Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
එස්ප්‍රෙසෝ යන්ත්‍රය මෙතරම් විශේෂ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව වටා කෝපි රසිකයින් දවස පටන් ගන්න කැමතිම විදිය තමයි උණුසුම් එස්ප්‍රෙසෝ එකක රස බලන එක. ඇත්තටම කොහොමද මේ රසවත් කෝපි එක හදන්නේ?

සුවඳ, රසය සහ උණුසුම කැටි කරගත් එස්ප්‍රෙසෝ අපේ ජීවිතයේ කොටසක් වෙන්න ප්‍රධානම හේතුව වුනේ එස්ප්‍රෙසෝ යන්ත්‍රය යි. ඉතින් CBBS අපි අද ඔයාලාට එස්ප්‍රෙසෝ යන්ත්‍රය ගැන කියලා දෙන්නම්.

එස්ප්‍රෙසෝ යන්ත්‍රය කියන්නේ මොකක්ද?

එස්ප්‍රෙසෝ යන්ත්‍රය කියන්නේ, උණුසුම් කළ සහ අධි පීඩනයට ලක් කළ වතුර, සිහින්ව කොටා ගත් කෝපි කුඩු තුලින් යවමින් කෝපි බෲ කිරීමට සෑදූ යන්ත්‍රයක්. මේ බෲ කරන ක්‍රමයට කියන්නේ එක්ස්ට්රැක්ෂන් (exstraction) කියලා යි. මෙමගින් ඉතා උකු කෝපි ශොට් එකක් සාදා ගන්න පුළුවන්. එයට කියන්නේ එස්ප්‍රෙසෝ කියලා. සාමාන්‍ය කෝපි බෲ කරන ක්‍රම (වතුර ක්‍රමයෙන් කෝපි කැබලි අතරින් යැවීම වැනි) වලින් සාදන කෝපි වලට වඩා තීව්ර රසයක් එස්ප්‍රෙසෝ යන්ත්‍රය භාවිතා කරමින් සාදන කෝපි වලට තිබෙනවා. ඒ වගේම, එස්ප්‍රෙසෝ යන්ත්‍රයක් භාවිතා කිරීමෙන් කෝපි සෑදීමට ගත වෙන්නේ තත්පර කිහිපයක් පමණ යි.

එස්ප්‍රෙසෝ යන්ත්‍රයක ප්‍රධාන අංගෝපාංග:

ජල සැපයුම් සම්බන්ධතාවය

වතුර උණු කිරීම සඳහා බොයිලේරුවක් හෝ එවැනි වෙනත් උපාංගයක්

අවශ්‍ය පීඩනය නිර්මාණය කරන පොම්පයක්

කෝපි කුඩු තැන්පත් කිරීමට පෝටාෆිල්ටරයක් (portafilter)

කැපචිනෝ සහ ලතේ වැනි කෝපි වර්ග සෑදීමට අවශ්‍ය පෙණ සහිත කිරි (frothed milk) නිශ්පාදනය කිරීමට අවශ්‍ය උපාංග

එස්ප්‍රෙසෝ යන්ත්‍රයේ ඉතිහාසය

ලොව පළමු වරට එස්ප්‍රෙසෝ යන්ත්‍රයක් හදුන්වාදුන්නේ 1884 දී. ඒ අන්ගෙලෝ මරියොනෝදෝ නැමැති ඉතාලි ජාතිකයා විසින්. නමුත් මෙය වත්මන් එස්ප්‍රෙසෝ යන්ත්‍රයට වඩා ප්‍රාථමික එකක්.

ලුයිගි බෙස්සේරා විසින් 1901 දී හදුන්වා දුන් එස්ප්‍රෙසෝ යන්ත්‍රය තමයි වත්මන් එස්ප්‍රෙසෝ යන්ත්‍රයට සමාන වූ මුල්ම යන්ත්‍රය. මෙය වාණිජමය වශයෙන් නිපදවීමට පටන්ගත්තේ දෙසිදෙරීයෝ පවෝනි විසින්.

Ideale නමින් හැදින්වුනු පවෝනි ගේ එස්ප්‍රෙසෝ යන්ත්‍රය අධි පීඩනයට ලක් කළ ජලය කෝපි කුඩු අතරින් යැවීමට ලීවරයක් භාවිතා කළා. මෙමගින් කෝපි බෲ කරන්න ගතවෙන කාලය අඩු වුණා. ඒ වගේම, මුල් වතාවට ක්රේමා (එස්ප්‍රෙසෝ කෝපි මතුපිට සෑදෙන ලා පැහැති, පෙණ සහිත කෝපි තට්ටුවක්) නිශ්පාදනය කිරීමට සමත් වුනෙත් මේ යන්ත්‍රය යි.

මේ යන්ත්‍රය ඉතාලිය පුරා ඉතා ඉක්මනින් ජනප්‍රිය වුණා. විසිවන සියවසේ මැද භාගය වනවිට ලොව පුරා රටවල් ගණනාවක, විශේෂයෙන්ම යුරෝපයේ, මේ යන්ත්‍රය ජනප්‍රිය වුණා. කෝපි අවන්හල් හා බැදුණු සංස්කෘතිය යුරෝපයේ අතිශය ජනප්‍රිය වීමට හේතු වුනෙත් මේ යන්ත්‍රය යි.

එස්ප්‍රෙසෝ යන්ත්‍රයේ ප්‍රයෝජන

එස්ප්‍රෙසෝ යන්ත්‍රයක ප්‍රධාන ප්‍රයෝජනය එස්ප්‍රෙසෝ සෑදීම වුනත්, විශේෂිත කෝපි වර්ග (specialty coffee) සෑදීමටත් ඒවා අවශ්‍ය වෙනවා. මොකද මේ කෝපි බොහෝමයක පදනම එස්ප්‍රෙසෝ. අමෙරිකානෝ, කැපචිනෝ, ලතේ, මකියාතෝ, මෝකා වැනි කෝපි සාදන්න එස්ප්‍රෙසෝ යන්ත්‍රය අත්‍යවශ්‍ය යි.

කෝපි වෙළඳ ක්ෂේත්රයට එස්ප්‍රෙසෝ යන්ත්‍ර වලින් ලැබෙන පිටිවහල

කෝපි වෙළඳ ක්ෂේත්රයට එස්ප්‍රෙසෝ යන්ත්‍ර අත්‍යවශ්‍ය යි. ඒ කාර්යක්ෂමව, තත්ත්වයෙන් උසස් කෝපි සෑදීමට ඒවාට පුළුවන් නිසා යි. ඒ වගේම කෝපි විශාල ප්‍රමාණයක් සෑදීමේදී, එකම තත්ත්වයෙන් සහ රසයෙන් යුතු කෝපි සෑදීමටත් මේ යන්ත්‍රය උපකාරී වනවා.

අදවන විට කෝපි අවන්හල් වල තිබෙන විශාල එස්ප්‍රෙසෝ යන්ත්‍ර වලට වඩා ප්‍රමාණයෙන් කුඩා, නිවෙස් වල සහ කාර්යාල වල භාවිතා කළ හැකි එස්ප්‍රෙසෝ යන්ත්‍රත් තිබෙනවා.

[ATTACH=full]240627[/ATTACH]

[QUOTE="caltonhp, post: 30290398, member: 557464"] ලොව වටා කෝපි රසිකයින් දවස පටන් ගන්න කැමතිම විදිය තමයි උණුසුම් එස්ප්‍රෙසෝ එකක රස බලන එක. ඇත්තටම කොහොමද මේ රසවත් කෝපි එක හදන්නේ? සුවඳ, රසය සහ උණුසුම කැටි කරගත් එස්ප්‍රෙසෝ අපේ ජීවිතයේ කොටසක් වෙන්න ප්‍රධානම හේතුව වුනේ එස්ප්‍රෙසෝ යන්ත්‍රය යි. ඉතින් CBBS අපි අද ඔයාලාට එස්ප්‍රෙසෝ යන්ත්‍රය ගැන කියලා දෙන්නම්. එස්ප්‍රෙසෝ යන්ත්‍රය කියන්නේ මොකක්ද? එස්ප්‍රෙසෝ යන්ත්‍රය කියන්නේ, උණුසුම් කළ සහ අධි පීඩනයට ලක් කළ වතුර, සිහින්ව කොටා ගත් කෝපි කුඩු තුලින් යවමින් කෝපි බෲ කිරීමට සෑදූ යන්ත්‍රයක්. මේ බෲ කරන ක්‍රමයට කියන්නේ එක්ස්ට්රැක්ෂන් (exstraction) කියලා යි. මෙමගින් ඉතා උකු කෝපි ශොට් එකක් සාදා ගන්න පුළුවන්. එයට කියන්නේ එස්ප්‍රෙසෝ කියලා. සාමාන්‍ය කෝපි බෲ කරන ක්‍රම (වතුර ක්‍රමයෙන් කෝපි කැබලි අතරින් යැවීම වැනි) වලින් සාදන කෝපි වලට වඩා තීව්ර රසයක් එස්ප්‍රෙසෝ යන්ත්‍රය භාවිතා කරමින් සාදන කෝපි වලට තිබෙනවා. ඒ වගේම, එස්ප්‍රෙසෝ යන්ත්‍රයක් භාවිතා කිරීමෙන් කෝපි සෑදීමට ගත වෙන්නේ තත්පර කිහිපයක් පමණ යි. එස්ප්‍රෙසෝ යන්ත්‍රයක ප්‍රධාන අංගෝපාංග: ජල සැපයුම් සම්බන්ධතාවය වතුර උණු කිරීම සඳහා බොයිලේරුවක් හෝ එවැනි වෙනත් උපාංගයක් අවශ්‍ය පීඩනය නිර්මාණය කරන පොම්පයක් කෝපි කුඩු තැන්පත් කිරීමට පෝටාෆිල්ටරයක් (portafilter) කැපචිනෝ සහ ලතේ වැනි කෝපි වර්ග සෑදීමට අවශ්‍ය පෙණ සහිත කිරි (frothed milk) නිශ්පාදනය කිරීමට අවශ්‍ය උපාංග එස්ප්‍රෙසෝ යන්ත්‍රයේ ඉතිහාසය ලොව පළමු වරට එස්ප්‍රෙසෝ යන්ත්‍රයක් හදුන්වාදුන්නේ 1884 දී. ඒ අන්ගෙලෝ මරියොනෝදෝ නැමැති ඉතාලි ජාතිකයා විසින්. නමුත් මෙය වත්මන් එස්ප්‍රෙසෝ යන්ත්‍රයට වඩා ප්‍රාථමික එකක්. ලුයිගි බෙස්සේරා විසින් 1901 දී හදුන්වා දුන් එස්ප්‍රෙසෝ යන්ත්‍රය තමයි වත්මන් එස්ප්‍රෙසෝ යන්ත්‍රයට සමාන වූ මුල්ම යන්ත්‍රය. මෙය වාණිජමය වශයෙන් නිපදවීමට පටන්ගත්තේ දෙසිදෙරීයෝ පවෝනි විසින්. Ideale නමින් හැදින්වුනු පවෝනි ගේ එස්ප්‍රෙසෝ යන්ත්‍රය අධි පීඩනයට ලක් කළ ජලය කෝපි කුඩු අතරින් යැවීමට ලීවරයක් භාවිතා කළා. මෙමගින් කෝපි බෲ කරන්න ගතවෙන කාලය අඩු වුණා. ඒ වගේම, මුල් වතාවට ක්රේමා (එස්ප්‍රෙසෝ කෝපි මතුපිට සෑදෙන ලා පැහැති, පෙණ සහිත කෝපි තට්ටුවක්) නිශ්පාදනය කිරීමට සමත් වුනෙත් මේ යන්ත්‍රය යි. මේ යන්ත්‍රය ඉතාලිය පුරා ඉතා ඉක්මනින් ජනප්‍රිය වුණා. විසිවන සියවසේ මැද භාගය වනවිට ලොව පුරා රටවල් ගණනාවක, විශේෂයෙන්ම යුරෝපයේ, මේ යන්ත්‍රය ජනප්‍රිය වුණා. කෝපි අවන්හල් හා බැදුණු සංස්කෘතිය යුරෝපයේ අතිශය ජනප්‍රිය වීමට හේතු වුනෙත් මේ යන්ත්‍රය යි. එස්ප්‍රෙසෝ යන්ත්‍රයේ ප්‍රයෝජන එස්ප්‍රෙසෝ යන්ත්‍රයක ප්‍රධාන ප්‍රයෝජනය එස්ප්‍රෙසෝ සෑදීම වුනත්, විශේෂිත කෝපි වර්ග (specialty coffee) සෑදීමටත් ඒවා අවශ්‍ය වෙනවා. මොකද මේ කෝපි බොහෝමයක පදනම එස්ප්‍රෙසෝ. අමෙරිකානෝ, කැපචිනෝ, ලතේ, මකියාතෝ, මෝකා වැනි කෝපි සාදන්න එස්ප්‍රෙසෝ යන්ත්‍රය අත්‍යවශ්‍ය යි. කෝපි වෙළඳ ක්ෂේත්රයට එස්ප්‍රෙසෝ යන්ත්‍ර වලින් ලැබෙන පිටිවහල කෝපි වෙළඳ ක්ෂේත්රයට එස්ප්‍රෙසෝ යන්ත්‍ර අත්‍යවශ්‍ය යි. ඒ කාර්යක්ෂමව, තත්ත්වයෙන් උසස් කෝපි සෑදීමට ඒවාට පුළුවන් නිසා යි. ඒ වගේම කෝපි විශාල ප්‍රමාණයක් සෑදීමේදී, එකම තත්ත්වයෙන් සහ රසයෙන් යුතු කෝපි සෑදීමටත් මේ යන්ත්‍රය උපකාරී වනවා. අදවන විට කෝපි අවන්හල් වල තිබෙන විශාල එස්ප්‍රෙසෝ යන්ත්‍ර වලට වඩා ප්‍රමාණයෙන් කුඩා, නිවෙස් වල සහ කාර්යාල වල භාවිතා කළ හැකි එස්ප්‍රෙසෝ යන්ත්‍රත් තිබෙනවා. [ATTACH type="full"]240627[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom