Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එජාප ආණ්ඩුවේ 1983 කළු ජූලියට වසර 35යි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එජාප ආණ්ඩුවේ 1983 කළු ජූලියට වසර 35යි

ලාංකීය ඉතිහාසයේ දරුණුතම මිනිස් සංහාරයක් සිදුවූයේ 1983 ජුලි 24 වැනිදා සිට ජුලි 30 වැනිදා දක්වාය. එවකට ආණ්ඩුවට සම්බන්ධ සංවිධානාත්මක පිරිස්වල අනුග්‍රහය ඇතිව සිදුවූ 1983 කළුජූලිය සැලසුම්ගත ව්‍යාපාරයක් බව දෙමළ ජනතාවගේ ආකල්පය විය. ආණ්ඩුවේ නිල සංඛ්‍යාලේඛන අනුව මරණයට පත්වූ සංඛ්‍යාව 471 කි. තුවාලවලට ලක්වූ අයගේ සංඛ්‍යාව 3,769 කි. සිදුවූ මංකොල්ලකෑම් සංඛ්‍යාව 3,835 කි. එහෙත් නිල නොවන සංඛ්‍යාලේඛන අනුව මියගිය සංඛ්‍යාව 2,000 ක් වූ අතර නිවාස 8,000 ක්ද කඩ සාප්පු 5,000 ක්ද විනාශ වූ අතර දෙමළ ජාතිකයන් 150,000 ක් පමණ අවතැන් විය.

උතුරේ බෙදුම්වාදී ප්රශ්නය, උතුරු නැගෙනහිර අර්බුදය, ජනවාර්ගික ප්රශ්නය, ඊළම, ෆෙඩරල්වාදය, ආදී විවිධ නම්වලින් හැඳින්වෙන දෙමළ දේශපාලන පක්ෂවල ඉල්ලීම් සම්බන්ධයෙන් ඉකුත් අඩසිය වසක කාලය තුළ විවිධ එකඟතා සහ ගිවිසුම්ද ඇති කරගෙන තිබේ. වෙනම රාජ්‍යයක් ලබා ගැනීම සඳහා දෙමළ සංවිධාන සන්නද්ධ ක්‍රියාවලියක් ද 70 දශකය මුල් භාගයේ ආරම්භ කළ අතර ඉකුත් දශක හතරකට ආසන්න තුළ එම දෙමළ බෙදුම්වාදී සංවිධානවල ත්‍රස්තවාදී ක්‍රියාවන් නිසා ඝාතනයට ලක්වූ උතුරේ සහ දකුණේ පිරිස 60,000 කට ආසන්නය. අනතුරුව වසර 2009 මැයි 19 වැනිදා තිස් වසරක යුද්ධය මුළුමනින් පරාජය කර රටට සාමය උදාකිරීමට පස්වන ජනාධිපති මහින්ද රාජපක්ෂ සමත් විය.

එජාප ආණ්ඩු කාලයේදී යුද්ධය නිමාකිරීමේ අරමුණින් ඉන්දියාව සමඟ ගිවිසුමක් 1987 ජුලි 29 වැනිදා ගිවිසුමක් අත්සන් කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දීය හමුදා භටයන් ලක්ෂයට ආසන්න සංඛ්‍යාවක් 1987 ජුලි සිට 1990 මාර්තු දක්වා ශ්‍රී ලංකාවට පැමිණ උතුරු නැගෙනහිර දෙමළ ත්රස්තවාදීන්ට එරෙහිව යුද මෙහෙයුම් සිදුකළද එය අසාර්ථක විය.

එම ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට බලහත්කාරයෙන් පැමිණීමට විරෝධය දැක්වීමද ජවිපෙ 2 වැනි කැරැල්ලේ එක් ප්‍රධාන අරමුණක් වූ අතර එහිදී ඝාතනයට ලක්වූ සහ අතුරුදන් වූ දකුණේ ජනයාගේ සංඛ්‍යාව 41,813 කි. එහෙත් මානව හිමිකම් සංවිධාන වාර්තාවන්ට අනුව 2 වැනි කැරළි සමයේදී ඝාතනයට සහ අතුරුදන් වීමට ලක්වූ සංඛ්‍යාව 67,652 කි. මින් 6,661 කැරළිකරුවන් අතින් ඝාතනයට ලක්වූ අතර ප්‍රා සංවිධානය මගින් ඝාතනය කරන ලද සංඛ්‍යාව 1,222 කි. සෙසු සියලු දෙනා ඝාතනයට පත්වූයේ ආරක්ෂක අංශ ඇතුළු එයට සෘජු සහ වක්‍ර සම්බන්ධකම් පැවතුනැයි කියන අතුරු හමුදා කණ්ඩායම් වූ කළු බළල්ලු, ස්රා, උකුස්සා, රාජාලියෝ, කහ බළල්ලු, කොළ කොටි, රතු මකරු, මාපිලා, ගෝනුස්සා, නී, කේසර සිංහයෝ, ලේ මාපිල්ලු, කළු කොටි වැනි සංවිධානයන් ගෙනි.

ෆෙඩරල් පක්ෂය 1949 දී එස්. ඡේ. වී. චෙල්වනායගම්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගත් අතර රාජ්‍ය භාෂා පනතට එරෙහිව 1957 අගෝස්තු මාසයේදී සත්‍යග්‍රහයක් සහ හර්තාලයක් පවත්වන බවට එමගින් නිවේදනය කරන ලදී. දෙමළ බෙදුම්වාදයට විසඳුම් වශයෙන් මුලින් ඇතිකරගනු ලැබූ එකඟතාවය සැලකෙන්නේ 1957 ජුලි 26 වැනිදා ඇතිකරගනු ලැබූ බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමය.

මේ පිළිබඳව අගමැති බණ්ඩාරනායක සහ ෆෙඩරල් පක්ෂ නායකයන් අතර 1957 ජුනි 26 වැනිදා හොරගොල්ලේදී රහසිගත සාකච්ඡාවක්ද පැවැත්විණි. එම රහසිගත සාකච්ඡා පසුව 1957 ජුලි 9 වැනිදා අගමැති කාර්යාලයේදීද 1957 ජුලි 14 වැනිදා රොස්මීඩ් පෙදෙසේද, සෙනට් මන්ත්‍රී මණ්ඩල ගොඩනැඟිල්ලේද පැවැත්විණි. තීරණාත්මක සාකච්ඡා පැවතියේ 1957 ජුලි 25 වැනිදාය. බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම 1957 ජුලි 26 අත්සන් කෙරනුයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. අවසානයේ විරෝධතා නිසා එම ගිවිසුම ක්‍රියාත්මක නොවීය.

සමගි පෙරමුණ ආණ්ඩුවට පක්ෂපාතී වූ යාපන නගරාධිපති දුරේ අප්පා 1975 දී දෙමළ බෙදුම්වාදීන් විසින් ඝාතනය කිරීමෙන් පසු 1982 වන විට උතුරු පළාත ගිනියම් වෙමින් පැවතිණි. 1982 ජුලි මසදී පොලිස් භටයින් 4 දෙනක් යාපනය නෙල්අඩි හන්දියේද මරා දැමූ අතර 1982 ඔක්තෝබර් මස වාවකච්ෙච්රි පොලිස් ස්ථානයට කඩාවැදී භටයින් තිදෙනෙකු ඝාතනය කර දෙමළ බෙදුම්වාදීන් ආයුධ පැහැර ගෙන යන ලදී. එජාප ආණ්ඩුව මගින් 1982දී සිය පාර්ලිමේන්තු නිල කාලය දික්කර ගැනීම සඳහා ජනමත විචාරණය පැවැත්වූ අතර එහිදී ආණ්ඩුවට පක්ෂව ඡන්ද සියයට 54.7 ක් ලැබිණි.

ජනාධිපතිවරණයද 1982 ඔක්තෝබර් 21 වැනිදා පැවති අතර ඉන් එජාප අපේක්ෂක ජනාධිපති ජයවර්ධන ඡන්ද සියයට 52.91 ක් ලබා ගනිමින් ජයග්‍රාහකයා බවට පත්විය. එම ජනමත විචාරණ සහ ජනාධිපති මැතිවරණය අතිශයින් ප්රචණ්ඩ ස්වරූපයක් ගත් අතර ඡන්ද දැමීම්වලදී අයථා ක්‍රියා රැසක් සිදුවිය.

එයට පෙර 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේදී ප්ලොට් සංවිධානය මගින් එජාප අපේක්ෂකයකු වූ ඒ. තංගරාජා මැයි 24 වැනිදා වෙඩිතබා ඝාතනය කළ අතර මැයි 30 වැනිදා මැතිරණ ප්රචාරක රැස්වීමක රාජකාරියේ යෙදී සිටි පොලිස් භටයන් දෙදෙනෙකුද ඝාතනය කරන ලදී. ඉන් ප්රකෝපයට පත් ආණ්ඩු හිතවාදි පිරිස් 1981 දී ග්රන්ථ සහ අත්පිටපත් 97,000 ක් පමණ තිබූ 1935 දී ආරම්භ කරන ලද යාපනය සිව් මහල් පුස්තකාලය ගිනි තබා විනාශ කරන ලදී. සංවර්ධන සභා මැතිවරණයට පෙර සහ මැතිවරණ දිනයේදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිපදෙනෙකු යාපනයට යවන ලදී. ඇමැතිවරු වූ ගාමිණී දිසානායක සහ සිරිල් මැතිව්ද ඇතුළු කිහිප දෙනෙක්ද ඒ අතර විය.

වසර 1983 ජුලි 15 වැනිදා හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් චාවකච්ෙච්රි මිසාලයේදී කොටි ත්රස්තවාදීන් වූ ලුකස් චාල්ස් ඇන්තනි නොහොත් සීලන්ද රාමනාදන් අරුල්නාදන් යන දෙදෙනා මිය ගොස් තිබිණි. මින් සීලන් යනු කොටි නායක ප්රභාකරන්ගේ එවකට සිටි සමීපතමයෙකි. එම මරණ වෙනුවෙන් පලිගැනීමට තීරණය කළ කොටි කණ්ඩායම සිදුකළේ නිරුනෙල්වේලි පාරේ බිම් බෝම්බ වැළලීමය.

ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ සී කණ්ඩායමේ දෙවන ලුතිනන් වාස් ගුණවර්ධන ගේ නායකත්වයෙන් 15 කගෙන් යුත් භට කණ්ඩායමක් 1983 ජුලි 23 වැනිදා රාත්‍රි කාලයේදී මාර්ග පරීක්ෂාවක නිරත විය. ඔවුන් ගියේ යු. හ. 4889 දරණ ජිප් රථයෙන් සහ 26 ශ්‍රී 3193 දරණ ට්‍රක් රථයෙනි. ප්රභාකරන්ගේ සමීපතමයකු වන සෙල්ලක්කිලි අත්අඩංගුවට ගැනීමට සිදුකරන මෙහෙයුමේදී මාර්ග පරීක්ෂා කර ගුරු නගර් කඳවුරට වාර්තා කරන ලෙසට ඔවුන්ට නියෝග දී තිබිණි.

එදින රාත්‍රි 11.28 ට ඌරුම්පිරායි හන්දිය පසුකොට විනාඩි 5 ක් පමණ ගත වෙද්දී හෙණ හඬක් නඟමින් ඇතිවූ පිපිරුමකට ජීප්රිය හසුවිය. වෙඩි ප්‍රහාර හා බෝම්බ වර්ෂාවක් මෙන් පතිත විණි. ජීප් රථය පැදවූයේ කෝප්රල් ජී. ආර්. පෙරේරාය. 22 කුගෙන් සමන්විත වූ කොටි ත්‍රස්තවාදී කණ්ඩායමක ප්‍රහාර හමුවේ දිවි රැක ගැනීමට සමත් වූයේ කෝප්රල් උපාලි පෙරේරා සහ ලාන්ස් කෝප්රල් සුමතිපාල පමණි. භටයින් 13 දෙනෙකු මියගොස් තිබිණි. එවකට යුධ හමුදාපති ජනරාල් තිස්ස වීරතුංගය.

එම සිරුරුවල අවසාන කටයුතු බොරැල්ල කනත්තේදී සිදුකිරීමට මිනී වළවල් 14 ක් හාරා තිබිණි. කෝප්රල් උපාලි පෙරේරාද මියගිය බවට සලකා තිබිණි. එහෙත් ඔහු බරපතළ තුවාල ලබා ජීවත් විය.

එසේ මියගිය හමුදාවේ 13 දෙනාගේ කණ්ඩායමට දෙවන ලූතිනන් වාස් ගුණවර්ධන, සැරයන් එස්.අයි. තිලකරත්න, කෝප්රල් ජී.ආර්. පෙරේරා(රියදුරු), ලාන්ස් කෝප්රල් ජී.ඩී. පෙරේරා, සාමාන්‍ය සෙබළුන් වන ඒ.ඩී. මාතපිටිය, එම්.බී සුනිල්, ඒ.ඡේ. විඡේසිංහ, කේ.පී කරුණාරත්න, පී.ජී. රාජතිලක, එස්.එස් අරසිංහ, ජී. රොබට්, ඒ.එස් මනතුංග(රියදුරු) සහ ඡේ.ආර්. ප්‍රනාන්දු යන අය අයත් වූහ.

උතුරේදී බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට පත්වූ සෙබළුන් 13 දෙනාගේ මළසිරුරු 1983 ජුලි 24 වැනිදා පස්වරු 5ට බොරැල්ලේ කනත්තට ගෙන එන බවට කීවද රාත්‍රී 7වන තෙක් එම මළ සිරුරු ගෙන ආවේ නැත. පිරිස නොසන්සුන් වූ අතර පොලිස් අධිකාරි ගෆූර් විසින් කලබලකාරී කිහිප දෙනෙකුට පහරදීමත් සමඟ කොළඹ කනත්ත ගාලගෝට්ටියක් බවට පත්වූ අයුරු එම ස්ථානයේදී සිද්ධිය සියෑසින් දුටු ලේඛකයාට මතකය. කුපිත වූ පිරිස බොරැල්ල සහ ඒ අවට තිබූ දෙමළ කඩසාප්පු සහ නිවෙස් වලට ප්‍රහාර එල්ල කළහ. එය එදිනම රාත්‍රී මුළු කොළඹ නගරයේ ස්ථාන කිහිපයක සිදුවෙනු දක්නට ලැබිණි. ඒ අතරතුර බොරැල්ලේ කනත්තේ වළ දැමීමට ගිය සෙබළුන්ගේ මළ සිරුරු යළිත් හමුදා මූලස්ථානයට ගෙනවිත් ගම්වලට පිටත්කර යෑවීමට බලධාරින් තීරණය කරන විටද සියල්ල සිදුවෙමින් පැවතිණි.

ප්රචණ්ඩ ක්‍රියා හට ගැනීමෙන් පසු ජනාධිපති ජයවර්ධන කොළඹට ඇඳිරිනීතිය පැනවූයේ පැය 24ක් ගතවීමෙන් පසුවය. එනම් 1983 ජුලි 26වැනිදාය. ඒ වන විටත් දෙමළ ජනයාට එරෙහි කෝලාහලය සංවිධානාත්මක මට්ටමින් කොළඹ සහ ඒ අවට දිස්ත්‍රික්කයන්හි දියත් වෙමින් පැවතිණි.

ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වූ සිරිල් මැතිව් එම ක්‍රියාවලියට සෘජුවම දායක වූ බවට බරපතළ චෝදනා විය. ඔහුගේ සහ ආණ්ඩු හිතවාදී ඇතැම් ආධාරකරුවෝ දෙමළ නිවෙස් සොයා ගියේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඡන්ද හිමි නාම ලේඛනද අතැතිවය.

වැල්ලවත්තේ මැර කණ්ඩායම් මෙහෙයවන ලද්දේ ජාතික සේවක සංගමයේ ප්‍රධානියෙකි. ගල්කිස්සේ කෝලාහලවලට නායකත්වය දුන්නේ නගර සභාවේ එජාප මන්ත්‍රීවරයෙකි. පිටකොටුවේ කඩසාප්පු 442 ක් විනාශ කරමින් සහ ජීවිත හානි සිදුකිරීමේ අණදෙන්නා වූයේ දේශපාලනයට සම්බන්ධ පාතාලයේ දාමරිකයෙකි. ජනාධිපති ජයවර්ධන ජාතිය ඇමතුවේ කලබලවලින් පසුව දින පහක් ගොස් 1983 ජුලි 28 වැනිදා රාත්‍රියේය.

වැලිකඩ සිරගෙදර සිටි දෙමළ සිරකරුවන් ප්‍රථමයෙන් 35 දෙනෙකුද 18 දෙනෙකුද අනුක්‍රමික ප්රහාරයන් දෙකක් 1983 ජුලි 25 වැනිදා සහ 27 වැනිදා එල්ල කරමින් 53 දෙනෙකු මරා දමන ලදී.

ඒ අතර ටෙලෝ සංවිධානයේ නිර්මාතෘවරයා වූ කුට්ටිමනීද සන්නද්ධ ව්‍යාපාරයේ තවත් ආරම්භකයකු වූ ජෙගන්ද විය. කොස්තාපල්වරයකුට 1979 දී වෙඩිතබා ඝාතනය කිරීමට වරදකරු වූ කුට්ටිමනීට 1982 අගෝස්තු 13 වැනිදා කොළඹ මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කොට තිබිණි.

ජනාධිපති ජයවර්ධන සිව්දිනක් යන තෙක් කිසිදු ප්‍රකාශයක් ලබා දුන්නේ නැත. එයට දින 5 කට පෙරාතුව 1983 ජුලි 18 වැනිදා ජනාධිපති ජයවර්ධන ඩේලි ටෙලිග්රාෆ් පුවත්පතේ මාධ්‍යවේදී ග්රැහැම් ඩෝඩ් සමඟ කළ සාකච්ඡාවකදී කියා සිටියේ "යාපනය ජනතාවගේ මතය කුමක් වූවද තමාට කමක් නැති බවය.

දැන් අපට ඔවුන් ගැන සිතිය නොහැකිය. ඔවුන්ගේ ජීවිත ගැන හෝ අප පිළිබඳව ඇති ඔවුන්ගේ මතය ගැන සිතිය නොහැකි බවය" දින කිහිපයක් ගතවීමෙන් පසු කොළඹ ගම්පහ කළුතර ඇඳිරිනීතිය සීමා කළ අතර හමුදා මුර සේවා ක්‍රියාත්මක විය.

අවිගත් දෙමළ ත්රස්තවාදීන් තිදෙනකු කොටුව බෝගහ අසළ ගොඩනැඟිල්ලක ඉහළ මහලකට නැඟී 1983 ජුලි 27 වැනිදා වෙඩි තැබීමක් සිදුකළ අතර ඉන් කොළඹ සහ ඒ අවට ප්‍රදේශ යළිත් උණුසුම් විය.

කළුජූලි කෝලහල ලැව් ගින්නක් සේ 1983 ජුලි 24 වැනිදා සිට ජුලි 30 වැනිදා දක්වා රටපුරා පැතිර ගිය අතර උතුරු නැගෙනහිර පදිංචි සිංහල පවුල්ද සංවිධානාත්මක දෙමළ පිරිස් විසින් එම ප්‍රදේශවලින් දකුණට පලවා හරින ලදී.

එම සිය ගණනක් සිංහල පිරිස්ද උතුරු නැගෙනහිරදී තිරස්චින ලෙස ඝාතනය කළ අතර ඔවුන්ගේ නිවාස, කඩසාප්පු විනාශ කළ අතර සියලු දේපලද අවසානයේදී බලහත්කාරයෙන් අත්පත් කරගන්නා ලදී.

දෙමළ සංහාරයට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් එල්ලවූ විවේචනවලට පිළිතුරක් වශයෙන් එජාප ආණ්ඩු සිදුකළේ වාමාංශික පක්ෂ 3 ක් 1983 ජුලි 31 වැනිදා ගැසට් මගින් තහනමට ලක්කිරීමය. එජාප නායක ජනාධිපති ජයවර්ධන කියා සිටියේ කළුජූලිය අන්තවාදී වාමාංශිකයන් විසින් දියත් කළ ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් බවට වාර්තා වී ඇති බැවින් එම තීරණය ගත් බවය.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ නව සම සමාජ පක්ෂය තහනම් කරන ලදී. කොමියුනිස්ට් පක්ෂයේ සහ නව සම සමාජයේ නායකයෝ කෙටි කලක් සැඟවී සිට ආණ්ඩුවට භාරවිමෙන් පසු කොමියුනිස් පéයේ සහ නව සමසමාජ පක්ෂවල තහනම ඉවත් කරන ලදී. ජනතා විමුක්ති පෙරමුණ එසේ භාර නොවූ අතර තහනම ඉවත් කරන ලෙස නිරතුරුව ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඉල්ලීම් කරන ලදී.

එජාප ආණ්ඩුව අවසානයේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට යෑයි කියමින් හයවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එක දිගට පාර්ලිමේන්තුවේ විවාදකර 1983 අගෝස්තු 8 වැනිදා සම්මතකර ගත්තේය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයෙක්ම වෙනම රාජ්‍යක් පිහිටුවීමට සහාය නොදිය යුතු බවට ප්‍රතිඥා දිය යුතුය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටිය නිසා ඔවුනට එසේ දිවුqරුම් දිය නොහැකි විය. ඒ අනුව උතුරු පළාතේ සියලුම මන්ත්‍රීවරුන් සහ නැගෙනහිර පළාතේ ආර්. සම්බන්ධන්ද ඇතුළු මන්ත්‍රීවරුන් දෙදෙනකුද අයත්ව දෙමළ මන්ත්‍රීවරුන් 16 දෙනකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 1983 ඔක්තෝබර් 23 වැනිදා අහෝසි විය. එහි ප්‍රතිඵලයක් ලෙස දෙමළ පෙරමුණේ නායක ඒ.

අමිර්තලිංගම් වෙනුවට ශ්‍රීලනිපයේ අනුර බණ්ඩාරනායක විපක්ෂ නායක බවට 1983 නොවැම්බර් 8 වැනිදා පත්කරගනු ලැබුවේ ශ්‍රීලනිප මන්ත්‍රීන් 9 කගේද මඑපෙ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සහ කොමියුනිස්ට් පක්ෂයේ මන්ත්‍රී සරත් මුත්තෙට්ටුගමගේ සහායෙනි.

[QUOTE="SLHodahitha, post: 23441931, member: 565060"] [b]එජාප ආණ්ඩුවේ 1983 කළු ජූලියට වසර 35යි[/b] [SIZE="5"][B]ලාංකීය ඉතිහාසයේ දරුණුතම මිනිස් සංහාරයක් සිදුවූයේ 1983 ජුලි 24 වැනිදා සිට ජුලි 30 වැනිදා දක්වාය.[/B] එවකට ආණ්ඩුවට සම්බන්ධ සංවිධානාත්මක පිරිස්වල අනුග්‍රහය ඇතිව සිදුවූ 1983 කළුජූලිය සැලසුම්ගත ව්‍යාපාරයක් බව දෙමළ ජනතාවගේ ආකල්පය විය.[B] ආණ්ඩුවේ නිල සංඛ්‍යාලේඛන අනුව මරණයට පත්වූ සංඛ්‍යාව 471 කි.[/B] තුවාලවලට ලක්වූ අයගේ සංඛ්‍යාව 3,769 කි. සිදුවූ මංකොල්ලකෑම් සංඛ්‍යාව 3,835 කි. එහෙත් [B]නිල නොවන සංඛ්‍යාලේඛන අනුව මියගිය සංඛ්‍යාව 2,000 ක් වූ අතර නිවාස 8,000 ක්ද කඩ සාප්පු 5,000 ක්ද විනාශ වූ අතර දෙමළ ජාතිකයන් 150,000 ක් පමණ අවතැන් විය. [/B] [IMG]http://divaina.com/sunday/images/paper/2018/07/22/SD1/july1.jpg[/IMG] [IMG]http://divaina.com/sunday/images/paper/2018/07/22/SD1/unp4.jpg[/IMG] උතුරේ බෙදුම්වාදී ප්රශ්නය, උතුරු නැගෙනහිර අර්බුදය, ජනවාර්ගික ප්රශ්නය, ඊළම, ෆෙඩරල්වාදය, ආදී විවිධ නම්වලින් හැඳින්වෙන දෙමළ දේශපාලන පක්ෂවල ඉල්ලීම් සම්බන්ධයෙන් ඉකුත් අඩසිය වසක කාලය තුළ විවිධ එකඟතා සහ ගිවිසුම්ද ඇති කරගෙන තිබේ. වෙනම රාජ්‍යයක් ලබා ගැනීම සඳහා දෙමළ සංවිධාන සන්නද්ධ ක්‍රියාවලියක් ද 70 දශකය මුල් භාගයේ ආරම්භ කළ අතර ඉකුත් දශක හතරකට ආසන්න තුළ එම දෙමළ බෙදුම්වාදී සංවිධානවල ත්‍රස්තවාදී ක්‍රියාවන් නිසා ඝාතනයට ලක්වූ උතුරේ සහ දකුණේ පිරිස 60,000 කට ආසන්නය. [B]අනතුරුව වසර 2009 මැයි 19 වැනිදා තිස් වසරක යුද්ධය මුළුමනින් පරාජය කර රටට සාමය උදාකිරීමට පස්වන ජනාධිපති මහින්ද රාජපක්ෂ සමත් විය. [/B] [IMG]http://divaina.com/sunday/images/paper/2018/07/22/SD1/unp2.jpg[/IMG] [B]එජාප ආණ්ඩු කාලයේදී යුද්ධය නිමාකිරීමේ අරමුණින් ඉන්දියාව සමඟ ගිවිසුමක් 1987 ජුලි 29 වැනිදා ගිවිසුමක් අත්සන් කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දීය හමුදා භටයන් ලක්ෂයට ආසන්න සංඛ්‍යාවක් 1987 ජුලි සිට 1990 මාර්තු දක්වා ශ්‍රී ලංකාවට පැමිණ උතුරු නැගෙනහිර දෙමළ ත්රස්තවාදීන්ට එරෙහිව යුද මෙහෙයුම් සිදුකළද එය අසාර්ථක විය.[/B] [B] එම ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට බලහත්කාරයෙන් පැමිණීමට විරෝධය දැක්වීමද ජවිපෙ 2 වැනි කැරැල්ලේ එක් ප්‍රධාන අරමුණක් වූ අතර එහිදී ඝාතනයට ලක්වූ සහ අතුරුදන් වූ දකුණේ ජනයාගේ සංඛ්‍යාව 41,813 කි.[/B] එහෙත් මානව හිමිකම් සංවිධාන වාර්තාවන්ට අනුව 2 වැනි කැරළි සමයේදී ඝාතනයට සහ අතුරුදන් වීමට ලක්වූ සංඛ්‍යාව 67,652 කි. මින් 6,661 කැරළිකරුවන් අතින් ඝාතනයට ලක්වූ [B]අතර ප්‍රා සංවිධානය මගින් ඝාතනය කරන ලද සංඛ්‍යාව 1,222 කි.[/B] සෙසු සියලු දෙනා ඝාතනයට පත්වූයේ ආරක්ෂක අංශ ඇතුළු එයට සෘජු සහ වක්‍ර සම්බන්ධකම් පැවතුනැයි කියන අතුරු හමුදා කණ්ඩායම් වූ [B]කළු බළල්ලු, ස්රා, උකුස්සා, රාජාලියෝ, කහ බළල්ලු, කොළ කොටි, රතු මකරු, මාපිලා, ගෝනුස්සා, නී, කේසර සිංහයෝ, ලේ මාපිල්ලු, කළු කොටි වැනි සංවිධානයන් ගෙනි.[/B] ෆෙඩරල් පක්ෂය 1949 දී එස්. ඡේ. වී. චෙල්වනායගම්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගත් අතර රාජ්‍ය භාෂා පනතට එරෙහිව 1957 අගෝස්තු මාසයේදී සත්‍යග්‍රහයක් සහ හර්තාලයක් පවත්වන බවට එමගින් නිවේදනය කරන ලදී. දෙමළ බෙදුම්වාදයට විසඳුම් වශයෙන් මුලින් ඇතිකරගනු ලැබූ එකඟතාවය සැලකෙන්නේ [B]1957 ජුලි 26 වැනිදා ඇතිකරගනු ලැබූ බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමය. [/B] මේ පිළිබඳව අගමැති බණ්ඩාරනායක සහ ෆෙඩරල් පක්ෂ නායකයන් අතර 1957 ජුනි 26 වැනිදා හොරගොල්ලේදී රහසිගත සාකච්ඡාවක්ද පැවැත්විණි. එම රහසිගත සාකච්ඡා පසුව 1957 ජුලි 9 වැනිදා අගමැති කාර්යාලයේදීද 1957 ජුලි 14 වැනිදා රොස්මීඩ් පෙදෙසේද, සෙනට් මන්ත්‍රී මණ්ඩල ගොඩනැඟිල්ලේද පැවැත්විණි. තීරණාත්මක සාකච්ඡා පැවතියේ 1957 ජුලි 25 වැනිදාය. බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම 1957 ජුලි 26 අත්සන් කෙරනුයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. අවසානයේ විරෝධතා නිසා එම ගිවිසුම ක්‍රියාත්මක නොවීය. [B]සමගි පෙරමුණ ආණ්ඩුවට පක්ෂපාතී වූ යාපන නගරාධිපති දුරේ අප්පා 1975 දී දෙමළ බෙදුම්වාදීන් විසින් ඝාතනය කිරීමෙන් පසු 1982 වන විට උතුරු පළාත ගිනියම් වෙමින් පැවතිණි.[/B] 1982 ජුලි මසදී පොලිස් භටයින් 4 දෙනක් යාපනය නෙල්අඩි හන්දියේද මරා දැමූ අතර 1982 ඔක්තෝබර් මස වාවකච්ෙච්රි පොලිස් ස්ථානයට කඩාවැදී භටයින් තිදෙනෙකු ඝාතනය කර දෙමළ බෙදුම්වාදීන් ආයුධ පැහැර ගෙන යන ලදී. එජාප ආණ්ඩුව මගින් 1982දී සිය පාර්ලිමේන්තු නිල කාලය දික්කර ගැනීම සඳහා ජනමත විචාරණය පැවැත්වූ අතර එහිදී ආණ්ඩුවට පක්ෂව ඡන්ද සියයට 54.7 ක් ලැබිණි. [IMG]http://divaina.com/sunday/images/paper/2018/07/22/SD1/unp3.jpg[/IMG] [B]ජනාධිපතිවරණයද 1982 ඔක්තෝබර් 21 වැනිදා පැවති අතර ඉන් එජාප අපේක්ෂක ජනාධිපති ජයවර්ධන ඡන්ද සියයට 52.91 ක් ලබා ගනිමින් ජයග්‍රාහකයා බවට පත්විය. එම ජනමත විචාරණ සහ ජනාධිපති මැතිවරණය අතිශයින් ප්රචණ්ඩ ස්වරූපයක් ගත් අතර ඡන්ද දැමීම්වලදී අයථා ක්‍රියා රැසක් සිදුවිය.[/B] එයට පෙර 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේදී ප්ලොට් සංවිධානය මගින් [B]එජාප අපේක්ෂකයකු වූ ඒ. තංගරාජා මැයි 24 වැනිදා වෙඩිතබා ඝාතනය කළ[/B] අතර මැයි 30 වැනිදා මැතිරණ ප්රචාරක රැස්වීමක රාජකාරියේ යෙදී සිටි පොලිස් භටයන් දෙදෙනෙකුද ඝාතනය කරන ලදී. [B]ඉන් ප්රකෝපයට පත් ආණ්ඩු හිතවාදි පිරිස් 1981 දී ග්රන්ථ සහ අත්පිටපත් 97,000 ක් පමණ තිබූ 1935 දී ආරම්භ කරන ලද යාපනය සිව් මහල් පුස්තකාලය ගිනි තබා විනාශ කරන ලදී. [/B]සංවර්ධන සභා මැතිවරණයට පෙර සහ මැතිවරණ දිනයේදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිපදෙනෙකු යාපනයට යවන ලදී. ඇමැතිවරු වූ ගාමිණී දිසානායක සහ සිරිල් මැතිව්ද ඇතුළු කිහිප දෙනෙක්ද ඒ අතර විය. වසර 1983 ජුලි 15 වැනිදා හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් චාවකච්ෙච්රි මිසාලයේදී කොටි ත්රස්තවාදීන් වූ ලුකස් චාල්ස් ඇන්තනි නොහොත් සීලන්ද රාමනාදන් අරුල්නාදන් යන දෙදෙනා මිය ගොස් තිබිණි. මින් සීලන් යනු කොටි නායක ප්රභාකරන්ගේ එවකට සිටි සමීපතමයෙකි. එම මරණ වෙනුවෙන් පලිගැනීමට තීරණය කළ කොටි කණ්ඩායම සිදුකළේ නිරුනෙල්වේලි පාරේ බිම් බෝම්බ වැළලීමය. ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ සී කණ්ඩායමේ දෙවන ලුතිනන් වාස් ගුණවර්ධන ගේ නායකත්වයෙන් 15 කගෙන් යුත් භට කණ්ඩායමක් 1983 ජුලි 23 වැනිදා රාත්‍රි කාලයේදී මාර්ග පරීක්ෂාවක නිරත විය. ඔවුන් ගියේ යු. හ. 4889 දරණ ජිප් රථයෙන් සහ 26 ශ්‍රී 3193 දරණ ට්‍රක් රථයෙනි. ප්රභාකරන්ගේ සමීපතමයකු වන සෙල්ලක්කිලි අත්අඩංගුවට ගැනීමට සිදුකරන මෙහෙයුමේදී මාර්ග පරීක්ෂා කර ගුරු නගර් කඳවුරට වාර්තා කරන ලෙසට ඔවුන්ට නියෝග දී තිබිණි. එදින රාත්‍රි 11.28 ට ඌරුම්පිරායි හන්දිය පසුකොට විනාඩි 5 ක් පමණ ගත වෙද්දී හෙණ හඬක් නඟමින් ඇතිවූ පිපිරුමකට ජීප්රිය හසුවිය. වෙඩි ප්‍රහාර හා බෝම්බ වර්ෂාවක් මෙන් පතිත විණි. ජීප් රථය පැදවූයේ කෝප්රල් ජී. ආර්. පෙරේරාය. [B]22 කුගෙන් සමන්විත වූ කොටි ත්‍රස්තවාදී කණ්ඩායමක ප්‍රහාර හමුවේ දිවි රැක ගැනීමට සමත් වූයේ කෝප්රල් උපාලි පෙරේරා සහ ලාන්ස් කෝප්රල් සුමතිපාල පමණි.[/B] භටයින් 13 දෙනෙකු මියගොස් තිබිණි. එවකට යුධ හමුදාපති ජනරාල් තිස්ස වීරතුංගය. එම සිරුරුවල අවසාන කටයුතු බොරැල්ල කනත්තේදී සිදුකිරීමට මිනී වළවල් 14 ක් හාරා තිබිණි. කෝප්රල් උපාලි පෙරේරාද මියගිය බවට සලකා තිබිණි. එහෙත් ඔහු බරපතළ තුවාල ලබා ජීවත් විය. එසේ මියගිය හමුදාවේ 13 දෙනාගේ කණ්ඩායමට දෙවන ලූතිනන් වාස් ගුණවර්ධන, සැරයන් එස්.අයි. තිලකරත්න, කෝප්රල් ජී.ආර්. පෙරේරා(රියදුරු), ලාන්ස් කෝප්රල් ජී.ඩී. පෙරේරා, සාමාන්‍ය සෙබළුන් වන ඒ.ඩී. මාතපිටිය, එම්.බී සුනිල්, ඒ.ඡේ. විඡේසිංහ, කේ.පී කරුණාරත්න, පී.ජී. රාජතිලක, එස්.එස් අරසිංහ, ජී. රොබට්, ඒ.එස් මනතුංග(රියදුරු) සහ ඡේ.ආර්. ප්‍රනාන්දු යන අය අයත් වූහ. [B]උතුරේදී බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට පත්වූ සෙබළුන් 13 දෙනාගේ මළසිරුරු 1983 ජුලි 24 වැනිදා පස්වරු 5ට බොරැල්ලේ කනත්තට ගෙන එන බවට කීවද රාත්‍රී 7වන තෙක් එම මළ සිරුරු ගෙන ආවේ නැත. [/B]පිරිස නොසන්සුන් වූ අතර [B]පොලිස් අධිකාරි ගෆූර් විසින් කලබලකාරී කිහිප දෙනෙකුට පහරදීමත් සමඟ කොළඹ කනත්ත ගාලගෝට්ටියක් බවට[/B] පත්වූ අයුරු එම ස්ථානයේදී සිද්ධිය සියෑසින් දුටු ලේඛකයාට මතකය. [B]කුපිත වූ පිරිස බොරැල්ල සහ ඒ අවට තිබූ දෙමළ කඩසාප්පු සහ නිවෙස් වලට ප්‍රහාර එල්ල කළහ.[/B] එය එදිනම රාත්‍රී මුළු කොළඹ නගරයේ ස්ථාන කිහිපයක සිදුවෙනු දක්නට ලැබිණි. [B]ඒ අතරතුර බොරැල්ලේ කනත්තේ වළ දැමීමට ගිය සෙබළුන්ගේ මළ සිරුරු යළිත් හමුදා මූලස්ථානයට ගෙනවිත් ගම්වලට පිටත්කර යෑවීමට බලධාරින් තීරණය කරන විටද සියල්ල සිදුවෙමින් පැවතිණි.[/B] [B]ප්රචණ්ඩ ක්‍රියා හට ගැනීමෙන් පසු ජනාධිපති ජයවර්ධන කොළඹට ඇඳිරිනීතිය පැනවූයේ පැය 24ක් ගතවීමෙන් පසුවය. [/B]එනම් 1983 ජුලි 26වැනිදාය. ඒ වන විටත් දෙමළ ජනයාට එරෙහි කෝලාහලය සංවිධානාත්මක මට්ටමින් කොළඹ සහ ඒ අවට දිස්ත්‍රික්කයන්හි දියත් වෙමින් පැවතිණි. [B]ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වූ සිරිල් මැතිව් එම ක්‍රියාවලියට සෘජුවම දායක වූ බවට බරපතළ චෝදනා විය.[/B] ඔහුගේ සහ ආණ්ඩු හිතවාදී ඇතැම් ආධාරකරුවෝ දෙමළ නිවෙස් සොයා ගියේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඡන්ද හිමි නාම ලේඛනද අතැතිවය. වැල්ලවත්තේ මැර කණ්ඩායම් මෙහෙයවන ලද්දේ ජාතික සේවක සංගමයේ ප්‍රධානියෙකි.[B] ගල්කිස්සේ කෝලාහලවලට නායකත්වය දුන්නේ නගර සභාවේ එජාප මන්ත්‍රීවරයෙකි. [/B]පිටකොටුවේ කඩසාප්පු 442 ක් විනාශ කරමින් සහ ජීවිත හානි සිදුකිරීමේ අණදෙන්නා වූයේ දේශපාලනයට සම්බන්ධ පාතාලයේ දාමරිකයෙකි. [B]ජනාධිපති ජයවර්ධන ජාතිය ඇමතුවේ කලබලවලින් පසුව දින පහක් ගොස් 1983 ජුලි 28 වැනිදා රාත්‍රියේය. [/B] [IMG]http://divaina.com/sunday/images/paper/2018/07/22/SD1/unp5.jpg[/IMG] වැලිකඩ සිරගෙදර සිටි දෙමළ සිරකරුවන් ප්‍රථමයෙන් 35 දෙනෙකුද 18 දෙනෙකුද අනුක්‍රමික ප්රහාරයන් දෙකක් 1983 ජුලි 25 වැනිදා සහ 27 වැනිදා එල්ල කරමින් 53 දෙනෙකු මරා දමන ලදී. ඒ අතර ටෙලෝ සංවිධානයේ නිර්මාතෘවරයා වූ කුට්ටිමනීද සන්නද්ධ ව්‍යාපාරයේ තවත් ආරම්භකයකු වූ ජෙගන්ද විය. කොස්තාපල්වරයකුට 1979 දී වෙඩිතබා ඝාතනය කිරීමට වරදකරු වූ කුට්ටිමනීට 1982 අගෝස්තු 13 වැනිදා කොළඹ මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කොට තිබිණි. ජනාධිපති ජයවර්ධන සිව්දිනක් යන තෙක් කිසිදු ප්‍රකාශයක් ලබා දුන්නේ නැත. එයට දින 5 කට පෙරාතුව 1983 ජුලි 18 වැනිදා ජනාධිපති ජයවර්ධන ඩේලි ටෙලිග්රාෆ් පුවත්පතේ මාධ්‍යවේදී ග්රැහැම් ඩෝඩ් සමඟ කළ සාකච්ඡාවකදී කියා සිටියේ "යාපනය ජනතාවගේ මතය කුමක් වූවද තමාට කමක් නැති බවය. දැන් අපට ඔවුන් ගැන සිතිය නොහැකිය. ඔවුන්ගේ ජීවිත ගැන හෝ අප පිළිබඳව ඇති ඔවුන්ගේ මතය ගැන සිතිය නොහැකි බවය" දින කිහිපයක් ගතවීමෙන් පසු කොළඹ ගම්පහ කළුතර ඇඳිරිනීතිය සීමා කළ අතර හමුදා මුර සේවා ක්‍රියාත්මක විය. [B] අවිගත් දෙමළ ත්රස්තවාදීන් තිදෙනකු කොටුව බෝගහ අසළ ගොඩනැඟිල්ලක ඉහළ මහලකට නැඟී 1983 ජුලි 27 වැනිදා වෙඩි තැබීමක් සිදුකළ අතර ඉන් කොළඹ සහ ඒ අවට ප්‍රදේශ යළිත් උණුසුම් විය.[/B] කළුජූලි කෝලහල ලැව් ගින්නක් සේ 1983 ජුලි 24 වැනිදා සිට ජුලි 30 වැනිදා දක්වා රටපුරා පැතිර ගිය අතර උතුරු නැගෙනහිර පදිංචි සිංහල පවුල්ද සංවිධානාත්මක දෙමළ පිරිස් විසින් එම ප්‍රදේශවලින් දකුණට පලවා හරින ලදී. එම සිය ගණනක් සිංහල පිරිස්ද උතුරු නැගෙනහිරදී තිරස්චින ලෙස ඝාතනය කළ අතර ඔවුන්ගේ නිවාස, කඩසාප්පු විනාශ කළ අතර සියලු දේපලද අවසානයේදී බලහත්කාරයෙන් අත්පත් කරගන්නා ලදී. දෙමළ සංහාරයට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් එල්ලවූ විවේචනවලට පිළිතුරක් වශයෙන් එජාප ආණ්ඩු සිදුකළේ වාමාංශික පක්ෂ 3 ක් 1983 ජුලි 31 වැනිදා ගැසට් මගින් තහනමට ලක්කිරීමය. එජාප නායක ජනාධිපති ජයවර්ධන කියා සිටියේ කළුජූලිය අන්තවාදී වාමාංශිකයන් විසින් දියත් කළ ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් බවට වාර්තා වී ඇති බැවින් එම තීරණය ගත් බවය. [B] ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ නව සම සමාජ පක්ෂය තහනම් කරන ලදී[/B]. කොමියුනිස්ට් පක්ෂයේ සහ නව සම සමාජයේ නායකයෝ කෙටි කලක් සැඟවී සිට ආණ්ඩුවට භාරවිමෙන් පසු කොමියුනිස් පéයේ සහ නව සමසමාජ පක්ෂවල තහනම ඉවත් කරන ලදී. [B]ජනතා විමුක්ති පෙරමුණ එසේ භාර නොවූ අතර තහනම ඉවත් කරන ලෙස නිරතුරුව ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඉල්ලීම් කරන ලදී.[/B] [B]එජාප ආණ්ඩුව අවසානයේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට යෑයි කියමින් හයවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එක දිගට පාර්ලිමේන්තුවේ විවාදකර 1983 අගෝස්තු 8 වැනිදා සම්මතකර ගත්තේය[/B]. ඒ අනුව පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයෙක්ම වෙනම රාජ්‍යක් පිහිටුවීමට සහාය නොදිය යුතු බවට ප්‍රතිඥා දිය යුතුය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටිය නිසා ඔවුනට එසේ දිවුqරුම් දිය නොහැකි විය. ඒ අනුව උතුරු පළාතේ සියලුම මන්ත්‍රීවරුන් සහ නැගෙනහිර පළාතේ[B] ආර්. සම්බන්ධන්ද ඇතුළු [/B]මන්ත්‍රීවරුන් දෙදෙනකුද අයත්ව දෙමළ මන්ත්‍රීවරුන් 16 දෙනකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 1983 ඔක්තෝබර් 23 වැනිදා අහෝසි විය. එහි ප්‍රතිඵලයක් ලෙස දෙමළ පෙරමුණේ නායක ඒ. අමිර්තලිංගම් වෙනුවට ශ්‍රීලනිපයේ අනුර බණ්ඩාරනායක විපක්ෂ නායක බවට 1983 නොවැම්බර් 8 වැනිදා පත්කරගනු ලැබුවේ ශ්‍රීලනිප මන්ත්‍රීන් 9 කගේද මඑපෙ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සහ කොමියුනිස්ට් පක්ෂයේ මන්ත්‍රී සරත් මුත්තෙට්ටුගමගේ සහායෙනි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom