Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මළවුන් ගෙන්වා ශාස්ත්‍ර කියන ස්ථාන මෙකල ඉතා ජනප්‍රිය වී ඇත.

“අනේ, බලාගෙන හිටියා වගේ කීවා. ඒ කටහඩින් ම කීවා. ජීවත්ව ඉන්දැද්දි වගේ ම බෙල්ල වම් පැත්තට ඇල කරගෙන ඉතින් කොහොමද අම්මේ! ලොකු නංගි තවම පිටරට නේද? කියලත් ඇහුවා” යි කියති.

තවත් ස්ථානවල අහන දෙයට පිළිතුරු දෙන්නේ අකුරු ලියා උත්තරය ලිවීමෙනි. මෙවැනි ස්ථානවලට යන බොහෝ දෙනකු නුවණින් කටයුතු නොකිරීම නිසා අමාරුවේ වැටෙන අවස්ථා ද නැතුවා නොවේ.

මෙසේ නිවැරැදිව පිළිතුරු දෙන්නේ කෙසේදැයි නුවණින් විමසා බැලිය යුතු ය.

මෙසේ මළවුන් ගෙන්වා ශාස්ත්‍ර කියන ස්ථානවල අපේ මිය ගිය ඥාතියා පැමිණ පේන කාරියගේ සිරුරට ආවිශ්ට වෙනවද? එසේ අනුන්ගේ සිරුරකට ඇතුළු වීමට අපේ මිය ගිය ඥාතියාට ශක්තිය තිබේද? අවසර තිබේද? මියගිය ඥාතියා දේවාත්මයක සිටී නම් මේ කිළිටි දහදිය දමන සිරුරකට ඇතුළුවේ ද? එසේ නැතහොත් ශාස්ත්රකරුට හෝ පේන කාරියට බැඳී සිටින, උදව් කරන ඔහු ගේ හෝ ඇගේ ඥාති භූතයා තමන්ගේ සන්නිවේදන හැකියාවන්ගෙන් අපේ මිය ගිය ඥාතියා සමඟ සම්බන්ධ වී ඒ තොරතුරු ප්‍රකාශ කරනවා විය හැකි ය.

භූතයන්ගේ ඉක්මන් සන්නිවේදන හැකියාව ප්‍රබල ය. එසේ ම ශාස්ත්‍ර පොළේ භූතයා ශාස්ත්‍ර අහන්නා සමඟ පැමිණ සිටින භූතයන් මගින් හෝ ශාස්ත්‍ර අසන්නාගේ නිවස ආශ්‍රිතව සිටින භූතයන් ගෙන් තොරතුරු ලබා ගෙන නිවැරදි තොරතුරු කියනවා විය හැකි ය.

මළවුන් ගෙන්වා ශාස්ත්‍ර කියන තැන් වල “අකුරු හතරක නමක් නේද? අකුරු පහක නමක් නේදැයි කියනවා මිස මිය ගිය ඥාතියාගේ නම පැහැදිලිව නොකියති.

එසේම භූත ලෑල්ලේ ලියා පිළිතුරු දෙන ස්ථානවල මිය ගිය ඥාතියා ගේ නම, ගම, නෑකම, ශාස්ත්‍රය අහන ඥාතියාගේ නම, නෑකම හා පවුලේ සියලු තොරතුරු නිවැරැදිව ලියා පෙන්වති.

එයින් පසු තමන් ගිය කාරණය පවා ලියා පෙන්වති. ඒ ප්රශ්නය විසඳ්‍ර ගැනීමට දෙන පිළිවෙත්වලින් ප්රශ්නය විසඳේ ද? එතැන ගැටලුවකි.

මගේ මිත්‍රයෙක් තමන් ගේ වාහනය නැති වී එවැනි මළවුන් ගෙන්වන ස්ථානයකට ගියේ ය. පුද පඬුරු තබා තමන්ගේ මිය ගිය බිරිය ගෙන්වූයේ ය.

බිරියගේ නම, ඇය මිය ගිය රෝගය, පවුලේ අයගේ විස්තර, මගේ මිත්‍රයාගේ නම, වාහනය සොරු ගෙන යෑම පිළිබඳ විස්තර නිවැරැදිව ලීවේය.

වාහනය සොයාගත හැකි දැයි ඇසූ විට එම වාහනය ආපසු නොලැබෙන බවත්, දැනට එය සොරුන් විසින් උතුරේ ත්රස්තවාදීන්ට විකුණන ලදුව කෑලි ගලවා වෙන් කොට ඇති බවත් ලියා පෙන්වීය.

එහෙත් ඊට මාස දෙකකට පමණ පසු කොළඹ ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබියදී පොලිසිය විසින් වාහනය සොයාගනු ලැබීය. ශාස්ත්රයේ අග කොටස වැරැදිය.

අපේ ගෙවල්වල පවතින ලෙඩ දුක් කරදර ඒ ගෙවල් ආශ්‍රිතව සිටින භූතයෝ අපට වඩා හොඳින් දනිති.

අප ශාස්ත්‍ර පොළට ගොස් ශාස්ත්රකරුගෙන් මේ අපල උපද්‍රව පිළිබඳ නොකියා අහන විට ශාස්ත්රකරුට ආවිශ්ට වන භූතයා අපේ ගෙවල්වල සිටින භූතයන්ගෙන් අසා පිළිතුරු දෙයි.

ශාස්ත්‍ර පොළේ සිටින භූතයා වඩා බලවත් එකෙක් නම් ඔහු අපේ ගෙවල්වල සිටින භූතයෙක් අල්ලා ගෙන ඇවිත් ඔහු ලවාම කතා කරවයි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ විසි හය හැවිරිදි තරුණ හමුදා සොල්දාදුවෙක් උතුරේ යුද මෙහෙයුමක දී අතුරුදන් විය.

මිය ගිය බව හිතන්නට පවුලේ අයට සිත් දුන්නේ නැත. ඔව්හු බෝධි පූජා පවත්වමින් ඔහුට සෙත් පැතූහ.

කාලය ඉක්ම යෑමත් සමඟ හමුදා සෙබළුන්ගේ මරණ ලැයිස්තුවට ඔහු ගේ නම ද එක් විය. පවුලේ අයට ද ඔහු මැරුණු බව එත්තු ගියේ ය. හමුදාවේ ආධාර උපකාර ලැබුණේ ය. මේ හමුදා භටයාගේ මව සහ පවුලේ කිහිප දෙනෙක් මළවුන් ගෙන්වන ස්ථානයකට ගොස් ශාස්ත්‍රය ඇසූහ.

“අනේ! අම්මේ! අම්මා මා බලන්න ආවාද? අම්මා දුක් වෙන්න එපා අම්මේ මේක මගේ පූර්ව පාප කර්මයක විපාකයක්. ඒ වුණත් රට ජාතිය වෙනුවෙන් ජීවිතය පූජා කිරීම ගැන අම්මා ආඩම්බර වෙන්න.

අම්මලා සාංඝික දාන දී අනුමෝදන් කළ පින් මට ලැබුණා. නංගිටත් රට රස්සාව දැන් කරදරයි නේද අම්මේ. නංගි ආපහු ගෙන්නවා ගන්න. නංගිට දුක් විඳින්න දෙන්න එපා.

පොඩි මල්ලි දැන් මොකද කරන්නේ අම්මේ. එයා විභාගෙන් පේල් වුණා නේද? ඉතින් අම්මේ මම මැරුණේ සතුරාගේ වෙඩි පහරින් නොවෙයි. වෙඩි පහර වැදී මාව වැටුණා.

මා වැටුණු තැනට ඊට පස්සෙ බෝම්බයක් වැටුණා. අන්න ඒ බෝම්බයෙන් තමයි මගේ ශරීරය කෑලි කෑලිවලට විනාශ වුණේ. දැන් ගිය දේ ගියා අම්මේ! මට පින් දෙන්න.

මට පින් ඕනෑ. අපේ හමුදාවෙන් මුදල් ලැබුණානෙ. මගෙ පඩියත් ලැබෙනවානෙ. ඒවයෙන් තව සාංඝික දානයක් දී මට පින් දෙන්න අම්මේ” යි කීවේය.

තම පුතා පැමිණ කතා කිරීමත් නංගිට රට රැකියාවේ තියෙන කරදරත්, මල්ලී විභාගයෙන් අසමත් වීමත් පවා නිවැරැදිව පැවසීම නිසා මෑණියෝ ශාස්ත්‍ර පොළේ දීම හඬා වැළපුණා ය.

මේ ශාස්ත්‍රයෙන් සත්‍ය ප්රකාශවීමත් සමඟ මේ හමුදා භටයා ජීවතුන් අතර නැති බව ඥාතීහු ස්ථිරවම පිළිගත්හ. නැවතත් දානයක් දී පින් අනුමෝදන් කළහ. බස් නැවතුම් පොළක ආවරණයක් ද ඉදි කොට රට දැය වෙනුවෙන් දිවි පිදූ අසවල් හමුදා සෙබළාට පිං පිණිස යැයි ඔහුගේ ඡායාරූපය ද යොදා සකස් කළහ.

ඒ සමඟම මළවුන් ගෙන්වන තැන දී උපදෙස් දුන් පරිදි රට රැකියාවේ යෙදුණු ඔහු ගේ සහෝදරිය ද ආපසු දිවයිනට ගෙන්වා ගත්හ. ඊට අමතරව ආබාධිත සෙබළකුට කෘති‍්‍රම පාදයක් ද පරිත්‍යාග කළහ.

එහෙත් ඊට හය මාසයකට පසු එල්.ටී.ටී.ඊ. අත්අඩංගුවෙන් නිදහස් කළ සෙබළුන් දස දෙනකු අතරින් එක් අයකු ලෙස මේ අවිස්සාවේල්ලේ සෙබළා ද නිදහස් වී ගෙදර ආවේය.

මළවුන් ගෙන්වන ස්ථානවල කි‍්‍රයාත්මක වන ශාස්ත්රකරුගේ ඥාති භූතයා බලවත් කෙනෙක් නම් ශාස්ත්‍ර අහන්නට එන පවුලේ අයගේ සිත් දිහා බලා ඒ තොරතුරු ගැන කියන්නට පුළුවන.

අනුන්ගේ සිත්වල තිබෙන දේ කියන්නට සමහර බලගතු අමනුෂ්‍යයනට හැකියාව ඇත. එය ඒ ආත්ම භාවයේ ස්වභාවික ශක්තියකි.

එසේ ම ශාස්ත්‍ර අහන්නට එන අය “අපි මේ වගේ ගමනක් යනවා” ය කියන විටම ඒ ගෙදර සිටින භූතයෝ ද එම ගමනට එක්වෙති. ශාස්ත්‍ර පොළේ භූතයා ඔවුන් ඇසුරු කිරීමෙන් ද තොරතුරු ලබාගනී.

තමන් ගේ පවුලේ ඥාතියකුට උදව් කිරීමක් වශයෙන් ආදායමක් ලබාදීමට සමහර මිය ගිය ඥාතීහු කටයුතු කරති.

මිය ගිය ඥාතියා තමන් අමනුස්සයෙකු බව කියන්නට කැමැති නැත. මේ අතර ඔහුගෙන් උදව් ලබන ඥාතියා හිතන්නේ මේ දෙවියන් දෙන වරමක් ලෙස ය. ඒ නිසා ම අසවල් දෙවියන් ගේ වරමින්, අසවල් දේව මෑණියන්ගේ වරමින් ශාස්ත්‍ර කියන බව ප්‍රසිද්ධ කරති.

එසේ ම සමහර ඥාති භූතයෝ මෙසේ උදව් කර, ස්වකීය ඥාතියා දන් පින් හි යොදවා පින් අනුමෝදන් වී තම ආත්මභවය දියුණු කැර ගනිති. සමහරු භූත ආත්මයෙන් දියුණු වී දේවාත්ම තත්ත්වයක් ලබා උසස් වී යති.

එවැනි තත්ත්වයකට පත්වූ විට බොරු කියන්නේ ද නැත. ඒ ඥාති භූතයා නික්ම යන විට එතැන ඊළඟට සිටි භූතයෝ ශාස්ත්රකරුගේ සිරුරට රිංගා ගනී. ඊළඟට ඔහු බොරු කියන්නට පටන් ගනී.

දුර්වල භූතයකු ගේ සහයෝගයෙන් ශාස්ත්‍ර කියන විට ශාස්ත්‍ර අහන පුද්ගලයා නගන ප්‍රශ්නවලට භූතයාට උත්තර දී ගන්න බැරිව මග හරින විට පේන කරු ජාම බේරා ගන්න බොරු ගොතා කියන අවස්ථා ද ඇත.

එසේ ම ශාස්ත්‍ර පොළවල කි‍්‍රයාත්මක වන භූතයා ශාස්ත්‍ර අහන්න එන පුද්ගලයන්ගේ ශක්තිය අනුව දිය ගොඩ මස්, කුකුළු බිලි, කුකුළු ලේ, බිත්තර බැදුම්, අමු බිත්තර, පුළුටු සහිත පුද පූජා ඉල්ලයි.

එසේ ලැබුණු විට ඒ භූතයා තමන්ගේ ඇසුරේ සිටින අනිකුත් භූතයන් සමඟ භූත සාද පවත්වයි. ඒ භූතයන්ගේ සිරිතකි.

ඒ නිසා ගුප්ත විද්‍යාවන්ගෙන් ප්‍රයෝජන ගන්නා ශාස්ත්‍ර කියන්නෝ ද ශාස්ත්‍ර අසන්නෝ ද දෙවියන්ගේ හා අමනුස්සයන්ගේ සැබෑ තත්ත්වය යම් තරමකින් වටහා නොගෙන කටයුතු නොකළහොත් එය නිශ්ඵල කි්රයාවක් වෙනවා පමණක් නොව නැති කරදර ඇති කැර ගන්නා වූ විහින් අමාරුවේ වැටීමක් සිදුවෙයි.

[QUOTE="SahanJ123, post: 12402654, member: 396052"] [SIZE=3]මළවුන් ගෙන්වා ශාස්ත්‍ර කියන ස්ථාන මෙකල ඉතා ජනප්‍රිය වී ඇත.[/SIZE] [SIZE=3]“අනේ, බලාගෙන හිටියා වගේ කීවා. ඒ කටහඩින් ම කීවා. ජීවත්ව ඉන්දැද්දි වගේ ම බෙල්ල වම් පැත්තට ඇල කරගෙන ඉතින් කොහොමද අම්මේ! ලොකු නංගි තවම පිටරට නේද? කියලත් ඇහුවා” යි කියති. [/SIZE] [SIZE=3]තවත් ස්ථානවල අහන දෙයට පිළිතුරු දෙන්නේ අකුරු ලියා උත්තරය ලිවීමෙනි. මෙවැනි ස්ථානවලට යන බොහෝ දෙනකු නුවණින් කටයුතු නොකිරීම නිසා අමාරුවේ වැටෙන අවස්ථා ද නැතුවා නොවේ.[/SIZE] [SIZE=3]මෙසේ නිවැරැදිව පිළිතුරු දෙන්නේ කෙසේදැයි නුවණින් විමසා බැලිය යුතු ය.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]මෙසේ මළවුන් ගෙන්වා ශාස්ත්‍ර කියන ස්ථානවල අපේ මිය ගිය ඥාතියා පැමිණ පේන කාරියගේ සිරුරට ආවිශ්ට වෙනවද? එසේ අනුන්ගේ සිරුරකට ඇතුළු වීමට අපේ මිය ගිය ඥාතියාට ශක්තිය තිබේද? අවසර තිබේද? මියගිය ඥාතියා දේවාත්මයක සිටී නම් මේ කිළිටි දහදිය දමන සිරුරකට ඇතුළුවේ ද? එසේ නැතහොත් ශාස්ත්රකරුට හෝ පේන කාරියට බැඳී සිටින, උදව් කරන ඔහු ගේ හෝ ඇගේ ඥාති භූතයා තමන්ගේ සන්නිවේදන හැකියාවන්ගෙන් අපේ මිය ගිය ඥාතියා සමඟ සම්බන්ධ වී ඒ තොරතුරු ප්‍රකාශ කරනවා විය හැකි ය.[/SIZE] [SIZE=3]භූතයන්ගේ ඉක්මන් සන්නිවේදන හැකියාව ප්‍රබල ය. එසේ ම ශාස්ත්‍ර පොළේ භූතයා ශාස්ත්‍ර අහන්නා සමඟ පැමිණ සිටින භූතයන් මගින් හෝ ශාස්ත්‍ර අසන්නාගේ නිවස ආශ්‍රිතව සිටින භූතයන් ගෙන් තොරතුරු ලබා ගෙන නිවැරදි තොරතුරු කියනවා විය හැකි ය.[/SIZE] [SIZE=3]මළවුන් ගෙන්වා ශාස්ත්‍ර කියන තැන් වල “අකුරු හතරක නමක් නේද? අකුරු පහක නමක් නේදැයි කියනවා මිස මිය ගිය ඥාතියාගේ නම පැහැදිලිව නොකියති.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]එසේම භූත ලෑල්ලේ ලියා පිළිතුරු දෙන ස්ථානවල මිය ගිය ඥාතියා ගේ නම, ගම, නෑකම, ශාස්ත්‍රය අහන ඥාතියාගේ නම, නෑකම හා පවුලේ සියලු තොරතුරු නිවැරැදිව ලියා පෙන්වති.[/SIZE] [SIZE=3]එයින් පසු තමන් ගිය කාරණය පවා ලියා පෙන්වති. ඒ ප්රශ්නය විසඳ්‍ර ගැනීමට දෙන පිළිවෙත්වලින් ප්රශ්නය විසඳේ ද? එතැන ගැටලුවකි.[/SIZE] [SIZE=3]මගේ මිත්‍රයෙක් තමන් ගේ වාහනය නැති වී එවැනි මළවුන් ගෙන්වන ස්ථානයකට ගියේ ය. පුද පඬුරු තබා තමන්ගේ මිය ගිය බිරිය ගෙන්වූයේ ය.[/SIZE] [SIZE=3]බිරියගේ නම, ඇය මිය ගිය රෝගය, පවුලේ අයගේ විස්තර, මගේ මිත්‍රයාගේ නම, වාහනය සොරු ගෙන යෑම පිළිබඳ විස්තර නිවැරැදිව ලීවේය.[/SIZE] [SIZE=3]වාහනය සොයාගත හැකි දැයි ඇසූ විට එම වාහනය ආපසු නොලැබෙන බවත්, දැනට එය සොරුන් විසින් උතුරේ ත්රස්තවාදීන්ට විකුණන ලදුව කෑලි ගලවා වෙන් කොට ඇති බවත් ලියා පෙන්වීය.[/SIZE] [SIZE=3]එහෙත් ඊට මාස දෙකකට පමණ පසු කොළඹ ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබියදී පොලිසිය විසින් වාහනය සොයාගනු ලැබීය. ශාස්ත්රයේ අග කොටස වැරැදිය.[/SIZE] [SIZE=3]අපේ ගෙවල්වල පවතින ලෙඩ දුක් කරදර ඒ ගෙවල් ආශ්‍රිතව සිටින භූතයෝ අපට වඩා හොඳින් දනිති.[/SIZE] [SIZE=3]අප ශාස්ත්‍ර පොළට ගොස් ශාස්ත්රකරුගෙන් මේ අපල උපද්‍රව පිළිබඳ නොකියා අහන විට ශාස්ත්රකරුට ආවිශ්ට වන භූතයා අපේ ගෙවල්වල සිටින භූතයන්ගෙන් අසා පිළිතුරු දෙයි.[/SIZE] [SIZE=3]ශාස්ත්‍ර පොළේ සිටින භූතයා වඩා බලවත් එකෙක් නම් ඔහු අපේ ගෙවල්වල සිටින භූතයෙක් අල්ලා ගෙන ඇවිත් ඔහු ලවාම කතා කරවයි.[/SIZE] [SIZE=3]අවිස්සාවේල්ල ප්‍රදේශයේ විසි හය හැවිරිදි තරුණ හමුදා සොල්දාදුවෙක් උතුරේ යුද මෙහෙයුමක දී අතුරුදන් විය.[/SIZE] [SIZE=3]මිය ගිය බව හිතන්නට පවුලේ අයට සිත් දුන්නේ නැත. ඔව්හු බෝධි පූජා පවත්වමින් ඔහුට සෙත් පැතූහ.[/SIZE] [SIZE=3]කාලය ඉක්ම යෑමත් සමඟ හමුදා සෙබළුන්ගේ මරණ ලැයිස්තුවට ඔහු ගේ නම ද එක් විය. පවුලේ අයට ද ඔහු මැරුණු බව එත්තු ගියේ ය. හමුදාවේ ආධාර උපකාර ලැබුණේ ය. මේ හමුදා භටයාගේ මව සහ පවුලේ කිහිප දෙනෙක් මළවුන් ගෙන්වන ස්ථානයකට ගොස් ශාස්ත්‍රය ඇසූහ.[/SIZE] [SIZE=3]“අනේ! අම්මේ! අම්මා මා බලන්න ආවාද? අම්මා දුක් වෙන්න එපා අම්මේ මේක මගේ පූර්ව පාප කර්මයක විපාකයක්. ඒ වුණත් රට ජාතිය වෙනුවෙන් ජීවිතය පූජා කිරීම ගැන අම්මා ආඩම්බර වෙන්න.[/SIZE] [SIZE=3]අම්මලා සාංඝික දාන දී අනුමෝදන් කළ පින් මට ලැබුණා. නංගිටත් රට රස්සාව දැන් කරදරයි නේද අම්මේ. නංගි ආපහු ගෙන්නවා ගන්න. නංගිට දුක් විඳින්න දෙන්න එපා.[/SIZE] [SIZE=3]පොඩි මල්ලි දැන් මොකද කරන්නේ අම්මේ. එයා විභාගෙන් පේල් වුණා නේද? ඉතින් අම්මේ මම මැරුණේ සතුරාගේ වෙඩි පහරින් නොවෙයි. වෙඩි පහර වැදී මාව වැටුණා.[/SIZE] [SIZE=3]මා වැටුණු තැනට ඊට පස්සෙ බෝම්බයක් වැටුණා. අන්න ඒ බෝම්බයෙන් තමයි මගේ ශරීරය කෑලි කෑලිවලට විනාශ වුණේ. දැන් ගිය දේ ගියා අම්මේ! මට පින් දෙන්න.[/SIZE] [SIZE=3]මට පින් ඕනෑ. අපේ හමුදාවෙන් මුදල් ලැබුණානෙ. මගෙ පඩියත් ලැබෙනවානෙ. ඒවයෙන් තව සාංඝික දානයක් දී මට පින් දෙන්න අම්මේ” යි කීවේය.[/SIZE] [SIZE=3]තම පුතා පැමිණ කතා කිරීමත් නංගිට රට රැකියාවේ තියෙන කරදරත්, මල්ලී විභාගයෙන් අසමත් වීමත් පවා නිවැරැදිව පැවසීම නිසා මෑණියෝ ශාස්ත්‍ර පොළේ දීම හඬා වැළපුණා ය.[/SIZE] [SIZE=3]මේ ශාස්ත්‍රයෙන් සත්‍ය ප්රකාශවීමත් සමඟ මේ හමුදා භටයා ජීවතුන් අතර නැති බව ඥාතීහු ස්ථිරවම පිළිගත්හ. නැවතත් දානයක් දී පින් අනුමෝදන් කළහ. බස් නැවතුම් පොළක ආවරණයක් ද ඉදි කොට රට දැය වෙනුවෙන් දිවි පිදූ අසවල් හමුදා සෙබළාට පිං පිණිස යැයි ඔහුගේ ඡායාරූපය ද යොදා සකස් කළහ.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]ඒ සමඟම මළවුන් ගෙන්වන තැන දී උපදෙස් දුන් පරිදි රට රැකියාවේ යෙදුණු ඔහු ගේ සහෝදරිය ද ආපසු දිවයිනට ගෙන්වා ගත්හ. ඊට අමතරව ආබාධිත සෙබළකුට කෘති‍්‍රම පාදයක් ද පරිත්‍යාග කළහ.[/SIZE] [SIZE=3]එහෙත් ඊට හය මාසයකට පසු එල්.ටී.ටී.ඊ. අත්අඩංගුවෙන් නිදහස් කළ සෙබළුන් දස දෙනකු අතරින් එක් අයකු ලෙස මේ අවිස්සාවේල්ලේ සෙබළා ද නිදහස් වී ගෙදර ආවේය.[/SIZE] [SIZE=3]මළවුන් ගෙන්වන ස්ථානවල කි‍්‍රයාත්මක වන ශාස්ත්රකරුගේ ඥාති භූතයා බලවත් කෙනෙක් නම් ශාස්ත්‍ර අහන්නට එන පවුලේ අයගේ සිත් දිහා බලා ඒ තොරතුරු ගැන කියන්නට පුළුවන.[/SIZE] [SIZE=3]අනුන්ගේ සිත්වල තිබෙන දේ කියන්නට සමහර බලගතු අමනුෂ්‍යයනට හැකියාව ඇත. එය ඒ ආත්ම භාවයේ ස්වභාවික ශක්තියකි.[/SIZE] [SIZE=3]එසේ ම ශාස්ත්‍ර අහන්නට එන අය “අපි මේ වගේ ගමනක් යනවා” ය කියන විටම ඒ ගෙදර සිටින භූතයෝ ද එම ගමනට එක්වෙති. ශාස්ත්‍ර පොළේ භූතයා ඔවුන් ඇසුරු කිරීමෙන් ද තොරතුරු ලබාගනී.[/SIZE] [SIZE=3]තමන් ගේ පවුලේ ඥාතියකුට උදව් කිරීමක් වශයෙන් ආදායමක් ලබාදීමට සමහර මිය ගිය ඥාතීහු කටයුතු කරති.[/SIZE] [SIZE=3]මිය ගිය ඥාතියා තමන් අමනුස්සයෙකු බව කියන්නට කැමැති නැත. මේ අතර ඔහුගෙන් උදව් ලබන ඥාතියා හිතන්නේ මේ දෙවියන් දෙන වරමක් ලෙස ය. ඒ නිසා ම අසවල් දෙවියන් ගේ වරමින්, අසවල් දේව මෑණියන්ගේ වරමින් ශාස්ත්‍ර කියන බව ප්‍රසිද්ධ කරති.[/SIZE] [SIZE=3]එසේ ම සමහර ඥාති භූතයෝ මෙසේ උදව් කර, ස්වකීය ඥාතියා දන් පින් හි යොදවා පින් අනුමෝදන් වී තම ආත්මභවය දියුණු කැර ගනිති. සමහරු භූත ආත්මයෙන් දියුණු වී දේවාත්ම තත්ත්වයක් ලබා උසස් වී යති.[/SIZE] [SIZE=3]එවැනි තත්ත්වයකට පත්වූ විට බොරු කියන්නේ ද නැත. ඒ ඥාති භූතයා නික්ම යන විට එතැන ඊළඟට සිටි භූතයෝ ශාස්ත්රකරුගේ සිරුරට රිංගා ගනී. ඊළඟට ඔහු බොරු කියන්නට පටන් ගනී.[/SIZE] [SIZE=3]දුර්වල භූතයකු ගේ සහයෝගයෙන් ශාස්ත්‍ර කියන විට ශාස්ත්‍ර අහන පුද්ගලයා නගන ප්‍රශ්නවලට භූතයාට උත්තර දී ගන්න බැරිව මග හරින විට පේන කරු ජාම බේරා ගන්න බොරු ගොතා කියන අවස්ථා ද ඇත.[/SIZE] [SIZE=3]එසේ ම ශාස්ත්‍ර පොළවල කි‍්‍රයාත්මක වන භූතයා ශාස්ත්‍ර අහන්න එන පුද්ගලයන්ගේ ශක්තිය අනුව දිය ගොඩ මස්, කුකුළු බිලි, කුකුළු ලේ, බිත්තර බැදුම්, අමු බිත්තර, පුළුටු සහිත පුද පූජා ඉල්ලයි.[/SIZE] [SIZE=3]එසේ ලැබුණු විට ඒ භූතයා තමන්ගේ ඇසුරේ සිටින අනිකුත් භූතයන් සමඟ භූත සාද පවත්වයි. ඒ භූතයන්ගේ සිරිතකි.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]ඒ නිසා ගුප්ත විද්‍යාවන්ගෙන් ප්‍රයෝජන ගන්නා ශාස්ත්‍ර කියන්නෝ ද ශාස්ත්‍ර අසන්නෝ ද දෙවියන්ගේ හා අමනුස්සයන්ගේ සැබෑ තත්ත්වය යම් තරමකින් වටහා නොගෙන කටයුතු නොකළහොත් එය නිශ්ඵල කි්රයාවක් වෙනවා පමණක් නොව නැති කරදර ඇති කැර ගන්නා වූ විහින් අමාරුවේ වැටීමක් සිදුවෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom