Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු දහමේ ඉගැන්වෙන හික්මීමේ ක්‍රමය.

ඉගෙනීම හෙවත් හික්මීමේ මාර්ගය හඳුන්වන්නේ ශික්ෂණ මාර්ගය නමිනි. මේ ශික්ෂණ මාර්ගය පියවර තුනකින් යුක්තය. ශීල, සමාධි, ප්‍රඥා යනු මේ පියවර තුනයි. මේ පියවර තුන ශික්ෂාව නමින් හැඳින්වේ.

ඉගෙන ගන්නා වූ හෙවත් හික්මෙන්නා වූ තැනැත්තා මේ පියවර තුන පිළිවෙලින් සම්පූර්ණ කළ යුතු වේ. පළමුවෙන් ශීලයෙහි හෙවත් හොඳ හැසීරීමෙහි පිහිටිය යුතුය. ශීලයේ පිහිටීමෙන් පසුව සමාධිය වැඩිය යුතු වේ. සමාධිගත සිතින් ප්‍රඥාව වැඩිය යුතු වෙයි. සත්‍යාවබෝධ්‍ය හෙවත් නිවන් අවබෝධ කරගත හැක්කේ ප්‍රඥාව තුළිනි. දැන් අපි ත්‍රි ශික්ෂාවේ පියවර තුන වෙන් වෙන් වශයෙන් විමසා බලමු.

ශීලය :

ශීලය යනු සංවරයයි. කය සංවර කර ගැනීමත් වචන සංවර කර ගැනීමත් ශීලය යි. වෙනත් වචන වලින් කියතොත් යහපත් හැසිරීමෙහි යෙදීමත් වැරදි හැසිරීම් වලින් වැළකීමත් ශීලය යි. සිරිත්, විරිත් යන්නෙන් අදහස් කරන්නේ ද ශිලයමයි.

කයින් සිදුවන වැරදි වලින් වැළකී සිටීම කය සංවර කර ගැනීමයි. කයින් සිදුවන වැරදි නම්, සත්ව හිංසාව, නුදුන් දේ ගැනීම, වැරදි ලෙස කම්සැප සෙවීම හා මත්පැන් ඇතුළු මත් ද්‍රව්‍ය ගැනීමයි.

වචන සංවර කර ගැනීම නම් වැරදි ලෙස වචන යොදා ගැනෙන අවස්ථා හතරකින් වැළකී තමන්ගේත් අනුන්ගේත් හිත සුව පිණිස වචන භාවිත කිරීම යි. වැරදි ලෙස වචන භාවිත කිරීමේ අවස්ථා හතර නම්,

i. බොරු කීම හෙවත් ඇති දේ නැති හැටියටත්, නැති දේ ඇති හැටියටත් ප්‍රකාශ කිරීම.

ii. පුද්ගලයන් බේද කරවන ලෙස වචන භාවිතා කිරීම හෙවත් කේළාම් කීම.

iii. කවුරුත් අසන්නට අකමැති රළු වචන හෙවත් පරුෂ වචන කථා කිරීම හා,

iv. තමන්ටත් අනුන්ටත් වැඩක් නැති හිස් වචන කථා කිරීමයි.

පන්සිල් රැකීමෙන් බලාපොරොත්තු වන්නේ ද ඉහත සඳහන් කළ කය සංවර කර ගැනීමත්, වචන සංවර කර ගැනීමත් ය.

ගිහියන් විසින් නිති රැකිය යුතු සිල් නම් පන්සිල් ය. පොහෝ දිනවල අටසිල් හෝ දසසිල් රැකීමෙන් රහතන් වහන්සේලා මෙන් සංවරව වාසය කිරීමට ගිහියන්ට ඉඩ ලැබෙන්නේය.

ශීලයෙන් තොරව උගත්කම පමණක් බෞද්ධයන් විසින් අගය කරනු නොලැබේ. එබැවින් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නා අතරම අප මනා ලෙස ශීලයෙහි ද පිහිටිය යුතු වෙයි.

සමාධිය :

ත්‍රි ශික්ෂාවේ දෙවන පියවර සමාධිය යි. සමාධිය තේරුම් ගැනීමට සිතේ ස්වභාවය පළමුවෙන් තේරුම් ගත යුතු ය. සිත නිතර නිතර වෙනස් වෙයි. ඇස, කන ආදි බාහිර දොරවල් මගින් රූප, ශබ්ද, අරමුණු නිතර සිතට පිවිසේ. එවිට සිත චංචල වෙයි. අවුල් වෙයි. චංචල අවුල් සිත් ඇති තැනැත්තා පහසුවෙන් වැරදි ක්‍රියා වලට පෙළඹෙයි.

සිත අවුල් වීමට ඉඩ නොදී එකම අරමුණක තබා ගැනීම සමාධි යයි. සිතේ තැන්පත් ගතිය කියන්නේත් සමාධියටම යි. සමාධිගත සිත හෙවත් තැන්පත් සිත ඉතා බලවත් ය. තැන්පත් සිතකින් පාඩමකට ඇහුන්කන් දුනහොත් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිය. සිත චංචල වූ හෝ අවුල් වූ හෝ වේලා වලට ඉගෙනීමට නොහැකි බව ඔබට නොයෙක් විට දැනී ඇතැයි සිතමි. කවර හෝ වැඩක් සාර්ථක කර ගැනීමට නම් පළමු කොට සිත තැන්පත් කර ගත යුතු වෙයි.

සිත තැන්පත් කර ගන්නේ කෙසේද? සිත තැන්පත් කර ගත හැක්කේ (සමථ) භාවනා කිරීමෙනි. සිත තැන්පත්ව තබා ගන්නවාය කියන්නේ සිත එක අරමුණක තබා ගැනීමට යි. ඔබ ආනාපාන සති භාවනාව ගැන මීට පෙර අසා ඇත. ආනාපාන සති භාවනාවෙන් කෙරෙන්නේ හුස්ම ඉහළට ගැනීම හා පහළට හෙළීම කෙරෙහි පමණක් සිතපිහුටුවා ගැනීම යි.

මෙසේ කායානුපස්සනා, බුද්ධානුස්සති ආදී කවර සමථ භාවනාවකිනුත් කරන්නේ සිත එක අරමුණක තබා ගැනීම ය.

ඔබත් භාවනා කිරීමෙන් සිත තැන්පත් කර ගැනීමට උත්සහ කරන්න. මේ සඳහා ඔබට භාවනා පාඩමෙන් උපදෙස් ලැබෙනු ඇත.

ප්‍රඥාව:

ත්‍රි ශික්ෂාවේ තුන්වන පියවර ප්රඥාවයි. ප්‍රඥාව යනු ඇති සැටියෙන් දැකීමයි. බොහෝ විට අප යමක් දකින්නේ මතුපිටින් පෙනෙන ආකාරයට යි. එය නියම දැකීම හෙවත් ඇති සැටීයෙන් දැකීම නොවේ. ඇති සැටියෙන් දැකීමේදී ලක්ෂණ තුනක් දකින්නට හැකි වේ. උදාහරණයක් ගනිමු අපේ ජීවිතය ගැන සිතා බලමු. එහි එක ලක්ෂණයක් නම් වෙනස් වන ගතියයි. ඒ වෙනස් වන ස්වභාවයට අනිත්‍ය (නිත්‍ය නැති) යයි කියමු. දිනපතාම අප වෙනස් වෙයි. බිළිඳකුව සිටි ඔබ දැන් ලොකු ළමයෙකි. තව ටික කලකින් තරුණ වයසට පැමැණෙනු ඇත. තව කලක් ගිය විට මහළු බවටද පත් වෙනු ඇත. මෙසේ වෙනස් වන බව දැකීම හරි දැකීම යි.

වෙනස් වන දේ දුක් (දුක්ඛ) බව තේරුම් ගැනීම හරි දැකීමේ දෙවනි ලක්ෂණ යයි. වෙනස් නොවී ස්ථීරව ම සදාකල්හිම තිබෙන යමක් නැති බව තේරුම් ගැනීම හරි දැකීමේ තුන් වැනි ලක්ෂණය යි. ස්ථීර යමක් නැති බව හැඳින්වීමට ධර්මයේ යෙදෙන වචනය “අනාත්ම” යනුයි.

වෙනස් වෙයි (අනිත්‍ය), දුකයි (දුක්ඛය) ස්ථීර දෙයක් නැත (අනාත්මය) යන ලක්ෂණ තුන (ත්‍රි ලක්ෂණ) අනුව ලොව සියල්ල තේරුම් ගැනීම හරි දැකීමයි. මෙම නිවැරදි දැකීම ප්‍රඥාව යි. අප විසින් ලබා ගත යුතු වටිනාම දෙය ප්රඥාවයි. ප්‍රඥාව මිනිසුන්ගේ වටිනාම මැණිකයි. පඤ්ඤා නරානං රතනං කියන්නේ ඒ නිසයි.

දැන් අපි නැවත වරක් බෞද්ධ හික්මීමේ මර්ගය දෙස බලමු. එහි පළමුවන පියවර ශීලයයි. එය කළ හැක්කේ ශීලයේ පිහිටීමෙන් පසුව යි. තුන්වන පියවර ප්‍රඥාව හෙවත් ඇති සැටියෙන් දැකීමයි. ප්‍රඥාව වඩන්නට හැකි වන්නේ සිත සමාධි ගත කිරීමෙන් පසුවයි. නිවන් අවබෝධ කර ගත හැක්කේ ශීල, සමාධ්, ප්‍රඥා යන ත්‍රි ශික්ෂාව අනුගමනය කිරීමෙනි.

source

[QUOTE="cj-009, post: 7027734, member: 252664"] [CENTER][SIZE=5][B]බුදු දහමේ ඉගැන්වෙන හික්මීමේ ක්‍රමය.[/B][/SIZE] [/CENTER] [SIZE=3] ඉගෙනීම හෙවත් හික්මීමේ මාර්ගය හඳුන්වන්නේ ශික්ෂණ මාර්ගය නමිනි. මේ ශික්ෂණ මාර්ගය පියවර තුනකින් යුක්තය. ශීල, සමාධි, ප්‍රඥා යනු මේ පියවර තුනයි. මේ පියවර තුන ශික්ෂාව නමින් හැඳින්වේ.[/SIZE] [SIZE=3]ඉගෙන ගන්නා වූ හෙවත් හික්මෙන්නා වූ තැනැත්තා මේ පියවර තුන පිළිවෙලින් සම්පූර්ණ කළ යුතු වේ. පළමුවෙන් ශීලයෙහි හෙවත් හොඳ හැසීරීමෙහි පිහිටිය යුතුය. ශීලයේ පිහිටීමෙන් පසුව සමාධිය වැඩිය යුතු වේ. සමාධිගත සිතින් ප්‍රඥාව වැඩිය යුතු වෙයි. සත්‍යාවබෝධ්‍ය හෙවත් නිවන් අවබෝධ කරගත හැක්කේ ප්‍රඥාව තුළිනි. දැන් අපි ත්‍රි ශික්ෂාවේ පියවර තුන වෙන් වෙන් වශයෙන් විමසා බලමු.[/SIZE] [SIZE=3][B]ශීලය :[/B] [/SIZE] [SIZE=3]ශීලය යනු සංවරයයි. කය සංවර කර ගැනීමත් වචන සංවර කර ගැනීමත් ශීලය යි. වෙනත් වචන වලින් කියතොත් යහපත් හැසිරීමෙහි යෙදීමත් වැරදි හැසිරීම් වලින් වැළකීමත් ශීලය යි. සිරිත්, විරිත් යන්නෙන් අදහස් කරන්නේ ද ශිලයමයි. [/SIZE] [SIZE=3]කයින් සිදුවන වැරදි වලින් වැළකී සිටීම කය සංවර කර ගැනීමයි. කයින් සිදුවන වැරදි නම්, සත්ව හිංසාව, නුදුන් දේ ගැනීම, වැරදි ලෙස කම්සැප සෙවීම හා මත්පැන් ඇතුළු මත් ද්‍රව්‍ය ගැනීමයි. [/SIZE] [SIZE=3]වචන සංවර කර ගැනීම නම් වැරදි ලෙස වචන යොදා ගැනෙන අවස්ථා හතරකින් වැළකී තමන්ගේත් අනුන්ගේත් හිත සුව පිණිස වචන භාවිත කිරීම යි. වැරදි ලෙස වචන භාවිත කිරීමේ අවස්ථා හතර නම්, [/SIZE] [SIZE=3]i. බොරු කීම හෙවත් ඇති දේ නැති හැටියටත්, නැති දේ ඇති හැටියටත් ප්‍රකාශ කිරීම. [/SIZE] [SIZE=3]ii. පුද්ගලයන් බේද කරවන ලෙස වචන භාවිතා කිරීම හෙවත් කේළාම් කීම. [/SIZE] [SIZE=3]iii. කවුරුත් අසන්නට අකමැති රළු වචන හෙවත් පරුෂ වචන කථා කිරීම හා, [/SIZE] [SIZE=3]iv. තමන්ටත් අනුන්ටත් වැඩක් නැති හිස් වචන කථා කිරීමයි. [/SIZE] [SIZE=3]පන්සිල් රැකීමෙන් බලාපොරොත්තු වන්නේ ද ඉහත සඳහන් කළ කය සංවර කර ගැනීමත්, වචන සංවර කර ගැනීමත් ය. [/SIZE] [SIZE=3]ගිහියන් විසින් නිති රැකිය යුතු සිල් නම් පන්සිල් ය. පොහෝ දිනවල අටසිල් හෝ දසසිල් රැකීමෙන් රහතන් වහන්සේලා මෙන් සංවරව වාසය කිරීමට ගිහියන්ට ඉඩ ලැබෙන්නේය. [/SIZE] [SIZE=3]ශීලයෙන් තොරව උගත්කම පමණක් බෞද්ධයන් විසින් අගය කරනු නොලැබේ. එබැවින් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නා අතරම අප මනා ලෙස ශීලයෙහි ද පිහිටිය යුතු වෙයි.[/SIZE] [SIZE=3][B]සමාධිය :[/B] [/SIZE] [SIZE=3]ත්‍රි ශික්ෂාවේ දෙවන පියවර සමාධිය යි. සමාධිය තේරුම් ගැනීමට සිතේ ස්වභාවය පළමුවෙන් තේරුම් ගත යුතු ය. සිත නිතර නිතර වෙනස් වෙයි. ඇස, කන ආදි බාහිර දොරවල් මගින් රූප, ශබ්ද, අරමුණු නිතර සිතට පිවිසේ. එවිට සිත චංචල වෙයි. අවුල් වෙයි. චංචල අවුල් සිත් ඇති තැනැත්තා පහසුවෙන් වැරදි ක්‍රියා වලට පෙළඹෙයි.[/SIZE] [SIZE=3] සිත අවුල් වීමට ඉඩ නොදී එකම අරමුණක තබා ගැනීම සමාධි යයි. සිතේ තැන්පත් ගතිය කියන්නේත් සමාධියටම යි. සමාධිගත සිත හෙවත් තැන්පත් සිත ඉතා බලවත් ය. තැන්පත් සිතකින් පාඩමකට ඇහුන්කන් දුනහොත් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිය. සිත චංචල වූ හෝ අවුල් වූ හෝ වේලා වලට ඉගෙනීමට නොහැකි බව ඔබට නොයෙක් විට දැනී ඇතැයි සිතමි. කවර හෝ වැඩක් සාර්ථක කර ගැනීමට නම් පළමු කොට සිත තැන්පත් කර ගත යුතු වෙයි. [/SIZE] [SIZE=3] සිත තැන්පත් කර ගන්නේ කෙසේද? සිත තැන්පත් කර ගත හැක්කේ (සමථ) භාවනා කිරීමෙනි. සිත තැන්පත්ව තබා ගන්නවාය කියන්නේ සිත එක අරමුණක තබා ගැනීමට යි. ඔබ ආනාපාන සති භාවනාව ගැන මීට පෙර අසා ඇත. ආනාපාන සති භාවනාවෙන් කෙරෙන්නේ හුස්ම ඉහළට ගැනීම හා පහළට හෙළීම කෙරෙහි පමණක් සිතපිහුටුවා ගැනීම යි. [/SIZE] [SIZE=3]මෙසේ කායානුපස්සනා, බුද්ධානුස්සති ආදී කවර සමථ භාවනාවකිනුත් කරන්නේ සිත එක අරමුණක තබා ගැනීම ය.[/SIZE] [SIZE=3]ඔබත් භාවනා කිරීමෙන් සිත තැන්පත් කර ගැනීමට උත්සහ කරන්න. මේ සඳහා ඔබට භාවනා පාඩමෙන් උපදෙස් ලැබෙනු ඇත. [/SIZE] [SIZE=3][B]ප්‍රඥාව:[/B] [/SIZE] [SIZE=3] ත්‍රි ශික්ෂාවේ තුන්වන පියවර ප්රඥාවයි. ප්‍රඥාව යනු ඇති සැටියෙන් දැකීමයි. බොහෝ විට අප යමක් දකින්නේ මතුපිටින් පෙනෙන ආකාරයට යි. එය නියම දැකීම හෙවත් ඇති සැටීයෙන් දැකීම නොවේ. ඇති සැටියෙන් දැකීමේදී ලක්ෂණ තුනක් දකින්නට හැකි වේ. උදාහරණයක් ගනිමු අපේ ජීවිතය ගැන සිතා බලමු. එහි එක ලක්ෂණයක් නම් වෙනස් වන ගතියයි. ඒ වෙනස් වන ස්වභාවයට අනිත්‍ය (නිත්‍ය නැති) යයි කියමු. දිනපතාම අප වෙනස් වෙයි. බිළිඳකුව සිටි ඔබ දැන් ලොකු ළමයෙකි. තව ටික කලකින් තරුණ වයසට පැමැණෙනු ඇත. තව කලක් ගිය විට මහළු බවටද පත් වෙනු ඇත. මෙසේ වෙනස් වන බව දැකීම හරි දැකීම යි. [/SIZE] [SIZE=3]වෙනස් වන දේ දුක් (දුක්ඛ) බව තේරුම් ගැනීම හරි දැකීමේ දෙවනි ලක්ෂණ යයි. වෙනස් නොවී ස්ථීරව ම සදාකල්හිම තිබෙන යමක් නැති බව තේරුම් ගැනීම හරි දැකීමේ තුන් වැනි ලක්ෂණය යි. ස්ථීර යමක් නැති බව හැඳින්වීමට ධර්මයේ යෙදෙන වචනය “අනාත්ම” යනුයි. [/SIZE] [SIZE=3]වෙනස් වෙයි (අනිත්‍ය), දුකයි (දුක්ඛය) ස්ථීර දෙයක් නැත (අනාත්මය) යන ලක්ෂණ තුන (ත්‍රි ලක්ෂණ) අනුව ලොව සියල්ල තේරුම් ගැනීම හරි දැකීමයි. මෙම නිවැරදි දැකීම ප්‍රඥාව යි. අප විසින් ලබා ගත යුතු වටිනාම දෙය ප්රඥාවයි. ප්‍රඥාව මිනිසුන්ගේ වටිනාම මැණිකයි. පඤ්ඤා නරානං රතනං කියන්නේ ඒ නිසයි.[/SIZE] [SIZE=3]දැන් අපි නැවත වරක් බෞද්ධ හික්මීමේ මර්ගය දෙස බලමු. එහි පළමුවන පියවර ශීලයයි. එය කළ හැක්කේ ශීලයේ පිහිටීමෙන් පසුව යි. තුන්වන පියවර ප්‍රඥාව හෙවත් ඇති සැටියෙන් දැකීමයි. ප්‍රඥාව වඩන්නට හැකි වන්නේ සිත සමාධි ගත කිරීමෙන් පසුවයි. නිවන් අවබෝධ කර ගත හැක්කේ ශීල, සමාධ්, ප්‍රඥා යන ත්‍රි ශික්ෂාව අනුගමනය කිරීමෙනි. [URL="http://dahamsayura.org/index.php?option=com_content&view=article&id=282&Itemid=298"]source[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom