එක්සත් රාජධානියට වීසා බලපත්‍ර ලබා ගැනීම

himashi.

Member
Oct 17, 2012
11
2
0
එක්සත් රාජධානියට වීසා බලපත්‍ර ලබා ගැනීම

විස්තර ලබා ගත හැක්කේ කෙතැනින්ද?

ඒ සඳහා එක්සත් රාජධානි දේශ සීමා ඒජන්සිය ^ UK Border Agency) හා කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වානිජ ආයතනයක් වන VFS සමග එක්ව ක්‍රියා කරයි.

ඔබට වීසා අවශ්‍යද යන්නත් VFS හරහා වීසා අයදුම් කරන්නේ කෙසේද යන්නත් www.vfs-uk-lk.com වෙබ් අඩවියට පිවිස ලබා ගත හැක. VFS මගින් ඊ මේල් හරහා හෝ දුරකථන ඇමතුම් මාර්ගයෙන් තොරතුරු ලබා ගත හැක. ඊ මේල් ලිපිනය මෙසේය. [email protected] . ඩයලොග් දුරකථන භාවිතා කරන්නන්ට 231 ඇමතිය හැක. ඇමතුම් ගාස්තුව එ.ජ. ඩොලර් 0.19 කි. අන්තර්ජාතික ඇමතුම් කරුවන් ස ඳ හා ඇති දුරකථන අංකය 00 94 773 908011. අදාළ ජාත්‍යන්තර ගාස්තුව ගෙවීමට සිදු වනු ඇත. ලබා දුන් හා සැපයූ සියළු විස්තර එක්සත් රාජධානි දේශ සීමා ඒජන්සිය අනුමත කරයි.


මා මුදලක් ගෙවිය යුතද?

දුරකථන ඇමතුම් සඳහා ගාස්තුවක් ගෙවිය යුතු වුවද වෙබ් අඩවියෙන් හා ඊමේල් මගින් ලබා ගන්නා තොරතුරු වලට අදාල ගෙවීමක් නැත.

මට උපදෙස් ලබා ගත හැක්කේ කොතැනින්ද?


VFS හා එහි කාර්ය මණ්ඩලයට ඔබගේ ඉල්ලුම් පත පිරවිය යුතු ආකාර‍ය හෝ ඔබ ඉල්ලුම් කළ යුත්තේ කුමන ආකාරයේ වීසා බලපත්‍රයක්ද යන්න කිව නොහැක. ඔබගේ ඉල්ලුම් පත්‍රය ගැන‍ හෝ එක්සත් රාජධානියේ ආගමන නීති හා අවශ්‍යතා ගැන උපදෙසක් අවශ්‍ය නම් ඒ ස ඳ හා සුදුසුකම් ලත් ආගමන උපදේශකයෙකුගෙන් විමසිය යුතුය. එක්සත් රාජධානියේ නම් ආගමන උපදේශකයන් ආගමන සේවා කොමසාරිස් කාර්යාලයෙන් (Office of the Immigration Services Commissioner) නියාමනය කෙරේ. නැතිනම් නිත්‍යානුකූලව සුදුසුකම් ලත් වෘත්තිකයන් නියමිත වෘත්තීය මණ්ඩල මගින් නියාමනය කරයි.

ඔවු‍න්ගේ වෙබ් අඩවි:

http://www.lawsociety.org.uk
http://www.cilex.org.uk/

මගේ ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන්නේ කෙසේද?

කොළඹ වීසා අයැදුම් පත් මධ්‍යස්ථානය VFS පාලනය කරන අතර ස්කෑන් කරන ලද ඇ ඟ ිලි සලකුණු ^ Biometric finger scans & සහිත ඔබගේ ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ එතැනටය.

මට වීසා බලපත්‍රයක් ලැබේද යන්න තීරණය කරන්නේ කවුද?

එක්සත් රාජධානියේ දේශ සීමා ඒජන්සියේ කාර්ය මණ්ඩලය ඔබගේ ඉල්ලුම් පත්‍රය පරීක්ෂා කොට තීරණය ලබා දෙනු ඇත. ඔවුන්ට මෙහිදී කෙනෙකුට වාසි වන ආකාරයට බලපෑමක් කළ නොහැක. VFS හි යොදවා ඇති කාර්ය මණ්ඩලයේ කිසිවෙක් ඔබගේ ඉල්ලුම් පත්‍රයට බලපෑමක් කළ හැකි බව පවසන්නේ නම් වහාම බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දිය යුතුය.

සේවා ප්‍රමිතීන් - පැමිණිලි හා ප්‍රශංසා

එක්සත් රාජධානියේ දේශ සීමා ඒජන්සිය (UKBA)අපගේ සියලු ගනුදෙනු කරුවන්ට සාධාරණ හා වෘත්තීයමය සේවයක් ලබා දීමට අරමුණු කර ගෙන සිටී. ඔබගේ ප්‍රතිපෝෂණ වලට ආරාධනය කරන අතර එය අපට වැඩි දියුණු කළ යුත්තේ කොතැනද යන්න හඳුනාගැනීමට එය ඉවහල් වේ. අපි සෑම පැමිණිල්ලක්ම සම්පූර්ණයෙන්ම විමර්ශනය කොට වැඩ කරන දින 30 ක් ඇතුළත ඔබට පිළිතුරක් එවන්නෙමු.

මෙම මහ කොමසාරිස් කාර්යාලයේ දේශ සීමා ඒජන්සියෙන් ඔබට ලැබුණු සේවයේ ප්‍රමිතිය ගැන ඔබට පැමිණිල්ලක් කිරීමට අදහස් කරන්නේ නම් එය කරුණාකර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ වීසා කළමනාකරු, 389, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයට එවන්න. එසේ නැතිනම් [email protected] යන්නට ඊමේල් කරන්න.

VFS වෙතින් ලැබුණු සේවාව ගැන පැමිණිල්ලක් කිරීමට අදහස් කරන්නේ නම් ඔබට එහි පැමිණ හෝ ඔවුන්ගේ වෙබ් අඩවියට සෘජුවම හෝ ඉහත ස ඳ හන් ඇතුළු වීමට අවසර ලබාදෙන අංශයේ කළමනාකරුට ඉදිරිපත් කළ හැක.

i/visiting-the-uk/working-in-the-uk/ Moe info
 
  • Like
Reactions: G-Man

Similar threads