Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උෟවෙ කැරැලි ගහන කවුද මේ සමන්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උෟවෙ කැරැලි ගහන කවුද මේ සමන්ත

උෟවෙ කැරැලි ගහන කවුද මේ සමන්ත

නිවෙසේ කැණිමඬල බිඳුණොත් ඒ නිවෙසට වන දේ අමුතුවෙන් කියන්න ඕනෑ නැත. තාත්තා පවුලේ කේන්ද්‍රය වී ඒ කේන්ද්‍රය වටා සෙසු ජීවිත සියල්ල ගැටගැසුණු සමාජ ක්රමයක කැණිමඬල ගිලිහී ගිය පසු නන්නත්තාර වුණු ජීවිත ගොඩේ එකම පිරිමි පුලුටත්, එකම හයියත් වුණේ ඔහුය. තාත්තා නැති ගෙදර ඔහු වටේ හුස්ම ගන්නා ගැහැනු හතර දෙනෙක් පමණක් ඉතිරි වූහ. 'අම්මයි, අක්කයි, නංගිලා දෙන්නයි' ඒ වෙද්දී මේ හතර දෙනාට හයියක් වෙන්න බැරි තරමට ඒ අත් ළපටිය. හරියටම දෙක වසරට අඩිය තිබ්බා විතරය. පවුලක බර කරට ගන්නට තරම් වයසක නොසිටි ඔහුට අම්මා සියලු බර උර මතට ගන්නවා බලා සිටින්නට සිදුවිය. ගිනියම් වූ පාරවල්වල තාර එක්ක ඔට්ටු වෙන අම්මා දෙස බලා සිටින්නට සිදුවිය. කුලී වැඩ කරනවා බලා සිටින්නට සිදුවිය. ගල් කොරියේ ගල් කඩනවා බලා සිටින්නට සිදුවිය.

තාත්තා සිංහල වෙදමහතෙකි. ගම රොබට් බ්‍රවුන් ආණ්ඩුකාරවරයා වෙල්ලස්ස කැරැල්ලට පෙර ගිහින් ආදම්ගේ පලතුරු උයන වගේ යැයි කී උෟවේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණ ආසනයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රිදීමාලියද්ද නම් වූ ගම් පියසයි. එහි සිංහල වෙදකම මහා ආදායම් මාර්ගයක් නොවූ නිසාම ජීවත්වීම සඳහා වින්කලයක් පටන්ගැනීමට මේ තාත්තාට සිදුවිය. රිදීමාලියද්ද මහා විද්‍යාලයේ දෙක වසර ඉගෙන ගනිමින් සිටියදී සිදුවන තාත්තාගේ මරණයෙන් පසුව අසරණ වූ පවුලේ සියලු බර කරට ගත්තේ අම්මාය.

ටිකෙන් ටික අතපය දිගු වෙද්දී ඔහුද අම්මා සමඟ හරි හරියට ගල් කඩන්නටත්, හේන් කොටන්නටත්, කුඹුරු කරන්නටත් ගියේය. හැබැයි දන්න දවසේ ඉඳන් අම්මා කතිරය ගැසුවේ කොළ පාටටය. අලියාටය. එක්සත් ජාතික පක්ෂයටය. ඒත් අම්මාට ලැබුණු දෙයක් නැත. සෑම ඡන්දයක් ළංවෙද්දීම කරගැට පීදුණු අත්දෙකෙන් අලියට කතිරය ගසා එන අම්මලා ගැන ඔහුට පුංචි කාලයේ ඉඳන්ම ඇති වූයේ මහා දුකකි.

'අපි දුක් විඳින පන්තියේ මිනිස්සු'

ඇති නැති පරතරය ඔහුගේ පුංචි සිතට දශමයෙන් දශමය කාවදින්නට පටන් ගත්තේය. ඒ හැඟීම පාසල් අවධියේම දේශපාලන රස්නය ඇඟට වැදෙන්නටද හේතුව විණි. 1987 ඉන්දු - ලංකා ගිවිසුම රට පාවා දෙන ගිවිසුමක් සේ සලකා මේ පොඩි එකා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ව්‍යාපාරයට පාසල් අවධියේදීම සම්බන්ධයක් ඇති කර ගත්තේය. පසුව ආර්ථික විද්‍යා විශේෂවේදී උපාධියක් ලබා ගැනීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් විය.

'අපිට ඇඟපතේ හයිය එනකොට අපි අම්මලා ගල් කඩන්නයි කුලී වැඩ කරන්නයි යැව්වේ නෑ. මම අඳේට කුඹුරු කෙටුවා. හේන් කෙටුවා. නංගිලා දෙන්නගේම වගකීම කරට අරගත්තා. ඒ දෙන්නටත් ඉගැන්නුවා. ඔය කාලේ මම මේසන් වැඩත් කළා. ඒකෙන් හොඳ මේසන් කෝස් එකක් නොමිලේම කරන්න ලැබුණා. පස්සේ මම මගේ ගෙදරත් තනියෙන්ම හදා ගත්තා. කැම්පස් එකේදී කැන්ටින් එකේ මුදලාලිලා යාළු කරගත්තා. කැම්පස් එකේ ඉස්සරහ තිබුණු හෝටල්වල හිටිය මුදලාලිලා යාළු කරගත්තා. ගමේ ඇවිත් යනකොට ගමේ තියන මෑකරල් ටිකක්, කුරුම්බා ටිකක් කඩාගෙන ඇවිත් කැම්පස් එක ඉස්සරහ කඩවලට වික්කා. පොඩි ආදායමක් ගත්තා. තොග කඩ ටිකක් පිටකොටුවෙන් අඳුර ගත්තා. ඒවායින් ගෙනැල්ලා ගමේ අනිත් කඩවලට වඩා අඩුවෙන් දුන්නා. ඒකෙනුත් ලාභයක් ගත්තා. අමාරුවෙන් මාත් ඉගෙන ගත්තා.'

ටික කාලයක් යද්දී අම්මාටත් පුතාගේ දේශපාලනය තේරුම් යන්න පටන් ගත්තේය. පුතා ඒවා අම්මාට ලොකුවට කියාදෙන්න නොගියත් පක්ෂයේ සාමාජිකයන් නිතර නිතර ගෙදර යන්න එන්න පටන් ගනිද්දී ඔවුන් කතාබහ කරන දේවල් අසාගෙන ඉද්දී වෙනස් දෙයක් කරන්න උත්සාහ කරන කොල්ලන් ටිකක් කියා අම්මාටද සිතිණ. අම්මා එයට හදවතින්ම ආශීර්වාද කළාය. පක්ෂයේ බොහෝ නායකයෝ මේ අම්මාගේ දෑතින් පිසූ කෑම ටික කා සාලයේ පැදුරු දාගෙන නිදාගෙන ගිය ඇත්තෝය.

ඉන්පසුව 1997 වසරේදී රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් පත්කළ මේ කොලු ගැටයා අන් කිසිවකුත් නොව මෙවර උෟව පළාත් සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් මහ ඇමැති අපේක්ෂකත්වයට නම් කළ සමන්ත විද්‍යාරත්නයි. 1998 වසරේදී වසර නවයක් නිරතවූ ගුරු වෘත්තියටද සමුදී ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සාමාජිකයකු බවට පත්විය. 1999 උෟව පළාත් සභා මැතිවරණයේදී පළාත් සභාවටද, ඉන්පසුව 2004 පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරමින් දියවන්නාවද තරණය කළ ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු බවටද පත්විය.

'අපි තවමත් ලොකු දේවල් කැප කරලා නෑ. කෙනකුගේ උපරිම කැපකිරීමට වෙන්නේ ජීවිතයනේ. අපි කැප කළේ රැකියාව විතරයි. ඒක මම විතරක් කරපු දෙයක් නෙවෙයි. අපේ පක්ෂයේ බිමල් රත්නායක සහෝදරයා ඉන්ජිනේරුවෙක්. කළුතර දිස්ත්‍රික්කයේ නලින්ද ජයතිස්ස සහෝදරයා ගත්තොත් වෛද්‍යවරයෙක්. විජිත හේරත් සහෝදරයා ගත්තොත් කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදියට කෙටි කාලයක් සේවය කරපු කෙනෙක්. අනුර කුමාර සහෝදරය ගණිත අංශයේ උපාධිධාරියෙක්. හඳුන්නෙත්ති සහෝදරයා වාණිජ අංශයෙන් උපාධිධාරියෙක්. අපිට තියෙන්නේ පෞද්ගලික අරමුණක් නෙවෙයි. පොදු අරමුණක්. ඒ අරමුණ තමයි මේ දුෂ්ට සමාජ ක්‍රමය වෙනස් කරන එක.'

ඒ 2004 පරිවාස ආණ්ඩු කාලයයි. සුක්කානම චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ අතේ තිබියදී බස් එකේ පිටුපසට වන්නට කුඩා ආසන හතරක් ජනතා විමුක්ති පෙරමුණට හිමිවිය. ඒ කෘෂිකර්ම අමාත්‍යංශයත්, ධීවර අමාත්‍යංශයත්, කුඩා කර්මාන්ත අමාත්‍යංශයත්, සංස්කෘතික අමාත්යංශයත්ය. සංස්කෘතික අමාත්‍යංශයේ අමාත්‍ය ධුරය විජිත හේරත්ට ලැබෙද්දී එහි නියෝජ්‍ය ඇමැති ධුරයට සමන්ත විද්‍යාරත්න පත්ව සිටියේය.

'අපි නිකන් ආවාට ගියාවට ඇමැතිකම් භාරගත්තේ නෑ. රට වෙනුවෙන් සන්ධාන ආණ්ඩුවෙන් අරගන්නේ මොනවාද කියලා පූර්වාවබෝධයකින් තමයි ආවේ. අපි කල්පනා කළා නැති බැරි මිනිසුන්ගේ ආර්ථිකය නඟාසිටුවන්න නම් නිෂ්පාදනයට වගකියන අමාත්‍යංශ භාර ගන්න ඕන කියලා. ජනතාවගේ ආර්ථිකය වර්ධනය කරනවා වගේම සංස්කෘතියත් හදන්න ඕන කියලා හිතලා තමයි සංස්කෘතික අමාත්‍යංශය භාර ගත්තේ. සංස්කෘතික අමාත්‍යංශය කරනකොට විජිත හේරත් සහෝදරයයි මායි විෂයන් බෙදාගෙන වැඩ කළේ. මට භාර වුණේ සංස්කෘතික කටයුතු අරමුදලයි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි, සංස්කෘතික මධ්‍යස්ථානයි.'

ඔවුන් සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාර ගනිද්දී එම ආයතන තිබුණේ කණකොකා හැඬවුණ අසාධ්‍ය තත්ත්වයකය. එහිදී ඔවුහු සංරක්ෂණය නොකරන ලද පුරාවිද්‍යා ස්ථාන 1,000ක් තෝරා සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළහ. අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර ඇතුළත් වූ සංස්කෘතික ත්‍රිකෝණයේ තිබුණු ලොකුම පුරාවිද්‍යා චෛත්‍යයක් වූ මිහින්තලය සංරක්ෂණ වැඩපිළිවෙළ ආරම්භ කළහ. වසර 18ක් එකතැන පල්වූ සීගිරිය සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළට ජීවයක් ලබා දුන්නේ බලධාරීන් එය අතහැර දමා නිද්‍රාශීලීව සිටිද්දීය.

'සීගිරිය ගත්තොත් ආදායම වසරකට කෝටි 100ක් වෙනවා ඇති. 2003 අවුරුද්දේ අපි යන්න කලින් ආදායම බැලුවා කෝටි හයයි ගාණක්. ඉතිහාසයේ කරපු වැඩවලින් තාමත් එවැනි ආදායමක් ලබනවා. නමුත් සංරක්ෂණය කරලා නෑ. අපි යනකොට වසර 18ක් වෙනවා උඩට ගඩොල් ගෙනියන්න විදියක් නෑ කියලා අතහැරලා හිටියේ. ගඩොල් ටිකයි වැලි ටිකයි උඩට ගෙනියන්න ටෙන්ඩර් කැඳෙව්වාම කොන්ත්‍රාත්කරුවෙක් ලක්ෂ 98ක් ඉල්ලලා තිබුණා. අපි බැලුවා ලක්ෂ 98ක් කොහෙන්ද හොයන්නේ. සංස්කෘතික අමාත්‍යංශයට සාමාන්‍යයෙන් රටේ සල්ලි දෙන්නේ නෑනේ. කාශ්‍යප රජතුමා මේක හැදුවේ කොහොමද දන්නේ නෑ කියලා හේරත් සහෝදරයා නිලධාරීන්ගෙන් ඇහුවා. මිනිසුන්ගේ ශ්‍රමයෙන් කරන්න ඇත්තේ අපිත් ශ්‍රමදානයෙන් කරමු කියලා යෝජනා කළා. අපි 2005 මැයි 12 වැනිදා පළමුවැනි ශ්‍රමදානය කළා සහන සේවා බළකායත් අරන් ගිහින්.

ගඩොල් උඩට ඇද්දා. උදේ වරුවේ සිංහපාදය දක්වා ගත්තා. හබරන ගුවන් හමුදාවේ ප්‍රධානියාට මං කතා කරලා කිව්වම ඔහු ආවා. සෙබළුත් එක්කලා. අඬ අඳුරේ වැඩ කළා. දෙබරු ඇවිස්සෙන නිසා සිංහ පාදයේ ඉඳන් ගල මුදුනට ගඩොල් ඇද්දා රෑ එළිවෙද්දී. දෙයියන්න වෙලේ කුඹුරු කරපු, වලාරාවේ කුඹුරු කෙටුව හයියෙන් උදේ ඉඳන් රෑ එළිවෙනකල් මමත් ගලමුදුනට ගඩොල් ඇද්දා.

ඊළඟ ශ්‍රමදාන කටයුත්ත ගැන රූපවාහිනි ප්‍රවෘත්තිවලට යැව්වා, සීගිරිය නමැති උරුමය රැකගන්න ශ්‍රමදාන පවත්වනවා. මේ සත්කාර්යයට දායක වීමට කැමැති අය ඉන්නවා නම් ශ්‍රමදාන දින භාරදෙන්න පුළුවන් කියලා. මට මතක හැටියට සතියක් යද්දී ශ්‍රම දින 26ක් ඉල්ලලා තිබුණා. අපි ඒවට ශ්‍රම දින වෙන් කරලා දුන්නා. ඒ අනුව ගඩොල් ටික උඩට යනවා. ටික දවසකින් නිලධාරීන් බාසුන්නැහැලා කෑගැහුවා උඩ ගල් ගොඩක් ගොඩ ගැහිලා කියලා. මුදුනේ සංචාරකයන්ටත් බාධායි කිව්වා. ඒ අනුව මගේ කාර්යාලයේ හිටපු කම්කරුවා කිව්වා මේ ප්‍රශ්නයට උත්තරයක් තියෙනවා කියලා. මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් රෙදි මල්ලක් මහලා දවසට ඕන ගඩොල් කැට ගාණයි, වැලි ටිකයි බෑග්වලට දාලා ටිකට් කවුන්ටරයේ තියලා එන සංචාරකයන්ට දෙමු. ජාතික උරුමය රැකගන්න ඔබත් කැමැති නම් උඩට ගිහින් දෙන්න කියලා. අන්තිමේදී වයසක අම්මලා එක ගඩොල් කැටේ කැටේ කරතියාගෙන ගියා. නොමිලේ අපි සතයක්වත් වියදම් කරන්නේ නැතිව නොමිලේම උඩට ඇද්දුවා ගඩොල් ටික. අවුරුදු 18ක් ඉබි ගමනින් සංරක්ෂණය වුණු සීගිරිය අපි මාස හතරෙන් සංරක්ෂණය කළා.'

එයින් ඔප්පු වුණේ රට භාරගත්තවුන් ශ්‍රමය වගුරනවා නම් මිනිස්සුත් එක්ක පාරට බහිනවා නම් මිනිස්සුත් වැඩ කරන්න සූදානම් බවයි. 2004 සුනාමිය පැමිණි වෙලෙත් ජනතා විමුක්ති පෙරමුණ සමාජ මෙහෙවර අකුරටම ඉටු කළේය. ගාලු - කොළඹ දුම්රිය මාර්ගය දින කිහිපයක් තුළත්, ගාලු බස් නැවතුම්පොළ සුමාන කිහිපයකින්ද ප්‍රතිසංස්කරණය කිරීමට ඔවුහු දායක වුහ. සුනාමි ව්‍යසනය අවස්ථාවේ සමන්ත විද්‍යාරත්නට භාරවූයේ කිරින්ද ප්රදේශයයි.

'මගේ අතින් මළ සිරුරු තිහකට වඩා අයින් කළා. සුනාමිය ආවට පස්සේ ලංකාවේ පළමුවැනි තාවකාලික ගම්මානය දවස් 12කින් වතුර දීලා බිමට සිමෙන්ති දාලා සීට් සෙවිලි කරලා 'සිඳුජයපුර' ගම්මානය කියලා ගෙවල් 150ක් හදලා විවෘත කළා'

මාස 14ක ජනතා විමුක්ති පෙරමුණත්, පොදු පෙරමුණත් අතර පැවැතුණු පරිවාස දීගය අහවර වීමත් සමඟ එවැනි බොහෝ කාර්යයන් අතරමඟ ඇනහිටිණි. ඉන්පසුව 2010 මහ මැතිවරණයේදී ඡන්ද 1,726කින් ඔහුට පාර්ලිමේන්තු ෙදාර වැසී ගියේය. ඊටත් පසුව ඔහු කැපී පෙනුණේ සාහිත්‍ය මිශ්‍ර ඔහුටම අනන්‍ය කාව්‍ය භාෂාවකින් දේශපාලන වේදිකාවේ සක්‍රිය වීම නිසාය. වින්කල් බාස්වරයකුගේ පුතකු, පාරට තාර ඇනූ, ගල් කැඩූ අම්මා කෙනකුගේ පුතකු. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව දක්වා පැමිණ උත්තරීතර පාර්ලිමේන්තුවටද පය තබා ඉනික්බිතිව මෙවර උෟව පළාත් සභාවේ මහ ඇමැති අපේක්ෂකයා ලෙසත් උෟව පළාත් කණ්ඩායමේ නායකයා ලෙසත් උෟව දිනන සටනේ දක්ෂ කථිකයකු වීම දක්වාත් පැමිණි ගමන් මඟ එසේය.

ගත්තෙ මව්බිමෙන්

[QUOTE="dayamperera, post: 17079034, member: 103705"] [b]උෟවෙ කැරැලි ගහන කවුද මේ සමන්ත[/b] [B][SIZE="4"]උෟවෙ කැරැලි ගහන කවුද මේ සමන්ත[/SIZE][/B] [IMG]http://s12.postimg.org/w3la2ap6l/samantha.jpg[/IMG] [SIZE="3"]නිවෙසේ කැණිමඬල බිඳුණොත් ඒ නිවෙසට වන දේ අමුතුවෙන් කියන්න ඕනෑ නැත. තාත්තා පවුලේ කේන්ද්‍රය වී ඒ කේන්ද්‍රය වටා සෙසු ජීවිත සියල්ල ගැටගැසුණු සමාජ ක්රමයක කැණිමඬල ගිලිහී ගිය පසු නන්නත්තාර වුණු ජීවිත ගොඩේ එකම පිරිමි පුලුටත්, එකම හයියත් වුණේ ඔහුය. තාත්තා නැති ගෙදර ඔහු වටේ හුස්ම ගන්නා ගැහැනු හතර දෙනෙක් පමණක් ඉතිරි වූහ. 'අම්මයි, අක්කයි, නංගිලා දෙන්නයි' ඒ වෙද්දී මේ හතර දෙනාට හයියක් වෙන්න බැරි තරමට ඒ අත් ළපටිය. හරියටම දෙක වසරට අඩිය තිබ්බා විතරය. පවුලක බර කරට ගන්නට තරම් වයසක නොසිටි ඔහුට අම්මා සියලු බර උර මතට ගන්නවා බලා සිටින්නට සිදුවිය. ගිනියම් වූ පාරවල්වල තාර එක්ක ඔට්ටු වෙන අම්මා දෙස බලා සිටින්නට සිදුවිය. කුලී වැඩ කරනවා බලා සිටින්නට සිදුවිය. ගල් කොරියේ ගල් කඩනවා බලා සිටින්නට සිදුවිය. තාත්තා සිංහල වෙදමහතෙකි. ගම රොබට් බ්‍රවුන් ආණ්ඩුකාරවරයා වෙල්ලස්ස කැරැල්ලට පෙර ගිහින් ආදම්ගේ පලතුරු උයන වගේ යැයි කී උෟවේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණ ආසනයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රිදීමාලියද්ද නම් වූ ගම් පියසයි. එහි සිංහල වෙදකම මහා ආදායම් මාර්ගයක් නොවූ නිසාම ජීවත්වීම සඳහා වින්කලයක් පටන්ගැනීමට මේ තාත්තාට සිදුවිය. රිදීමාලියද්ද මහා විද්‍යාලයේ දෙක වසර ඉගෙන ගනිමින් සිටියදී සිදුවන තාත්තාගේ මරණයෙන් පසුව අසරණ වූ පවුලේ සියලු බර කරට ගත්තේ අම්මාය. ටිකෙන් ටික අතපය දිගු වෙද්දී ඔහුද අම්මා සමඟ හරි හරියට ගල් කඩන්නටත්, හේන් කොටන්නටත්, කුඹුරු කරන්නටත් ගියේය. හැබැයි දන්න දවසේ ඉඳන් අම්මා කතිරය ගැසුවේ කොළ පාටටය. අලියාටය. එක්සත් ජාතික පක්ෂයටය. ඒත් අම්මාට ලැබුණු දෙයක් නැත. සෑම ඡන්දයක් ළංවෙද්දීම කරගැට පීදුණු අත්දෙකෙන් අලියට කතිරය ගසා එන අම්මලා ගැන ඔහුට පුංචි කාලයේ ඉඳන්ම ඇති වූයේ මහා දුකකි. 'අපි දුක් විඳින පන්තියේ මිනිස්සු' ඇති නැති පරතරය ඔහුගේ පුංචි සිතට දශමයෙන් දශමය කාවදින්නට පටන් ගත්තේය. ඒ හැඟීම පාසල් අවධියේම දේශපාලන රස්නය ඇඟට වැදෙන්නටද හේතුව විණි. 1987 ඉන්දු - ලංකා ගිවිසුම රට පාවා දෙන ගිවිසුමක් සේ සලකා මේ පොඩි එකා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ව්‍යාපාරයට පාසල් අවධියේදීම සම්බන්ධයක් ඇති කර ගත්තේය. පසුව ආර්ථික විද්‍යා විශේෂවේදී උපාධියක් ලබා ගැනීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. 'අපිට ඇඟපතේ හයිය එනකොට අපි අම්මලා ගල් කඩන්නයි කුලී වැඩ කරන්නයි යැව්වේ නෑ. මම අඳේට කුඹුරු කෙටුවා. හේන් කෙටුවා. නංගිලා දෙන්නගේම වගකීම කරට අරගත්තා. ඒ දෙන්නටත් ඉගැන්නුවා. ඔය කාලේ මම මේසන් වැඩත් කළා. ඒකෙන් හොඳ මේසන් කෝස් එකක් නොමිලේම කරන්න ලැබුණා. පස්සේ මම මගේ ගෙදරත් තනියෙන්ම හදා ගත්තා. කැම්පස් එකේදී කැන්ටින් එකේ මුදලාලිලා යාළු කරගත්තා. කැම්පස් එකේ ඉස්සරහ තිබුණු හෝටල්වල හිටිය මුදලාලිලා යාළු කරගත්තා. ගමේ ඇවිත් යනකොට ගමේ තියන මෑකරල් ටිකක්, කුරුම්බා ටිකක් කඩාගෙන ඇවිත් කැම්පස් එක ඉස්සරහ කඩවලට වික්කා. පොඩි ආදායමක් ගත්තා. තොග කඩ ටිකක් පිටකොටුවෙන් අඳුර ගත්තා. ඒවායින් ගෙනැල්ලා ගමේ අනිත් කඩවලට වඩා අඩුවෙන් දුන්නා. ඒකෙනුත් ලාභයක් ගත්තා. අමාරුවෙන් මාත් ඉගෙන ගත්තා.' ටික කාලයක් යද්දී අම්මාටත් පුතාගේ දේශපාලනය තේරුම් යන්න පටන් ගත්තේය. පුතා ඒවා අම්මාට ලොකුවට කියාදෙන්න නොගියත් පක්ෂයේ සාමාජිකයන් නිතර නිතර ගෙදර යන්න එන්න පටන් ගනිද්දී ඔවුන් කතාබහ කරන දේවල් අසාගෙන ඉද්දී වෙනස් දෙයක් කරන්න උත්සාහ කරන කොල්ලන් ටිකක් කියා අම්මාටද සිතිණ. අම්මා එයට හදවතින්ම ආශීර්වාද කළාය. පක්ෂයේ බොහෝ නායකයෝ මේ අම්මාගේ දෑතින් පිසූ කෑම ටික කා සාලයේ පැදුරු දාගෙන නිදාගෙන ගිය ඇත්තෝය. ඉන්පසුව 1997 වසරේදී රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් පත්කළ මේ කොලු ගැටයා අන් කිසිවකුත් නොව මෙවර උෟව පළාත් සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් මහ ඇමැති අපේක්ෂකත්වයට නම් කළ සමන්ත විද්‍යාරත්නයි. 1998 වසරේදී වසර නවයක් නිරතවූ ගුරු වෘත්තියටද සමුදී ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සාමාජිකයකු බවට පත්විය. 1999 උෟව පළාත් සභා මැතිවරණයේදී පළාත් සභාවටද, ඉන්පසුව 2004 පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරමින් දියවන්නාවද තරණය කළ ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු බවටද පත්විය. 'අපි තවමත් ලොකු දේවල් කැප කරලා නෑ. කෙනකුගේ උපරිම කැපකිරීමට වෙන්නේ ජීවිතයනේ. අපි කැප කළේ රැකියාව විතරයි. ඒක මම විතරක් කරපු දෙයක් නෙවෙයි. අපේ පක්ෂයේ බිමල් රත්නායක සහෝදරයා ඉන්ජිනේරුවෙක්. කළුතර දිස්ත්‍රික්කයේ නලින්ද ජයතිස්ස සහෝදරයා ගත්තොත් වෛද්‍යවරයෙක්. විජිත හේරත් සහෝදරයා ගත්තොත් කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදියට කෙටි කාලයක් සේවය කරපු කෙනෙක්. අනුර කුමාර සහෝදරය ගණිත අංශයේ උපාධිධාරියෙක්. හඳුන්නෙත්ති සහෝදරයා වාණිජ අංශයෙන් උපාධිධාරියෙක්. අපිට තියෙන්නේ පෞද්ගලික අරමුණක් නෙවෙයි. පොදු අරමුණක්. ඒ අරමුණ තමයි මේ දුෂ්ට සමාජ ක්‍රමය වෙනස් කරන එක.' ඒ 2004 පරිවාස ආණ්ඩු කාලයයි. සුක්කානම චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ අතේ තිබියදී බස් එකේ පිටුපසට වන්නට කුඩා ආසන හතරක් ජනතා විමුක්ති පෙරමුණට හිමිවිය. ඒ කෘෂිකර්ම අමාත්‍යංශයත්, ධීවර අමාත්‍යංශයත්, කුඩා කර්මාන්ත අමාත්‍යංශයත්, සංස්කෘතික අමාත්යංශයත්ය. සංස්කෘතික අමාත්‍යංශයේ අමාත්‍ය ධුරය විජිත හේරත්ට ලැබෙද්දී එහි නියෝජ්‍ය ඇමැති ධුරයට සමන්ත විද්‍යාරත්න පත්ව සිටියේය. 'අපි නිකන් ආවාට ගියාවට ඇමැතිකම් භාරගත්තේ නෑ. රට වෙනුවෙන් සන්ධාන ආණ්ඩුවෙන් අරගන්නේ මොනවාද කියලා පූර්වාවබෝධයකින් තමයි ආවේ. අපි කල්පනා කළා නැති බැරි මිනිසුන්ගේ ආර්ථිකය නඟාසිටුවන්න නම් නිෂ්පාදනයට වගකියන අමාත්‍යංශ භාර ගන්න ඕන කියලා. ජනතාවගේ ආර්ථිකය වර්ධනය කරනවා වගේම සංස්කෘතියත් හදන්න ඕන කියලා හිතලා තමයි සංස්කෘතික අමාත්‍යංශය භාර ගත්තේ. සංස්කෘතික අමාත්‍යංශය කරනකොට විජිත හේරත් සහෝදරයයි මායි විෂයන් බෙදාගෙන වැඩ කළේ. මට භාර වුණේ සංස්කෘතික කටයුතු අරමුදලයි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි, සංස්කෘතික මධ්‍යස්ථානයි.' ඔවුන් සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාර ගනිද්දී එම ආයතන තිබුණේ කණකොකා හැඬවුණ අසාධ්‍ය තත්ත්වයකය. එහිදී ඔවුහු සංරක්ෂණය නොකරන ලද පුරාවිද්‍යා ස්ථාන 1,000ක් තෝරා සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළහ. අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර ඇතුළත් වූ සංස්කෘතික ත්‍රිකෝණයේ තිබුණු ලොකුම පුරාවිද්‍යා චෛත්‍යයක් වූ මිහින්තලය සංරක්ෂණ වැඩපිළිවෙළ ආරම්භ කළහ. වසර 18ක් එකතැන පල්වූ සීගිරිය සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළට ජීවයක් ලබා දුන්නේ බලධාරීන් එය අතහැර දමා නිද්‍රාශීලීව සිටිද්දීය. 'සීගිරිය ගත්තොත් ආදායම වසරකට කෝටි 100ක් වෙනවා ඇති. 2003 අවුරුද්දේ අපි යන්න කලින් ආදායම බැලුවා කෝටි හයයි ගාණක්. ඉතිහාසයේ කරපු වැඩවලින් තාමත් එවැනි ආදායමක් ලබනවා. නමුත් සංරක්ෂණය කරලා නෑ. අපි යනකොට වසර 18ක් වෙනවා උඩට ගඩොල් ගෙනියන්න විදියක් නෑ කියලා අතහැරලා හිටියේ. ගඩොල් ටිකයි වැලි ටිකයි උඩට ගෙනියන්න ටෙන්ඩර් කැඳෙව්වාම කොන්ත්‍රාත්කරුවෙක් ලක්ෂ 98ක් ඉල්ලලා තිබුණා. අපි බැලුවා ලක්ෂ 98ක් කොහෙන්ද හොයන්නේ. සංස්කෘතික අමාත්‍යංශයට සාමාන්‍යයෙන් රටේ සල්ලි දෙන්නේ නෑනේ. කාශ්‍යප රජතුමා මේක හැදුවේ කොහොමද දන්නේ නෑ කියලා හේරත් සහෝදරයා නිලධාරීන්ගෙන් ඇහුවා. මිනිසුන්ගේ ශ්‍රමයෙන් කරන්න ඇත්තේ අපිත් ශ්‍රමදානයෙන් කරමු කියලා යෝජනා කළා. අපි 2005 මැයි 12 වැනිදා පළමුවැනි ශ්‍රමදානය කළා සහන සේවා බළකායත් අරන් ගිහින්. ගඩොල් උඩට ඇද්දා. උදේ වරුවේ සිංහපාදය දක්වා ගත්තා. හබරන ගුවන් හමුදාවේ ප්‍රධානියාට මං කතා කරලා කිව්වම ඔහු ආවා. සෙබළුත් එක්කලා. අඬ අඳුරේ වැඩ කළා. දෙබරු ඇවිස්සෙන නිසා සිංහ පාදයේ ඉඳන් ගල මුදුනට ගඩොල් ඇද්දා රෑ එළිවෙද්දී. දෙයියන්න වෙලේ කුඹුරු කරපු, වලාරාවේ කුඹුරු කෙටුව හයියෙන් උදේ ඉඳන් රෑ එළිවෙනකල් මමත් ගලමුදුනට ගඩොල් ඇද්දා. ඊළඟ ශ්‍රමදාන කටයුත්ත ගැන රූපවාහිනි ප්‍රවෘත්තිවලට යැව්වා, සීගිරිය නමැති උරුමය රැකගන්න ශ්‍රමදාන පවත්වනවා. මේ සත්කාර්යයට දායක වීමට කැමැති අය ඉන්නවා නම් ශ්‍රමදාන දින භාරදෙන්න පුළුවන් කියලා. මට මතක හැටියට සතියක් යද්දී ශ්‍රම දින 26ක් ඉල්ලලා තිබුණා. අපි ඒවට ශ්‍රම දින වෙන් කරලා දුන්නා. ඒ අනුව ගඩොල් ටික උඩට යනවා. ටික දවසකින් නිලධාරීන් බාසුන්නැහැලා කෑගැහුවා උඩ ගල් ගොඩක් ගොඩ ගැහිලා කියලා. මුදුනේ සංචාරකයන්ටත් බාධායි කිව්වා. ඒ අනුව මගේ කාර්යාලයේ හිටපු කම්කරුවා කිව්වා මේ ප්‍රශ්නයට උත්තරයක් තියෙනවා කියලා. මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් රෙදි මල්ලක් මහලා දවසට ඕන ගඩොල් කැට ගාණයි, වැලි ටිකයි බෑග්වලට දාලා ටිකට් කවුන්ටරයේ තියලා එන සංචාරකයන්ට දෙමු. ජාතික උරුමය රැකගන්න ඔබත් කැමැති නම් උඩට ගිහින් දෙන්න කියලා. අන්තිමේදී වයසක අම්මලා එක ගඩොල් කැටේ කැටේ කරතියාගෙන ගියා. නොමිලේ අපි සතයක්වත් වියදම් කරන්නේ නැතිව නොමිලේම උඩට ඇද්දුවා ගඩොල් ටික. අවුරුදු 18ක් ඉබි ගමනින් සංරක්ෂණය වුණු සීගිරිය අපි මාස හතරෙන් සංරක්ෂණය කළා.' එයින් ඔප්පු වුණේ රට භාරගත්තවුන් ශ්‍රමය වගුරනවා නම් මිනිස්සුත් එක්ක පාරට බහිනවා නම් මිනිස්සුත් වැඩ කරන්න සූදානම් බවයි. 2004 සුනාමිය පැමිණි වෙලෙත් ජනතා විමුක්ති පෙරමුණ සමාජ මෙහෙවර අකුරටම ඉටු කළේය. ගාලු - කොළඹ දුම්රිය මාර්ගය දින කිහිපයක් තුළත්, ගාලු බස් නැවතුම්පොළ සුමාන කිහිපයකින්ද ප්‍රතිසංස්කරණය කිරීමට ඔවුහු දායක වුහ. සුනාමි ව්‍යසනය අවස්ථාවේ සමන්ත විද්‍යාරත්නට භාරවූයේ කිරින්ද ප්රදේශයයි. 'මගේ අතින් මළ සිරුරු තිහකට වඩා අයින් කළා. සුනාමිය ආවට පස්සේ ලංකාවේ පළමුවැනි තාවකාලික ගම්මානය දවස් 12කින් වතුර දීලා බිමට සිමෙන්ති දාලා සීට් සෙවිලි කරලා 'සිඳුජයපුර' ගම්මානය කියලා ගෙවල් 150ක් හදලා විවෘත කළා' මාස 14ක ජනතා විමුක්ති පෙරමුණත්, පොදු පෙරමුණත් අතර පැවැතුණු පරිවාස දීගය අහවර වීමත් සමඟ එවැනි බොහෝ කාර්යයන් අතරමඟ ඇනහිටිණි. ඉන්පසුව 2010 මහ මැතිවරණයේදී ඡන්ද 1,726කින් ඔහුට පාර්ලිමේන්තු ෙදාර වැසී ගියේය. ඊටත් පසුව ඔහු කැපී පෙනුණේ සාහිත්‍ය මිශ්‍ර ඔහුටම අනන්‍ය කාව්‍ය භාෂාවකින් දේශපාලන වේදිකාවේ සක්‍රිය වීම නිසාය. වින්කල් බාස්වරයකුගේ පුතකු, පාරට තාර ඇනූ, ගල් කැඩූ අම්මා කෙනකුගේ පුතකු. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව දක්වා පැමිණ උත්තරීතර පාර්ලිමේන්තුවටද පය තබා ඉනික්බිතිව මෙවර උෟව පළාත් සභාවේ මහ ඇමැති අපේක්ෂකයා ලෙසත් උෟව පළාත් කණ්ඩායමේ නායකයා ලෙසත් උෟව දිනන සටනේ දක්ෂ කථිකයකු වීම දක්වාත් පැමිණි ගමන් මඟ එසේය.[/SIZE] [B][SIZE="4"][COLOR="Blue"]ගත්තෙ මව්බිමෙන් [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom