Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එක්සත් ජාතීන් පිළිබඳව ඔබ නොදත් කරුණු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්සත් ජාතීන් පිළිබඳව ඔබ නොදත් කරුණු

ලෝක සාමය, ආර්ථික හා සමාජයීය ප්රගමනය උදෙසා ක්‍රියා කිරීම පිණිස එක් රැස් වූ ස්වාධීන රාජ්‍යන් 193කින් සමන්විත අද්විතීය සංවිධානයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය අපි සියළු දෙනාම හොදින් හදුනනවා. රාජ්‍යන් 51ක සහභාගිත්වයෙන් 1945 ඔක්තෝම්බර් 24 වනදා ආරම්භ වූ, වර්තමානයේ වැඩිම රටවල් ප්‍රමාණයක් සාමාජිකත්වය දරණ ලොව ප්‍රමුඛතම සංවිධානය ගැන ඔබ නොදත් අපූරු කරුණු කිහිපයක් මෙම ලිපිය තුළින් ගෙන එන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ.

1 එක්සත් ජාතීන්ට නම ආවේ කොහොමද?

දෙවන ලෝක යුද්ධයේ කටුක අත්දැකීම් සමඟ තවත් එවැනි විනාශයන් වැළක්වීමට ලොව ප්‍රබල රටවල නායකයන් එක්ව නව සංවිධානයක් ගොඩනැගීම සඳහා අදහස් හුවමාරු කරගත්තා. එවැනි එක් අවස්ථාවක එක්සත් ජනපදයේ ජනාධිපති ෆ්රෑන්ක්ලින් රූස්වෙල්ට් විසින් යෝජනා කළ නම විශාල අවධානයකට ලක් වූයේ නැති නමුත් පළමු ප්‍රකාශය අත්සන් තැබීමට සතියකට පෙර ඔහු මිය ගිය බැවින් ජනාධිපතිවරයාට උපහාරයක් ලෙස ඔහු විසින් යෝජනා කරන ලද “එක්සත් ජාතීන්” යන නමට සියළුම සාමාජික රටවල් කැමැත්ත පළ කරනු ලැබුවා.

2 මස් මඩුවක ඉදි වූ මූලස්ථානය

එක්සත් ජාතීන්ගේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේයි. මුලින්ම 1946 වර්ෂයේ ලන්ඩනයේ රැස් වූ එක්සත් ජාතීන් තම මූලස්ථානය ලෙස පළමුවෙන්ම නම් කරන ලද්දේ බොස්ටන් හා සැන් ප්රැන්සිස්කෝ වැනි නගරයි. නමුත් අවසානයේදී එවකට ඇමරිකාවේ ජනාධිපති වූ ජෝන් D රොකෆෙලර් විසින් නිව්යෝර්ක් නුවර භූමිය මිලදී ගැනීම සඳහා කරන ලද ඩොලර් මිලියන 8.5 ක මුදල් ත්‍යාගය හේතු කරගෙන නිව්යෝර්ක් නුවර තෝරාගනු ලබනවා.

ඩොලර් මිලියන 65ක වියදමකින් තැනූ අහසට නැගුණු මහල් 45ක මන්දිරය පිහිටි භූමිය එදානම් ප්‍රසිද්ධව පැවතියේ මස් විකිණීම සඳහා සතුන් මරාදමන ස්ථානයක් ලෙසයි. නිව්යෝර්ක් නගරයේ මස් අවශ්‍යතාවය සම්පුර්ණ වූයේ මෙතනින් කියලා තමයි එවකට වාර්තා වල සදහන් වෙන්නේ.

3 එක්සත් ජාතීන්ගේ නීතිය ක්‍රියාත්මක වන මුලස්ථාන භූමි ප්‍රදේශය

එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ගොඩනැගිලි හතරකින් සමන්විත වෙනවා. ඒ පහත ශිඛර ගෝලය සහිත මහා මණ්ඩල ශාලාව, ලේකම් කාර්යාල කුළුණ, සම්මන්ත්රණ ශාලාව හා නිරිත දිගින් පිහිටි ඩැග් හැමර්ෂල්ඩ් පුස්තකාලය ලෙසයි.

මේ ගොඩනැගිලි හා භූමි ප්‍රදේශය තුළ ඇමරිකා එක්සත් ජනපද නීතිය ක්‍රියාත්මක වන්නේ නෑ. මෙම ප්‍රදේශය අන්තර්ජාතික කලාපයක් ලෙසයි වෙන් කර තිබෙන්නේ. එයින් අදහස් වෙන්නේ එක්සත් ජාතීන්ගේ ධජය යටතේ පොලිස් බලතල භාර වෙනම ආරක්ෂක නිලධාරීන් සිටින බවත් තමන්ගේම තැපැල් මුද්දර නිකුත් කරන බවත්ය.

4 හමුදාවක් නොමැති සාම සාධක මෙහෙයුම්

එක්සත් ජාතීන්ට නිත්‍ය හමුදාවක්නම් නෑ. සියළුම සාම සාධක මෙහෙයුම් සිදු කරන්නේ සාමාජික රටවල් මගින් ආරක්ෂක මණ්ඩලය වෙත සපයන සන්නද්ධ හමුදා බලකායන් මගිනි.

නිල් පැහැති හිස් වැසුම පළදන භටයන් තම රටේ නිළ ඇදුම ඇද සිටිනවා. භාවිතා කරන්නේද සැහැල්ලු අවි පමණි. එය භාවිතා කරනු ලබන්නේත් හුදෙක් ආත්මාරක්ෂාව සඳහා පමණි. හදීසි අවස්ථාවන් වලදී බර අවි අවශ්‍ය වුවහොත් ඒවාද සැපයීමට සාමාජික රටවල් බැදී සිටිනවා. හමුදා සාමාජිකයන්ගේ මෙහෙයුම් පිළිබඳව අවසන් තීරණ ඔවුන් අයිති රටවල් මගින් ගනු ලබනවා. මෙසේ මෙහෙයුම් මගින් කොන්ගොවේ(1964), ඇෆ්ගනිස්ථානයේ (1989) හා නැම්බියාවේ සාමය ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ට හැකියාව ලැබෙනවා.

5 යුධ අවියෙන් අත් පා තැනූ එක්සත් ජාතීන්

1990 වර්ෂයේදී නිකරගුවා සිවිල් යුද්ධය හේතුවෙන් සිය දහස් ජනයා ඉතාමත් කටුක දිවියක් ගත කරමින් සිටින විට එය සමථයකට පත් කිරීම සඳහා යුධ කණ්ඩායම් අතර සාම ගිවිසුමක් ඇති කිරීමට එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නිරීක්ෂණ කණ්ඩායම සමත් වෙනවා.

කැරලිකාර කණ්ඩායම් නිරායුධ කිරීම උදෙසා කටයුතු කළ එක්සත් ජාතීන් ඉන් නොනැවතී තවත් ජන මෙහෙවරකට අත තබනවා. ඒ එකතු කළ අවි ආයුධ ටොන් ගණන ප්‍රතිචක්‍රීකරණයට ලක් කිරීමෙන් කෘතීම අත් පා නිපදවීමයි. යුද්ධය නිසා අත් පා අහිමි වූ සාමාන්‍ය ජනතාවට එය මහඟු පිටුවහලක් වූ බව සංවිධානය ප්‍රකාශ කරනවා.

[QUOTE="skymicro, post: 20976008, member: 510144"] [b]එක්සත් ජාතීන් පිළිබඳව ඔබ නොදත් කරුණු[/b] [SIZE=4]ලෝක සාමය, ආර්ථික හා සමාජයීය ප්රගමනය උදෙසා ක්‍රියා කිරීම පිණිස එක් රැස් වූ ස්වාධීන රාජ්‍යන් 193කින් සමන්විත අද්විතීය සංවිධානයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය අපි සියළු දෙනාම හොදින් හදුනනවා. රාජ්‍යන් 51ක සහභාගිත්වයෙන් 1945 ඔක්තෝම්බර් 24 වනදා ආරම්භ වූ, වර්තමානයේ වැඩිම රටවල් ප්‍රමාණයක් සාමාජිකත්වය දරණ ලොව ප්‍රමුඛතම සංවිධානය ගැන ඔබ නොදත් අපූරු කරුණු කිහිපයක් මෙම ලිපිය තුළින් ගෙන එන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. [B]1 එක්සත් ජාතීන්ට නම ආවේ කොහොමද?[/B] දෙවන ලෝක යුද්ධයේ කටුක අත්දැකීම් සමඟ තවත් එවැනි විනාශයන් වැළක්වීමට ලොව ප්‍රබල රටවල නායකයන් එක්ව නව සංවිධානයක් ගොඩනැගීම සඳහා අදහස් හුවමාරු කරගත්තා. එවැනි එක් අවස්ථාවක එක්සත් ජනපදයේ ජනාධිපති ෆ්රෑන්ක්ලින් රූස්වෙල්ට් විසින් යෝජනා කළ නම විශාල අවධානයකට ලක් වූයේ නැති නමුත් පළමු ප්‍රකාශය අත්සන් තැබීමට සතියකට පෙර ඔහු මිය ගිය බැවින් ජනාධිපතිවරයාට උපහාරයක් ලෙස ඔහු විසින් යෝජනා කරන ලද “එක්සත් ජාතීන්” යන නමට සියළුම සාමාජික රටවල් කැමැත්ත පළ කරනු ලැබුවා. [B]2 මස් මඩුවක ඉදි වූ මූලස්ථානය[/B] එක්සත් ජාතීන්ගේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේයි. මුලින්ම 1946 වර්ෂයේ ලන්ඩනයේ රැස් වූ එක්සත් ජාතීන් තම මූලස්ථානය ලෙස පළමුවෙන්ම නම් කරන ලද්දේ බොස්ටන් හා සැන් ප්රැන්සිස්කෝ වැනි නගරයි. නමුත් අවසානයේදී එවකට ඇමරිකාවේ ජනාධිපති වූ ජෝන් D රොකෆෙලර් විසින් නිව්යෝර්ක් නුවර භූමිය මිලදී ගැනීම සඳහා කරන ලද ඩොලර් මිලියන 8.5 ක මුදල් ත්‍යාගය හේතු කරගෙන නිව්යෝර්ක් නුවර තෝරාගනු ලබනවා. ඩොලර් මිලියන 65ක වියදමකින් තැනූ අහසට නැගුණු මහල් 45ක මන්දිරය පිහිටි භූමිය එදානම් ප්‍රසිද්ධව පැවතියේ මස් විකිණීම සඳහා සතුන් මරාදමන ස්ථානයක් ලෙසයි. නිව්යෝර්ක් නගරයේ මස් අවශ්‍යතාවය සම්පුර්ණ වූයේ මෙතනින් කියලා තමයි එවකට වාර්තා වල සදහන් වෙන්නේ. [B]3 එක්සත් ජාතීන්ගේ නීතිය ක්‍රියාත්මක වන මුලස්ථාන භූමි ප්‍රදේශය[/B] එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ගොඩනැගිලි හතරකින් සමන්විත වෙනවා. ඒ පහත ශිඛර ගෝලය සහිත මහා මණ්ඩල ශාලාව, ලේකම් කාර්යාල කුළුණ, සම්මන්ත්රණ ශාලාව හා නිරිත දිගින් පිහිටි ඩැග් හැමර්ෂල්ඩ් පුස්තකාලය ලෙසයි. මේ ගොඩනැගිලි හා භූමි ප්‍රදේශය තුළ ඇමරිකා එක්සත් ජනපද නීතිය ක්‍රියාත්මක වන්නේ නෑ. මෙම ප්‍රදේශය අන්තර්ජාතික කලාපයක් ලෙසයි වෙන් කර තිබෙන්නේ. එයින් අදහස් වෙන්නේ එක්සත් ජාතීන්ගේ ධජය යටතේ පොලිස් බලතල භාර වෙනම ආරක්ෂක නිලධාරීන් සිටින බවත් තමන්ගේම තැපැල් මුද්දර නිකුත් කරන බවත්ය. [B]4 හමුදාවක් නොමැති සාම සාධක මෙහෙයුම්[/B] එක්සත් ජාතීන්ට නිත්‍ය හමුදාවක්නම් නෑ. සියළුම සාම සාධක මෙහෙයුම් සිදු කරන්නේ සාමාජික රටවල් මගින් ආරක්ෂක මණ්ඩලය වෙත සපයන සන්නද්ධ හමුදා බලකායන් මගිනි. නිල් පැහැති හිස් වැසුම පළදන භටයන් තම රටේ නිළ ඇදුම ඇද සිටිනවා. භාවිතා කරන්නේද සැහැල්ලු අවි පමණි. එය භාවිතා කරනු ලබන්නේත් හුදෙක් ආත්මාරක්ෂාව සඳහා පමණි. හදීසි අවස්ථාවන් වලදී බර අවි අවශ්‍ය වුවහොත් ඒවාද සැපයීමට සාමාජික රටවල් බැදී සිටිනවා. හමුදා සාමාජිකයන්ගේ මෙහෙයුම් පිළිබඳව අවසන් තීරණ ඔවුන් අයිති රටවල් මගින් ගනු ලබනවා. මෙසේ මෙහෙයුම් මගින් කොන්ගොවේ(1964), ඇෆ්ගනිස්ථානයේ (1989) හා නැම්බියාවේ සාමය ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ට හැකියාව ලැබෙනවා. [B]5 යුධ අවියෙන් අත් පා තැනූ එක්සත් ජාතීන්[/B] 1990 වර්ෂයේදී නිකරගුවා සිවිල් යුද්ධය හේතුවෙන් සිය දහස් ජනයා ඉතාමත් කටුක දිවියක් ගත කරමින් සිටින විට එය සමථයකට පත් කිරීම සඳහා යුධ කණ්ඩායම් අතර සාම ගිවිසුමක් ඇති කිරීමට එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නිරීක්ෂණ කණ්ඩායම සමත් වෙනවා. කැරලිකාර කණ්ඩායම් නිරායුධ කිරීම උදෙසා කටයුතු කළ එක්සත් ජාතීන් ඉන් නොනැවතී තවත් ජන මෙහෙවරකට අත තබනවා. ඒ එකතු කළ අවි ආයුධ ටොන් ගණන ප්‍රතිචක්‍රීකරණයට ලක් කිරීමෙන් කෘතීම අත් පා නිපදවීමයි. යුද්ධය නිසා අත් පා අහිමි වූ සාමාන්‍ය ජනතාවට එය මහඟු පිටුවහලක් වූ බව සංවිධානය ප්‍රකාශ කරනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom