Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
උඹ වැදූ මම හඬමි ලැජ්ජාවෙන් අද!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ වැදූ මම හඬමි ලැජ්ජාවෙන් අද!

පිරිත් කියවලා, නූල් බැඳලා, පැන් පොවලා උඹ රට රාජ්ජෙ ඇරියේ මොන හත් ඉලව්වකටදැයි කියලා හිතෙනවා මයෙ අම්මා! උඹ ඒ අනන්ත වාරයක් කියූ පිරිත් සහසුද්දෙන් අහගෙන හිටියා නම් සිත පිරිසිදු වන නිසා උඹට මේ වගේ සල්ලි තණ්හාවක් ඇති වෙන්නෙ නැහැ මයෙ අම්මා! බැඳපු නූල්වලින් අතේ බාහුව දක්වා ආවරණය විය යුතුයි. බීපු පැන් සාගරයක් පමණ විය යුතුයි. එහෙත්, මයෙ අම්මා, උඹට උත්පත්තියෙන් ලැබුණු තණ්හාව, මූල්‍ය ප්‍රේතභාවය, උද්දච්චකම නහන්න මේ පිරිතටත් නොහැකි වගෙයි.

උඹ ඉස්කෝලෙ ගිය කාලෙ මට මතකයි. ඒත් ඉස්කෝලෙ ගියාද, ඉගෙන ගත්තාද කියන්න මට දැන් හිතාගන්න අමාරුයි. මම හිච්චි කාලේ, අපිට ඉස්සෙල්ලාම ඉගැන්නුවෙ අත් දෙක දෙපැත්තට තියාගෙන, නිකට ඔසවාගෙන ඇස පිය නොහෙළා ඈත බලන්න. ඒකට කිව්වෙ සීරුවෙන් හිටගැනීම කියලා. ඊට පස්සෙ කියලා දුන්නා. රට කියන්නෙ මොකක්ද, ජාතිය කියන්නෙ මොකක්ද, ආගම කියන්නෙ මොකක්ද කියලා. මේවා පාවා දෙන්නත් එපා කියලා කියා දුන්නා. උඹ දැන් දෙනෝදාහක් ඉදිරියේ දකුණු අත පපුව හරහා තියාගෙන අමුතු සීරුවකින් හිටගෙන ජාතික ගීයේ මතක ඇති කොටස් පමණක් කියනකොට, මයෙ හිතේ, උඹ ඉස්කෝලෙ ගිහින් නැතැයි කියා.

උඹට ඉගැන්නුවෙ ආණ්ඩුවෙ සල්ලිවලින්. උඹට වලිප්පුව හැදුණාම බේත් දුන්නෙත් ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙන්. මේ ඔක්කොම 'නිකං බොල' යි. ආණ්ඩුව කීවත් ඒවට යොදන්නෙ මමයි, උඹේ මහ එකායි කුලියක් මලියක් කරලා හොයාගන්න සොච්චමෙන් කපා ගත්ත බද්දෙන්. ඒත් අද කතාව ඒක නොවෙයි, මයෙ අම්මා තෝ කළ මේ නොසන්ඩාලකම ගැනයි.

මට මතකයි, උඹලට වෙඩි නොකා, ගුටි නොකා සැහැල්ලුවෙන් සෙල්ලම් කරන්න පිට්ටනි හදන්න මහන්සි වුණ හමුදාවෙ නැන්දලා මාමලා ගැන පත්තර කෑල්ලක ලියා තිබූ කතාවක්, උඹ මට කියවපු හැටි. පොලිසියේ රාළහාමිලා 600 දෙනෙක් පෝලිමට හිටවලා, පපුවට වෙඩි තියලා පණ පිටින් වළ දාපු හැටි.... බැංකුවට බෝම්බ දාපු හැටි... අරන්තලාවේදී බුද්ධ පුත්‍රයන් පෙති ගහපු හැටි... අම්මගෙ තනේ එල්ලිලා හිටිය දරුවා උදුරගෙන කකුල් දෙකෙන් අල්ලලා බිත්තියේ ගහපු හැටි...., මයෙ අම්මා, මගේ දෑහට දැනුත් කඳුළු එනවා...!

ඒ අලුගෝසුවො ඔක්කොම, එහෙම කරන්න පුරුදු වුණේ, උඹ යන ඉන්දියාවෙදි. එහෙ පුංචි ආණ්ඩුවෙ ලලිතා දැන්, 'ආවොත් උඹලාට ගහන්නෙ ඉලපතෙන්' යි නොකියා කියද්දිත්, රෙද්දක් හැට්ටයක් ඇඳගෙන ද මයෙ අම්මා උඹ එහි යන්නේ?

පුට්බෝල් ගහන්න ගිය ඉස්කෝලෙ කණ්ඩායම් දෙකක් එළවා දැම්මා. ආසියාවේ දුවන පනින ශූරයෝ තෝරන සෙල්ලමට තොපි විතරක් එන්න එපා කිව්වා. අපේ රටට නැති අවුල් ඇති කරනවා. ඔය මළ ඉලව් අස්සෙ, තමන් කැමැති නම් ගියාට කමක් නැතෝයි කියමින් අපේ ආණ්ඩුව උඩ ගෙඩි දුන්නාම, උඹත්, ඇන්නෑවේ, ඉබ්බා දියේ දැමුවා සේ කියා තන්නාසෙන් ක්ලාන්ත වී ආර්ථික ප්‍රේතයන් වුණා. උඹ මෙතෙක් කල් අපට කළේ මහා බොරුවක්, මයෙ අම්මා. උඹ 'පළමුව රට'ය කට පුරා කීවත්, උඹ පළමුව දකින්නෙ 'රට සල්ලි' යි, මගෙ හිතේ!

උඹ ලලිතා ගැන මොනවද දන්නෙ? උන්දෑගෙ ඔය පුරසාරම් ඔක්කොම ඡන්ද ගුණ්ඩු බොල! ලබන අවුරුද්දෙ ඡන්දෙ ඉවර වුණාම, ඔය චණ්ඩිකම් ඔක්කොම ඉවර වෙනව. ඡන්ද ගුණ්ඩුවලට උඹ විතරක් නොවේ මයෙ අම්මා, මමත් රැවටිලා ඉන්නේ...

ඔය ඇත්ති ගැන මම දන්නෙ, මම හිච්චි කාලෙ ඉඳලා. උඹලැගෙ මහ එකාත් ඒ දවස්වල කිරි ගැටයා. අපි දෙන්නා දවසක් ගෙදරට හොරෙන් තීටර් එකක් බලන්න ගියා. බලන්න එපායෑ... ඒකි කිරි ගොටු හොල්ල හොල්ලා දොදොල් පස්ස වන වනා පුස්සැල්ලාවේ ඇම් ජී ආර් එක්ක නටපු නෙයියාඩගම්. ඒවා දැක්කම මට විළිසංගෙ නැති වුණා. ඔය දොදොල් පට්ටෙට රැවටිලා වෙන්න ඇති, රටේ ඇත්තෝ ඈව රජකමට පත්කර ගත්තෙ. මම දන්න දේශපාලනයක් නැහැ. මගේ දේශපාලනේ දවසේ තුන් වේල කන්නෙ කොහොමද කියලා. නෑයෝ බලන්න යන්නත් බැහැ. රේල්ලු ගාස්තු, බස් ගාස්තු බඩපුරාම ලැබුණා. හෙට අනිද්දා අලුත් අවුරුදු එනවා. ඒත්, උඹට ඒක මහ කඡ්ජක් නොවෙයි නේ· උඹට හැමදාම අවුරුදු. උඹට එහෙම අවුරුදු කන්න අපි ඔක්කොම අත්පුඩි ගැහුවා. හුරේ කීවා. බත් මුට්ටි කර වුණා. පොඩි එකා ඇඳෙන් වැටුණා. සමහරු දිවි නහගත්තා.

මයෙ පුතේ. මට දැන් උඹ ගැන තියෙන්නෙ අප්පරමාන අප්පරසාදයක්. සත්තයි. උඹ කරන සෙල්ලම් බලන්න මම නම්, මොන දෙයියා කීවත් රූප පෙට්ටිය ඉදිරියේ මීට පස්සෙ දණ ගාන්නෙ නැහැ. අනෙක, කොහොමද බොල ඕව කරන්නෙ? ලැයිට් බිල වැඩියි. ගින්දර වගේ.

උඹලට ලාහෝරයෙදි වෙච්චි ඇබැද්දිය රූප පෙට්ටියෙන් මම දැක්කා. මට නම් අමතක නැහැ. එදා මුළු රටම ඇඬුවා. සන්තාප වුණා. එහෙම කරපු අපිට, ඇයි මයෙ අම්මා මෙහෙම කළේ?

ඉස්කෝල ගරා වැටිලා. ළමයි ඔක්කොම ගස් යට. රට පුරාම තැනින් තැන රටේ නැති ලෙඩ. උඹට ගානක් නැහැනෙ මයෙ අම්මා. උඹ ඔය සල්ලි කන්දරාවෙන් කාටද ඇස්සයිස් පොතක් අරන් දුන්නෙ? කාටද බෙහෙත් පෙත්තක් අරන් දුන්නෙ? උඹලා හදන්න ගිය ඉස්පිරිතාලෙත් අලි වංචාවක් කියලා වෑර්ලස් එකෙන් කීවා. අනෙක, මයෙ අම්මා, උඹ කාට හරි කඩල ගොට්ටක් දෙන වෙලාවට නම් වෑර්ලස් එකෙයි, රූප පෙට්ටියෙයි, පත්තරෙයි හැමෝම කැඳවනවා. අනේ අනිච්චං.

දැන්, පහළ කුඹුරේ නිල් ගොයම් වැල් හරිම සරු සාරයි. හෙට අනිද්දාට තව තවත් සුවිසල් මන්දිර ඉදිවේවි. ඒත්, මයෙ අම්මා, බුලත් නම් ගිනි ගණන්. විටක් රුපියල් 20 ක් 25 ක් වෙනවා. අපේ හැමෝම පාහේ බුලත් කන බව උඹ දන්නවා නේ·

හැබෑටම, ඔය රටට බුලත් විට ටිකකුත් ඇරං ගියා නම් තවත් සල්ලි ටිකක් හොයාගන්න තිබුණා, අම්මපා·

ඉතින් මයෙ අම්මා, මේ පළාතේ බුලත් කන හෝ නොකන කෙනෙක්, මයෙ දොරකඩට තුහ් කියලා කෙළ ගැහුවොත් දෙයියන්ට කියලත් වැඩක් වෙන එකක් නැහැ. උඹේ රූපෙ තාර ගෑවත් අසරණ මම මොනවා කරන්නද මයෙ අම්මා?

තවත් ආරංචි ගොඩයි ලියන්නට ලඡ්ජයි.

මෙහෙම හිතපංකො මයෙ අම්මා. මේ වගේ අලකලංචියක් ඇති දවසක ඒ රටේ එවුන් මෙහෙ එයිද? ආවොත්, උන්ගෙ ගෙවලුත් ගිනි තියයි· ඕන්න මං කීවා·

උඹ වැදූ මම, හඬමි ලඡ්ජාවෙන් අද!

අසෝක ගුණතිලක

උපුටා ගැනිම දිවයින

[QUOTE="kasunsankalpana, post: 14729267, member: 28569"] [b]උඹ වැදූ මම හඬමි ලැජ්ජාවෙන් අද![/b] [IMG]http://www.divaina.com/2013/04/03/mother2.jpg[/IMG] [SIZE="4"]පිරිත් කියවලා, නූල් බැඳලා, පැන් පොවලා උඹ රට රාජ්ජෙ ඇරියේ මොන හත් ඉලව්වකටදැයි කියලා හිතෙනවා මයෙ අම්මා! උඹ ඒ අනන්ත වාරයක් කියූ පිරිත් සහසුද්දෙන් අහගෙන හිටියා නම් සිත පිරිසිදු වන නිසා උඹට මේ වගේ සල්ලි තණ්හාවක් ඇති වෙන්නෙ නැහැ මයෙ අම්මා! බැඳපු නූල්වලින් අතේ බාහුව දක්වා ආවරණය විය යුතුයි. බීපු පැන් සාගරයක් පමණ විය යුතුයි. එහෙත්, මයෙ අම්මා, උඹට උත්පත්තියෙන් ලැබුණු තණ්හාව, මූල්‍ය ප්‍රේතභාවය, උද්දච්චකම නහන්න මේ පිරිතටත් නොහැකි වගෙයි. උඹ ඉස්කෝලෙ ගිය කාලෙ මට මතකයි. ඒත් ඉස්කෝලෙ ගියාද, ඉගෙන ගත්තාද කියන්න මට දැන් හිතාගන්න අමාරුයි. මම හිච්චි කාලේ, අපිට ඉස්සෙල්ලාම ඉගැන්නුවෙ අත් දෙක දෙපැත්තට තියාගෙන, නිකට ඔසවාගෙන ඇස පිය නොහෙළා ඈත බලන්න. ඒකට කිව්වෙ සීරුවෙන් හිටගැනීම කියලා. ඊට පස්සෙ කියලා දුන්නා. රට කියන්නෙ මොකක්ද, ජාතිය කියන්නෙ මොකක්ද, ආගම කියන්නෙ මොකක්ද කියලා. මේවා පාවා දෙන්නත් එපා කියලා කියා දුන්නා. උඹ දැන් දෙනෝදාහක් ඉදිරියේ දකුණු අත පපුව හරහා තියාගෙන අමුතු සීරුවකින් හිටගෙන ජාතික ගීයේ මතක ඇති කොටස් පමණක් කියනකොට, මයෙ හිතේ, උඹ ඉස්කෝලෙ ගිහින් නැතැයි කියා. උඹට ඉගැන්නුවෙ ආණ්ඩුවෙ සල්ලිවලින්. උඹට වලිප්පුව හැදුණාම බේත් දුන්නෙත් ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙන්. මේ ඔක්කොම 'නිකං බොල' යි. ආණ්ඩුව කීවත් ඒවට යොදන්නෙ මමයි, උඹේ මහ එකායි කුලියක් මලියක් කරලා හොයාගන්න සොච්චමෙන් කපා ගත්ත බද්දෙන්. ඒත් අද කතාව ඒක නොවෙයි, මයෙ අම්මා තෝ කළ මේ නොසන්ඩාලකම ගැනයි. මට මතකයි, උඹලට වෙඩි නොකා, ගුටි නොකා සැහැල්ලුවෙන් සෙල්ලම් කරන්න පිට්ටනි හදන්න මහන්සි වුණ හමුදාවෙ නැන්දලා මාමලා ගැන පත්තර කෑල්ලක ලියා තිබූ කතාවක්, උඹ මට කියවපු හැටි. පොලිසියේ රාළහාමිලා 600 දෙනෙක් පෝලිමට හිටවලා, පපුවට වෙඩි තියලා පණ පිටින් වළ දාපු හැටි.... බැංකුවට බෝම්බ දාපු හැටි... අරන්තලාවේදී බුද්ධ පුත්‍රයන් පෙති ගහපු හැටි... අම්මගෙ තනේ එල්ලිලා හිටිය දරුවා උදුරගෙන කකුල් දෙකෙන් අල්ලලා බිත්තියේ ගහපු හැටි...., මයෙ අම්මා, මගේ දෑහට දැනුත් කඳුළු එනවා...! ඒ අලුගෝසුවො ඔක්කොම, එහෙම කරන්න පුරුදු වුණේ, උඹ යන ඉන්දියාවෙදි. එහෙ පුංචි ආණ්ඩුවෙ ලලිතා දැන්, 'ආවොත් උඹලාට ගහන්නෙ ඉලපතෙන්' යි නොකියා කියද්දිත්, රෙද්දක් හැට්ටයක් ඇඳගෙන ද මයෙ අම්මා උඹ එහි යන්නේ? පුට්බෝල් ගහන්න ගිය ඉස්කෝලෙ කණ්ඩායම් දෙකක් එළවා දැම්මා. ආසියාවේ දුවන පනින ශූරයෝ තෝරන සෙල්ලමට තොපි විතරක් එන්න එපා කිව්වා. අපේ රටට නැති අවුල් ඇති කරනවා. ඔය මළ ඉලව් අස්සෙ, තමන් කැමැති නම් ගියාට කමක් නැතෝයි කියමින් අපේ ආණ්ඩුව උඩ ගෙඩි දුන්නාම, උඹත්, ඇන්නෑවේ, ඉබ්බා දියේ දැමුවා සේ කියා තන්නාසෙන් ක්ලාන්ත වී ආර්ථික ප්‍රේතයන් වුණා. උඹ මෙතෙක් කල් අපට කළේ මහා බොරුවක්, මයෙ අම්මා. උඹ 'පළමුව රට'ය කට පුරා කීවත්, උඹ පළමුව දකින්නෙ 'රට සල්ලි' යි, මගෙ හිතේ! උඹ ලලිතා ගැන මොනවද දන්නෙ? උන්දෑගෙ ඔය පුරසාරම් ඔක්කොම ඡන්ද ගුණ්ඩු බොල! ලබන අවුරුද්දෙ ඡන්දෙ ඉවර වුණාම, ඔය චණ්ඩිකම් ඔක්කොම ඉවර වෙනව. ඡන්ද ගුණ්ඩුවලට උඹ විතරක් නොවේ මයෙ අම්මා, මමත් රැවටිලා ඉන්නේ... ඔය ඇත්ති ගැන මම දන්නෙ, මම හිච්චි කාලෙ ඉඳලා. උඹලැගෙ මහ එකාත් ඒ දවස්වල කිරි ගැටයා. අපි දෙන්නා දවසක් ගෙදරට හොරෙන් තීටර් එකක් බලන්න ගියා. බලන්න එපායෑ... ඒකි කිරි ගොටු හොල්ල හොල්ලා දොදොල් පස්ස වන වනා පුස්සැල්ලාවේ ඇම් ජී ආර් එක්ක නටපු නෙයියාඩගම්. ඒවා දැක්කම මට විළිසංගෙ නැති වුණා. ඔය දොදොල් පට්ටෙට රැවටිලා වෙන්න ඇති, රටේ ඇත්තෝ ඈව රජකමට පත්කර ගත්තෙ. මම දන්න දේශපාලනයක් නැහැ. මගේ දේශපාලනේ දවසේ තුන් වේල කන්නෙ කොහොමද කියලා. නෑයෝ බලන්න යන්නත් බැහැ. රේල්ලු ගාස්තු, බස් ගාස්තු බඩපුරාම ලැබුණා. හෙට අනිද්දා අලුත් අවුරුදු එනවා. ඒත්, උඹට ඒක මහ කඡ්ජක් නොවෙයි නේ· උඹට හැමදාම අවුරුදු. උඹට එහෙම අවුරුදු කන්න අපි ඔක්කොම අත්පුඩි ගැහුවා. හුරේ කීවා. බත් මුට්ටි කර වුණා. පොඩි එකා ඇඳෙන් වැටුණා. සමහරු දිවි නහගත්තා. මයෙ පුතේ. මට දැන් උඹ ගැන තියෙන්නෙ අප්පරමාන අප්පරසාදයක්. සත්තයි. උඹ කරන සෙල්ලම් බලන්න මම නම්, මොන දෙයියා කීවත් රූප පෙට්ටිය ඉදිරියේ මීට පස්සෙ දණ ගාන්නෙ නැහැ. අනෙක, කොහොමද බොල ඕව කරන්නෙ? ලැයිට් බිල වැඩියි. ගින්දර වගේ. උඹලට ලාහෝරයෙදි වෙච්චි ඇබැද්දිය රූප පෙට්ටියෙන් මම දැක්කා. මට නම් අමතක නැහැ. එදා මුළු රටම ඇඬුවා. සන්තාප වුණා. එහෙම කරපු අපිට, ඇයි මයෙ අම්මා මෙහෙම කළේ? ඉස්කෝල ගරා වැටිලා. ළමයි ඔක්කොම ගස් යට. රට පුරාම තැනින් තැන රටේ නැති ලෙඩ. උඹට ගානක් නැහැනෙ මයෙ අම්මා. උඹ ඔය සල්ලි කන්දරාවෙන් කාටද ඇස්සයිස් පොතක් අරන් දුන්නෙ? කාටද බෙහෙත් පෙත්තක් අරන් දුන්නෙ? උඹලා හදන්න ගිය ඉස්පිරිතාලෙත් අලි වංචාවක් කියලා වෑර්ලස් එකෙන් කීවා. අනෙක, මයෙ අම්මා, උඹ කාට හරි කඩල ගොට්ටක් දෙන වෙලාවට නම් වෑර්ලස් එකෙයි, රූප පෙට්ටියෙයි, පත්තරෙයි හැමෝම කැඳවනවා. අනේ අනිච්චං. දැන්, පහළ කුඹුරේ නිල් ගොයම් වැල් හරිම සරු සාරයි. හෙට අනිද්දාට තව තවත් සුවිසල් මන්දිර ඉදිවේවි. ඒත්, මයෙ අම්මා, බුලත් නම් ගිනි ගණන්. විටක් රුපියල් 20 ක් 25 ක් වෙනවා. අපේ හැමෝම පාහේ බුලත් කන බව උඹ දන්නවා නේ· හැබෑටම, ඔය රටට බුලත් විට ටිකකුත් ඇරං ගියා නම් තවත් සල්ලි ටිකක් හොයාගන්න තිබුණා, අම්මපා· ඉතින් මයෙ අම්මා, මේ පළාතේ බුලත් කන හෝ නොකන කෙනෙක්, මයෙ දොරකඩට තුහ් කියලා කෙළ ගැහුවොත් දෙයියන්ට කියලත් වැඩක් වෙන එකක් නැහැ. උඹේ රූපෙ තාර ගෑවත් අසරණ මම මොනවා කරන්නද මයෙ අම්මා? තවත් ආරංචි ගොඩයි ලියන්නට ලඡ්ජයි. මෙහෙම හිතපංකො මයෙ අම්මා. මේ වගේ අලකලංචියක් ඇති දවසක ඒ රටේ එවුන් මෙහෙ එයිද? ආවොත්, උන්ගෙ ගෙවලුත් ගිනි තියයි· ඕන්න මං කීවා· උඹ වැදූ මම, හඬමි ලඡ්ජාවෙන් අද! [/SIZE] අසෝක ගුණතිලක උපුටා ගැනිම [URL="http://www.divaina.com/2013/04/03/sports03.html"]දිවයින [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom