යාළුවෙක් ගෙදර ආව. අවුරුද්දත් එන නිසා එකිත් කිව්ව මොනා හරි හදමු කියල. කේක් හදන්න තමයි ඉතිරි වෙලා තිබුනෙ. මේ පාර කේක් හදන්න හිටියෙ නෑ. පොඩි කේක් එකක් කඩෙන් ගෙනත් තිබ්බෙ. ඒත් කාන්තා ලා කැමති කේක් නිසා වැඩේ පටන් ගත්තා.
මාගරින් ගෙදර නෑ බටර් බොහොම ටිකක් තිබ්බෙ. ඒ දෙකම වෙනුවට අපි එලවළු තෙල් ගත්තේ. කෝම හරි බැටර් එක නියමෙටම ආව. අවන් එක ඔන් කලාට රත් වෙන්නෙ නෑ. අන්තිමට ගෑස් එකට ලොකු භාජනයක් තියල ඒක ඇතුලෙ කේක් එක තියල රත් කලා. වඩේ සාර්තකයි. හොදට තැම්බුනා. ඒත් උඩ දුඹුරු වෙන්නෙ නෑ. ඉතින් අන්තිමට මක්ක්‍රොවේව් එකේ තියල ග්රිල් කලා. විනාඩි හයක් තිබ්බා. ටිකක් කර උනා වැඩි උනා. ඒනිසා උඩ කළු වෙලා. මට තිබුනෙ විනාඩි පහක් විතර තියන්න. ඒත් රසයෙ නම් කිසිම අවුලක් නෑ. පට්ටම සොෆ්ට්. මාරම රසට ආවා.
කේක් කිලෝ එකක් කඩේ 1200 යි. අපිට ඔක්කොටම 500 ක් ගියෙත් නෑ. අනික අපි බිත්තර හයක්ම දැම්මා. කඩවල බිත්තර දානවද කියලත් සැකයි.
ඔන්න ඔහොමයි කේක් එක්ස්පීරියන්ස් එක. උභලට බලන්න පොටෝත් දැම්මා.