එක්වර කෑම පාර්සල් 14ක්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    විශ්වවිද්‍යාලයක බාහිර කථිකාචාර්යවරයකු බව කියමින් කොළඹ ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටල්වලින් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ කෑම පාර්සල් නිවසට ගෙන්වා ගෙන මුදල් නොගෙවූ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි. මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කැස්බෑව පොලිස් වසමේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි. මොහු බාහිර කථිකාචාර්යවරයකු නොවන බවටත් නීති උපාධි පාඨමාලාවක් හැදෑරූ එහෙත් උපාධිය සම්පූර්ණ නොකළ අයකු බවටත් පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි.

    සැකකරු පසුගිය මාස කිහිපය තුළ මාර්ගස්ථ ක්‍රමයට (ඔන්ලයින්) කොළඹ ප්‍රදේශයේ හෝටල් කිහිපයකින් අවස්ථා 13 කදී කෑම ඇණවුම් කර කැස්බෑව ප්‍රදේශයේ පිහිටි නිවසට ගෙන්වා ගෙන ඒවාට මුදල් ගෙවීම පැහැර හැර තිබෙන බවද පොලිසිය සඳහන් කරයි.

    මෙසේ මුදල් ගෙවීම් පැහැර හැරි අවස්ථා 13ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙන බවද කැස්බෑව පොලිසිය පවසයි. මේ සෑම අවස්ථාවකදීම සැකකරු වරකට කෑම පාසල් 14ක් පමණ ඇණවුම් කර නිවසට ගෙන්වාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී තිබෙන බව කියති. සැකකරුගේ නිවසේ ඔහුගේ බාලවයස්කාර දියණිය ද සුරතලයට ඇති කරන සුනඛයින් 04 දෙනකුද සිටින බව පොලිසිය කීය.

    අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කරයි. එක්වර කෑම පාර්සල් 14ක් පමණ ඇණවුම් කර ගෙන්වා ගෙන ඒවා ශීතකරණයේ තබාගෙන තමා සහ දියණිය ද කෑමට ගෙන සුරතල් සුනඛයින්ටද දෙන බව සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇති බව පැවසේ. සැකකරුගේ බිරිය ඔහු අතහැර දමා ගොස් ඇති බවත් දියණිය ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබනු ඇති අතර ඔහු හොඳ පවුල් පසුබිමක් තිබෙන අයකු බවට තොරතුරු අනාවරණය වූ බවද පොලිස් නිලධාරියෙක් පැවැසීය.

    -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-