Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රොබට් අයියගේ බූත කොටුව මම හරිම අසාවෙන් කියවපු ත්රෙඩ් එකක්. මම එළකිරියේ රෙජිස්ටර් උනේ 1998 . ඒත් එලකිරියට බොක්කෙන්ම සම්බන්ද උනේ රොබට් අයියගේ බූත කොටුව හන්ද. ඒ හින්ද මටත් හිතුන මට වුනු සිදුවීමක් එළකිරියේ යාලුවෝ එක්ක බෙදාගන්න . මීට කලින් මට යක්කු එක්ක පොඩි අත්දැකීමක් තිබුන. එක මම පස්සේ ලියන්නම්. මේක සත්යම සිදුවීමක් . මේක උන වෙලාවේ මා එක්ක හිටිය යාළුවගේ නම විතරක් මම වෙනස් කරලා ලියනවා. මේ සිදුවීම උනේ 1999 අවුරුද්දේ මට මතක විදිහට. ඒ වෙනකොට මටත් මගේ යාලුවටත් දෙන්නටම වයස 22ක් වගේ වෙන්න ඇති. මතක පිළිවෙලට කොටාගෙන යන්නම් මෙන්න මේකයි සිද්දිය.

ඔන්න එහෙනම් රොබට් අයියගෙන් අවසරයි

මම ඒ කලේ වැඩකරේ ලංකාවට Dental / Medical machine import කරන කොම්පැනි එකක . මම තමයි එකේ චීෆ් ටෙක්නිශියන් . එදා දවස සිකුරාදා දවසක් මට මතක හැටියට. මම homagama අවිස්සාවේල්ලත් අතර තියෙන ග්රාමීය රෝහලක කැඩිච්ච මැෂිමක් අමාරුවෙන් ගොඩ දාල හවස 2 වෙද්දී ඔෆිස් එකට ආව රුහුණු කුමාරියේ ගෙදර මාරුවෙන්න . සිකුරාදා දවස හවස් වෙනකොට ගතට දැනෙන ආතල් එක ඉතින් ජොබ් කරන හැමදෙනාම දන්නවනේ. ඔන්න ඉතින් ඔෆිස් එකට ඇවිත් මැනේජර් එක්ක පොඩි ආතල් කයියක් දැම්ම සෙනසුරාදා දවස රවුමක් ගහන්න ශේප් නියායෙන් ගෙදර ඉන්න බලාගෙන. අපේ මැනේජර් පෙන්ෂන් ගියපු ඉන්ග්ලිෂ් medium ඉගෙනගත්තු සුද්දගේ ඉන්ග්ලිෂ් කතාකරන එල පොරක් . ඔන්න ඒ වෙලාවේ අපේ සේල්ස් කරන කමන්තත් ආව වැඩ ඉවර කරලා රුහුණු කුමරියේම ගෙදර පනින්න. ඒ වෙද්දී කමන්ත යාළුවෙලා උන්න කෙල්ල (දැන් උගේ ආදරණීය බිරිඳ ) යන්නෙත් රුහුණු කුමරියේ නිසා ලංකාවේ කොයි කොනක සේල්ස් කරත් හයි ස්පීඩ් දඩ 100ක් කාගෙන හරි සිකුරාදා රුහුණු කුමරිය අල්ලන්න කොළඹ එනවා. අපි දෙන්න එකම ඉස්කෝලේ එකම පන්තියේ උසස්පෙළ කරේ. ඒ දවස්වල වගේම අදත් අපි මැන්ගෝ යාලුවෝ.

ඔන්න ඉතින් අපි දෙන්නම අපේ මැනේජර් ටියුන් කරනවා සෙනසුරාදා ඔෆිස් එන්නේ නැතුව ඉන්න. මේක ඉතින් එදා විතරක් නෙවෙයි අපි හැමදාම සිකුරාදාට කරන වැඩක්. ඔන්න ඉතින් අපි කයිය ගෙන ඉන්නකොට ෆෝන් එක රින්ග් උනා . ගෙදර යන්න ඔන්න මෙන්න තියල ෆෝන් එක රින්ග් වෙනකොට ඉතින් පපුව සීතල වෙනවා ඉතින්. මොකද බොසා කෝල් කරලා හදිසි රාජකාරි පටවනවා. ඒවා ඉතින් පරිප්පු නැවු පිටින් බාන්න වෙන වැඩ . නැත්තම් වෙන්නේ බොසාගේ වයිෆ්ට driver කෙනෙක් නැති උනාම පොඩ්ඩකට මරදානට පිටකොටුවට හරි යන්න කියලා මාව එවන්න කියනවා. ඉතින් රාත්රී 10 / 11 වෙනකම් රියදුරු රස්සාව කරන්න වෙනවා. එත් මේ ආපු කෝල් එක අවේ නුවර මහියංගනය පාරේ 18 වංගුවට ආසන්නයේ තියෙන රෝහලකින්. එයාලගේ මැෂින් එකක් කැඩිලා දැන් දවස් ගානක්, අද ටෙක්නිශියන් එවනවා කීවට ඇයි නාවේ අද නාවොත් හෙට උදේට මිනිස්ට්රියට පැමිණිලි කරනවා කියල. දැන් ඉතින් කාපන්කෝ පරිප්පුව. අපේ සුදු මැනේජර් හැරුන තැපෑලෙන් බොස්ට කෝල් කරලා කිව. අනේ ඉතින් අපේ බොස් කිව මේ දැන්ම මාව යවන්න කියල. කමන්ත යවන්න කිව හෙල්ප් එකට . ඒ වෙනකොට අපේ රියදුරත් යතුරු බාරදීලා ගෙදර මාරු වෙලා . අපේ මැනේජර් එහෙට කෝල් කරලා කීවා, ටෙක්නිශියන් දැන් කොළඹින් පිටත් වෙනවා, ඔහෙට එනකොට පැය 5ක් විතර යාවි කියල. එහෙ දොස්තර කිවා, එයාගේ නිල නිවාසෙට එන්න කියන්න, එයත් එක්ක ඇවිත් මැෂින් එක හදවන්නම් කියල. දැන් ඉතින් වැඩේ සෙට්. ඔන්න ඉතින් අපි දෙන්න යන්න පිටත් උනා.

මට තමයි වාහනේ එලවන්න උනේ ඉතින්. ඒ වෙද්දී කමන්තට එලවන්න පුළුවන් උනාට ලයිසන් තිබුනේ නෑ මට මතක විදිහට. අපි නුවරට යද්දී 6.30 වගේ වෙන්න ඇති. අපි ඉතින් නුවර ගියොත් නවතින්නේ Y .M .B එකේ තමයි.මොකද එකේ තමයි කාමර ගණන් අඩුවෙන්ම ගන්න පුළුවන්. ඉතින් දැන් අපි එනකොට 12 වගේ වෙන හින්ද අපි යනගමන්ම කාමරයක් වෙන් කරලා සල්ලි ගෙව්වා . අපිව එයාල නිතර එන හන්ද දන්නවා. ඒ හින්ද කීය උනත් අවුලක් නැ ගේට්ටුව අරිනවා අපිට. ඔන්න ඉතින් අපි 8 විතර වෙද්දී ගිය අදාල තැනට. ගිහින් දොස්තර (ලස්සන නෝනා කෙනෙක් හරිද) එක්ක ඇවිත් මැෂින් එක හැදුව මම. කමන්තයත් ඉතින් ඕනෑම වැඩකට ලාම්පුව අල්ලන්න කියපු බඩුව. ඔන්න ඉතින් දෙය්යනේ කියල මම 10 වගේ වෙද්දී මැෂින් එක හැදුව. හදල ඉවර වෙලා එන්න ලෑස්තිවෙනකොට අර කරුණාවන්ත ලස්සන තරුණ දොස්තර නෝනා කොහෙද නවතින්නේ කියල හෙම විස්තර අහල වොෂ් එකක් දානවනම් එයාගේ නිල නිවසේ බාත්රූම් එකෙන් දාන්න කිව. අපිට ඉතින් දෙය්යෝ බැලුව වගේ අපි දෙන්නම ගොඩක් වෙහෙසෙන් හිටියේ. අපි දෙන්නම රට වටේම යන නිසා අපේ ඇඳුම් බෑග් දෙක කොයි වෙලාවෙත් අපේ වාහනේ තියෙනවා.

ඔන්න ඉතින් අපි දෙන්නම දෙය්යනේ කියල වොෂ් එකක් දාල සරොන් දෙකටම බැහැල ආතෙල් පහට දුමකුත් දාගෙන දැන් එනවා නුවර බලා . අපි ගියේ කමන්ත සේල්ස් ගිහින් ආපු van එකේ . එක ටොයෝටා ලයිට් එස් වාහනයක්. හැමදාම සේල්ස් යන වාහනේ හින්ද මුන් කවදාවත් බඩු බාන්නේ නැ. ඉතින් දැන් අපේ ඇඳුම් බැග් සල්ලි ඔක්කොම වාහනේ පිටිපස්සේ සීට් එක උඩ. දැන් ඉතින් අපි දෙන්න එනවා 18 වංගුව පැත්තේ ඉඳන් නුවර එන්න. මම බොහොම හෙමින් ඩ්රයිව් කරේ . දන්නා අය දන්නවා මේ පාර පට්ට පාලුයි . අපි දෙන්නට හොඳටෝම බඩගිනිය්. ගොඩක් රැ වෙලා හින්ද කඩවල් වහලා. ඔන්න ඉතින් හෙමින් හෙමින් එනකොට එක කඩයක් වහගෙන යනවා. අපි නවත්තල ඇහුව කන්න දෙයක් තියෙනවද කියල. මුදලාලි වයසක මනුස්සයෙක්. වඩේ වගයක්නම් තියෙනවා එත් බොන්න තේ නම් නැහැ ලිප නිවල කිව. අපි ඉතින් දෙය්යෝ දුන්න වඩේ ටිකත් කන ගමන් දුමකුත් දාගෙන හෙමින් හෙමින් එනවා . කොහොමහරි දැන් වෙලාව රැ 12 පහු . තෙල්දෙණියට 10 km වගේ තියෙද්දී පට්ට පාලුයි .එක පැත්තකින් වික්ටෝරියා dam එක අනික් පැත්තෙන් පට්ට වනන්තරේ . මේක කියවන ඔයාල විස්වාස කරයිද මන්ද මේක. දැනුත් මේක ලියන මොහොතේත් මේක මතක් වෙනකොට මට ඒ සිදුවීම මැවිලා පේනවා වගේ. එක පාරටම dam එක පැත්තෙන් පාරට ගොඩ උනා ලස්සන කෙල්ලෙක්. ටිකක් මහතයි . පාරට ආපු ගමන්ම මෙය ආවා පර මැද්දට. ඇවිත් වාහනේට ඇත දැම්ම. හරියටම පාර මැද්දේ. ඉස්සරහට ගියොත් හැප්පෙනවා. ලස්සන කෙල්ලෙක් . ඔලුවෙන් ඇග පුරහම ලේ බේරෙනවා. මෙයා පාරට අවේ මට මීටර් 20 ක් 30 ක් ඉස්සරහින්. තත්පර කීපයයි මම වාහනේ නැවැත්තුවේ නැත්තම් කෙල්ල වදිනවා මගේ වාහනේ . මම ක්ෂණිකව නවත්තගත්තා හෙමින් අපු හින්ද. නවත්තපු ගමන් මේ කෙල්ල ආවා කමන්තගේ දොර ගාවට . ඇවිත් කීවා එයාට මස්සිනා ගැහුවා කන්දකින් පහලට තල්ලු කරා, එයාව තෙල්දෙණියේ පොලිසියට දාන්න කියලා . මම කීවා පිටිපස්සෙන් නගින්න කියලා. ඒත් ඒ එක්කම මට මතක් උනා අපේ සල්ලි ඇඳුම් සීට් එක උඩ නේද කියාල. ඒ හින්ද මම කීවා නෑ ඉස්සරහින් නගින්න කියලා . මට නිකමට හිතුන අපිව සුද්ද කරන්න හදනවද දන්නේ නැ කියලා මේ වනන්තරේ මැද්දේ. කමන්ත දොර ඇරිය. කෙල්ල නැගල වාඩි උනා කමන්තගේ සීට් එකේම අයිනෙන්.

මේ කියන වාහන මොඩ්ල් එකේ ඉස්සරහ තියෙන්නේ සීට් දෙක විතරයි. මැද්දේ සීට් එකක් නැහැ. කෙල්ල පෙනුමේ හැටියට අඩුම තරමේ කිලෝ 50 ක් වත් බර ඇති. සාමාන්යෙන් ඩ්රයිව් කරන කෙනාට තේරෙනවා පොඩි වාහනේක ඉස්සරහ සීට් එකේ දෙන්නෙක් නැග්ගම ඒ පැත්ත බර වැඩි ගතිය. ඒත් මම වාහනේ අදිනකොටම තේරුණා මොකක් නමුත් අමුත්තක්. ඒ එක්කම මට නිකම් බයක් වගේ දෙයක් දැනුන. මෙච්චර දුරක් 40 ට වගේ අපු මම ඩ්රයිව් කරන්න ගත්ත 100 පන්නල. විනාඩි 5 ක් වගේ එද්දී මේ කෙල්ල කීවා අයියේ මෙතන ඉඩ මදියි මම බිමින් වාඩිවෙන්නම් කියල. ඒ කෙල්ල කමන්තගේ කකුල් දෙක ගාව බිම වාඩි උනා. ටොයෝටා ලයිට් එස් එකේ ඉස්සරහ සීට් එක ගාව බිම වැඩුන මනුස්සයෙකුට වාඩිවෙලා යන්න තරම් ලෙග් ස්පේස් නැහැ. ඒත් මේ කෙල්ල මෙතන වාඩි උනා. කමන්ත එක්ක විස්තර කතා කරා එයාගේ. ඒත් ඒ කිසිම දෙයක් මගේ කනට වැටුනේ නැහැ. මොකද මම හිටියේ ගොඩක් බයවෙලා. මම මාරාන්තික වංගු සියල්ලම 120 ට විතර ආවා . තෙල්දෙණියේ පොලිසිය ලන්වෙනකොට මම කීවා අක්කේ මම ඔයාව තෙල්දෙණියේ පොලිසිය පහුකරලා බස්සන්නම් කියලා. මොකද මේ පරිප්පු නැව අපිට බාන්න උනොත් කියන බයත් මට දැනුන. හරියටම පොලිසිය ඉස්සරහින් රාළහාමි කෙනෙකුත් වාහනේට අත දැම්ම ගෙදර යන්න වෙන්න ඕන. මම එයාට නැවත්තුවෙත් නැහැ. පොලිසිය පහුකරලා මීටර් 100 ක් වගේ ගිහින් මම නැවැත්තුව. මෙයාට බහින්නනම් කමන්ත බහින්න ඕන. ඒත් කමන්ත දොර ඇරපු ගමන් කෙල්ල බැස්ස මල්ලිලට බුදු සරණයි කියලා පාවෙලා වගේ පොලිසිය පැත්තට ගියා. මම side mirror එකෙන් බැලුව. කව්රුත් නෑ.

මම ආයේ ගමන පටන් ගත්ත. අයෙත් 100 පැනල යනවා. කමන්තය මට අම්ම මෝ නැතුව බනිනවා කෙල්ල නැගපු වෙලාවේ හිටන් හය්යෙන් ආවා කියලා. මම එක වචනයක්වත් කතා කරේ නෑ. නුවර ලං වෙනකොට තියෙනවා ඔරලෝසු කණුවක් එක්ක junction එකක්. එක පැත්තක් නුවර. අනෙක් පැත්ත මහියංගනය. අනික් පැත්ත හඟුරන්කෙත . එතන තිබුන ඒ කලේ චෙක් පොයින්ට් එකක් අනිවාර්යෙන් නවත්තන්න ඕන. මම උන්නේ කල්පනාවෙන් නෙවෙයි. තව පොඩ්ඩෙන් එතන නවත්තන්නේ නැතුව ඇවිත් වෙඩි කනවා. කොහොම හරි YMB එකට ඇවිත් මම නොකර කතා කමන්තට වාහනේ යතුර දීල උඹ කන්න ඕනෙනම් ගිහින් කාල වරෙන් මම නිදාගන්නවා කියලා කෙලින්ම නිදාගත්තා. කමන්තයත් මට අම්ම මෝ නැතුව සිංහල කියව කියව නිදාගත්තා. කිසිම කතාවක් නැතුව මට උදේ 7 වෙනකම් නින්ද ගියා.

උදේ මට ඇහැරුනා ගමන් එහා ඇඳේ නිදාගෙන ඉන්න කමන්තට ඇන්න පයින්. ඇනල මුව ඇහැරවල ඇහුව ඊයේ අපි එක්ක අවේ මනුස්සයෙක්ද අමනුස්සයෙක්ද කියලා. උදේ පාන්දරම කමන්තයගේ ඇස දෙක පැන්න එලියට . කට ඇරගෙන බලන් ඉන්නවා බයවෙලා. අපි මුණ නොහෝදම ගියා තෙල්දෙණියේ පොලිසියට. ගිහින් කිව්වා රිසව් එකේ උන්නු රාළහාමිගෙන් ඊයේ රැ මෙහෙම දෙයක් උනා මොකක්හරි පැමිණිල්ලක් දාලද කියලා. එයා පැමිණිලි පොත බලල කීවා එහෙම දෙයක් නෑ කියලා. ලේ බේරී බේරී වාහනේට නැගල බිම වැඩිවෙලා ආවට එක ලේ බිඳක්වත් වාහනේවත් කමන්තගේ ඇඳුමකවත් තිබුනේ නැ. ඔන්න ඕකයි කතාව. එයින් පස්සේ අපි දෙන්නම හවස 6 න් පස්සේ නුවර මහියංගන පරේනම් ගමන් කරේ නැත. එයින් පසු කවදාකවත් පාරේ අතදපු කිසිම මනුස්සයෙකුට මම වහනේනම් නවත්තන්නේ නැත. එදා බය උනා බයවිල්ල තාමත් එක මතක් කරනකොට පපුවට දැනෙනවා.

පස්සේ කලෙක මට ආරංචි උනා ඒ හරියේ එහෙම දෙයක් තියෙනවා කියලා. මේක කියවන නුවර පැත්තේ ඉන්න යාලුවන්ගෙන් මම දැනගන්න කැමතියි මේ පාරේ මෙහෙම දෙයක් ආයේ ආයේ සිද්දවෙනවද කියලා.

[QUOTE="polwattacom, post: 11873219, member: 114075"] [SIZE=5]රොබට් අයියගේ බූත කොටුව මම හරිම අසාවෙන් කියවපු ත්රෙඩ් එකක්. මම එළකිරියේ රෙජිස්ටර් උනේ 1998 . ඒත් එලකිරියට බොක්කෙන්ම සම්බන්ද උනේ රොබට් අයියගේ බූත කොටුව හන්ද. ඒ හින්ද මටත් හිතුන මට වුනු සිදුවීමක් එළකිරියේ යාලුවෝ එක්ක බෙදාගන්න . මීට කලින් මට යක්කු එක්ක පොඩි අත්දැකීමක් තිබුන. එක මම පස්සේ ලියන්නම්. මේක සත්යම සිදුවීමක් . මේක උන වෙලාවේ මා එක්ක හිටිය යාළුවගේ නම විතරක් මම වෙනස් කරලා ලියනවා. මේ සිදුවීම උනේ 1999 අවුරුද්දේ මට මතක විදිහට. ඒ වෙනකොට මටත් මගේ යාලුවටත් දෙන්නටම වයස 22ක් වගේ වෙන්න ඇති. මතක පිළිවෙලට කොටාගෙන යන්නම් මෙන්න මේකයි සිද්දිය. ඔන්න එහෙනම් රොබට් අයියගෙන් අවසරයි මම ඒ කලේ වැඩකරේ ලංකාවට Dental / Medical machine import කරන කොම්පැනි එකක . මම තමයි එකේ චීෆ් ටෙක්නිශියන් . එදා දවස සිකුරාදා දවසක් මට මතක හැටියට. මම homagama අවිස්සාවේල්ලත් අතර තියෙන ග්රාමීය රෝහලක කැඩිච්ච මැෂිමක් අමාරුවෙන් ගොඩ දාල හවස 2 වෙද්දී ඔෆිස් එකට ආව රුහුණු කුමාරියේ ගෙදර මාරුවෙන්න . සිකුරාදා දවස හවස් වෙනකොට ගතට දැනෙන ආතල් එක ඉතින් ජොබ් කරන හැමදෙනාම දන්නවනේ. ඔන්න ඉතින් ඔෆිස් එකට ඇවිත් මැනේජර් එක්ක පොඩි ආතල් කයියක් දැම්ම සෙනසුරාදා දවස රවුමක් ගහන්න ශේප් නියායෙන් ගෙදර ඉන්න බලාගෙන. අපේ මැනේජර් පෙන්ෂන් ගියපු ඉන්ග්ලිෂ් medium ඉගෙනගත්තු සුද්දගේ ඉන්ග්ලිෂ් කතාකරන එල පොරක් . ඔන්න ඒ වෙලාවේ අපේ සේල්ස් කරන කමන්තත් ආව වැඩ ඉවර කරලා රුහුණු කුමරියේම ගෙදර පනින්න. ඒ වෙද්දී කමන්ත යාළුවෙලා උන්න කෙල්ල (දැන් උගේ ආදරණීය බිරිඳ ) යන්නෙත් රුහුණු කුමරියේ නිසා ලංකාවේ කොයි කොනක සේල්ස් කරත් හයි ස්පීඩ් දඩ 100ක් කාගෙන හරි සිකුරාදා රුහුණු කුමරිය අල්ලන්න කොළඹ එනවා. අපි දෙන්න එකම ඉස්කෝලේ එකම පන්තියේ උසස්පෙළ කරේ. ඒ දවස්වල වගේම අදත් අපි මැන්ගෝ යාලුවෝ. ඔන්න ඉතින් අපි දෙන්නම අපේ මැනේජර් ටියුන් කරනවා සෙනසුරාදා ඔෆිස් එන්නේ නැතුව ඉන්න. මේක ඉතින් එදා විතරක් නෙවෙයි අපි හැමදාම සිකුරාදාට කරන වැඩක්. ඔන්න ඉතින් අපි කයිය ගෙන ඉන්නකොට ෆෝන් එක රින්ග් උනා . ගෙදර යන්න ඔන්න මෙන්න තියල ෆෝන් එක රින්ග් වෙනකොට ඉතින් පපුව සීතල වෙනවා ඉතින්. මොකද බොසා කෝල් කරලා හදිසි රාජකාරි පටවනවා. ඒවා ඉතින් පරිප්පු නැවු පිටින් බාන්න වෙන වැඩ . නැත්තම් වෙන්නේ බොසාගේ වයිෆ්ට driver කෙනෙක් නැති උනාම පොඩ්ඩකට මරදානට පිටකොටුවට හරි යන්න කියලා මාව එවන්න කියනවා. ඉතින් රාත්රී 10 / 11 වෙනකම් රියදුරු රස්සාව කරන්න වෙනවා. එත් මේ ආපු කෝල් එක අවේ නුවර මහියංගනය පාරේ 18 වංගුවට ආසන්නයේ තියෙන රෝහලකින්. එයාලගේ මැෂින් එකක් කැඩිලා දැන් දවස් ගානක්, අද ටෙක්නිශියන් එවනවා කීවට ඇයි නාවේ අද නාවොත් හෙට උදේට මිනිස්ට්රියට පැමිණිලි කරනවා කියල. දැන් ඉතින් කාපන්කෝ පරිප්පුව. අපේ සුදු මැනේජර් හැරුන තැපෑලෙන් බොස්ට කෝල් කරලා කිව. අනේ ඉතින් අපේ බොස් කිව මේ දැන්ම මාව යවන්න කියල. කමන්ත යවන්න කිව හෙල්ප් එකට . ඒ වෙනකොට අපේ රියදුරත් යතුරු බාරදීලා ගෙදර මාරු වෙලා . අපේ මැනේජර් එහෙට කෝල් කරලා කීවා, ටෙක්නිශියන් දැන් කොළඹින් පිටත් වෙනවා, ඔහෙට එනකොට පැය 5ක් විතර යාවි කියල. එහෙ දොස්තර කිවා, එයාගේ නිල නිවාසෙට එන්න කියන්න, එයත් එක්ක ඇවිත් මැෂින් එක හදවන්නම් කියල. දැන් ඉතින් වැඩේ සෙට්. ඔන්න ඉතින් අපි දෙන්න යන්න පිටත් උනා. මට තමයි වාහනේ එලවන්න උනේ ඉතින්. ඒ වෙද්දී කමන්තට එලවන්න පුළුවන් උනාට ලයිසන් තිබුනේ නෑ මට මතක විදිහට. අපි නුවරට යද්දී 6.30 වගේ වෙන්න ඇති. අපි ඉතින් නුවර ගියොත් නවතින්නේ Y .M .B එකේ තමයි.මොකද එකේ තමයි කාමර ගණන් අඩුවෙන්ම ගන්න පුළුවන්. ඉතින් දැන් අපි එනකොට 12 වගේ වෙන හින්ද අපි යනගමන්ම කාමරයක් වෙන් කරලා සල්ලි ගෙව්වා . අපිව එයාල නිතර එන හන්ද දන්නවා. ඒ හින්ද කීය උනත් අවුලක් නැ ගේට්ටුව අරිනවා අපිට. ඔන්න ඉතින් අපි 8 විතර වෙද්දී ගිය අදාල තැනට. ගිහින් දොස්තර (ලස්සන නෝනා කෙනෙක් හරිද) එක්ක ඇවිත් මැෂින් එක හැදුව මම. කමන්තයත් ඉතින් ඕනෑම වැඩකට ලාම්පුව අල්ලන්න කියපු බඩුව. ඔන්න ඉතින් දෙය්යනේ කියල මම 10 වගේ වෙද්දී මැෂින් එක හැදුව. හදල ඉවර වෙලා එන්න ලෑස්තිවෙනකොට අර කරුණාවන්ත ලස්සන තරුණ දොස්තර නෝනා කොහෙද නවතින්නේ කියල හෙම විස්තර අහල වොෂ් එකක් දානවනම් එයාගේ නිල නිවසේ බාත්රූම් එකෙන් දාන්න කිව. අපිට ඉතින් දෙය්යෝ බැලුව වගේ අපි දෙන්නම ගොඩක් වෙහෙසෙන් හිටියේ. අපි දෙන්නම රට වටේම යන නිසා අපේ ඇඳුම් බෑග් දෙක කොයි වෙලාවෙත් අපේ වාහනේ තියෙනවා. ඔන්න ඉතින් අපි දෙන්නම දෙය්යනේ කියල වොෂ් එකක් දාල සරොන් දෙකටම බැහැල ආතෙල් පහට දුමකුත් දාගෙන දැන් එනවා නුවර බලා . අපි ගියේ කමන්ත සේල්ස් ගිහින් ආපු van එකේ . එක ටොයෝටා ලයිට් එස් වාහනයක්. හැමදාම සේල්ස් යන වාහනේ හින්ද මුන් කවදාවත් බඩු බාන්නේ නැ. ඉතින් දැන් අපේ ඇඳුම් බැග් සල්ලි ඔක්කොම වාහනේ පිටිපස්සේ සීට් එක උඩ. දැන් ඉතින් අපි දෙන්න එනවා 18 වංගුව පැත්තේ ඉඳන් නුවර එන්න. මම බොහොම හෙමින් ඩ්රයිව් කරේ . දන්නා අය දන්නවා මේ පාර පට්ට පාලුයි . අපි දෙන්නට හොඳටෝම බඩගිනිය්. ගොඩක් රැ වෙලා හින්ද කඩවල් වහලා. ඔන්න ඉතින් හෙමින් හෙමින් එනකොට එක කඩයක් වහගෙන යනවා. අපි නවත්තල ඇහුව කන්න දෙයක් තියෙනවද කියල. මුදලාලි වයසක මනුස්සයෙක්. වඩේ වගයක්නම් තියෙනවා එත් බොන්න තේ නම් නැහැ ලිප නිවල කිව. අපි ඉතින් දෙය්යෝ දුන්න වඩේ ටිකත් කන ගමන් දුමකුත් දාගෙන හෙමින් හෙමින් එනවා . කොහොමහරි දැන් වෙලාව රැ 12 පහු . තෙල්දෙණියට 10 km වගේ තියෙද්දී පට්ට පාලුයි .එක පැත්තකින් වික්ටෝරියා dam එක අනික් පැත්තෙන් පට්ට වනන්තරේ . මේක කියවන ඔයාල විස්වාස කරයිද මන්ද මේක. දැනුත් මේක ලියන මොහොතේත් මේක මතක් වෙනකොට මට ඒ සිදුවීම මැවිලා පේනවා වගේ. එක පාරටම dam එක පැත්තෙන් පාරට ගොඩ උනා ලස්සන කෙල්ලෙක්. ටිකක් මහතයි . පාරට ආපු ගමන්ම මෙය ආවා පර මැද්දට. ඇවිත් වාහනේට ඇත දැම්ම. හරියටම පාර මැද්දේ. ඉස්සරහට ගියොත් හැප්පෙනවා. ලස්සන කෙල්ලෙක් . ඔලුවෙන් ඇග පුරහම ලේ බේරෙනවා. මෙයා පාරට අවේ මට මීටර් 20 ක් 30 ක් ඉස්සරහින්. තත්පර කීපයයි මම වාහනේ නැවැත්තුවේ නැත්තම් කෙල්ල වදිනවා මගේ වාහනේ . මම ක්ෂණිකව නවත්තගත්තා හෙමින් අපු හින්ද. නවත්තපු ගමන් මේ කෙල්ල ආවා කමන්තගේ දොර ගාවට . ඇවිත් කීවා එයාට මස්සිනා ගැහුවා කන්දකින් පහලට තල්ලු කරා, එයාව තෙල්දෙණියේ පොලිසියට දාන්න කියලා . මම කීවා පිටිපස්සෙන් නගින්න කියලා. ඒත් ඒ එක්කම මට මතක් උනා අපේ සල්ලි ඇඳුම් සීට් එක උඩ නේද කියාල. ඒ හින්ද මම කීවා නෑ ඉස්සරහින් නගින්න කියලා . මට නිකමට හිතුන අපිව සුද්ද කරන්න හදනවද දන්නේ නැ කියලා මේ වනන්තරේ මැද්දේ. කමන්ත දොර ඇරිය. කෙල්ල නැගල වාඩි උනා කමන්තගේ සීට් එකේම අයිනෙන්. මේ කියන වාහන මොඩ්ල් එකේ ඉස්සරහ තියෙන්නේ සීට් දෙක විතරයි. මැද්දේ සීට් එකක් නැහැ. කෙල්ල පෙනුමේ හැටියට අඩුම තරමේ කිලෝ 50 ක් වත් බර ඇති. සාමාන්යෙන් ඩ්රයිව් කරන කෙනාට තේරෙනවා පොඩි වාහනේක ඉස්සරහ සීට් එකේ දෙන්නෙක් නැග්ගම ඒ පැත්ත බර වැඩි ගතිය. ඒත් මම වාහනේ අදිනකොටම තේරුණා මොකක් නමුත් අමුත්තක්. ඒ එක්කම මට නිකම් බයක් වගේ දෙයක් දැනුන. මෙච්චර දුරක් 40 ට වගේ අපු මම ඩ්රයිව් කරන්න ගත්ත 100 පන්නල. විනාඩි 5 ක් වගේ එද්දී මේ කෙල්ල කීවා අයියේ මෙතන ඉඩ මදියි මම බිමින් වාඩිවෙන්නම් කියල. ඒ කෙල්ල කමන්තගේ කකුල් දෙක ගාව බිම වාඩි උනා. ටොයෝටා ලයිට් එස් එකේ ඉස්සරහ සීට් එක ගාව බිම වැඩුන මනුස්සයෙකුට වාඩිවෙලා යන්න තරම් ලෙග් ස්පේස් නැහැ. ඒත් මේ කෙල්ල මෙතන වාඩි උනා. කමන්ත එක්ක විස්තර කතා කරා එයාගේ. ඒත් ඒ කිසිම දෙයක් මගේ කනට වැටුනේ නැහැ. මොකද මම හිටියේ ගොඩක් බයවෙලා. මම මාරාන්තික වංගු සියල්ලම 120 ට විතර ආවා . තෙල්දෙණියේ පොලිසිය ලන්වෙනකොට මම කීවා අක්කේ මම ඔයාව තෙල්දෙණියේ පොලිසිය පහුකරලා බස්සන්නම් කියලා. මොකද මේ පරිප්පු නැව අපිට බාන්න උනොත් කියන බයත් මට දැනුන. හරියටම පොලිසිය ඉස්සරහින් රාළහාමි කෙනෙකුත් වාහනේට අත දැම්ම ගෙදර යන්න වෙන්න ඕන. මම එයාට නැවත්තුවෙත් නැහැ. පොලිසිය පහුකරලා මීටර් 100 ක් වගේ ගිහින් මම නැවැත්තුව. මෙයාට බහින්නනම් කමන්ත බහින්න ඕන. ඒත් කමන්ත දොර ඇරපු ගමන් කෙල්ල බැස්ස මල්ලිලට බුදු සරණයි කියලා පාවෙලා වගේ පොලිසිය පැත්තට ගියා. මම side mirror එකෙන් බැලුව. කව්රුත් නෑ. මම ආයේ ගමන පටන් ගත්ත. අයෙත් 100 පැනල යනවා. කමන්තය මට අම්ම මෝ නැතුව බනිනවා කෙල්ල නැගපු වෙලාවේ හිටන් හය්යෙන් ආවා කියලා. මම එක වචනයක්වත් කතා කරේ නෑ. නුවර ලං වෙනකොට තියෙනවා ඔරලෝසු කණුවක් එක්ක junction එකක්. එක පැත්තක් නුවර. අනෙක් පැත්ත මහියංගනය. අනික් පැත්ත හඟුරන්කෙත . එතන තිබුන ඒ කලේ චෙක් පොයින්ට් එකක් අනිවාර්යෙන් නවත්තන්න ඕන. මම උන්නේ කල්පනාවෙන් නෙවෙයි. තව පොඩ්ඩෙන් එතන නවත්තන්නේ නැතුව ඇවිත් වෙඩි කනවා. කොහොම හරි YMB එකට ඇවිත් මම නොකර කතා කමන්තට වාහනේ යතුර දීල උඹ කන්න ඕනෙනම් ගිහින් කාල වරෙන් මම නිදාගන්නවා කියලා කෙලින්ම නිදාගත්තා. කමන්තයත් මට අම්ම මෝ නැතුව සිංහල කියව කියව නිදාගත්තා. කිසිම කතාවක් නැතුව මට උදේ 7 වෙනකම් නින්ද ගියා. උදේ මට ඇහැරුනා ගමන් එහා ඇඳේ නිදාගෙන ඉන්න කමන්තට ඇන්න පයින්. ඇනල මුව ඇහැරවල ඇහුව ඊයේ අපි එක්ක අවේ මනුස්සයෙක්ද අමනුස්සයෙක්ද කියලා. උදේ පාන්දරම කමන්තයගේ ඇස දෙක පැන්න එලියට . කට ඇරගෙන බලන් ඉන්නවා බයවෙලා. අපි මුණ නොහෝදම ගියා තෙල්දෙණියේ පොලිසියට. ගිහින් කිව්වා රිසව් එකේ උන්නු රාළහාමිගෙන් ඊයේ රැ මෙහෙම දෙයක් උනා මොකක්හරි පැමිණිල්ලක් දාලද කියලා. එයා පැමිණිලි පොත බලල කීවා එහෙම දෙයක් නෑ කියලා. ලේ බේරී බේරී වාහනේට නැගල බිම වැඩිවෙලා ආවට එක ලේ බිඳක්වත් වාහනේවත් කමන්තගේ ඇඳුමකවත් තිබුනේ නැ. ඔන්න ඕකයි කතාව. එයින් පස්සේ අපි දෙන්නම හවස 6 න් පස්සේ නුවර මහියංගන පරේනම් ගමන් කරේ නැත. එයින් පසු කවදාකවත් පාරේ අතදපු කිසිම මනුස්සයෙකුට මම වහනේනම් නවත්තන්නේ නැත. එදා බය උනා බයවිල්ල තාමත් එක මතක් කරනකොට පපුවට දැනෙනවා. පස්සේ කලෙක මට ආරංචි උනා ඒ හරියේ එහෙම දෙයක් තියෙනවා කියලා. මේක කියවන නුවර පැත්තේ ඉන්න යාලුවන්ගෙන් මම දැනගන්න කැමතියි මේ පාරේ මෙහෙම දෙයක් ආයේ ආයේ සිද්දවෙනවද කියලා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom