Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එක්_සමයක_බුදුන්වහන්සේ.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්_සමයක_බුදුන්වහන්සේ.......

[ATTACH]62591[/ATTACH]

මෙත්තානිසංස සූත්‍රය

1. ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්ර බෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති. හදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස් සෝසුං’ භගවා ඒතදවෝච.

2. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය. යානීකතාය වත්ථූ කතාය අනූට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, ඒකාදසානිසංසා පටිකඞ්ඛා. කතමේ ඒකාදස?

3. 1. සුඛං සුපති, 2. සුඛං පටිබුජ්ක්‍ධති, 3. න පාපකං සුපිනං පස්සති, 4. මනුස්සානං පියෝ හෝති, අමනුස්සානං පියෝ හෝති, 6. දේවාතා රක්ඛන්ති, 7. නාස්ස අග්ගි වා විසංවා සත්ථං වා කමති, 8. තුවටං චිත්තං සමාධියති, 9. මුඛවණ්ණෝ විප්පසීදති, 10. අසම්මූළ්හෝ කාලං කරෝති, 11. උත්තරිං අප්පටිවිජ්ක්‍ධන්තෝ බ්රහ්මලෝකූපගෝ හෝති.

4. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා, ආසේවිතාය භාවිතාය බහුලීකාතාය, යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, ඉමේ ඒකාදසානිසංසා පාටිකඞ්ඛාති.

5. ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.

මෙත්තානිසංස සූත්‍රයේ සිංහල අර්ථය

එක් සමයක බුදුන්වහන්සේ සැවැත්නුවර ඇසුරු කොට දෙව්රම් මහ වෙහෙර වසන්නේ දිනෙක පැසුළු යම ලොව බලා වදාරණ සේක් මේ බඳු සිදුවීමක් දුටු සේක.

කොසොල් රට සැරිසරන මා අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දෙසීමෙන් සැට නමක් රහත් වන්නාහ. සැට නමක් කටින් උණු ලේ වමාරන්නාහ. සැට නමක් සිවුරු හැර ගිහි වන්නාහ යනුයි.

භික්ෂූන් හට සංග්‍රහ පිණිස චාරිකාවෙහි හැසිරෙනු කැමැති භික්ෂූන්ට දන්වන්නැයි කීහ. මෙසේ වදාළ බුදුන්වහන්සේ මහත් භික්ෂූ සමූහයක් පිරිවරා ගෙන ගම් නියම් ගම් පිළිවෙළින් සැරි සරමින් මහත් වූ බෙණයක් සහිත රුකක් ගින්නෙන් ඇවුලෙනු දැක ;මය අරමුණු කොට දම් දෙසමියි අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දෙසූ සේක. මෙසේ වදාළ කළ හැටක් උණු ලේ වැමෑරූහ. සැටක් සිවුරු හළහ. පිරිසුදු සිල් ඇත්තෝ රහත් වූහ.

මේ ධර්ම දේශනාව තුන් කොටසකට ප්‍රයෝජනවත් විය. රහත් වූවන්ට ප්‍රයෝජන වනු පුදුමයක් නොවේ. සෙස්සන්ට වූ ප්‍රයෝජන කවරේද යත්? ඉදින් බුදුහු අග්ගික්ඛන්ධෝපම සූත්‍රය නො ඇසුහූ නම් ප්‍රමාද විහරණයෙන් යුක්තව පව් වඩමින් අපායෙහි උපදනාහ. මේ දහම් දෙසුම අසා සාමණේර භූමියෙහි සිට දසසිල් පුරා භාවනා වඩා සෝවාන් සකෘදාගාමී හා අනාගාමී වන්නාහ. සමහරු දෙව්ලොව උපදින්නාහ. අනෙක් අය මෙය නො ඇසුයේ නම් කල් යත් යත් සංඝාදිසේසාදියට හා පාරාජිකාදියට පැමිණෙන්නා හ.

මේ දේශනාව ඇසූ දුසිල් මහණහු මේ ශාසනය ආශ්චය්‍යය. අප පැවිදි වූයේ කෙලෙසුන් තැවීමට මිස කෙලෙසුන් වැඩීමට නොවේ. අපට දිවිහිම් කොට කෙලෙසුන් නැති කරන පිළිවෙතක් පිරිය නොහැකි ය. එබැවින් උවසුදම් පුරා දුකින් මිදෙමුයි ගිහි වූහ. ඔවුහු තිසරණ පන්සිල් හා අටසිල් රැක ඇතැම් කෙනෙක් සෝවාන් වූහ. ඇතැම් කෙනෙක් සකෘදාගාමි වූහ. කෙනෙක් දෙව්ලොව උපන්හ. මෙසේ ඔවුන්ටත් මේ දෙසුම ඵලවත් විය. මේ දේශනාව ගැන ආරංචි වූ භික්ෂූහු විසිදෙන සැටදෙන සියදෙන බැගින් සිවුරු හැර ගිහි වූහ.

මෙසේ බුදුන් වහන්සේ දහම් දෙසමින් දනවු සැරිසරා නැවත දෙව්රම් වෙහෙරට වැඩ එම ගඳ කිළියෙහි අඩ මසක් විවේකව එලසමවත් සුව විඳ පසුව අනඳ මහ තෙරුන් සමඟ දෙව්රම් වෙහෙර බලා හැසිරෙන සේක් පෙර කාෂාය වස්ත්‍රයෙන් බබළමින් පැවැති දෙව්රම් වෙහෙර අද මෙසේ හිස්වන්නට හේතු කවරේදැයි අනඳ හිමියන් ගෙන් විචාල සේක.

අනඳ හිමියෝ බුදුන් වහන්සේට මෙසේ පැවසූ සේක.

ස්වාමිනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ දනවු සැරිසරා වඩිද්දී අග්ගික්ඛන්ධෝපම සුත්‍රය වදාළ තැන්පටන් භික්ෂූහු සංවේගයට පැමිණ අපට මේ සසුනෙහි පිළිවෙත් පිරිය නොහැකිය. නොමනා පැවතුම් ඇති අප විසින් සැදැහැවතුන් විසින් පින් සලකා පිරිනමන ලබන දන් වැළඳීම නුසුදුසු යයි සිවුරු හැර ගියහ. මෙය ඇසූ බුදුන්වහන්සේට ධර්ම සංවේගය පහළ විය.

ඉක්බිති බුදුන් වහන්සේ අනඳ තෙරුන් ඇමතූහ. මා සමවත් සුවෙන් විවේකීව සිටියදී මෙහි කිසිදු භික්ෂූහු නමක් මගේ දරුවන්ගේ සැනසීම පිණිස අවවාදයක් නො දුන්නේ ය. ගඟකට බසින්නට බොහෝ තොටවල් ඇත්තාක්මෙන් සසුනෙහි සැනසෙන්නට බොහෝ දේ තිබේ.

ආනන්ද, ගඳකිළි මළුවෙහි බුද්ධ ශාසනයක් පණවා භික්ෂූන් රැස්කරවයි කී සේක. මේ කාරණය අර්ථෝත්පත්ති කොටගෙන මහණෙනි, මේ සස්නෙහි යම් භික්ෂූන් නමක් අසුරු සණක් ගසන කෙටි කාලයක් නමුදු සියලු සතුන් කෙරෙහි මෙත් සිත වඩා නම් හෙවත් මෛත්‍රී කෙරේ නම් මහණෙනි, ඒ භික්ෂූ නම මේ සස්නෙහි නො සිස් වූ ධ්‍යාන ඇත්තෙක් ව වසන්නේයයි ද, ශාසනානුශාසනය පිළිපදින්නේ යයිද, අවවාද පිළිපන්නේ යිද, දායකයන් විසින් දෙන රට්ඨ පිණ්ඩය නොසිස්ව වළදන්නේ යයි ද කියනු ලැබේ.

යම් කෙනෙක් මෙත් සිත නැවත නැවත පුහුණු කෙ රත් නම් වඩාත් නම් ඔවුන් ගැන කියනුම කවරේදැයි මෙසේ චුල්ල අච්ජරාසංඝ සූත්‍රය වදාරා මෙකී භාවනාවේ අනුසස් දක්වනු සඳහා මෙත්තානිසංස සූත්‍රය දෙසූ සේක.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු මහ සිටුහු ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස යැයි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවඳන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මහණෙනි ආදරයෙන් සෙවුනා ලද එසේම වඩනා ලද නැවත නැවත වැඩීම වශයෙන් පුරුදු කරන ලද සියලු අන්දමින් ම පුරුදු කරන ලද මොනවට පටන් ගන්නා මෛත්‍රී චෙතෝ විමුක්තිය පිළිබඳ අනුසස් එකොළොසක් කැමති විය යුත්තාහ.

කවර එකොළොසක්ද යත්?

1. සැපයේ නිදයි

2. සැපයේ පුබුදියි

3. නපුරු සිහිනයක් නොදකියි.

4. මිනිසුන්ට පි‍්‍රයවෙයි

5. අමනුෂ්‍යයන්ට ද පි‍්‍රය වෙයි

6. දෙවියෝ රකිති

7. මේ මෛත්‍රී විහරණ ඇති පුද්ගලයා ගේ ශරීරයෙහි ගිනි හෝ, විස හෝ, සැත් හෝ නොවදියි.

8. වහාම සිත එකඟ වෙයි

9. මුහුණ පැහැපත් වෙයි

10. නො මුලාව කලුරිය කරයි

11. මෛත්‍රී සමවතින් මතු රහත් වන්නට නොහැකි වී නම් මරණින් මතු බඹලොව උපදියි.

මහණෙනි, ආදරයෙන් සෙවුනා ලද මෛත්‍රී චේතෝ විමුක්තිය ආසේවිත භාවිත බහුලීකෘත කළ කල්හි යානාවක් මෙන් වස්තුවක් මෙන් කළ කල්හි එළඹ සිටි කල්හි පුරුදු කළ කල්හි මොනවට පටන් ගත් කල්හි මේ එකොළොස් ආනිසංසයෝ කැමති විය යුත්තාහුය.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ඒ භික්ෂූහූ භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාවට කැමති වූහ.

මෛත්‍රී කිරීමේ අනුසස් සවිස්තරාත්මකව

i. සුඛං සුපති: හොඳින් නින්ද යයි. එනම් සුවදායක නින්දක් ලැබේ. ලොව බොහෝ දෙනකුට සුවදායක නින්දක් ලැබෙන්නේ නැත. දුකෙහි ගැලී දුක ම අනුභව කරමින් සිටින මිනිසාට නින්ද උතුම් සුවයකි. නින්ද වත් හරියට නොලැබෙන්නේ නම් ජීවිතය එක ම දුක් ගොඩකි. නින්ද වනාහි සියලු සත්ත්වයන්ගේ අනිවාර්ය අවශ්‍යතාවකි. නූතන සංකීර්ණත්වය තුළ විවිධ කායික හා මානසික ව්යාකුලතාවන්ගෙන් යුත් මිනිසුන්ට නින්දක් වත් නැත. නින්ද ලෞකික ව ලබන සුවයන්ගෙන් ප්රමුඛ සුවයකි. මෛත්‍රිය / ප්‍රේමය සිතෙහි පවතින විට විවිධාකාර විෂ සහිත ක්ලේශයෝ පහ ව යත්. එහෙයින් ඔහු වඩාත් ම සුව නින්දක් ලබයි. එහි ප්‍රතිඵලය වන්නේ කායික නීරෝගිතාවෙන් යුත් මිනිසකු නිර්මාණය වීම ය. නීරෝගිතාව පිණිස ප්‍රේමය කොතරම් හොඳ ඔසුවක් ද? ශරීර සුවතාව පිණිස එය කොතරම් හොඳ ක්‍රමයක් ද?

ii. සුඛං පටිබුජ්ඣති: දෙවැනි ආනිසංසය ලෙස දැක්වෙන්නේ හොඳින් අවදි විමට ලැබීම යි. නිදාගත් තැනැත්තාට හොඳින් අවදි වීමට ලැබීම කොයිතරම් දෙයක් ද? ඇතැම්හු ශයනාගාරයේදී ම මියයත්. එහෙත් මෙහි කියැවෙන හොඳින් අවදි වීම යන්නෙන් ගම්‍යමාන වන්නේ නින්දෙන් අවදි වීම ම නො වේ. හැම මොහොතක ම හොඳ සිහිබුද්ධියෙන් අවදියෙන් සිටීමට හැකි වීම පිළිබඳ ව ය. මෛත්‍රිය / ප්‍රේමය ඇති තැනැත්තා සෑම කාරණාවක් ගැන ම සෑම විට ම හොඳ කල්පනාවෙන් අවදියෙන් සිටී. ඔහු රැවටීමට නොහැකි ය. ‘පබුජ්ඣිත’ බව ඔහුගේ ජීවිතයේ එක් කොටසකි. යනඑන ගමන් බිමන්වලදී මෙන් ම කරන-කියන දැයෙහි ද ඔහු ඉන්නේ මනා අවදියකිනි. ඒ අනුව ඔහු තුළ මානසික සෞඛ්‍යය ද සුරක්ෂිත වේ. මේ නිසා ඔහුගේ කටයුතු ව්‍යාකුල නො වේ.

iii. න පාපකං සුපිනං පස්සති: පාප සිහින නොදකී යනු මෙහි තෙවන ආනිසංසය යි. මෙය ද විමසිය යුතු කාරණයකි. අප දකින සිහින යනු අපේ ම දෛනික කාර්යාවලියේ පුනර්රූපණයකි. පාපකාරි ජීවිත ගත කරන්නෝ තම චර්යාවන්ට සාපේක්ෂ පුනර්රූපණ සිහින විදියට දකිති. එහෙත් ප්‍රේමය ඇති තැනැත්තවුන්ගේ සිත පවින් බැහැර වී පවතින හෙයින් ඔවුන්ගේ සිතේ පුනර්රූපිත ස්වභාවයෙන් පෙනෙන්නට පටන් ගන්නේ කුසල මූලයන් විසින් නිපදවනු ලබන සිහින ය. තවත් විදියකින් සිතතොත් සිහිනෙන් වත් පවක් නො කරන, නොවිඳින, නොදකින මිනිසකු නිර්මාණය කිරීමේ හොඳ ම ක්‍රමය මෛත්‍රිය හෙවත් ප්‍රේමය බව යි. මෛත්‍රිය ඇත්තවුන්ගේ සිත් ප්‍රභාස්වර ය. එවන් ප්‍රභාස්වර සිත් අසල අකුසල මූල චේතනා නැත. ඉදින් සිහිනෙනුදු ඔහු පාපක සුපින නොදකියි.

iv. මනුස්සානං පියෝහෝති: මනුෂ්‍යයන්ට පි‍්‍රය වේ යනු මෙහි සඳහන් සිව්වන ආනිසංසය ය. අප ඇඳුම්-පැලැඳුම්, යාන-වාහන, ගේ-දොර, සැරසුම්, විලවුන්, කතා-බහ, සිනාව ආදි සියල්ල පවත්වාගෙන යන්නේ අන් අයගේ පි්රයමනාපභාවය ඇති කරගනු පිණිස ය. මෛත්‍රී / ප්‍රේම වඩන්නාගේ මුහුණ පි‍්‍රයමනාප වන හෙයින් ඔහු මිනිසුන්ට ද පිය දසුන් ඇත්තෙක් වෙයි (පියෝ දස්සනීයෝ). ඔවුනොවුන් කෙරෙහි පි‍්‍රය ඇසින් බලන අතර තෙමේ ද අන්‍යයන්ගේ පි‍්‍රය ඇස් ලබන්නෙක් වෙයි (පසන්නෝ පිය චක්ඛූහි සම්පස්සමානෝ).

v. අමනුස්සානං පියෝහෝති: පස්වැනි ආනිසංසය අමනුෂ්‍යයන්ට ද පි‍්‍රය වේ යනු යි. අමනුෂ්‍ය යන වචනය ඇසෙත් ම අපේ මනසට නිතැතින් ම නැඟෙන්නේ මනුෂ්‍ය නොවන අද්භූත බලවේගයි. අදෘශ්‍යමාන අද්භූත බලවේග මේ අප හාත්පස සැරි සරන බව සැබෑ ය. යක්ෂ, ප්‍රේත පිශාච කුම්භාණ්ඩ ආදි අභව්‍ය බලවේග මෙන් ම මළගිය ප්රාණකාරයන්ගේ මනෝකාය ද (Astral Bodies)අප අතර ගැවසෙති. ප්‍රේමය මෛත්‍රිය ඇති තැනැත්තා කෙරෙහි ඔවුන්ගේ බලපෑමක් නැත. මෙහිදී අපට කරණීය මෙත්ත සූත්‍රය සිහිපත් වේ. භාවනානුයෝගි ව විසූ භික්ෂූ පිරිසකට වනයේ අමනුෂ්‍යයන්ගෙන් එල්ල වන විවිධ තර්ජන හමුවේ භික්ෂූහු බුදුන් වහන්සේගෙන් ඊට රැකවරණය ඉල්ලූ හ. බුදුහු කරණීය මෙත්ත (කළ යතු මෛත්‍රී) ආවර්ජනා දේශනා කළහ. අමනුෂ්‍ය බලවේග පහ විය.

මෙම අමනුෂ්‍ය යන සංකල්පයෙන් මිනිස් නොවන සමස්තය ම අර්ථවත් වේ. ඒ අනුව ගස්-වැල්, ගෙවල්-දොරවල්, සංස්කෘතිය, අධ්‍යාපනය, සන්නිවේදනය ආදි භෞතික තත්ත්වයන් සියල්ල ද අර්ථවත් කළ හැකි ය. මේ සියල්ලට ම පි‍්‍රය-මනාප මිනිසකු මෙමඟින් නිර්මාණය වෙති යි සිතීම කොතරම් හොඳ ද? පරිසරය, කාලගුණය දේශගුණය ආදි සාධක පවා ඔහුට පි‍්‍රය-මනාප ලෙස පවතී.

vi. දේවතා රක්ඛන්ති: දෙවියන් විසින් ආරක්ෂා කරනු ලැබේ යනු මෙහි අර්ථ යි. දේව යනු අපගේ භෞතිකය තුළ හෝ අභෞතිකය තුළ පවත්නා යහපත් බලවේග යි. අව්ව, වැස්ස, සුළඟ, ගහ-කොළ ආදි සියල්ල ‘දේව‘ වශයෙන් ආදිකාලීන මිනිසුන් සැලැකූයේ මේ නිසා විය හැකි ය. එමෙන් ම රාජ (දේශපාලනය), ශාස්ත්‍ර (අධ්‍යාපනය) ආදි දෑ පවා ‘දේව‘ ලෙසින් මිනිස්සු සැලකූ හ. මේ සියලු දේව බලවේග විසින් ඔහු රැකගනු ලැබේ. කොටින් ම පුද්ගල හෝ ද්‍රව්‍යාත්මක සමස්තය විසින් මෛත්‍රී / ප්‍රේමකරන්නා රැකගනු ලැබේ.

‘දේව’ යන්නෙන් පුද්ගලයාගේ මනස තුළ ක්‍රියාත්මක වන අදෘශ්‍යමාන දිව්‍ය බව පිළිබඳ සංකල්පය ද මෙහිලා සැලකිල්ලට ගනිමු. තමා කිසියම් නොපෙනෙන දෙවියකු විසින් රකිනු ලබන්නේ ය යන ගුප්ත මානසික විස්වාසයක් මිනිසුන් තුළ ඇත්තේ ය. එවැනි දෑ තිබේ ද, නොතිබේ ද යන්න පිළිබඳ කාරණා වෙන ම සාකච්ඡා කළ යුතු ව පවතී. එහෙත් අප මෙහිදී තේරුම් ගත යුත්තේ එවන් කිසියම් දිව්‍යමය බලයකින් ඔහු සුරකිනු ලබන්නේ ය යන කාරණය යි.

vii නාස්ස අග්නි වා විසං වා සත්ථං වා ඛමති:

මෙයින් අර්ථවත් වනනේ ගින්නෙන් හෝ වස විසෙන් හෝ ආයුධ ආදි දෙයකින් හෝ මෛත්‍රී කරන්නාට කිසිදු කරදයක් ගැහැටක් ව්‍යසනයක් සිදු නොවන බව ය. සංකල්පයක් ලෙස මේ කාරණය සලකතොත්, මෙයින් කියැවෙන්නේ මෛත්‍රියෙන්, ප්‍රේමයෙන් යුත් සමාජයක යුද්ධ, ත්‍රස්තවාදය වැනි දෑ ඇති නොවන බව ය. සියල්ලෝ එක් වන් ව මෛත්‍රියෙන් හා ප්‍රේමයෙන් වෙසෙත් නම් ලොව කිසි ම විටෙක යුද්ධ තත්Àවයන් ඇති නො වේ. මානව සමාජය ජීවත් වීමට අවශ්‍ය කරන හිතකර වාතාවරණයක් වී හමාර ය. ‘පතිරූපදේස වාසයක්’ යැ යි සලකන ලද්දේ එවන් සමාජයක් ය. අද අප ජීවත් වන්නේ එවන් ප්රතිරූපදේස වාසයක නො වේ. යුද්ධ බියෙන් ඇලළී ගිය වාතාවරණයක ය.

ලොව කොතැනක හෝ යුද ගිනි දැල් ඇවිළෙන බිහිසුණු වෛරී පරිසර තත්Àවයන් නිර්මාණය වෙමින් පවතී. පළමු වන, දෙවන ලෝක සංග්රාම මේ මිහිතලය මත ඇති නොවන්නට ලෝකයේ සෑම රටක් ම මේ වන විට ආර්ථික වශයෙන් සමාන තත්Àවයන්හි පවතින්නට ඉඩ තිබුණු බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වන්නේ මේ නිසා ය. පුරා වසර තිහකට අධික කාලයක් යුද්ධයෙන් අප විඳි ගැහැට කොතෙක් ද? මේ නිසා යුද්ධ තත්Àවයෙන් මිදුණු සාමකාමි ලොවක් තනන්නට ප්‍රේමය/මෛත්‍රිය අත්‍යවශ්‍ය වන බවත් එවිට මිනිසුන් ගින්නෙන්, වස-විසෙන්, ආයුධ ආදියෙන් පීඩා නොවිඳිනා බවත් ය මේ ආනිසංසයෙන් ප්‍රකාශ වනුයේ. මෛත්‍රිය/ප්‍රේමය පිරි සමාජයක කවර ලෙසකින් වත් යු_යේ රුදුරු බව පවතින්නේ නැත. ‘යු_’ කවර ලෙසකින් අර්ථකථනය කළ ද අමානුෂික දෙයකි.

viii. තුවටං චිත්තං සමාධියති: තෘප්තියට පත් සිත සමාධිගත වෙයි යනු එහි අර්ථ යි. සමාධිගත වීම යනු සිතේ පවත්නා එකඟතාව යි. චිත්තේකාග්‍රතාව ලෙස හැඳින්වන්නේ මෙය යි. සති සම්පජඤ්ඤය ලෙස දක්වන්නේ ද සිතේ පවත්නා සංසුන් එකඟ බව ය. යමක ‘ඵලය’ නො ව, ‘හේතුව’ දකින සංසුන් බව ඇති වන්නේ සමාධිගත සිතක ය. සෙලැවෙන අත්තක් දෙස බලා, ‘නැත, එතැන සෙලැවෙන්නේ අත්ත නො ව සුළඟ’ යැ යි සිතිය හැකි චිත්ත ඒකාග්‍රතාවක් ඇති වන්නේ මෛත්‍රී / ප්‍රේම ස්වභාවයන් සිතක පහළ වුව හොත් පමණ ය. සිතක එකඟකම පිණිස සන්තුෂ්ටිය හේතු වේ. ආතතිය, කණස්සල්ල පහ ව ගොස් සිත එක් අරමුණක නිමග්න වන්නේ ප්‍රේමය වැනි සංකල්පවලින් සිත පිරී-ඉතිරී පවතින විට ය. අද අප ජීවත් වන මේ සංකීර්ණÀවය තුළ ඒ සන්තුෂ්ටිය වත්, චිත්තේකාග්‍රතාව වත් අප කෙරෙහි නැත. කෝලාහල කලබල පිරි, සංකීර්ණතාවන්ගෙන් ගහන මේ සමාජය තුළ තුවට චිත්තයාගේ පහන් බව විනාශ වී තිබේ. ඒ පහන් බව පිරි සමාජයක් නිර්මාණය වන්නේ, මෛත්‍රිය / ප්‍රේමය ඉතිරී ගිය විට ය.

ix. මුඛවණ්ණෝ විප්පසීදති: මුහුණේ වර්ණය බබළයි යනු එහි අර්ථ යි. මෙය විද්‍යාත්මක ව ද පිළිගෙන ඇත. සතුට පී‍්‍රතිය, වැනි ස්වභාවයන් තුළ මොළයේ සිදු වන රසායනික පරිවර්තනයන්හි ප්‍රතිඵල විසින් මිනිසුන්ගේ සිරියාව වඩවන බව සොයාගෙන ඇත. මෛත්‍රිය / ප්‍රේමය නිසා මුහුණකට ඇති වන අකාමික ශ්රීය, ප්රසන්නතාව ආනිසංසයක් වශයෙන් දක්වා තිබේ.

මුහුණේ රූපාලංකාරය ඇති කරගැනීම පිණිස අප දැන් නොකරන දෙයක් නැත. රූපලාවණ්‍යය වෙන ම ජාවාරමක් දක්වා වර්ධනය වී පවතී. එය ඖෂධ, මත්ද්‍රව්‍ය ජාවාරමටත් වඩා මිනිස් සමාජය ගොදුරු කරගෙන ඇත. එහෙත් මෛත්‍රී, කරුණා ප්‍රේම පිරි මිනිසුන්ට වෙනත් රූපාලංකාරයක් අවශ්‍ය නො වේ.

x. අසම්මූළ්හෝ කාලං කරෝති: මෙයින් පෙන්වන්නේ මරණය සිදු වන ආකාරය යි. බොහෝ දෙනකුට ස්වකීය මරණය මනා

සිහියෙන් විඳ-දරාගත හැකි නො වේ. එක්කෝ තමා මිය යනු තමා ම නො දනී. දනිතත් ඒ මොහොතේදී ඇති වන කම්පනය විශාල ය. ප්‍රසන්න මනසින් මරණයට මුහුණ දිය හැකි ස්වාත්ම පෞරුෂත්වයක් ආරෝපණය වන්නේ මෛත්‍රී / ප්‍රේම පරවශ මිනිසුන් තුළ ය. ජීවත් වීමේ වගේ ම මරණයේ ද පවත්නා චමත්කාරය ඔහු විඳ-දරාගනී. තමා ස්ථිර ව ම මිය යන්නේ ය යන ධර්මතාව තේරුම් ගෙන, ඊට සිහි බුද්ධියෙන් සැදී-පැහැදී, ප්‍රසන්න මනසින් ඔහු ඒ අවසන් නිමේෂයට ද සාර්ථකව මුහුණ දෙයි; ගෞරවනීය මරණයක සාඩම්බර හිමිකරුවෙක් වෙයි.

xi . උත්තරිං අප්පටිවිජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති: යනු අවසන් ආනිසංසය යි. ඉහත ආකාරයෙන් මරණය විඳින තැනැත්තේ අවසන් චුති විත්තයේ පවත්නා පහන් බව හේතු කොටගෙන බ්‍රහ්ම ලෝක වැනි අලෞකික උත්තම ආත්ම භාවයක් ලබන බව මෙයින් ප්‍රකාශ වේ. එය ඔහු නිර්වාණයට ආසන්න ව තබන උත්තරීතර තලයකි.

ඉහත සඳහන් කරුණු දෙස විමර්ශනාක්ෂියෙන් බැලීමෙන් ප්‍රේමය / මෛත්‍රිය යන ස්වභාව කොතරම් උතුම් ද යන්න වටහාගත හැකි ය. එවන් පරමෝත්තම මෛත්‍රී සහගත සමාජයකට සකලවිධ ද්වාරයන් විවර වේවා! යනු මාගේ ද මෛත්‍රී පරවශ ප්‍රාර්ථනය යි.

Source  DhammaDana

[QUOTE="cool-sasika, post: 19403363, member: 353431"] [b]එක්_සමයක_බුදුන්වහන්සේ.......[/b] [CENTER][ATTACH]62591._xfImport[/ATTACH] [COLOR="Purple"][SIZE="6"]මෙත්තානිසංස සූත්‍රය [/SIZE][/COLOR][/CENTER] [SIZE="5"][COLOR="Olive"]1. ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්ර බෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති. හදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස් සෝසුං’ භගවා ඒතදවෝච. 2. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය. යානීකතාය වත්ථූ කතාය අනූට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, ඒකාදසානිසංසා පටිකඞ්ඛා. කතමේ ඒකාදස? 3. 1. සුඛං සුපති, 2. සුඛං පටිබුජ්ක්‍ධති, 3. න පාපකං සුපිනං පස්සති, 4. මනුස්සානං පියෝ හෝති, අමනුස්සානං පියෝ හෝති, 6. දේවාතා රක්ඛන්ති, 7. නාස්ස අග්ගි වා විසංවා සත්ථං වා කමති, 8. තුවටං චිත්තං සමාධියති, 9. මුඛවණ්ණෝ විප්පසීදති, 10. අසම්මූළ්හෝ කාලං කරෝති, 11. උත්තරිං අප්පටිවිජ්ක්‍ධන්තෝ බ්රහ්මලෝකූපගෝ හෝති. 4. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා, ආසේවිතාය භාවිතාය බහුලීකාතාය, යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, ඉමේ ඒකාදසානිසංසා පාටිකඞ්ඛාති. 5. ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති. ▬▬▬▬▬▬▬▬▬▬▬ මෙත්තානිසංස සූත්‍රයේ සිංහල අර්ථය එක් සමයක බුදුන්වහන්සේ සැවැත්නුවර ඇසුරු කොට දෙව්රම් මහ වෙහෙර වසන්නේ දිනෙක පැසුළු යම ලොව බලා වදාරණ සේක් මේ බඳු සිදුවීමක් දුටු සේක. කොසොල් රට සැරිසරන මා අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දෙසීමෙන් සැට නමක් රහත් වන්නාහ. සැට නමක් කටින් උණු ලේ වමාරන්නාහ. සැට නමක් සිවුරු හැර ගිහි වන්නාහ යනුයි. භික්ෂූන් හට සංග්‍රහ පිණිස චාරිකාවෙහි හැසිරෙනු කැමැති භික්ෂූන්ට දන්වන්නැයි කීහ. මෙසේ වදාළ බුදුන්වහන්සේ මහත් භික්ෂූ සමූහයක් පිරිවරා ගෙන ගම් නියම් ගම් පිළිවෙළින් සැරි සරමින් මහත් වූ බෙණයක් සහිත රුකක් ගින්නෙන් ඇවුලෙනු දැක ;මය අරමුණු කොට දම් දෙසමියි අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දෙසූ සේක. මෙසේ වදාළ කළ හැටක් උණු ලේ වැමෑරූහ. සැටක් සිවුරු හළහ. පිරිසුදු සිල් ඇත්තෝ රහත් වූහ. මේ ධර්ම දේශනාව තුන් කොටසකට ප්‍රයෝජනවත් විය. රහත් වූවන්ට ප්‍රයෝජන වනු පුදුමයක් නොවේ. සෙස්සන්ට වූ ප්‍රයෝජන කවරේද යත්? ඉදින් බුදුහු අග්ගික්ඛන්ධෝපම සූත්‍රය නො ඇසුහූ නම් ප්‍රමාද විහරණයෙන් යුක්තව පව් වඩමින් අපායෙහි උපදනාහ. මේ දහම් දෙසුම අසා සාමණේර භූමියෙහි සිට දසසිල් පුරා භාවනා වඩා සෝවාන් සකෘදාගාමී හා අනාගාමී වන්නාහ. සමහරු දෙව්ලොව උපදින්නාහ. අනෙක් අය මෙය නො ඇසුයේ නම් කල් යත් යත් සංඝාදිසේසාදියට හා පාරාජිකාදියට පැමිණෙන්නා හ. මේ දේශනාව ඇසූ දුසිල් මහණහු මේ ශාසනය ආශ්චය්‍යය. අප පැවිදි වූයේ කෙලෙසුන් තැවීමට මිස කෙලෙසුන් වැඩීමට නොවේ. අපට දිවිහිම් කොට කෙලෙසුන් නැති කරන පිළිවෙතක් පිරිය නොහැකි ය. එබැවින් උවසුදම් පුරා දුකින් මිදෙමුයි ගිහි වූහ. ඔවුහු තිසරණ පන්සිල් හා අටසිල් රැක ඇතැම් කෙනෙක් සෝවාන් වූහ. ඇතැම් කෙනෙක් සකෘදාගාමි වූහ. කෙනෙක් දෙව්ලොව උපන්හ. මෙසේ ඔවුන්ටත් මේ දෙසුම ඵලවත් විය. මේ දේශනාව ගැන ආරංචි වූ භික්ෂූහු විසිදෙන සැටදෙන සියදෙන බැගින් සිවුරු හැර ගිහි වූහ. මෙසේ බුදුන් වහන්සේ දහම් දෙසමින් දනවු සැරිසරා නැවත දෙව්රම් වෙහෙරට වැඩ එම ගඳ කිළියෙහි අඩ මසක් විවේකව එලසමවත් සුව විඳ පසුව අනඳ මහ තෙරුන් සමඟ දෙව්රම් වෙහෙර බලා හැසිරෙන සේක් පෙර කාෂාය වස්ත්‍රයෙන් බබළමින් පැවැති දෙව්රම් වෙහෙර අද මෙසේ හිස්වන්නට හේතු කවරේදැයි අනඳ හිමියන් ගෙන් විචාල සේක. අනඳ හිමියෝ බුදුන් වහන්සේට මෙසේ පැවසූ සේක. ස්වාමිනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ දනවු සැරිසරා වඩිද්දී අග්ගික්ඛන්ධෝපම සුත්‍රය වදාළ තැන්පටන් භික්ෂූහු සංවේගයට පැමිණ අපට මේ සසුනෙහි පිළිවෙත් පිරිය නොහැකිය. නොමනා පැවතුම් ඇති අප විසින් සැදැහැවතුන් විසින් පින් සලකා පිරිනමන ලබන දන් වැළඳීම නුසුදුසු යයි සිවුරු හැර ගියහ. මෙය ඇසූ බුදුන්වහන්සේට ධර්ම සංවේගය පහළ විය. ඉක්බිති බුදුන් වහන්සේ අනඳ තෙරුන් ඇමතූහ. මා සමවත් සුවෙන් විවේකීව සිටියදී මෙහි කිසිදු භික්ෂූහු නමක් මගේ දරුවන්ගේ සැනසීම පිණිස අවවාදයක් නො දුන්නේ ය. ගඟකට බසින්නට බොහෝ තොටවල් ඇත්තාක්මෙන් සසුනෙහි සැනසෙන්නට බොහෝ දේ තිබේ. ආනන්ද, ගඳකිළි මළුවෙහි බුද්ධ ශාසනයක් පණවා භික්ෂූන් රැස්කරවයි කී සේක. මේ කාරණය අර්ථෝත්පත්ති කොටගෙන මහණෙනි, මේ සස්නෙහි යම් භික්ෂූන් නමක් අසුරු සණක් ගසන කෙටි කාලයක් නමුදු සියලු සතුන් කෙරෙහි මෙත් සිත වඩා නම් හෙවත් මෛත්‍රී කෙරේ නම් මහණෙනි, ඒ භික්ෂූ නම මේ සස්නෙහි නො සිස් වූ ධ්‍යාන ඇත්තෙක් ව වසන්නේයයි ද, ශාසනානුශාසනය පිළිපදින්නේ යයිද, අවවාද පිළිපන්නේ යිද, දායකයන් විසින් දෙන රට්ඨ පිණ්ඩය නොසිස්ව වළදන්නේ යයි ද කියනු ලැබේ. යම් කෙනෙක් මෙත් සිත නැවත නැවත පුහුණු කෙ රත් නම් වඩාත් නම් ඔවුන් ගැන කියනුම කවරේදැයි මෙසේ චුල්ල අච්ජරාසංඝ සූත්‍රය වදාරා මෙකී භාවනාවේ අනුසස් දක්වනු සඳහා මෙත්තානිසංස සූත්‍රය දෙසූ සේක. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු මහ සිටුහු ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස යැයි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවඳන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහණෙනි ආදරයෙන් සෙවුනා ලද එසේම වඩනා ලද නැවත නැවත වැඩීම වශයෙන් පුරුදු කරන ලද සියලු අන්දමින් ම පුරුදු කරන ලද මොනවට පටන් ගන්නා මෛත්‍රී චෙතෝ විමුක්තිය පිළිබඳ අනුසස් එකොළොසක් කැමති විය යුත්තාහ. කවර එකොළොසක්ද යත්? 1. සැපයේ නිදයි 2. සැපයේ පුබුදියි 3. නපුරු සිහිනයක් නොදකියි. 4. මිනිසුන්ට පි‍්‍රයවෙයි 5. අමනුෂ්‍යයන්ට ද පි‍්‍රය වෙයි 6. දෙවියෝ රකිති 7. මේ මෛත්‍රී විහරණ ඇති පුද්ගලයා ගේ ශරීරයෙහි ගිනි හෝ, විස හෝ, සැත් හෝ නොවදියි. 8. වහාම සිත එකඟ වෙයි 9. මුහුණ පැහැපත් වෙයි 10. නො මුලාව කලුරිය කරයි 11. මෛත්‍රී සමවතින් මතු රහත් වන්නට නොහැකි වී නම් මරණින් මතු බඹලොව උපදියි. මහණෙනි, ආදරයෙන් සෙවුනා ලද මෛත්‍රී චේතෝ විමුක්තිය ආසේවිත භාවිත බහුලීකෘත කළ කල්හි යානාවක් මෙන් වස්තුවක් මෙන් කළ කල්හි එළඹ සිටි කල්හි පුරුදු කළ කල්හි මොනවට පටන් ගත් කල්හි මේ එකොළොස් ආනිසංසයෝ කැමති විය යුත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ඒ භික්ෂූහූ භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාවට කැමති වූහ. ▬▬▬▬▬▬▬▬▬▬▬ මෛත්‍රී කිරීමේ අනුසස් සවිස්තරාත්මකව i. සුඛං සුපති: හොඳින් නින්ද යයි. එනම් සුවදායක නින්දක් ලැබේ. ලොව බොහෝ දෙනකුට සුවදායක නින්දක් ලැබෙන්නේ නැත. දුකෙහි ගැලී දුක ම අනුභව කරමින් සිටින මිනිසාට නින්ද උතුම් සුවයකි. නින්ද වත් හරියට නොලැබෙන්නේ නම් ජීවිතය එක ම දුක් ගොඩකි. නින්ද වනාහි සියලු සත්ත්වයන්ගේ අනිවාර්ය අවශ්‍යතාවකි. නූතන සංකීර්ණත්වය තුළ විවිධ කායික හා මානසික ව්යාකුලතාවන්ගෙන් යුත් මිනිසුන්ට නින්දක් වත් නැත. නින්ද ලෞකික ව ලබන සුවයන්ගෙන් ප්රමුඛ සුවයකි. මෛත්‍රිය / ප්‍රේමය සිතෙහි පවතින විට විවිධාකාර විෂ සහිත ක්ලේශයෝ පහ ව යත්. එහෙයින් ඔහු වඩාත් ම සුව නින්දක් ලබයි. එහි ප්‍රතිඵලය වන්නේ කායික නීරෝගිතාවෙන් යුත් මිනිසකු නිර්මාණය වීම ය. නීරෝගිතාව පිණිස ප්‍රේමය කොතරම් හොඳ ඔසුවක් ද? ශරීර සුවතාව පිණිස එය කොතරම් හොඳ ක්‍රමයක් ද? ii. සුඛං පටිබුජ්ඣති: දෙවැනි ආනිසංසය ලෙස දැක්වෙන්නේ හොඳින් අවදි විමට ලැබීම යි. නිදාගත් තැනැත්තාට හොඳින් අවදි වීමට ලැබීම කොයිතරම් දෙයක් ද? ඇතැම්හු ශයනාගාරයේදී ම මියයත්. එහෙත් මෙහි කියැවෙන හොඳින් අවදි වීම යන්නෙන් ගම්‍යමාන වන්නේ නින්දෙන් අවදි වීම ම නො වේ. හැම මොහොතක ම හොඳ සිහිබුද්ධියෙන් අවදියෙන් සිටීමට හැකි වීම පිළිබඳ ව ය. මෛත්‍රිය / ප්‍රේමය ඇති තැනැත්තා සෑම කාරණාවක් ගැන ම සෑම විට ම හොඳ කල්පනාවෙන් අවදියෙන් සිටී. ඔහු රැවටීමට නොහැකි ය. ‘පබුජ්ඣිත’ බව ඔහුගේ ජීවිතයේ එක් කොටසකි. යනඑන ගමන් බිමන්වලදී මෙන් ම කරන-කියන දැයෙහි ද ඔහු ඉන්නේ මනා අවදියකිනි. ඒ අනුව ඔහු තුළ මානසික සෞඛ්‍යය ද සුරක්ෂිත වේ. මේ නිසා ඔහුගේ කටයුතු ව්‍යාකුල නො වේ. iii. න පාපකං සුපිනං පස්සති: පාප සිහින නොදකී යනු මෙහි තෙවන ආනිසංසය යි. මෙය ද විමසිය යුතු කාරණයකි. අප දකින සිහින යනු අපේ ම දෛනික කාර්යාවලියේ පුනර්රූපණයකි. පාපකාරි ජීවිත ගත කරන්නෝ තම චර්යාවන්ට සාපේක්ෂ පුනර්රූපණ සිහින විදියට දකිති. එහෙත් ප්‍රේමය ඇති තැනැත්තවුන්ගේ සිත පවින් බැහැර වී පවතින හෙයින් ඔවුන්ගේ සිතේ පුනර්රූපිත ස්වභාවයෙන් පෙනෙන්නට පටන් ගන්නේ කුසල මූලයන් විසින් නිපදවනු ලබන සිහින ය. තවත් විදියකින් සිතතොත් සිහිනෙන් වත් පවක් නො කරන, නොවිඳින, නොදකින මිනිසකු නිර්මාණය කිරීමේ හොඳ ම ක්‍රමය මෛත්‍රිය හෙවත් ප්‍රේමය බව යි. මෛත්‍රිය ඇත්තවුන්ගේ සිත් ප්‍රභාස්වර ය. එවන් ප්‍රභාස්වර සිත් අසල අකුසල මූල චේතනා නැත. ඉදින් සිහිනෙනුදු ඔහු පාපක සුපින නොදකියි. iv. මනුස්සානං පියෝහෝති: මනුෂ්‍යයන්ට පි‍්‍රය වේ යනු මෙහි සඳහන් සිව්වන ආනිසංසය ය. අප ඇඳුම්-පැලැඳුම්, යාන-වාහන, ගේ-දොර, සැරසුම්, විලවුන්, කතා-බහ, සිනාව ආදි සියල්ල පවත්වාගෙන යන්නේ අන් අයගේ පි්රයමනාපභාවය ඇති කරගනු පිණිස ය. මෛත්‍රී / ප්‍රේම වඩන්නාගේ මුහුණ පි‍්‍රයමනාප වන හෙයින් ඔහු මිනිසුන්ට ද පිය දසුන් ඇත්තෙක් වෙයි (පියෝ දස්සනීයෝ). ඔවුනොවුන් කෙරෙහි පි‍්‍රය ඇසින් බලන අතර තෙමේ ද අන්‍යයන්ගේ පි‍්‍රය ඇස් ලබන්නෙක් වෙයි (පසන්නෝ පිය චක්ඛූහි සම්පස්සමානෝ). v. අමනුස්සානං පියෝහෝති: පස්වැනි ආනිසංසය අමනුෂ්‍යයන්ට ද පි‍්‍රය වේ යනු යි. අමනුෂ්‍ය යන වචනය ඇසෙත් ම අපේ මනසට නිතැතින් ම නැඟෙන්නේ මනුෂ්‍ය නොවන අද්භූත බලවේගයි. අදෘශ්‍යමාන අද්භූත බලවේග මේ අප හාත්පස සැරි සරන බව සැබෑ ය. යක්ෂ, ප්‍රේත පිශාච කුම්භාණ්ඩ ආදි අභව්‍ය බලවේග මෙන් ම මළගිය ප්රාණකාරයන්ගේ මනෝකාය ද (Astral Bodies)අප අතර ගැවසෙති. ප්‍රේමය මෛත්‍රිය ඇති තැනැත්තා කෙරෙහි ඔවුන්ගේ බලපෑමක් නැත. මෙහිදී අපට කරණීය මෙත්ත සූත්‍රය සිහිපත් වේ. භාවනානුයෝගි ව විසූ භික්ෂූ පිරිසකට වනයේ අමනුෂ්‍යයන්ගෙන් එල්ල වන විවිධ තර්ජන හමුවේ භික්ෂූහු බුදුන් වහන්සේගෙන් ඊට රැකවරණය ඉල්ලූ හ. බුදුහු කරණීය මෙත්ත (කළ යතු මෛත්‍රී) ආවර්ජනා දේශනා කළහ. අමනුෂ්‍ය බලවේග පහ විය. මෙම අමනුෂ්‍ය යන සංකල්පයෙන් මිනිස් නොවන සමස්තය ම අර්ථවත් වේ. ඒ අනුව ගස්-වැල්, ගෙවල්-දොරවල්, සංස්කෘතිය, අධ්‍යාපනය, සන්නිවේදනය ආදි භෞතික තත්ත්වයන් සියල්ල ද අර්ථවත් කළ හැකි ය. මේ සියල්ලට ම පි‍්‍රය-මනාප මිනිසකු මෙමඟින් නිර්මාණය වෙති යි සිතීම කොතරම් හොඳ ද? පරිසරය, කාලගුණය දේශගුණය ආදි සාධක පවා ඔහුට පි‍්‍රය-මනාප ලෙස පවතී. vi. දේවතා රක්ඛන්ති: දෙවියන් විසින් ආරක්ෂා කරනු ලැබේ යනු මෙහි අර්ථ යි. දේව යනු අපගේ භෞතිකය තුළ හෝ අභෞතිකය තුළ පවත්නා යහපත් බලවේග යි. අව්ව, වැස්ස, සුළඟ, ගහ-කොළ ආදි සියල්ල ‘දේව‘ වශයෙන් ආදිකාලීන මිනිසුන් සැලැකූයේ මේ නිසා විය හැකි ය. එමෙන් ම රාජ (දේශපාලනය), ශාස්ත්‍ර (අධ්‍යාපනය) ආදි දෑ පවා ‘දේව‘ ලෙසින් මිනිස්සු සැලකූ හ. මේ සියලු දේව බලවේග විසින් ඔහු රැකගනු ලැබේ. කොටින් ම පුද්ගල හෝ ද්‍රව්‍යාත්මක සමස්තය විසින් මෛත්‍රී / ප්‍රේමකරන්නා රැකගනු ලැබේ. ‘දේව’ යන්නෙන් පුද්ගලයාගේ මනස තුළ ක්‍රියාත්මක වන අදෘශ්‍යමාන දිව්‍ය බව පිළිබඳ සංකල්පය ද මෙහිලා සැලකිල්ලට ගනිමු. තමා කිසියම් නොපෙනෙන දෙවියකු විසින් රකිනු ලබන්නේ ය යන ගුප්ත මානසික විස්වාසයක් මිනිසුන් තුළ ඇත්තේ ය. එවැනි දෑ තිබේ ද, නොතිබේ ද යන්න පිළිබඳ කාරණා වෙන ම සාකච්ඡා කළ යුතු ව පවතී. එහෙත් අප මෙහිදී තේරුම් ගත යුත්තේ එවන් කිසියම් දිව්‍යමය බලයකින් ඔහු සුරකිනු ලබන්නේ ය යන කාරණය යි. vii නාස්ස අග්නි වා විසං වා සත්ථං වා ඛමති: මෙයින් අර්ථවත් වනනේ ගින්නෙන් හෝ වස විසෙන් හෝ ආයුධ ආදි දෙයකින් හෝ මෛත්‍රී කරන්නාට කිසිදු කරදයක් ගැහැටක් ව්‍යසනයක් සිදු නොවන බව ය. සංකල්පයක් ලෙස මේ කාරණය සලකතොත්, මෙයින් කියැවෙන්නේ මෛත්‍රියෙන්, ප්‍රේමයෙන් යුත් සමාජයක යුද්ධ, ත්‍රස්තවාදය වැනි දෑ ඇති නොවන බව ය. සියල්ලෝ එක් වන් ව මෛත්‍රියෙන් හා ප්‍රේමයෙන් වෙසෙත් නම් ලොව කිසි ම විටෙක යුද්ධ තත්Àවයන් ඇති නො වේ. මානව සමාජය ජීවත් වීමට අවශ්‍ය කරන හිතකර වාතාවරණයක් වී හමාර ය. ‘පතිරූපදේස වාසයක්’ යැ යි සලකන ලද්දේ එවන් සමාජයක් ය. අද අප ජීවත් වන්නේ එවන් ප්රතිරූපදේස වාසයක නො වේ. යුද්ධ බියෙන් ඇලළී ගිය වාතාවරණයක ය. ලොව කොතැනක හෝ යුද ගිනි දැල් ඇවිළෙන බිහිසුණු වෛරී පරිසර තත්Àවයන් නිර්මාණය වෙමින් පවතී. පළමු වන, දෙවන ලෝක සංග්රාම මේ මිහිතලය මත ඇති නොවන්නට ලෝකයේ සෑම රටක් ම මේ වන විට ආර්ථික වශයෙන් සමාන තත්Àවයන්හි පවතින්නට ඉඩ තිබුණු බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වන්නේ මේ නිසා ය. පුරා වසර තිහකට අධික කාලයක් යුද්ධයෙන් අප විඳි ගැහැට කොතෙක් ද? මේ නිසා යුද්ධ තත්Àවයෙන් මිදුණු සාමකාමි ලොවක් තනන්නට ප්‍රේමය/මෛත්‍රිය අත්‍යවශ්‍ය වන බවත් එවිට මිනිසුන් ගින්නෙන්, වස-විසෙන්, ආයුධ ආදියෙන් පීඩා නොවිඳිනා බවත් ය මේ ආනිසංසයෙන් ප්‍රකාශ වනුයේ. මෛත්‍රිය/ප්‍රේමය පිරි සමාජයක කවර ලෙසකින් වත් යු_යේ රුදුරු බව පවතින්නේ නැත. ‘යු_’ කවර ලෙසකින් අර්ථකථනය කළ ද අමානුෂික දෙයකි. viii. තුවටං චිත්තං සමාධියති: තෘප්තියට පත් සිත සමාධිගත වෙයි යනු එහි අර්ථ යි. සමාධිගත වීම යනු සිතේ පවත්නා එකඟතාව යි. චිත්තේකාග්‍රතාව ලෙස හැඳින්වන්නේ මෙය යි. සති සම්පජඤ්ඤය ලෙස දක්වන්නේ ද සිතේ පවත්නා සංසුන් එකඟ බව ය. යමක ‘ඵලය’ නො ව, ‘හේතුව’ දකින සංසුන් බව ඇති වන්නේ සමාධිගත සිතක ය. සෙලැවෙන අත්තක් දෙස බලා, ‘නැත, එතැන සෙලැවෙන්නේ අත්ත නො ව සුළඟ’ යැ යි සිතිය හැකි චිත්ත ඒකාග්‍රතාවක් ඇති වන්නේ මෛත්‍රී / ප්‍රේම ස්වභාවයන් සිතක පහළ වුව හොත් පමණ ය. සිතක එකඟකම පිණිස සන්තුෂ්ටිය හේතු වේ. ආතතිය, කණස්සල්ල පහ ව ගොස් සිත එක් අරමුණක නිමග්න වන්නේ ප්‍රේමය වැනි සංකල්පවලින් සිත පිරී-ඉතිරී පවතින විට ය. අද අප ජීවත් වන මේ සංකීර්ණÀවය තුළ ඒ සන්තුෂ්ටිය වත්, චිත්තේකාග්‍රතාව වත් අප කෙරෙහි නැත. කෝලාහල කලබල පිරි, සංකීර්ණතාවන්ගෙන් ගහන මේ සමාජය තුළ තුවට චිත්තයාගේ පහන් බව විනාශ වී තිබේ. ඒ පහන් බව පිරි සමාජයක් නිර්මාණය වන්නේ, මෛත්‍රිය / ප්‍රේමය ඉතිරී ගිය විට ය. ix. මුඛවණ්ණෝ විප්පසීදති: මුහුණේ වර්ණය බබළයි යනු එහි අර්ථ යි. මෙය විද්‍යාත්මක ව ද පිළිගෙන ඇත. සතුට පී‍්‍රතිය, වැනි ස්වභාවයන් තුළ මොළයේ සිදු වන රසායනික පරිවර්තනයන්හි ප්‍රතිඵල විසින් මිනිසුන්ගේ සිරියාව වඩවන බව සොයාගෙන ඇත. මෛත්‍රිය / ප්‍රේමය නිසා මුහුණකට ඇති වන අකාමික ශ්රීය, ප්රසන්නතාව ආනිසංසයක් වශයෙන් දක්වා තිබේ. මුහුණේ රූපාලංකාරය ඇති කරගැනීම පිණිස අප දැන් නොකරන දෙයක් නැත. රූපලාවණ්‍යය වෙන ම ජාවාරමක් දක්වා වර්ධනය වී පවතී. එය ඖෂධ, මත්ද්‍රව්‍ය ජාවාරමටත් වඩා මිනිස් සමාජය ගොදුරු කරගෙන ඇත. එහෙත් මෛත්‍රී, කරුණා ප්‍රේම පිරි මිනිසුන්ට වෙනත් රූපාලංකාරයක් අවශ්‍ය නො වේ. x. අසම්මූළ්හෝ කාලං කරෝති: මෙයින් පෙන්වන්නේ මරණය සිදු වන ආකාරය යි. බොහෝ දෙනකුට ස්වකීය මරණය මනා සිහියෙන් විඳ-දරාගත හැකි නො වේ. එක්කෝ තමා මිය යනු තමා ම නො දනී. දනිතත් ඒ මොහොතේදී ඇති වන කම්පනය විශාල ය. ප්‍රසන්න මනසින් මරණයට මුහුණ දිය හැකි ස්වාත්ම පෞරුෂත්වයක් ආරෝපණය වන්නේ මෛත්‍රී / ප්‍රේම පරවශ මිනිසුන් තුළ ය. ජීවත් වීමේ වගේ ම මරණයේ ද පවත්නා චමත්කාරය ඔහු විඳ-දරාගනී. තමා ස්ථිර ව ම මිය යන්නේ ය යන ධර්මතාව තේරුම් ගෙන, ඊට සිහි බුද්ධියෙන් සැදී-පැහැදී, ප්‍රසන්න මනසින් ඔහු ඒ අවසන් නිමේෂයට ද සාර්ථකව මුහුණ දෙයි; ගෞරවනීය මරණයක සාඩම්බර හිමිකරුවෙක් වෙයි. xi . උත්තරිං අප්පටිවිජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති: යනු අවසන් ආනිසංසය යි. ඉහත ආකාරයෙන් මරණය විඳින තැනැත්තේ අවසන් චුති විත්තයේ පවත්නා පහන් බව හේතු කොටගෙන බ්‍රහ්ම ලෝක වැනි අලෞකික උත්තම ආත්ම භාවයක් ලබන බව මෙයින් ප්‍රකාශ වේ. එය ඔහු නිර්වාණයට ආසන්න ව තබන උත්තරීතර තලයකි. ඉහත සඳහන් කරුණු දෙස විමර්ශනාක්ෂියෙන් බැලීමෙන් ප්‍රේමය / මෛත්‍රිය යන ස්වභාව කොතරම් උතුම් ද යන්න වටහාගත හැකි ය. එවන් පරමෝත්තම මෛත්‍රී සහගත සමාජයකට සකලවිධ ද්වාරයන් විවර වේවා! යනු මාගේ ද මෛත්‍රී පරවශ ප්‍රාර්ථනය යි.[/COLOR] [/SIZE] [B][COLOR="Plum"]Source[/COLOR] [/B] [URL="http://www.fb.com/dhammadana.page"]DhammaDana[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom