එපා නැවත ඔන්ලයින් ප්‍රේමයක්......

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    එපා නැවත ඔන්ලයින් ප්‍රේමයක්......

    එපා නැවත ඔන්ලයින් ප්‍රේමයක්......
    online-love.jpg



    මූණුපොතෙන් හමුවී දොඩා
    ඇය 'බොරුව' නම් ලැංවේජයෙන්

    'ආදරය' නැමැති වෛරසය සාදා

    මගේ 'හදවත' නැමති හාඩ් ඩිස්කයට

    ඇතුලු කළාය

    අපි ස්කයිපයෙන් මල් කැඩුවෙමු

    එකල ප්‍රේමය ඔන්ලයින්ය

    මූණුපොතෙන්ම ලද විශ්වාස කටයුතු

    ආරංචි නිසා

    'මම' නැමති සිස්ටමයට
    'අවිශ්වාසය' නැමති ස්පයිවෙයාරයද ඇතුලුවී

    'මම' නැමති සිස්ටම් එක අවුල් කළේය

    "හැමදේම වෙන්නේ හොඳටයි" නැමැති

    වෛරස් ගාඩය යෙදූ
    මම
    වෛරසය ඉවත් කළෙමි

    දැන් 'ආදරය' නැමති වෛරසය නැත

    'අවිශ්වාසය' නැමති ස්පයිවෙයාරයද නැත

    නමුත්

    වෛරසය මැකී යාමේදී

    'හදවත' නැමති හාඩ් ඩිස්කය

    පළුදු වී ඇත

    ඒවා කෙමෙන් කෙමෙන්

    යථා තත්වයට පත් වෙමින් පවතියි

    ඒ ප්‍රේම කතාව දැන් සදහටම ඕෆ්ලයින්ය

     
    Last edited:
    • Like
    Reactions: sandun36