Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උරුවෙල් කාශ්‍යප දමනය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උරුවෙල් කාශ්‍යප දමනය...

අප ගෞරවයෙන් සරණ ගිය ඒ අසමසම ගුණ ඇති ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් දමනය කළයුතු පුද්ගලයන් අනුශාසනා ප්‍රාතිහාරයෙන්, ආදේශනා ප්‍රාතිහාරයෙන්ද, ඍධි ප්‍රාතිහාරයෙන්ද දමනය කළා. උන්වහන්සේ අනුත්තරපුරිසදම්ම සාරථි ගුණයෙන් යුක්තවන සේක.තමා රහතන් වහන්සේ නමක යැයි සිතා සිටි උරුවෙල් කාශ්‍යප දමනය වූ සැටි මෙසේය.

බරණැස මිගදායේ පස්වග රහතන් වහන්සේලාගෙන් පසුව ක්‍රමයෙන් සඟ පිරිස වැඩිවෙලා ලෝකයේ රහතන් වහන්සේ හැට එක් නමක් බවට පත්වුණා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කළා මහණෙනි! යම් දිව්‍යමය වූද, මානුෂික වූද, කෙළෙස් උගුල්වලින් ඔබත් නිදහස් වුණා. මමත් නිදහස් වුණා. ඒ නිසා මහණෙනි, බොහෝ ජනයාට හිත සුවපිණිස ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි වචන ඇති පැහැදිලි අර්ථ ඇති බ්‍රහ්ම චරියාව ප්‍රකාශ කරන්න. ඒ වගේම උන්වහන්සේ වදාළා කෙලෙස් අල්ප සත්ත්වයන් ඉන්නවා. ධර්මය අසන්නට නො ලැබුණොත් ඒ අය පිරිහී යනවා. ධර්මය අවබෝධ කරන අය ඇතිවන්නේ ඒ ධර්මය කීමෙන් පමණයි. ඒ අවස්ථාවේ එතැනට මාරයා පැමිණ කියනවා යම් දිව්‍ය හෝ යම් මානුෂීය හෝ කෙළෙස් බන්ධන ඇද්ද ඒ සියලු බන්ධනයන්ගෙන් ඔවුන් බන්ධනවා. මහ බන්ධනයෙන් ඔබ බඳිනවා. ඒ නිසා ශ්‍රමණය නුඹ මගෙන් නිදහස් වූ කෙනෙක් නොවේ.

භාග්‍යවතුන් වහන්සේ එවෙලෙහි වදාළා දිව්‍ය වූූ හෝ මානුෂික වූ හෝ යම් බන්ධන ඇද්ද ඒ සියලුම බන්ධනයන්ගෙන් මම නිදහස් වෙලා ඉන්නේ. ඒ නිසා මාරය නුඹ මේ කාරණයේ දී පරාජයට පත්වෙනවා කියා භාග්‍යවතුන් වහන්සේ වදාළ කල්හි සුගතයන් වහන්සේ මාව දැක්කා යැයි සිතූ මාරයා එතැනින්ම සිත අසතුටු වෙලා නොපෙනී ගියා. ඊට පසුව භාග්‍යවතුන් වහන්සේ අවවාද කළා මහණෙනි, ඒ ඒ තැන්වල භික්ෂූන් වහන්සේලා පැවිදි කරන්න. ඒ ඒ තැන්වලම උපසම්පදා කරන්න. එය උන්වහන්සේගේ සරණාගමන පැවිදි සහ උපසම්පදාව ලෙස. එහිදී සිල්පද පනවා තිබුණේ නැහැ.

ඊටපසුව භාග්‍යවතුන් වහන්සේ බරණැසින් පිටත්ව උරුවෙල් බලා වැඩියා.ඒ අතර මගදී භද්දවග්ගිය කුමාරවරු මුණ ගැසී ඒ පිරිසත් පැවිදි වුණා.

ඉන්පසුව භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් ජනපදයට වැඩියා. සේනානි ගමේ තමයි උරුවෙල් ජනපදය තිබෙන්නේ. උරුවෙල් ජනපදයේ ප්‍රධාන ජටිලයන් තිදෙනෙක් වාසය කළා. ඒ උරුවෙල් කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යපය. ජටිල කියන්නේ ජටාදර තවුසන්. අදත් ඉන්දියාවේ වැඩිපුර ඉන්නේ ජටිලයන්. ඒ පිරිස හිස රැවුල් බාන්නේ නැහැ. සිය රැවුල් කොණ්ඩා පීරන්නේත් නැහැ. කාලයක් යනවිට ඒවා රැළි වෙනවා. ඒ දිගට වැවුන කෙස් ජටාවක් වගේ උඩට බඳිනවා. ඒ අය තමයි ජටිල. මේ පිරිස හුගක් තපස් රකින අයයි. මේ උරුවෙල් කාශ්‍යප 500 දෙනාට නායක. ගයා කාශ්‍යප 300 දෙනාට නායක. නදී කාශ්‍යප 200 දෙනාට නායක. එහි සියලුම පිරිස දහසක් වෙනවා.

එදින භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් කාශ්‍යපගේ ආශ්රමයට වැඩියා. උන්වහන්සේ මේ පිරිස සොයා වැඩියේ මොවුන් සංසාරේ බොහෝ ආත්මවල විමුක්තිය පතාගෙන ශ්‍රාවක පාරමි ධර්මයන් සම්පූර්ණ කළ අය බව දන්නා නිසා.

භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් කාශ්‍යපට කියනවා “කාශ්‍යප, ඔබට බරක් නැත්නම්, කරදරයක් නැත්නම් මම මේ ගිනිහල් ගේ වාසය කරන්නද?” කියා. කාශ්‍යප කියනවා “මහ ශ්‍රමණය මට නම් එහි බරක් නැහැ. හැබැයි ඉතාමත් රෞද්‍රවූ ඍධිමත් වූ විෂ සහිත නාගයෙක් මෙහි ඉන්නවා. ඒ නාගයාගෙන් නම් ඔබට කරදර සිදුවෙයි” යනුවෙන්. එවිට භාග්යවනතුන් වහන්සේ “කාශ්‍යප එය කම් නැත” කියා ඒ ගිනිහල් ගෙයි තිබු ඇතිරිල්ලක භාවනාවෙන් වාඩි වී සිටියා. මෙහි සිටි ඒ නාගයා උන්වහන්සේ දැක අසතුටු වෙලා දුම් පිට කරන්න පටන් ගත්තා. භාග්‍යවතුන් වහන්සේ දැනගත්තා මේ නාගයා තමන්ගේ තේජසින් මත්වෙලා ඉන්නේ, එනිසා මේ නාගයාට පීඩාවක් ඇති නොවන ලෙස උන්වහන්සේගේ ශරීරයෙන් දුම් පිටකළා. මේ ක්‍රියාවට කිපුන නාගයා තම ශරීරයෙන් ගිනිදැල් පිට කළා. භාග්‍යවතුන් වහන්සේ තේජෝ ධාතුවට සම වැදී උන්වහන්සේගේ ශරීරයෙන්ද ගිනිදැල් පිටකළා. මෙය ඈතට මහ ගිනි ජාලාවක් වගේ ජටිලයන්ට පෙනුනා. ගිනිහල් ලේ ගිනි ගන්නවා සේ ජටිලයන් දුටුවා. ඔවුන් කථාවුණා ‘අහෝ! භවත්නි, සොඳුරු රූ ඇති ශ්‍රමණ ගෞතමයන් ඒකාන්තයෙන්ම විපතට පත්වෙලා’ කියා. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ඍධි බලයෙන් නාරජුගේ තේජස යට කොට දමනය කර පාත්‍රයට දැම්මා. පසුදින “මේ ඔබේ ආනුභාව සම්පන්න නාගයා” යැයි උරුවෙල් කාශ්‍යපට පෙන්වූවා. නමුත් මේ ප්රාතිහාරයට උරුවෙල් කාශ්‍යප දමනය වූයේ නැහැ. ඔහු කල්පනා කළා “යමෙක් චණ්ඩ වූ මහ ඍධි ඇති වහා පැතිරෙන දරුණු විස ඇති මහ නාග රාජයෙකු ගේ තේජස තමන්ගේ තේජසින් වනසයිද ඒ මහ ශ්‍රමණ තෙමේ ඒකාන්තයෙන්ම ඍධිමත්, මහානුභාවසම්පන්න කෙනෙක්.” නමුත් මා වැනි රහත් කෙනෙක් නොවේ කියාලා.

උරුවෙල් කාශ්‍යප දමනය නො වූවද භාග්‍යවතුන් වහන්සේට පැහැදුණා. ඔහු කියනවා ශ්‍රමණයනි “ඔබ මෙහිම වාසය කරන්න. මම ඔබ වහන්සේට දානයෙන් උපස්ථාන කරන්නම්” කියා.

භාග්‍යවතුන් වහන්සේ කාශ්‍යපගේ ආශ්රමයේ සමීපයේ වාසය කරද්දී රාත්‍රීයේ සතරදිගට අධිපති දෙවිවරු සතර දෙනා මහා ආලෝක ධාරාවක් පතුරවමින් ඉතා දීප්තිමත්ව දිලිසෙමින් භාගවතුන් වහන්සේ සමීපයට ආවා. උරුවෙල් කාශ්‍යප මේ රැස්මාලා දැක පසුදින අසනවා, මහ මහණ, ඊයේ රාත්‍රියේ වනයේ ආලෝක කරගෙන ඔබ වෙත පැමිණියේ කවරහු ද? ‘කාශ්‍යප ඒ සතරවරම් දෙවිවරු දහම් ඇසීමට පැමිණියා’. කාශ්‍යප සිතනවා සතරවරම් දෙවි මහ රජ දරුවෝ ධර්මය අසනු පිණිස යමෙකු වෙත යයිද මේ ශ්‍රමණතෙමේ ඒකාන්තයෙන්ම මහත් ඍධිසම්පන්නයි. මහානුභාව සම්පන්නයි. නමුත් මා වැනි රහත් නොවේ.

ඊට පසුදින වනලැහැබ කලින් දුටු ගිනි කදම්බයට වඩා මහත් වූ ආලෝක ධාරාවක් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින ගිනිහල් ගෙට එන ආකාරය උරුවෙල් කාශ්‍යප දුටුවා. පසුදින අසනවා ‘ඒ ආලෝකය කුමක්ද?’ තථාගතයන් වහන්සේ පවසනවා ඒ ශක්‍ර දේවේන්ද්‍රයා දහම් සාකච්ඡාවකට පැමිණි බව. මහ ඍධිබලසම්පන්න සක්දෙවිදු යම්තැනක යමෙකුගෙන් ධර්මය අසන්නට පැමිණෙයිද ඒකාන්තයෙන්ම ඒ පුද්ගලයා මහඍද්ධිමත්. නමුත් මා වැනි රහත් නොවේ.

ඊළඟ දිනයේ පෙර දිනයන්ට වඩා මහත් වූ පැහැපත් වූ ආලෝක ධාරාවක් උරුවෙල් කාශ්‍යප දුටුවා. පසුදින අසනවා ‘’ඒ ආලෝකය කුමක්ද?’’ කියා. භාග්‍යවතුන් වහන්සේ වදාළා ‘’කාශ්‍යප ඒ සහම්පති බ්රහ්මරාජයා’’ කියා. කාශ්‍යප එවෙලෙහිද සිතනවා සහම්පති බ්රහ්මරාජයා යමෙකුගෙන් බණ අසයිද ඔහු මහනුභාවසම්පන්න කෙනෙකි. නමුත් මම වගේ රහත් නැහැ නෙව කියා.

එක් දිනක් මගධ ජනපදයේ මිනිසුන් දානයකට සූදානම් වුණා. දානය දවසේ උරුවෙල් කාශ්‍යප කල්පනා කරනවා අංග මගධ ජනපදවල අය බොහෝ හොඳට දානය දෙනවා. නමුත් මේ පිරිස මැද මහ ශ්රමණයන් වහන්සේ ඍධි ප්‍රාතිහාරයක් පෑවොත් මේ ලාභ සත්කාර සියල්ලම ශ්රමණයන් වහන්සේට යනවා. මට ලැබෙන්නේ නැහැ. එනිසා මේ ශ්රමණයන් හෙට දානයට වඩින්නේ නැත්නම් හොඳයි කියා සිතුවා. භාග්‍යවතුන් වහන්සේ මේ කල්පනාව දිවසින් දැක එදා දානයට නොගිහින් උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය සඳහා වැඩියා.

පසුදා තථාගතයන් වහන්සේ වෙත ගිය උරුවෙල් කාශ්‍යප අසනවා ‘’මහ මහණ ඇයි ඊයේ ඔබ නො පැමිණියේ? ඊයේ දානය බොහෝ ලැබුණා. අපි ඔබ සිහි කළා’’. ‘ඇයි කාශ්‍යප ඔබ ඊයේ සිතුවා නේද මහ මහණ මේ දානයට නො පැමිණියොත් හොඳයි කියලා’’ යැයි තථාගතයන් වහන්සේ වදාළ විට කාශ්‍යපට ලැජ්ජා වුණා. නමුත් කාශ්‍යප සිතනවා “යමෙක් තමන්ගේ සිතින් අනුන්ගේ සිතේ චිත්ත ස්වභාව දැන ගනීද ඒකාන්තයෙන්ම මේ ශ්‍රමණ තෙමේ මහත් ඍධිමත්.” නමුත් මා වගේ රහත් නොවේ කියා සිතුවා.

භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් ජනපදයේ වැඩ වසන කාලයේ දිනක් පාංශකූල සිවුරක් ලැබුණා. එය සෝදා ගැනීමට ස්ථානයක් නොතිබුණ නිසා සක් දෙවිදුන් බුදුරදුන්ගේ අදහස දැනගෙන එය සේදීමට පොකුණක් තනා දුන්නා. එම සිවුර අතුල්ලා ගන්නට ගලක්ද ගෙනවිත් තිබ්බා. වස්ත්‍රය වැනීමට තවත් කළුගලක් ගෙනැවිත් තිබ්බා. තථාගතයන් වහන්සේට වස්ත්‍රය සෝදා පොකුණෙන් ගොඩවීමට සමීපයේ තිබූ කුඹුක් ගසෙහි දෙවියා ඒ ගසේ අත්තක් පොකුණ දෙසට නැමුවා. පසුදින කාශ්‍යප මේ සියලුම දේ දැක අසනවා ‘’මහ ශ්‍රමණය කලින් මෙහි පොකුණක් හෝ කළුගල් ද තිබුණේ නැහැ. මේ කුඹුක් අත්තද මෙසේ නැමී තිබුණේ නැහැ. මේ දේ කළේ කවුද?’’

‘’කාශ්‍යප මට පාංශකූල සිවුරක් ලැබුණා. එය සෝදා ගැනීමට තැනක් තිබුණේ නැහැ නෙව. ඒ නිසා ශක්‍රයා විසින් මේ පොකුණ තනා කළුගල් දෙක ගෙනවිත් තැබුවා. මේ කුඹක් ගසේ දෙවියා අත්ත නවා දුන්නා’ යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළා.

එවිට කාශ්‍යප සිතනවා ශ්‍රක්‍ර දේවේන්ද්රයාත් වැඩපළ කරදෙන මේ මහණ තෙමේ නම් ඒකාන්තයෙන්ම මහානුභාව ඇති කෙනෙක්. නමුත් මා මෙන් රහත් නැහැ නොව කියා’’

තවත් එක් දිනක් තවුසෝ පන්සීයක් ගිනි පුදන පිණිස දර පලන්නට වුණා. එක් දර කැබැල්ලක්වත් පැලෙන්නේ නැති නිසා මෙයත් ‘මහ ශ්‍රමණයන්ගේ ප්රාතිහාර්යයක් යැයි සිතුවා. තථාගතයන් වහන්සේ ‘කාශ්‍යප දර පලන්නද? ඇසූ විට ‘පලන්න මහමහණ’ යි කීවා. එවෙලෙහි දර කොට පන්සීයම පැලී ගියා. තවුසෝ ගිනි දැල්වීමට සූදානම් වුවත් එක් දර කැබැල්ලක්වත් ගිනි ඇවිලුණේ නැහැ. මෙයත් මහමහණගේ ප්රාතිහාර්යක් විය යුතුයි තවුසෝ සිතුවා. තථාගතයන් වහන්සේ ‘ ගිනි අවුලන්නද කාශ්‍යප’ ඇසූවිට ‘එසේය’ පිළිතුරු දුන්නා. එවලෙහි දර කොට පන්සියය ගිනි ඇවිලුණා. තවුසෝ ගිනි පුදා ගිනි නිවන්නට උත්සාහ කළා. කෙතෙක් උත්සාහ කළද ගිනි නිවුනේ නැහැ. මෙයද ‘මහ ශ්රමණයාගේ ප්රාතිහාර්යයක්’ යැයි තවුසෝ සිතුවා. තථාගතයන් වහන්සේ ‘කාශ්‍යප ගිනි නිවන්න ද?’ ඇසුවා. ‘එසේය මහ ශ්‍රමණය ගිනි නිවේවායි’ පිළිතුරු දුන්නා. සෑම තැනම ගිනි නිවුණා. කාශ්‍යප පෙර සේම මහමහණුන් සෘද්ධිමත් වුවත් මම මෙන් රහත් නැතැයි’ සිතුවා.

එක් දිනක් අකල් වැස්සක් වැහැලා භාග්‍යවතුන් වහන්සේ වෙසෙන ප්‍රදේශය ජලයෙන් යට වී ගියා. උන්වහන්සේ එම ජලය දෙබෑ කොට දූවිලි සහිත කොටසක් මවා එහි සක්මන් කරමින් සිටියා. උරුවෙල් කාශ්‍යපට ප්‍රකාශ කළා ජල පහර තද නිසා ඒකාන්තයෙන්ම මහශ්රමණයන් දියේ ගසා ගෙන ගොස් ඇති. බේරා ගනිමුයි කතිකාකොට බෝට්ටුවකින් ගියා. නමුත් භාග්‍යවතුන් වහන්සේ ජලය මැද දූවිලි සහිත බිමක සක්මන් කරනවා ඔවුන් දැක්කා. තවුසන් පුදුමයට පත්වුණා. තථාගතයන් වහන්සේ අහසට පැන නැගී ඔවුන්ගේ බෝට්ටුවට ගොඩ වුණා. එවිටද උරුවෙල් කාශ්‍යප සිතනවා ‘’යමෙක් සිටි තැන ජලයෙන් පවා නො තෙමේද මේ මහ ශ්‍රමණ සෘද්ධිමත් ය. මහනුභාව සම්පන්න ය. නමුත් මා මෙන් රහත් නොවේ.”

භාග්‍යවතුන් වහන්සේ සිතනවා මේ මෝඝ පුද්ගලයාට මම මෙතරම් ප්රාතිහාර්ය පෙන්වද්දීත් කිසිදු දමනය වීමක් නැහැ. එනිසා මොහු සංවේගයට පත්කළ යුතුයැයි සිතා ‘’කාශ්‍යප නුඹ රහත් නොවේ. රහත් මගට පැමිණි කෙනෙකුත් නොවේ. යම් ප්‍රතිපදාවකින් අරහත් මාර්ගයට පැමිණෙයිද ඒ ප්රතිපාදාවත් ඔබ නොදනියි’’. එවිට උරුවෙල් කාශ්‍යපගේ මානය බිඳුණා. භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. ‘ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මම ඔබ වහන්සේගේ ශාසනයේ පැවිදි වෙනවා’. ‘’කාශ්‍යප ඔබ පන්සියයක් ජටිලයන්ට නායක. අග්‍රයි. ප්‍රමුඛාචාර්ය යි. ඔබ මේ තීරණය ඔබේ ගෝලයන් ගැන සිතා කළ යුතුයි’’ තථාගතයන් වහන්සේ වදාළා. එවිට උරුවෙල් කාශ්‍යප තම ගෝලයන් රැස් කර පවසනවා ‘’භවත්නි, මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟ පැවිදි වීමට සිතුවා. ඔබලා යමක් කැමැතිද එය කරන්න’’. ඔවුන් පවසනවා ‘’පින්වත් ආචාර්යතුමනි, අපිත් බොහෝ කාලයක් සිට මහ ශ්රමණයන් වහන්සේ කෙරෙහි පැහැදී සිටියේ. ඔබවහන්සේ උන්වහන්සේගෙන් පැවිදි බව ලබා ගන්නේනම්, අපි සියලු දෙනාත් බුද්ධ ශාසනයේ පැවිදි වෙනවා’.

ඉන්පසු සියලුම දෙනා ජටා මඩුළු, කෙස්, තවුස් පිරිකර, ගිනි පුදන උපකරණ සියලුම දේ දියේ පාකර හැරියා. තථාගතයන් වහන්සේට ප්‍රකාශ කළා ‘ස්වාමිනි අප ඔබ වෙතින් පැවිදි බව හා උපසම්පදාව ලබන්නෙමු’ කියා. එවිට උන්වහන්සේ වදාළා මහණෙනි! මේ ධර්මය මනාකොට දේශනා කර තිබෙනවා. බඹසරෙහි හැසිරී මේ දුක් කෙළවර කරන්න. එයට කියන්නේ ඒහි භික්ඛු උපසම්පදාව කියා. මෙහිදී පැවිදි කිරීමක්, සිවුරු අතට දීමක් ආදිය සිදුවන්නේ නැහැ. සිවුරු පාත්‍ර සියල්ලම සෘද්ධියෙන් පහළ වෙනවා. බුදු කෙනෙකු පමණයි එසේ ඒහි භික්ඛුභාවය ලබා දෙන්නේ. තවුසන් විසින් පාකළ තවුස් පිරිකර සියල්ලම ගඟ දිගේ පහළට ගසාගෙන ගියා.

නදියේ මැද කොටසේ වාසය කළ නදී කාශ්‍යප මෙය දැක සිතනවා මගේ සහෝදරයාට කුමක් හෝ කරදරයක් යැයි සිතා ඔහුව බලන්න ගියා. එහිදී දුටුවා උරුවෙල් කාශ්‍යප ඇතුලු පිරිස් පැවිදිවෙලා සිටින ආකාරය. නදී කාශ්‍යප අසනවා, කාශ්‍යපයෙනි, මේ පැවිදි බව තපසට වඩා උතුම් ද? ආයුෂ්මතුනි, එසේය. මේ පැවිදි බව උතුම්. ඉන්පසු නදී කාශ්‍යප ඇතුලු තුන්සියයක් පිරිස භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පැවිදි වූවා.

ගයා කාශ්‍යප සිටියේ ගයාවේ. ගග පහළට මේ සියලුම පිරිකර ගසාගෙන යනවා. ගයා කාශ්‍යප එය දැක සිතනවා මගේ සොයුරන්ට කුමක් හෝ කරදරයක්ද සිතා බැලීමට එනවා. ඒ සියලුම දෙනා පැවිදි වී සිටින ආකාරය දැක අසනවා ‘පැවිදි බව තපස් බවට වඩා උතුම් ද? එසේය, ‘’පැවිදි බව උතුම්යි’’ ඔහු ඇතුළු දෙසීයක් වූ පිරිස තම සියලුම තපස් පිරිකර පාකර භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි වුණා.

උන්වහන්සේ දහසක් භික්ෂූන් වහන්සේ සමඟ ගයා ශීර්ෂයට වැඩම කළා. එහිදී වදාළා මහණෙනි, ඇස, රූපය, ඇසේ විඤ්ඤාණය, ඇසේ ස්පර්ෂය, ස්පර්ෂයෙන් ඇතිවන විඳීමද ගිනි ගන්නවා. මහණෙනි, රාගය, ද්වේශය , මෝහය නමැති ගින්නෙන්ද ජාති, ජරා, මරණ, ශෝක වැලපීම්, දුක් දොම්නස් උපායාස ගින්නෙන් ද, අප ගිනි ගන්නවා. ඒ වගේම රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ෂ, අරමුණු හයත් ගිනි ගන්නවා. මේ එකොළොස් ආකාරය ගින්නෙන් ගිනි ගන්නවා බව අවබෝධ වූවාම ඔහු ඇසත්, රූපයත්, ඇසේ විඤ්ඤාණයත්, ඒ තුළින් ඇතිවන ස්පර්ෂයත්, ස්පර්ෂයෙන් හට ගන්නා විඳීමටත් කළකිරෙනවා. අවබෝධයෙන් කළකිරෙන විට එය අත හරිනවා. එවිට එයින් නිදහස් වෙනවා. නිදහස් වූ නිසා ඒ පුද්ගලයා සම්පූර්ණ වෙනවා. ඒ රහතන් වහන්සේයි. දහසක් පමණ වූ භික්ෂූහු මේ දේශනාව අවබෝධ කොටගෙන අරහත්වයට පත්වුණා.

භාග්‍යවතුන් වහන්සේට මෙතරම් ප්රාතිහාර්ය පා මොවුන් දමනය කිරීමට සිදුවූයේ ඔවුන් රහත් වී යැයි යම් මාන්නයකින් සිටි නිසයි. තථාගතයන් වහන්සේ බෝධි මූලයේදී සේනා සහිත මාරයා දමනය කළ පසුව උන්වහන්සේ කළ ප්‍රධානම දමනය මේ ජටිල දමනය.

තෙරුවන් සරණයි!

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

path to nirvana(f.b)

[QUOTE="Iron Monger, post: 17104281, member: 349634"] [b]උරුවෙල් කාශ්‍යප දමනය...[/b] [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xpa1/v/t1.0-9/s526x395/10625122_720865007980824_541060631715178069_n.jpg?oh=a7f9788830d49decbc7729019252f269&oe=54A61677&__gda__=1418241184_737f7b66dc8f6e2111c7ba381554c066[/IMG] [SIZE=5] අප ගෞරවයෙන් සරණ ගිය ඒ අසමසම ගුණ ඇති ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් දමනය කළයුතු පුද්ගලයන් අනුශාසනා ප්‍රාතිහාරයෙන්, ආදේශනා ප්‍රාතිහාරයෙන්ද, ඍධි ප්‍රාතිහාරයෙන්ද දමනය කළා. උන්වහන්සේ අනුත්තරපුරිසදම්ම සාරථි ගුණයෙන් යුක්තවන සේක.තමා රහතන් වහන්සේ නමක යැයි සිතා සිටි උරුවෙල් කාශ්‍යප දමනය වූ සැටි මෙසේය. බරණැස මිගදායේ පස්වග රහතන් වහන්සේලාගෙන් පසුව ක්‍රමයෙන් සඟ පිරිස වැඩිවෙලා ලෝකයේ රහතන් වහන්සේ හැට එක් නමක් බවට පත්වුණා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කළා මහණෙනි! යම් දිව්‍යමය වූද, මානුෂික වූද, කෙළෙස් උගුල්වලින් ඔබත් නිදහස් වුණා. මමත් නිදහස් වුණා. ඒ නිසා මහණෙනි, බොහෝ ජනයාට හිත සුවපිණිස ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි වචන ඇති පැහැදිලි අර්ථ ඇති බ්‍රහ්ම චරියාව ප්‍රකාශ කරන්න. ඒ වගේම උන්වහන්සේ වදාළා කෙලෙස් අල්ප සත්ත්වයන් ඉන්නවා. ධර්මය අසන්නට නො ලැබුණොත් ඒ අය පිරිහී යනවා. ධර්මය අවබෝධ කරන අය ඇතිවන්නේ ඒ ධර්මය කීමෙන් පමණයි. ඒ අවස්ථාවේ එතැනට මාරයා පැමිණ කියනවා යම් දිව්‍ය හෝ යම් මානුෂීය හෝ කෙළෙස් බන්ධන ඇද්ද ඒ සියලු බන්ධනයන්ගෙන් ඔවුන් බන්ධනවා. මහ බන්ධනයෙන් ඔබ බඳිනවා. ඒ නිසා ශ්‍රමණය නුඹ මගෙන් නිදහස් වූ කෙනෙක් නොවේ. භාග්‍යවතුන් වහන්සේ එවෙලෙහි වදාළා දිව්‍ය වූූ හෝ මානුෂික වූ හෝ යම් බන්ධන ඇද්ද ඒ සියලුම බන්ධනයන්ගෙන් මම නිදහස් වෙලා ඉන්නේ. ඒ නිසා මාරය නුඹ මේ කාරණයේ දී පරාජයට පත්වෙනවා කියා භාග්‍යවතුන් වහන්සේ වදාළ කල්හි සුගතයන් වහන්සේ මාව දැක්කා යැයි සිතූ මාරයා එතැනින්ම සිත අසතුටු වෙලා නොපෙනී ගියා. ඊට පසුව භාග්‍යවතුන් වහන්සේ අවවාද කළා මහණෙනි, ඒ ඒ තැන්වල භික්ෂූන් වහන්සේලා පැවිදි කරන්න. ඒ ඒ තැන්වලම උපසම්පදා කරන්න. එය උන්වහන්සේගේ සරණාගමන පැවිදි සහ උපසම්පදාව ලෙස. එහිදී සිල්පද පනවා තිබුණේ නැහැ. ඊටපසුව භාග්‍යවතුන් වහන්සේ බරණැසින් පිටත්ව උරුවෙල් බලා වැඩියා.ඒ අතර මගදී භද්දවග්ගිය කුමාරවරු මුණ ගැසී ඒ පිරිසත් පැවිදි වුණා. ඉන්පසුව භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් ජනපදයට වැඩියා. සේනානි ගමේ තමයි උරුවෙල් ජනපදය තිබෙන්නේ. උරුවෙල් ජනපදයේ ප්‍රධාන ජටිලයන් තිදෙනෙක් වාසය කළා. ඒ උරුවෙල් කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යපය. ජටිල කියන්නේ ජටාදර තවුසන්. අදත් ඉන්දියාවේ වැඩිපුර ඉන්නේ ජටිලයන්. ඒ පිරිස හිස රැවුල් බාන්නේ නැහැ. සිය රැවුල් කොණ්ඩා පීරන්නේත් නැහැ. කාලයක් යනවිට ඒවා රැළි වෙනවා. ඒ දිගට වැවුන කෙස් ජටාවක් වගේ උඩට බඳිනවා. ඒ අය තමයි ජටිල. මේ පිරිස හුගක් තපස් රකින අයයි. මේ උරුවෙල් කාශ්‍යප 500 දෙනාට නායක. ගයා කාශ්‍යප 300 දෙනාට නායක. නදී කාශ්‍යප 200 දෙනාට නායක. එහි සියලුම පිරිස දහසක් වෙනවා. එදින භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් කාශ්‍යපගේ ආශ්රමයට වැඩියා. උන්වහන්සේ මේ පිරිස සොයා වැඩියේ මොවුන් සංසාරේ බොහෝ ආත්මවල විමුක්තිය පතාගෙන ශ්‍රාවක පාරමි ධර්මයන් සම්පූර්ණ කළ අය බව දන්නා නිසා. භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් කාශ්‍යපට කියනවා “කාශ්‍යප, ඔබට බරක් නැත්නම්, කරදරයක් නැත්නම් මම මේ ගිනිහල් ගේ වාසය කරන්නද?” කියා. කාශ්‍යප කියනවා “මහ ශ්‍රමණය මට නම් එහි බරක් නැහැ. හැබැයි ඉතාමත් රෞද්‍රවූ ඍධිමත් වූ විෂ සහිත නාගයෙක් මෙහි ඉන්නවා. ඒ නාගයාගෙන් නම් ඔබට කරදර සිදුවෙයි” යනුවෙන්. එවිට භාග්යවනතුන් වහන්සේ “කාශ්‍යප එය කම් නැත” කියා ඒ ගිනිහල් ගෙයි තිබු ඇතිරිල්ලක භාවනාවෙන් වාඩි වී සිටියා. මෙහි සිටි ඒ නාගයා උන්වහන්සේ දැක අසතුටු වෙලා දුම් පිට කරන්න පටන් ගත්තා. භාග්‍යවතුන් වහන්සේ දැනගත්තා මේ නාගයා තමන්ගේ තේජසින් මත්වෙලා ඉන්නේ, එනිසා මේ නාගයාට පීඩාවක් ඇති නොවන ලෙස උන්වහන්සේගේ ශරීරයෙන් දුම් පිටකළා. මේ ක්‍රියාවට කිපුන නාගයා තම ශරීරයෙන් ගිනිදැල් පිට කළා. භාග්‍යවතුන් වහන්සේ තේජෝ ධාතුවට සම වැදී උන්වහන්සේගේ ශරීරයෙන්ද ගිනිදැල් පිටකළා. මෙය ඈතට මහ ගිනි ජාලාවක් වගේ ජටිලයන්ට පෙනුනා. ගිනිහල් ලේ ගිනි ගන්නවා සේ ජටිලයන් දුටුවා. ඔවුන් කථාවුණා ‘අහෝ! භවත්නි, සොඳුරු රූ ඇති ශ්‍රමණ ගෞතමයන් ඒකාන්තයෙන්ම විපතට පත්වෙලා’ කියා. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ඍධි බලයෙන් නාරජුගේ තේජස යට කොට දමනය කර පාත්‍රයට දැම්මා. පසුදින “මේ ඔබේ ආනුභාව සම්පන්න නාගයා” යැයි උරුවෙල් කාශ්‍යපට පෙන්වූවා. නමුත් මේ ප්රාතිහාරයට උරුවෙල් කාශ්‍යප දමනය වූයේ නැහැ. ඔහු කල්පනා කළා “යමෙක් චණ්ඩ වූ මහ ඍධි ඇති වහා පැතිරෙන දරුණු විස ඇති මහ නාග රාජයෙකු ගේ තේජස තමන්ගේ තේජසින් වනසයිද ඒ මහ ශ්‍රමණ තෙමේ ඒකාන්තයෙන්ම ඍධිමත්, මහානුභාවසම්පන්න කෙනෙක්.” නමුත් මා වැනි රහත් කෙනෙක් නොවේ කියාලා. උරුවෙල් කාශ්‍යප දමනය නො වූවද භාග්‍යවතුන් වහන්සේට පැහැදුණා. ඔහු කියනවා ශ්‍රමණයනි “ඔබ මෙහිම වාසය කරන්න. මම ඔබ වහන්සේට දානයෙන් උපස්ථාන කරන්නම්” කියා. භාග්‍යවතුන් වහන්සේ කාශ්‍යපගේ ආශ්රමයේ සමීපයේ වාසය කරද්දී රාත්‍රීයේ සතරදිගට අධිපති දෙවිවරු සතර දෙනා මහා ආලෝක ධාරාවක් පතුරවමින් ඉතා දීප්තිමත්ව දිලිසෙමින් භාගවතුන් වහන්සේ සමීපයට ආවා. උරුවෙල් කාශ්‍යප මේ රැස්මාලා දැක පසුදින අසනවා, මහ මහණ, ඊයේ රාත්‍රියේ වනයේ ආලෝක කරගෙන ඔබ වෙත පැමිණියේ කවරහු ද? ‘කාශ්‍යප ඒ සතරවරම් දෙවිවරු දහම් ඇසීමට පැමිණියා’. කාශ්‍යප සිතනවා සතරවරම් දෙවි මහ රජ දරුවෝ ධර්මය අසනු පිණිස යමෙකු වෙත යයිද මේ ශ්‍රමණතෙමේ ඒකාන්තයෙන්ම මහත් ඍධිසම්පන්නයි. මහානුභාව සම්පන්නයි. නමුත් මා වැනි රහත් නොවේ. ඊට පසුදින වනලැහැබ කලින් දුටු ගිනි කදම්බයට වඩා මහත් වූ ආලෝක ධාරාවක් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින ගිනිහල් ගෙට එන ආකාරය උරුවෙල් කාශ්‍යප දුටුවා. පසුදින අසනවා ‘ඒ ආලෝකය කුමක්ද?’ තථාගතයන් වහන්සේ පවසනවා ඒ ශක්‍ර දේවේන්ද්‍රයා දහම් සාකච්ඡාවකට පැමිණි බව. මහ ඍධිබලසම්පන්න සක්දෙවිදු යම්තැනක යමෙකුගෙන් ධර්මය අසන්නට පැමිණෙයිද ඒකාන්තයෙන්ම ඒ පුද්ගලයා මහඍද්ධිමත්. නමුත් මා වැනි රහත් නොවේ. ඊළඟ දිනයේ පෙර දිනයන්ට වඩා මහත් වූ පැහැපත් වූ ආලෝක ධාරාවක් උරුවෙල් කාශ්‍යප දුටුවා. පසුදින අසනවා ‘’ඒ ආලෝකය කුමක්ද?’’ කියා. භාග්‍යවතුන් වහන්සේ වදාළා ‘’කාශ්‍යප ඒ සහම්පති බ්රහ්මරාජයා’’ කියා. කාශ්‍යප එවෙලෙහිද සිතනවා සහම්පති බ්රහ්මරාජයා යමෙකුගෙන් බණ අසයිද ඔහු මහනුභාවසම්පන්න කෙනෙකි. නමුත් මම වගේ රහත් නැහැ නෙව කියා. එක් දිනක් මගධ ජනපදයේ මිනිසුන් දානයකට සූදානම් වුණා. දානය දවසේ උරුවෙල් කාශ්‍යප කල්පනා කරනවා අංග මගධ ජනපදවල අය බොහෝ හොඳට දානය දෙනවා. නමුත් මේ පිරිස මැද මහ ශ්රමණයන් වහන්සේ ඍධි ප්‍රාතිහාරයක් පෑවොත් මේ ලාභ සත්කාර සියල්ලම ශ්රමණයන් වහන්සේට යනවා. මට ලැබෙන්නේ නැහැ. එනිසා මේ ශ්රමණයන් හෙට දානයට වඩින්නේ නැත්නම් හොඳයි කියා සිතුවා. භාග්‍යවතුන් වහන්සේ මේ කල්පනාව දිවසින් දැක එදා දානයට නොගිහින් උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය සඳහා වැඩියා. පසුදා තථාගතයන් වහන්සේ වෙත ගිය උරුවෙල් කාශ්‍යප අසනවා ‘’මහ මහණ ඇයි ඊයේ ඔබ නො පැමිණියේ? ඊයේ දානය බොහෝ ලැබුණා. අපි ඔබ සිහි කළා’’. ‘ඇයි කාශ්‍යප ඔබ ඊයේ සිතුවා නේද මහ මහණ මේ දානයට නො පැමිණියොත් හොඳයි කියලා’’ යැයි තථාගතයන් වහන්සේ වදාළ විට කාශ්‍යපට ලැජ්ජා වුණා. නමුත් කාශ්‍යප සිතනවා “යමෙක් තමන්ගේ සිතින් අනුන්ගේ සිතේ චිත්ත ස්වභාව දැන ගනීද ඒකාන්තයෙන්ම මේ ශ්‍රමණ තෙමේ මහත් ඍධිමත්.” නමුත් මා වගේ රහත් නොවේ කියා සිතුවා. භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් ජනපදයේ වැඩ වසන කාලයේ දිනක් පාංශකූල සිවුරක් ලැබුණා. එය සෝදා ගැනීමට ස්ථානයක් නොතිබුණ නිසා සක් දෙවිදුන් බුදුරදුන්ගේ අදහස දැනගෙන එය සේදීමට පොකුණක් තනා දුන්නා. එම සිවුර අතුල්ලා ගන්නට ගලක්ද ගෙනවිත් තිබ්බා. වස්ත්‍රය වැනීමට තවත් කළුගලක් ගෙනැවිත් තිබ්බා. තථාගතයන් වහන්සේට වස්ත්‍රය සෝදා පොකුණෙන් ගොඩවීමට සමීපයේ තිබූ කුඹුක් ගසෙහි දෙවියා ඒ ගසේ අත්තක් පොකුණ දෙසට නැමුවා. පසුදින කාශ්‍යප මේ සියලුම දේ දැක අසනවා ‘’මහ ශ්‍රමණය කලින් මෙහි පොකුණක් හෝ කළුගල් ද තිබුණේ නැහැ. මේ කුඹුක් අත්තද මෙසේ නැමී තිබුණේ නැහැ. මේ දේ කළේ කවුද?’’ ‘’කාශ්‍යප මට පාංශකූල සිවුරක් ලැබුණා. එය සෝදා ගැනීමට තැනක් තිබුණේ නැහැ නෙව. ඒ නිසා ශක්‍රයා විසින් මේ පොකුණ තනා කළුගල් දෙක ගෙනවිත් තැබුවා. මේ කුඹක් ගසේ දෙවියා අත්ත නවා දුන්නා’ යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළා. එවිට කාශ්‍යප සිතනවා ශ්‍රක්‍ර දේවේන්ද්රයාත් වැඩපළ කරදෙන මේ මහණ තෙමේ නම් ඒකාන්තයෙන්ම මහානුභාව ඇති කෙනෙක්. නමුත් මා මෙන් රහත් නැහැ නොව කියා’’ තවත් එක් දිනක් තවුසෝ පන්සීයක් ගිනි පුදන පිණිස දර පලන්නට වුණා. එක් දර කැබැල්ලක්වත් පැලෙන්නේ නැති නිසා මෙයත් ‘මහ ශ්‍රමණයන්ගේ ප්රාතිහාර්යයක් යැයි සිතුවා. තථාගතයන් වහන්සේ ‘කාශ්‍යප දර පලන්නද? ඇසූ විට ‘පලන්න මහමහණ’ යි කීවා. එවෙලෙහි දර කොට පන්සීයම පැලී ගියා. තවුසෝ ගිනි දැල්වීමට සූදානම් වුවත් එක් දර කැබැල්ලක්වත් ගිනි ඇවිලුණේ නැහැ. මෙයත් මහමහණගේ ප්රාතිහාර්යක් විය යුතුයි තවුසෝ සිතුවා. තථාගතයන් වහන්සේ ‘ ගිනි අවුලන්නද කාශ්‍යප’ ඇසූවිට ‘එසේය’ පිළිතුරු දුන්නා. එවලෙහි දර කොට පන්සියය ගිනි ඇවිලුණා. තවුසෝ ගිනි පුදා ගිනි නිවන්නට උත්සාහ කළා. කෙතෙක් උත්සාහ කළද ගිනි නිවුනේ නැහැ. මෙයද ‘මහ ශ්රමණයාගේ ප්රාතිහාර්යයක්’ යැයි තවුසෝ සිතුවා. තථාගතයන් වහන්සේ ‘කාශ්‍යප ගිනි නිවන්න ද?’ ඇසුවා. ‘එසේය මහ ශ්‍රමණය ගිනි නිවේවායි’ පිළිතුරු දුන්නා. සෑම තැනම ගිනි නිවුණා. කාශ්‍යප පෙර සේම මහමහණුන් සෘද්ධිමත් වුවත් මම මෙන් රහත් නැතැයි’ සිතුවා. එක් දිනක් අකල් වැස්සක් වැහැලා භාග්‍යවතුන් වහන්සේ වෙසෙන ප්‍රදේශය ජලයෙන් යට වී ගියා. උන්වහන්සේ එම ජලය දෙබෑ කොට දූවිලි සහිත කොටසක් මවා එහි සක්මන් කරමින් සිටියා. උරුවෙල් කාශ්‍යපට ප්‍රකාශ කළා ජල පහර තද නිසා ඒකාන්තයෙන්ම මහශ්රමණයන් දියේ ගසා ගෙන ගොස් ඇති. බේරා ගනිමුයි කතිකාකොට බෝට්ටුවකින් ගියා. නමුත් භාග්‍යවතුන් වහන්සේ ජලය මැද දූවිලි සහිත බිමක සක්මන් කරනවා ඔවුන් දැක්කා. තවුසන් පුදුමයට පත්වුණා. තථාගතයන් වහන්සේ අහසට පැන නැගී ඔවුන්ගේ බෝට්ටුවට ගොඩ වුණා. එවිටද උරුවෙල් කාශ්‍යප සිතනවා ‘’යමෙක් සිටි තැන ජලයෙන් පවා නො තෙමේද මේ මහ ශ්‍රමණ සෘද්ධිමත් ය. මහනුභාව සම්පන්න ය. නමුත් මා මෙන් රහත් නොවේ.” භාග්‍යවතුන් වහන්සේ සිතනවා මේ මෝඝ පුද්ගලයාට මම මෙතරම් ප්රාතිහාර්ය පෙන්වද්දීත් කිසිදු දමනය වීමක් නැහැ. එනිසා මොහු සංවේගයට පත්කළ යුතුයැයි සිතා ‘’කාශ්‍යප නුඹ රහත් නොවේ. රහත් මගට පැමිණි කෙනෙකුත් නොවේ. යම් ප්‍රතිපදාවකින් අරහත් මාර්ගයට පැමිණෙයිද ඒ ප්රතිපාදාවත් ඔබ නොදනියි’’. එවිට උරුවෙල් කාශ්‍යපගේ මානය බිඳුණා. භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. ‘ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මම ඔබ වහන්සේගේ ශාසනයේ පැවිදි වෙනවා’. ‘’කාශ්‍යප ඔබ පන්සියයක් ජටිලයන්ට නායක. අග්‍රයි. ප්‍රමුඛාචාර්ය යි. ඔබ මේ තීරණය ඔබේ ගෝලයන් ගැන සිතා කළ යුතුයි’’ තථාගතයන් වහන්සේ වදාළා. එවිට උරුවෙල් කාශ්‍යප තම ගෝලයන් රැස් කර පවසනවා ‘’භවත්නි, මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟ පැවිදි වීමට සිතුවා. ඔබලා යමක් කැමැතිද එය කරන්න’’. ඔවුන් පවසනවා ‘’පින්වත් ආචාර්යතුමනි, අපිත් බොහෝ කාලයක් සිට මහ ශ්රමණයන් වහන්සේ කෙරෙහි පැහැදී සිටියේ. ඔබවහන්සේ උන්වහන්සේගෙන් පැවිදි බව ලබා ගන්නේනම්, අපි සියලු දෙනාත් බුද්ධ ශාසනයේ පැවිදි වෙනවා’. ඉන්පසු සියලුම දෙනා ජටා මඩුළු, කෙස්, තවුස් පිරිකර, ගිනි පුදන උපකරණ සියලුම දේ දියේ පාකර හැරියා. තථාගතයන් වහන්සේට ප්‍රකාශ කළා ‘ස්වාමිනි අප ඔබ වෙතින් පැවිදි බව හා උපසම්පදාව ලබන්නෙමු’ කියා. එවිට උන්වහන්සේ වදාළා මහණෙනි! මේ ධර්මය මනාකොට දේශනා කර තිබෙනවා. බඹසරෙහි හැසිරී මේ දුක් කෙළවර කරන්න. එයට කියන්නේ ඒහි භික්ඛු උපසම්පදාව කියා. මෙහිදී පැවිදි කිරීමක්, සිවුරු අතට දීමක් ආදිය සිදුවන්නේ නැහැ. සිවුරු පාත්‍ර සියල්ලම සෘද්ධියෙන් පහළ වෙනවා. බුදු කෙනෙකු පමණයි එසේ ඒහි භික්ඛුභාවය ලබා දෙන්නේ. තවුසන් විසින් පාකළ තවුස් පිරිකර සියල්ලම ගඟ දිගේ පහළට ගසාගෙන ගියා. නදියේ මැද කොටසේ වාසය කළ නදී කාශ්‍යප මෙය දැක සිතනවා මගේ සහෝදරයාට කුමක් හෝ කරදරයක් යැයි සිතා ඔහුව බලන්න ගියා. එහිදී දුටුවා උරුවෙල් කාශ්‍යප ඇතුලු පිරිස් පැවිදිවෙලා සිටින ආකාරය. නදී කාශ්‍යප අසනවා, කාශ්‍යපයෙනි, මේ පැවිදි බව තපසට වඩා උතුම් ද? ආයුෂ්මතුනි, එසේය. මේ පැවිදි බව උතුම්. ඉන්පසු නදී කාශ්‍යප ඇතුලු තුන්සියයක් පිරිස භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පැවිදි වූවා. ගයා කාශ්‍යප සිටියේ ගයාවේ. ගග පහළට මේ සියලුම පිරිකර ගසාගෙන යනවා. ගයා කාශ්‍යප එය දැක සිතනවා මගේ සොයුරන්ට කුමක් හෝ කරදරයක්ද සිතා බැලීමට එනවා. ඒ සියලුම දෙනා පැවිදි වී සිටින ආකාරය දැක අසනවා ‘පැවිදි බව තපස් බවට වඩා උතුම් ද? එසේය, ‘’පැවිදි බව උතුම්යි’’ ඔහු ඇතුළු දෙසීයක් වූ පිරිස තම සියලුම තපස් පිරිකර පාකර භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි වුණා. උන්වහන්සේ දහසක් භික්ෂූන් වහන්සේ සමඟ ගයා ශීර්ෂයට වැඩම කළා. එහිදී වදාළා මහණෙනි, ඇස, රූපය, ඇසේ විඤ්ඤාණය, ඇසේ ස්පර්ෂය, ස්පර්ෂයෙන් ඇතිවන විඳීමද ගිනි ගන්නවා. මහණෙනි, රාගය, ද්වේශය , මෝහය නමැති ගින්නෙන්ද ජාති, ජරා, මරණ, ශෝක වැලපීම්, දුක් දොම්නස් උපායාස ගින්නෙන් ද, අප ගිනි ගන්නවා. ඒ වගේම රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ෂ, අරමුණු හයත් ගිනි ගන්නවා. මේ එකොළොස් ආකාරය ගින්නෙන් ගිනි ගන්නවා බව අවබෝධ වූවාම ඔහු ඇසත්, රූපයත්, ඇසේ විඤ්ඤාණයත්, ඒ තුළින් ඇතිවන ස්පර්ෂයත්, ස්පර්ෂයෙන් හට ගන්නා විඳීමටත් කළකිරෙනවා. අවබෝධයෙන් කළකිරෙන විට එය අත හරිනවා. එවිට එයින් නිදහස් වෙනවා. නිදහස් වූ නිසා ඒ පුද්ගලයා සම්පූර්ණ වෙනවා. ඒ රහතන් වහන්සේයි. දහසක් පමණ වූ භික්ෂූහු මේ දේශනාව අවබෝධ කොටගෙන අරහත්වයට පත්වුණා. භාග්‍යවතුන් වහන්සේට මෙතරම් ප්රාතිහාර්ය පා මොවුන් දමනය කිරීමට සිදුවූයේ ඔවුන් රහත් වී යැයි යම් මාන්නයකින් සිටි නිසයි. තථාගතයන් වහන්සේ බෝධි මූලයේදී සේනා සහිත මාරයා දමනය කළ පසුව උන්වහන්සේ කළ ප්‍රධානම දමනය මේ ජටිල දමනය. තෙරුවන් සරණයි! කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා! [SIZE=2]path to nirvana(f.b)[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom