේ. ආර්. කළේ උපාලි සමග ඔවුන් ඇතිකරගෙන තිබූ අර්බුදය නඩත්තු කිරීමය. මේ අර්බුදය තිබෙන තාක්කල් තම ජනාධිපති තනතුරට හානියක් නැති බව ජේ. ආර්. දැනසිටියේය. ආර්ථික විද්‍යාව පිළිබඳ හසල දැනුමක් තිබූ බ්‍රිතාන්‍යවාසී කතෝලික පූජකයෙක් වූ තෝමස් මැල්තස් (1766-1834) එක්දහස් අටසිය ගණන්වල මුලදී ජනගහනය පිළිබඳ න්‍යායක් ඉදිරිපත් කළේය. එයින් කියෑවුණේ පාලනය නොකෙරෙන ජනගහනය සෑම වසර 25 කට වරක්ම දෙගුණ වන බවය. එය රටට බරකි. පාලකයාටද බරකි. ඉතා හොඳින් නඩත්තු කරන ලද දේශපාලන අර්බුදයක් ඇතැම් අවස්ථාවකදී රටට බරක් වන නමුත් පාලකයාට වාසියක් වන බව ජේ. ආර්. විශ්වාස කළ බව උපාලි ප්‍රේමදාස රොනී ගැටුමේදී පෙනෙන්නට තිබිණි. මේ අතර උපාලි විජයවර්ධනගේ සුඛෝපභෝගී ජීවන රටාව ඔහුගේ විරුද්ධවාදීන්ගේ නොමනාපයට හේතුවිය. S-126 මාදිලියේ බෙන්ස් රථයක් ශ්‍රී ලංකාවට ගෙන්වා පාවිච්චි කරන පළමුවන ශ්‍රී ලාංකිකයා වන්නේ උපාලිය. 1980 දී මුල්වරට මිට්සුබිෂි ලාන්සර් රථයක් ශ්‍රී ලංකාවට ගෙන්වා නුවරඑළියේ රථ ධාවන තරගයකදී එය ධාවනය කරන පළමුවන ශ්‍රී ලාංකිකයා උපාලිය. මේ සමගම මිට්සුබිෂි ලාන්සර් රථ සඳහා වෙළෙඳ පොළක් සෑදෙන්නට විය. තම පුද්ගලික ලියර් ජෙට් යානයෙන් ලන්ඩනයේ සිට දිවා කාලයේදී ලංකාවට එන උපාලි තම හෙලිකොප්ටරයෙන් නුවරඑළියට ගොස් දිවා ආහාර ගෙන සවසට ගොල්ෆ් ගසා රාත්‍රි ආහාරය සඳහා හෙලිකොප්ටරයෙන් කොළඹ ඒමට පුරුදු වෙයි. මෙය රොනී ද මෙල්ට කළ නොහැක්කකි. ආර්. ප්‍රේමදාසට හිතීමට පවා දුෂ්කර වූවකි. අගමැති ප්‍රේමදාස සිංහලයාගේ නාඩි ඇල්ලිය හැක්කේ ඉන්දියන් විරෝධී සහ දෙමළ විරෝධී මත වාදයකින් යෑයි සිතන බව ආරංචි වන උපාලි "සෑම සාර්ථක මිනිසකු පිටුපසම ගැහැනියක සිටින්නේ යම්සේද එහි සෑම සාර්ථක සිංහල ව්‍යාපාරිකයකු පිටුපසම දෙමළ මිනිසකු සිටින බව කියයි. ඒ සඳහා උදාහරණය ලෙස ඔහු දක්වන්නේ තම ආයතනයේ නියෝජ්‍ය සභාපති වන ආර්. මුරුගයියාය. ආර්. මුරුගයියා උපන්නේ මධ්‍යම කඳුකරයේ "ඩෙල්ටා" නමැති වතු සමාගමකට අයත් වත්තකදීය. උපාලි තමන් නිෂ්පාදනය කරන ටොෆි වර්ගයට ඩෙල්ටා යන නම යොදන්නේ මුරුගයියාට ගරු කරනු පිණිසය. [/SIZE][FONT=Times New Roman][SIZE=5][SIZE=4]++++++++++++[/SIZE][/SIZE][/FONT] [SIZE=4] සිය පුවත්පත් සමාගමේ ප්‍රධාන ප්රකාශනවල සාර්ථකත්වය දුටු උපාලි "තීවාගම්" නමැති දෙමළ පුවත්පතක් ආරම්භ කිරීමට තීරණය කළේය. ඒ වන විට තිනකරන්, තිනකරන් වාරමංජරි, වීරකේසරී, වීරකේසරී වාරමලර්, මිත්‍රන් යනාදී වශයෙන් දෙමළ පුවත්පත් රැසක් මෙරට මුද්‍රණය විය. ඒ අතර ඉන්දියාවේ සිට හොර බඩු පටවාගෙන එන වල්ලම් යාත්‍රා මගින් තමිල්නාඩුවේ පළවූ වෙනත් දෙමළ ප්‍රකාශන ලංකාවට ගෙන එනු ලැබීය. වෙළෙඳ පොළ සමීක්ෂණවලට අනුව තවත් දෙමළ පත්තරයකට ඉඩ තිබුණේ නැත. එය ඇසූ ගමන්ම 1983 මැයි මාසය වන විට "තීවාගම්" ආරම්භ කරන බව උපාලි සිය මිතුරන්ට කීය. මේ රටේ වෙසෙන ජනයා කතා කරන සිංහල, දෙමළ, ඉංග්‍රීසි, මැලේ යන භාෂාවලින් ආණ්ඩුවේ කන්තොරු හරහා වැඩකර ගැනීමට මිනිසුන්ට හැකිවන පරිදි භාෂා ප්‍රතිපත්තියක් ඇති කළ යුතු බව ඔහුගේ මතය විය. තීවාගම් තුළින් ඒ මතය වෙනුවෙන් හඬක් ගොනු කිරීම ඔහුගේ අදහස විය. උපාලි රජයේ උසස් තනතුරක් වූ මහ කොළඹ ආර්ථික කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල් වීමත්, ඔහුගේ පුවත්පත් ආයතනය රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීමත් යන කාරණා නිසා ජේ. ආර්. ගේ අර්බුදය තවත් හොඳින් නඩත්තු විය. මෙය ඉංගී්රසියෙන් Conflict of Intrests ලෙස හඳුන්වන තත්ත්වයකි. මේ අනුව උපාලි එම තනතුරින් ඉවත් කළ යුතු බව ජේ. ආර්. ජයවර්ධනගේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන අමාත්‍යංශ කිහිපයක් පාලනය කළ දේශපාලනඥයන් දෙදෙනකුගේ මතය විය. ජේ. ආර්. මේ තත්ත්වය කළමනාකරණය කිරීමට උත්සාහ කළ මුත් අගමැති ප්‍රේමදාස එයට විරුද්ධ විය. ඔහු කල්පනා කළේ තමන්ට (ප්‍රේමදාසට) හිමි ඊළඟ ජනාධිපති වීමේ අවස්ථාව ජේ. ආර්. විසින් උපාලිට බිලි දෙන්නට සූදානම් වන බවය. 1981 දී මේ පිළිබඳ සෙවීමට අගමැති ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු තේරිම් කමිටුවක් පත් කරන ලදී. එය පිහිටුවන ලද්දේම උපාලි එම තනතුරට නුසුදුස්සකු කරන පිණිසය. 1981 දෙසැම්බර් මාසයේදී එහි ප්‍රතිඵලය පිට වූ අතර උපාලි තම තනතුරට නුසුදුස්සකු කරනු ලැබීය. ඔහු ඉල්ලා අස්විය යුතුව තිබිණි. එහෙත් උපාලි ඉල්ලා අස්වූයේ නැත. ඔහු එසේ කළේ තම සතුරන් කෝප කරනු සඳහාය. තමා පත් කරන ලද්දේ ජනාධිපති ජයවර්ධන විසින් බැවින් ඔහු නියෝග කරන තුරු තමාට ඉල්ලා අස්වීමට නොහැකි බව ඔහුගේ තර්කය විය. මේ පිළිබඳ 1982 ජනවාරි හතරවැනිදා ඉංග්‍රීසි පුවත්පතක් සමග පැවැති සාකච්ඡාවකදී ඔහු මෙසේ කීය "මට ඉතා දීප්තිමත් දේශපාලන අනාගතයක් තිබෙනවා. ටික කලක් නිදහසේ ඉඳලා ආසනයක් තෝරාගෙන දේශපාලන කටයුතු කිරීමයි මගේ බලාපොරොත්තුව..." ප්‍රධාන පක්ෂ දෙකම මාතර දිස්ත්‍රික්කයේ ආසනයකට තරග කරන ලෙස තමාගෙන් ඉල්ලා ඇතැයි උපාලි මෙහිදී කීවේය. ඒ අතර තමාට ආදරය කරන අයගෙන් ලියුම් ටොන් ගණනින් ලැබෙන බවත් එම ලියුම් තොගය දකින කෙනකු තමාම පක්ෂයක් ආරම්භ නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කරනු ඇති බවත් ඔහු කීවේය. අතීතයේදී තමාගේ දේශපාලන වීරයා එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක නමුදු මෙකල එම තැන ලබාගෙන ඇත්තේ ජනාධිපති ජයවර්ධන බවද ඔහු සඳහන් කළේය. ඔහු තෝරාගෙන තිබූ ආසනය සිය මවගේ ජන්මය හා සම්බන්ධ මාතර කඹුරුපිටියයි. ඔහුගේ දේශපාලන ව්‍යාපාරයේ නම රුහුණු උදානයයි. ඒ වූකලී උපාලිගේ ජීවිතයේ හොඳම කාලයයි. ඒ වන විට ලොව පුරා ඔහුගේ ආයතනවල 33000 ක් සේවය කරමින් සිටියහ. බැංකු, ඉල්ලන පරක්කුවෙන් ඔහුට ණය දුන්නේය. එහෙත් ඔහු නොදත් එක් දෙයක් විය. පළමුවැන්න, සිය ඥාති සහෝදර ජේ. ආර්. ක්‍රමයෙන් ඔහු වෙතින් ගිලිහෙමින් සිටි බවයි. දෙවැන්න රොනී ද මෙල් ඔහුව අමතක කර දැමීමට සූදානම් වුවත් ප්‍රේමදාස ඔහු අමතක කිරීමට සූදානම් නැති බවය. ++++++++++++ එක්දහස් නවසිය අසූ එක වසරේ දවසක හිටපු අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය රත්මලානේ පැවැති ජන රැලියකදී මෙසේ කීවාය. "අගමැති ආර්. ප්‍රේමදාස තම තනතුරට හිමි වැටුප ලෙස සීමිත මුදලක් ලබයි. එහෙත් ඔහුගේ දරුවෝ පිටරට ඉගෙන ගනිති. ඒ සඳහා තමන් ලබන වැටුපට වඩා විශාල මුදලක් ඔහු ඉපයිය යුතුය..." මේ කතාව "දිවයින" පුවත්පතේ විශාල ශීර්ෂ පාඨයක් යටතේ පළ විය. මෙයින් කියෑවෙන්නේ තමන් වැටුපට අමතරව යන වියදම් ඉපයීම සඳහා අල්ලස් ලබාගන්නා බව යෑයි තර්ක කරමින් අගමැති ආර්. ප්‍රේමදාස "දිවයින"ට එරෙහිව රුපියල් ලක්ෂ 10 ක් වන්දි ඉල්ලමින් නඩුවක් පැවැරීය. නඩුව සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත හැකිව තිබුණ ද එසේ නොකර උසාවි යැමට උපාලි විජයවර්ධන තීරණය කළේය. රුපියල් ලක්ෂ 10 ක් වන්දි ගෙවීමට පෙර රුපියල් කෝටි 10 ක මඩ තොගයක් ප්‍රේමදාසට ගැසීම එසේ උසාවි යැමේ අරමුණ විය. මේ නඩුව අඩුම වශයෙන් වසර 05 ක් වත් ඇසෙන අතර විත්තිය (උපාලි පුවත්පත් සමාගම) විසින් සාක්ෂි කැඳවනු ලැබේ. මේ සාක්ෂි විභාග "දිවයින", "දි අයිලන්ඩ්" සහ වහා ඇරැඹීමට අපේක්ෂිත "තීවාගම්" දෙමළ පුවත්පත හරහා විශාල වශයෙන් ප්‍රසිද්ධ වේ. ප්‍රේමදාසගේ දේශපාලන අනාගතය එමගින් විනාශ වන අතර යළි ගොඩ ඒමට නොහැකි දේශපාලන ප්‍රපාතයකට ඔහු ඇද දමනු ලැබේ. අපගේ ලිපි පෙළ මෙතැනින් නිමාවට පත් කරන අතර උපාලි විජයවර්ධන අතුරුදන් වීමට පෙර එවකට එ.ජා.ප. යේ පුරපතිවරයකු වූ (පසු කාලයේදී ඔහු ඇමැති කෙනෙක් විය.) එක්තරා පුද්ගලයකු මැලේසියාවට හා සිංගප්පූරුවට ගිය බවත්, ඉන්පසු එම රටවල් ඉතා හොඳින් පුරුදු කැසිනෝ ව්‍යාපාරිකයකු එහි ගොස් ස්වල්ප කලක් සිටි බවත්, අවසන් ගමන පිටත්වීමට පෙර උපාලිගේ ලියර් ජෙට් යානය මැලේසියාවේ සුබංග් ගුවන් තොටුපළේ එළිමහනක දෙදිනක් පමණ නවත්වා තිබූ බවත් (සාමාන්‍යයෙන් ගුවන් යානා ගාල් කර තබන්නේ හැංගර් නමැති විශාල ගොඩනැගිලි තුළය.) අගමැති ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී උපාලිට ශාප කළ බවත් පාඨකයා විසින් මතක තබාගනු ලැබිය යුතුය. [/SIZE][SIZE=4][COLOR=DarkRed][SIZE=5]- සමාප්තයි[/SIZE] - [/COLOR][/SIZE] [SIZE=4] අනුර සොලමන්ස් මනෝඡ් අබයදීර[/SIZE] [/SIZE][/FONT][CENTER][SIZE=5]මෙම විශේෂාංගය අගෝස්තු මස 26 වැනි ඉරිදා පළ වූ දිවයින ඉරිදා පුවත්පතෙන් උපුටා ගන්නා ලදි. [/SIZE] [SIZE=6][COLOR=Red]පසුගිය කොටස්.........[/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1463276"][SIZE=6]උපාලි අබිරහසේ ඇත්ත කතාව.....I කොටස මෙතනින්.........[/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=13195731#post13195731"][SIZE=6]උපාලි අබිරහසේ ඇත්ත කතාව.....II කොටස මෙතනින්.........[/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1470559"][SIZE=6]උපාලි අබිරහසේ ඇත්ත කතාව.....III කොටස මෙතනින්.........[/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1470563"][SIZE=6]උපාලි අබිරහසේ ඇත්ත කතාව.....IV කොටස මෙතනින්.........[/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1472818"][SIZE=6]උපාලි අබිරහසේ ඇත්ත කතාව.....V කොටස මෙතනින්.........[/SIZE][/URL] [SIZE=6][B][SIZE=5]අනිත් අයටත් බලා ගන්න BUMP එකක් දාලා යන්න....[/SIZE][/B][/SIZE] [SIZE=6][B][SIZE=5] ;););)[/SIZE][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom