එක සක්වලකම ජිවින් කොපමණ සිටිනවාද,

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මා ඉතා කුඩාය.🧡🌿🌸

    මම යනු ,මේ සක්වල බදුම තල 31 ක් සහිත දසදහසකටත් වඩා අනන්ත සක්වල ජීවින් අතර තව එක ජිවිත්‍රයක් පමණි.🧡

    එක සක්වලකම ජිවින් කොපමණ සිටිනවාද,
    යන්න ගැණිය නොහැකිය.ඒසේ නම් දස දහසක් වු සක්වල කොයිතරම් ජිවින් ප්‍රමාණයක් සිටිනවා ඇතිද.🧡
    ඒ ජිවින් අතර මමත් කුඩා එක් ජිවියෙක් පමණයි.
    මම මෙතනට ආවේ හිස් අතින් නොවේ..
    යා යුතු වන්නේද හිස් අතින් නොවේ..
    මෙතනට ඒමට මම කොයිතරම් නම් වෙහෙස වන්නට ඇතිද..?මට ඒ කිසිවත් මතක නැති මුත් මම මා වෙනුවෙන් වු ඒ මහන්සිය වෙනුවෙන් සාධාරණයක් ඉටු කලයුතු නොවේද? ...

    තාමාගේ ගමනේ...භාවයෙන් වැසි තිබෙන කාතාවක් ඇති..
    ඈත අතිතයේ කවදා හෝ මේ බුදු සසුන මුණගැසෙන්නට මා පාදම දමන්නට ඇති..🧡

    ඒ බව සිහි තබා විර්‍ය වඩන්න .
    අනුන්ට අනුකම්පා කරන්න.
    ඒසේ කල නොහැකි තමන්ටම අනුකම්පා කරන්න..

    මේ බුදුසසුන ඔබම ඔබට ලබාදුන් තාග්‍යයක් බදුය..

    ඒ නිසා විර්‍ය වඩන්න ...!!!🧡

    බුදුවරුන්ගේ පහල විම දුර්ලභය ..
    සුගතිය දුර්ලභය..
    ප්‍රඥාව ලැබිම දුර්ලභය..

    මේ දුක්ඛිත කෙලෙස් බැමි වලින් නික්මිම,මිදියාමට සිතිමද ඉතා දුර්ලභය ..🧡
    ඒ සදහා ධර්මය බබළන සමයක් ලැබිමද දුර්ලභය..
    ඔබේ ජිබිත්‍රය දුර්ලභව ලැබු වාසනාවක් වුවද එය ක්ෂණික සම්පත්තියක් බවද අමතක නොකරන්න....
    🧡

    උතුම් තෙරුවන් සරණයි ...!🙏🧡🙏
    නමෝ බුද්ධාය ...!🙏❤️🌸🌿🥰