Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
35 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
එකම පිනෙන් ලැබෙන විපාක එක සමානද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුරජාණන් වහන්සේගේ සමයේ එක්තරා රජතුමෙකුට බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කිරීමට සිතා එම දානය තම සේවකයින් ලවා දානයක් පිලියෙල කර බුදුරජාණන් වහන්සේට පූජා කළේය. එම පිනින් රජතුමා මියගිය පසු දිව්‍යමය සම්පත්වලින් අඩුම සම්sපත් ඇති චාතූරර්මහා රාජිකයේ ඉපදුණේaය. එහෙත් එම දානයම තම දෑතින්ම පිළියෙළ කොට බුදුරජාණන් වහන්සේට පූජාකළ රජුගේ ඇමැතියා එම පිනින් වඩාත් දිව්‍යමය සම්පත් ඇති ඉහළ දිව්‍ය ලෝකයක් වූ තව්තිසා දෙව්ලොව ඉපදුණේය. එකම දානය පූජාකළ දෙදෙනාට ආකාර දෙකක විපාක ලැබීමට හෙතුව භික්ෂුන්වහන්සේලා හේතු විමසන ලදී. එය පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ තමාම පිළියෙළ කර බුදුරජාණන් වහන්සේට පූජා කරන දෙයින් වඩාත් පින්සිඳු වන බවය. මෙයින් අවබෝධකර ගතයුත්තේ එකම පුණ්‍යකර්මය කරන සියලු දෙනාටම එකම ඵල විපාක හා ආනිශංස නොලැබෙන බවය. එසේ වීමට හේතු රාශියක් බුදුදහමේ දක්වා ඇත.

උදාහරණයක් ලෙස නිවසක දෙන සාංඝික දානයක් ගනිමු. ගෙහිමියා, බිරිඳ, දූ දරුවන් ඥාතීන් සහ සේවක සේවිකාවන් සාමාන්‍යයෙන් මෙම මහඟු පුණ්‍යකර්මයට සහභාගි වේ. දානය එකම වුවද මේ එකිනෙකාට ලැබෙන ඵල විපාක හා ආනිශංස එකසමාන නොවේ. ඒ ඔවුන්ගේ සහභාගිත්වය විවිධවනවා සේම ඇතිවන කුසල් සිත්ද වෙනස් වන නිසාය. දානමය කුසලයක නම් එහි ඵල විපාක හා ආනිශංස දානයට පෙර සංවිධානයේදී ඇතිවන පූර්ව ෙච්තනාද දානය පිරිනමන අවස්ථාවේදී ඇතිවන මුඤ්චන ෙච්තනාවද දානයට පසුව දක්වන අපර ෙච්තනාවද මත රඳා පවතී. දානය දීමේ මූලික අදහස් ඉදිරිපත්කර තමාගේම වුවමනාවෙන් ඉදිරිපත්වී වෙහෙස මහන්සි වී තම මුදල්ද වැයකොට දානය දීමේ කටයුතු කරන ගෙහිමියාට ලැබෙන දානමය ආනිශංස හා පල විපාක වැඩිය. දානය යනු තමන් සතු දෙය නිර්ලෝභිව පූජා කිරීමය. මෙහි කුසල් ගෙහිමියාට වැඩිවන්නේ එම නිසාය. එයට හොඳම උදාහරණය වන්නේ කොසොල් රජතුමා දුන් අසදෘශ දානයයි. මෙම දානය දීමේ මූලික අදහස ඇතිවූයේ කොසොල් රජතුමාටය. කෝටි සංඛ්‍යාත ධනයක් වැය කළේ කොසොල් රජතුමාය. එහෙත් එම දානයේ සියලු කටයුතු කළේ මල්ලිකා දේවියයි. එහෙත් ඇයට වඩා වැඩි පිනක් කොසොල් රජතුමාට ලැබිණි. ආමිශ දානයක වැඩිම පින ලැබෙන්නේ තම ධනය නිර්ලෝභිව වියදම් කරන පුද්ගලයාටය. මේ බව හොඳින් දැන සිටි දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑය නිර්මාණය කිරීමේදී එම සෑයට ගඩොලක් තැබූ භික්ෂුන් වහන්සේ නමකට පිරිකරක් යවා ගඩොල අස්කර තමාගේම ගඩොලක් තැබීsමට කටයුතු කළේ එම නිසාය.

දානය සැලසුම් කර සංවිධානය කරන අයටත් අමතර කුසලයක් ලැබේ. ඒ සංවිධානයේදී කය, වචනය හා සිත යන තුන් දොරින්ම කුසල් සිදුවන නිසාය. දානය ගැන සිත සිතා සැලසුම් කිරීම විශාල පිනක්වේ. දානය පිළියෙල කිරීම දානය බෙදීම ආදී අවස්ථාවලදී මුඤ්චන ෙච්තනා නිසා අමතර කුසළ් ඇතිවීමට හේතු කාරක වේ. දානය දීමෙන් පසුව ඒ ගැන පසුතැවිලි නොවී කුසසය ගැනම සිතීමෙන් තව තවත් කුසල් සිදුවේ. එහෙත් ඒ වියදම ගැන ශෝක වුවහොත් පසුතැවිලි වුවහොත් අකුසල් සිදුවේ. මේ අනුව එකම දානයමය පුණ්‍ය කර්මයකට සහභාගි වන පුද්ගලයින්ගේ තුන් දොරින් සිදුවන ක්‍රියාදාමය එකිනෙකට වෙනස් බැවින් ඔවුන් එකිනෙකාට ලැබෙන ඵල හා ආනිශංස ප්‍රමාණයද එකිනෙකට වෙනස් වේ.

යම්කිසිවෙක් යම් කුසල කර්මයක් සිදුකරනවිට එහි විපාක ඇති වන්නේ එම පුද්ගලයාට ඇතිවන කුසල් සිත් අනුවය. කාමාචර පුද්ගලයින් වු අපට ඇතිවන කුසල් සිත් ප්‍රමාණය අටකි. මෙම කුසල් සිත් අට ඇතිවන්නේ දාන, ශීල, භාවනා, අපචායන, වෙය්‍යාවච්ච, පත්තිදාන, පත්තානුමෝදනා, ධම්මසවන, ධම්ම දේශණා සහ දිට්ඨිඡ්ජුකම්මය යන දස පුණ්‍ය ක්‍රියාවන්ට අනුවය. මෙම කුසල් සිත් අට එම කුසලය කරනු ලබන්නේ සිතේ ඇතිවන සතුටකින්ද (සෝමනස්ස සහගත) නැතහොත් උපේක්ෂා සහගතවද යන කාරණය උඩ හතට බැගින් යුත් කොටස් දෙකකට බෙදේ. මෙම කොටසක්ද කුසලයේ ආනිසංස දන්නේ නම් ඥණ සම්ප්‍රයුක්ත ලෙසද ආනිශංස ඵල විපාක නොදන්නේ නම් ඥාන විප්‍රයුක්ත යනුවෙන් නැවත කොටස් දෙකකට බෙදේ. ඒ එක කොටසක්ද තමාගේ කැමැත්තෙන්ම හෝ අනුන්ගේ බලපෑමකින් තොරව කරන්නේ නම් අසංකාරික ලෙසද වෙනකුගේ ඉල්ලීම හෝ බලකිරීමක් මත සිදුකරන්නේ නම් සසංකාරී ලෙසද යනුවෙන් කොටස් දෙකකට බෙදේ.

මේ අනුව කුසල් සිත් අටකි. දසකුසලය සඳහාම ඇතිවන බැවින් සිත් සංඛාව අසූවකි. මෙසේ විවිධ අයුරින් හටගන්නා කුසල් සිත්වල ප්‍රබල දුබලභාවය ඒ ඒ සිත් සෑදීමට එකතුවන්නාවූ චෛතසික හෙවත් සිතිවිලි අනුව වෙනස් වේ. මෙවැනි චෛතසික පනස්දෙකක් ඇති අතර කුසල් සිත් සඳහාම උපයෝගි වන්නාවූ චෛතසික විසිහතරකි. ඒවා ශෝබන චෛතසික ලෙස හැඳින්වේ. මේ විසිහතරම සෑම කුසල් සිතක්ම සඳහාම උපයෝගි නොවන අතර ඒ ඒ ප්‍රමාණයන් මත ගුණාත්මකභාවය අනුව කුසල් සිතේ ප්‍රබලත්වය රඳා පවතී. එම නිසා එකම පුණ්‍යකර්මයට සහභාගිවන එක් පුද්ගලයාගේ කුසල්සිත් සිත්වල ප්‍රබලතාවය එකිනෙක හාත්පසින්ම වෙනස් නිසා ඵල විපාක හා ආනිශංස එකිනෙකෙට වෙනස් වීමට මෙයද හේතු කාරක වේ.

එකම පුණ්යකර්මයෙන් සමාන ඵල විපාක නොලැබෙන තවත් එක හේතුවක් වන්නේ පුද්ගලයා සතු ප්රඥාවයි. මෙයට දැක්විය හැකි හොඳම උදාහරණයක් වන්නේ අග්‍රශාවක සාරිපුත්ත මහතෙරුන් වහන්සේ සහ මුගලන් මහතෙරුන් වහන්සේය. මේ දෙදෙනාම ගිහිගෙයි වාසය කරද්දී අඹයාළුවෝය. දෙදෙනාම සංජය නම් පිරිවැජියා ළඟ තපස් රැකියේ එකටය. සාරිපුත්ත සංජය පිරිවැජියාගේ ධර්මයෙන් නිවන් අවබෝධ කළ නොහැකි බව තේරුම්ගෙන විමුක්තිය සොයා යන විට අස්සජී මහරහතන් වහන්සේ හමුවිය. උන්වහන්සේගේ සංවර පෙනුම ගැන පැහැදී ඔහුගේ ශාස්තෘවරයා කවුරුන්දැයි ඇසූවිට අස්සජී තෙරුන් පහත සඳහන් ගාථාව කීය.

යේ ධම්මා හේතුප්පභවා

තේසං හේතු තතාගතෝ හේතු

තේසං චයෝ නිරධෝ ආහ

ඒවං වාදි මහා සමණෝ

මෙම ගාථාවෙන් අර්ධයක් අසත්ම සැරියුත් හමි සෝවාන් විය. එම ගාථාවම සෝවාන්වූ සැරියුත් රහතන් වහන්සේම සිය හිතමිත්‍ර කෝලිතට දේශනා කරනවිට ඔහු සෝවාන්වූයේ සම්පූර්ණ ගාථාවම ඇසුවිටය. සැරියුත් මහතෙරුන් මුල්පදය ඇසීමෙන්ම සෝවාන්වූයේ උන්වහන්සේ තුළවු මහා ප්‍රඥාව නිසාය. බුදුරජාණන් වහන්සේ හැරුනවිට මෙලොව බිහිsවූ මහා ප්‍රඥාවන්තයා වූයේ සැරියුත් මහරහතන් වහන්සේය. කෝලිය - උපතිස්ස දෙදෙනාම කළේ එකම පුණ්යකර්මයය. සවන් දුන්නේ එකම ගාථාවකටය. විපාක ලැබුවේ දෙවිදියකටය. ඒ ප්‍රඥාවද පුණකර්මයේ ඵල විපාක වලට බලපාන බවට සාධකයකි.

ප්‍රඥාව යනු යම් ධර්මයක ස්වරූපය අවබෝධකර ගන්නා නුවණයි. ප්‍රඥාව

අමෝහය සහ ඥානය යනු මෙයට සමාන අර්ථයන් සේ දෑක්විය හැක. මෙය කුසල් සිත් ඇතිකිරීමට සිතට උදව්වන චෛතසිකයකි. ප්‍රඥාවන්තයාට ප්‍රබල කුසලයන් ලැබෙනුයේ ඔවුන්ගේ අමෝහය සහ ඥාණ සම්ප්රයුක්තභාවය නිසාය. කුසලයන් උත්පාදනය වනුයේ කුසල මූලයන් තුනක් මූලික කරගෙනය. එනම් අලෝභය, අද්වේෂය හා අමෝහයයි. යම්කිසි අරමුණක් ගන්නාවිට එම අරමුණ තත්ත්වාකාරයෙන් දැන ගැනීමට නොපිළිවන්වන අයුරින් සිත අපැහැදිලි කරන අඳුරුකරන ස්වභාවයට මෝහය යයි කියනු ලැබේ. මෙහි ප්‍රතිවිරුද්ධ අරමුණ පැහැදිලි කර යථාවබෝධයෙන් අරමුණ කරා යොමුකර සිත පිරිසිදුකර ඒකාලෝකකර සිත පහන්කරන තත්ත්වය අමෝහයයි. එම නිසා අමෝහය හෙවත් ප්‍රඥාවෙන් ඇතිකරගන්නා සිත් ප්රබලය. ඒවා සෑම විටම අසංකාරීය. අසංකාරී කුසල් සිත් සසංකාරී කුසල් සිත්වලට වඩා ප්රබලය. එසේම අමෝහයෙන් යුක්ත තැනැත්තාගේ ප්රඥාවන්තභාවය නිසා ඔවුන්ගේ ඥාණ සමුප්රයුක්තයෙන් යුක්තය. ඥාණ සම්ප්‍රයුක්ත කුසල්ද ඥාණවිප්රයුක්ත කුසල්වලට වඩා ප්‍රබල බැවින් ප්‍රඥාවන්තයා කරන කුසල්වල ඵල විපාක හා ආනිශංස වැඩිය. ඒ අනුව එකම පුණ්‍යකර්මය කරන පුද්ගලයන්ගෙන් ප්‍රඥවන්තයාට ලැබෙන කුසලය ප්‍රබලවේ.

එකම පූණ්‍යකර්මය වුවද කැප කිරීම වැඩි පුද්ගලයාට වැඩි ඵල විපාක ලැබීමට හේතුවේ. උදාහරණයක් ලෙස මල් පූජා කිරීම ගනිමු. මල් පූජා කිරීමෙන් මහා ආනිසංස ලැබෙන බව බුදුදහමේ සඳහන් සුමන මාලාකාරයාගේ කථාවෙන් පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩවසන සමයේ දිනක් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන පිඬුසිඟා වඩිමින් සිටිසේක. එකල බිම්බිසාර රජතුමාට මල් සපයන සුමන නම් මාලාකාරයා රජතුමා වෙත මල් ගෙන යන අතරමගදී පිඬුසිඟා වඩින බුදුරජාණනන් වහන්සේ දැක සිත පිනාගොස් බුදුන්ට පිදීමට දෙයක් නොමැතිව රජතුමා දෙන දඬුවමක් දුන්නාවේ යෑයි සිතා රජතුමාගේ මල්වලින් මිටක් බුදුන්ට පිදීය. එම මල් බුදුරජාණන් වහන්සේ වටා වියනක් මෙන් පිහිටියේය. මෙම ආශ්චර්යයෙන් පුදුමයට පත් සුමන ඉතිරි මල් ටිකද බුදුන්ට පූජා කළේය. පෙර මෙන්ම ඒ මල් සියල්ලම බුදුන් වටා වියනක් මෙන් පිහිටියේය. මෙම ආශ්චර්යය දුටු ජනයා සාදු නද දෙමින් ඝෝෂා කරන්නට වූහ.

එම පුවත දැනගත් බිම්බිසාර රජතුමාද එම ස්ථානයට පැමිණ ඒ ආශ්චර්ය දැක ප්‍රීතියට පත්ව සුමන මාලකාරයාට දඩුවම් කරනු වෙනුවට ඇතුන් අට දෙනෙක්ද, අශ්වයින් අට දෙනෙක්ද, දාසයින් අට දෙනෙක්ද, දාසියන් අට දෙනෙක්ද, මහාර්ග පළඳනා අටක්ද, කහවනු අට දහසක්ද, ඉතා රූමත් කාන්තාවන් අට දෙනෙක්ද යනුවෙන් ස්වර්ෂඨක පරිත්‍යාග කළේය. මෙය දුටු ආනන්ද හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේ අමතා සුමන මාලාකාරයාගේ මෙම ක්රියාවේ විපාක විමසීය. එවිට උන්වහන්සේ බුදුරජුන් මලින් පිදීම මහා පුණ්‍යකර්මයක් බවත් එහි විපාක වශයෙන් සුමන මාලාකාරයා කල්ප ලක්ෂයක් කිසිදු දුර්ගතියකට පත්නොවී සුගතියේ ඉපදී සැප සම්පත් විඳ අවසානයේ සුමන නම් පසේබුදු වන බවත් වදාළ සේක.

එවන් මහා ආනිශංස ලැබෙන මල් පූජා කිරීමේදී තම ගෙවත්තේම හදන මල් නෙළාගෙන ගොස් බදුහාමුදුරුවන්ට පූජා කිරීම මල් කඩෙන් මල් මිලදීගෙන ගොස් හෝ වෙනත් කෙනකුගෙන් ඉල්ලාගත් මල් පූජා කිරීමට වඩා වැඩි පිනක් ලැබේ. එසේ වන්නේ කෙසේදැයි විමසා බලමු.

බුදුරජාණන් වහන්සේ දේශනාකර ඇති අංගුත්තර නිකායේ එන වනරෝපන සූත්‍රය මෙයට පිළිතුරු ලබාදේ. බුදුරජාණන් වහන්සේ ගස් වැවීමේ ආනිශංස වදාරා ඇත. එය මහා කුසල කර්මයකි. ඒ අනුව මල් ගසක් වැවීමද කුසල කර්මයකි. තමාව වවා පෝෂණය කළ ගසකින් මලක් කඩා පූජා කිරීම නිසා පූජාකරන්නාට තව කුසල් ප්‍රමාණයක්ද ලැබේ. එසේම මෙම මල් ගස සිටවන පොහොර දාන, වතුර දාන, වල්පැල ගලවා සැප සාත්තු කරන සෑම මෙහොතකම බුදුගුණ සිහිකර කවදා හෝ එහි මල් මල් බුදුන්ට පූජා කරන්නේ යෑයි සිහිකරමින් මල් ගස හදා වඩා ගැනිමේදී තව තවත් කුසල් සිත් රාශියක් ඇතිවේ. එම නිසා ඔහුට ලැබෙන අමතර කුසල් ප්‍රමාණය අති මහත්වේ. මල් කඩයකින් මල් ගන්නා කෙනකුට හෝ අනුන්ගෙන් මල් ඉල්ලාගෙන පුජා කරන කෙනකුට මෙම අමතර කුසල කර්ම නොලැබේ. මල් පූජා කිරීම එකම පුණ්‍යකර්මය වුවද පල විපාක ආනිශංස එකම නොවන්නේ පුණ්‍ය කර්මයට කරන මේ කැප කිරීම මතය.

මේ සියල්ලටම අමතරව කුසලය කරන අවස්ථාවේ ඇතිවන කුසල් සිත මතද පල විපාක හා ආනිශංස වෙනස්වේ. කමාවර අපට කුසල් සිත් අටක් ඇතිවිය හැකිය. එහි පළමුවැනි කුසල් සිත සෝමනස්සසහගත ඥාණසම්ප්‍රයුක්ත අසංකාරික සිතය. එහි අසංකාරික බව හා ඥාන සම්ප්‍රයුක්ත භාවය ඉහතින් විස්aතර කරන ලදී. සෝමනස්ස සහගත යනු කුමක්ද? මෙය කුසල් සිතක ඇති ඉතා වැදගත් කොටසකි. බොහෝ විට මෙය සතුටු සිතින් කරන පින ලෙස සරලව හඳුන්වනු ලැබේ. එහෙත් එය ඊට වඩා ගැඹුරු දහමක් කියා පායි සෝමනස්ස සිතක ප්‍රධානම ලක්ෂණය වන්නේ අධික ශ්රද්ධාවයි. ඒ අනුව සෝමනස්ස පුද්ගලයා කුසලයක් කිරීමට අරඹන්නේ මහත් ශ්රද්ධාසමපන්නවය. ඊළගට දර්ශණ සම්පත්තියයි. එනම් දර්ශනය නිසා සිතෙහි ඇතිවන සතුටයි. විහාරස්ථානයට යනවි විහාරස්ථානය පිරිසිදු නම් පරිසරය ලස්සන නම් හිතෙහි ඇතිවන සතුටයි. තෙවැන්න සිල්වත් ප්රතිග්රාහකයින් දැකීමේ සතුටයි. එනම් ගෞරවණීය මහා සංඝරත්නය විහාරස්ථානයේ වැඩසිටී නම් ඇතිවන සතුටයි. සිව්වැන්න නිවරැදි ධර්මය දැනගැනීමෙන් ඇතිවන සතුටයි. පස්වැන්න කල්‍යාණ මිත්‍ර සේවනය ලැබීමේ සතුටයි. සයවැන්න කාල සම්පත්තියයි. සත්වැන්න පීඩා හිරිහැර කරදර නැති බවය. මේ අනුව සෝමනස්ස සහගත සතුට යන් නිකම්ම නිකම් සිතේ ඇතිවන සතුට නොවේ. සෝමනස්ස කුසල් සිතක් ඇතිවීමට මේ සියල්ල සම්පූර්ණ විය යුතුය.

මේ අනුව පුණ්‍යකර්මයක් කිරීමේදී එහි ඵල හා ආනිශංස පුණ්‍යකර්මය කරන පුද්ගලයාගේ ප්‍රඥාව ඇතිවන කුසල් සිත් ප්‍රමානය ඒ සිත්වල ප්‍රබලත්වය කුසලය කර්මයට දරන වීර්යය කැපකිරීම ආමිෂය තමාගේද නැද්ද යන්න ආදී කරුණු රාශියක් මත රඳා පවතින බව පෙනේ.

[QUOTE="asliyanage, post: 26442061, member: 8764"] බුදුරජාණන් වහන්සේගේ සමයේ එක්තරා රජතුමෙකුට බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කිරීමට සිතා එම දානය තම සේවකයින් ලවා දානයක් පිලියෙල කර බුදුරජාණන් වහන්සේට පූජා කළේය. එම පිනින් රජතුමා මියගිය පසු දිව්‍යමය සම්පත්වලින් අඩුම සම්sපත් ඇති චාතූරර්මහා රාජිකයේ ඉපදුණේaය. එහෙත් එම දානයම තම දෑතින්ම පිළියෙළ කොට බුදුරජාණන් වහන්සේට පූජාකළ රජුගේ ඇමැතියා එම පිනින් වඩාත් දිව්‍යමය සම්පත් ඇති ඉහළ දිව්‍ය ලෝකයක් වූ තව්තිසා දෙව්ලොව ඉපදුණේය. එකම දානය පූජාකළ දෙදෙනාට ආකාර දෙකක විපාක ලැබීමට හෙතුව භික්ෂුන්වහන්සේලා හේතු විමසන ලදී. එය පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ තමාම පිළියෙළ කර බුදුරජාණන් වහන්සේට පූජා කරන දෙයින් වඩාත් පින්සිඳු වන බවය. මෙයින් අවබෝධකර ගතයුත්තේ එකම පුණ්‍යකර්මය කරන සියලු දෙනාටම එකම ඵල විපාක හා ආනිශංස නොලැබෙන බවය. එසේ වීමට හේතු රාශියක් බුදුදහමේ දක්වා ඇත. උදාහරණයක් ලෙස නිවසක දෙන සාංඝික දානයක් ගනිමු. ගෙහිමියා, බිරිඳ, දූ දරුවන් ඥාතීන් සහ සේවක සේවිකාවන් සාමාන්‍යයෙන් මෙම මහඟු පුණ්‍යකර්මයට සහභාගි වේ. දානය එකම වුවද මේ එකිනෙකාට ලැබෙන ඵල විපාක හා ආනිශංස එකසමාන නොවේ. ඒ ඔවුන්ගේ සහභාගිත්වය විවිධවනවා සේම ඇතිවන කුසල් සිත්ද වෙනස් වන නිසාය. දානමය කුසලයක නම් එහි ඵල විපාක හා ආනිශංස දානයට පෙර සංවිධානයේදී ඇතිවන පූර්ව ෙච්තනාද දානය පිරිනමන අවස්ථාවේදී ඇතිවන මුඤ්චන ෙච්තනාවද දානයට පසුව දක්වන අපර ෙච්තනාවද මත රඳා පවතී. දානය දීමේ මූලික අදහස් ඉදිරිපත්කර තමාගේම වුවමනාවෙන් ඉදිරිපත්වී වෙහෙස මහන්සි වී තම මුදල්ද වැයකොට දානය දීමේ කටයුතු කරන ගෙහිමියාට ලැබෙන දානමය ආනිශංස හා පල විපාක වැඩිය. දානය යනු තමන් සතු දෙය නිර්ලෝභිව පූජා කිරීමය. මෙහි කුසල් ගෙහිමියාට වැඩිවන්නේ එම නිසාය. එයට හොඳම උදාහරණය වන්නේ කොසොල් රජතුමා දුන් අසදෘශ දානයයි. මෙම දානය දීමේ මූලික අදහස ඇතිවූයේ කොසොල් රජතුමාටය. කෝටි සංඛ්‍යාත ධනයක් වැය කළේ කොසොල් රජතුමාය. එහෙත් එම දානයේ සියලු කටයුතු කළේ මල්ලිකා දේවියයි. එහෙත් ඇයට වඩා වැඩි පිනක් කොසොල් රජතුමාට ලැබිණි. ආමිශ දානයක වැඩිම පින ලැබෙන්නේ තම ධනය නිර්ලෝභිව වියදම් කරන පුද්ගලයාටය. මේ බව හොඳින් දැන සිටි දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑය නිර්මාණය කිරීමේදී එම සෑයට ගඩොලක් තැබූ භික්ෂුන් වහන්සේ නමකට පිරිකරක් යවා ගඩොල අස්කර තමාගේම ගඩොලක් තැබීsමට කටයුතු කළේ එම නිසාය. දානය සැලසුම් කර සංවිධානය කරන අයටත් අමතර කුසලයක් ලැබේ. ඒ සංවිධානයේදී කය, වචනය හා සිත යන තුන් දොරින්ම කුසල් සිදුවන නිසාය. දානය ගැන සිත සිතා සැලසුම් කිරීම විශාල පිනක්වේ. දානය පිළියෙල කිරීම දානය බෙදීම ආදී අවස්ථාවලදී මුඤ්චන ෙච්තනා නිසා අමතර කුසළ් ඇතිවීමට හේතු කාරක වේ. දානය දීමෙන් පසුව ඒ ගැන පසුතැවිලි නොවී කුසසය ගැනම සිතීමෙන් තව තවත් කුසල් සිදුවේ. එහෙත් ඒ වියදම ගැන ශෝක වුවහොත් පසුතැවිලි වුවහොත් අකුසල් සිදුවේ. මේ අනුව එකම දානයමය පුණ්‍ය කර්මයකට සහභාගි වන පුද්ගලයින්ගේ තුන් දොරින් සිදුවන ක්‍රියාදාමය එකිනෙකට වෙනස් බැවින් ඔවුන් එකිනෙකාට ලැබෙන ඵල හා ආනිශංස ප්‍රමාණයද එකිනෙකට වෙනස් වේ. යම්කිසිවෙක් යම් කුසල කර්මයක් සිදුකරනවිට එහි විපාක ඇති වන්නේ එම පුද්ගලයාට ඇතිවන කුසල් සිත් අනුවය. කාමාචර පුද්ගලයින් වු අපට ඇතිවන කුසල් සිත් ප්‍රමාණය අටකි. මෙම කුසල් සිත් අට ඇතිවන්නේ දාන, ශීල, භාවනා, අපචායන, වෙය්‍යාවච්ච, පත්තිදාන, පත්තානුමෝදනා, ධම්මසවන, ධම්ම දේශණා සහ දිට්ඨිඡ්ජුකම්මය යන දස පුණ්‍ය ක්‍රියාවන්ට අනුවය. මෙම කුසල් සිත් අට එම කුසලය කරනු ලබන්නේ සිතේ ඇතිවන සතුටකින්ද (සෝමනස්ස සහගත) නැතහොත් උපේක්ෂා සහගතවද යන කාරණය උඩ හතට බැගින් යුත් කොටස් දෙකකට බෙදේ. මෙම කොටසක්ද කුසලයේ ආනිසංස දන්නේ නම් ඥණ සම්ප්‍රයුක්ත ලෙසද ආනිශංස ඵල විපාක නොදන්නේ නම් ඥාන විප්‍රයුක්ත යනුවෙන් නැවත කොටස් දෙකකට බෙදේ. ඒ එක කොටසක්ද තමාගේ කැමැත්තෙන්ම හෝ අනුන්ගේ බලපෑමකින් තොරව කරන්නේ නම් අසංකාරික ලෙසද වෙනකුගේ ඉල්ලීම හෝ බලකිරීමක් මත සිදුකරන්නේ නම් සසංකාරී ලෙසද යනුවෙන් කොටස් දෙකකට බෙදේ. මේ අනුව කුසල් සිත් අටකි. දසකුසලය සඳහාම ඇතිවන බැවින් සිත් සංඛාව අසූවකි. මෙසේ විවිධ අයුරින් හටගන්නා කුසල් සිත්වල ප්‍රබල දුබලභාවය ඒ ඒ සිත් සෑදීමට එකතුවන්නාවූ චෛතසික හෙවත් සිතිවිලි අනුව වෙනස් වේ. මෙවැනි චෛතසික පනස්දෙකක් ඇති අතර කුසල් සිත් සඳහාම උපයෝගි වන්නාවූ චෛතසික විසිහතරකි. ඒවා ශෝබන චෛතසික ලෙස හැඳින්වේ. මේ විසිහතරම සෑම කුසල් සිතක්ම සඳහාම උපයෝගි නොවන අතර ඒ ඒ ප්‍රමාණයන් මත ගුණාත්මකභාවය අනුව කුසල් සිතේ ප්‍රබලත්වය රඳා පවතී. එම නිසා එකම පුණ්‍යකර්මයට සහභාගිවන එක් පුද්ගලයාගේ කුසල්සිත් සිත්වල ප්‍රබලතාවය එකිනෙක හාත්පසින්ම වෙනස් නිසා ඵල විපාක හා ආනිශංස එකිනෙකෙට වෙනස් වීමට මෙයද හේතු කාරක වේ. එකම පුණ්යකර්මයෙන් සමාන ඵල විපාක නොලැබෙන තවත් එක හේතුවක් වන්නේ පුද්ගලයා සතු ප්රඥාවයි. මෙයට දැක්විය හැකි හොඳම උදාහරණයක් වන්නේ අග්‍රශාවක සාරිපුත්ත මහතෙරුන් වහන්සේ සහ මුගලන් මහතෙරුන් වහන්සේය. මේ දෙදෙනාම ගිහිගෙයි වාසය කරද්දී අඹයාළුවෝය. දෙදෙනාම සංජය නම් පිරිවැජියා ළඟ තපස් රැකියේ එකටය. සාරිපුත්ත සංජය පිරිවැජියාගේ ධර්මයෙන් නිවන් අවබෝධ කළ නොහැකි බව තේරුම්ගෙන විමුක්තිය සොයා යන විට අස්සජී මහරහතන් වහන්සේ හමුවිය. උන්වහන්සේගේ සංවර පෙනුම ගැන පැහැදී ඔහුගේ ශාස්තෘවරයා කවුරුන්දැයි ඇසූවිට අස්සජී තෙරුන් පහත සඳහන් ගාථාව කීය. යේ ධම්මා හේතුප්පභවා තේසං හේතු තතාගතෝ හේතු තේසං චයෝ නිරධෝ ආහ ඒවං වාදි මහා සමණෝ මෙම ගාථාවෙන් අර්ධයක් අසත්ම සැරියුත් හමි සෝවාන් විය. එම ගාථාවම සෝවාන්වූ සැරියුත් රහතන් වහන්සේම සිය හිතමිත්‍ර කෝලිතට දේශනා කරනවිට ඔහු සෝවාන්වූයේ සම්පූර්ණ ගාථාවම ඇසුවිටය. සැරියුත් මහතෙරුන් මුල්පදය ඇසීමෙන්ම සෝවාන්වූයේ උන්වහන්සේ තුළවු මහා ප්‍රඥාව නිසාය. බුදුරජාණන් වහන්සේ හැරුනවිට මෙලොව බිහිsවූ මහා ප්‍රඥාවන්තයා වූයේ සැරියුත් මහරහතන් වහන්සේය. කෝලිය - උපතිස්ස දෙදෙනාම කළේ එකම පුණ්යකර්මයය. සවන් දුන්නේ එකම ගාථාවකටය. විපාක ලැබුවේ දෙවිදියකටය. ඒ ප්‍රඥාවද පුණකර්මයේ ඵල විපාක වලට බලපාන බවට සාධකයකි. ප්‍රඥාව යනු යම් ධර්මයක ස්වරූපය අවබෝධකර ගන්නා නුවණයි. ප්‍රඥාව අමෝහය සහ ඥානය යනු මෙයට සමාන අර්ථයන් සේ දෑක්විය හැක. මෙය කුසල් සිත් ඇතිකිරීමට සිතට උදව්වන චෛතසිකයකි. ප්‍රඥාවන්තයාට ප්‍රබල කුසලයන් ලැබෙනුයේ ඔවුන්ගේ අමෝහය සහ ඥාණ සම්ප්රයුක්තභාවය නිසාය. කුසලයන් උත්පාදනය වනුයේ කුසල මූලයන් තුනක් මූලික කරගෙනය. එනම් අලෝභය, අද්වේෂය හා අමෝහයයි. යම්කිසි අරමුණක් ගන්නාවිට එම අරමුණ තත්ත්වාකාරයෙන් දැන ගැනීමට නොපිළිවන්වන අයුරින් සිත අපැහැදිලි කරන අඳුරුකරන ස්වභාවයට මෝහය යයි කියනු ලැබේ. මෙහි ප්‍රතිවිරුද්ධ අරමුණ පැහැදිලි කර යථාවබෝධයෙන් අරමුණ කරා යොමුකර සිත පිරිසිදුකර ඒකාලෝකකර සිත පහන්කරන තත්ත්වය අමෝහයයි. එම නිසා අමෝහය හෙවත් ප්‍රඥාවෙන් ඇතිකරගන්නා සිත් ප්රබලය. ඒවා සෑම විටම අසංකාරීය. අසංකාරී කුසල් සිත් සසංකාරී කුසල් සිත්වලට වඩා ප්රබලය. එසේම අමෝහයෙන් යුක්ත තැනැත්තාගේ ප්රඥාවන්තභාවය නිසා ඔවුන්ගේ ඥාණ සමුප්රයුක්තයෙන් යුක්තය. ඥාණ සම්ප්‍රයුක්ත කුසල්ද ඥාණවිප්රයුක්ත කුසල්වලට වඩා ප්‍රබල බැවින් ප්‍රඥාවන්තයා කරන කුසල්වල ඵල විපාක හා ආනිශංස වැඩිය. ඒ අනුව එකම පුණ්‍යකර්මය කරන පුද්ගලයන්ගෙන් ප්‍රඥවන්තයාට ලැබෙන කුසලය ප්‍රබලවේ. [B][COLOR=rgb(44, 130, 201)]එකම පූණ්‍යකර්මය වුවද කැප කිරීම වැඩි පුද්ගලයාට වැඩි ඵල විපාක ලැබීමට හේතුවේ. උදාහරණයක් ලෙස මල් පූජා කිරීම ගනිමු. මල් පූජා කිරීමෙන් මහා ආනිසංස ලැබෙන බව බුදුදහමේ සඳහන් සුමන මාලාකාරයාගේ කථාවෙන් පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩවසන සමයේ දිනක් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන පිඬුසිඟා වඩිමින් සිටිසේක. එකල බිම්බිසාර රජතුමාට මල් සපයන සුමන නම් මාලාකාරයා රජතුමා වෙත මල් ගෙන යන අතරමගදී පිඬුසිඟා වඩින බුදුරජාණනන් වහන්සේ දැක සිත පිනාගොස් බුදුන්ට පිදීමට දෙයක් නොමැතිව රජතුමා දෙන දඬුවමක් දුන්නාවේ යෑයි සිතා රජතුමාගේ මල්වලින් මිටක් බුදුන්ට පිදීය. එම මල් බුදුරජාණන් වහන්සේ වටා වියනක් මෙන් පිහිටියේය. මෙම ආශ්චර්යයෙන් පුදුමයට පත් සුමන ඉතිරි මල් ටිකද බුදුන්ට පූජා කළේය. පෙර මෙන්ම ඒ මල් සියල්ලම බුදුන් වටා වියනක් මෙන් පිහිටියේය. මෙම ආශ්චර්යය දුටු ජනයා සාදු නද දෙමින් ඝෝෂා කරන්නට වූහ. එම පුවත දැනගත් බිම්බිසාර රජතුමාද එම ස්ථානයට පැමිණ ඒ ආශ්චර්ය දැක ප්‍රීතියට පත්ව සුමන මාලකාරයාට දඩුවම් කරනු වෙනුවට ඇතුන් අට දෙනෙක්ද, අශ්වයින් අට දෙනෙක්ද, දාසයින් අට දෙනෙක්ද, දාසියන් අට දෙනෙක්ද, මහාර්ග පළඳනා අටක්ද, කහවනු අට දහසක්ද, ඉතා රූමත් කාන්තාවන් අට දෙනෙක්ද යනුවෙන් ස්වර්ෂඨක පරිත්‍යාග කළේය. මෙය දුටු ආනන්ද හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේ අමතා සුමන මාලාකාරයාගේ මෙම ක්රියාවේ විපාක විමසීය. එවිට උන්වහන්සේ බුදුරජුන් මලින් පිදීම මහා පුණ්‍යකර්මයක් බවත් එහි විපාක වශයෙන් සුමන මාලාකාරයා කල්ප ලක්ෂයක් කිසිදු දුර්ගතියකට පත්නොවී සුගතියේ ඉපදී සැප සම්පත් විඳ අවසානයේ සුමන නම් පසේබුදු වන බවත් වදාළ සේක.[/COLOR][/B] එවන් මහා ආනිශංස ලැබෙන මල් පූජා කිරීමේදී තම ගෙවත්තේම හදන මල් නෙළාගෙන ගොස් බදුහාමුදුරුවන්ට පූජා කිරීම මල් කඩෙන් මල් මිලදීගෙන ගොස් හෝ වෙනත් කෙනකුගෙන් ඉල්ලාගත් මල් පූජා කිරීමට වඩා වැඩි පිනක් ලැබේ. එසේ වන්නේ කෙසේදැයි විමසා බලමු. බුදුරජාණන් වහන්සේ දේශනාකර ඇති අංගුත්තර නිකායේ එන වනරෝපන සූත්‍රය මෙයට පිළිතුරු ලබාදේ. බුදුරජාණන් වහන්සේ ගස් වැවීමේ ආනිශංස වදාරා ඇත. එය මහා කුසල කර්මයකි. ඒ අනුව මල් ගසක් වැවීමද කුසල කර්මයකි. තමාව වවා පෝෂණය කළ ගසකින් මලක් කඩා පූජා කිරීම නිසා පූජාකරන්නාට තව කුසල් ප්‍රමාණයක්ද ලැබේ. එසේම මෙම මල් ගස සිටවන පොහොර දාන, වතුර දාන, වල්පැල ගලවා සැප සාත්තු කරන සෑම මෙහොතකම බුදුගුණ සිහිකර කවදා හෝ එහි මල් මල් බුදුන්ට පූජා කරන්නේ යෑයි සිහිකරමින් මල් ගස හදා වඩා ගැනිමේදී තව තවත් කුසල් සිත් රාශියක් ඇතිවේ. එම නිසා ඔහුට ලැබෙන අමතර කුසල් ප්‍රමාණය අති මහත්වේ. මල් කඩයකින් මල් ගන්නා කෙනකුට හෝ අනුන්ගෙන් මල් ඉල්ලාගෙන පුජා කරන කෙනකුට මෙම අමතර කුසල කර්ම නොලැබේ. මල් පූජා කිරීම එකම පුණ්‍යකර්මය වුවද පල විපාක ආනිශංස එකම නොවන්නේ පුණ්‍ය කර්මයට කරන මේ කැප කිරීම මතය. මේ සියල්ලටම අමතරව කුසලය කරන අවස්ථාවේ ඇතිවන කුසල් සිත මතද පල විපාක හා ආනිශංස වෙනස්වේ. කමාවර අපට කුසල් සිත් අටක් ඇතිවිය හැකිය. එහි පළමුවැනි කුසල් සිත සෝමනස්සසහගත ඥාණසම්ප්‍රයුක්ත අසංකාරික සිතය. එහි අසංකාරික බව හා ඥාන සම්ප්‍රයුක්ත භාවය ඉහතින් විස්aතර කරන ලදී. සෝමනස්ස සහගත යනු කුමක්ද? මෙය කුසල් සිතක ඇති ඉතා වැදගත් කොටසකි. බොහෝ විට මෙය සතුටු සිතින් කරන පින ලෙස සරලව හඳුන්වනු ලැබේ. එහෙත් එය ඊට වඩා ගැඹුරු දහමක් කියා පායි සෝමනස්ස සිතක ප්‍රධානම ලක්ෂණය වන්නේ අධික ශ්රද්ධාවයි. ඒ අනුව සෝමනස්ස පුද්ගලයා කුසලයක් කිරීමට අරඹන්නේ මහත් ශ්රද්ධාසමපන්නවය. ඊළගට දර්ශණ සම්පත්තියයි. එනම් දර්ශනය නිසා සිතෙහි ඇතිවන සතුටයි. විහාරස්ථානයට යනවි විහාරස්ථානය පිරිසිදු නම් පරිසරය ලස්සන නම් හිතෙහි ඇතිවන සතුටයි. තෙවැන්න සිල්වත් ප්රතිග්රාහකයින් දැකීමේ සතුටයි. එනම් ගෞරවණීය මහා සංඝරත්නය විහාරස්ථානයේ වැඩසිටී නම් ඇතිවන සතුටයි. සිව්වැන්න නිවරැදි ධර්මය දැනගැනීමෙන් ඇතිවන සතුටයි. පස්වැන්න කල්‍යාණ මිත්‍ර සේවනය ලැබීමේ සතුටයි. සයවැන්න කාල සම්පත්තියයි. සත්වැන්න පීඩා හිරිහැර කරදර නැති බවය. මේ අනුව සෝමනස්ස සහගත සතුට යන් නිකම්ම නිකම් සිතේ ඇතිවන සතුට නොවේ. සෝමනස්ස කුසල් සිතක් ඇතිවීමට මේ සියල්ල සම්පූර්ණ විය යුතුය. මේ අනුව පුණ්‍යකර්මයක් කිරීමේදී එහි ඵල හා ආනිශංස පුණ්‍යකර්මය කරන පුද්ගලයාගේ ප්‍රඥාව ඇතිවන කුසල් සිත් ප්‍රමානය ඒ සිත්වල ප්‍රබලත්වය කුසලය කර්මයට දරන වීර්යය කැපකිරීම ආමිෂය තමාගේද නැද්ද යන්න ආදී කරුණු රාශියක් මත රඳා පවතින බව පෙනේ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom