Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උමතු රාජ්ය සේවයට එරෙහිව පැතුම් පෙරට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්රී ලංකාවේ රජයේ සේවයට තියෙන පුදුම ඉල්ලුම ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ. රජයේ රැකියාවක් කිරීම ආඩම්බරයක් කර ගත්ත රටක සමාජ ගෞරවය වෙනුවෙන්, රැකියා සුරක්ෂිතතාවය වෙනුවෙන් මිනිස්සු රජයේ මේකට කැමැත්තක් දක්වනවා.

බොහෝ ගම් පළාත් වල රජයේ රැකියාවක් හැරුණම කරන්න වෙන රැකියා නෑ. හමුදාවේ, පොළිසියේ, සිවිල් ආරක්ෂක බළකායේ, ඉස්කෝලේ, ඉස්පිරිතාලෙ, ඒජී ඔෆිස් එකේ, ගොවි ජන සේවා එකේ, ග්රාම නිළධාරී වගේ තියෙන තරම් රැකියා රජයේ ඒවා තමයි. ස්ථාවර රැකියාවක් තිබීම නිසාම රජයේ රැකියාවක් කරන පවුලකට ගමක සාපේක්ෂව සරුයි.

මේ රටේ ශ්රම බළකාය මිලියන 8.5 ක්. ඒකෙන් මිලියන එකහාමාරක්ම ඉන්නේ රාජ්ය සේවයේ. ඉතිරි මිලියන 7 පුද්ගලික අංශයේ.

මෙච්චර මිනිස්සු පොදුවේ බදු ගෙවද්දී, ඒ ශ්රම බළකායෙන් කොටසකට විතරක් විශේෂ සැළකිල්ලක් ලැබෙන්නේ ඇයි?

රජයේ සේවකයන්ට පැන්ෂන් එකක් ලැබෙනවා. ඒක හුදෙක්ම බදු මුදලින් ලබා දෙන එකක්. ඒවට කියන්නේ unfunded pension scheme කියලා. ඒ කියන්නේ සේවකයා හම්බ කරන එකෙන් ඉතිරි කර නොගෙන රජය විසින් සිය අරමුදල් වලින් ලබා දෙන දීමනාවක් ඒක. විශ්රාම දිවියෙන් පස්සේ ජීවත් වෙන්න ඕනේ රජයේ සේවකයෝ විතර ද?පුද්ගලික අංශයේ සේවය කරලා ජීවිත කාලයක් බදු ගෙවන මිනිස්සුන්ට ETF/EPF මගීන් ලැබෙන ප්රමාණය ඇති ද? මේක අපේ රටේ අවදානයට ලක් නොවෙන ලොකු අසාධාරණ තැනක්. හැම මිනිහටම විශ්රාම ගියාට පස්සේ ස්ථාවර විශ්රාම වැටුපක් ලැබෙන ක්රමයක් අපිට ඕනේ. ඒක රජයේ සේවය කරපු අයට විතරක් ලැබිලා අනිත් මිනිස්සුන්ට හරියට ලැබෙන ක්රමයක් නැති එක වෙනස් විය යුත්තක්. අපි හදන්න ඕනේ මොන රැකියාව කළත් විශ්රාම වැටුපට සේවකායාගේ දායකත්වය ලැබෙන, හැමෝටම ස්ථාවර සහ ප්රමාණවත් විශ්රාම වැටුපක් ලැබෙන ක්රමයක්.

රජයේ සේවකයන්ට අනිත් කාටත් නොලැබෙන වරප්රසාද ලැබෙන්නේ ඇයි?

කෝච්චියේ යන්න පර්මිට්, නිවාඩු ගිය විට ඉන්න නිකේතන, ඇතැම් විට පාසල් වල ළමයින් ඇතුලත් කරන විට ලැබෙන ප්රමුඛතා ආදිය මේ අතර සුවිශේෂයි.

මේ අතරේ ආපු අලුත් එක තමයි ණයක් ගත් විට පොලියෙන් කොටසක් ගෙවලා තියෙන එක. බිලියන 12 ක ණය වල බැංකු පොළියෙන් 2/3 ක් ගෙවලා තියෙන්නේ මහජනතාව. ඒ වගේම සමහර ආයතන වල බදු සහන පවා ලබා දීලා තියෙනවා. ඒවායේ පදනම කුමක් ද? මෙතක් ඒවා ප්රශ්නයක් නොවුනේ මන්ද?

මේවාට ලොකුම ප්රශ්නය මිනිස්සු මේ රජයට මුදල් ලැබෙන විදිය ගැන නොදැනීම. රජයට තියෙන්නේ තමන්ම ගෙවන බදු මුදල් ටික බව නොදැනීම. රජයට මදි වෙලා ණයට ගත්තත්, ඒවාට වාරිකයි පොළියි දෙකම ගෙවන්න වෙන්නෙත් ආයේ බදු ගෙවලා කියලා නොදැනීම. රජයට සල්ලි මදි වෙලා අච්චු ගැහැව්වොත්, උද්ධමනය වැඩි වෙලා තමන්ගෙම මුදල් වල වටිනාකම අඩු වෙනවා කියලා නොදැනීම.

ඒ නිසා කවදාවත් ජනතාවක් රජයක් කොච්චර වියදම් කරනවා කිව්වත් ප්රශ්න කරන්න යන්නේ නෑ. රජය වියදම් කරනවට මිනිස්සු කැමතියි. හැබැයි ඒක කොහෙන්ද ලැබෙන්නේ කියලා ප්රශ්න අහන්න සූදානම් නෑ. ඒක රජය ලබා ගන්නේ ඔබේම බදු මුදලින් බව වැටහෙන්න තරම් අපේ බදු ක්රමය සාර්ථක වෙලා නෑ. මෙච්චර කල් බදු ගෙව්වට ගෙව්වේ බොහෝම ටිකයි නිසා ඒක දැනුනේ නෑ. බිල් ගෙව්වට ටිකයි නිසා කමක් නෑ කියලා බලාගෙන හිටියා. කොහොමද වැඩේ වෙන්නේ කියලා හොයලා බැලුවේ නෑ. කොහොම හරි කෙරෙන නිසා ආර්ථිකය කඩා වැටෙන කං හුරේ කියලා ඡන්දය දුන්නා. වැඩිපුර දෙන කෙනාව දිනෙව්වා. කවදා හරි ගෙවන්න වෙන බව වත් නොදැන සිටි මිනිස්සු අර්බුදයක් නිර්මාණය වෙන කං ගන්න පුළුවන් සියළු වාසි ගත්තා. හොරා කන අය හොරා කෑවා, සහනාධාර ගන්න අය ඒවා ගත්තා, පැන්ශන් ගන්න අය ඒවා ගත්තා. රස්සා ගන්න අය ඒවා ගත්තා. කුට්ටි ගිලින අය ඒ ටික කර ගත්තා.

කනගාටුව තාම ඔවුන් මේ දේවල් තේරුම් අරගෙනද ඉන්නේ කියන එක.

අර්බුදයෙන් මෙච්චර කල් ගිහිල්ලත් රජයේ සේවක බර අඩු කර ගන්න තාම ප්ලෑන් එකක් නෑ. අවුරුදු එකහාමාරක් බලයේ ඉඳලත් එකදු රජයේ කර්මාන්තයක් පුද්ගලීකරණය හෝ කොටස්කරණය කරන්න ඔවුන් අසමත් වෙලා තියෙනවා. කමිටු සහ උපදේශකයන් සිටියට භූමියේ තවමත් වැඩ වෙන්නේ පමාවෙලා.

අනික් පැත්තෙන් ප්රතිසංස්කරණ ගැන කියන කොටත් විරුද්ධ වෙන්න හදන ජනතාවක් බිහි වෙලා. එක පැත්තකින් දූෂිත රජයක් එක්ක ප්රතිසංස්කරණ කරන්න කැමති නෑ කියලා ජනතාව කියනවා. අනික් පැත්තෙන් ගෙදර නොයා ප්රතිසංස්කරණ කරන්න ආණ්ඩුව හදනවා. ඒ දෙක මැද්දේ රට පා වෙනවා.

අර විශාල රජය වෙනසක් නොවී එහෙමම තියෙනවා. ඔබ තාම ඒකට ගෙවනවා.

පැතුම් කර්නර් #හරිත #රටහදනහරිපාර #පැතූනොමික්ස්

[QUOTE="riduna pm, post: 29538760, member: 567786"] ශ්රී ලංකාවේ රජයේ සේවයට තියෙන පුදුම ඉල්ලුම ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ. රජයේ රැකියාවක් කිරීම ආඩම්බරයක් කර ගත්ත රටක සමාජ ගෞරවය වෙනුවෙන්, රැකියා සුරක්ෂිතතාවය වෙනුවෙන් මිනිස්සු රජයේ මේකට කැමැත්තක් දක්වනවා. බොහෝ ගම් පළාත් වල රජයේ රැකියාවක් හැරුණම කරන්න වෙන රැකියා නෑ. හමුදාවේ, පොළිසියේ, සිවිල් ආරක්ෂක බළකායේ, ඉස්කෝලේ, ඉස්පිරිතාලෙ, ඒජී ඔෆිස් එකේ, ගොවි ජන සේවා එකේ, ග්රාම නිළධාරී වගේ තියෙන තරම් රැකියා රජයේ ඒවා තමයි. ස්ථාවර රැකියාවක් තිබීම නිසාම රජයේ රැකියාවක් කරන පවුලකට ගමක සාපේක්ෂව සරුයි. මේ රටේ ශ්රම බළකාය මිලියන 8.5 ක්. ඒකෙන් මිලියන එකහාමාරක්ම ඉන්නේ රාජ්ය සේවයේ. ඉතිරි මිලියන 7 පුද්ගලික අංශයේ. මෙච්චර මිනිස්සු පොදුවේ බදු ගෙවද්දී, ඒ ශ්රම බළකායෙන් කොටසකට විතරක් විශේෂ සැළකිල්ලක් ලැබෙන්නේ ඇයි? රජයේ සේවකයන්ට පැන්ෂන් එකක් ලැබෙනවා. ඒක හුදෙක්ම බදු මුදලින් ලබා දෙන එකක්. ඒවට කියන්නේ unfunded pension scheme කියලා. ඒ කියන්නේ සේවකයා හම්බ කරන එකෙන් ඉතිරි කර නොගෙන රජය විසින් සිය අරමුදල් වලින් ලබා දෙන දීමනාවක් ඒක. විශ්රාම දිවියෙන් පස්සේ ජීවත් වෙන්න ඕනේ රජයේ සේවකයෝ විතර ද?පුද්ගලික අංශයේ සේවය කරලා ජීවිත කාලයක් බදු ගෙවන මිනිස්සුන්ට ETF/EPF මගීන් ලැබෙන ප්රමාණය ඇති ද? මේක අපේ රටේ අවදානයට ලක් නොවෙන ලොකු අසාධාරණ තැනක්. හැම මිනිහටම විශ්රාම ගියාට පස්සේ ස්ථාවර විශ්රාම වැටුපක් ලැබෙන ක්රමයක් අපිට ඕනේ. ඒක රජයේ සේවය කරපු අයට විතරක් ලැබිලා අනිත් මිනිස්සුන්ට හරියට ලැබෙන ක්රමයක් නැති එක වෙනස් විය යුත්තක්. අපි හදන්න ඕනේ මොන රැකියාව කළත් විශ්රාම වැටුපට සේවකායාගේ දායකත්වය ලැබෙන, හැමෝටම ස්ථාවර සහ ප්රමාණවත් විශ්රාම වැටුපක් ලැබෙන ක්රමයක්. රජයේ සේවකයන්ට අනිත් කාටත් නොලැබෙන වරප්රසාද ලැබෙන්නේ ඇයි? කෝච්චියේ යන්න පර්මිට්, නිවාඩු ගිය විට ඉන්න නිකේතන, ඇතැම් විට පාසල් වල ළමයින් ඇතුලත් කරන විට ලැබෙන ප්රමුඛතා ආදිය මේ අතර සුවිශේෂයි. මේ අතරේ ආපු අලුත් එක තමයි ණයක් ගත් විට පොලියෙන් කොටසක් ගෙවලා තියෙන එක. බිලියන 12 ක ණය වල බැංකු පොළියෙන් 2/3 ක් ගෙවලා තියෙන්නේ මහජනතාව. ඒ වගේම සමහර ආයතන වල බදු සහන පවා ලබා දීලා තියෙනවා. ඒවායේ පදනම කුමක් ද? මෙතක් ඒවා ප්රශ්නයක් නොවුනේ මන්ද? මේවාට ලොකුම ප්රශ්නය මිනිස්සු මේ රජයට මුදල් ලැබෙන විදිය ගැන නොදැනීම. රජයට තියෙන්නේ තමන්ම ගෙවන බදු මුදල් ටික බව නොදැනීම. රජයට මදි වෙලා ණයට ගත්තත්, ඒවාට වාරිකයි පොළියි දෙකම ගෙවන්න වෙන්නෙත් ආයේ බදු ගෙවලා කියලා නොදැනීම. රජයට සල්ලි මදි වෙලා අච්චු ගැහැව්වොත්, උද්ධමනය වැඩි වෙලා තමන්ගෙම මුදල් වල වටිනාකම අඩු වෙනවා කියලා නොදැනීම. ඒ නිසා කවදාවත් ජනතාවක් රජයක් කොච්චර වියදම් කරනවා කිව්වත් ප්රශ්න කරන්න යන්නේ නෑ. රජය වියදම් කරනවට මිනිස්සු කැමතියි. හැබැයි ඒක කොහෙන්ද ලැබෙන්නේ කියලා ප්රශ්න අහන්න සූදානම් නෑ. ඒක රජය ලබා ගන්නේ ඔබේම බදු මුදලින් බව වැටහෙන්න තරම් අපේ බදු ක්රමය සාර්ථක වෙලා නෑ. මෙච්චර කල් බදු ගෙව්වට ගෙව්වේ බොහෝම ටිකයි නිසා ඒක දැනුනේ නෑ. බිල් ගෙව්වට ටිකයි නිසා කමක් නෑ කියලා බලාගෙන හිටියා. කොහොමද වැඩේ වෙන්නේ කියලා හොයලා බැලුවේ නෑ. කොහොම හරි කෙරෙන නිසා ආර්ථිකය කඩා වැටෙන කං හුරේ කියලා ඡන්දය දුන්නා. වැඩිපුර දෙන කෙනාව දිනෙව්වා. කවදා හරි ගෙවන්න වෙන බව වත් නොදැන සිටි මිනිස්සු අර්බුදයක් නිර්මාණය වෙන කං ගන්න පුළුවන් සියළු වාසි ගත්තා. හොරා කන අය හොරා කෑවා, සහනාධාර ගන්න අය ඒවා ගත්තා, පැන්ශන් ගන්න අය ඒවා ගත්තා. රස්සා ගන්න අය ඒවා ගත්තා. කුට්ටි ගිලින අය ඒ ටික කර ගත්තා. කනගාටුව තාම ඔවුන් මේ දේවල් තේරුම් අරගෙනද ඉන්නේ කියන එක. අර්බුදයෙන් මෙච්චර කල් ගිහිල්ලත් රජයේ සේවක බර අඩු කර ගන්න තාම ප්ලෑන් එකක් නෑ. අවුරුදු එකහාමාරක් බලයේ ඉඳලත් එකදු රජයේ කර්මාන්තයක් පුද්ගලීකරණය හෝ කොටස්කරණය කරන්න ඔවුන් අසමත් වෙලා තියෙනවා. කමිටු සහ උපදේශකයන් සිටියට භූමියේ තවමත් වැඩ වෙන්නේ පමාවෙලා. අනික් පැත්තෙන් ප්රතිසංස්කරණ ගැන කියන කොටත් විරුද්ධ වෙන්න හදන ජනතාවක් බිහි වෙලා. එක පැත්තකින් දූෂිත රජයක් එක්ක ප්රතිසංස්කරණ කරන්න කැමති නෑ කියලා ජනතාව කියනවා. අනික් පැත්තෙන් ගෙදර නොයා ප්රතිසංස්කරණ කරන්න ආණ්ඩුව හදනවා. ඒ දෙක මැද්දේ රට පා වෙනවා. අර විශාල රජය වෙනසක් නොවී එහෙමම තියෙනවා. ඔබ තාම ඒකට ගෙවනවා. පැතුම් කර්නර් #හරිත #රටහදනහරිපාර #පැතූනොමික්ස් [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom