උමා ඔය සහ අනුර කුමාර-

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    උමා ඔය සහ අනුර කුමාර-

    image_e9cfc9b50a.jpg


    image_8d371bb225.jpg



    අග්නිදිග වියළි කලාපයේ ජල සම්පත් සපුරා ගැනීමේදී මතුවන ගැටළු සඳහා ඇති එකම විසඳුම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය බව එම ව්‍යාපෘතිය සඳහා මීට වසර 12කට පමණ පෙර ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.
    කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස එවකට කටයුතු කළ අනුර කුමාර දිසානායක මහතා 2005 ජනවාරි මාසයේ දී එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.
    උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බව හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ඒ ගැන සොයා බැලීමට තොරතුරු පනත ඇසුරෙන් ලබාගත් තොරතුරුවලට අනුව පැහැදිලි වනුයේ අනුර කුමාර දිසානායක මහතා ද උමා ඔය සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවයි. ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයන දෙවන අදියර සඳහා ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දී එය ක්‍රියාත්මක කිරීමට සහ ඒ සඳහා අවශ්‍ය සම්පත් දායකත්වය ලබා ගැනීමට විදේශ සම්පත් දෙපාර්තමේන්තුව යොමු කිරීමට කැබිනට් අනුමැති ලබා ගැනීම එම කැබිනට් පත්‍රිකාවෙන් ඉල්ලා ඇත.
    ‘‘ශ්‍රී ලංකාවේ අග්නිදිග වියළි කලාපය, විශේෂයෙන්ම හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක සංවර්ධනය කළ යුතුව ඇතැයි වන වැදගත් සාධකය සැළකිල්ලට ගත් කළ ඒ සඳහා උමා ඔයේ ජලය අග්නිදිග වියළි කලාපයට හැරවීම හැර වෙනත් විකල්පයක් නොමැති බව සඳහන් කළ යුතුය.‘‘ යනුවෙන් ද එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර තිබී ඇත.
    මෙම ව්‍යාපෘතියේ අරමුණ ලෙස සඳහන් කර ඇත්තේ අග්නිදිග වියළි කලාපයේ පිහිටි කිරිඳිඔය ද්‍රෝණිගත ජල ධාරිතාව ප්‍රවර්ධනය කොට ඒවා වාරිමාර්ග, ගෘහස්ථ අවශ්‍යතාවන් සහ ජල විදුලි උත්පාදනය සඳහා උපයෝගී කර ගැනීම බවයි. එමඟින් වාර්ෂිකව ඝන මීටර මිලියන 150ක පමණ ජල ප්‍රවාහයක් හැරවීමට යෝජනා කර තිබේ. මෙසේ ජලය හැරවීම තුලින් වර්ෂයකට හෙක්ටයාර් 10,000ක පමණ වූ ඉඩම් ප්‍රමාණයක් වගා කිරීමට අවස්ථාව සැලසෙන අතර අලුත් ඉඩම් හෙක්ටයාර් 1500ක පමණ උක් වගාව සඳහා උපයෝගී කර ගනු ලබන බව ද, ව්‍යාපෘතිය තුලින් මෙගවොට් 90ක විදුලිබල උත්පාදනයක් අපේක්ෂා කෙරෙන අතර ගොවි පවුල් 10,000කට ප්‍රතිලාභ අත්වන බව ද එම කැබිනට් පත්‍රිකාවේ දක්වා තිබිණි.
    එවකට ව්‍යාපෘතියේ සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 15,000කි.
    ‘‘මෑත අතීතයේදී හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල ආර්ථික සංවර්ධනය සඳහා වූ ක්‍රමෝපායන්වල වෙනසක් දක්නට ලැබෙන අතර උමා ඔය කිරිඳිඔයට හැරවීම මෑත භාගයේදී බිහිවූ රුහුණුපුර සංවර්ධනය නව සංවර්ධන සංකල්පයක් වශයෙක් දැකිය හැකිය. රුහුණුපුර යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාවලියට හම්බන්තොට වරාය කලාපයේ නවීනතම වරායන්වලින් එකක් බවට සංවර්ධනය කිරීම, මොණරාගල දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් හා ඛණිජ තෙල් පිරිපහදුවක් ඇති කිරීම අයත් වේ. ‘‘ යනුවෙන් ද කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර තිබේ.
    හම්බන්තොට වරාය ඉදි කිරීම තුලින් ඉන්දියන් සාගරයේ යාත්‍රාකරන නැව් විශාල සංඛ්‍යාවක් හම්බන්තොට වරායට පිවිසීමේ ප්‍රවණතාවයක් පවතින බව ද අනුර කුමාර දිසානායක මහතා විසින් 2005 වසරේ දී ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.
    ‘‘සංචාරක ව්‍යාපාරය ඇතුළුව කර්මාන්ත විශාල සංඛ්‍යාවක් හම්බන්තොට හා ඒ අවට ප්‍රදේශවල බිහිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. එකී නව සංවර්ධන ක්‍රියාදාමයන් සඳහා 2030 වසර සඳහා ඝන මීටර මිලියන 100ක ජල සැපයුමක් අවශ්‍ය වන බව ගණනය කොට ඇත. මේ සඳහා අවශ්‍ය ස්ථිර ජල සම්පත් මේ ප්‍රදේශයේ නොමැති බැවින් එම අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඇති එකම විකල්පය උමා ඔයෙන් ජලය ලබා ගැනීම බව ප්‍රත්‍යක්ෂ වී ඇත. එබැවින් කෘෂිකාර්මික අවශ්‍යතාවන් තහවුරු කරමින් සීඝ්‍රයෙන් බිහිවෙමින් පවතින කර්මාන්ත ව්‍යාපාර සහ පානීය ජල අවශ්‍යතාවන් සපුරාලීම සඳහා උමා ඔයෙන් හැරවූ ජලය උපයෝගී කර ගැනීමට සිදුවී ඇත.‘‘ යනුවෙන් ද කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර තිබිණි.
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මුළු මධ්‍යම කඳුකරමය ගලගනිමින් තිබෙන උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ පළමු කැබිනට් පත්‍රිකාව යොමු කලේ ජවිපෙ නායක අනුර දිසානායක මහතා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ බවත් තමන් කටයුතු කළෙ එම කැබිනට් පත්‍රිකාවට අනුව බවත් පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබූ අතර ලංකාදීප පුවත්පත තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම කැබිනට් පත්‍රිකාව ලබාගෙන පල කර තිබේ.

    ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයන දෙවන අදියර සඳහා ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දී එය ක්‍රියාත්මක කිරීමට කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර ඇති අතර ඒ අනුව පෙනී යන්නේ මෙහි ශක්‍යතා අධ්‍යයන පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වා ඇති බවය.

    කෙසේ නමුත් මහින් දරාපක්ෂ පාලනය විසින් ව්‍යාජ ශක්‍යතා අධ්‍යයන වාර්තා සකස් කර මෙම ව්‍යාපෘතිය කිඩිමුඩියේ ආරම්භ කළ අතර ශක්‍යතා අධ්‍යයන වාර්ත කූඨ ලෙස සකසා ඇති බව මේ වනවිට සනාත වී හමාරය.

    එපමණක් නොව බොරු තොරතුරු ඉදිරිපත් කර උමා ඔය පරිසර ඇගයීම් වාර්තා සකස් කළ විශේෂඥයින්ට මින් ඉදිරියට පරිසර ඇගයීම් වාර්තා සකස් කිරීම තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර ඇත. ඒ හේතුවෙන් මේ වනවිට මෙරට ක්‍රීර්තිමත් විශ්වවිද්‍යාලයක් යන ශ්‍රී ජයවුර්ධන පුර විශ්වවිද්‍යාලයටද කළු පැල්ලකමක් වැදී තිබේ.

    ඒ උමා ඔය ව්‍යාපෘතියට පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විශේෂඥ කණ්ඩායමක් මැදහත් වී දේශපාලන බලපෑමට යටත්වී අදාළව පරිසර ඇගයීම් වාර්තාව සකස් කර තිබූ නිසාවෙනි.

    උක්ත ශක්‍යතා අධ්‍යයන වාර්තා සහ පරිසර ඇගයීම් වාර්තා සකස් කරන ලද්දේ මහින්ද රජපක්ෂ පාලනයේ බලපෑමට යටත්ව බොරු තොරතුරු ඉදිරපත් කරමින් බවත් එම වාර්තා සම්පූර්ණයෙන්ම වැදි බවත් සඳහන් කරමින් එකල අවස්ථා ගණනකදීම ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී, බහුවිනාශකාරී උමඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු පරිසරවේදීන් ප්‍රදේශයේ ආගමිණ නායකයින්, උගත් බද්ධිමත් මහාචාර්වරුන් පවා මහින්ද රාජපක්ෂ පාලනයට දැන්වුද එය මායිම් නොකර ඉතාමත් අත්තනෝමතික ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

    බදුල්ල දිස්ත්‍රික්කයේ පසුගියදා පැවති මහජන රැලියකදී සමන්ත විද්‍යාරත්න මහතා විසින් මේ සම්බන්ධයෙන් ප්‍රතාචාර දැක්වූ අතර එහිදී ඔහු අවධාරණය කර සිටියේ ශක්‍යතා අධ්‍යයන වාර්තා පරිසර ඇගයීම් වාර්තා නිවැරදි ලෙස සකස් කිරීමකින් තොරව මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කිසිසේත් අනුර දිසානායක මහතා කටයුතු නොකළ බවයි.

    Source: lankatruth