Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඹල මෙතනින් බඩු අරන් තියනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ කැලෑ පොල

උඹල මෙන්න මේ කැලෑ පොලට ගිහිල්ල තියනවද බන්? පට්ට ප්ලේස් එකක් නේ මේක. මේක තියෙන්නේ රෑටලු.

මම හරි ආසයි මේ වගේ තැනකට ගිහින් බලන්න, බඩු ගන්න. ගොඩක් මිනිස්සු එන ප්ලේස් එකක වගේ මෙතන. එලවලුත් හරි ලාබයි.

මෙතන බඩු විකුණන මිනිස්සු ගොඩක් දුර පළාත් වල ඉඳන් බස්වල, කෝච්චියේ බඩු අරගෙන ඇවිල්ල විකුනන්නේ. ලංකාවේ හැම පළාතකම වගේ වෙළෙන්දෝ ඉන්නවා. මේ ප්ලේස් එකට ගෙවන බිම් කුලියත් ඉතා සාදාරනයි.

[MEDIA=youtube]wDb7o-JdpWo[/MEDIA]

[MEDIA=youtube]3kAjDqpjhc8[/MEDIA]

[MEDIA=youtube]V5kMI31sDIU[/MEDIA]

උපුටා ගැනීම - දේශය

නින්ද නේන රාත්‍රියේ පිටකොටුව එළිය කරන කැලෑ පොළ

මුළු පිටකොටුවම එකම ගාලගෝට්ටියකි. විවිධ අවශ්‍යතා සඳහා, රාජකාරි කටයුතු සඳහා පිටකොටුවට යන එන ජනතාව කඩි ගුලක් සේ දිනපතා දහවල්, රාත්‍රී කාලවලදී පිටකොටුවේ එහා මෙහා යති. මේ නිසාම පිටකොටුව නොනිදන නගරයක් බව කිව හැකිය. මේ අතර පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණයට යාබද දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් කොටසක තවත් පිරිසක් වෙළෙඳාමේ යෙදෙති. මෙය සුවිශේෂී පොළකි. රෑ මැදියමේ සිට එළිවෙන යාමය දක්වා නොනිදන වෙළෙන්දෝ මෙහි වෙළෙඳාමේ නිරත වෙති. මෙය වැඩිපුර පවතින්නේ ඈත ගම් දනව්වල හැදෙන වැඩෙන එළවළු, පළතුරු සහ පලා වර්ගයන්ය. මේ නිසාම මෙයට අපූරු නමක් ලැබී තිබේ. ඒ අනුව බැස්ටියන් මාවතේ පාවෙන වෙළෙඳ සංකීර්ණයට යාබදව පවත්වාගෙන යන මේ පොළ හඳුන්වන්නේ 'කැලෑ පොළ' යනුවෙනි.

"මේ කැලෑ පොළ ආරම්භ වන්නේ දිනපතා හැන්දෑවේ හයටයි. එහෙම පටන් ගත්ත පොළ පහුවදා උදේ දහය හමාර විතර වෙද්දි අවසන් කරනවා. ඉතින් මේක රාත්‍රිය පුරාවටම පැවැත්වෙන පොළක්. මම නම් වෙළෙඳාම් කරන්නෙ පොල්. මේ දවස්වල පොල් වෙළෙඳාම සාමාන්‍ය විදිහට තියෙනවා. තොග වගේම සිල්ලර වෙළෙඳාම් අපි කරනවා. කොහොමටත් අපි නවය හමාර වෙද්දි වෙළෙඳාම ආරම්භ කරනවා. අපි පොල් හලාවත සහ පුත්තලමෙන් තමයි ගේන්නෙ. කඩවල්වලට වගේම බොහෝ හෝටල්වලට පවා පොල් අරගෙන යන්නෙ කැලෑ පොළට ඇවිල්ලයි. ඒ වගේම ගෙවල්වලට සතිපතා අවශ්‍ය පොල් පවා මෝටර් බයිසිකල්වලින් ඇවිත් පාන්දර අරගෙන යනවා. කොහොමටත් දවසකට උදේ පාන්දරට පොල් ලොරි හය හතක් මෙතන තියෙනවා. පොල් වගේම තැඹිලි ලොරිත් හවස හයෙන් පස්සෙ මෙතනට එනවා."

පුත්තලමේ සිට වෙළෙඳාමට පැමිණි නිමල් මහතා දේශයට අදහස් දක්වමින් එසේ පැවසීය.

කැලෑ පොළ සැබැවින්ම ගමක පොළක් මෙනි. උඩරට එළවළු, කැරට්, ලීක්ස්, ගෝවා වැනි එළවළු වෙළෙඳාම් සිදු කෙරුණද කැලෑ පොළ වැඩි අවස්ථාවක් ලබා දී ඇත්තේ ගමේ එළවළු හා පළතුරු සඳහාය. එහි එක් පසෙක පලා වර්ග විකුණන වෙළෙන්දියකි. ඇය විශාල පලා වර්ග ගොඩක් මැද බිම වාඩි වී සිටින්නීය. කතුරුමුරුංගා, මුකුණුවැන්න, ගොටුකොළ, කංකුං වැනි පලා වර්ග සේම මැල්ල කොළ, බෝවිටියා, සාරණ, තම්පලා, වැල් පෙනෙල, හාතවාරිය, නීරමුල්ලිය, කිරිඅගුණ, පොල්පලා, හීන්බෝවිටියා, ඇඹිල්ල, කීකිරිඳිය, මොණරකුඩුම්බිය, ඇඹුල් ඇඹිලිය, රණවරා, තෙබු වැනි පලා වර්ග මිටි බොහොමයක් අසල විකිණීමට ඇත. ඒවායේ මිල ගණන් සාධාරණය. නගරයේ සුපිරි වෙළෙඳසලකින් මිලදී ගන්නා පලා පැකට්ටුවකට සාපේක්ෂව කොළඹ කැලෑ පොළෙන් මිලදී ගන්නා පලා මිටියේ මිල ඉතා සාධාරණ යැයි කැලෑ පොළට යන ඕනෑම කෙනකුට වැටහෙයි.

කැලෑ පොළෙහි වෙළෙඳාමේ නිරත වන වෙළෙඳුන් සංඛ්‍යාව ඉතා අධිකය. බොහෝ විට දිනකට තුන්සියයක් හාරසියයක් අතර සංඛ්‍යාවක් එහි වෙළෙඳාමේ නිරත වෙති. ඔවුන්ට හිසට වහළක් නැත. වෙළෙඳාම් කරන්නට කඩ කෑල්ලක් නැත. තැනින් තැන බිම වාඩි වී වෙළෙඳාමේ නිරත වන මොවුහු උදේ කාලයේ අව්වට පිච්චෙති. එවිට සමහරු කුඩ ඉහළ ගනිති. තවත් සමහරු ඉටි කොළයකින් තාවකාලික වහළක් සවිකර ගනිති. වැස්සටද ඔවුහු තෙමෙති. නමුත් දැන් ඔවුන් එයට හුරු වී ඇතුවා සේය. මොවුන්ට වෙළෙඳාම් කටයුතු සඳහා යම් පහසුකමක් හෝ සාධාරණයක් සිදු කරන්නේ නම් එය ඉතා වටී. කැලෑ පොළේ කොස් වෙළෙඳාමේ යෙදෙන වෙළෙඳුන් බරටම වැඩය. ඔවුන්ගේ අතේ ඇති පිහිවලින් සුද්ද වන කොස් ගෙඩි ඉතා සුළු මොහොතකින් කොස් මදුලු බවට පත් වේ. එක් පසෙක කොස් මදුලුය. කොස් ඇට තවත් පසෙකය. මේ අතර ඒවා පොළොස්වලට කෑලි කපා තවත් පසෙක තබා තිබේ. ඒ සියල්ලටම ඉල්ලුම වැඩිය. ගම්බද ප්‍රදේශවල ගස් යට වැටී යන කොස් ඇටවලට නගරයේ මිලක් ඇත. ගම්බද ප්‍රදේශවල ජීවත් වන ඇතැමුන්ට කොස් ඇටවල රසයක් නොදැනුණද නගරබද ජනතාව රසවත් කොස් ඇට ව්‍යංජනයක් පිළියෙළ කරන්නේ එයට ඇති ඉල්ලුම හා රසවත් බව නිසාවෙනි. විශේෂයෙන් ආපන ශාලාවල මෙන්ම හෝටල්වල කොස් ඇටවලට ඇත්තේ විශාල ඉල්ලුමකි.

"කොස් කොච්චර ගෙනාවත් දවසින් දෙකෙන් කොස් ගෙඩි ටික ඉවරයි. කොස් ඇටවලට වගේම පොළොස් ගෙඩිවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. දැන් නම් කොස් ගෙඩි කපන එක සිම්පල්. හැබැයි මෙහෙම වෙළෙඳාමේ ආපු මුල් දවස්වල නම් කොස් කපන්න ගිහින් අනන්තවත් අත කපාගෙන තියෙනවා. අපි කොස් ගේන්නෙ ලොරිවලයි. එක පැත්තක් කියල නැහැ. රටේ හැම පැත්තකටම ගිහින් කොස් එකතු කරගෙන එනවා. වෙළෙඳාම වුණත් පාඩුවක් නැහැ." කොස් වෙළෙඳාමේ නිරත වන අජිත් කුමාර දේශයට පැවසීය.

කැලෑ පොළෙහි තවත් සුවිශේෂී වෙළෙඳාමක් වන්නේ පළතුරු වෙළෙඳාමය. දොඩම්, ඇපල්, රට දෙළුම්වලට වඩා දේශීය, ගමේ වැවෙන පළතුරුවලට කැලෑ පොළෙහි විශාල ඉල්ලුමක් පවතී. විශේෂයෙන් පේර, පැණි දොඩම්, වෙරළු, ගමේ දෙළුම්, හිඹුටු, දං, මාදං, ජම්බු, කාමරංකා, ඇඹරුල්ලා, අඹ වැනි විවිධ වර්ගයේ පළතුරු ලබා ගැනීමට අවශ්‍ය කෙනකුට නැවුම් පිරිසුදු පළතුරු ලබාගන්නට සුදුසුම ස්ථානය කැලෑ පොළයි. පළතුරු පමණක් නොව විවිධ වර්ගයේ කොච්චිවලටද විශාල ඉල්ලුමක් පවතී. ඇතැම් වෙළෙඳුන් විවිධ එළවළු විකුණන අතරතුර කොච්චි විකිණුවද තවත් වෙළෙන්දන් පිරිසක් කොච්චි පමණක් අලෙවි කර දවසේ වියදම සොයා ගනිති.

"අපි දවසක් හැර දවසක් තමයි මෙතනට වෙළඳාමට එන්නෙ. මේ එළවළු වගා කරන්නෙ අපිමයි. අපි ඉන්නෙ ආනමඩුවේ. මට ලොරියක් තියෙනවා. ඉතින් ඒකෙන් තමයි මායි පුතයි මේ එළවළු අරගෙන එන්නෙ. මේ දවස්වල නම් බිස්නස් හොඳයි. වරදක් නැහැ. මේ කට්ටියම ඉන්නෙ ආනමඩුවෙ. ඒ නිසා අපි කට්ටියම මගේ ලොරියේ තමයි මේ වෙළෙඳාමේ එන්නෙ." යැයි ආනමඩුවේ චන්ද්‍රා මහත්මිය දේශයට පැවසීය.

"මේක ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. සමහර දවස්වල මහ රෑ නින්දක් නැහැ. රෑ ඉඳන් පාන්දර වෙනකම් හෝටල්වලට වගේම දාන මාන, මඟුල් ගෙවල්, උත්සවවලට අවශ්‍ය ලිස්ට් එක අරගෙන මෙතනට එනවා. වැහි කාලයට සීතලේ ගැහි ගැහි තමයි අපි වෙළෙඳාම් කරන්නෙ. පාරේ තියෙන ලයිට්වලින් වගේම අපිත් ටෝච් ගහගෙන තමයි වෙළෙඳාම් කරන්නෙ. ඔය අතරේ හොරුත් ඉන්නවා. පොඩ්ඩක් ඇස් පියවාගෙන එද්දි එළවළු මළු උස්සගෙන දුවන මිනිස්සු ඉන්නවා. ඉස්කෝලෙ නිවාඩු කාලෙට මම පුතාව එක්කගෙන එනවා. නැත්නම් ගමේ ඉඳන් එන ලොරියක නැගලා තමයි අපි කැලෑ පොළට එන්නෙ. ලොරියට පොඩි ගාණක් ගෙවනවා." යැයි අවිස්සාවේල්ල සමරබන්දු මහතා දේශයට පැවසීය.

මේ අතරේ කැලෑ පොළේ එක් පැත්තක දෙදෙනෙක් අඹ, අන්නාසි සුද්ද කරති. ඒ අච්චාරු සෑදීමටය. කැලෑ පොළේ තාවකාලිකව ඉදිකර තිබූ කුඩා කඩයක දුම් දමන වතුර මුට්ටියකි. ඒ අතරේ සමහරු කිරි තේ බොති. හැලප කා කහට බොති. කැලෑ පොළෙන් පිටව යන බොහෝ දෙනකුගේ බඩු මල්ල බර වැඩිය. කරපිංචා කොළයේ සිට එළවළු, පළතුරු සියල්ලම ගන්නට අවශ්‍ය නම් පිටකොටුවේ කැලෑ පොළට ආ යුතුමය.

I දිශානි ජයමාලි කරුණාරත්න

සේයාරූ - සුමුදු හේවාපතිරණ

[QUOTE="Kalegana, post: 29774181, member: 50801"] [B][SIZE=5]කොළඹ කැලෑ පොල[/SIZE][/B] උඹල මෙන්න මේ කැලෑ පොලට ගිහිල්ල තියනවද බන්? පට්ට ප්ලේස් එකක් නේ මේක. මේක තියෙන්නේ රෑටලු. මම හරි ආසයි මේ වගේ තැනකට ගිහින් බලන්න, බඩු ගන්න. ගොඩක් මිනිස්සු එන ප්ලේස් එකක වගේ මෙතන. එලවලුත් හරි ලාබයි. මෙතන බඩු විකුණන මිනිස්සු ගොඩක් දුර පළාත් වල ඉඳන් බස්වල, කෝච්චියේ බඩු අරගෙන ඇවිල්ල විකුනන්නේ. ලංකාවේ හැම පළාතකම වගේ වෙළෙන්දෝ ඉන්නවා. මේ ප්ලේස් එකට ගෙවන බිම් කුලියත් ඉතා සාදාරනයි. [MEDIA=youtube]wDb7o-JdpWo[/MEDIA] [MEDIA=youtube]3kAjDqpjhc8[/MEDIA] [MEDIA=youtube]V5kMI31sDIU[/MEDIA] [SIZE=6]උපුටා ගැනීම - [/SIZE][URL='https://www.deshaya.lk/article/43/features/22890/%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF--%E0%B6%B1%E0%B7%9A%E0%B6%B1-%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80-%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1-%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B7%91-%E0%B6%B4%E0%B7%9C%E0%B7%85'][SIZE=6]දේශය [/SIZE][/URL] [HEADING=2]නින්ද නේන රාත්‍රියේ පිටකොටුව එළිය කරන කැලෑ පොළ[/HEADING] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/deshaya/assets/uploads/image_fe5e2be76a.jpg[/IMG] [B]මුළු පිටකොටුවම එකම ගාලගෝට්ටියකි. විවිධ අවශ්‍යතා සඳහා, රාජකාරි කටයුතු සඳහා පිටකොටුවට යන එන ජනතාව කඩි ගුලක් සේ දිනපතා දහවල්, රාත්‍රී කාලවලදී පිටකොටුවේ එහා මෙහා යති. මේ නිසාම පිටකොටුව නොනිදන නගරයක් බව කිව හැකිය. මේ අතර පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණයට යාබද දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් කොටසක තවත් පිරිසක් වෙළෙඳාමේ යෙදෙති. මෙය සුවිශේෂී පොළකි. රෑ මැදියමේ සිට එළිවෙන යාමය දක්වා නොනිදන වෙළෙන්දෝ මෙහි වෙළෙඳාමේ නිරත වෙති. මෙය වැඩිපුර පවතින්නේ ඈත ගම් දනව්වල හැදෙන වැඩෙන එළවළු, පළතුරු සහ පලා වර්ගයන්ය. මේ නිසාම මෙයට අපූරු නමක් ලැබී තිබේ. ඒ අනුව බැස්ටියන් මාවතේ පාවෙන වෙළෙඳ සංකීර්ණයට යාබදව පවත්වාගෙන යන මේ පොළ හඳුන්වන්නේ 'කැලෑ පොළ' යනුවෙනි.[/B] "මේ කැලෑ පොළ ආරම්භ වන්නේ දිනපතා හැන්දෑවේ හයටයි. එහෙම පටන් ගත්ත පොළ පහුවදා උදේ දහය හමාර විතර වෙද්දි අවසන් කරනවා. ඉතින් මේක රාත්‍රිය පුරාවටම පැවැත්වෙන පොළක්. මම නම් වෙළෙඳාම් කරන්නෙ පොල්. මේ දවස්වල පොල් වෙළෙඳාම සාමාන්‍ය විදිහට තියෙනවා. තොග වගේම සිල්ලර වෙළෙඳාම් අපි කරනවා. කොහොමටත් අපි නවය හමාර වෙද්දි වෙළෙඳාම ආරම්භ කරනවා. අපි පොල් හලාවත සහ පුත්තලමෙන් තමයි ගේන්නෙ. කඩවල්වලට වගේම බොහෝ හෝටල්වලට පවා පොල් අරගෙන යන්නෙ කැලෑ පොළට ඇවිල්ලයි. ඒ වගේම ගෙවල්වලට සතිපතා අවශ්‍ය පොල් පවා මෝටර් බයිසිකල්වලින් ඇවිත් පාන්දර අරගෙන යනවා. කොහොමටත් දවසකට උදේ පාන්දරට පොල් ලොරි හය හතක් මෙතන තියෙනවා. පොල් වගේම තැඹිලි ලොරිත් හවස හයෙන් පස්සෙ මෙතනට එනවා." [B]පුත්තලමේ සිට වෙළෙඳාමට පැමිණි නිමල් මහතා දේශයට අදහස් දක්වමින් එසේ පැවසීය.[/B] කැලෑ පොළ සැබැවින්ම ගමක පොළක් මෙනි. උඩරට එළවළු, කැරට්, ලීක්ස්, ගෝවා වැනි එළවළු වෙළෙඳාම් සිදු කෙරුණද කැලෑ පොළ වැඩි අවස්ථාවක් ලබා දී ඇත්තේ ගමේ එළවළු හා පළතුරු සඳහාය. එහි එක් පසෙක පලා වර්ග විකුණන වෙළෙන්දියකි. ඇය විශාල පලා වර්ග ගොඩක් මැද බිම වාඩි වී සිටින්නීය. කතුරුමුරුංගා, මුකුණුවැන්න, ගොටුකොළ, කංකුං වැනි පලා වර්ග සේම මැල්ල කොළ, බෝවිටියා, සාරණ, තම්පලා, වැල් පෙනෙල, හාතවාරිය, නීරමුල්ලිය, කිරිඅගුණ, පොල්පලා, හීන්බෝවිටියා, ඇඹිල්ල, කීකිරිඳිය, මොණරකුඩුම්බිය, ඇඹුල් ඇඹිලිය, රණවරා, තෙබු වැනි පලා වර්ග මිටි බොහොමයක් අසල විකිණීමට ඇත. ඒවායේ මිල ගණන් සාධාරණය. නගරයේ සුපිරි වෙළෙඳසලකින් මිලදී ගන්නා පලා පැකට්ටුවකට සාපේක්ෂව කොළඹ කැලෑ පොළෙන් මිලදී ගන්නා පලා මිටියේ මිල ඉතා සාධාරණ යැයි කැලෑ පොළට යන ඕනෑම කෙනකුට වැටහෙයි. [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/deshaya/assets/uploads/image_9c944c3d19.jpg[/IMG] කැලෑ පොළෙහි වෙළෙඳාමේ නිරත වන වෙළෙඳුන් සංඛ්‍යාව ඉතා අධිකය. බොහෝ විට දිනකට තුන්සියයක් හාරසියයක් අතර සංඛ්‍යාවක් එහි වෙළෙඳාමේ නිරත වෙති. ඔවුන්ට හිසට වහළක් නැත. වෙළෙඳාම් කරන්නට කඩ කෑල්ලක් නැත. තැනින් තැන බිම වාඩි වී වෙළෙඳාමේ නිරත වන මොවුහු උදේ කාලයේ අව්වට පිච්චෙති. එවිට සමහරු කුඩ ඉහළ ගනිති. තවත් සමහරු ඉටි කොළයකින් තාවකාලික වහළක් සවිකර ගනිති. වැස්සටද ඔවුහු තෙමෙති. නමුත් දැන් ඔවුන් එයට හුරු වී ඇතුවා සේය. මොවුන්ට වෙළෙඳාම් කටයුතු සඳහා යම් පහසුකමක් හෝ සාධාරණයක් සිදු කරන්නේ නම් එය ඉතා වටී. කැලෑ පොළේ කොස් වෙළෙඳාමේ යෙදෙන වෙළෙඳුන් බරටම වැඩය. ඔවුන්ගේ අතේ ඇති පිහිවලින් සුද්ද වන කොස් ගෙඩි ඉතා සුළු මොහොතකින් කොස් මදුලු බවට පත් වේ. එක් පසෙක කොස් මදුලුය. කොස් ඇට තවත් පසෙකය. මේ අතර ඒවා පොළොස්වලට කෑලි කපා තවත් පසෙක තබා තිබේ. ඒ සියල්ලටම ඉල්ලුම වැඩිය. ගම්බද ප්‍රදේශවල ගස් යට වැටී යන කොස් ඇටවලට නගරයේ මිලක් ඇත. ගම්බද ප්‍රදේශවල ජීවත් වන ඇතැමුන්ට කොස් ඇටවල රසයක් නොදැනුණද නගරබද ජනතාව රසවත් කොස් ඇට ව්‍යංජනයක් පිළියෙළ කරන්නේ එයට ඇති ඉල්ලුම හා රසවත් බව නිසාවෙනි. විශේෂයෙන් ආපන ශාලාවල මෙන්ම හෝටල්වල කොස් ඇටවලට ඇත්තේ විශාල ඉල්ලුමකි. "කොස් කොච්චර ගෙනාවත් දවසින් දෙකෙන් කොස් ගෙඩි ටික ඉවරයි. කොස් ඇටවලට වගේම පොළොස් ගෙඩිවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. දැන් නම් කොස් ගෙඩි කපන එක සිම්පල්. හැබැයි මෙහෙම වෙළෙඳාමේ ආපු මුල් දවස්වල නම් කොස් කපන්න ගිහින් අනන්තවත් අත කපාගෙන තියෙනවා. අපි කොස් ගේන්නෙ ලොරිවලයි. එක පැත්තක් කියල නැහැ. රටේ හැම පැත්තකටම ගිහින් කොස් එකතු කරගෙන එනවා. වෙළෙඳාම වුණත් පාඩුවක් නැහැ." කොස් වෙළෙඳාමේ නිරත වන අජිත් කුමාර දේශයට පැවසීය. කැලෑ පොළෙහි තවත් සුවිශේෂී වෙළෙඳාමක් වන්නේ පළතුරු වෙළෙඳාමය. දොඩම්, ඇපල්, රට දෙළුම්වලට වඩා දේශීය, ගමේ වැවෙන පළතුරුවලට කැලෑ පොළෙහි විශාල ඉල්ලුමක් පවතී. විශේෂයෙන් පේර, පැණි දොඩම්, වෙරළු, ගමේ දෙළුම්, හිඹුටු, දං, මාදං, ජම්බු, කාමරංකා, ඇඹරුල්ලා, අඹ වැනි විවිධ වර්ගයේ පළතුරු ලබා ගැනීමට අවශ්‍ය කෙනකුට නැවුම් පිරිසුදු පළතුරු ලබාගන්නට සුදුසුම ස්ථානය කැලෑ පොළයි. පළතුරු පමණක් නොව විවිධ වර්ගයේ කොච්චිවලටද විශාල ඉල්ලුමක් පවතී. ඇතැම් වෙළෙඳුන් විවිධ එළවළු විකුණන අතරතුර කොච්චි විකිණුවද තවත් වෙළෙන්දන් පිරිසක් කොච්චි පමණක් අලෙවි කර දවසේ වියදම සොයා ගනිති. [B]"අපි දවසක් හැර දවසක් තමයි මෙතනට වෙළඳාමට එන්නෙ. මේ එළවළු වගා කරන්නෙ අපිමයි. අපි ඉන්නෙ ආනමඩුවේ. මට ලොරියක් තියෙනවා. ඉතින් ඒකෙන් තමයි මායි පුතයි මේ එළවළු අරගෙන එන්නෙ. මේ දවස්වල නම් බිස්නස් හොඳයි. වරදක් නැහැ. මේ කට්ටියම ඉන්නෙ ආනමඩුවෙ. ඒ නිසා අපි කට්ටියම මගේ ලොරියේ තමයි මේ වෙළෙඳාමේ එන්නෙ." යැයි ආනමඩුවේ චන්ද්‍රා මහත්මිය දේශයට පැවසීය.[/B] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/deshaya/assets/uploads/image_c9d7ddadbe.jpg[/IMG] "මේක ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. සමහර දවස්වල මහ රෑ නින්දක් නැහැ. රෑ ඉඳන් පාන්දර වෙනකම් හෝටල්වලට වගේම දාන මාන, මඟුල් ගෙවල්, උත්සවවලට අවශ්‍ය ලිස්ට් එක අරගෙන මෙතනට එනවා. වැහි කාලයට සීතලේ ගැහි ගැහි තමයි අපි වෙළෙඳාම් කරන්නෙ. පාරේ තියෙන ලයිට්වලින් වගේම අපිත් ටෝච් ගහගෙන තමයි වෙළෙඳාම් කරන්නෙ. ඔය අතරේ හොරුත් ඉන්නවා. පොඩ්ඩක් ඇස් පියවාගෙන එද්දි එළවළු මළු උස්සගෙන දුවන මිනිස්සු ඉන්නවා. ඉස්කෝලෙ නිවාඩු කාලෙට මම පුතාව එක්කගෙන එනවා. නැත්නම් ගමේ ඉඳන් එන ලොරියක නැගලා තමයි අපි කැලෑ පොළට එන්නෙ. ලොරියට පොඩි ගාණක් ගෙවනවා." යැයි අවිස්සාවේල්ල සමරබන්දු මහතා දේශයට පැවසීය. මේ අතරේ කැලෑ පොළේ එක් පැත්තක දෙදෙනෙක් අඹ, අන්නාසි සුද්ද කරති. ඒ අච්චාරු සෑදීමටය. කැලෑ පොළේ තාවකාලිකව ඉදිකර තිබූ කුඩා කඩයක දුම් දමන වතුර මුට්ටියකි. ඒ අතරේ සමහරු කිරි තේ බොති. හැලප කා කහට බොති. කැලෑ පොළෙන් පිටව යන බොහෝ දෙනකුගේ බඩු මල්ල බර වැඩිය. කරපිංචා කොළයේ සිට එළවළු, පළතුරු සියල්ලම ගන්නට අවශ්‍ය නම් පිටකොටුවේ කැලෑ පොළට ආ යුතුමය. [B]I දිශානි ජයමාලි කරුණාරත්න සේයාරූ - සුමුදු හේවාපතිරණ[/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom