Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
එදා, අද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සර කාලේ මිනිස්සු ඉස්කෝලෙ ගියෙ නැහැ. ඉස්කෝලෙ ලංකාවට එන්නෙ විදේශිකයන්ට ලංකාව යටත් වුනාට පස්සෙ. ඒකනෙ අපිට අදටත් තියෙන්නෙ ලංකාවේ පළමු සිංහල පාසල කියලා එකකුත්. ඉතින් ඉස්සර මිනිස්සු ජීවිතේට හුඟක් දේවල් ලබා ගත්තෙ පන්සල ඇසුරෙන්. බණ පොත්වල තියෙන දේවල් කවුරුහරි කෙනෙක් කියවනවා. මිනිස්සු අහගෙන ඉඳලා සාදු කියලා අනුමෝදන් වෙනවා. එහෙම මිනිස්සුන්ට ජීවිතේ කියලා දෙන්න සෑහෙන්න පොත් අතීතයේ ලියැවුනා. අද නම් එහෙම පොත් ලියැවෙන්නෙ නැති තරම්. ඒ වගේ ලියැවුන පොතක් තමයි සද්ධර්මරත්නාවලිය. ධම්මපද අට්ඨකථාව මුල් කරගනිමින් තමයි සද්ධර්මරත්නාවලිය ලියැවෙන්නෙ. මේ පොතේ තියෙනවා හරි ලස්සන කතාවක් (සේරම කතා ලස්සනයි ඔන්න. මේක එයින් එකක්). හැමෝම වගේ අහලා ඇති මේ කතාව. කෙටියෙන් කියන්නම්.

එක්තරා භික්ෂූන්වහන්සේලා කණ්ඩායමක් බුදුරජාණන්වහන්සේගෙන් වස් වසන්න අවසර අරන් දුර ගම්මානයකට වැඩම කරනවා. මේ ගමේ ඉන්න මිනිස්සු හරි ආදරෙන් අර භික්ෂූන්වහන්සේලා කණ්ඩායමට වස් වසන්න ආරාධනා කරලා ඒකට අවශ්‍ය පහසුකම් සලසනවා. ඔය ගමේ උන්න ගම මහත්තයාගේ බිරිඳ තමයි මාතික මාතා. ඇය තමයි මේ භික්ෂූන්වහන්සේලාට උපස්ථාන කරන පිරිසෙ නායිකාව. දවසක් දානය සකසා ගෙන භික්ෂූන්වහන්සේලා දකින්න යන මේ මාතික මාතාව භික්ෂූන්වහන්සේ නමකගෙන් අහනවා ඔබ වහන්සේලා පුහුණු කරන ධර්මය ගිහි අපිට පුහුණු කරන්න බැරි ද කියලා. ඒ භික්ෂූන්වහන්සේ ඇයට උපදෙස් දෙනවා ගිහි කෙනෙක්ට වුනත් ඒ ධර්මය පුහුණු කරතෑකි කියලා. ඉතින් ඒ භික්ෂුවගෙන් ධර්මය ගැන දැන ගන්න මාතික මාතාව ඒ ධර්මය පුහුණු කරලා ඒ භික්ෂූන්වහන්සේලා කණ්ඩායමටත් කලින් අනාගාමී තත්ත්වයට පත්වෙනවා, අනුන්ගෙ සිත් දැකීමේ නුවණත් පෙර විසූ භව දැකීමේ නුවණත් එක්ක. ඇය බලනවා තමුන්ට උපකාර වුන ඒ භික්ෂූන්වහන්සේලා ආපු කාර්යය සාර්ථක කරන් ද කියලා. ඒ කියන්නෙ මාර්ග ඵල ලබා ගෙනද කියලා. එතැනදි ඇය දකිනවා මේ භික්ෂූන්වහන්සේලාට නොයෙකුත් පළිබෝධ කාරණා නිසා නිසි ආකාරයට ධර්මය පුහුණු කරන්න බැරි වෙලා කියලා. ඇය ඒ ඒ භික්ෂුවගේ හිත බලලා ඒ ඒ භික්ෂුවට ගැලපෙන විදියට පහසුකම් සලසනවා. ඉතින් තමුන්ට මනාප විදියට පහසුකම් සැලසෙද්දි අර භික්ෂූන්වහන්සේලා කණ්ඩායම ඉක්මනින් ම අර්හත් ඵල ලබා ගන්නවා. තමුන් ආ කාර්යය සඵල වුනාම මේ භික්ෂූන්වහන්සේලා ආපහු බුදුරජාණන්වහන්සේ ලඟට වැඩම කරනවා. මේ අයගෙ කතා බහ අහන් ඉන්න තවත් භික්ෂුවක් හිතනවා මාත් මේ කියන ගමට ගියා නම් ඉක්මනට රහත් වෙන්න පුළුවන් කියලා. ඒ සැරේ මේ භික්ෂුව බුදුරජාණන්වහන්සේගෙන් අවසර අරන් ඒ වස් කාලය ඇතුලෙම අර ගමට වැඩම කරනවා. උන්වහන්සේටත් උන්වහන්සේගේ හිත බලලා මනාප විදියට මාතික මාතාව උපස්ථාන කරනවා. එහෙම උපස්ථාන ලබද්දි අර භික්ෂුව කල්පනා කරනවා මේ ඇත්තිට මගේ හිත කියවන්න පුළුවන්දෝ කියලා. මේ ගැන මාතික මාතාවගෙන් ප්‍රශ්න කලාම සෘජුව නැතත් වක්‍රාකාරයෙන් ඇයි භික්ෂුවට දැනගන්න අරිනවා තමුන්ට අනුන්ගෙ හිත් කියවන්න පුළුවන් කියලා. මේක දැනගන්න භික්ෂුව කල්පනා කරනවා, මන් පෘථග්ජන භික්ෂුවක් නිසා මොන මොන විදියෙ හිතුවිලි මට පහල වෙනවද කියන්න බැහැ, ඒවා මේ උපාසිකාව දැක්කොත් මට වස ලැජ්ජාවයි කියලා. ඒ නිසා තමුන්ගෙ හිත මාතික මාතාව දකී කියලා හිතන භික්ෂුව ආපහු ජේතවනාරාමයටම වැඩම කරනවා. ඉක්මනින් ම ජේතවනාරාමයට වැඩම කළ භික්ෂුවගෙන් ඒකට හේතු අහන බුදුරජාණන්වහන්සේට ඉතින් භික්ෂුව තමුන්ට මුහුණ පාන්න වුන සිදුවීම විස්තර කරනවා. සේරම අහන් ඉන්න බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා තමුන්නාන්සෙට හරියනම තැන එතැන ආපහු එතැනට වැඩම කරන්නය කියලා. මේ භික්ෂුව බැහැ කියනවා. ඒ භික්ෂුවට බුදුරජාණන්වහන්සේ මේ දේශනාව කරනවා.

දුන්නිග්ගහස්ස ලහුනො යථාකාමනිපාතිනො

චිත්තස්ස දමථො සාධු චිත්තං දන්තං සුඛාවහන්ති.

(දුකසේ නිග්‍රහ කටයුතු වූ වහා ඉපිද නැසෙන සුලු වූ යම් අරමුණෙක කැමැති සේ වැටෙන සුලු වූ සිතෙහි දැමීම යහපත් ය. සිත දැමුනේ සුව එළවන්නේ ය.)

ඉතින් අර භික්ෂුව බුද්ධ දේශනාව අහලා තමන්ගේ හිත ආරක්ෂා කරගන්නවා කියලා හිතාගෙන ආපහු අර ගමටම වැඩම කරනවා. ආපහු වැඩම කළ භික්ෂුවට මාතික මාතාව පෙර පරිදිම උපස්ථාන කරනවා. ඒ උපස්ථාන එක්ක ඉක්මනින් ම අර්හත්ඵලයට පත්වෙන්න උන්වහන්සේට පුළුවන් වෙනවා.

රහත් වුන මේ භික්ෂුව කල්පනා කරනවා මේ මාතික මාතාව මේ භවයෙ නම් මගේ නෑයෙක්වත් යාළුවෙක් වත් නෙමෙයි, හැබැයි මට රහත් වෙන්න සෑහෙන්න උදව් කලා, ඇය සමග පෙර අත්බවවල මගේ සබඳතාවය කොයි වගේ ද කියලා. එහෙම හිතපු උන්වහන්සේ අතීත භවයන්ට හිත අරන් යනවා. ඒ යද්දි දකිනවා මේ භවයට පෙර භව 99 කදිම ඇය උන්වහන්සේගේ බිරිඳ වෙලා ඉඳලා පර පුරුෂයා නිසා සැමියා වුන උන්වහන්සේව ඝාතනය කරනවා කියලා. මේක දකිද්දි මේ භික්ෂුවට හිතෙනවා මේ කාන්තාව නරක දෙයක් කරලා තියෙන්නෙ කියලා. ඔය වෙලාවෙදි ම මාතික මාතාවත් හොයලා බලනවා මේ භික්ෂුව මොකද කරන්නෙ කියලා. ඇය එතකොට දකිනවා අතීත භවයන් ගැන දැක්ක භික්ෂූන්වහන්සේ තමුන් මහා නරක දෙයක් කලා කියලා හිතුව වග. ඇය කල්පනා කරලා බලනවා එක භවයකදි වත් මම මෙතුමන්ට ප්‍රයෝජනයක් වෙලා නැද්ද කියලා. ඇය දකිනවා 100 වැනි පෙර භවයෙදිත් ඇය මේ භික්ෂුවගෙ ඒ භවයෙ භාර්යාව වෙලා ස්වාමි පුරුෂයා වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරලා තියෙනවා කියලා. ඉතින් ඇය ගෙදර ඉඳන්ම අර භික්ෂුවට කියනවා සමාවෙලා තව එක භවයක් පස්සට බලන්නැයි කියලා. දිවකණින් ඒක අහන භික්ෂූන්වහන්සේ 100 වැනි භවයත් කල්පනා කරද්දි දකිනවා මාතික මාතාව ඒ භවයෙදි තමුන්ගෙ බිරිඳ වෙලා තමුන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරලා තියෙනවා කියලා. මේක දැක්කම අර භික්ෂුවට හිතෙනවා අනේ මේ කාන්තාව මට මහත් පරිත්‍යාගයක් කරලා තියෙනවානේ කියලා. ඒ භික්ෂුව ඇයට එහිම ඉඳලා ධර්ම දේශනා කරලා අනුපාදිශේෂ නිර්වාණධාතුවෙන් පිරිනිවන් පානවා.

ඉතින් මේ කතා අහන් ඉන්න අපේ මුතුන් මිත්තො අනේ සාදු කියලා සාදුකාර දුන්නා වගේම ඒ දේවල් එක්ක තමුන්ගෙ ජීවිතය දැක්කා. තමුන්ගෙ ජීවිතයට හම්බවෙන ස්වාමි පුරුෂයා හෝ භාර්යාව කර්මානුරූපව ලැබෙන බව දැනගෙන සතුටින් ජීවත් වුනා. අද අධිකරණයේ මාසයකට තියෙන දික්කසාද නඩු, නඩත්තු නඩු ගණන් කර කර සංඛ්‍යාලේඛන හැදුවට දැනට කාලෙකට කලින් අපේ මිනිස්සු අතර තිබුන සබඳතා අදට වඩා සංකීර්ණයි. අපේ සීයලා ආච්චිලා ජීවත් වුන විදිය දැක්කම ඒ ගැන හිතා ගන්න පුළුවන්. නමුත් ඉතින් කාලෙ වෙනස්වෙද්දි සද්ධර්මරත්නාවලිය විතරක් නෙමෙයි ත්‍රිපිටකය පවා අපි ප්‍රශ්න කරනවා. ඇත්ත කිසි දෙයක් කොහේවත් තිබුන පලියට විශ්වාස කරන්න ඕනා නෑ තමයි. නමුත් දකින්න තියෙන දේවල් කාලෙ නිසා වැඩක් නෑ කියලා අතාරින එක නම් මෝඩ වැඩක්. අද අපි කොච්චර දුර්වලද කියනවා නම්, ආදරේ කියන්නෙ මට නැත්නම් වෙන එකෙක්ටත් නෑ කියලා හිතන මට්ටමට වැටිලා තියෙන පිරිසක්. එහෙම නැත්නම් තමුන්ව දාලා ගියා කියලා දාලා ගිය ගෑණු ළමයාගේ බෙල්ල කපාවියැයි මහ දවල්. ආදරේ නාමයෙන් පලිගන්න කී දෙනෙක් අද අපි අතරෙ ඉන්නවද. වෛරී සහගතව, පලිගන්නවා කියලා හිතන් සම්බන්ධතාවයක් අවසන් කරන්නෙ නැතුව ආදරෙන්, සහකම්පනයෙන් හා කරුණාවෙන් සම්බන්ධතාවක් අවසන් කරන්න පුළුවන් කියලා හිතන අය අද නැහැ. එහෙම කෙනෙක් ඉඳියත් ඒ කෙනාව හිනාවට ලක් කරන සමාජයක අද අපි ඉන්නෙ. හැබැයි අද ඉන්නෙ නිකන් උපාධි නෙමෙයි, ආචාර්ය මහාචාර්ය උපාධි තියෙන උගත් මිනිස්සු. එදා වගේ ඉස්කෝලෙ නොගිය මිනිස්සු නෙමෙයි.

[QUOTE="hpalpola, post: 29557857, member: 321413"] ඉස්සර කාලේ මිනිස්සු ඉස්කෝලෙ ගියෙ නැහැ. ඉස්කෝලෙ ලංකාවට එන්නෙ විදේශිකයන්ට ලංකාව යටත් වුනාට පස්සෙ. ඒකනෙ අපිට අදටත් තියෙන්නෙ ලංකාවේ පළමු සිංහල පාසල කියලා එකකුත්. ඉතින් ඉස්සර මිනිස්සු ජීවිතේට හුඟක් දේවල් ලබා ගත්තෙ පන්සල ඇසුරෙන්. බණ පොත්වල තියෙන දේවල් කවුරුහරි කෙනෙක් කියවනවා. මිනිස්සු අහගෙන ඉඳලා සාදු කියලා අනුමෝදන් වෙනවා. එහෙම මිනිස්සුන්ට ජීවිතේ කියලා දෙන්න සෑහෙන්න පොත් අතීතයේ ලියැවුනා. අද නම් එහෙම පොත් ලියැවෙන්නෙ නැති තරම්. ඒ වගේ ලියැවුන පොතක් තමයි සද්ධර්මරත්නාවලිය. ධම්මපද අට්ඨකථාව මුල් කරගනිමින් තමයි සද්ධර්මරත්නාවලිය ලියැවෙන්නෙ. මේ පොතේ තියෙනවා හරි ලස්සන කතාවක් (සේරම කතා ලස්සනයි ඔන්න. මේක එයින් එකක්). හැමෝම වගේ අහලා ඇති මේ කතාව. කෙටියෙන් කියන්නම්. එක්තරා භික්ෂූන්වහන්සේලා කණ්ඩායමක් බුදුරජාණන්වහන්සේගෙන් වස් වසන්න අවසර අරන් දුර ගම්මානයකට වැඩම කරනවා. මේ ගමේ ඉන්න මිනිස්සු හරි ආදරෙන් අර භික්ෂූන්වහන්සේලා කණ්ඩායමට වස් වසන්න ආරාධනා කරලා ඒකට අවශ්‍ය පහසුකම් සලසනවා. ඔය ගමේ උන්න ගම මහත්තයාගේ බිරිඳ තමයි මාතික මාතා. ඇය තමයි මේ භික්ෂූන්වහන්සේලාට උපස්ථාන කරන පිරිසෙ නායිකාව. දවසක් දානය සකසා ගෙන භික්ෂූන්වහන්සේලා දකින්න යන මේ මාතික මාතාව භික්ෂූන්වහන්සේ නමකගෙන් අහනවා ඔබ වහන්සේලා පුහුණු කරන ධර්මය ගිහි අපිට පුහුණු කරන්න බැරි ද කියලා. ඒ භික්ෂූන්වහන්සේ ඇයට උපදෙස් දෙනවා ගිහි කෙනෙක්ට වුනත් ඒ ධර්මය පුහුණු කරතෑකි කියලා. ඉතින් ඒ භික්ෂුවගෙන් ධර්මය ගැන දැන ගන්න මාතික මාතාව ඒ ධර්මය පුහුණු කරලා ඒ භික්ෂූන්වහන්සේලා කණ්ඩායමටත් කලින් අනාගාමී තත්ත්වයට පත්වෙනවා, අනුන්ගෙ සිත් දැකීමේ නුවණත් පෙර විසූ භව දැකීමේ නුවණත් එක්ක. ඇය බලනවා තමුන්ට උපකාර වුන ඒ භික්ෂූන්වහන්සේලා ආපු කාර්යය සාර්ථක කරන් ද කියලා. ඒ කියන්නෙ මාර්ග ඵල ලබා ගෙනද කියලා. එතැනදි ඇය දකිනවා මේ භික්ෂූන්වහන්සේලාට නොයෙකුත් පළිබෝධ කාරණා නිසා නිසි ආකාරයට ධර්මය පුහුණු කරන්න බැරි වෙලා කියලා. ඇය ඒ ඒ භික්ෂුවගේ හිත බලලා ඒ ඒ භික්ෂුවට ගැලපෙන විදියට පහසුකම් සලසනවා. ඉතින් තමුන්ට මනාප විදියට පහසුකම් සැලසෙද්දි අර භික්ෂූන්වහන්සේලා කණ්ඩායම ඉක්මනින් ම අර්හත් ඵල ලබා ගන්නවා. තමුන් ආ කාර්යය සඵල වුනාම මේ භික්ෂූන්වහන්සේලා ආපහු බුදුරජාණන්වහන්සේ ලඟට වැඩම කරනවා. මේ අයගෙ කතා බහ අහන් ඉන්න තවත් භික්ෂුවක් හිතනවා මාත් මේ කියන ගමට ගියා නම් ඉක්මනට රහත් වෙන්න පුළුවන් කියලා. ඒ සැරේ මේ භික්ෂුව බුදුරජාණන්වහන්සේගෙන් අවසර අරන් ඒ වස් කාලය ඇතුලෙම අර ගමට වැඩම කරනවා. උන්වහන්සේටත් උන්වහන්සේගේ හිත බලලා මනාප විදියට මාතික මාතාව උපස්ථාන කරනවා. එහෙම උපස්ථාන ලබද්දි අර භික්ෂුව කල්පනා කරනවා මේ ඇත්තිට මගේ හිත කියවන්න පුළුවන්දෝ කියලා. මේ ගැන මාතික මාතාවගෙන් ප්‍රශ්න කලාම සෘජුව නැතත් වක්‍රාකාරයෙන් ඇයි භික්ෂුවට දැනගන්න අරිනවා තමුන්ට අනුන්ගෙ හිත් කියවන්න පුළුවන් කියලා. මේක දැනගන්න භික්ෂුව කල්පනා කරනවා, මන් පෘථග්ජන භික්ෂුවක් නිසා මොන මොන විදියෙ හිතුවිලි මට පහල වෙනවද කියන්න බැහැ, ඒවා මේ උපාසිකාව දැක්කොත් මට වස ලැජ්ජාවයි කියලා. ඒ නිසා තමුන්ගෙ හිත මාතික මාතාව දකී කියලා හිතන භික්ෂුව ආපහු ජේතවනාරාමයටම වැඩම කරනවා. ඉක්මනින් ම ජේතවනාරාමයට වැඩම කළ භික්ෂුවගෙන් ඒකට හේතු අහන බුදුරජාණන්වහන්සේට ඉතින් භික්ෂුව තමුන්ට මුහුණ පාන්න වුන සිදුවීම විස්තර කරනවා. සේරම අහන් ඉන්න බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා තමුන්නාන්සෙට හරියනම තැන එතැන ආපහු එතැනට වැඩම කරන්නය කියලා. මේ භික්ෂුව බැහැ කියනවා. ඒ භික්ෂුවට බුදුරජාණන්වහන්සේ මේ දේශනාව කරනවා. දුන්නිග්ගහස්ස ලහුනො යථාකාමනිපාතිනො චිත්තස්ස දමථො සාධු චිත්තං දන්තං සුඛාවහන්ති. (දුකසේ නිග්‍රහ කටයුතු වූ වහා ඉපිද නැසෙන සුලු වූ යම් අරමුණෙක කැමැති සේ වැටෙන සුලු වූ සිතෙහි දැමීම යහපත් ය. සිත දැමුනේ සුව එළවන්නේ ය.) ඉතින් අර භික්ෂුව බුද්ධ දේශනාව අහලා තමන්ගේ හිත ආරක්ෂා කරගන්නවා කියලා හිතාගෙන ආපහු අර ගමටම වැඩම කරනවා. ආපහු වැඩම කළ භික්ෂුවට මාතික මාතාව පෙර පරිදිම උපස්ථාන කරනවා. ඒ උපස්ථාන එක්ක ඉක්මනින් ම අර්හත්ඵලයට පත්වෙන්න උන්වහන්සේට පුළුවන් වෙනවා. රහත් වුන මේ භික්ෂුව කල්පනා කරනවා මේ මාතික මාතාව මේ භවයෙ නම් මගේ නෑයෙක්වත් යාළුවෙක් වත් නෙමෙයි, හැබැයි මට රහත් වෙන්න සෑහෙන්න උදව් කලා, ඇය සමග පෙර අත්බවවල මගේ සබඳතාවය කොයි වගේ ද කියලා. එහෙම හිතපු උන්වහන්සේ අතීත භවයන්ට හිත අරන් යනවා. ඒ යද්දි දකිනවා මේ භවයට පෙර භව 99 කදිම ඇය උන්වහන්සේගේ බිරිඳ වෙලා ඉඳලා පර පුරුෂයා නිසා සැමියා වුන උන්වහන්සේව ඝාතනය කරනවා කියලා. මේක දකිද්දි මේ භික්ෂුවට හිතෙනවා මේ කාන්තාව නරක දෙයක් කරලා තියෙන්නෙ කියලා. ඔය වෙලාවෙදි ම මාතික මාතාවත් හොයලා බලනවා මේ භික්ෂුව මොකද කරන්නෙ කියලා. ඇය එතකොට දකිනවා අතීත භවයන් ගැන දැක්ක භික්ෂූන්වහන්සේ තමුන් මහා නරක දෙයක් කලා කියලා හිතුව වග. ඇය කල්පනා කරලා බලනවා එක භවයකදි වත් මම මෙතුමන්ට ප්‍රයෝජනයක් වෙලා නැද්ද කියලා. ඇය දකිනවා 100 වැනි පෙර භවයෙදිත් ඇය මේ භික්ෂුවගෙ ඒ භවයෙ භාර්යාව වෙලා ස්වාමි පුරුෂයා වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරලා තියෙනවා කියලා. ඉතින් ඇය ගෙදර ඉඳන්ම අර භික්ෂුවට කියනවා සමාවෙලා තව එක භවයක් පස්සට බලන්නැයි කියලා. දිවකණින් ඒක අහන භික්ෂූන්වහන්සේ 100 වැනි භවයත් කල්පනා කරද්දි දකිනවා මාතික මාතාව ඒ භවයෙදි තමුන්ගෙ බිරිඳ වෙලා තමුන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරලා තියෙනවා කියලා. මේක දැක්කම අර භික්ෂුවට හිතෙනවා අනේ මේ කාන්තාව මට මහත් පරිත්‍යාගයක් කරලා තියෙනවානේ කියලා. ඒ භික්ෂුව ඇයට එහිම ඉඳලා ධර්ම දේශනා කරලා අනුපාදිශේෂ නිර්වාණධාතුවෙන් පිරිනිවන් පානවා. ඉතින් මේ කතා අහන් ඉන්න අපේ මුතුන් මිත්තො අනේ සාදු කියලා සාදුකාර දුන්නා වගේම ඒ දේවල් එක්ක තමුන්ගෙ ජීවිතය දැක්කා. තමුන්ගෙ ජීවිතයට හම්බවෙන ස්වාමි පුරුෂයා හෝ භාර්යාව කර්මානුරූපව ලැබෙන බව දැනගෙන සතුටින් ජීවත් වුනා. අද අධිකරණයේ මාසයකට තියෙන දික්කසාද නඩු, නඩත්තු නඩු ගණන් කර කර සංඛ්‍යාලේඛන හැදුවට දැනට කාලෙකට කලින් අපේ මිනිස්සු අතර තිබුන සබඳතා අදට වඩා සංකීර්ණයි. අපේ සීයලා ආච්චිලා ජීවත් වුන විදිය දැක්කම ඒ ගැන හිතා ගන්න පුළුවන්. නමුත් ඉතින් කාලෙ වෙනස්වෙද්දි සද්ධර්මරත්නාවලිය විතරක් නෙමෙයි ත්‍රිපිටකය පවා අපි ප්‍රශ්න කරනවා. ඇත්ත කිසි දෙයක් කොහේවත් තිබුන පලියට විශ්වාස කරන්න ඕනා නෑ තමයි. නමුත් දකින්න තියෙන දේවල් කාලෙ නිසා වැඩක් නෑ කියලා අතාරින එක නම් මෝඩ වැඩක්. අද අපි කොච්චර දුර්වලද කියනවා නම්, ආදරේ කියන්නෙ මට නැත්නම් වෙන එකෙක්ටත් නෑ කියලා හිතන මට්ටමට වැටිලා තියෙන පිරිසක්. එහෙම නැත්නම් තමුන්ව දාලා ගියා කියලා දාලා ගිය ගෑණු ළමයාගේ බෙල්ල කපාවියැයි මහ දවල්. ආදරේ නාමයෙන් පලිගන්න කී දෙනෙක් අද අපි අතරෙ ඉන්නවද. වෛරී සහගතව, පලිගන්නවා කියලා හිතන් සම්බන්ධතාවයක් අවසන් කරන්නෙ නැතුව ආදරෙන්, සහකම්පනයෙන් හා කරුණාවෙන් සම්බන්ධතාවක් අවසන් කරන්න පුළුවන් කියලා හිතන අය අද නැහැ. එහෙම කෙනෙක් ඉඳියත් ඒ කෙනාව හිනාවට ලක් කරන සමාජයක අද අපි ඉන්නෙ. හැබැයි අද ඉන්නෙ නිකන් උපාධි නෙමෙයි, ආචාර්ය මහාචාර්ය උපාධි තියෙන උගත් මිනිස්සු. එදා වගේ ඉස්කෝලෙ නොගිය මිනිස්සු නෙමෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom