Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"අකිල රන්දුනු බණ්ඩාර" යන නාමය පැවසූ සැනින් ඔහු පිලිබඳ ලංකාවේ නොදන්නා අයෙක් නොමැති තරම්ය. ඒ තරමටම අකිල වෘත්තියෙන් ලංකාවේ ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙකි. අකිල විසින් නුගේගොඩ ප්‍රදේශයේ ස්ටූඩියෝවක්ද පවත්වාගෙන ගියා. අකිලගේ සහායකයා ලෙස කටයුතු කලේ ඔහුගේ පාසල් කාලයේ සිටම හොඳම මිතුරා වු චමීර විසිනුයි.

දිනය, 2015 අගෝස්තු 31 වැනිදා , වෙලාව ,රාත්‍රි 10.45 යි. අකිල හා චමීර ලංකාවේ සුප්‍රසිද්ධ රංගන ශිල්පියකුගේ විවාහ උත්සවයක් ඡායාරූප ගත කිරීමට ගොස් මෝටර් රථයෙන් නැවත ආපසු එමින් සිටියා. දෙදෙනාම තරමක් මධුවිත පානය කර සිටි බැවින් මහා මාර්ගයේ ගමන් නොකොට, තරමක් ජනශූන්‍ය කැලෑබද කෙටි මාර්ගයක ගමන් කලා. එදින තද වැසි දිනයක්. අකිල තරමක් වේගයෙන් වාහනය ධාවනය කලා. තද වැස්ස නිසාත්, තම මිතුරා තරමක් බීමත්ව සිටීම නිසාත් වාහනය වේගයෙන් ධාවනය කිරීම පිලිබඳ චමීර තරමක් බිය විය.

"අකිල..හෙමින් පලයං බං...."

චමීරට එය කියා නිම කිරීමටවත් ඉඩක් ලැබුනේ නෑ. ධාරානිපාත වර්ෂාව නිසා ඈතින් තරුණියක් පාර මාරු වෙමින් සිටි අකිලට හරි හැටි පෙනුණේ නෑ. අකිලගේ වාහනයේ අධි බලැති ලාම්පු එලිය මුහුණට වැදීම නිසා දෑස් නිලංකාර වී ඇයට පාර මාරු වීමට අපහසු වීමෙන් පාර මැද නතර වුනා. නමුත් තමා වෙත වේගයෙන් පැමිණෙන වාහනයේ වේගය අඩු වන බවක්නම් ඇය දුටුවේ නෑ.

"මචං මචං කෙල්ලෙක්....ඉක්මනට බ්රේක් කරපං!!"

අකිල ක්ෂණිකව තිරිංග යෙදුවද ඒ වන විටත් සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරයි. අහිංසක තරුණිය ද යටකරමින් වේගයෙන් ගමන්ගත් වාහනය මීටර් 50ක් පමණ ඈතට ඇදී ගොස් නතර උනා. අකිලත් චමීරත් දෙදෙනාම සිදු වූ දෙය සිතාගත නොහැකිව මඳ වේලාවකට කම්පනය පත් වූවා. ක්ෂණිකව පියවි සිහියට පත් ඔවුන් දෙදෙනාම කඩිනමින් වාහනයෙන් බැස තරුණිය වැටී සිටි තැනට දිව ගියා. ඇය බොහෝ අසීරුවෙන් හුස්ම ගනිමින් පණ අදිමින් සිටියා. හිස බොහෝ සෙයින් තුවාල වී රුධිරය ගලමින් තිබූ අතර දකුණු කකුලට බරපතළ ලෙස හානි වී තිබුනා. නමුත් දෙදෙනාගෙන් එක් අයෙකුටවත් ඇයව රෝහලට ගෙනයාමට හෝ උවමනාවක් තිබුනේ නෑ. ඔවුන් දෙදෙනාටම අවශ්‍ය වුනේ හැකි ඉක්මනින් එතනින් පලා යාමටයි. අහිංසක යුවතියගේ පන ගැහෙද්දී ඔවුන් දෙදෙනා එතැනින් ඉවත්ව යාමට සැරසුනා. තරුණිය ඉතා දුබල ලෙස තම අත දිගු කොට "අනේ මාව බේරගන්න" යැයි සිහින් කෙඳිරිලි හඬින් ආයාචනා කලද, එය නෑසුන ලෙස, වාහනය පන ගන්වා ගත් ඔවුන් දෙදෙනා අඳුරේම පලා ගියා..

පසුදා උදෑසන මියගොස් සිටි තරුණියගේ මල සිරුර ප්‍රදේශ වාසීන් විසින් සොයාගෙන තිබුනා. ඇය නමින් කුමුදිනී සඳලතා නම් 21 හැවිරිදි තරුණියක්. ඇය ඇඟලුම් සේවිකාවක ලෙස සේවය කල තැනැත්තියක්. පොලීසිය විසින් විවිධ මානයන් ඔස්සේ කාලාන්තරයක් තිස්සේ පරීක්ෂණ සිදු කලද වැරදි කරුවන් පිලිබඳ කිසිඳු හෝඩුවාවක් සොයාගැනීමට හැකි වූයේ නෑ. එබැවින් මේ සිදුවීම තවත් එක් අභිරහසක් ලෙස පොලිස් පොතට එක් වුනා..

දින සති මාස ලෙස කෙමෙන් කෙමෙන් කාලය වසරක් පමණ ගෙවී ගියා. අකිලත් චමීරත් දෙදෙනා සුපුරුදු පරිදි සැහැල්ලුවෙන් දිවි ගෙවමින් සිටියා.

දිනක් චමීර තම පරිගණකයෙන් සමූහ ජායාරූපයක් සකස් කරමින් සිටින විට එක්වරම ඡායාරූපයේ සිටි පිරිස අතර අමුතු ඡායාවක් ඇති බව දැක පුදුමයට පත් වුනා. පෙනුමෙන් එය එක් කකුලක් නොමැති කාන්තා රූපය ආකාරයට අපැහැදිලිව සටහන්ව තිබුනා. චමීර මේ බව අකිලටද පෙන්වූ විට ඔහුද පුදුමයට පත් වුනා. ඡායාරූපය ගන්නා අවස්ථාවේ වෙනත් අයෙක් එතන නොසිටි බව ඔහුට හොඳින් මතක තිබුනා. නමුත් පසුව, එය ඡායාරූපය ගැනීමේදී ඇතිවුණු දෝෂයක් ලෙස සලකා එම ඡායාව නොපෙනෙන පරිදි සකස් කරන ලෙස අකිල චමීරට උපදෙස් දුන්නා.....

එක්තරා සති අන්තයේ දිනෙක අකිල තම නිවසේ සිට ඡායාරූප පෙලක් පරීක්ෂා කරමින් සිටියා. එක්වරම එක් පින්තූරයක කුමක් හෝ අත්භූත යමක් ඇති බව ඔහුට වැටහුණා. නැවත පින්තූර පෙල පරීක්ෂා කරන විට, කාන්තාවන් දෙදෙනෙකු අතර පහලින් පැහැදිලි ලෙස සටහන්ව තිබූ කාන්තා පාදයක රූපයක් දක්නට ලැබුනා. නමුත් පින්තූරයේ සිටි කාන්තාවන් දෙදෙනාට පිටුපසින් කිසිවක් සිටින බවට සලකුණක් තිබුනේ නෑ. මේ දුටු දෙයින් ඔහුගේ සිත කැලඹිමට පත් වුනා. තවත් ඡායාරූප පරික්ෂා කරන විට ඔහුට තවත් ඡායාරූපයක තමන් දෙස බලා සිටින, පාදයක් නැති අත්භූත කාන්තා රුවක් සටහන්ව ඇති අයුරු ඔහුට දක්නට ලැබුනා. එක් වරම ඔහුගේ හිස තුල අකුණක් කෙටුවාක් මෙන් මීට වසරකට පමණ පෙර තම වාහනයට යට වී මියගිය තරුණිය පිලිබඳ මතකයට ආවා. ඔහුගේ සියොළඟ දහඩියෙන් තෙමී ගොස් කටෙහිද කෙල සිඳී ගියා. කුමක් හෝ අදෘශ්‍යමාන බලවේගයක් තමා දෙස බලා සිටින්නාක් වැනි හැඟීමක් ඔහුට ඇතිවුණා........

අකිලත් ,චමීරත් ප්‍රියසම්භාෂණයට සහභාගි වී නැවත එනවිට පාන්දර 2 පසුවී තිබුනා. අකිල චමීරව නිවසට ඇරලවා තම නිවෙස බලා යමින් සිටියා. වැඩි දුරක් යාමට මත්තෙන් අකිලට දුරකථන ඇමතුමක් ලැබුනා. ඇමතුම ආවේ චමීරගෙනුයි.

"ඇයි මචං හදිස්සියෙම?"

නමුත් අනෙක් පසින් ලැබුනේ ඔහු සිහිනෙන්වත් ප්‍රාර්ථනා නොකල පිලිතුරකි.

"අකිල...අකිල,,මාව බේරගනින්!!...අරකි මාව මරන්න එනවා...."

"මචං...ඇයි මේ?..කවුද උඹව මරන්න එන්නෙ?"

"අර කෙල්ල...එදා අපි අතින්........................."

ඒ සමගම දුරකථනය විසන්ධි වුනා. අවසානයට අකිලට ඇසුනේ මේ වචන පෙල පමනයි. කඩිනමින් වාහනය හරවා ගත් අකිල චමීරගේ නිවෙස බලා වාහනය ධාවනය කලා. නමුත් ඔහු එහි යන විටත් ප්‍රමාද වැඩියි. ඔහු දුටු දෙයින් ඔහුගේ දෙපා අප්‍රාණික වී මුළු ඇඟම හිරි වැටී ගියා. ඔහුට දක්නට ලැබුනේ ගෙල සම්පූර්ණයෙන් පිටුපසට අඹරා මරා දමා තිබු තම මිතුරාගේ නිසල සිරුරයි.

තම මිතුරාගේ මරනයෙන් පසු අකිල කාලය ගත කලේ බොහෝ කම්පනයෙන් සහ බියෙනි. කාලයක් තිස්සේ සිදුවූ අත්භූත ක්‍රියාවන් හා සම්බන්ධව ගත් කල, චමීරව මරා දැමුවේ අන් කිසිවෙක් නොව, එදා තමන් අතින් මියගිය තරුණියගේ අවතාරය බව ඔහුට පසක් විය. එමෙන්ම මේ අඳුරු ආත්මයේ මීලඟ ඉලක්කය තමන් බවත් ඔහුට තේරුම් ගියා.

ඇඳේ දිගා වී කල්පනාවේ ගිලි සිටි අකිලට එකවරම තමා අසලින් ශබ්දයක් ඇසුනා. කුමක්දැයි කියා හිස ඔසවා බැලූ අකිල තමා දුටු දර්ශනයෙන් මුළු සිරුරම භීතියෙන් හිරිවැටී ගියා. කුමක්ද ඔහු දුටුවේ?......කළු කෙස් වැටිය මුහුණ වැසෙන සේ දමා ගත් තරුණියක් අකිල සිටි ඇඳ දෙසට බිම දිගේ බඩගාගෙන එමින් සිටියා. ඇගේ හිස බරපතළ ලෙස තුවාල වී තිබු අතර දකුනු කකුලේ දණහිසෙන් පහල කොටස තිබුනේ නෑ. තිබුනේ රුධිරය වෑහෙන මස් වැදැල්ලක් පමණි. එම තුවාල වලින් ගැලූ රුධිරය කාමරයේ ගෙබිම පුරාම ගලා ගියා. අකිල ඇඳෙන් නැගිට දුවන්න උත්සාහ කලද ඔහුගේ අත පය සෙලවීමටවත් නොහැකි වන සේ අප්‍රාණික වී තිබුනා. වෙරයොදා කෑගැසීමට උත්සාහ කලද හඬ පිටවූයේ නෑ. කෙමෙන් කෙමෙන් ඇය තමා වෙත ලං වන බවත් මුළු කාමරයම මූසල අඳුරකින් වෙලී යන්නාක් මෙන් ඔහුට පෙනුනා. කෙසේ හෝ ඔහු වෙර යොදා කෑගැසීමට උත්සහ කරනවාත් සමගම ඔහු පියවි සිහියට පැමිණියා, තමා මෙතෙක් වෙලා දුටුවේ භයානක සිහිනයක් බව ඔහුට තේරුම් ගියා. කෙසේ නමුත් කෙදිනක හෝ තමාටද අත් වන්නේ චමීරට අත් වූ භයානක ඉරනම බව අකිලට හොඳහැටි පැහැදිලි උනා. එමෙන්ම මේ භයානක ආත්මයෙන් තමාට මියෙනතුරුම ගැලවීමක් නොමැති බවද ඔහුට පසක් වුනා. මේ අඳුරු ආත්මය තමා වටා සැරිසරන බව ඔහුට හැඟි ගියා. තම කැමරාව අතට ගත් අකිල කාමරයේ ඡායාරූප කිහිපයක් ගත්තා. නමුත් තරුණියගේ අවතාරය එම ඡායාරූප වල සටහන්ව තිබුනේ නෑ. උත්සාහය ව්‍යර්ථ වු නිසා කෝපයට පත් අකිල කැමරාව ඇඳ මතට විසිකර දැමුවා. එක්වරම අහම්බෙන් මෙන් කැමරාවේ shutter එක අකිල දෙසට ක්‍රියාත්මක වුනා. දැඩි චකිතයෙන් යුතුව කැමරාව අතට ගෙන බැලු අකිලට දක්නට ලැබුනේ සිහිනෙන්වත් විශ්වාස කල නොහැකි අන්දමේ භයානක දසුනක්. ඔහුට දක්නට ලැබුනේ මියගිය තරුණියගේ අවතාරය වියරු සිනා නගමින් තම දෙවුර මත නැග සිටින ආකාරයයි.

පසු දින උදෑසන පොලිසියට ලැබුනු දුරකතන ඇමතුමකින් කියවුනේ ලංකාවේ ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියකු වන අකිල රන්දුනු බණ්ඩාර මහතා තම නිවසේදි ගෙල වැල ලාගෙන මියගොස් ඇති බවයි.

~නිමි~

[QUOTE="miyuru4, post: 21614000, member: 276825"] [SIZE="5"][CENTER]"අකිල රන්දුනු බණ්ඩාර" යන නාමය පැවසූ සැනින් ඔහු පිලිබඳ ලංකාවේ නොදන්නා අයෙක් නොමැති තරම්ය. ඒ තරමටම අකිල වෘත්තියෙන් ලංකාවේ ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙකි. අකිල විසින් නුගේගොඩ ප්‍රදේශයේ ස්ටූඩියෝවක්ද පවත්වාගෙන ගියා. අකිලගේ සහායකයා ලෙස කටයුතු කලේ ඔහුගේ පාසල් කාලයේ සිටම හොඳම මිතුරා වු චමීර විසිනුයි. දිනය, 2015 අගෝස්තු 31 වැනිදා , වෙලාව ,රාත්‍රි 10.45 යි. අකිල හා චමීර ලංකාවේ සුප්‍රසිද්ධ රංගන ශිල්පියකුගේ විවාහ උත්සවයක් ඡායාරූප ගත කිරීමට ගොස් මෝටර් රථයෙන් නැවත ආපසු එමින් සිටියා. දෙදෙනාම තරමක් මධුවිත පානය කර සිටි බැවින් මහා මාර්ගයේ ගමන් නොකොට, තරමක් ජනශූන්‍ය කැලෑබද කෙටි මාර්ගයක ගමන් කලා. එදින තද වැසි දිනයක්. අකිල තරමක් වේගයෙන් වාහනය ධාවනය කලා. තද වැස්ස නිසාත්, තම මිතුරා තරමක් බීමත්ව සිටීම නිසාත් වාහනය වේගයෙන් ධාවනය කිරීම පිලිබඳ චමීර තරමක් බිය විය. "අකිල..හෙමින් පලයං බං...." චමීරට එය කියා නිම කිරීමටවත් ඉඩක් ලැබුනේ නෑ. ධාරානිපාත වර්ෂාව නිසා ඈතින් තරුණියක් පාර මාරු වෙමින් සිටි අකිලට හරි හැටි පෙනුණේ නෑ. අකිලගේ වාහනයේ අධි බලැති ලාම්පු එලිය මුහුණට වැදීම නිසා දෑස් නිලංකාර වී ඇයට පාර මාරු වීමට අපහසු වීමෙන් පාර මැද නතර වුනා. නමුත් තමා වෙත වේගයෙන් පැමිණෙන වාහනයේ වේගය අඩු වන බවක්නම් ඇය දුටුවේ නෑ. "මචං මචං කෙල්ලෙක්....ඉක්මනට බ්රේක් කරපං!!" අකිල ක්ෂණිකව තිරිංග යෙදුවද ඒ වන විටත් සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරයි. අහිංසක තරුණිය ද යටකරමින් වේගයෙන් ගමන්ගත් වාහනය මීටර් 50ක් පමණ ඈතට ඇදී ගොස් නතර උනා. අකිලත් චමීරත් දෙදෙනාම සිදු වූ දෙය සිතාගත නොහැකිව මඳ වේලාවකට කම්පනය පත් වූවා. ක්ෂණිකව පියවි සිහියට පත් ඔවුන් දෙදෙනාම කඩිනමින් වාහනයෙන් බැස තරුණිය වැටී සිටි තැනට දිව ගියා. ඇය බොහෝ අසීරුවෙන් හුස්ම ගනිමින් පණ අදිමින් සිටියා. හිස බොහෝ සෙයින් තුවාල වී රුධිරය ගලමින් තිබූ අතර දකුණු කකුලට බරපතළ ලෙස හානි වී තිබුනා. නමුත් දෙදෙනාගෙන් එක් අයෙකුටවත් ඇයව රෝහලට ගෙනයාමට හෝ උවමනාවක් තිබුනේ නෑ. ඔවුන් දෙදෙනාටම අවශ්‍ය වුනේ හැකි ඉක්මනින් එතනින් පලා යාමටයි. අහිංසක යුවතියගේ පන ගැහෙද්දී ඔවුන් දෙදෙනා එතැනින් ඉවත්ව යාමට සැරසුනා. තරුණිය ඉතා දුබල ලෙස තම අත දිගු කොට "අනේ මාව බේරගන්න" යැයි සිහින් කෙඳිරිලි හඬින් ආයාචනා කලද, එය නෑසුන ලෙස, වාහනය පන ගන්වා ගත් ඔවුන් දෙදෙනා අඳුරේම පලා ගියා.. ---------------------------------------------------------------- පසුදා උදෑසන මියගොස් සිටි තරුණියගේ මල සිරුර ප්‍රදේශ වාසීන් විසින් සොයාගෙන තිබුනා. ඇය නමින් කුමුදිනී සඳලතා නම් 21 හැවිරිදි තරුණියක්. ඇය ඇඟලුම් සේවිකාවක ලෙස සේවය කල තැනැත්තියක්. පොලීසිය විසින් විවිධ මානයන් ඔස්සේ කාලාන්තරයක් තිස්සේ පරීක්ෂණ සිදු කලද වැරදි කරුවන් පිලිබඳ කිසිඳු හෝඩුවාවක් සොයාගැනීමට හැකි වූයේ නෑ. එබැවින් මේ සිදුවීම තවත් එක් අභිරහසක් ලෙස පොලිස් පොතට එක් වුනා.. ---------------------------------------------------------------- දින සති මාස ලෙස කෙමෙන් කෙමෙන් කාලය වසරක් පමණ ගෙවී ගියා. අකිලත් චමීරත් දෙදෙනා සුපුරුදු පරිදි සැහැල්ලුවෙන් දිවි ගෙවමින් සිටියා. දිනක් චමීර තම පරිගණකයෙන් සමූහ ජායාරූපයක් සකස් කරමින් සිටින විට එක්වරම ඡායාරූපයේ සිටි පිරිස අතර අමුතු ඡායාවක් ඇති බව දැක පුදුමයට පත් වුනා. පෙනුමෙන් එය එක් කකුලක් නොමැති කාන්තා රූපය ආකාරයට අපැහැදිලිව සටහන්ව තිබුනා. චමීර මේ බව අකිලටද පෙන්වූ විට ඔහුද පුදුමයට පත් වුනා. ඡායාරූපය ගන්නා අවස්ථාවේ වෙනත් අයෙක් එතන නොසිටි බව ඔහුට හොඳින් මතක තිබුනා. නමුත් පසුව, එය ඡායාරූපය ගැනීමේදී ඇතිවුණු දෝෂයක් ලෙස සලකා එම ඡායාව නොපෙනෙන පරිදි සකස් කරන ලෙස අකිල චමීරට උපදෙස් දුන්නා..... ---------------------------------------------------------------- එක්තරා සති අන්තයේ දිනෙක අකිල තම නිවසේ සිට ඡායාරූප පෙලක් පරීක්ෂා කරමින් සිටියා. එක්වරම එක් පින්තූරයක කුමක් හෝ අත්භූත යමක් ඇති බව ඔහුට වැටහුණා. නැවත පින්තූර පෙල පරීක්ෂා කරන විට, කාන්තාවන් දෙදෙනෙකු අතර පහලින් පැහැදිලි ලෙස සටහන්ව තිබූ කාන්තා පාදයක රූපයක් දක්නට ලැබුනා. නමුත් පින්තූරයේ සිටි කාන්තාවන් දෙදෙනාට පිටුපසින් කිසිවක් සිටින බවට සලකුණක් තිබුනේ නෑ. මේ දුටු දෙයින් ඔහුගේ සිත කැලඹිමට පත් වුනා. තවත් ඡායාරූප පරික්ෂා කරන විට ඔහුට තවත් ඡායාරූපයක තමන් දෙස බලා සිටින, පාදයක් නැති අත්භූත කාන්තා රුවක් සටහන්ව ඇති අයුරු ඔහුට දක්නට ලැබුනා. එක් වරම ඔහුගේ හිස තුල අකුණක් කෙටුවාක් මෙන් මීට වසරකට පමණ පෙර තම වාහනයට යට වී මියගිය තරුණිය පිලිබඳ මතකයට ආවා. ඔහුගේ සියොළඟ දහඩියෙන් තෙමී ගොස් කටෙහිද කෙල සිඳී ගියා. කුමක් හෝ අදෘශ්‍යමාන බලවේගයක් තමා දෙස බලා සිටින්නාක් වැනි හැඟීමක් ඔහුට ඇතිවුණා........ --------------------------------------------------------------- අකිලත් ,චමීරත් ප්‍රියසම්භාෂණයට සහභාගි වී නැවත එනවිට පාන්දර 2 පසුවී තිබුනා. අකිල චමීරව නිවසට ඇරලවා තම නිවෙස බලා යමින් සිටියා. වැඩි දුරක් යාමට මත්තෙන් අකිලට දුරකථන ඇමතුමක් ලැබුනා. ඇමතුම ආවේ චමීරගෙනුයි. "ඇයි මචං හදිස්සියෙම?" නමුත් අනෙක් පසින් ලැබුනේ ඔහු සිහිනෙන්වත් ප්‍රාර්ථනා නොකල පිලිතුරකි. "අකිල...අකිල,,මාව බේරගනින්!!...අරකි මාව මරන්න එනවා...." "මචං...ඇයි මේ?..කවුද උඹව මරන්න එන්නෙ?" "අර කෙල්ල...එදා අපි අතින්........................." ඒ සමගම දුරකථනය විසන්ධි වුනා. අවසානයට අකිලට ඇසුනේ මේ වචන පෙල පමනයි. කඩිනමින් වාහනය හරවා ගත් අකිල චමීරගේ නිවෙස බලා වාහනය ධාවනය කලා. නමුත් ඔහු එහි යන විටත් ප්‍රමාද වැඩියි. ඔහු දුටු දෙයින් ඔහුගේ දෙපා අප්‍රාණික වී මුළු ඇඟම හිරි වැටී ගියා. ඔහුට දක්නට ලැබුනේ ගෙල සම්පූර්ණයෙන් පිටුපසට අඹරා මරා දමා තිබු තම මිතුරාගේ නිසල සිරුරයි. ------------------------------------------------------------- තම මිතුරාගේ මරනයෙන් පසු අකිල කාලය ගත කලේ බොහෝ කම්පනයෙන් සහ බියෙනි. කාලයක් තිස්සේ සිදුවූ අත්භූත ක්‍රියාවන් හා සම්බන්ධව ගත් කල, චමීරව මරා දැමුවේ අන් කිසිවෙක් නොව, එදා තමන් අතින් මියගිය තරුණියගේ අවතාරය බව ඔහුට පසක් විය. එමෙන්ම මේ අඳුරු ආත්මයේ මීලඟ ඉලක්කය තමන් බවත් ඔහුට තේරුම් ගියා. ඇඳේ දිගා වී කල්පනාවේ ගිලි සිටි අකිලට එකවරම තමා අසලින් ශබ්දයක් ඇසුනා. කුමක්දැයි කියා හිස ඔසවා බැලූ අකිල තමා දුටු දර්ශනයෙන් මුළු සිරුරම භීතියෙන් හිරිවැටී ගියා. කුමක්ද ඔහු දුටුවේ?......කළු කෙස් වැටිය මුහුණ වැසෙන සේ දමා ගත් තරුණියක් අකිල සිටි ඇඳ දෙසට බිම දිගේ බඩගාගෙන එමින් සිටියා. ඇගේ හිස බරපතළ ලෙස තුවාල වී තිබු අතර දකුනු කකුලේ දණහිසෙන් පහල කොටස තිබුනේ නෑ. තිබුනේ රුධිරය වෑහෙන මස් වැදැල්ලක් පමණි. එම තුවාල වලින් ගැලූ රුධිරය කාමරයේ ගෙබිම පුරාම ගලා ගියා. අකිල ඇඳෙන් නැගිට දුවන්න උත්සාහ කලද ඔහුගේ අත පය සෙලවීමටවත් නොහැකි වන සේ අප්‍රාණික වී තිබුනා. වෙරයොදා කෑගැසීමට උත්සාහ කලද හඬ පිටවූයේ නෑ. කෙමෙන් කෙමෙන් ඇය තමා වෙත ලං වන බවත් මුළු කාමරයම මූසල අඳුරකින් වෙලී යන්නාක් මෙන් ඔහුට පෙනුනා. කෙසේ හෝ ඔහු වෙර යොදා කෑගැසීමට උත්සහ කරනවාත් සමගම ඔහු පියවි සිහියට පැමිණියා, තමා මෙතෙක් වෙලා දුටුවේ භයානක සිහිනයක් බව ඔහුට තේරුම් ගියා. කෙසේ නමුත් කෙදිනක හෝ තමාටද අත් වන්නේ චමීරට අත් වූ භයානක ඉරනම බව අකිලට හොඳහැටි පැහැදිලි උනා. එමෙන්ම මේ භයානක ආත්මයෙන් තමාට මියෙනතුරුම ගැලවීමක් නොමැති බවද ඔහුට පසක් වුනා. මේ අඳුරු ආත්මය තමා වටා සැරිසරන බව ඔහුට හැඟි ගියා. තම කැමරාව අතට ගත් අකිල කාමරයේ ඡායාරූප කිහිපයක් ගත්තා. නමුත් තරුණියගේ අවතාරය එම ඡායාරූප වල සටහන්ව තිබුනේ නෑ. උත්සාහය ව්‍යර්ථ වු නිසා කෝපයට පත් අකිල කැමරාව ඇඳ මතට විසිකර දැමුවා. එක්වරම අහම්බෙන් මෙන් කැමරාවේ shutter එක අකිල දෙසට ක්‍රියාත්මක වුනා. දැඩි චකිතයෙන් යුතුව කැමරාව අතට ගෙන බැලු අකිලට දක්නට ලැබුනේ සිහිනෙන්වත් විශ්වාස කල නොහැකි අන්දමේ භයානක දසුනක්. ඔහුට දක්නට ලැබුනේ මියගිය තරුණියගේ අවතාරය වියරු සිනා නගමින් තම දෙවුර මත නැග සිටින ආකාරයයි. ---------------------------------------------------------------- පසු දින උදෑසන පොලිසියට ලැබුනු දුරකතන ඇමතුමකින් කියවුනේ ලංකාවේ ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියකු වන අකිල රන්දුනු බණ්ඩාර මහතා තම නිවසේදි ගෙල වැල ලාගෙන මියගොස් ඇති බවයි. ~නිමි~[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom