එප්පාවල

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,862
    9,608
    113
    එප්පාවල කඩිගාව ඛේදවාචකය
    එල්ලී මැරුණාද? මරා එල්ලුවාද?

    dead.jpg

    එප්පාවල කඩිගාව ප්‍රදේශයේ කොහොඹ ගසක එල්ලී අභිරහස්‌ ලෙස මියගොස්‌ සිටි තරුණියන් දෙදෙනකුගේ සහ තරුණයකුගේ මළ සිරුරු පොලිසිය මගින් සොයාගෙන ඇත.

    මෙසේ අභිරහස්‌ ලෙස මියගොස්‌ ඇත්තේ එප්පාවල කඩිගාව ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සොහොයුරියන් දෙදෙනකු වූ ආර්. ඇම්. දිල්ෂානි (17), ගංගා නිසංකා (15) සහ යුද හමුදාවෙන් පුහුණුව ලබා ඉන් පලාගිය අයෙකි.

    පාසල් ශිෂ්‍යයාවන් වූ මෙම සොයුරියෝ දෙදෙනාව ඝාතනය කර හමුදා සෙබළාද සියදිවි නැති කරගන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

    ඝාතනයට ලක්‌වූ දිල්ෂානි ශිෂ්‍යාව මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි අතර ඇගේ බාල සොහොයුරිය වූ ගංගා නිසංකා 10 වැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටියාය.

    සියදිවි නසාගත් රුවන් ප්‍රේමජයන්ත නමැත්තා ඝාතනයට ලක්‌වූ තරුණියන් දෙදෙනාගේ ඥති සොහොයුරකුද වෙයි.

    මොහු මීට වසර එකහමාරකට උඩදී 17 හැවිරිදි දිල්ෂානි ශිෂ්‍යාව බලහත්කාරයෙන් රැගෙන ගොස්‌ දූෂණය කර තිබිණි.

    මේ සම්බන්ධයෙන් ඇගේ මව එප්පාවල පොලිසිය වෙතට ගොස්‌ පැමිණිල්ලක්‌ කළ අතර, පසුව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.

    මෙම දූෂණ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට තඹුත්තේගම අධිකරණයේ නඩුවක්‌ද විභාගවෙමින් පවතී.

    ඇපමත මුදාහැරීමෙන් පසු රුවන් නමැති සැකකරු, මෙම පවුලේ අයට නිතර නිතර හිරිහැර කිරීමට පටන්ගෙන තිබේ. දිල්ෂානි ශිෂ්‍යාව නිසි වයසට පැමිණි පසු විවාහ කරදෙන බවට ඇගේ මව රුවන් නමැති සැකකරුට පොරොන්දුවක්‌ ද දී තිබිණි.

    ඝාතනයට ලක්‌වූ ශිෂ්‍යාවන් දෙදෙනාගේ පියා මීට වසර කීපයකට උඩදී හදිසි අනතුරකින් මිය ගියේය. පසුව මෙම ශිෂ්‍යාවන්ගේ මව නිවස අසල ඇති ඒකනායක වී මෝලේ කුලී වැඩ කරමින් තම දියණියන් සහ පුතා ජීවත් කර ඇත.

    රුවන් නමැත්තා දිල්ෂානිගේ බාල සොහොයුරිය ද දූෂණය කර ඇති බව පැවසේ. පසුව මෙම පවුලම බියට පත්කරගෙන සිටි රුවන් නමැත්තා තමන්ට අවශ්‍ය වේලාවන්හිදී පැමිණ දිල්ෂානි සහ ඇගේ සොහොයුරියට අතවර කිරීම පුරුද්දක්‌ ලෙස කරගෙන ගොස්‌ ඇත.

    අධික ලෙස බීමත්ව දිනපතාම පාහේ නිවසට පැමිණ ඇති රුවන් නමැත්තා දිල්ෂානිට සහ ඇගේ පවුලේ සාමාජිකයන්ට නිතර නිතරම හිරිහැර කර ඇති අතර හිංසා පීඩා ඉවසාගත නොහැකිව දිල්ෂානිගේ මව එප්පාවල පොලිසිය වෙත පෙරේදා (09 වැනිදා) පෙරවරුවේ පැමිණිල්ලක්‌ ද කර තිබුණි.

    ඒ අනුව පොලිස්‌ කණ්‌ඩායමක්‌ රුවන් නමැත්තා අත්අඩංගුවට ගැනීමට පැමිණ ඇතත් ඔහු කැලෑවට පැන බේරී ඇත.

    එදින රුවන් නමැත්තා දිල්ෂානිවද බලහත්කාරයෙන් කැලෑවට රැගෙන ගොස්‌ ඇත. පසුව දිල්ෂානිගේ නැගණිය වූ නිසංකාවද රුවන් නමැත්තා විසින් කැලෑවට රැගෙන ගොස්‌ තිබේ.

    රුවන් නමැති සැකකරු උන්මත්තකයකු ලෙස හැසිරෙන බැවින් ඔහුගෙන් බේරීම සඳහා මෙම නිවස අතහැර තාවකාලිකව වෙනත් ස්‌ථානයකට යන ලෙස පොලිස්‌ නිලධාරීන් දිල්ෂානිගේ මවට උපදෙස්‌ දී තිබිණි.

    ඒ අනුව ඇය සිය බාල පුත්‍රයාද සමඟ නිවස අතහැර වෙනත් ඥති නිවසක නතරවීමට ගොස්‌ තිබේ.

    පසුගිය දින කීපය තිස්‌සේම රුවන් නමැත්තා දිල්ෂානිගේ පවුලේ සාමාජිකයන්ට එප්පාවල එකම පවුලේ හතර දෙනෙකු ඝාතනය කළ ආකාරයෙන් ඔවුන්ව ඝාතනය කරන බවට තර්ජනය කර ඇත.

    සැකකරු පෙරේදා (09 වැනිදා) රාත්‍රී කාලයේදී මෙම සොහොයුරියන් දෙදෙනා ඝාතනය කර නයිලෝන් ලණුවකින් ඔවුන්ගේ සිරුරු අඩි 30 ක්‌ පමණ උස කොහොඹ ගසක අත්තක එල්ලා ඇත.

    පසුව එම ගසටම නැග ඇති රුවන් නමැත්තා ඔහුද නයිලෝන් ලණුවකින් ගෙලවැළලාගෙන් සියදිවි හානිකරගෙන ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

    දිල්ෂානිගේ මව ඊයේ පෙරවරුවේ සිය නිවසට පැමිණ ඇති අතර, දියණියන් දෙදෙනා එහි සිට නැත. පසුව ඇය ඒකනායක වී මෝල පිටුපස කැලෑවට ගොස්‌ ඥති පිරිසක්‌ ද සමඟ සිය දියණියන් පිළිබඳ පරීක්‍ෂා කර ඇත. ඒ අවස්‌ථාවේ කැලෑවේ කොහොඹ ගසක එල්ලෙමින් තිබූ දියණියන් දෙදෙනාගේ සහ රුවන් නමැති සැකකරුගේ සිරුරු දැක ඇත.

    පසුව ප්‍රදේශවාසීන් ඒ පිළිබඳ එප්පාවල පොලිසියට දැනුම් දී තිබේ.

    තඹුත්තේගම මහෙස්‌ත්‍රාත් ලෙව්කේ බණ්‌ඩාර මහතා ඊයේ (10 වැනිදා) දහවල් සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය පැවැත් වීය.

    මෙම ඝාතන සිද්ධියෙන් මුළු එප්පාවල ප්‍රදේශයම දැඩි කම්පාවට පත් වී ඇත. විශාල කොහොඹ ගසේ එල්ලෙමින් තිබූ මළ සිරුරු දැක බලා ගැනීම සඳහා විශාල පිරිසක්‌ ඊයේ දහවල් එම ස්‌ථානයට පැමිණ සිටියහ.

    මේ පිළිබඳ උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සී. ඩී. වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්‌පති කිත්සිරි දයානන්ද, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මහේෂ් සේනාරත්න, සහකාර පොලිස්‌ අධිකාරි කැලුම් ශ්‍රී තිලකරත්න යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ එප්පාවල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක විජය කුමාරසිරි මහතාගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

    divaina
     
    • Like
    Reactions: rusaku

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    රුවන් නමැති සැකකරු උන්මත්තකයකු ලෙස හැසිරෙන බැවින් ඔහුගෙන් බේරීම සඳහා මෙම නිවස අතහැර තාවකාලිකව වෙනත් ස්‌ථානයකට යන ලෙස පොලිස්‌ නිලධාරීන් දිල්ෂානිගේ මවට උපදෙස්‌ දී තිබිණි.

    පොලීසිය තියෙන්නෙ මිනිස්සුන්ට හැංගෙන්න කියන්නද :dull::dull:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පොලිසියෙ ඉන්නෙ මොන මෝඩ හුයන්නොද බන්..
    අර පලවෙනි complain එක වෙලාවෙම ඔය *ත්තිගෙ පුතා අල්ලල කූඩුවෙ දැම්මනම් ඉවරයිනෙ..:angry::angry::angry::angry:

    මිනිහෙක් පොඩි වැරැද්දක් කරහමත් පොලිසියට ගෙනිහින් ගහල මරන රටේ ඕක ඔච්චර කාලයක් අර කෙල්ලො දෙන්නට කරදර කරනකන් පොලිසියෙ බල්ලො මොනවද කරේ ???:angry::angry::angry::angry:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පාහාරයා කෙල්ලො දෙන්නට කල වැඩෙට නම් ඌ යනන් ඔනෙ හොදම තනෙඅට ගිහින් ඇති:angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ දවස් ටිකේම මේ වගේ නිවුස් තමයි අහන්න දකින්න ලැබෙන්නේ. මීට කලින් එකම පවුලේ 3 ක් වෙඩි තියලා වෙඩි තියපු එකත් වෙඩි තියාගෙන මරුන කෙස් එකක් දැක්කා.
     
    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    එප්පාවල කඩිගාව ඛේදවාචකය
    එල්ලී මැරුණාද? මරා එල්ලුවාද?

    dead.jpg

    එප්පාවල කඩිගාව ප්‍රදේශයේ කොහොඹ ගසක එල්ලී අභිරහස්‌ ලෙස මියගොස්‌ සිටි තරුණියන් දෙදෙනකුගේ සහ තරුණයකුගේ මළ සිරුරු පොලිසිය මගින් සොයාගෙන ඇත.

    මෙසේ අභිරහස්‌ ලෙස මියගොස්‌ ඇත්තේ එප්පාවල කඩිගාව ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සොහොයුරියන් දෙදෙනකු වූ ආර්. ඇම්. දිල්ෂානි (17), ගංගා නිසංකා (15) සහ යුද හමුදාවෙන් පුහුණුව ලබා ඉන් පලාගිය අයෙකි.

    පාසල් ශිෂ්‍යයාවන් වූ මෙම සොයුරියෝ දෙදෙනාව ඝාතනය කර හමුදා සෙබළාද සියදිවි නැති කරගන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

    ඝාතනයට ලක්‌වූ දිල්ෂානි ශිෂ්‍යාව මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි අතර ඇගේ බාල සොහොයුරිය වූ ගංගා නිසංකා 10 වැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටියාය.

    සියදිවි නසාගත් රුවන් ප්‍රේමජයන්ත නමැත්තා ඝාතනයට ලක්‌වූ තරුණියන් දෙදෙනාගේ ඥති සොහොයුරකුද වෙයි.

    මොහු මීට වසර එකහමාරකට උඩදී 17 හැවිරිදි දිල්ෂානි ශිෂ්‍යාව බලහත්කාරයෙන් රැගෙන ගොස්‌ දූෂණය කර තිබිණි.

    මේ සම්බන්ධයෙන් ඇගේ මව එප්පාවල පොලිසිය වෙතට ගොස්‌ පැමිණිල්ලක්‌ කළ අතර, පසුව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.

    මෙම දූෂණ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට තඹුත්තේගම අධිකරණයේ නඩුවක්‌ද විභාගවෙමින් පවතී.

    ඇපමත මුදාහැරීමෙන් පසු රුවන් නමැති සැකකරු, මෙම පවුලේ අයට නිතර නිතර හිරිහැර කිරීමට පටන්ගෙන තිබේ. දිල්ෂානි ශිෂ්‍යාව නිසි වයසට පැමිණි පසු විවාහ කරදෙන බවට ඇගේ මව රුවන් නමැති සැකකරුට පොරොන්දුවක්‌ ද දී තිබිණි.

    ඝාතනයට ලක්‌වූ ශිෂ්‍යාවන් දෙදෙනාගේ පියා මීට වසර කීපයකට උඩදී හදිසි අනතුරකින් මිය ගියේය. පසුව මෙම ශිෂ්‍යාවන්ගේ මව නිවස අසල ඇති ඒකනායක වී මෝලේ කුලී වැඩ කරමින් තම දියණියන් සහ පුතා ජීවත් කර ඇත.

    රුවන් නමැත්තා දිල්ෂානිගේ බාල සොහොයුරිය ද දූෂණය කර ඇති බව පැවසේ. පසුව මෙම පවුලම බියට පත්කරගෙන සිටි රුවන් නමැත්තා තමන්ට අවශ්‍ය වේලාවන්හිදී පැමිණ දිල්ෂානි සහ ඇගේ සොහොයුරියට අතවර කිරීම පුරුද්දක්‌ ලෙස කරගෙන ගොස්‌ ඇත.

    අධික ලෙස බීමත්ව දිනපතාම පාහේ නිවසට පැමිණ ඇති රුවන් නමැත්තා දිල්ෂානිට සහ ඇගේ පවුලේ සාමාජිකයන්ට නිතර නිතරම හිරිහැර කර ඇති අතර හිංසා පීඩා ඉවසාගත නොහැකිව දිල්ෂානිගේ මව එප්පාවල පොලිසිය වෙත පෙරේදා (09 වැනිදා) පෙරවරුවේ පැමිණිල්ලක්‌ ද කර තිබුණි.

    ඒ අනුව පොලිස්‌ කණ්‌ඩායමක්‌ රුවන් නමැත්තා අත්අඩංගුවට ගැනීමට පැමිණ ඇතත් ඔහු කැලෑවට පැන බේරී ඇත.

    එදින රුවන් නමැත්තා දිල්ෂානිවද බලහත්කාරයෙන් කැලෑවට රැගෙන ගොස්‌ ඇත. පසුව දිල්ෂානිගේ නැගණිය වූ නිසංකාවද රුවන් නමැත්තා විසින් කැලෑවට රැගෙන ගොස්‌ තිබේ.

    රුවන් නමැති සැකකරු උන්මත්තකයකු ලෙස හැසිරෙන බැවින් ඔහුගෙන් බේරීම සඳහා මෙම නිවස අතහැර තාවකාලිකව වෙනත් ස්‌ථානයකට යන ලෙස පොලිස්‌ නිලධාරීන් දිල්ෂානිගේ මවට උපදෙස්‌ දී තිබිණි.

    ඒ අනුව ඇය සිය බාල පුත්‍රයාද සමඟ නිවස අතහැර වෙනත් ඥති නිවසක නතරවීමට ගොස්‌ තිබේ.

    පසුගිය දින කීපය තිස්‌සේම රුවන් නමැත්තා දිල්ෂානිගේ පවුලේ සාමාජිකයන්ට එප්පාවල එකම පවුලේ හතර දෙනෙකු ඝාතනය කළ ආකාරයෙන් ඔවුන්ව ඝාතනය කරන බවට තර්ජනය කර ඇත.

    සැකකරු පෙරේදා (09 වැනිදා) රාත්‍රී කාලයේදී මෙම සොහොයුරියන් දෙදෙනා ඝාතනය කර නයිලෝන් ලණුවකින් ඔවුන්ගේ සිරුරු අඩි 30 ක්‌ පමණ උස කොහොඹ ගසක අත්තක එල්ලා ඇත.

    පසුව එම ගසටම නැග ඇති රුවන් නමැත්තා ඔහුද නයිලෝන් ලණුවකින් ගෙලවැළලාගෙන් සියදිවි හානිකරගෙන ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

    දිල්ෂානිගේ මව ඊයේ පෙරවරුවේ සිය නිවසට පැමිණ ඇති අතර, දියණියන් දෙදෙනා එහි සිට නැත. පසුව ඇය ඒකනායක වී මෝල පිටුපස කැලෑවට ගොස්‌ ඥති පිරිසක්‌ ද සමඟ සිය දියණියන් පිළිබඳ පරීක්‍ෂා කර ඇත. ඒ අවස්‌ථාවේ කැලෑවේ කොහොඹ ගසක එල්ලෙමින් තිබූ දියණියන් දෙදෙනාගේ සහ රුවන් නමැති සැකකරුගේ සිරුරු දැක ඇත.

    පසුව ප්‍රදේශවාසීන් ඒ පිළිබඳ එප්පාවල පොලිසියට දැනුම් දී තිබේ.

    තඹුත්තේගම මහෙස්‌ත්‍රාත් ලෙව්කේ බණ්‌ඩාර මහතා ඊයේ (10 වැනිදා) දහවල් සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය පැවැත් වීය.

    මෙම ඝාතන සිද්ධියෙන් මුළු එප්පාවල ප්‍රදේශයම දැඩි කම්පාවට පත් වී ඇත. විශාල කොහොඹ ගසේ එල්ලෙමින් තිබූ මළ සිරුරු දැක බලා ගැනීම සඳහා විශාල පිරිසක්‌ ඊයේ දහවල් එම ස්‌ථානයට පැමිණ සිටියහ.

    මේ පිළිබඳ උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සී. ඩී. වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්‌පති කිත්සිරි දයානන්ද, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මහේෂ් සේනාරත්න, සහකාර පොලිස්‌ අධිකාරි කැලුම් ශ්‍රී තිලකරත්න යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ එප්පාවල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක විජය කුමාරසිරි මහතාගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

    divaina

    දිවයින පත්තරේ අය උන දේ දැක්ක වගේ මරලා එල්ලලා කියල දාල එයාලගේ පත්තරේ

    http://www.divaina.com/2011/12/12/news03.html

    .. එත අද (2011-12-12) ලංකාදීප පත්තරේ තියෙනවා 3 දෙනාම සියදිවිනසගෙන කියල ඔප්පු වෙලා කියල... තාම හරියටම උන දේ දන්නේ නැතුව දිවයින වගේ ජාතික පත්තර තමන්ට හිතෙන දේ කොහොම පත්තර වල දැම්මද දන්නේ නෑ

    http://epaper.lankadeepa.lk/epaper/viewer.aspx

    newslankadeepa.png
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපරාධ පරික්ෂක කූල් මොහොමඩ් ඉම්සා දන්නවා හරි විස්තරේ