Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
එක්ව කළොත් අකුසල් සමව විඳිති එහි විපාකත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පේ සම්බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි වහා ධර්මාභිසමය ලත් එහෙත්, ඒත් සමඟම මරණයට පත් සිව් දෙනෙකු පිළිබඳව සඳහනක් වෙයි. ඒ සිව් දෙනා නම් තම්බදාඨික, පුක්කුසාති, බාහිය දාරුචීර හා සුප්රබුද්ධ යන සිව් දෙනාය. තම්බදාඨික චෝර ඝාතකයෙකි. පුක්කුසාති මල්ල වංශයෙහි රජ කෙනෙකි. දාරුචීරිය තාපසයෙකි. සුප්රබුද්ධ කුෂ්ට රෝගියෙකි. මේ සිව්දෙනාගේ ජීවිත කතාවන් පිළිවෙළින් මෙසේය.

තම්බදාඨික නම් වූ චෝරඝාතක

තම්බදාඨික , වසර පනහක් සොරුන් මැරීමේ රාජකාරියේ නියුක්ත වූවෙකි. වසර පනහක් පුරා එම කටයුත්තෙන් රාජකාරි කළ ඔහු එයින් නිදහස්ව සතුටු සිතින් සිය නිවෙසට පැමිණ බිරිඳට කතා කොට කිරි බතක් පිළියෙළ කරන ලෙස පැවසූ ඔහු දිය නෑම සඳහා පිටත්ව ගියේය. දිය නා පැමිණි ඔහුට බොහෝ ආදරයෙන් ඔහුගේ බිරිඳ කිරිබත් පිළිගැන්වීය. එය අනුභවයට සූදානම් වනවිටම දම්සෙනවි සැරියුත් මහරහතන් වහන්සේ පිඬු පිණිස නිවස අසලට වැඩියහ. එයින් සතුටට පත් ඔහු කිරිබත් අනුභවයට පෙර දන්දීමට අවස්ථාව සැලසුන බැවින් වහා බිරිඳ සමඟ ගොස් උන්වහන්සේට කිරිබත් පිළිගැන්වීය. කිරිබත් පිළිගත් සැරියුත් මහරහතන් වහන්සේ නික්ම යන තෙක් බලා සිටි තම්බදාඨිකට කිරිබත් කෑමට පවා නිවසට ඇතුළු වීමටද නොහැකි විය. කුලප්පු වූ එළදෙනකු අවුත් ඇන ඔහු මරණයට පත් කළේය. දන්දීමෙන් පැහැදුණු සිතින් යුතුව මරණයට පත් වූ ඔහු උප්පත්තිය ලැබුවේ දෙව් විමනකය.

පුක්කුසාති නම් මල්ල රජු

මල්ල රට රජු වු පුක්කුසාති තම පිරිවර සමඟ බුදුරජාණන් වහන්සේ බැහැ දකිනු පිණිස එකල බුදුරජාණන් වහන්සේ වැඩ සිටි රජගහනුවර වේළුවනාරාමය බලා පිටත් විය. එම මාර්ගය යොදුන් 120 ක් දුර වූ හෙයින් සැවැත් නුවරට යෑමට පෙර රාත්‍රිය උදා විය. එබැවින් රජු ඇතුළු පිරිස එදින රාත්‍රිය කුම්භකාර ශාලාවෙහි පහන් කරන්නට සිතූහ.

තමන් වහන්සේ බැහැ දකිනු පිණිස පුක්කුසාති රජු ඇතුළු පිරිස එන බව කලින්ම දැනගත් බුදුරජාණන් වහන්සේ හුදකලාවම කලින්ම එම ශාලාවට වැඩ සිටියහ. පුක්කුසාති රජු ඇතුළු පිරිස එහි නවාතැන් ගෙන සිටියේ බුදුරජාණන් වහන්සේ බැව් නොදැන පිළිසඳර කථාවෙහි යුක්ත විය. මේ කථා අතරතුර තමා හමුවීමට බලාපොරොත්තුවන බුදුරජාණන් වහන්සේ තමා හමුවට කලින්ම වැඩි බව දැන රජතුමා ඇතුළු පිරිස අතිශය සතුටට පත්විය. පසුව බුදුරජාණන් වහන්සේ රජු ඇතුළු පිරිසට ධර්මය දේශනා කළහ. රජු අනාගාමී වූ අතර පිරිසේ සියලු දෙනාම සෝවාන් ඵලයට පැමිණියහ.

රජු හැර සියලු දෙනා ඒහි භික්ෂුභාවයෙන් පැවිදි වූ අතර රජුට එසේ ඒහි භික්ෂුභාවයෙන් පැවිදි වීමට භාග්‍ය නොවූ හෙයින් පැවිද්දට අවශ්‍ය සිවුරු පිරිකර සොයා එන ලෙස බුදුරජාණන් වහන්සේ රජුට දැන්වූහ. සිවුරු සොයා ගිය රජුට යෑමට හැකි වූයේ ටික දුරකි. කුලප්පු වූ එළදෙනක අවුත් ඇන රජු මරණයට පත් කළේය. දහම් අසා අනාගාමීව සිටි රජු මරණයෙන් පසු සුද්ධාවාසික බ්‍රහ්මලෝකයේ උප්පත්තිය ලැබීය.

බාහිය දාරුචීර නම් තාපසතුමා

බාහිය නම් වූ ප්‍රදේශයේ උපන් මෙතුමා නැව් නැඟ ස්වර්ණභූමිය කරා යන ගමනේදී කුණාටුවකට හසු වූ නැව කැඩී විනාශ වූ අතර මෙතුමා ලී කොටයක ආධාරයෙන් සුප්පාරක නම් තොටට ගොඩ බැස නිර්වස්ත්‍රව වෙසෙන්නට විය. මෙතුමා දුටු පිරිසක් මේ නම් කිසිම දේකට ආශාවක් නැති රහත් අයෙක් යැයි සිතා පුදන්නට විය. එතැන් පටන් මෙතුමාත් තමා රහත් කෙනෙක් යැයි අඟවා එහිම වාසස්ථාන කොට වසන්නට විය. බ්‍රහ්මයෙකුව උපත ලබා සිටි මෙතුමාගේ පෙර භවයක ඥාතියෙක් මේ වැරදි දෘෂ්ටියෙන් මෙතුමා මුදවනු වස් හමුවට පැමිණි බුදුරජාණන් වහන්සේ හමුවන ලෙස උපදෙස් ලබා දුණි.

ඔහුගේ උපදෙස් අනුව මෙතුමා බුදුරජාණන් වහන්සේ හමුවට යෑමට පිටත් විය. මේ වන විට පිඬු පිණිස වඩිමින් සිටි බුදුරජාණන් වහන්සේට ධර්මය දේශනා කරන ලෙස ඔහු අයැද සිටියේය. පිඬු පිණිස වඩින අවස්ථාවේ ධර්මය දේශනා නොකරන බැවින් එය අකාලය ලෙස බුදුරජාණන් වහන්සේ ඔහුට දැන්වීය. නැවතත් දෙවරක්ම ඔහු අයැද සිටි බැවින් ඔහුගේ හේතු සම්පත් දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ ඉතා කෙටියෙන් ධර්මය දේශනා කළහ.

තතියම්පි ඛො බාහියො දාරුචීරියො භගවන්තං එතදවොච –දුජ්ජානං ඛො පනෙතං භන්තෙ, භගවතො වා ජීවිතන්තරායානං, මය්හං වා ජීවිතන්තරායානං –දෙසෙතු මෙ භන්තෙ භගවා ධම්මං දෙසෙතු, සුගතො, ධම්මං යං මමස්සං දීඝරත්තං හිතාය සුඛායාති,

තස්මාතිහ,තෙ, බාහිය, එවං සික්ඛිතබ්බං –දිට්ඨෙ දිට්ඨමන්තං භවිස්සති සුතෙ සුතමත්තං භවිස්සති, මුතෙ මුතමත්තං භවිස්සති විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සතී’ති. එවඤ්හි තෙ බාහිය. සික්ඛිතබ්බං

එයින් ඔහු රහත් බවට පත්විය. එහෙත් ‘ඒහි භික්ෂු’ භාවයෙන් මහණ වීමට භාග්‍ය නොවු හෙයින් සිවුරු පිරිකර සොයා එන ලෙස බුදුරජාණන් වහන්සේ ඔහුටද දැන්වූහ. සිවුරු සොයා ගිය ඔහුද මරණයට පත් වූයේ කුලප්පු වූ එළදෙනකුගේ ඇනීමෙන්ය. රහතන් වහන්සේ නමක් වූ මෙතුමාගේ සිරුර බුදුරජාණන් වහන්සේගේ උපදෙස් අනුව ආදාහනය කොට ධාතු නිදන් කොට සෑයක්ද කරන ලදී.

සුප්රබුද්ධ නම් කුෂ්ට රෝගියා

ඉතා දිළින්දෙකු මෙන්ම සුව නොවන කුෂ්ට රෝගියෙකු ද වූ මොහු බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා සෝවාන් විය. මොහු පරික්ෂා කරනු සඳහා දිනක් ශක්‍ර දේවේන්ද්‍රයා මිනිස් වෙසකින් පැමිණ ඔහුට මෙසේ කීය. “සුප්රබුද්ධය ඔබ දිළින්දෙකි. දුක සේ ජීවත් වන්නෙකි. තෙරුවනින් ඔබට වැඩක් නැත. ඔබ තෙරුවන් අතහැරියොත් ඔබට විශාල ධනයක් මම දෙන්නෙමි” යනුවෙන් පැවසීය. එවිට සුප්රබුද්ධ ඔහුට මෙසේ කීය. “මම දුගියෙකැයි ඔබ කීවත් බුද්ධාදී උත්තමයන් මම දුගියෙක් කොට නොසිතයි. කුමක් නිසාද යත් මා සප්තාර්ය ධනයෙන් ශක්තිමත් හෙයිනි” යනුවෙන් පිළිතුරු දුන්නේය. සක්දෙව් රජු මේ බව බුදුරජාණන් වහන්සේට දැන්වීය. එවිට බුදුරදුන් දේශනා කළේ සුප්රබුද්ධ යනු සෝවාන් තැනැත්තෙකු බවයි.

සක්දෙව් රජු සමඟ ඇති වු මේ සාකච්ඡාවෙන් අනතුරුව, යෑමට පිටත් වූ සුප්‍රබුද්ධට යෑමට හැකි වූයේ ටික දුරකි. කුලප්පු එළදෙනක අවුත් ඇන ඔහු ද මරණයට පත් කළේය.

මෙසේ මේ සිව්දෙනාම බුදුරජුන්ගෙන් ධර්මය අසා ආර්ය මාර්ගයට ප්රවේශවීමට භාග්‍යවන්ත වුවත් මරණයට පත්වුයේ අවාසනාවන්ත ලෙස එකම ආකාරයකටය. එයට හේතු වූයේ මේ සිව්දෙනාම පෙර ආත්මයක සිටු පුත්‍රයන්ව ඉපිද සිටියදී වෙසඟනක් සමඟ උයනට ගොස් ඇය සමඟ සතුටු වී එන අතරමග දී ඇය මරා ඇයට දුන් මුදල් සහ ඇගේ ආභරණ පැහැර ගැනීමේ සාහසික අපරාධය නිසාය. වෙසඟන මරණයට පත්වන අවස්ථාවේ මා යකින්නකව පැමිණ තෙපි සිව්දෙනාම මරණයට පත්කරන්නෙමි’යි වෛර බැද ගත්තේය. එම වෛරය නිසා යකින්න එළදෙනකගේ වේශයෙන් අවුත් මේ සිව් දෙනාම එකම අයුරින් මරණයට පත් කළාය.

[QUOTE="asliyanage, post: 28227877, member: 8764"] පේ සම්බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි වහා ධර්මාභිසමය ලත් එහෙත්, ඒත් සමඟම මරණයට පත් සිව් දෙනෙකු පිළිබඳව සඳහනක් වෙයි. ඒ සිව් දෙනා නම් තම්බදාඨික, පුක්කුසාති, බාහිය දාරුචීර හා සුප්රබුද්ධ යන සිව් දෙනාය. තම්බදාඨික චෝර ඝාතකයෙකි. පුක්කුසාති මල්ල වංශයෙහි රජ කෙනෙකි. දාරුචීරිය තාපසයෙකි. සුප්රබුද්ධ කුෂ්ට රෝගියෙකි. මේ සිව්දෙනාගේ ජීවිත කතාවන් පිළිවෙළින් මෙසේය. [B]තම්බදාඨික නම් වූ චෝරඝාතක[/B] තම්බදාඨික , වසර පනහක් සොරුන් මැරීමේ රාජකාරියේ නියුක්ත වූවෙකි. වසර පනහක් පුරා එම කටයුත්තෙන් රාජකාරි කළ ඔහු එයින් නිදහස්ව සතුටු සිතින් සිය නිවෙසට පැමිණ බිරිඳට කතා කොට කිරි බතක් පිළියෙළ කරන ලෙස පැවසූ ඔහු දිය නෑම සඳහා පිටත්ව ගියේය. දිය නා පැමිණි ඔහුට බොහෝ ආදරයෙන් ඔහුගේ බිරිඳ කිරිබත් පිළිගැන්වීය. එය අනුභවයට සූදානම් වනවිටම දම්සෙනවි සැරියුත් මහරහතන් වහන්සේ පිඬු පිණිස නිවස අසලට වැඩියහ. එයින් සතුටට පත් ඔහු කිරිබත් අනුභවයට පෙර දන්දීමට අවස්ථාව සැලසුන බැවින් වහා බිරිඳ සමඟ ගොස් උන්වහන්සේට කිරිබත් පිළිගැන්වීය. කිරිබත් පිළිගත් සැරියුත් මහරහතන් වහන්සේ නික්ම යන තෙක් බලා සිටි තම්බදාඨිකට කිරිබත් කෑමට පවා නිවසට ඇතුළු වීමටද නොහැකි විය. කුලප්පු වූ එළදෙනකු අවුත් ඇන ඔහු මරණයට පත් කළේය. දන්දීමෙන් පැහැදුණු සිතින් යුතුව මරණයට පත් වූ ඔහු උප්පත්තිය ලැබුවේ දෙව් විමනකය. [B]පුක්කුසාති නම් මල්ල රජු[RIGHT][IMG align="right"]https://www.budusarana.lk/budusarana/2014/10/01/z_p02-akwa1.jpg[/IMG][/RIGHT][/B] මල්ල රට රජු වු පුක්කුසාති තම පිරිවර සමඟ බුදුරජාණන් වහන්සේ බැහැ දකිනු පිණිස එකල බුදුරජාණන් වහන්සේ වැඩ සිටි රජගහනුවර වේළුවනාරාමය බලා පිටත් විය. එම මාර්ගය යොදුන් 120 ක් දුර වූ හෙයින් සැවැත් නුවරට යෑමට පෙර රාත්‍රිය උදා විය. එබැවින් රජු ඇතුළු පිරිස එදින රාත්‍රිය කුම්භකාර ශාලාවෙහි පහන් කරන්නට සිතූහ. තමන් වහන්සේ බැහැ දකිනු පිණිස පුක්කුසාති රජු ඇතුළු පිරිස එන බව කලින්ම දැනගත් බුදුරජාණන් වහන්සේ හුදකලාවම කලින්ම එම ශාලාවට වැඩ සිටියහ. පුක්කුසාති රජු ඇතුළු පිරිස එහි නවාතැන් ගෙන සිටියේ බුදුරජාණන් වහන්සේ බැව් නොදැන පිළිසඳර කථාවෙහි යුක්ත විය. මේ කථා අතරතුර තමා හමුවීමට බලාපොරොත්තුවන බුදුරජාණන් වහන්සේ තමා හමුවට කලින්ම වැඩි බව දැන රජතුමා ඇතුළු පිරිස අතිශය සතුටට පත්විය. පසුව බුදුරජාණන් වහන්සේ රජු ඇතුළු පිරිසට ධර්මය දේශනා කළහ. රජු අනාගාමී වූ අතර පිරිසේ සියලු දෙනාම සෝවාන් ඵලයට පැමිණියහ. රජු හැර සියලු දෙනා ඒහි භික්ෂුභාවයෙන් පැවිදි වූ අතර රජුට එසේ ඒහි භික්ෂුභාවයෙන් පැවිදි වීමට භාග්‍ය නොවූ හෙයින් පැවිද්දට අවශ්‍ය සිවුරු පිරිකර සොයා එන ලෙස බුදුරජාණන් වහන්සේ රජුට දැන්වූහ. සිවුරු සොයා ගිය රජුට යෑමට හැකි වූයේ ටික දුරකි. කුලප්පු වූ එළදෙනක අවුත් ඇන රජු මරණයට පත් කළේය. දහම් අසා අනාගාමීව සිටි රජු මරණයෙන් පසු සුද්ධාවාසික බ්‍රහ්මලෝකයේ උප්පත්තිය ලැබීය. [B]බාහිය දාරුචීර නම් තාපසතුමා[/B] බාහිය නම් වූ ප්‍රදේශයේ උපන් මෙතුමා නැව් නැඟ ස්වර්ණභූමිය කරා යන ගමනේදී කුණාටුවකට හසු වූ නැව කැඩී විනාශ වූ අතර මෙතුමා ලී කොටයක ආධාරයෙන් සුප්පාරක නම් තොටට ගොඩ බැස නිර්වස්ත්‍රව වෙසෙන්නට විය. මෙතුමා දුටු පිරිසක් මේ නම් කිසිම දේකට ආශාවක් නැති රහත් අයෙක් යැයි සිතා පුදන්නට විය. එතැන් පටන් මෙතුමාත් තමා රහත් කෙනෙක් යැයි අඟවා එහිම වාසස්ථාන කොට වසන්නට විය. බ්‍රහ්මයෙකුව උපත ලබා සිටි මෙතුමාගේ පෙර භවයක ඥාතියෙක් මේ වැරදි දෘෂ්ටියෙන් මෙතුමා මුදවනු වස් හමුවට පැමිණි බුදුරජාණන් වහන්සේ හමුවන ලෙස උපදෙස් ලබා දුණි. ඔහුගේ උපදෙස් අනුව මෙතුමා බුදුරජාණන් වහන්සේ හමුවට යෑමට පිටත් විය. මේ වන විට පිඬු පිණිස වඩිමින් සිටි බුදුරජාණන් වහන්සේට ධර්මය දේශනා කරන ලෙස ඔහු අයැද සිටියේය. පිඬු පිණිස වඩින අවස්ථාවේ ධර්මය දේශනා නොකරන බැවින් එය අකාලය ලෙස බුදුරජාණන් වහන්සේ ඔහුට දැන්වීය. නැවතත් දෙවරක්ම ඔහු අයැද සිටි බැවින් ඔහුගේ හේතු සම්පත් දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ ඉතා කෙටියෙන් ධර්මය දේශනා කළහ. තතියම්පි ඛො බාහියො දාරුචීරියො භගවන්තං එතදවොච –දුජ්ජානං ඛො පනෙතං භන්තෙ, භගවතො වා ජීවිතන්තරායානං, මය්හං වා ජීවිතන්තරායානං –දෙසෙතු මෙ භන්තෙ භගවා ධම්මං දෙසෙතු, සුගතො, ධම්මං යං මමස්සං දීඝරත්තං හිතාය සුඛායාති, තස්මාතිහ,තෙ, බාහිය, එවං සික්ඛිතබ්බං –දිට්ඨෙ දිට්ඨමන්තං භවිස්සති සුතෙ සුතමත්තං භවිස්සති, මුතෙ මුතමත්තං භවිස්සති විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සතී’ති. එවඤ්හි තෙ බාහිය. සික්ඛිතබ්බං එයින් ඔහු රහත් බවට පත්විය. එහෙත් ‘ඒහි භික්ෂු’ භාවයෙන් මහණ වීමට භාග්‍ය නොවු හෙයින් සිවුරු පිරිකර සොයා එන ලෙස බුදුරජාණන් වහන්සේ ඔහුටද දැන්වූහ. සිවුරු සොයා ගිය ඔහුද මරණයට පත් වූයේ කුලප්පු වූ එළදෙනකුගේ ඇනීමෙන්ය. රහතන් වහන්සේ නමක් වූ මෙතුමාගේ සිරුර බුදුරජාණන් වහන්සේගේ උපදෙස් අනුව ආදාහනය කොට ධාතු නිදන් කොට සෑයක්ද කරන ලදී. [B]සුප්රබුද්ධ නම් කුෂ්ට රෝගියා[/B] ඉතා දිළින්දෙකු මෙන්ම සුව නොවන කුෂ්ට රෝගියෙකු ද වූ මොහු බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා සෝවාන් විය. මොහු පරික්ෂා කරනු සඳහා දිනක් ශක්‍ර දේවේන්ද්‍රයා මිනිස් වෙසකින් පැමිණ ඔහුට මෙසේ කීය. “සුප්රබුද්ධය ඔබ දිළින්දෙකි. දුක සේ ජීවත් වන්නෙකි. තෙරුවනින් ඔබට වැඩක් නැත. ඔබ තෙරුවන් අතහැරියොත් ඔබට විශාල ධනයක් මම දෙන්නෙමි” යනුවෙන් පැවසීය. එවිට සුප්රබුද්ධ ඔහුට මෙසේ කීය. “මම දුගියෙකැයි ඔබ කීවත් බුද්ධාදී උත්තමයන් මම දුගියෙක් කොට නොසිතයි. කුමක් නිසාද යත් මා සප්තාර්ය ධනයෙන් ශක්තිමත් හෙයිනි” යනුවෙන් පිළිතුරු දුන්නේය. සක්දෙව් රජු මේ බව බුදුරජාණන් වහන්සේට දැන්වීය. එවිට බුදුරදුන් දේශනා කළේ සුප්රබුද්ධ යනු සෝවාන් තැනැත්තෙකු බවයි. සක්දෙව් රජු සමඟ ඇති වු මේ සාකච්ඡාවෙන් අනතුරුව, යෑමට පිටත් වූ සුප්‍රබුද්ධට යෑමට හැකි වූයේ ටික දුරකි. කුලප්පු එළදෙනක අවුත් ඇන ඔහු ද මරණයට පත් කළේය. මෙසේ මේ සිව්දෙනාම බුදුරජුන්ගෙන් ධර්මය අසා ආර්ය මාර්ගයට ප්රවේශවීමට භාග්‍යවන්ත වුවත් මරණයට පත්වුයේ අවාසනාවන්ත ලෙස එකම ආකාරයකටය. එයට හේතු වූයේ මේ සිව්දෙනාම පෙර ආත්මයක සිටු පුත්‍රයන්ව ඉපිද සිටියදී වෙසඟනක් සමඟ උයනට ගොස් ඇය සමඟ සතුටු වී එන අතරමග දී ඇය මරා ඇයට දුන් මුදල් සහ ඇගේ ආභරණ පැහැර ගැනීමේ සාහසික අපරාධය නිසාය. වෙසඟන මරණයට පත්වන අවස්ථාවේ මා යකින්නකව පැමිණ තෙපි සිව්දෙනාම මරණයට පත්කරන්නෙමි’යි වෛර බැද ගත්තේය. එම වෛරය නිසා යකින්න එළදෙනකගේ වේශයෙන් අවුත් මේ සිව් දෙනාම එකම අයුරින් මරණයට පත් කළාය. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom