Motorola මෙහෙ ප්ලාන්ට් එකක් ගහන්න හැදුවෙ 1980 හෝ 81, උන්ට ඉන්ජො මදි හින්දා මොරා/පේරා ෆැකල්ටි වල ඉන්ටේක් එක වැඩිකරන්නත් වියදම් කරන්න ඉඳලා තියෙන්නෙ. අපේ කරුමෙට ඔය වෙනකොට රට අස්ථාවරයි, උන් යනවා මැලේසියාවට.
අපේ මිනිස්සු ලංකාව සිංගප්පූරුවට සමාන කරන්න හැදුවට ඊට වඩා apples to apples comparison එකක් කරන්න පුලුවන් මැලේසියාවත් එක්ක. අපි කෙලෝගත්තෙ කොහොමද, උන් ගොඩගියෙ කොහොමද කියන එක නිකන් ඉන්න වෙලාවක හොයලා බලන්න වටින මාතෘකාවක්
//අපේ මිනිස්සු ලංකාව සිංගප්පූරුවට සමාන කරන්න හැදුවට ඊට වඩා apples to apples comparison එකක් කරන්න පුලුවන් මැලේසියාවත් එක්ක. අපි කෙලෝගත්තෙ කොහොමද, උන් ගොඩගියෙ කොහොමද කියන එක නිකන් ඉන්න වෙලාවක හොයලා බලන්න වටින මාතෘකාවක්//
ලංකාවේ උසස් අධ්‍යාපනය ලබන්න මැලේසියන් කාරයෝ ආපු කාලයක් තිබුනා. 70 දශකයෙදීත් පාසැල් අධ්‍යාපනය ලබන්න මැලේසියාවෙන් ආපු ළමයි රෝයල් එකේ හිටියා. ටික දිනකට පෙර මියගිය මහාචාර්ය මහාලිංගම් පවා මැලේසියාවේ සිට උසස් අධ්‍යාපනය ලබන්න ලංකාවට ආපු කෙනෙක්. (එතුමා ලංකාවේ උපන්නාට කුඩා කාලයේදීම දෙමව්පියන් සමග මැලේසියාවට සංක්‍රමණය වෙලා, පාසැල් අධ්‍යාපනය එහිදී ලබලා, උසස් අධ්‍යාපනයට ලංකාවට පැමිණි කෙනෙක්)
දැනට කලකට පෙර පාටියක් වේලාවකදී මට මහලු (මැලේසියන්) යුවලක් හමු උනා. ඔවුන්, ලාංකික ගැහැණු කෙනෙක් සහ මැලේසියන් පිරිමි කෙනෙක්. ඒ දෙදෙනා හමු වී තියෙන්නේත් ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබද්දීයි.
ඔවුන්ගේ අධ්‍යාපනයෙන් පසුව රැකියාවන් සහ පදිංචිය සඳහා අනිවාර්යය තේරීම වී තිබුනේ එකල මලයාවට වඩා බොහොම ඉහල ජීවන තත්වයක් තිබුන ලංකාවලු. නමුත්, මැලේ කාරයෙක් බැඳලා අපිට ලැජ්ජා කරන්න එපා කියලා ඒ තරුණියගේ දෙමව්පියන් විරෝධය පෑමේ ප්‍රතිඵලයක් හැටියට ඔවුන් පදිංචියට මැලේසියාවට ගිහිල්ලා. මේ කියන්නේ 60 දශකය වගේ විය යුතුයි. "මගේ in laws ලා මට කරපු එකම හොඳ, ලංකාවේ සෙට්ල් වෙන එකට විරුද්ධ වෙච්ච එකයි" කියලයි මෑන් මට කිව්වේ.
ලංකාවේ ඉන්න කෙනෙකුට මැලේසියාව ගොඩ ගිය රටක් වගේ පෙනුනට, ඒ රටටත් තව බොහෝ දුර යන්න තියනවා. අවුරුදු 10 කට පමණ පෙර මම MAS එකෙන් Kuala Lumpur හරහා ලංකාවට එන්න ටිකට් ගත් විටකදී transit time එක වැඩි නිසාත්, කිසිදිනක KL දැක නැති නිසාත්, එහි දින දෙකක් නැවතී යාමට සූදානම් කළා. එය මගේ පළමු, සහ අවසාන මැලේසියානු සංචාරය බව නම් ස්ථිරයි.