Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඹලා හොල්මන් දැකලා තියෙනවාද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙලාව හවස හයයි හතලිස් පහ ට ආසන්න ය.

පාසලේ පැවති දෙමාපිය රැස්වීමේ කටයුතු අවසාන කල බණ්ඩාර මහතා, යුහුසුළු ව මහා මාර්ගය ට අවතීර්ණ වූයේ 7.10 නාවලපිටිය දුම්රිය අල්ලාගැනීමේ අපේක්ෂාවෙනි. හවස් වරුවේ ඇද හැළුනු ධාරානිපාත වර්ෂාව නැවතී තිබුනත්, තවමත් වැහි අන්ධකාරය පැවතුනි.

අස්ගිරියේ සිට මහනුවර දක්වා මේ යන ගමන, ඔහු ට සිය ගෙදර ඇවිදිනවා මෙන් පළපුරුදු ය. දශකයක ට අධික කාලයක් ගමන් කර තිබුණු මාර්ගයේ යාම ට විදුලි පන්දමක ට වඩා යමක් ඔහු ට අවශ්‍ය නොවීය.

“නුවර ට යන කෝච්චිය ගියා ද? යි හෙතෙම අස්ගිරියේ රේල් ගෙට්ටුව භාර ව සිටි තැනැත්තාගෙන් ඇසීය.

“ඔව් දැන් ටිකක් වෙලා ගිහිං.. කළුවරයි නේ ද, පරෙස්සමෙන් යන්න” යයි ඔහු ට පිළිතුරු ලැබුණි.

ඔහු ට සුභ රාත්‍රියක් පැතූ බණ්ඩාර, සිය ජංගම දුරකතනයේ පිහිටෙන් මග බලාගෙන සිල්පර කොටයෙන් කොටයට මහනුවර දෙසට අඩි ඉක්මන් කලේ ය. වර්ෂාව නිසා පැවති අඳුර තුලින්, මහනුවර දෙස ට ම ඇවිද යන තවත් කෙනෙක් තරමක් ඈතින් ඔහු ට දිස් විය.

සිල්වෙස්ටර් විද්‍යාලයේ ප්‍රාථමික අංශය පසු කොට, සිංහ රෙජිමේන්තුවේ කඳවුර අසල දී තවත් තරුණයකු බණ්ඩාර මහතා පසු කර ගියේ “මල්ලි දැන් කෝච්චිය එනවා” යයි පවසමිනි.

ඒ සමග ම, මහනුවර දෙසින් පිටත් වූ මාතලේ දුම්රිය දුන් නලා හඬ ඔහු ට ඇසුනි. “අදත් මේ හිපාටුව පරක්කුයි” යයි සිත ට ආ සිතිවිල්ලත් සමග ඔහු පය ඉක්මන් කරේ, ඒ හරියේ මාර්ගයෙන් ඉවත් වීම ට ඉඩක් නොතිබුණු නිසා ත්, 7.10 යේ දුම්රිය සිහි වූ නිසාත් ය. මේ වන විට වෙලාව හවස 6.50 ලෙස සටහන් වුවත්, දුරකතනයේ එලිය විහිදෙන සීමාවෙන් පිටත වූයේ කෑලි කැපිය හැකි අඳුරකි.

මහනුවරින් පැමිණෙන දුම්රිය, මේ වන විට පොලිසිය අසල වංගුව ට ආසන්න වී තිබුණු බව එහි ප්‍රධාන ලාම්පු එළියෙන් කිව හැකි විය. ඔහු ට ඉදිරියෙන් ගිය පුද්ගලයා මාර්ගයෙන් ඉවත් වනු දුටු ඔහු ද, දුම්රිය මාර්ගයෙන් ඉවත් ව වම් පස වූ පටු අඩි පාර ට පැමිණ ඉදිරියට ගියේ ය.

කොළඹ වීදියේ ඉහල කෙලවර ඇති පාළම යට ට පැමිණ සිටි ඉදිරියෙන් ගිය පුද්ගලයා, තව දුරටත් එම අයුරින් ම ගමන් කළහොත් නිසැකව ම දුම්රියේ ගැටෙන බව බණ්ඩාර ට සිතුනි. ඒ සමග ම මෙන් වංගුවෙන් මතු වූ දුම්රිය දීර්ඝ නලා හඬක් නගමින් මාර්ගයේ සිටි අය ට දුම්රියේ පැමිණීම සංඥා කලේ ය.

මාර්ගයෙන් තවත් පසෙක ට වූ බණ්ඩාර, තමා දෙස ට ප්‍රධාන ලාම්පුව දල්වාගෙන, උපරිම බලය යොදා නැග්ම තරණය කරමින් පැමිණෙන W3 පංතියේ එන්ජිම දෙස බැලීය. ඉදිරියෙන් යන පුද්ගලයා ගේ රුව, දුම්රිය එන්ජිමේ ප්‍රධාන ලාම්පුවේ ආලෝක ධාරාව අවහිර කරමින් ඔහු ට පෙනුනි.

ඒ සමග ම අර ඉදිරියෙන් ගිය පුද්ගලයා එක් වර ම පය පැකිලී ඇද වැටුනාක් මෙන් ප්‍රධාන ලාම්පුවේ ආලෝක ධාරාවෙන් අතුරුදහන් විය!

බණ්ඩාර ගේ තොල කට වියලී ගියේ ඔහු කොතෙකුත් මෙවැනි අනතුරු දැක ඇත ත්, මනුෂ්‍ය ජීවිතයක් සිය ඇස් ඉදිරිපිට ම අහිමි වීම බරපතළ කම්පනයක් ගෙන දෙන අත්දැකීමක් නිසාම ය.

කෙසේ හෝ එම ස්ථානය පසු කල දුම්රිය, අඩි 75 ක පමණ දුර නිමේෂය ක ට ගෙවා බණ්ඩාර වෙත නලා හඬක් නිකුත් කරගෙන ම, ඔහු පසු කර ඇදී ගොස් පසුපස වංගුවෙන් හැරී අතුරුදහන් විය.

මේ වන විටත් ඉදිරියට ගමන් කරමින් සිටි බණ්ඩාර, අනතුර සිදු වූ ස්ථානය ට ලඟා විය. ඔහු ගේ මහත් විශ්මය ට හේතු වන පරිදි, අදාළ ස්ථානයේ අනතුරක හෝ මනුෂ්‍යයෙකු ගේ සේයාවක් වත් නොවුනි! වර්ෂාව සහ හවස් වෙලාව නිසා හිස් වූ කොළඹ වීදියත්, දකුණු පස වතුර පිරී ඉතිරී යන කාණුව සහ තාප්පයත් දෙස බැලූ බණ්ඩාර, නැවත ජංගම දුරකථනයේ ආලෝකය මාර්ගය වෙත යොමු කලේ කුමක් හමු වීමේ බලාපොරොත්තුවෙන් දැයි ඔහුටත් විශ්වාස නැති විය.

වර්ෂාවෙන් මඩ වී, පා සටහන් පමණක් වැදුණු එම පොළොවේ අනතුරක සේයාවක අංශු මාත්‍ර සාක්ෂියක දු නුදුටු බණ්ඩාර ගේ සිත ට එක වර ම නොසන්සුන්තාවයකුත්, සතුටකුත්, එසේ ම තමා යාම ට බලාපොරොත්තු වන දුම්රියත් ඇතුළු විය.

පය ඉක්මන් කර එම අඩවියෙන් ඉවත් වූ බණ්ඩාර මහතා, වෙලාවට විනාඩි 5ක් තබා මහනුවර දුම්රිය ස්ථානයේ දෙවන වේදිකාව ට ලඟා විය.

දුම්රියේ එන්ජිම දෙස ට ඇවිද ගිය බණ්ඩාර ට දන්නා හඳුනන නියාමකවරයෙක් හමු විය. අත්දැකීම ඔහු හා බෙදාගත් විට ඔහු දුන් පිළිතුරෙන්, බණ්ඩාර ගේ කොඳු නාරටිය සියුම් සීතලකින් කිළිපොලා යනු ඔහු ට දැනුනි..

“ඔය වගේ දේවල් ගොඩක් තැන් වල වෙලා තියනවා. කට්ටිය දැකලත් තියනවා...”

(2018 වසරේ ලත් සත්‍ය අත්දැකීමක් මත පදනම් වූ කතාවකි)

http://angaharuwa.blogspot.com/search/label/අද්භූත දේ..

[QUOTE="SLHodahitha, post: 29343858, member: 565060"] වෙලාව හවස හයයි හතලිස් පහ ට ආසන්න ය. පාසලේ පැවති දෙමාපිය රැස්වීමේ කටයුතු අවසාන කල බණ්ඩාර මහතා, යුහුසුළු ව මහා මාර්ගය ට අවතීර්ණ වූයේ 7.10 නාවලපිටිය දුම්රිය අල්ලාගැනීමේ අපේක්ෂාවෙනි. හවස් වරුවේ ඇද හැළුනු ධාරානිපාත වර්ෂාව නැවතී තිබුනත්, තවමත් වැහි අන්ධකාරය පැවතුනි. අස්ගිරියේ සිට මහනුවර දක්වා මේ යන ගමන, ඔහු ට සිය ගෙදර ඇවිදිනවා මෙන් පළපුරුදු ය. දශකයක ට අධික කාලයක් ගමන් කර තිබුණු මාර්ගයේ යාම ට විදුලි පන්දමක ට වඩා යමක් ඔහු ට අවශ්‍ය නොවීය. “නුවර ට යන කෝච්චිය ගියා ද? යි හෙතෙම අස්ගිරියේ රේල් ගෙට්ටුව භාර ව සිටි තැනැත්තාගෙන් ඇසීය. “ඔව් දැන් ටිකක් වෙලා ගිහිං.. කළුවරයි නේ ද, පරෙස්සමෙන් යන්න” යයි ඔහු ට පිළිතුරු ලැබුණි. ඔහු ට සුභ රාත්‍රියක් පැතූ බණ්ඩාර, සිය ජංගම දුරකතනයේ පිහිටෙන් මග බලාගෙන සිල්පර කොටයෙන් කොටයට මහනුවර දෙසට අඩි ඉක්මන් කලේ ය. වර්ෂාව නිසා පැවති අඳුර තුලින්, මහනුවර දෙස ට ම ඇවිද යන තවත් කෙනෙක් තරමක් ඈතින් ඔහු ට දිස් විය. සිල්වෙස්ටර් විද්‍යාලයේ ප්‍රාථමික අංශය පසු කොට, සිංහ රෙජිමේන්තුවේ කඳවුර අසල දී තවත් තරුණයකු බණ්ඩාර මහතා පසු කර ගියේ “මල්ලි දැන් කෝච්චිය එනවා” යයි පවසමිනි. ඒ සමග ම, මහනුවර දෙසින් පිටත් වූ මාතලේ දුම්රිය දුන් නලා හඬ ඔහු ට ඇසුනි. “අදත් මේ හිපාටුව පරක්කුයි” යයි සිත ට ආ සිතිවිල්ලත් සමග ඔහු පය ඉක්මන් කරේ, ඒ හරියේ මාර්ගයෙන් ඉවත් වීම ට ඉඩක් නොතිබුණු නිසා ත්, 7.10 යේ දුම්රිය සිහි වූ නිසාත් ය. මේ වන විට වෙලාව හවස 6.50 ලෙස සටහන් වුවත්, දුරකතනයේ එලිය විහිදෙන සීමාවෙන් පිටත වූයේ කෑලි කැපිය හැකි අඳුරකි. මහනුවරින් පැමිණෙන දුම්රිය, මේ වන විට පොලිසිය අසල වංගුව ට ආසන්න වී තිබුණු බව එහි ප්‍රධාන ලාම්පු එළියෙන් කිව හැකි විය. ඔහු ට ඉදිරියෙන් ගිය පුද්ගලයා මාර්ගයෙන් ඉවත් වනු දුටු ඔහු ද, දුම්රිය මාර්ගයෙන් ඉවත් ව වම් පස වූ පටු අඩි පාර ට පැමිණ ඉදිරියට ගියේ ය. කොළඹ වීදියේ ඉහල කෙලවර ඇති පාළම යට ට පැමිණ සිටි ඉදිරියෙන් ගිය පුද්ගලයා, තව දුරටත් එම අයුරින් ම ගමන් කළහොත් නිසැකව ම දුම්රියේ ගැටෙන බව බණ්ඩාර ට සිතුනි. ඒ සමග ම මෙන් වංගුවෙන් මතු වූ දුම්රිය දීර්ඝ නලා හඬක් නගමින් මාර්ගයේ සිටි අය ට දුම්රියේ පැමිණීම සංඥා කලේ ය. මාර්ගයෙන් තවත් පසෙක ට වූ බණ්ඩාර, තමා දෙස ට ප්‍රධාන ලාම්පුව දල්වාගෙන, උපරිම බලය යොදා නැග්ම තරණය කරමින් පැමිණෙන W3 පංතියේ එන්ජිම දෙස බැලීය. ඉදිරියෙන් යන පුද්ගලයා ගේ රුව, දුම්රිය එන්ජිමේ ප්‍රධාන ලාම්පුවේ ආලෝක ධාරාව අවහිර කරමින් ඔහු ට පෙනුනි. ඒ සමග ම අර ඉදිරියෙන් ගිය පුද්ගලයා එක් වර ම පය පැකිලී ඇද වැටුනාක් මෙන් ප්‍රධාන ලාම්පුවේ ආලෝක ධාරාවෙන් අතුරුදහන් විය! බණ්ඩාර ගේ තොල කට වියලී ගියේ ඔහු කොතෙකුත් මෙවැනි අනතුරු දැක ඇත ත්, මනුෂ්‍ය ජීවිතයක් සිය ඇස් ඉදිරිපිට ම අහිමි වීම බරපතළ කම්පනයක් ගෙන දෙන අත්දැකීමක් නිසාම ය. කෙසේ හෝ එම ස්ථානය පසු කල දුම්රිය, අඩි 75 ක පමණ දුර නිමේෂය ක ට ගෙවා බණ්ඩාර වෙත නලා හඬක් නිකුත් කරගෙන ම, ඔහු පසු කර ඇදී ගොස් පසුපස වංගුවෙන් හැරී අතුරුදහන් විය. මේ වන විටත් ඉදිරියට ගමන් කරමින් සිටි බණ්ඩාර, අනතුර සිදු වූ ස්ථානය ට ලඟා විය. ඔහු ගේ මහත් විශ්මය ට හේතු වන පරිදි, අදාළ ස්ථානයේ අනතුරක හෝ මනුෂ්‍යයෙකු ගේ සේයාවක් වත් නොවුනි! වර්ෂාව සහ හවස් වෙලාව නිසා හිස් වූ කොළඹ වීදියත්, දකුණු පස වතුර පිරී ඉතිරී යන කාණුව සහ තාප්පයත් දෙස බැලූ බණ්ඩාර, නැවත ජංගම දුරකථනයේ ආලෝකය මාර්ගය වෙත යොමු කලේ කුමක් හමු වීමේ බලාපොරොත්තුවෙන් දැයි ඔහුටත් විශ්වාස නැති විය. වර්ෂාවෙන් මඩ වී, පා සටහන් පමණක් වැදුණු එම පොළොවේ අනතුරක සේයාවක අංශු මාත්‍ර සාක්ෂියක දු නුදුටු බණ්ඩාර ගේ සිත ට එක වර ම නොසන්සුන්තාවයකුත්, සතුටකුත්, එසේ ම තමා යාම ට බලාපොරොත්තු වන දුම්රියත් ඇතුළු විය. පය ඉක්මන් කර එම අඩවියෙන් ඉවත් වූ බණ්ඩාර මහතා, වෙලාවට විනාඩි 5ක් තබා මහනුවර දුම්රිය ස්ථානයේ දෙවන වේදිකාව ට ලඟා විය. දුම්රියේ එන්ජිම දෙස ට ඇවිද ගිය බණ්ඩාර ට දන්නා හඳුනන නියාමකවරයෙක් හමු විය. අත්දැකීම ඔහු හා බෙදාගත් විට ඔහු දුන් පිළිතුරෙන්, බණ්ඩාර ගේ කොඳු නාරටිය සියුම් සීතලකින් කිළිපොලා යනු ඔහු ට දැනුනි.. “ඔය වගේ දේවල් ගොඩක් තැන් වල වෙලා තියනවා. කට්ටිය දැකලත් තියනවා...” (2018 වසරේ ලත් සත්‍ය අත්දැකීමක් මත පදනම් වූ කතාවකි) [URL]http://angaharuwa.blogspot.com/search/label/%E0%B6%85%E0%B6%AF%E0%B7%8A%E0%B6%B7%E0%B7%96%E0%B6%AD%20%E0%B6%AF%E0%B7%9A[/URL].. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom